03 April 2011

අභීතගේ ගුජුප්සාජනක සිහිනය සහ මාරයාට සිදු වූ බලවත් අසාධාරණය...

ඉතිං අමුතුවෙන් වැල් වටාරං කියන්න ඕන නැහැ...අද නෙව අර සයිබරයේ සිහින බක්මහ උළෙල තිබුනේ...
කොළඹ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩා පිටියේ තමා ඕක තිබුනේ...
සංවිධානය කල උදවිය ගැනනං තියලා වැඩක් නැහැ..ඒ හින්දා මම නොකියාම ඉන්නං..මොකද ඒක ඇවිල්ලා අවුරුදු උත්සව සංවිධානයකට වඩා ත්‍රස්තවාදී සංවිධානයක් කිව්වොත් හරියටම හරි..ඒ තරං භයානකයි උංගේ වැඩ..

ඇත්තටම ඕය අවුරුදු උත්සවය බිහි උනේ අපි කවුරුත් දන්න හඳුනන අපේ ප්‍රකට දන්ත වෛද්‍යාචාර්ය ගරු අබේපාල මාමාගේ සිහිනයක් සැබෑවක් කිරීමට දැරූ ප්‍රභල උත්සහයක් හින්දා තමයි.

ඇත්තටම ඒක ගැන කියන්න අපි දන්න වචන පාවිච්චි කරනවාට වඩා අබේපාල මාමාගේම වචනයකින් හඳුන්වා දෙන එක හොඳයි කියලා මට හිතුනා..ඉතිං අද ඒ සිහිනය සැබෑවීම නොහොත් අබේපාල මාමාගේ ගුජුප්සාජනක සිහිනය සැබෑ උනා කිව්වොත් හරියටම හරි...

..........................................

මුලදී ඉතිං මම මේකට යන්න හිතාගෙන හිටියේ කවදත් සුපුරුදු ලෙසින් මගේ බයිසිමොටෝ එකේම උනත්..පෙරෙදා සවස් වරුවේ මට දුරකථන ඇමතුමක් ආවා නෙව...

ඒ ඇමතුම ආවේ අපේ මේ හොඳ බ්ලොග් පාඨකයෙක් වන අපේ ඔබ්සවර් අයියාගෙන් තමයි..ඒත් ඒ ඇමතුමෙන් පස්සේ නං මට හිතුනා මේ මනුස්සයානං මගේ බ්ලොග් එක කියවලම නැද්දෝ කියලත්..
එහෙම හිතන්න හේතු උනේ උන්නැහේ මට කිව්ව දෙයින්...

"ආ මාරයා මල්ලි..ඔයත් යනවා නේද අවුරුදු උත්සවයට..?"

"ඔව් අයියේ යන්න තමයි ඉන්නේ.."

"මල්ලි අවුලක් නැත්තං මාත් එක්ක යමුද..කාර් එකේ..මල්ලිට ඩ්‍රයිවින් ලයිසන් තියෙනවා නේද..?"

"ඔව් ලයිසන්නං තියෙනවා මොකෝ අවුල..?"

"නැහැ මල්ලි දන්නේ නැද්ද..?ඔය ගියාම ඉතිං මොන මොනවා හරි පෙවුනම ආපහු එන කොට පොලිසියෙන් එහෙමත් ඉන්නවනේ..දැන් ඔයා බොන්නෙත් නැති එකේ..ඔයාට පුළුවන්නේ මාව අරන් එන්න"

ඔන්න කතන්දරේ..ඇයි යකෝ මගේ බ්ලොග් එක බලපු කෙනෙක්නං දන්නවා නෙව මං ලයිසන් එක ගන්න මේ ඊයේ පෙරේදා ට්‍රයල් පෙන්නපු හැටි..එක්කෝ බ්ලොග් එක කියවලා නැහැ..නැත්තං පණට ආදරයක් නැතිවා හරි..ජීවිතේ ගැන කලකිරිලා හරි වෙන්න ඕන..ඉතිං මයෙත් මොකෝ ජීවිතේ අකාල සන්ධ්‍යා කරගන්න ඔය තරං ආසානං..මාරයා හැටියට මං පොඩි සපෝට් එකක් දෙන්න එපෑ..මාත් කොන්තරාත්තුව භාර ගත්තා..යන වෙලාව හැටියට උදේ 7. 30ත් යොදා ගත්තා...

දැන් ඊළග කාරණාව...
සුද්ද වගේ වැඩ කරනවා කියලා කියන්නේ නිකං වෙලාවට කලාවට වැඩ කරනවා කියන එකනේ..

ඒත් කවුද දන්නේ මේ ඔබ්සවර් අයියා සුද්දෝ එක්කම වැඩ කරලා පුරුදු වෙලා සුද්දටත් එහා ගිහිල්ලා කියලා..
වෙලාව 7.30 කතා කරගත්තට මොකෝ.මෙන්න ලොක්කා උදේ 7.10 වෙනකොට පාර දිගේ කාර් එකත් අරගෙන එනවා මට පේනවා..හොඳ වෙලාවට ඉතිං මාත් සුද්දට එහා ගිය එකා හින්දා ඒ වෙනකොට ලෑස්ති වෙලා හිටියේ...

හැබැයි මට ඒ එනවා කිව්ව වෙලාවටත් කලින් එන ජාතියේ මනුස්සයෙක් හම්බ උනාමද කොහේද..?ඒකනං උදේ පාන්දර මට හුගාක් සතුටු හිතුන කාරණාවක්..මොකද මට අපේ උන්දලත් එක්ක වැඩ කරන එක එපා වෙන්න හේතුවක් තමා ඔය කිව්ව වෙලාවට වැඩ නොකරන එක..මං ලෑස්ති වෙලා ඔටුවා වගේ බලාගෙන හිටපු අවස්ථා සෑහෙන්න තියෙනවා.ඒ අතින්නං ඔබ්සවර් අයියා හොඳ කොල්ලෙක්...
.................................

හරි ඉතිං කොහොම හරි අපි අඳාල ස්ථානයට ගියා.
කිසි අවුලක් නැහැ..පිළි ගැනීමේ නිලධාරියා හැටියට දාලා හිටිය වැප්නි සාන්ත මහත්මා ඔහුටම ආවේනික අර මල් මල් හිනාව බාගෙට හිරකරගෙන දාන අර කැත හිනාව දාලා අපිව පිළිගත්තා..

හරි ඉතිං කොහොම කොහොම හරි දැන් අපි දෙන්නාත් අවුරුදු උත්සව භූමියේ...

ඉතිං දවස පුරාම හොඳට සංතෝස උනා...කෑවා බිව්වා..හිනා උනා..ඒ අතරේ පැමිණ සිටි තරඟ කරුවන්ට මාරාන්තික භීතියක් අත්පත් කරවමින් මාරයත් ඔය තරග දෙක තුනකට හිටියා..හැබැයි ඉතිං මාරයා අනිත් අයට තැන දෙන්න හිතලා හුගාක් තරඟ වලින් අහක් වෙලා හිටියා..පවුනේ අපේ කොල්ලොනේ..

ඉතිං කනා මුට්ටිය බිඳින්න කියලා ගියාට මම මුලින්ම ඕකට තලන්න ගියේ නැහැ..මොකද මම දන්නවා මම ගිය ගමන් ඔය මුට්ටි ටික එකපාරින් බිම දාන්න මට ඇහැකි කියලා..ඒ කියන්නේ ඊට කළින් දවසේමනේ මම ඕකට ප්‍රැක්ටිස් හිටන් කලේ..ගේ ළග ගහේ කෙහෙල් මුහේට කැඩිච්ච කොසු මිටකින් ඇස් දෙක පියාගෙන ගිහිල්ලා ගහලා තමා පුරුදු උනේ ඕං..මගේ පුහුණුව කොයි තරං හොඳද කිව්වොත් කොහු මිටි පාර කාලා අහල පහල බල්ලෝ ටික හූ තිය තිය දිවුවේ..ඒ තරමට මාරාන්තික පහරවල් තමා මගේ අතින් එල්ල වෙලා තිවුනේ..

ඉතිං ඒ ෆිට් එකත් තියෙන හින්දා..මම හිතුවා අනිත් අය ටිකක් ඔය පොල්ල වනලා අහවර වෙලා ආවදෙන්කෝ..
ඊට පස්සේ ගිහින් එක පාරින්ම නෙලලා දානවා ඕකට කියලා..
හුටා..මෙන්න එහෙම හිතලා මට විනාඩි දෙකක් ඉන්න උනේ නැහැ..යම් කිසි කාර්මික දෝෂයක් හින්දා කවුද මංදා කොළු ගැටයෙක් අතින් මේ මුට්ටිය වැරදිලා බිඳිලා නෙව...

ඉතිං මගේ එක ක්‍රිඩා ඉසව්වක් මං ආන්න එහෙම ඉතාමත් අවාසනාවන්ත විදියට අහිමි කරගත්තා..

බැළුම් පුම්බන්න කියලා ගියා..

අපරාදේ යසට තිබුනු බැළුම් ටික මුන් පුම්බලා පිපිරෙව්වා..
මං ඉතිං මේ රටේ ගහට කොළට සතා සීපාවට ආදරේ ඇති එකා වෙච්චි..මට ඇහැකිද අර වටින කියන බැළුම පුපුරවලා දාලා රටේ ජාතික ධනයට අළාභයක් කරන්ට..
බැහැ පින්වතුනි කොහෙත්ම බැහැ..මං ඒ හින්දා ඒ බැළුම පුම්බලා ගැටයක් දාලා ඔන්න ඔය පුංචි දරුවෙකුටවත් දෙන්න කියලා හිතා ගත්තා..

කොහේද..?ඒකත් මේ කවුද මංදා මොකකින්ද ඇනලා පිපිරෙව්වා නෙව..අපරාදේ කාට හරි දෙන්න තිබුණු බැළුම..මම ඊට කලිනුත් ඔය පුම්බපු බැළුමක් අහුවෙලා ඒකත් එතන හිටිය ගෑනු ළමයෙකුට දීලා තිබුනේ..ඉතිං ඒ ළමයටම මේකත් දෙන එක හරි නැති හින්දා මම තව වෙන ළමයෙකුට මේක දෙන්න හිතලා වට පිට බලද්දි නෙ‍ව අර කොළුවෙක් මේ බැළුමට කෙලියේ..
චික් විතරක්..ජාතික සම්පත් ආරස්සා කොරගැනීම ගැන අවබෝධයක් නැති එවුවෝ...

බනිස් කන්නත් මං ගියා...
මම ඉතාමත් හොඳින් තරඟ වැදුනා...මට දීලා තිබ්බ බනිස් ගෙඩිය මම පිළිවෙලකට කෑවා..ආයේ කෑල්ලක්වත් බිම දැම්මේ නැහැ මම..ඒක ඉවර උනාට පස්සේ ඒ ළගම එල්ලලා තිබුනු අනිත් බනිස් ටිකත් මම පිළිවෙලකට කෑවා..ඒත් ඉතිං ඒ කරලා වට පිට බලනකොට මෙන්න මුං ටික ආපහු දුවලා තෑගි ගන්නවා..පිස්සුද මංදා..බනිස් කන්න ආවානං බනිස් කනවා ඇර ආපහු දුවලා හරියනවද..?

අපරාදේ තවත් බනිස් ගෙඩි තුනක් ඉතිරිත් වෙලා තිබුනා..මුං ඒවා තියෙද්දිම නෙව අර දුවලා තියෙන්නේ..
මටම ලැජ්ජයි මං මේ වගේ අයත් එක්කද තරග කලේ කියලා..ඇයි යකෝ කන්න ආවානං කාලා ඉවරයක් කරන්න එපැයි..ඒකටනේ කාලා දිනනවා කියන්නේ..

ඒ අතිනං බැළුවහම ඒ තරගේ දිනුවේනං මම තමා..ඒත් මගේ නම අර ඉස්පීකරෙන් කිව්වේ නැහැ..මං සැලෙයි ඒවට..මොකද මම ඒ වෙනකොටත් දැනගෙන හිටියේ මේ අවුරුදු උත්සවේ මට හෙන කැපිල්ලක් යනවා කියලා..

මං දැන් කියන්නං ඇයි මට ඒක තේරුනේ කියලා..ඇත්තටම මට ඒක තේරුනේ උත්සවේ තියපු පළවෙනිම තරගයෙන් තමා ඕං..

ඒ තමයි මීටර් 100 තරගය...

ඕක ඉතිං මට කජු කනවා වගේ තරඟයක්..ඔයාලට කියන්න ඔය කෆීර් එහෙම බානකොට අන්තිමට වේගය අඩු කරලා නවත්ත ගන්නේ පැරිෂුට් එකක් දාලා...
ඔය තාක්ෂණය සුද්දොත් ඉගෙන ගත්තේ මගෙන්..මොකද මම හිච්චි එකා කාලේ දුවනවා නිකං ඊය විද්දා වගේ..මගේ ස්පීඩ් එක හින්දා ඒ දවස්වල හරියට අනතුරු සිද්ද උනා අපේ ගම් පළාතේ..කොටින්ම මටම මාව නවත්ත ගන්න බැහැ..ඒ තරමට ස්පීඩ්..ගිහිල්ලා කොහේ හරි හැප්පිලා තමයි අන්තිමට නවතින්නේ..

ඒ හින්දා ඒ දවස්වල මම දුවද්දී ලොකු කුඩයකුත් ඇන්න යන්ට පුරුදු වෙලා හිටියා නෙව..දුවලා ගෙහුන් දිනුව ගමන් අර කුඩේ ඉහලලා ආ පස්සට අල්ලලා තමා මම මගේ වේගය අඩු කරගන්නේ..ඔන්න ඕක අහම්බෙන් දැකලා තමයි කොහේදෝ යන සුද්දෙක් කෆීර්වලටත් ඔය පැරෂුට් හයි කලේ..මං කියනකල් ඔය කවුරුවත් මේ කතාව අහලා තිබ්බේ නැහැ නේද..?

මං ඉතිං ඒ දවස්වල කරපු කියපුවා ඒ හැටි ප්‍රසිද්ධියේ කියන්නේ නැහැනේ ඕං..මගේ නිහතමානි කොම හින්දා..ඉතිං ඔය වගේ කතා කාලයේ වැලිතලාවෙන් වැහිලා යනවා.

ඉතිං එහෙම දුවන්න තරං වේගවත් මම අද පැරදුනා...බලන්න පින්වතුනි..කොයි තරම් කණගාටු දායක සිදුවීමක්ද කියලා..ඇත්තටම මම පැරදුනා නෙවෙයි මේ මට එරෙහි කැපිළි කරුවන් විසින් මාව පරදවනු ලැබුවා..කොහොමද ඒක උනේ..

මෙන්න මෙහෙමයි පින්වතුනි ඒක උනේ...

ඔන්න මං දැන් සූදානං වෙලා ඉන්නවා දුවන්ට කියලා මට සංඥාව ලැබෙනකල්..

ඔන්න එකපාරට ඇහුනා
"සැරසේන්" කියනවා...

මෙන්න බොලේ ඒත් එක්කම විසිල් පාරක් ඇහුනා..මම ගණන් ගත්තේ නැහැ..ඒත් මට පෙනුනා මෙන්න මගේ දෙපැත්තේ හිටිය උන් ආත බූත කඩාගෙන දුවනවා..මල හත්ඉලව්වයි උං දුවනවා..මම ඉන්නවා..
මට හිත හිත ඉන්න ඒ හැටි වෙලාවක් තිබුනේ නැහැ..ඒ හින්දා මමත් සෑහෙන පහුවෙලා හරි දුවන්න තිබාගත්තා...

ඒත් ඉතිං ඒ වෙනකොට වෙන්න ඕන සියළුම විපත් වෙලා ඉවරයි..ඒත් මං ඇරියේ නැහැ..යන්තං දනිපනි ගාලා හත් අට දෙනෙකුට ඉස්සර කොලා..

අනේ බලන්න කරුමෙක මහත පින්වතුනි..මම පටන් ගන්න කොටම තරගේ ඉවර වෙලානේ..ඒ මදිවට මට පේනවා පිට්ටනිය කෙරවලේ දඩ සයිස් තාප්පයක් බැඳලා..මම ටක් ටක් ගාලා මගේ ගනිත සුත්‍ර ආදේශ කරලා ගණනය කිරීම් කිහිපයක් කරන කොට මට මගේ ටිකිරි මොලේට තේරෙනවා..මේ යන විදියට මම තව ස්පීඩ් කලොත් මට අර තාප්පේ කඩාගෙන යන්න වෙනවා කියලා..ආන්න ඒ හින්දා පින්වතුනි..මම මගේ වේගය අඩාල කලා..

ඉතිං අවසාන ප්‍රතිඵලය මට තරඟයේ ජයග්‍රහණය පෙනි පෙනී ඒක අහිමි වෙලා ගියා කියන එක..මේ ඔක්කෝටම මුල අර විසිල් එක පිම්බ එකා.

ඇයි හත්දෙයියනේ අපි ගං ගොඩවල්වල හැදිච්ච උන්..අපිට ඉස්සර දුවන්න තියෙනකොට

"සැරසේන්"
"එළවෙන්"
"යා"

කියලා තියනවා..එහෙමත් නැත්තං එකායි..දෙකායි..තුනායි කියලවත් කියනවා..
එතකොට තමා අපි දුවන්නේ...

ඒත‍් මේකේ ඒවා මොකුත්ම නැහැ..
කෙළන්ම සැරසේන් කිව්වා..විසිල් එකක් පිම්බා..ඉතිං කොහොමද මම ඕවා දන්නේ..අනිත් උන් විසිල් එකට දුවලා දිනුවා..නියම විදියට දිනන්න හිටිය මං පැරදුනා.

අනික විසිල් වලට අපේ ගම් පළාතේ දුවන වෙලාවල් නැත්තෙමත් නැහැ..ඒත් ඉතිං ඒ විසිල් එක ඇහෙන කොට අඩු ගානේ අටේ කෑන් එකක්වත් කරට දෙන්න ඕන..ආන්න එතකොටනං අපි විසිල් හඩ මැද්දේ ගම හරහා දුවනවා..අති ධාවනකාරී අන්දමට..ඇළ දොළ බඩවැටි මැදින්..කම්බි හත්පොටට උඩින්..ඕනම බාධකයක් පසු කරගෙන දුවනවා..ඒත් ඉතිං මේ එහෙම තැනක් නෙවේනේ..පොලිස් මාමෙක්නං පේන්න හිටියත් එක බූලියක්වත් තිබ්බෑ කරේ තියං දුවන්න..

ඉතිං මං බලන් උන්නා හරියට සංඥාව දෙනකල්..ඒත් අන්තිමට මුං විසිල්වලට දිව්වා..ඔන්න ඔහොම තමා මාරයාව මේ තරග වලින් කපන්න මේ උදවිය උත්සහ කලේ...

ඒත් පින්වතුනි..මම සැලෙයි ඕවාට...මාත් කොහොම හරි අල්ලලා හිටියා.
අන්තිමට තිබ්බ සිහින අවුරුදු කුමාරයා තරගයටත් මම එයි කියලා මේ අය වයස් සීමාවක් දැම්මා..ඒත් ඉතිං මට එන්න තිබ්බා..මොකද ඒ අය හිතනවට වඩා මම ලාබාල කොල්ලෙක් කියලා මම දන්න හින්දා..

ඒත් අපේ පූසා මල්ලි ටික දවසක ඉඳන් අඩ අඩ හිටියානේ...ඕක උන්දැට දිනන්න ඕනය කියලා..ඒ හින්දා මම තරගයෙන් අහක් වෙලා හිටියා..මේ පාර නැති උනත් මට ලබන පාර උනත් ඕක ගේමක් නැතිව දිනුවෑකි කියලා දන්න හින්දා...

ඒත් බලන්න පින්වතුනි ඒකෙත් මුං මං තරගෙට ආවනං කපන්න සූදානමක් තිබිලනේ..
ඒ තමයි දෙවෙනි වටයට තෙරෙන පස්දෙනාගේ නම් මාරු කරලා කියවන එක..
ඒ අනුව මං ගාවට ඕකට තේරෙන්න සුදුසු මට්ටමේ හිටිය සුදාරක කොළුවා..පූසා..ඒ විතරක්ද අර රත්ගම ඇම්බැට්ටයා..උන් සෙට් එකවම එකම පාරින් මුං කපලා දැම්මනේ...

මං ඉදිරිපත් උනානං මට කෙලවන්න හදලා තිබුනු සැලැස්ම ඒ විදියටම ක්‍රියාත්මක වෙලා..
අර අහිංසක කොල්ලෝ ටිකටත් කෙල උනා...අන්තිමට කුමාරයා උනේ අර වෙනම කොළුවෙක්..ඒකාව මේ අපේ රත්ගමයා ගාවින්වත් තියන්න ඇහැකි එකෙක් නෙවෙයි...රත්ගමයා නෙවෙයි වෙන ඕනම කොළුවෙක් ගාවින්වත් ඌව තියන්ට බැහැ...ඕනනං රත්ගමයාගෙන් අහන්ට ඌ කියයි...

ඉතිං මං ඉදිරිපත් උනානං මටත් ඔය ටිකම තමයි වෙන්නේ..ඒ හින්දා මං හිතාගෙන ඉන්නේ මට මේ වෙච්ච අසාදාරණේ ගැන කියන්න මං ජිනීවා යන්න ඕන කියලා..මං අද ඉඳලම ඒ ගමනට සල්ලි එක්කාසු කොරන්නත් හිතුවා..ඒ අනුව දැනටම මම රුපියල් පහයි සත හැත්තෑපහක් ඒ සඳහා වෙනම අහක් කලා..ඔහොම ඉතුරු කොරලා කොරලා..දවසක සල්ලි ටික හරි ගිය හැටියේ..මම යනවා ජිනීවා..බලාගෙන හිටපියවුකෝ..මට අසාධාරණය කොල උන් ටික...මේක මං ලේසියෙන් අරින්නේ නැහැ...

ඉතිං පින්වතුනි ඔන්න ඔය වගේ බාධක හැලහැප්පීම් කැපිලි කෙටිලි රාශියක් මැද..මම අද කොහොම හරි අතපය බේරගෙන ගෙදරට ආවා...

කොහොම හරි ඔබ්සවර් අයියත් පරිස්සමට එක්කගෙන මං තුමා නැවතත් මාරභවනට පෙරළා සැපත් උනවග කියලා..මම මේ ලිපිය මෙයින් අවසාන කරමි.

ස්තූතියි...

............................................

(අභියා උඹට මේ වගේම හීන මාසයක් ගානේම වගේ පෙනේවා...අනිත් ඔය සංවිධායක මණ්ඩලේ හිටිය ත්‍රස්තවාදීන්ටත් ඒ වගේ ගුජුප්සාජනක අදහස්වලට පෝර දාන්න..ඉල්ලන් කන්න හිත් පහළ වේවා..උඹලාට ස්තූතියි)

64 comments:

  1. නියම් පෝස්ට් එක.....
    අලේ දුක කියා ගන්න වචන ලෑ...........

    ReplyDelete
  2. ඕක ලේසියෙන් අරින්න එපා.
    බලවත් අසාධාරනයක් වෙලා තියෙන්නෙ.

    ඔබ්සවර් කොල්ල හිටියෙ නැද්ද සිහින කුමාරය තර‍ඟෙට?
    උත්සවේ පොටෝ වීඩියෝ කෑලි අප්ලෝඩ් වෙනකන් බලං ඉන්නේ. කවුරු හරි පින්වතෙක් ඉක්මනට ඒක කොරානම්

    ReplyDelete
  3. හප්පා.... හොඳ වෙලාවට මාත් ඔය පැත්තෙ නොගියෙ... නැත්තං මටත් ඉවසපං පපුව මෙතඩ් එකට ‍තමයි ඉන්න වෙන්නේ... :D

    ReplyDelete
  4. අහන්න දෙයක් නෑ...මේක මාරයා අයියට සහ අපිට සිදු උන බලවත් අසාධාරනයක් තමයි..මම මේ හඩ නගන්නේ අපේ මාරයියා වෙනුවෙන්..හදවතින්ම දුක් වෙනවා...ඇත්තටම අපිව කැපුවා...ඒ මදිවට මාරයියට අසාධාරනයක් කොරා..
    මේක මුල ඉදලම සැලසුමක් ඇතුව කොරපු දෙයක් තමා...කුප්ප කම මිසක් වෙන දෙයක් නෑ...අපේ අතට මයික් එක ආවේ එක පාරයි දෙපාරයි..ඒත් වෙන වෙන තැන් වෙල මයික් ඇරියා...මාරයියාට තරග වදින්න බැරි වෙන්න නීති දැම්මා....
    අපි මේකට විරුද්දව පෙල ගැසෙන්න ඕන....
    (හොදින් හරි නරකින් හරි මම කුමාරයා වෙනවා බොලව්..--හැරෙමින්---..චුට්ටේ තුවක්කුව රෙඩි කර ගනින්...හෙට අර කල්පනා කෙල්ලගේ ගෙදර යන්න තියෙනවා රිටන් එකකට

    ReplyDelete
  5. කික්ම තමා පින්වතුනි!

    ReplyDelete
  6. සුපිරි ලිපියක්.... අද දවස ගැන කියන්නනම් වචන නෑ...

    ReplyDelete
  7. මරුම දවස.., මාරයාද මරුය.., ඒත් බයිසිකල් හැඬලයක් ගිල්ලාසේ ඩැයිවර් සීටුවේ වාඩිලා ඔටු බාන් කොරන්නා සේ වාහන පැදවීම කුජීත බව මම මෙයින් දන්වා සිටිමි..! ;)))
    ඔබසවර් "මල්ලී" ඊට සාක්කි බව මම සිතමි.

    ReplyDelete
  8. ඇත්තටම මේ අසාධාරණය වෙනුවෙන් නැගී සිටින්න ඕනා. මමත් දුවන්න හදනකොට, මම දිනයි කියලා බයට පාසල්ගේ කකුල මගේ කකුලේ ගැට ගැහුවනේ. එහෙම කලේ නැත්නම් මම අනිවාර්යයෙන්ම දිනනවා....

    ReplyDelete
  9. මාරයියා සැලෙන්න එපා බං. ඊගාව පාර උඔට දිනන්න පුලුවන් තරගෙකුත් තියමු. හේ හේ...
    පට්ටම පට්ට පෝස්ට් එක ඈ එල එල....

    ReplyDelete
  10. අපිට හරි ඉරිසියයි අප්පා ...ඒ වගේම මාරයට වෙච්ච අසාදාරන වලට මගේ බලවත් විරෝදය. කොහොමද මාරය අවුරුදු කුමාරය වුනානම්. අවුරුදු කුමාරි තේරුවේ නැද්ද හැබැට.

    ReplyDelete
  11. මාරයා කියන්නෙ හොඳ ළමයෙක්...මට දුක මෙහෙම අසාධාරණයක් ඉවසගෙන හිටපු එකට...ඇත්තටම මම නැගී සිටිනවා....දැනුත් නැගිටලා..

    ReplyDelete
  12. අප්පේ.... ලෝක අසාධාරණයක් වෙලා තියෙන්නේ..නිකම් ඉන්න එපා...ඕකට මොනාම හරි කරලා සතෙන් සතේ හරි එකතු කරලා ඔය යන දිහාට යන්න... ප..ව්..පව්...මෙහෙමත් අසාධාරණ...

    ReplyDelete
  13. අබේපාල මාමා මෙවන් ගුජුප්සාජනක සිහිනයන් නැවතත් නොදකිත්වා.....

    නියම දවසක් අයියා....අදාල උදවිය නැති නිසා දුකක් දැනුනා හැබෑටම.....

    ReplyDelete
  14. මාරය අයියට වෙච්චි (අ)සාධාරනේට එකඟව අපි නැගී සිටිමු

    ReplyDelete
  15. දැන් මෙහෙමනේ අයියා.. නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කියලා වක්කඩේ හකුරු හංගලා මාරයාගේ අසාධාරණය වෙනුවෙන් මිදි තිත්තයි කියලා හවස යනගමන් ඔබ්සර්වර් අයියා එක්ක දෙකක් නවලා ගෙදර ගිහින් දොයිය ගන්නේ නැතිව මෙතන මගුලක් කියනවා..

    හැබැයි අයියා එකක් කියන්න ඕනි.. සිහින කුමරා තෝරන්න ගියානම් ඔයා තමයි එක.. ආය කැපිලි දාන්න බෑ. ඇස් පනාපිටම ඔප්පුවෙනවානේ

    ReplyDelete
  16. ඉහි ඉහි ඇඩෙනවා....මාර පරාජය!!!

    ReplyDelete
  17. මම මුල සිටම අනුමාන කලා ඕක මෙහෙම වෙයි කියලා,,අනිවා මේවා මේ විදිහට යන්න දෙන්න හොද නෑ,,,අනික මාරයියේ වහාම විගනන පරීකශනේකුත් කලොත් හොදා වගේ

    ReplyDelete
  18. බනිස් කෑම පිලිබදව හසල දෑනුමක් තියනවනේ.....කට්ටිය හොද ෆන් එකක් අරන්නේ නියමයි...කොහෙද ඉතින් ඉයේ මාර පරාජය ෆයිනල එපිසොඩ් එක බලලා.දුක වෑඩි කමට ටිකක් වඩි පුර බීවා...ඉතින් නෑගිටිද්දි හුටා 11.00 හි හි...තාම කට වහතු රහයි......ඇක්කා...

    ReplyDelete
  19. කුමන්ත්‍රණනම් සෑහෙන්න තිබුණා :D ;)

    ReplyDelete
  20. මාර අමාරු අයියේ අර පුම්බපු බැලුම පාට උනේ නැද්ද..... අද නම් සුපීම දවසක්....

    ReplyDelete
  21. අයියෝ මේව්වා අහනකොට හද පතුලට ටිකක් විතර උඩින් දුක හිතෙනවා...අනේ මෙව්වගේ ගුජුප්සාජනක හීන පේන එකෙක් මාරයියාගෙ හිත හැදෙන විදිහේ වැඩක් සංවිධානය කොරපන්. පව් මැරෙන්න කලින්වත් හිත හදාගෙන්න... :D ;)

    ReplyDelete
  22. ඔන්න මාර අයියා මමත් ආව හා හා පුරා කියල බ්ලොග් කෙරුවාවට කොමෙන්ටු දාන්න කියල.....අද සිට මම වැඩ ඇල්ලුව සුබ මොහොතින්...අද දවස ගැන කියා නිමකිරීමට වචන නොමැත........කොහොමහරි ඔබ්සර්වර් අ‍යිය ටිකයි බයවෙන්න ඇත්තේ.....

    ReplyDelete
  23. බය වෙන්න එපා මාරයියා. ලබන පාර සයිබ‍රයේ සිහින අංකල් තරඟය අනිවාර්යයෙන්ම තියනවා අයියා වෙනුවෙන්ම. :D

    ReplyDelete
  24. නියමයි මාරයා ඒක හුස්මට කියවන්න තරම් රසවත්. තව දෙයක් කියන්න තියෙනවා ඒ තයමයි අද තමයි දැක්කෙ මාරයා තට්ටෙ ගාලා ඉන්නෙ කියලා. හික්ස්....

    ReplyDelete
  25. කිසිවක් නොකියමි...නඩුවක් තියනවා ඉහළ උසාවියේ :D

    ReplyDelete
  26. කනවත් කනවා දැක්කේ නෑ ඔහොම බනිස් :-) මාරයට එහා පණුවා,පණුවට එහා මාරයා..

    ReplyDelete
  27. අසාදාරනයිද කියලත් අහනවා මාරයා නැතුව එතැන මොන ගේමක්ද ? ඇයි බං මාරේ අයියේ ග්‍රීස් ගහ තිබුනේ නැද්ද .? ඒකේ යන්න පුලුවන් ඔයාට විතරනේ . පහු ගිය දවස් වල බංඩක්කා එක්ක සෙල්ලම් කරපු හින්දා ග්‍රීස් ගහනම් කජ්ජක් නෙවේ මාරයට .

    ReplyDelete
  28. පිස්සු කොර බං..... මාර කමෙන්ට්‍රිය තමයි. නිකන් අවුරුදු උත්සවයට ඇවිල්ල ගියා වගේ ගතියක් තමයි දැනුනේ. තෝ තව පොඩ්ඩෙන් මාව මරනවා හිනා ගස්සලා. මේ කෙට්ටුවට ඉන්න මාවම මහත් කරන්නෙ ඇයි ?

    මොනවා උනත් එල පෝස්ට් එක බං..... නිකන් දොන් සිරිසේනගේ පික්චෑර් එකක් බැළුව වගේ.....!

    ReplyDelete
  29. තොට බොහෝ පිං මාව ගාව ගත්තෙ නැති එකට. අපි ඉතිං යාලුවොනෙ නේද මාරයියේ? අන්න මගෙ විදියට නම් උඹ තරඟාවලියේ වීරයා කියල මම පෝස්ට් එකකුත් දැම්මා

    ReplyDelete
  30. විනිශ්ය මණ්ඩලයට බලපැම් කරනවා අපිත් දැක්කා ඔය පින්තුරත් දාල තියෙන්නෙ

    ReplyDelete
  31. හෙ හෙ මාර අයියාට අසාදාරනයක්නේ උනේ නේද.. .. හෙ හෙ.. ඊයේ දවසනම් පට්ටය..

    ReplyDelete
  32. මගේත් විරෝධය මාරයාට වුනා අසාධාරණය වෙනුවෙන්.. කවුද අර බැළුම පුපුරවපු සහ සුදු පාට බැළුම් බෝල තරඟෙට දාපු නැති කුජීතයා..

    ReplyDelete
  33. පින්තූර වලට විචාර දෙන්න යන එකේ පුරුද්ද තමයි ‍ඔය.
    කොහොමහරි මාරයට අසාධාරණයක් උනානං මාත් ඒ වෙනුවෙන් නැගී සිටිනවා.
    හැබැයි අර ෆොටෝ වල හැටියටනං මාරයගෙ බනිස් කෑම උපරිමයි කියල කියන්න පුලුවං

    ඔබ්සර්වරුත් හරි මිනිහට තමයි ඩ්‍රයිවින් වැඩේ බාර දීල තියෙන්නෙ.

    ReplyDelete
  34. මම අවුරුදු උත්සවේට ඇවිත් ඉක්මනට ආපහු ගියා. ඒත් අපේ මාරයියාව නම් දැක බලා ගැනීමේ භාග්‍යය හිමිකරගත්තා.

    ReplyDelete
  35. හි හි හි ...මොනා කියන්නද...නියම දවස...හැබැයි මාරයියට උන වැඩේ නම් (අ)සාධාරණයි.

    ReplyDelete
  36. අඩන්න එපා සත්තල0 (ටයිප් කිරීමේ දොශයකී)

    ReplyDelete
  37. අම්මප එදා තමයි දවස. පණ පිටින් මාරයා දැක්ක නෙව. උන්දැ වේලපහම හිතාගෙන උන්නෙ අවුරුදු කුමාරයා වෙන්න. ඕක දැනගෙනම කොරාපු කුමන්ත්‍රණයක්.

    ReplyDelete
  38. ඇඬෙනවා කථාව ඇහුවහම..........

    htp://aluthkolla.blogspot.com

    ReplyDelete
  39. මාරයියාගේ බනිස් කෑම නම් සිරා :D

    ReplyDelete
  40. මාරයියා මට ගානක් දුන්න නම් මම මේ ටික ඔක්කොම ගොඩ දාලා දෙනවා.... :D

    ReplyDelete
  41. මාරයියේ......... දුක් වෙන්න එපා........... ඔයා පණපිටින් අපා ගත වෙන..... නැහැ නැහැ වැරදුනා.....පණ පිටිනි දිව්ව ලෝක ගත වෙන පිනක් කර ගත්තා නොවැ..... නැද්ද මං අහන්නේ...... :D

    ReplyDelete
  42. මාර සයිබර් සැනකෙළියක්නේ,පොටෝ ටිකක් නම් දැක්කා අනේ කවුරු හරි එකෙක් වීඩියෝ ටිකකුත් ඉක්මනට දාහල්ලකෝ අපිට බලා ගන්න.

    ReplyDelete
  43. මාරයියා සැලෙයි ඕවට.. නැද්ද මම අහන්නේ :P

    ReplyDelete
  44. ඇයි මාරයා අමතක වුනාද පිටුපසට දිවීමේ තරඟයෙන් දිනපු දිනිල්ල?

    මෙන්න සාක්ෂි!

    http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/199379_207842799244652_100000568016356_732034_2738513_n.jpg

    ReplyDelete
  45. ඒ අතින්නං ඔබ්සවර් අයියා හොඳ කොල්ලෙක්...

    කොල්ලෙක්?????????????

    ReplyDelete
  46. මං කට පියාගමි..!!

    ReplyDelete
  47. අනේ මාර කැපිල්ලක් නොවෑ දාලා තියෙන්නෙ, ඇස් දෙකට පින් සිද්දවෙන්න මමත් ඕවා දැක්කනෙ. සාදු සාදු සාදු කිව්වලු.

    ReplyDelete
  48. අපිත් නැගී සිටිනව ඔන්න.... ඉදගෙන ඉදලම ඇති වෙලා..ඕං බොරුවක් එහෙම නෙවෙයි.....

    ReplyDelete
  49. @හා පැටික්කී...

    එහෙනං අපි චිත්තරයක් ඇඳලවත් පෙන්නමු නගා...
    (දුක උළෙල නැති වීමද..එහෙමත් නැත්තං..අනේ මංදා..)

    @තාරක Dilsh@n...

    ඒ කොල්ලටයි මේ කොල්ලටයි දෙන්නටම මේ නීති ගැටළු බලපෑවා නෙව..

    @hare :-)...

    හැබැයි එහෙම උනානං අපිට පොඩි උද්ඝෝෂණයක්වත් දාන්න තිබුනා...

    @රත්ගමයා...

    අනිවාරියයෙන්ම රතෝ..මං නැති උනාට පස්සේ උඹ තමා ඊළගට හිටිය සුදුසුම එකා..

    @Pravin Indranama...

    හැක් හැක් හෑ...

    ReplyDelete
  50. @හසී...

    උඹලගේ මහන්සිය තමා නගේ...

    @රොබින්...

    දුක තමා...

    @Lishan Puwakowita...

    ෂැක් අපිට ඉතිං ඒ අඩුපාඩු වැහෙන්න එළියට දාගෙන එළවන්න "දතක්"වත් තියෙන එකක්යෑ..:P

    @කොට ජීවිතේ...

    අම්මපා හැබෑව මං දැක්කා ඔය දෙන්නත් තදබල අසාධාරණයට ලක් වෙච්ච ආකාරය...හැබැයි ඒ කේන්තියටද මංදා එක්කෙනෙක් අනිතිමට නැටුවා නැටිල්ලක්..හප්පා..ඉන්දියාවෙන් බැහැලද කියලා මං බලං උන්නේ..පික්සු පීකුදු...

    @..ChAnDiKa..

    දිනන්න පඅළුවන් තරග ඕන නැහැ මල්ලි..මේවත් මං ඔක්කෝම දිනන ඒවා තමා..කොහෙද "අසාධාරණේ මේ..මිනී මෝරු වාගේ" උනානේ...

    ReplyDelete
  51. @chamilap...

    තැන්කූ මගේ සහයට ඉදිරිපත් උනාට..හිටියා හිටියා කුමාරියෙකුත් හිටියා..ඒත් නියම කුමාරයා නැතිව ඒ කෙල්ලත් නිකං දුකෙන් වගේ හිටියා මං බලාගෙන..

    @නීනු නෙරංජි...

    හා හා..ඔය මදෑ දැන් වාඩි වෙයං කෙල්ලේ...

    @නිම්ශා...

    නංගිලත් මේකට කීය කීය හරි දීලා ආධාර කරන්නකෝ..නැද්ද සත පනහක් රුපියලක් එහෙම..

    @෴ හසියා ෴ ...

    මං දැක්කා මං දැක්කා ඔය හිටියේ උඩටම වෙලා කඳුළු පුරෝගෙන...

    @පොඩි මහත්තයා...

    තැන්කූ මලයා..දැන් හොද පොඩි එකා වගේ වාඩි වෙයං...

    ReplyDelete
  52. @චතුවා (ළමයා)...

    තැන්කූ පොඩි එකෝ..උඹලට විතරයි ඒක තේරුනේ...

    @සංජු...

    ඕවා මොනවද සංජු..අර සන්ධන්තයෝ කඹ ඇඳලා පැරදුන හැටි දැක්කම..මං හිත හදාගත්තා

    @සීතල අයියා...

    කණ්නාඩිය ගාවින් අහක් වෙයං මලේ...

    @ItalyDilan...

    බය වෙන්ට දෙයක් නැහැ..අන්න ජනාධිපති කොමිසමකුත් පත් කරලළු...

    @අසoක...

    ඒකත් පැරදි..මොකත් පැරදි...

    ReplyDelete
  53. @පූසා...

    හිටිං මං ඉදිරියේදී ඒ හැම එකක්ම හෙළ කරනවා..

    @ඔයයි මමයි...

    නැහැනේ බං..මුංට බැරිද සුදු බැළුමක් මට පුම්බන්න දෙන්න..

    @kombuwa...

    වැඩක් නැහැ මංනං ආයෙමත් ඔය වගේ ගුජ්ප්සාජනක තරගවලට ඉඳලා මගේ වටිනාකම නැති කරගන්නේ නැහැ..

    @Kasun Tharanga...

    සුභ පතනවා මල්ලි බ්ලොග්වල පය ගැහුවට..යමු එහෙනං ඇදගෙන..

    @අනුරාධ...

    ඔව් කොළුවෝ..ලබන අවුරුද්ද වෙනකොට උඹටයි මටයි දෙන්නටම ඒකට පෙනී හිටියෑකි...

    ReplyDelete
  54. @Suranaj Sampath...

    මං තට්ටේ ගානවා මල්ලි හැම අවුරුද්දකටම එක වතාවක්...

    @වැප්...

    හිටිං උඹලා තමා මේ නඩුවෙත් මූලික වගඋත්තර කාරයෝ...

    @nimanthi...

    අපි එහෙමයි...

    @හිස් අහස...

    ග්‍රිස් නෙවෙයි බං මුං මාව මුරුංග ගහේනං අරින්න හැදුවා...

    @දුමී...

    හරියට මෙහෙම කියහං...
    "කැමිලස්ගේ ගජමෑන්-දොන් සිරිසේනගේ චිත්තරපටියක් බැළුවා වගේ" කියලා...

    ReplyDelete
  55. @රංග - මගේ ලෝකය...

    උඹව මෙයට ගාවා ගැනිමට සිදු නොවුනේ මෙම වයස් පුරස්නය උඹටද එ‍රෙහිව සිදු කරනු ලැබූවක් බව දැන් ගැන්ම නිසාය..

    @ගුණේ අයියා...

    එව් ඔව්..තව මාධ්‍යයට හොලි නොවුන දෑ බොහෝමයි

    @ඉලංදාරියා...

    උඹත් දැක්ක‍නේ මල්ලි මට මුං කොල අසාදාරණේ..

    @ආගන්තුකයා | Stranger...

    කියලා වැඩක් නැත..බැළුම් පිපිරවීම නම් මහා අපරාදයකි..සුදු බැළුම් කතාව මෙතනදී කිව නොහැක...

    @Praසන්ன...

    කියලා වැඩක් නැහැ බාං..මම බනිස් කෑවා වගේ තමයි අනිත් ඒවත් කොලේ..කොහේද..මුං හැකියාවට තැන දෙන උන්යෑ..

    ReplyDelete
  56. @පිණිබිඳු...

    නංගි බොහෝම කැතයි බොහෝම කැතයි..ආවනං..ඇයි එක වචනයක් හරි කතා කොරලා ගියේ නැත්තේ..අම්මපා මට එන කේන්තියක්..මට ඔයාව දැක්කා කියලා නිච්චියක් නැහැනේ..කරුණාකරලා මතක් කොරලා දෙන්ට ඕන හරිද..?

    @සිතුවිලි නිහඬයි...

    ඔය ඉන්නේ අපිට නොදී යෝගට් කාපු කට්ටිය...

    @Angel...

    මට ඇඬුනේ මෙවට නෙවේ හලෝ..(හපොයි විනාසේ)

    @nawammawatha...

    මේක එහෙම් පිටින්ම සියුම් කුමණ්ත්‍රණයක් නවම්..
    ඒක නෙවෙයි බොලා වෙල පහින්ම මාරු උනේ ඇයි..?

    @අළුත් කොල්ලා...

    හා එහෙනං මල්ලි පිළිවෙලකට අඩන්නකෝ...

    ReplyDelete
  57. @DarKneT | ඉෂාර...

    ආයේ ඉතිං එකෙන්ම...

    @සෝරෝ...

    කුමණ්ත්‍රණකාරයෝ..වංචා කරයෝ..තව පගාවත් ඉල්ලනවා..දෙන්නෑ බොට එක අස්ප බෙට්ටක්වත්..

    @RanDil...

    අපි බලමුකෝ ඒ පින මහත්ඵල මහානිසංස දෙන තරමට පත්කොරාවිද කියලා අඳාල පුද්ගලයෝ විසින්...

    @JHOTHISHALANKA...

    ආන්න අදනං ප්‍රථම වීඩියෝම නිකුත් වෙලා තිබුනා...

    @roylyfernando...

    පිස්සුද රොයිලි මලේ අපි සමහන් කාලා නෙස්ටොමෝල්ට් බොන උන් නෙව..අපි සැලෙයි ඕවට..පුහ්...

    ReplyDelete
  58. @පිටස්තරයා...

    ඇයි මල්ලි මට අමතක..මට ඔයා අර කුමාරයා වෙන්න කාපු කට්ටත් හොඳට මතකයි නෙව..හැක් හැක්...

    @mahima...

    #@#$@%#$%@&

    @Bunny...

    ඔව් මං හිතන්නේ ඔක පියාගෙන ඉන්නකං කවුරුවත් දැන ගන්න එකක් නැහැ නියම තත්වේ...

    @MK...

    කියලා වැඩක් නැහැ මල්ලි..පවසලා පලක් නැහැ...

    @Buddiක...

    හරි හරි එහෙම හරි නැගිට්ට එක ලොකු දෙයක්...

    ReplyDelete
  59. නියමයි නියමයි... ඔන්න මාරය අයි‍යගෙ බනිස් කෑම ගැන වීඩියෝවක් තියෙනව මූණු පොතේ... ඉතුරු කරපු බනිස් ටිකට වැඩේ දුන්නෙ නැද්ද අයියෙ...

    ReplyDelete
  60. මම අද තමය් ඉස්සරලාම මේ ලිපි කියෙව්වෙ.මට ඇති උනු ගැටලුව තමා මේ මාරයගේ හෝරාව ලියන්නෙ කලින් මහන වෙල හිටපු පුද්ගලයා දැන් සිවුරු හැරලාද කියලා. මුලින් තිබුනු පොතුවිල්වල අසරන පවුල්වලට ගෙවල් හදලා දුන්නු ලිපි මම ඉතමත් ආශාවෙන් කියෙව්වා.මම ආදරය කලා ඒ හාමුදුරුවන්ගේ ප්‍රතිරූපයට. ඒත් පසුව ලියල තිබුනු මේ ලිපි කියෙව්වාට පසුව ඒ ප්‍රතිරූපය බිදිලා ගියා.මම ඔබට කැමති නැතිව නෙමේ.නමුත් මම වඩාත් කැමති ඒ හමුදුරුවන්ට.

    ReplyDelete
  61. @සාතන්..ආ ඒවට ලසියා වග කිව්වා...

    ReplyDelete
  62. @ajee67...

    සමා වෙන්න මිත්‍රයා..තිත්ත උනත් ඇත්ත ඒක තමයි..මම දැන් අයිති සාසනයට නෙවෙයි...2003 අවුරුද්දේ මහණ ‍වෙලා 2008දී එයින් ඉවත් උනා..
    මට තේරෙනවා ඔබ කියන දේ..ඒත් මොනවා කරන්නද..ඕක තමා ඇත්ත...ප්‍රතිරූපනං හැදෙනවා වගේම බි‍ඳෙනවා...සදාකාලික දේවල් කොහේද මේ ලොකේ...?
    ස්තූතියි ප්‍රතිචාරයට බොහෝමත්ම..

    මං හිතන්නේ ඔබ ලිපි කිහිපයක් විතරක් කියවලා ප්‍රතිරූපයක් ගොඩ නංවන්න ගිය එකෙන් තමා වරද වෙන්න ඇත්තේ...නැත්තං මාරයාගේ හෝරාව ලියන මා ගැන ඒ හැටි ලොකුවට ගොඩනංවන්න ප්‍රති රූපයක් නැහැ..මාත් මේ සමාජයේ අනිත් අය වගේම පුද්ගලයෙක්...දුක.. වේදනාව.. අනුකම්පාව..දයාව..මෛත්‍රිය වගේම වෛරය ඊර්ෂ්‍යාව ක්‍රෝදය වගේ සාමාන්‍ය පුද්ගලයකු සතු සෑම ගති ලක්ෂණයක්ම මා ගාවත් අඩු වැඩි වශයෙන් තියෙනවා...

    ReplyDelete