07 April 2011

කල කල දේ පල පල දේළු...මාරයාගෙන් ආදර්ශමත් කතාවක්...

මටත් බ්ලොග් එකක් තිබ්බාළු..ඒක දැන්නං එන්නේ බහින කලාවටළු..මේක ලියන්ට ‍මට මාර කම්මැළිළු...

හප්පා මටත් තියෙන ලොකුම ලෙඩේ තමා කියන්ට ආව එක නොකියා වත්ත වටේ ඇවිදින එක..

ඇත්තම කිව්වොත් අද මං මේ බ්ලොග් එකේ මුකුත් ලියන්ට හිතාගෙන හිටි දවසක් නෙවේ..ඒත් දැන් ටිකකට කලියෙන් වෙච්ච දෙයක් හින්දා මට හිතුනා අකුරු තුන හතරක් කොටලා යන්ට ඕන කියලා...

ළමයි අහලා තියෙනවා නේද යහපත් චේතනා ගෙන දේ වාසනා කියලා..ආන්න ඒක කිව්ව එකා මොකා උනත් ආන්න ඒ කතාවනං සහතික ඇත්ත...මට මේ දැන් සිද්ද උන දෙයින් තමා මම මේ කියන්නේ..

හරි වැල් බයිලා ඕන නැහැ එන්ටර් වෙමු සීන් එකට...

ඒත් ඉතිං පසුබිම විස්තර නොකර බැහැනේ...

දැන් දවස් 3ක වෙලේ ඉඳලා මම එක දිගට රාජකාරියේ නෙව..

ඒ කියන්නේ මේ මාසේ 2වෙනිදා 4වෙනිදා මට නිවාඩු..ඒත් 3 වෙනිදා අවුරුදු උත්සවයට එන්න මම නිවාඩුවක් දැම්මනේ..ඒ අනුව මම 2-3 සහ4 යන දින තුනම නිවාඩු ඉඳලා ආවේ...දැන් ඒකට හිලවු වෙන්න මම 5-6- සහ 7 වෙනිදා එක දිගට වැඩ..ඒ විතරක් නෙවෙයි හෙටත් දවල් වරුව මම කලින් හිටිය තැන ඩියුටියක් අදින්ටත් සිදුධ වෙලා..මොනවා කොරන්ටද බැහැයි කියන්ටයෑ..ඒ හින්දා හෙටත් උදේ මෙහෙන් චුත වෙලා එහෙ යන්ට වෙනවා..

ඉතිං මේ දවස් තුන රාජකාරි කොරන හින්දා කෑම බීම ඔක්කෝම කඩෙන් තමා..දවල්ට බත් ගන්න තැනනං බොහෝම රසට ගුණට කෑම ටික දෙනවා...ඒත් උදේට සහ රාත්‍රියට එහෙම කෑම ටිකක් කන්න හරි හමන් තැනක් නැහැ..ඒ හින්දා ඒ වේල් දෙකම ඔය කොහේන් හරි ගේන දෙයක් ගිලලා දාලා ඔහේ ඉන්නවා..

මේ දවස්වල මං වැඩ කරන තැන උදේ 8 ඉඳලා රෑ 10 වෙනකල් එක දිගට වැඩ..කොහොම හරි රෑ මෙතන වහලා දාලා ටිකක් පිළි වෙලක් වෙද්දී දහය හමාරවත් වෙනවා...

ඉතිං රෑට කෑම ගේන්නෙත් මෙතන වැඩට ඉන්න මනුස්සයෙක්ම තමා..උන්දැත් මං වගේම තුන් වේල කඩෙන් කන හාදයා..ගම් පළාත දකුනේ..මෙහෙ නැවතිලා වැඩ..හැමදාම මෑන්ස් කඩේ යනකොට මටත් එක්ක කෑම ගේනවා.

ඉතිං හැමදාම ඔහොම උනාට අද හදිසියේම කට්ටියම බණ ගෙදරක යන්න කියලා හයට විතර වැහුවානේ මේක...ඒත් තව උන්දලා දෙන්නෙක් හිටියා..ඒ අය යනකල් මට මේක වහලා දාලා මගේ වැඩක් කරගන්ටත් නැහැ...ඒ අස්සේ ඉතිං අර හැමදාම කෑම ගේන මනුස්සයත් අනිත් කස්ටිය එක්ක ගියානේ අර බණ ගෙදර යන්ට...ඉතිං දැන් මට අද රෑට කෑම ගේන්ට කෙනෙක් නැහැ..අර ඉතුරු වෙලා ඉන්න දෙන්නා ඉන්නකල් මට ළග කඩේකට දුවන්ට හැටියකුත් නැහැ...

අප්පද බොල ඒ අස්සේ දුන්නේ නැද්ද දොඹ හැලෙන්ට වැස්සක්...

මටත් මොකෝ..මාත් ඔන්න ඔහේ බොහෝම ආසාවෙන් වැස්ස දිහා බලාගෙන කකුල් දෙකත් උඩ තියාගෙන ජංජාල ගත වෙලා උන්නා..

ඔන්න ඔය වෙලාවේ තමා මම දැක්කේ මං ඉන්න තැනට ටිකක් එහා පාරේ ගෑණු දරුවෙක් වැස්සට කොටු වෙලා හිටි හැටි...ඒ ඉන්න තැන ටිකක් තෙමෙනවා..ඊට පොඩ්ඩක් එහාට ගියානං නොතෙමී ඉන්ට ඇහැකි තැනක් තියෙනවා උනත් බාගෙට තෙමි තෙමි ඉන්නවා මිසක් අර වැස්සට පනින්නට හිතන්ටත් බැහැ ඒ තරමට වැස්ස තදයි..

ළමයා බොහෝම අසරණ දෑසින් වට පිට බල බල දැන් ඉන්නවා..

ආන්න මගේ හාට් එක බීට් වෙච්ච වෙලාව...
මට ඉතිං ඔහොම ඒවා දැක දැක ඉවසන්ට අමාරුයිනේ..පපුව නිකං සක්කර දෙයියන්ගේ පාණ්ඩුකම්බල සෛලාසනේ වගේ උණුඋනා...

මට තවත් මේ දර්ශනය බලා ඉන්ට බැරිම තැන පැත්තක තිබුනු කුඩෙත් ඉහලගෙන පැන්නා එළියට...

බුදු අප්පේ..වැස්ස වහින්නේ හරහට...මාවත් තෙමෙනවා ඕසේට...ඒත් ඉතිං තෙමීගෙනම මම අර ළමයා ලගට ගෙහුං ඒ ළමයවත් එක්කසු කොරගෙන අර නොතෙමී ඉන්න ඇහැකි තැනට ඇරළුවා..එතන හිටියා තව කීප දෙනෙක්..මාත් ඉතිං ආපහු තෙමීගෙනම ආවා...

ඒ සීන් එක එච්චරයි..කොහොමින් කොහොම හරි ඔන්න අර කරුමාන්තශාලාවේ හිටිය කීප දෙනත් හත හමාරට විතර යන්න ගියාට පස්සේ මම ඔක්කෝම දොරවල් වහලා දාලා හිමිහිට ලෑස්ති උනා මොනවා හරි කන්න ගේන්න යන්න..ඒත් මේ වෙලාවට කන්න බයියං ඩිංගක් හොයන්ට ලේසි නැහැ..කළින් කියලා තිබ්බනං බැරි වෙන්නෙත් නැහැ..ඒත් එහෙම කියන්න උනේ නැහැනේ..

ඒ හින්දා අකමැත්තෙන් හරි මොනවා හරි පිටි ගුලියක් අරගෙන එන්න කියලා හිත හදාගෙන ගෙහුං..කෝකටත් කියලා දන්න තැන් දෙකක විතර විපරං කොලා බත් තියේද කියලා..ම්හූ..වැඩේ හරියන්නේම නැත...

ඒත් මම දෙවෙනියට ගිය තැනින් ආපහු හැරිලා එන්න හදනකොටම මෙන්න බොලේ කොහේදෝ ඉඳලා අර මං හවස කුඩේ යටින් ඇරළපු දැරිවි...එතනට පාත් උනා...

"ආ අයියේ මෙහේ මොකද..?"

"නැහැ නංගි කන්න මොනවා හරි බලන්න ආවා..ඒත් වැඩේ හරියන්නේ නැහැ..මං ගිහින් එන්නං.."

ඒත් එක්කම අර කෑම දෙන තැන අක්කණ්ඩි මොනවද මංදා අර ගැණු ළමයගෙන් ඇස් වලින් ඇහැවුවා..

"අර අක්කේ මං කිව්වේ හවස මාව තෙමෙන්න නොදී ඇරළුවයි කියලා ඒ මේ අයියා.."

"ආ මල්ලි පොඩ්ඩක් ඉන්නකෝ බලන්න කියලා" අක්කා ඇතුලට ගියා..අර දැරිවිත් එයා පස්සෙම ගියා...

කොහොම හරි විනාඩි දහයක් විතරනං මට ඉන්න උනා...හැබැයි අන්තිමට මට කෑම එක ලැබුනා දුං දදා..
අර දැරිවිත් ඒ ළග බෝඩිමකද කොහේද ඉන්නේ..මං හිතන්නේ එයත් කෑම ගෙනියන්න ආව ගමන්..කොහොම හරි දෙන්නත් එක්ක තියෙන දේවල් යන්තං හරි ගස්සලා මට බත් එක දුන්නා..මාත් ඉතිං අර අක්කාට සල්ලි එහෙම දීලා ආපහු ආවා...

අපරාදේ කියන්න බැහැ වෙලාවේ හැටියට බත් එක පංකාදු පහයි...

වෑංජන ‍තුනකුත් එක්ක එවෙලේම බිත්තරයකුත් බැඳලා කරලා බත් එක හරි ගස්සලා දීලා තිබුනා..

ඇත්තටම මට අද රෑට බත් ටිකක් හම්බ වෙච්ච එක ලොකු දෙයක්..නැත්තං පිටි කෑම කාලා මට මේ ටිකේ සංසාරෙත් එක්ක එපා වෙලා හිටියේ...කොහොම හරි අද හවස අර වැස්සේ කම්මැලිකං බලන්නේ නැතිව අර කෙලීව එතෙර කල පින ඊට පැය දෙකක් ගෙවෙන්ට මත්තෙන් පල දුන්නේ ඔන්න ඔහොමයි...

ඔන්න ඔවා මේ ළමයි හිතට ගන්ට ඕන..යහපත් සිතින් කරන කිසිම දෙයක් වරදින්නේ නැහැ ඕං...

හා කියන්ට බලන්ට දැන් ඔය ළමයි මේ කතාවෙන් ගත්ත ආදරුශ මොනවාද කියලා බලන්ට..?

54 comments:

  1. ආදර්ශය : වැස්සේ කෙල්ලෙක් තෙමීගෙන ඉන්නවනම් කොල්ලෙක් ගිහින් උදව් කරන්න ඕනා. ඊට පස්සේ රෑට කන්න බත් කඩයක් හොයන් යන්න ඕනා... :D

    ReplyDelete
  2. කෙල්ලෙක් දුටු තැන බත් කඩයක් හා සම්බන්ධ නම් කුඩයක් අල්ලනු හිසට..මට තෙරුනෙ එහෙමයි

    ReplyDelete
  3. කොට ජීවිතේ...

    එච්චරද..? හම්මපා මෙහෙමත් ටිකිරි මොළයක්...

    ReplyDelete
  4. පැන්ඩා...

    වැස්ස නැති වෙලේටත්..?කෙලලා තියෙයි තාප්පෙට කිව්වළු...

    ReplyDelete
  5. තෙමෙන කෙලිච්චියං හිසට මාර කුඩේමය සෙවනැල්ල . . . . . .

    ReplyDelete
  6. නියමයි මාරයි අනභිබවනීයයි විශිෂ්ඨයි අනර්ඝයි.... :D
    නියමය් නියමය් අයියා.. පින කුණු මුල්ලෙ නෙමේ කුඩේ යට තිබිල තියෙන්නේ.. (මං කිවුවෙ ඒ කෙලි පොඩ්ඩගෙ) ;)

    ReplyDelete
  7. මං නම් උබ කියන ඒවා කරන්න ගිහිල්ලා කෙලව ගන්නැ.. අම්මෝ.. අපි නොදන්න මාරයා..

    ReplyDelete
  8. කාට කාට හරි කෝම කෝම හරි පුලු පුලුවන් හැටියට ගෙමෙන්න නොදී කුඩේ අල්ලන්න ඕනා...... හික්ස්........ හරිනේ අයියේ........
    (හැබැයි හාවා ගැහුවොත් අයියා තමා. ) හික්ස්.........

    ReplyDelete
  9. අනේ මගේ කට . . . . . !

    මාරයෝ..... ඔන්න අහ ගනින්,

    1) පළවෙනි එක තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඇත්ත කියලා මේකෙන් ඔප්පු වෙනවා. මොකද උඹ අපිට කෑම පෙන්න පෙන්න දීපු වදේට උඹම කියනවා දවස් ගාණක් උඹට පිටි ගුලි ගිලින්න උනා කියලා.

    2) දෙවනි එක වහාම අර කෙලීගේ ගෙදරට ටෙලි ග්‍රෑම් එකක් ගහන්න වෙනවා, "නැන්දේ කෙල්ලව ඉක්මනට ගෙට ගනින්" කියලා

    3) ඒ කෙල්ලගේ ග්‍රහ චාරය හොඳ නැතිවේගෙන එනවා එනවා වගේ මට නම් පේනවා. ඒකට කේන්දර බලන්න ඕන වෙන්නෙ නැහැ. ඒ මහ වැස්ස තමයි ඒ ඒරාෂ්ඨකේ උදාව.

    4)අන්තිම එක තමයි දැන් මට පෙනීගෙන පෙනීගෙන යනවා මාරයාගේ හෝරාවේ ඊලඟ එපිසෝඩ් දෙක තුන. කෙල්ල අයියණ්ඩිව හොයාගෙන කෑම එකක් අරගෙන වැඩ කරන තැනට ආපු හැටි, ඊලඟ දවසෙ "අයියේ ඊයේ තමයි මගේ උපන්දිනේ කියලා, පෙරේරා ඇන්ඩ් සන්ස් බටර් කේක් කෑල්ලක් ගෙනත් දීම, ඊට පස්සෙ පොඩි පූස් පැටියෙක් මහපු රෝස පාට ලේන්සුවක් මාරයාගේ සාක්කුවට වැටීම, etc. etc"

    ReplyDelete
  10. මටත් මෙහෙම දෙයක් තෙරුනා...
    රෑට බත් කන්න නම් වහින්නම ඔනේ.... හරිද මන්ද තෙරුන එක.

    ReplyDelete
  11. මට නම් තේරුනේ මාරයියා කුඩේ අල්ලලා කෙල්ලව දා ගන්න ගියත් අන්තිමට ලැබුනෙ බත් එකක් විතරයි කියලා තමයි! :D
    ආදර්ශය: කෙල්ලන්ට කුඩේ ඇල්ලීමෙන් වෑංජන තුනක් සහ බැදපු බිත්තරයක් සහිත බත් පතක් දිනාගත හැක. (හදවත දිනා ගැනීමට කුඩේ ඇල්ලීමෙන් වළකින්න) :D

    ReplyDelete
  12. දර්ශනය = විපතට පත් ලඳක්
    අරමුණ = පිහිට වීම
    ක්‍රියාව = තෙමි තෙමීම ඇරලීම
    ප්‍රතිඵලය = දුම් දමන බත් පතක්

    නිගමනය = ලඳුන්ට උදවු කලොත් එතන අනිවාර්ය කෑමක් ඇත....... ලොල්.......

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  13. '"ආ මල්ලි පොඩ්ඩක් ඉන්නකෝ බලන්න කියලා" අක්කා ඇතුලට ගියා..අර දැරිවිත් එයා පස්සෙම ගියා...'
    අයිය ඇත්තටම හීන් දාඩියක් වගේ දැම්මෙ නැද්ද ඒ වෙලාවෙ??

    ReplyDelete
  14. කට්ටිය මට ගන්ට ආදුරුසයක් ඉතිරි කරලා නෑ වගෙ....!!! අයියා කෝකටත් හොද හෙල්මට් දෙක තුනක් ගෙදරින් අරන් තිබ්බොත් නාකයි????

    ReplyDelete
  15. ඇත්ත කියහක් මාරයියෙ එතන කෙල්ලෙක් වෙනුවට කැත කැහුටු ගෑනියක් හිටියනන් උබ උදව් කරනවද??

    ReplyDelete
  16. ඔන්න මිනිස්සු කෙනෙක්ට කරදරයක් උනාම උදවුවට යන හිත හොද මිනිස්සු..ආදර්ශමත් චරිතයක්

    ReplyDelete
  17. අර කිව්ව වගේ ගන්න තියන ආදර්ශ ටික ඔක්කොම අරගෙනනෙ. හැබැයි මෙහෙම කියන්න බැරිද?

    "රෑ කෑම ගෙන්වා ගැනීමට කෙනෙක් නැත්නම් සහ රෑට කන්න යන්න පරක්කු වෙනව වගේ නම් කවුරු හරි ලඟ පාත ඉන්න කෙල්ලෙකුට උදවු කල යුතුය."

    ReplyDelete
  18. එතන කොලු ගැටයෙක් හිටියානම් මාරයට අද රෑටත් ඇමරිකන් පිටි කෑමට සිදු වන බව.....

    ReplyDelete
  19. ආදර්ශය තමා වහින හැම වෙලාවකම තමන්ට ටිකක් එහායින් කවුරු හරි ගෑණු ළමයෙක තෙමෙනවද කියලා බලන එක

    ReplyDelete
  20. මමත් කියන්නේ කොට අක්කාගේ ආදර්ශේමයි... කෙල්ලෙක් වැස්සේ තෙමෙනවා..කොල්ලෙක් කුඩේ අල්ලනවා...ෆ්‍රි බත් එකක්.. ( මාරයියා නම් සල්ලි දුන්නා නේ..පස්සේ ෆ්‍රි ලු.. )

    ReplyDelete
  21. යහපත් සිතින් පටාන් ගන්න ඒවා කොහෙන් කෙල වර වෙයිද ?

    ReplyDelete
  22. පනින්නට පෙර සිතා බලනු එකේ ලෑටස්ට් එක කෙල්ලන්ට කුඩ ඉහලන්ට පෙර රෑට කෑමක් සෙට් වෙයිදෝ සිතා බලනු . .

    ReplyDelete
  23. මම ගත්ත ආදර්ශය : නිකං කන්න ලැබෙන බණ ගෙවල් වගේ දේවල් මිස් කළොත්, කෑම වේල හොයාගන්න වැස්සේ තෙමීගෙන මාර චාටර් කන්නට සිදුවිය හැක...

    ReplyDelete
  24. වහින වෙලාවට කූඩයක් අරන් පාර දිගේ සක්මන් කරන්න ඕන බලන්න මාත්... :D

    සික්.. මේ පෝස්ට් එක ඊයේ හවස කියෙවුව නම් සුපිරියි.. ඊයේ රෑම අත්හදා බලන්න තිබුනා..

    ReplyDelete
  25. කතාව ඇත්ත මාර අයිය...හොඳ හිතින් කලොත් දෙයක් කවදා හරි ඒකෙ විපාක ලැබෙනව.....

    ReplyDelete
  26. අර කිවුවත් වගේ බොලං මේ දවස්වල මුගෙ සිකුරා උච්චම වෙලා වගේ ඉන්නෙ.. :)

    ReplyDelete
  27. මාරේ අයියේ ඔතන කොල්ලෙක් වෑස්සට තෙමි තෙමි හිටියනම් යාවිද උදවු කොරන්න අර වෑස්සේ.මම නම් හිතන්න් නෑ....කමක් නෑ කෙලි පොඩ්ඩ ලස්සනයිද......

    ReplyDelete
  28. 'මාරයා කෙල්ලෙකුට උදව් කරයිද එතන පැහැදිලි කෑමක් ඇත.'

    කොහොමහරි හෙට අනිද්ද වෙනකොට කෑම ගෙදර අක්කයි, කුඩේ අල්ලපු කෙල්ලයි දෙන්නත් එක්ක හොට් හොට් කෑම හදාගෙන මාර භවන දිහාවට එන්න බැරි නෑ.

    ReplyDelete
  29. වැස්ස වෙලාවට වෙන්ඩ හබීව ගෙදරම තියා ගැනීම මේක තමා මම ගත්ත ආදර්ශය..

    ReplyDelete
  30. කෙල්ලෙකුගේ කුඩේ යටින් යාමට සිටියොත් රෑට කන්නට බත් නැති වෙන අතර
    කෙල්ලෙකුව තමාගේ කුඩේ යටින් රැගෙන ගියොත් රෑට බඩ කට පිරෙන්නට හම්බවේ.

    ReplyDelete
  31. "යහපත් චේතනා ගෙනදෙයි වාසනා" කියල බස් එකක ගහගෙන ගිණි ගානට ටිකට් කඩන එක සහ චේතනා කියල කෙල්ලෙක් යාලු කරගෙන බූට් එකක් කාල බස් එක දකින දකින වෙලාවට හූල්ලන එක. :)

    ReplyDelete
  32. ආදර්ශෙ කියන්නෙ ඉතිං දැක්ක තැන කෙල්ලන්ට උදව් කරන්න කියල තමා....

    ReplyDelete
  33. ලඳුන්ට උදවු කලොත් එතන අනිවාර්ය කෑමක් ඇත....... ලොල්.......
    okathamai ganna thiyana adarshaya

    ReplyDelete
  34. This comment has been removed by the author.

    ReplyDelete
  35. කඩෙන් කන අය නිතරම කුඩයක් තබා ගත යුතුය.

    ReplyDelete
  36. අරිනකොට තෙමෙන්න දෙන්න එපා ???

    ReplyDelete
  37. ඉස්සරහට දිගටම වහී මයෙ හිතේ.... අනේ හොඳා...තිබුණු ඉඩෝරේ හැටියට.

    ReplyDelete
  38. සික් එකෙනුත් වාසිය ගත්තනේ.. මේ මාරයියා....

    ReplyDelete
  39. මේ මාරයියේ.....මං තාම පොඩි එකා නෙවැ....මං දන්නේ නැති කමටමයි අහන්නේ.....අර වාසනාගෙයි චේතනාගෙයි තියෙන සම්බන්දේ මොකක්ද? එතකොට අර රංදිකා කියන්නේ කවුද? එයා මොනවද වාසනා එක්ක කරන්නේ..?

    අයියාගේ ආදර්ශය නම් ඉතාමත් උතුම්....හිටපන්කෝ අයියේ මං මේ වහිනතන්මයි බලං ඉන්නේ කුඩේකුත් අරං වැස්සේ තෙමි තෙමි හරි කෙල්ලන්ව නොතෙමි ගොඩදාන්න....අනිත් එක වැස්සේ කෙල්ලෙක් තුරුළු කරන් එක කුඩේ යට යනකොට මරු ආතල් එකකුත් තියෙනවනේ.....අනේ වැහපන්කෝ ඉක්මණට...... (හාවි නොදකිත්වා.....)

    ReplyDelete
  40. දැන් ඔහොම මේ අනුන්ට කුඩ අල්ලන්න කතා කරනවා......ගිය සතියෙත් මෙයා කුඩයක් නැතුව තෙමුනා............ මං ඒ වෙලාවේ කට කැඩෙනකම් කිව්වා ළඟ ඉන්න කෙල්ලෙක් බලලා කු‍ඩයක් යටට යන්න කියලා. කොහෙද....... තෙමුනා එහෙම කියලත්.........

    ඉතින් බලන්නකෝ.......... :D :D

    ReplyDelete
  41. හරි හරි ඉතිං එහෙම තමා අපි සුවච කීකරු අයනේ.....අර කවුද මන්දා කෙනෙක් මං ගැන හැමවෙලේම හොයනවනේ....ඉතිං එයා පවුනේ....අපි ඉතිං හොදට හැසිරිලා අවංකව ඉන්න එපායෑ....

    මාරයියේ උඹට ඉතිං අමුතුවෙන් කියන්න ඕනි නෑනේ නේද....එදා කෙල්ලෙක්ගේ කුඩේ යටින් ගියා....කූවේ නැති එක වෙනම කතාවක්.... (මාරයියට රහසින්....)

    ReplyDelete
  42. ආ මං දැක්කා සුදු හංසි අක්කා එක්කද කොහෙදනේ...... හික්ස්..... :P

    ReplyDelete
  43. ඔව් ඔව් එයා තමයි....වෙලාවට අහංසකී අක්කා එක්ක හිටුප් එක දැකලා නෑ....

    ReplyDelete
  44. ආ ඒක පසන් අයියා දැන්නම මදෑ....... :D

    ReplyDelete
  45. හා දැන් මට ලේසියි..දැන් මට බ්ලොග් එකේ ඉඳගෙනම බස් පැද්දෑකි..හනේ..ඉස්සර හාවියෙක් විතරක් තැන තැන පැන පැන ගියා..දැන් ඒකටම හරියන්න හාවෙකුත් සැට් උනා..මෙවුවෝ දෙන්නා දැන් පනිනවා පනිනවා ඉවරයක් නැහැනේ...
    හික් හික් හික්...
    අනේ වාසනාවන්...

    ReplyDelete
  46. ඇයි මාරයියේ ඔහොම කතා කරන්නේ....මගේ හිත කීරි ගැහිලා ගියා....මං ඉස්සර අයියා දාන පෝස්ට් හැම එකම කියෙව්වා...කියවලා ගලුත් ගැහුවා...ඇයි ඔහොම කතා කරන්නේ...මගේ හිත වාවන්නේ නෑ මෙව්වගේ කතා වලට....
    (දැන් සම්බාධක දාලා තියෙන්නේ අදාල පාර්ෂවයන් විසින්...බ්ලොග් එක ලිව්වොත් මේ කනෙක්ෂන් එක ඩිස්කොනෙක්ට් කරනවා කීවා....)

    ReplyDelete
  47. මොනා උනත් වැස්සේ තෙමෙන හැම කෙල්ලටම කුඩ අල්ලන්න යන්න එපා. අන්තිමෙදී ඒ කුඩෙන්ම හම්බෙයි පැනි බේරෙන්න...

    ReplyDelete
  48. අනේ මාරයියේ මං අහිංසකී දන්නවනේ මං කවදත් මේ අයියගේ ගෙදර හැඩි කරන එකී......... :D :D

    මං ඔය කනෙස්සන් ගැන දන්නෑ ඕන....... :D

    ReplyDelete
  49. හැග්..... ඈ බොලව් සේරොම ගන්න තියන සේරම ආදුරුස අරගෙන නෙව. ආයෙ මට ගන්න එකක්වත් ඉතුරු කොරල නැති හැඩයි. අනේ අම්මප බැඳපු එකෙක්ට ගන්න කිසිම දෙයක් නෑ නෙව මේකෙ.

    ReplyDelete
  50. මෙහෙත් බස් දුවනව වගේ.

    ReplyDelete
  51. කුඩයක්, බත් කඩයක්, මැඩම්(අක්කා) කෙනෙක් සම්බන්ද කතාවක් !!!!!!!!!!!

    ReplyDelete
  52. සමනලී ඉතින් හැමදාම ලේට් අප්පා....
    ම්.... පාඩම නේද? තෙමි තෙමී ඉද්දි කවුරුහරි කුඩේ යටින් එක්කන් ගියෝතින් එයාට බිත්තර බැදල බත් එක්ක දෙන්ට ඕනි.... හිකිස් :D

    ReplyDelete
  53. මේ කතාව තාම පටන් ගත්ත විතරයි....මේක කවදහරි ඉවර උනහම ගන්න තියෙන ආදර්ශෙ තමයි "කෙල්ලව බලාගෙන කුඩ අල්ලන්න ගියොත්, කඩේ අක්කට කර ගහන්න වෙනව" කියන එක...

    ReplyDelete
  54. හම්මේ..අවංක හිතිං කෙනෙකුට උදව් කරලා මට අහගන්න උන කතා...

    ReplyDelete