09 April 2011

ප්‍රශ්න දෙක තුනක් අහන්න හිතුනා...

ඇත්තටම මේකනං ලිපියක් නෙවෙයි ඕං කලින්ම කිව්වා...හරියටම කිව්වොත් ලිපියක් ලියන්නත් හදලා..ඒත් ඊට කලින් පුරස්න ටිකක් අහලම හිටියනං හොඳයි කියලා හිතුනා..ඒ ඇයි කියලා මං ඔයාලට පස්සේ කියන්නං...
මෙන්න පුරස්න ටික...

1) අළුත් වාහනයක් මිලදී ගැනීම හා පැරණි වාහනයක් මිලදී ගැනීම අතර වෙනසක් තිබේද..?

2) පැරණි වාහනයක් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් වන කරුණු මොනවාද..?

3) තමා මිලදීගැනීමකදී යම් වංචාවක හසු වී ඇති බව හෝ..තමා බලාපොරොත්තු වූ තත්වය භාණ්ඩයේ නොමැති බව දැන ගන්නට ලැබුනහොත් ඔබට කුමක් සිතේද..?

4) පැරණි වාහනයක් මිලදී ගැනීමත් විවහා සහකාරියක් තෝරා ගැනීමත් යන කාරණා දෙකෙහිම ඔබ සමානතාවයක් දකින්නෙහිද..?

5) මේවා අහන්න මට පිස්සු කියලා ඔබ සිතනවාද..? (ඕකටනං උත්තර නැතත් කමක් නැහැ...)

ඔන්න පුරස්න 5ක් තියෙනවා..කැමති අය කැමති විදියට උත්තර දෙන්න..හුගාක් දිග උත්තර ඔන වෙන එකක් නැහැ..සරල කරුණු ටිකක් තියෙන්නේ..

කොහොම උනත් කොල්ලන්ට වැදගත් වෙන සහ කෙල්ලන්ගෙන් ටිකක් බැනුං අහන්න වෙන ලිපියක් ලග එනවා..ඊට කලින් බලමු මේකට ලැබෙන උත්තර ටික...

44 comments:

  1. 1 - නැත කාලයක් යනකොට දෙකම ලෙඩ දෙනවා
    2 - ලෙඩ තියෙනවද කියලා
    3 - මොනා කරනන්ද ගත්ත එක පාවිච්චි කරනවා මිසක්
    4 - ඔව් ඔය දෙකම එක හා සමාන කරදර දෙක නිසා
    5 - සත්තකින්ම

    ReplyDelete
  2. හොදට පාවිච්චි කරපු පරණ වාහනයක් ඇන්න වර. හික්.

    ReplyDelete
  3. මං නන් අහල තියෙන්නෙ සෙකන්ඩ් හැන්ඩ් වාහනයි සෙකන්ඩ් හැන්ඩ් ගෑණුයි ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා කියලා.. මොකද ඒ ජාති දෙකේම තියන ලෙඩ ගැන දන්නෙ මුලින් පැදපු කෙනා විතරයි ලු....

    අනේ මන්දා අයියා.. ඔව්වා රට්ටු කියන කථා...:-D

    ReplyDelete
  4. 1 ඔව් නෙ. පරණ වාහනයක් ගන්නකොට අලුත් වාහනයක් ගන්නවට වඩා පරෙස්සම් වෙන්න ඕන. ලෙඩ තියෙන්න පුලුවන්.

    2 හැම අංගයක්ම හොඳට පරික්ෂා කරන්න ඕන. අපිව රවට්ටල ලෙඩ තියෙන එකක් ඇඟේ ගහන්න පුලුවන් නෙ.

    3 ගොඩක් අවුල් ඉතින්. කියපු තත්ත්වෙට වැඩිය ගොඩක් වෙනස් නම් මාරු කරගන්න බලනවා.

    4 අනේ දන්නෙ නෑ.

    5 ඒකත් හරියට කියන්න බෑ.

    ReplyDelete
  5. 1.) පැහැදිලිවම තිබේ.

    2.) වාහනයේ අංකය සහ තත්වය, දුවන ලද දුර, පැරණි හිමිකරුවන් පිලිබඳ විස්තර, ලියකියවිලි

    3.) ආයෙ ඉතිං මොනා වෙන්නද? ලොකු කේන්තියක් එනවා මං ගැනම. පුලුවන් කමක් වෙතොත් ගැටලුව නිරාකරණය කරගන්න බලනවා.

    4.) අමාරු ප්‍රස්නයක්. යම් සමාන කමක් තියෙනවා. කොහොම උනත් ගන්නට පෙර සිතා බැලිය යුතුයි. විසේසයෙන් විවාහය. වාහනේට වගේ රිවස් එකක් නැති නිසා වැඩේ අමාරැයි.

    5.) මේගැනනං මං මුකුත් නොකියමි. මාරයාගේ නුවණ ගැන මට හොඳ අත්දැකීම් පෙනෙන්නට තිබේ. ;)

    ReplyDelete
  6. 1) ඇත්තෙන්ම ඔව්.

    2) පෙර භාවිතා කල පුද්ගලයා‍ගේ භාවිතය හා නඩත්තුව.එම පුද්ගලයාගේ ගතිගුණ.එම පුද්ගලයාගේ තරා තිරම.වාහනේ ඇන්ජිමේ තත්වය.වාහනයේ පිටත ඔපය.වාහනයේ ඇති සැප පහසුකම්.

    3) අහෝ කරගත්ත මොඩකමක් කියලා හිතේවි....ම්ම්ම්ම් මං ව‍ගේම මෝඩ හාල්පාරුවෙකුට ෂේප් එකේ විකුණා දැමීමට උත්සුක වීම.

    4) අනිවාර්යයෙන්ම...මම ඉහත කී දෑ මෙය හා සසදා බලන්න.

    5) ම්ම්ම්ම්ම් පිස්සු නෑ....දැනන් ඉන්න එක හොදයි...මාරයට ඕනි වෙලා තියෙන්නේ සෙකන්ඩ් හෑන්ඩ් කාර් කේස් එකක් දාලා විවාහයකට සුදුසු සෙකන්ඩ් හෑන්ඩ් කෙල්ලෙක් තොරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනාද කියලා දැනගන්නනේ....අපි රැවටෙයි ඕවට.....

    ReplyDelete
  7. 1)වෙනසක් ඇත..ඒ දෙක ටේස්ට් දෙකකි..පරණ වාහන මොඩිෆයි කල පසු සමහර විට අලුත් වාහන හිමියො මාරුවක් ඉල්ලති..
    2)ප්‍රධාන වශයෙන් බොඩි කන්ඩිශන් එක..වැදගත් පෙනුම නෙ..අන්තර්ගතය වටිනව කියන ලොකු පොරවල් පිට ඔපයට හසු වන නිසා
    3)වහාම හැකි ඉක්මණින් තව කාටහරි පටලල දීල දැමීම
    4)question pass රහසින්..යකො විජේ කුමාරය කුවේනිට කෙළල වෙන එකක් ගෙනාවම උන්ට රජකම ගිය රටෙ තොවිලෙ බවිලේ එළි වෙන තුරු දෙපිට කැපෙන වචන අහපු අපිට මාරයා ගැන ද හොඳ දැනුමක් ඇත.
    5)නැත නැත ඔය වයසට මේ ප්‍රශ්න බෙහෙවින්ම ස්වාභාවිකය

    ReplyDelete
  8. ***වැරදියට වටහා නොගන්න වාහන ගැන පමණයි***

    1) අළුත් වාහන කැඩී නැත..පැරණි වාහන කෑඩී සාදන ලද ඒවාය.අළුත් වාහනයක් ගත්තද කැඩෙන නිසා එය ගැටලුවක් නොවේ.

    2) ලෙඩ තියෙනවද කියලා (මරණෙ කිවුව දේ තමා)

    3) එම වාහනය විකුනා දමා අළුත් වාහනයක් ගැනීම.

    4) නැත. කැඩුනු වාහන නැවත රෙපයාර් කල හැක.

    5)අනේ මන්ද..

    මගේ අදහසනම් අළුත් වාහන හා පැරණි වාහන යන දෙකම අනතුරු දායකය..

    ReplyDelete
  9. 1. ඔය කොයි වාහනෙත් එකයි. තෙල් ගහනකම් හොදට දුවනවා.
    2. බොඩි එක අවුලක් වෙලා නැද්ද කියලා.
    3. ටක් ගාලා ඒ වාහනේ අතඇරලා වෙන වාහනයක් ගන්නවා.
    4. ඔව්. සමානයි. ඔය දෙකම ක‍රන්නෙ අපේ පොකට් එක හින්දන එක.
    5. ඕක අපි ඒ කාලෙම දැනගත්තනේ. :D

    ReplyDelete
  10. 1. ඔව්
    2. *පැරණි වීම
    *වාහනයක් වීම
    3.!@#$$%^&^&&*()()_+&^%$###@!!
    4. ඔව් (ආ යන්තම් ඇති ගෑනි කොස්සත් අරන් ගියා එලියට)
    4. නැත
    5. හිතන්න දෙයක් නැහැ

    ReplyDelete
  11. නිවැරදි කිරීමයි..
    4. නැත (ආ යන්තම් ඇති ගෑනි කොස්සත් අරන් ගියා එලියට)
    4. ඔව්

    ReplyDelete
  12. 5)මාරයාට වාහන පිස්සුව සෑදි ඇත.

    ReplyDelete
  13. ඔය ප්‍රශ්න ටික අහන්නෙ සිරාවටම නම් කියන තියෙන්නෙ ..මොකක් හරි ක්‍රමේකින් අලුත් වාහනයක් ලංකාවට අදාල ඒජන්තයගෙන්ම මිලට ගන්න එක වඩාත් සුභ දායකයි කියල , 4 වෙනි ප්‍රශ්නෙටත් ටිකක් අදාලව මෙහෙම දෙකුත් ත්යනව .. පරණ වාහනයක් ගැනීම ළමයින් දෙන්නෙකුත් එක්ක ගැනියක් කර ගහ ගැනීමට සමානයි කියල ,පරණ වාහනයක් නිසා සැහෙන්න බැට කැ මිනිහෙක් කියල තියනව

    ReplyDelete
  14. ඔය දෙකටම තාම අත්දැකීම් නැති නිසා කිසිත් නොකියමි :D

    ReplyDelete
  15. පරණ වාහනයක් ගත්තත් අලුත් වාහනයක් ගත්තත් දෙකෙන්‍ ම වෙන්නෙ තමුන්ට කෙලවෙන එක තමයි.
    හැබැයි අලුත් වාහනයක් ගත්තොත් කෙලවෙන්න ටිකක් කල් යනව පරණ එකක්නං සමහරවිට ගත්ත දවසෙ ඉදලම තමුන්ට කෙලවෙන්න පුලුවං.
    අන්තිම ප්‍රශ්නෙටනං ඉතිං...... අනේ මංද?

    ReplyDelete
  16. 01. වැඩිය නැත. ඇතුලනං දෙකේම බොහෝවිට එක වගේ ය. හැබැයි එන්ජිම බෝර් නැති එකක් ‍තෝරාගත යුතුය. නැත්නං පිස්ටන් හරියට වැඩ නොකරනු ඇත.

    02. ස්පෙයාර් වීල් එකක් ඇද්දැයි බලමි

    03. විකුනපු එකාගේ ***** ට හිතෙනු ඇත.

    04. පවුල මේ කමෙන්ට්ස් කියෙව්වොත් විනාසය. [කොහොම උනත් ටැක්ටරෙන් හාපු කුඹුරු නගුලෙන් හාන්න බැරිය]

    05. නැත, ඔය හැටිය.

    ReplyDelete
  17. 1. තිබේ.වෙනස, පෑරණිබව/අලුත්බව යි.
    2. පෑරණි වාහන මිලදිගෙන නොමෑත.අනාගතයේදි ගෑනීමටද සිතන්නෙ නෑත.එනිසා අදහස් දෑක්විය නොහෑක.
    3. දුක සිතේ.තරහක් ද ඇතිවිය හෑක.
    4. ප්‍රශ්නය පෑහෑදිලි මදිය.
    5. අනිවාර්යෙන්ම.

    ReplyDelete
  18. මාරයාගේ ගණිත දැනුම ප්‍රදර්ශනය වන පෝස්ටුවකි. "ප්‍රශ්න දෙකක් තුනක්" කියා කීවද මේ මනුස්සයා ප්‍රශ්න පහක් අසා ඇත. ඉන් ගම්‍ය වන්නේ මාරයා එකේ සිට දහයටවත් ගනින්න නොදන්නා බවයි..

    ReplyDelete
  19. මරේ..
    කසුන්...
    චන්දික...
    හසියා...
    පැන්ඩා...
    තුසිත...
    අනුරාධ...
    වෙනී...
    නවම්...
    නදී...

    බොහෝම ස්තූතියි බොහෝම මහන්සියෙන් පිළිවෙලකට උත්තර දෙන්න උත්සහ කිරීම සම්බන්ධව...

    ඇත්තටම මම හිතුව විදියට හැමෝම මේ ගැන කල්පනා කරද්දී සමාන විදියට කල්පනා කරන බව පේනවා..ඒ වගේම යම් යම් තැන්වල වෙනස්කම් දකින්නත් පුළුවන්...මට ලොකු උදව්වක් ඔය විදියට අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීම..

    නවම් සහ වෙනී..ටිකාක් පරිස්සං වෙයල්ලා...ඔය ගෙවල්වල තියෙන කාර් හීට් වෙලා බොයිල් වෙලා..සමහර විට දවස් දෙක තුනක් යනකල් ධාවනයට අවස්ථාවක් නැති වෙන්නත් ඇහැකි..ඒවට අපි වග කියනු නොලැබේ...

    ReplyDelete
  20. ශාමින්ද...-හිටු මං මේ කියනකල් හිටියේ

    පසන්...-රට්ටු කියන කතා ඇහැවුවනං ඉතිං අර කෙලී උඹට මනාප වෙයිද මං අහන්නේ..?

    ජෝතිෂ්‍ය ලංකා...-අම්මප 5 වෙනි එක විතරමද පෙනුනේ..?

    බුවා...-ඒ මිනිහා බුවා නෙවේ නේද..?

    D ඉෂාර...-ආ එහෙමනං මගේ ඊළග පෝස්ට් එක මලයට බොහෝම ප්‍රයෝජනයි...

    ප්‍රසන්න...ඒ කෙලවීමත් දීර්ඝ කාලීනනං...නැහැ නැහැ අන්තිම එකට උත්තරය ඕන නැහැ.

    ළමයා...-ළමයා හින්දා මං ඉවසනවා..ලොකු එකෙක් ඕක කිව්වනං තමා ලෙඩේ..බලහං ළමයා දෙක+තුනක් කිව්වහම කීයද උත්තරේ..?තව ටිකක් ලොකු වෙලා කල්පනා කොරන්ට වෙයි...දානෙකට හාමුදුරුවරු ඉල්ලන පිළිවෙළ දන්නවද..?

    ReplyDelete
  21. 1) ඔව්

    2) වාහනයේ ඇන්ජිම සහ චැසිය, ඊ ලඟට පින්තාරුව සහ බඳෙහි තත්වය.

    3) හොඳින් බලා ගත් වාහනයක්නම් එසේ වීමට අවස්ථා අඩුය. පරණ වාහනයක් ගන්නවානම් කෝකටත් සූදානම් සරීරෙන් ඉන්න එක ඇඟට ගුණය.

    4) සමානතා ගොඩකි, (දෙකම පාවිච්චි කළ ඒවානම්)
    අ ) නඩත්තුවට ඉහල මුදලක් වැය වේ
    ආ) ටිකක් කලක් පදින විට අමුතු නොඇසූ සද්ද පටන් ගනී
    ඇ )පිකප් එක හොඳ උනත් කෙනෙක් පැදපු එකක් නේදැයි සිතී පසු තැවිල්ලක් ඇති විය හැකිය.
    ඈ)අලුතින්ම රෙජිස්ටර් කිරීමට අවශ්‍ය නැති නිසා ගත් දින වලම පොලිසියෙන් අවුලක් නැත
    ඊ.ටී.සී ......
    එකම අසමානතාවය ආපසු විකිණීමේ ගැටළුවයි

    5) මේ වගේ ප්‍රශ්න 4කින් එසේ නිගමනය කිරීමට අමාරුය.

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  22. 1) ow. wenasak tibe
    2) wahane hodata wada karanawada.. leda tibeda.. kalin aithikaraya ain karanda hetuwa mokada kiyana eka
    3) car ekai, kalin aithikarayai dennawama kanda hitenawa.. gaththa moodakan kiyala oluwa pole gahanda kiyala hitenawa
    4) apo ow.. dekama pocket eka hidena wada :P eemadiwata leda dunnama dekama epawenawa..
    5) naththan bota pissu neennan

    ReplyDelete
  23. මේ මාර ප්‍රශ්ණ වලට නෙමේ වෙනිං ප්‍රශ්ණයකට උත්තරයක්. නමුත් අදාලයි.

    යාළුවෙකුගෙන් වාහනයක් ගන්නත් එපා. තමන් ගේ වාහනය යාළුවෙකුට විකුණන්නත් එපා.

    ReplyDelete
  24. අළුත් කොල්ලා...-අළුත් අළුත් කිව්වට කොල්ලා සෑ‍හෙන යමක් දන්න කොළුවෙක් නෙව...

    ReplyDelete
  25. තරිඳු...-යකඩෝ අනිත් ඒවාට කමක් නැහැ 5 වෙනි එක දැම්මේ උත්තර බලාපොරොත්තුවෙන් නෙවෙයි...

    කතන්දර...-අර කිව්වත් වගේ ප්‍රශ්න වලට අනු පිළිවලට නැතත් මේකත් උත්තරයක් තමයි...

    ReplyDelete
  26. 1) ඔව්
    2) කොච්චර පැදල තියෙනවද කියලයි පිට ඔපේ තමා ඉතින්..
    3) හිතුනොත් ඉතින් මැරෙන්න තමා
    4) ඔව්.. කොහොමත් බරබාගයක්නෙ..(බැදල නැති නිසා ජීවිත තර්ජන නෑ)
    5) ඔව්.. මාරය අයියත් පරන වාහනයක් කරගහන්න යනව කියලනම් තේරෙනව :D

    ReplyDelete
  27. වෙන්ඩැති මාරයියේ... රස්සාවල් එක්ක ඔට්ටු වෙලා ඔලු දැන් ඔට්ටපාලු වෙල තියෙන්නෙ......

    ReplyDelete
  28. @ චතුවා (ළමයා) - එය ගණිත දැණුමේ වැරැද්දක් නොවේ. ඒ මාර ගණිතයයි. දෙකක් තුනක් යැයි වටෙන් කියා 2+3ක් ඇසීම... හික්ස්.....

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  29. බුද්ධික...-දෙවෙනි පිළිතුර හයිලයිට් කොරලා තිබ්බා ඕං..(5 වෙනි එකටනං..හනේ බොල)

    අළුත් කොල්ලා...-ඒක තමයි මං හිතුවා..වෙන නං කියන්න කිසිම අළුත් ගතියක් නැහැ වගේ කියලා...
    ආ ඔය ළමයා දන්නේ නැහැ බං ඔය මාර ගණිතය.

    ReplyDelete
  30. 1) ඔව් බොල ආයේ අහන්ට ඕනයැ ඕක.. එකේ පාටත් අලුත්, නම්බරෙත් අලුත්..

    2) එන්ජිම හා පොත තිබේදැයි බලනවා...

    3) සදහටම ඔබමගෙයැයි සිතා ඔහේ ඉන්නවා..

    4) ආයෙත් අහලා.. පරණ බඩුවක් ගත්තා වගේ තමා ආයේ.. :D වියදම් වියදම්..

    5) කට වහගමි..!

    ReplyDelete
  31. පිරිමියෙක් අමාරැවේ වැටෙන අවස්ථා 3ක් ඇත.

    1. ගෙයක් හැදීම
    2. විවාහය
    3. වාහනයක් ගැනීම.

    1,2,3,4 ප්‍රශ්ණ වලට පිලිතුරැ එහි ඇත.

    5 වෙනි ප්‍රශ්ණෙට පිලිතුර.
    ඒක ඉතින් අපි හැමෝම කලින් ඉඳලම දන්නවනේ මාරයියේ. මොකට අහලා නාගන්නවද ?

    ReplyDelete
  32. (දෙවෙනි පිළිතුර හයිලයිට් කොරලා තිබ්බා ඕං..) ඒකෙ වැරද්දක් තිබුනද දන්නෙ නැ..එහෙමනම් සමාවදාරන්න ඕනෙ.. :S

    කවුරු මොනව කිව්වත් මාරයිය වාහනයක් එක්ක ඔට්ටු වෙන්න යන්න කලින් මෙතන ඉන්න දැනමුත්තොන්ගෙන් අහන එකනම් හොදයි..(ඔය කිව්ව ගොඩට මම අයිති නෑ..) ඒ කොහොම උනත් router එකත් රත්වේගෙන එන වෙලවෙ මගෙ උණුසුම් සුභ පැතුම් එවන්නම්, මොනව උනත් අපේ කොල්ලෙක්නෙ.. :D

    ReplyDelete
  33. 1) එකම වැඩේ... අලුත් එකක් පදිනවා කියන එකේ ආතල් වැඩිලු. ඒත් පරණ වාහණයක් අලුත් ඒවාටත් වඩා ෆුල් ඔප්ෂන් වලට මොඩිෆයි කරන්න පුළුවන්නේ. අළුත් එකක‍ට එහෙම කරන්න හිතෙන්නේ නෑ නේ....

    2) මෝල හොඳයි දැයි බෑලීම අංක එක වන අතර කන්ඩිෂන් ගැන දෙවනුව බැලුවද ඒ ගැන එතරම් වොරි විය යුතු නැත. මන්ද යත්, හොඳ බාසෙක් සිටී නම් කොම්පැණියෙන් ආවාටත් වඩා යසට අපට කන්ඩිෂන් කරගත හැකි වේ.

    3) නැහැ ඒක තමයි ඒ මිලට හොඳම වාහනේ. ඒකට ගහන්න වෙන එකක් නෑ.

    4) පැරණි අළුත් කියලා නෑ කොයිකත් විවාහ සහකාරියක් සොයා ගැනීමට සමාන කල හැකියි. හරියට මේන්ටේන් කරොත් කාලාන්තරයක් හොඳට දුවයි.

    5) උඹට කොහොමත් පිස්සු බව අපි මේ බ්ලොග් එක කියවන්න පටන් ගත් දින සිටම දන්නා බැවින් දැන් අපට ඒක මහ ලොකු දෙයක් නොවේ... :)

    ReplyDelete
  34. අවවාදයයි: ඉහත මෝල යනු ඇංජිම බව සලකන්න.

    ReplyDelete
  35. මාරතුමෝ, පරණ (සෙකන්ඩ් හෑන්ඩ්) වාහන එලවපු කෙනෙක් විදිහට අත්දැකීමෙන් පිළිතුරු දෙන්නේ. හරිය ??
    1. තිබේ. අලුත් එකක් ගත්තම තියෙන ගතිය පරණ එකක නැත. කොච්චර condition හොඳ උනත් ඒ feeling එක ඇත. Performance වල නම් ඒ හැටි වෙනසක් නැත.
    හැබැයි අලුත් ඒවා හරි ගණන්. එත් සතියක් පරණ second hand එකක් උනත් ගාන පුදුම විදිහට අඩු වෙනවා. (අනිත් ඒවා වගේම තමයි Hikz)
    2. ලියකියවිලි හරියට තිබේද, නිෂ්පාදිත වසර, ලියාපදිංචි කාලය සහ දුවල තියෙන දුර අනුව වාහනයේ පෙනුම සහ එන්ජිමේ තත්වය ගැලපේද, විශේෂයෙන්ම නැවත විකිණීමේ හැකියාව ඇද්ද යන වග.
    3. පිළිතුර ඉහත කොමෙන්ටු ගොඩක ඇත. &^%$%^$^%&*()(**&^%$ තමයි හොඳම එක. Hikz.
    4. අපෝ සමානකම් ගොඩයි. feeling එක, ලෙඩ දීමේ හැකියාව, ඒ වගේම පරණ අයිතිකාරයට එපා වෙන්නත් මොකක් හරි හේතුවක් නැතැයි ??
    ලොකුම අසමාන කම තමයි අපහු විකුණන එක. වාහන නම් තුන්වෙනි හතරවෙනි අයිතිකාරයෝ ගාවට යනවා සුටුස් ගාලා. නමුත් ගෑනු එකකින් මට්ටු වෙලා හින්ද දත ගහගෙන ඉන්නවා. ගැලවීම බොරු.
    5. මේ ගාන නම් කොමෙන්ටු ගොඩයි. නමුත් මටනම් සතුටුයි මර තුමා සෙකන්ඩ් හෑන්ඩ් හරි වාහනයක් (නැත්නම් මාර දුතිකාවක්) මාර භවනට ගේන එක ගාන.
    සුබ පැතුම් !!!! ජය වේවා !!!

    ReplyDelete
  36. මගේ පිළිතුරු
    1.බ්‍රෑන්ඩ්නිව් වාහනයක් ගන්නවා නම් හරියටම දැනගන්න ඕනා ඒක බ්‍රෑන්ඩ්නිව්මද කියලා,මොකද මීටර් කරකෝලා දෙන්න පුලුවන්.මොකක් ගත්තත් හොදට බලලා ගන්න ඕනා.
    2.බොඩිය ටින් බොඩියක්ද කියලා බලන්න ඕනා,සමහර ඒවා බට් කරපු වාහන වෙන්න පුලුවන් චැසිය බලලා ඒක කියන්න පුලුවන්.
    3.පිටින් අන්දලා කවුරු හරි නොදන්න එකෙක්ගේ ඇගේ ගහන එක තමා.ඒකයි ටින් බොඩියක් ගන්න කිවුවේ.එන්ජිමක් තියන්න පුලුවනි.
    4.යම් යම් සමාන්තා දක්නට ලැබේ.
    5.යම් යම් විට හැගේ.මොකද ලෝකේ සෑම කෙනෙක්ටම යම් යම් පිස්සු තිබේ.
    4.

    ReplyDelete
  37. 1.අලුත් වාහනයක යනක්විට හිතට දැනෙන ආතල් ගතිය පාවිච්චිකල වාහනයකින් කිසිදා ලැබිය නොහැක. නමුත් ඇන්ජිමේ ආරක්ෂාව හා කල්පැවැත්ම උදෙසා මුල කිලෝමීටර් පන්දහස සෙමින් ධාවනය කර සීසන් කරගැනීමට වීම එක අතකින් වධයකි, මන්ද පරණ වාහනේ කැමති විදියට ඇරිය හැකි බැවිනි.

    2.පෙර හිමිකරුවන්ගේ විස්තර, ඔවුන්ගේ අදහස් හා නඩත්තු ඉතිහාසය. සාමන්ය පාවිච්චියටනම් වාහනයේ "රිලායබිලිටිය" හා රේස් පැදීමටනම් "පිකප්" එක යන කරුනුද, "බොඩියෙ" සහ "ඇංජිමේ" තත්වයද, නඩත්තු වියදම යන කරුණු මූලිකව විමසා බැලිය යුතුමය.

    3.අඩුම තරමේ ගත්මුදලවත් පියැවෙන සේ වෙනකෙකුගේ ඇඟේ ගසා ගැලවීමට සිතේ.

    4.වාහනයක් මිලදී ගැනීමේත් සහකාරියක තෝරාගැනීමේත සමානත්වයක් දකිමි.

    5.නැත, ඔබ එනපොට මට තේරේ!

    ReplyDelete
  38. අයියට බඩු හරි වගේ... හික්....

    ReplyDelete
  39. ලමයින් සමඟ තියා සිංගල් වත් ගැනියෙක් ගන්න බුවාට බැ .. බුවා තාම ගෙදරින් යැපෙන්නේ , වාහනයකටත් ඒ ආනිශංසෙම තමා , මට තියෙන්නෙ පුට් සයිකල් කට්ටක් විතරයි :D

    ReplyDelete
  40. 1. ඔව්
    2. කොච්චර පාවිච්චි කරල තියෙනවද කියලා
    3. ආයෙ විකුනනවා
    4. ඔව්
    5. ඔව්

    ReplyDelete
  41. 1) වෙනසක් නැත්තෙ මොකෝ...
    2) මුල් අයිතිකාරය වාහනේ විකුණන්න යන සැබෑ හේතුව...
    3) ඇඬෙනව.. මං වගේ බූරුවෙක් කියල හිතිල...
    4) අනිවා...
    a. කලක් යනවිට මුලින් තිබුනු ගතිය නැතිවීම (අලුත්ද පරණද යන්න අදාල නොවේ)
    b. ටික ටික ලෙඩ දෙන්නට පටන් ගැනීම...
    c. මල වදයක් වීම...
    d. නඩත්තුවට විශාල ධන හානියක් සිදුවීම...

    වෙනස් කම් ද නැතුවා නොවේ. ඒවා නම්,
    a. වාහනයේ එන්ජිම අවශ්‍ය විට නතර කල හැක...
    b. ගෙදරම තිබුනද වාහනයක් ඇතැයි අමතක කර සිටිය හැක...
    c. වාහනයට තනිවම ඩ්‍රයිවර් මාරුකල නොහැක...
    d. අවශ්‍යනම් විකුණා මුදල් කරගත හැකිවීම...

    5) පිස්සු කෙසේ වෙතත් මොකක්ම හරි යටිකූට්ටු වැඩකට අර අදින බව සිතේ..

    ReplyDelete
  42. 4- second hand උනත් unregistered කම් නෑත.. :P

    ReplyDelete
  43. 1) අලුත් වාහනයක් ගත් විට දැනෙන උජාරුව පරන වහනයක නැත . කාලයක් යනතුරු ලෙඩ දෙන්නේද නැත . වෙන අයෙකුගේ ඇඟේ පැටවීමද පහසුය

    2)එම වාහනය භාවිතා කලේ කුමන වයසක පුද්ගලයෙක්ද යන්න

    3)ලෝකාන්තය නැරඹීමට ගොස් කන්දකින් පහලට අත හැරීමට සිතීම

    4)අනිවා කලක් භාවිත කිරීමෙන් පසු තවෙකෙකුට විකිනීමට සිතෙනු ඇත .එක්කෝ නිකම් දීමට සිතෙනු ඇත

    5)පිස්සු ලියානම් හිතෙන්නේ නෑ . මල බද්දය වැනි රෝගයක් ඇත්දැයි .....

    ReplyDelete
  44. මාරේ.ඇත්තටම මේ ගෑනු ප්‍රශ්නයක් නේද?.අඵත් එකක්ද? පාවිච්චි කල එකක්ද?..ඈස් අප්ප ලගින් ගියා...

    ReplyDelete