10 April 2011

ඊයේ ලිපියේ දෙවෙනි කොටස...වාහනයක් සහ ගැහැණියක් ගැණීමේදී අනුගමනය කළ යුතු කරුණු "කාර්මිකයකුගේ දැක්ම"

"කොල්ලන්ට අති විශේෂයි...කෙල්ලන්ට අති භයානකයි"

හරි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ..මම ඊයේ දැම්මානේ ප්‍රශ්න ටිකක් අහලා කරලා පුංචි ලිපියක්..මේ ඇවිල්ලා ආන්න ඒකේ දෙවෙනි කොටස..හරියටම කිව්වොත් ඒකේ ඔරිමජිනල් එක...මං මේක ලියන්න හදලා තමයි ඊයේ කෝකටත් කියලා අර ප්‍රශ්න ටික අහලා හිටියේ..මොකද එක පාරට දීලා ඇදලා ඉල්ලන් කන්න වෙයි කියලා හිතුන හින්දා..

ඉල්ලන් කන්නෙද..?ආයේ ඉතිං වෙන කාගෙන්වත් නෙවෙයි අපේ මේ මහිලා සමිතිවල ගරු සාමාජික සාමාජිකාවන්ගෙන් තමා..ම්හූ..මොනවා හරි වැරදි වචනයක් කියඋනාද මන්දා..නිකං එහෙම හිතෙනවා දැනටමත්...

හා හා කමක් නැහැ..අපි කතාවට යමු..

ඉතිං මම මුළින්මත් දැම්මනේ අද එක කෙල්ලන්ට ඒ හැටි හොඳ නැහැ කියලා..අනේ ඒ හින්දා ගෑණු ළමයි මේක බලන එකක් නැහැ කියලා මම හිතනවා..මොකද එයාලා ඔය එපා කියන නරක වැඩ කරන්නේ නැහැනේ මේ අපි වගේ..

ඒ හින්දා මට අද බැනුං අහන්න වෙන එකකුත් නැති වෙයි බාග වෙලාවට..මොකද බැළුවොත් විතරනේ බයින්නේ...

........................................
මම අද මේ කියන්න යන්නේ මගේ ජීවිත කාලෙදී මට හම්බ උන සුවිශේෂී පුද්ගලයෙක් ගැන හා ඒ පුද්ගලයා මට දුන්න ඒ වාගේම සුවිශේෂි උපදේසයක් ගැන තමයි..ටිකක් විතර විවාද සම්පන්න උනත්...ඒ මනුස්සයා කිව්ව දේ අහක දාන්නත් බැහැ කියලා හිතෙන අත්දැකීම් රාශියක් පස්සෙන් පහු කාලෙක ලැබුන හින්දා මම මේ ගැන ඔය හාමෝටමත් කියන්න තීරණය කලා...

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගනං...උපදේශයෙන් උපදේශය ආයේ එහෙම නොවී තියෙන්න හැටියක් නැහැනේ...ඉතිං අපි එහෙමයි..ඔන්න ගුරු මුට්ටි අර මුට්ටි මේ මුට්ටි නැතිව ගෙඩිය පිටින්ම දීලා දාන්නයි යන්නේ...

මුලින්ම මේ පුද්ගලයා ගැන කියනවනං මම මීට කලිනුත් උන්නැහේ ගැන කියලා තියෙනවා.. මගේ ගුරු කියන ලිපියෙන්..ඒ හින්දා උන්දෑ ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැහැ..පුද්ගලයා ගැන දැන ගන්න ඕනනං ඒ ලිපිය කියවලා බලන්නකෝ...

හරි මේ ඉතිං මට උන්දෑ දුන්න උපදේසයක් තමා...

"අයිසේ... දැන් ඔය හුගාක් අය කියනවා නේද..ගෑණියෙක් ගන්නකොට පිටත පෙනුම බලන්න එපා ඇතුලත බලලා ගන්න කියලා..."

"හ්ම් ඒක හරි නේද මහප්පේ..."

"කොහොමද හරි වෙන්නේ..?"

"නැහැ ඉතිං බැඳලා එකට ඉන්නකොට තමන්ට ගැලපෙන්නේ නැති කෙනෙක් උනොත් වසලා හමාරයිනේ...අනික පිට පෙනුම කාලයත් එක්ක නැති වෙලා යනවනේ..."

"ඕන්න කිව්වා..තමුසේ දන්න බම්බුව තමයි..ඕයි මං මේ කියන‍ දේ අහනවා.. ඊට පස්සේ තමුසේ කල්පනා කරලා බලලා පුවවන්නං ඔය උත්තරේම දෙනවකෝ..."

මහප්පා නිපල් යතුරෙන් බකල් අච්චුවේ හයි කරලා තිබුණු රිම් එකේ ස්පෝක් එකක් බුරුල් කරන ගමන් කියාගෙන යනවා මම පිල් කණ්ඩිය උඩ ඇල වෙලා බල බල හිටිය පත්තරේ දෙකට තුනට නවලා ලග තිබුනු පුටුව උඩට විසි කරලා අහගෙන ඉන්නවා...

"හරි මෙහෙම හිතනවකෝ තමුසේ යනවා වාහනයක් ගන්න තමුසෙලට අපිට ඉතිං අළුත් වාහනයක් ගන්න ඒ හැටි ලේසි නැහැනේ..ඒ හින්දා හිතනවකෝ රීකන්ඩිෂන් එකක් කියලා..කොහොමටත් ගෑණියෙක් ගන්නවා කියන්නේ පාවිච්චි කරපු වාහනයක් ගන්නවා වගේ තමයි..ඔය දෙකේම මොන මොන ලෙඩ තියෙයිද කියලා අපි හරියටම දන්නේ නැහැ..කොච්චර හොඳයි කියලා ගත්තත් පස්සේ තේරෙනවා මොනවා නමුත් අඩුවක් තියෙනවා කියලා.."

හිටිය තැනින් නැගිටලා මිදුල කෙළවර ගිහිල්ලා කෙල පාරක් එහෙම ගහලා ඇවිල්ලා ඔන්න ආයෙමත් වාඩි වෙලා උන්දෑ පටන් ගන්නවා කතාව...

"ඉතිං අපි වාහනයක් ගන්න ගියාම ඔකේ පොත් පත් ලයිසන් ඉන්ෂුවරන්ස් ගැන බලන්න එපැයි..නැත්තං හොරකං කරපුවා ලයිසන් කොරලා නැති ඒවා අහු වෙන්න පුළුහං..ඒකත් කසාදෙකදී වගේ තමයි.."

"ඒකිව්වේ..මට තේරුනේ නැහැ"

"ඇයි අයිසේ...තමුසේ දන්නවා නේද අර වරායේ වැඩ කරන *** ගේ මගුලට වෙච්ච දේ..ඌ ගිහින් දෑවැද්ද ගැන විතරක් බලලා ගෑනි ගෙනාවා ඒත් විස්තර හෙව්වේ නැහැ පස්සේ බැලින්නං කසාඳ බැඳලා දවස් දෙක තුනෙන් ගෙදර ආව ගෑනියෙක්ද කොහේද අටංපහුරක් හින්දා මගුල සතියෙන් ඉවරයි..ඒ කියන‍්නේ වාහනේ පොත්පත් බලලා නැහැ..දැක්ක ගමන් ගෙනාවා.."

"හරි හරි මට දැන්නේ මීටරේට ආවේ.."

"අන්න ඒකනේ..හරි දැන් අපි පොත් පත් බැළුවට පස්සේ ඒවා අවුලක් නැහැ කියමුකෝ..ඔන්න දැන් ඊ ලඟට අපි මොනවද බලන්න ඕන.."

"හ්ම් මොනවද ඉතිං වාහනේ එන්ජිම ගැන තමයි"

"හරි තව..?"

"වාහනේ බොඩිය..ටිංකරින් එහෙම තියේද කියලා බලන්න ඕන"

"හරි තමුසේ තාම පොඩි එකා..ඒ හින්දා ඔය හැම එකක්ම දන්නේ නැහැ..ඒත් ඔය දන්න හරියත් මදෑ කියමුකෝ..දැන් තමුසේ මේකට උත්තර දෙනවකෝ.."

"මොකකටද..?"

"වාහනේ පොත්පත් වලත් අවුලක් නැත්තං..ඊ ලගට වාහනේ බැළුවට පස්සේ තමුසේ බලන්නේ එන්ජිමනේ..?"

"ඔව්.."

"හරි මෙහෙම හිතනවා එන්ජිම තමුසෙට හොඳයි වගේ හිතෙනවනං ඊළගට.."

"ඊ ලගට බොඩි කන්ඩිෂන් එක තමා.."

"හරි හිතනවකෝ බොඩි කන්ඩිෂන් එකනං ටිකක් අප්සෙට් වගේ කියලා එතකොට"

"ඒත් ගන්න ගානේ හැටියට වටිනවනං..ගෙනල්ලා හරි ටිංකර් පාරක් දාගත්තට පාඩු නැහැනේ.."

"හරි දැන් අපි අනිත් පැත්තට යං.."

"ඒ කිව්වේ..?"

"ඒ කියන්නේ දැන් තමුසේ වාහනයක් ගන්න ගියහම තමුසෙට තේරෙනවා ඇංජිමනං ටිකක් සවුත්තුයි..ඒත් බොඩි කන්ඩිෂන් එක හොඳයි කියලා..එතකොට මොකද කරන්නේ..?"

"හ්ම්ම්..එහෙම උනොත්නං ඒක අරගන්න එක පාඩුයි නේද..?"

"ඔන්න ඔතන තමා තමුසෙලට අපිට වරදින තැන ඕයි..."

"ඇහ් ඒ කිව්වේ..?"

"මේක අහගන්නවා..මාත් මෙහෙම හිටියට මකබාස් කියලා තමුසේ දන්නවනේ..?මටත් ඔය ඕන එන්ජිමක තත්වේ ගැන සෑහෙන දුරට කියන්න පුළුවන් කමක් තියෙනවා..ඒ ඉතිං රවුමක් එළවලා ..ඇන්ජිම රේස් වෙන හැටි බලලා..සද්දේ අහගෙන ඉඳලා..ඔයිල් කූර ගලවලා බලලා..සයිලන්සරෙන් පිට වෙන දුම ගැන බලලා..ඔය වගේ හුගාක් ජාති කරලා...ඒ උනත් ඕයි ඔය කොහොම බැළුවත් මටත් වරදින වෙලාවල් ඕන තරං තියෙනවා..මං වගේම එකෙක්නං විකුණන එකත් ඌත් මේක හදනවා මට අහුනොවෙන ගානට ලස්සනට අන්දලා..උදාහරණයක් විදියට මං වාහනේ බලන්න යන්න කලින් ඌට පුළුවන් එයාර් ක්ලීනරේට පැස්ටෝල් ටිකක් නස්න කරලා තියන්න...හීටර් ප්ලග් ටික ටිකක් රත් කරලා තියන්න..බැටරිය චාජ් කරලා ගෙනල්ලා තියන්න...තවත් දන්නවනං ඔය ටැපට් ටයිමින් එහෙම උනත් ටිකක් විතර ඇඩ්වාන්ස් තියලා තියන්න පුළුවන්..තේරුණාද..?"

"ඔව් ඔව්..තේරුණා.."

"ඉතිං ඒහෙම වෙලාවක අපි උනත් අහුවෙන්න පුළුවන්..ඒ කියන්නේ කොහොම කලත් ඇන්ජිමක් ඇතුලට රිංගලා බලන්න අපිට බැහැනේ..ඇන්ජිමේ තත්වේ අපට තේරෙන්නේ ගෙනල්ලා ටික දවසක් යනකොට තමා..එතකොට ඉතිං පරක්කු වැඩි..."

"ඕව් ඕව් ඒකනං එහෙම තමා"

"ඒත් තමුසෙත් දන්නවනේ ඇන්ජිමක් බලනවට වඩා ටිකක් ලේසියි බොඩි කන්ඩිෂන් එක බලන්න..ටිංකරිං බලන්න..මොකද ඒකට රිංගන්න ඒන නැහැ...කාපට් ටික උස්සලා බැළුවහම බිම දිරුං තියෙනවද කියලා බැළුවහැකි..අපොස්ටින් පන්නලා ඇතුලේ දිරුං බැලියහැකි..මුළු බොඩියටම තට්ටු කරලා කැට්ලොයි වලින් පුරවලද කියලා බැළියහැකි..වීදුරු ෆ්‍රේම් ලග දාර වලින් පේන්ට් එකේ තත්වේ හෙව්වහැකි..පේන්ට් එකේ බුබුළු දාලද තියලා බැලියහැකි ඕනනං අයිතිකාරයට හොරෙන් හූරලා හරි බලන්න බැරියෑ ඕයි.."

"ඔව් කොහොමත් ඉතිං ටිංකරිං ගැන බලන්න එන්ජිම බලනවට වඩානං ලේසියි තමා"

"අන්න ඒක තමා ඕයි මම මේ තමුසෙට කියන්නේ..ගෑනියෙක් ගැනිල්ලත් ඔය වගේ තමා.."

"ඒ කිව්වේ..?"

"ඒ කිව්වේ ඕයි ඇන්ජිම වගේ තමා උන්දලගේ හිත..හැසිරීම..ඒ කියන්නේ ගුණවත්කම...බොඩි කන්ඩිෂන්නං ඉතිං තමුසෙට කියා දෙන්න ඕනද..ඔය කොයි වෙලෙත් රබර් ඇහැ දාගත්ත ගමන්මනේ තමුසෙලා මෙතනට වෙලා හිටියත් ඉන්නේ...පාරේ කෙල්ලක් යනවා දැක්ක ගමන් තමුසෙලා කරන්නෙම බොඩි කන්ඩිෂන් බලන එකනේ.."

"ඒ ගැනනං කුමන කතාද මහප්පේ.."

"ඒකනේ..හැබැයි තව එකක් පුතෝ..ඔය වාහනවල බොඩියේ අවුලක් තියෙනවද කියලා අපි බලන්නේ ඒ මොඩ්ල් එකේම තව වාහනයක් ගැන හිතලා බලලානේ..ආන්න ඒ වගේ කෙල්ලන්ගේ බොඩි කන්ඩිෂන් බලද්දිත් ඒකේ මව් ශාකාව ගැන බලන්න ඕන.."

"ඇහ්.."

"මොකෝ තේරෙන්නේ නැද්ද..ඒ කියන්නේ ඕයි..අද ඔය පතෝල වැටකොළු වගේ පාරේ ගියාට ඔය කෙල්ලෝ ටික දවසක් යනකොට කැකිරි පිපිඤ්ඤා නෙවෙයි අන්තිමට වට්ටක්කා වෙලා නවතින්නේ..පේනනේ නැද්ද අර ***** බැඳලා ඉන්න මනුස්සයව...පාරෙ යනවනං වාහන යන්න ඕන කානුවලින් බස්සගෙන.."

"හියැහ්.."

"ආන්න ඒ හින්දා ඔය ගෑණු ළමයෙක් ගන්න කලින් ඒ ළමයගේ මව් ශාකාව ගැනත් ටිකක් බලන්න ඕන..එහෙම නොවුනොත් අද තමුසෙලා ගන්න මුරුංගා කරල් හෙට වට්ටක්ක උනොත් තමුසෙලටම සංසාරේ එපා වෙයි...මං මේ කියන්න ගිය දේ හොඳට තේරුං ගන්නවා..

වාහනයක ඇන්ජිම කොහොම බැළුවත් තේරුං ගන්න බැහැ හරියට ගෑනුන්ගේ හිත් වගේම තමයි..මුලින් පෙන්නන හැඩ ටික දවසකින් නැති වෙලා යනවා..මුලින්නං හරි හොඳයි වගේ තමා පේන්නේ..ඒත් ටික දවසක් යනකොට අර මගුල කරගන්නකං හංගගෙන හිටිය ඔක්කෝම දුර්ගුන මතුවෙන්න පටන් ගන්නවා...මුලදි කියයි මොන දේ නැතත් ආදරේනේ වටින්නේ කියලා..ඒත් ටික දවසකින් කියයි ආදරේ කන්නද ඕයි..ගිහිං මොනවා කරලා හරි සල්ලි හොයං එනවා..මට බැහැ අල්ලපු ගෙදර ගෑනිට පීචං වෙන්න කියලා..

අර යාළුවෙලා හිටි කාලේ තිබුන සුන්දර හිනාවල් සුන්දර කතාවල් අහන්න දකින්නනං ඉතිං මොනවා හරි ගිහින් දෙන්නම වෙනවා ඒ ඇර ම්හූ..ඔය හොඳා ඔයිට වඩා බොහෝම වෙනස්වීම් දකින්න පුළුවන්..

හැබැයි ඉතිං බොඩි කන්ඩිෂන් හොඳනං ඒක ටික කාලයක් හරි පවතිනවා වාහනේ හැප්පුනේ නැතොත්..ඒ වගේ අඩුම ගානේ පාරේ ගෙනියන්න පුළුවන් තරමේ එකක්වත් උනොත් අඩු ගානේ තමුසෙලාට පාරේ යන එන අනිත් මිනිස්සුන්ගේ ගෑනු දිහා බල බල හූල්ලන්නේ නැතිවවත් ඉන්න ඇහකි වෙයි...අනික ඔයි..බලනවා..අපි තමුසෙලා ගමනක් යන්න පාරට බැස්සත් ඉස්සරහට හම්බවෙන එකා ගැන බලලා තීරනය කරනවා ගමන කොහොම වෙයිද කියලා..හොඳ එකෙක් දැක්කොත් සුභයි..නරක එකෙක් දැක්කොත් අසුභයි කියලා...

ඉතිං හිතනවකෝ මොන දේ නැති උනත් හැමදාම උදේට ඇස් ගෙඩි දෙක ඇරියහම ඇස්වලට අගල් ගානක් දුරින් දකින රූපේ ටිකක් පිළිවෙලක එකක් උනොත් හිතටත් හයියක්නේ ඕයි..නැද්ද මං අහන්නේ..නැත්තං දවසම නිකං මස්ත බාල්දු වෙලා වගේ තමයි ඉන්න වෙන්නේ..තමුසෙට මං කියන ඒවා තේරෙනවාද..?

"හපොයි නොතේරී මොකද..සෑහෙන්න බොන්න ඕන පුරස්නයක්නේ.."

"අන්න ඒ හින්දා මතක තියා ගන්නවා ඇන්ජිමට වඩා බොඩි කන්ඩිෂන් බලලා වාහනයක් ගේන්න..ඇන්ජිම අප්සෙට් උනත් බොඩිය ගැන බලලා හරි සතුටු උනෑකි..ඒත් ඇන්ජිම ගැන විතරක් බලලා බොඩිය සවුත්තු එකක් ගෙනාවොත් පස්සේ ඇන්ජිමත් ලෙඩ දෙන්න ගත්තොත් තමුසෙට ඇන්ජිමත් නැහැ..බොඩියත් නැහැ..හුළං තමයි..එත‍කොට පුළුවන් අර පාරේ යන වෙන වාහන දිහා බල බල හූල්ල හූල්ල ඉන්න"

"හප්පච්චියේ.."

"තව ඉතිං ඔය වාහනයි ගෑණුයි අස්සේ සමානකං බොහොමයක් තියේ..මං පස්සේ කියන්නං..ඒත් එකක් මතක තියාගන්නවා...
වාහනයක් ලෙඩ දුන්නොත් අතේ පාඩුවට හරි වෙන එකෙකුට දීලා දැම්මහැකි..ඒත් ගෑණි ලෙඩ දෙනකොට අපිටම පාඩු කර කර ඉන්නවා මිස..දෙනුනං බොරු...පෙන්නේ නැද්ද ඔය අපේ..."

.................................

එතනින් එහා කතාව ඕන නැහැ..තව ඉතිං ඔය උපදෙස් මාලාවේ තිබුනු අභ්‍යාස වචන එහෙම හුගාක් අඩුයි...ඔන්න මගේ ගුරුතුමා මට කියා දුන්න තවත් එක වැදගත් පාඩමක සාරාංශය...

තව මේකේ ලියන්න දේවල් බොහෝම තියෙනවා උනත් දැන් මං යන්න ඕන බස් එකක වැඩට..ඒ හින්දා සෙස්ස පස්සට කිව්වළු...

75 comments:

  1. ඇන්ජිමට වඩා බොඩි කන්ඩිෂන් බලලා වාහනයක් ගේන්න..ඇන්ජිම අප්සෙට් උනත් බොඩිය ගැන බලලා හරි සතුටු උනෑකි..ඒත් ඇන්ජිම ගැන විතරක් බලලා බොඩිය සවුත්තු එකක් ගෙනාවොත් පස්සේ ඇන්ජිමත් ලෙඩ දෙන්න ගත්තොත් තමුසෙට ඇන්ජිමත් නැහැ..බොඩියත් නැහැ..


    අම්මප සහතික ඇත්ත මාරයෝ... ඕක මටත් තේරුණේ මේ ළඟකදී මගේ යාලුවෙක් එකක් කතා කරද්දී. අපි මේ ඇත්තට මූන දෙන්න එපැයි. :)

    ReplyDelete
  2. අඩේ මම නම් ගත්තෙ බ්‍රැන්ඩ් නිව්...එංජිම් හොදයි බොඩි හොඳයි...දැන් හප්පගෙන තලා ගන්නෙ නැතුව වෙලාවට තෙල් ටික මාරු කරල සර්විස් කරල පරිස්සමට දුවන එකයි කරන්නෙ..ඒත් සර්විස් දාල උස්සල තෙල් ටික මාරු කරන්න 5000km යනකං බලා ඉන්න වෙන එක තමයි දුක

    ReplyDelete
  3. මොනව උනත් ගුරුන්නාන්සෙව ආදරුසෙට ගන්න එක කාට කා‍ටත් හොදා. :D

    ReplyDelete
  4. මොකාට එන්න හදනවද මන්දා....

    ReplyDelete
  5. ඕං බලහං කවුද කියන්නෙ කෙල්ලො කියන දේ අහන්නෙ නැ කියල..ඔය යස අගේට මාරය කියන දේ අහල තියෙන්නෙ..
    වෙනදට මාරයට පොර කාල කමෙන්ට් දාන එක කෙල්ලෙක් නැ නෙ
    හොඳ ලමයි අප්පා...

    ReplyDelete
  6. ඉතිං ඊට පස්සෙ මාර තෙමේ ඔය උපදෙස් අනුගමනය කළාලු.

    ReplyDelete
  7. මේකත් මාරයියගේ යටිකූට්ටු වැඩක් දැයි මට නිකමට සිතේ (විහිලුවට)

    ReplyDelete
  8. අදහන්න වටින උපදෙස් ටිකක්....

    ReplyDelete
  9. පට්ට උපදේසේ.. තැන්ක්යූ කිවුව

    ReplyDelete
  10. මාරයිය තමයි දවසකටවත් මනුස්සය..ප්‍රශ්ණ 4 ටම උත්තර දැනගෙන ඉඳල අපෙන්ම ඇහුවනේ...

    කොහොම උනත් පට්ට සිරා උපදේශාත්මක ලිපියක් මේක ආ........ හෙටම ඔය වැඩේ කොරල බලන්ට ඕනෙ.. ලොල්...

    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  11. "අන්න ඒ හින්දා මතක තියා ගන්නවා ඇන්ජිමට වඩා බොඩි කන්ඩිෂන් බලලා වාහනයක් ගේන්න..ඇන්ජිම අප්සෙට් උනත් බොඩිය ගැන බලලා හරි සතුටු උනෑකි..ඒත් ඇන්ජිම ගැන විතරක් බලලා බොඩිය සවුත්තු එකක් ගෙනාවොත් පස්සේ ඇන්ජිමත් ලෙඩ දෙන්න ගත්තොත් තමුසෙට ඇන්ජිමත් නැහැ..බොඩියත් නැහැ..හුළං තමයි..එත‍කොට පුළුවන් අර පාරේ යන වෙන වාහන දිහා බල බල හූල්ල හූල්ල ඉන්න"

    මාත් ආසම ඒ ටිකට. එලම කතාව.

    ඒත් මාරයියේ එන්ජිමත් හොඳ නම් නේද වටින්නෙ? හොයා ගන්න නම් අමරුයි තමයි. ඒත් ඉතින් හොඳ එක්ක හොයා ගත්තොත් ගොඩම තමයි.

    පෝස්ට් එක නම් පට්ටයි, කියල වැඩක් නෑ.

    ReplyDelete
  12. පට්ට...පට්ට..මහප්ප ජනාධිපති උපදේශක කෙනෙක් කරන්න වටිනව

    ReplyDelete
  13. අඩේ පට්ට පොස්ට් ඒක, මගේ වාහනේනම් එන්ජිමයි බොඩියයි දෙකම හොඳයි හිකිස්‌, ඒක හින්ද එල! ලොල්

    ReplyDelete
  14. නියම කතාව මාරයෝ...උපදෙස් පිලිපදින්න මම තාම පරක්කු නොවීම් ගැන තමා ගොඩක් සතුටු.

    ReplyDelete
  15. " අද තමුසෙලා ගන්න මුරුංගා කරල් හෙට වට්ටක්ක උනොත් "

    සිරාම කතාව මාරයියේ

    ඇත්තම මේ ටික අපි වගේ බාල පරපුරට සෑහෙන්න වැදගත් වෙයි :D

    ReplyDelete
  16. මචං මාර අයියා., උඹ නම් මාර පුතෙක්. උඹ තෑග්ගෙන් තෑග්ග උතුම් කියලා දුන්නට අතින් පයින් යනව යෑ. හැබැයි එහෙමත් එකෙක් තමා අතින් පයින් නොයන දෙයක්වත් අනිකාගේ යහපත වෙනුවෙන් කරන්නේ..
    මචං, බාස් ​උනත් ජීවිතේ ගැන සරල අවබෝධය ගැන හිතුවම පුදුම හිතෙනවා.
    ඇතුල හොඳ ඒව හොයන්න ගිහින් අන්තිමට ඇතුලත පිට දෙකම නෑ වර්ගයට අයත් වෙන්න වෙන බව ඊයේ පෙරේදා ගුරුතුමියක් බලන්න ගිය වෙලාවෙත් මට කිව්වා නෙව. දැන් මාරයත් නැවත ඒකම කියනවා.​
    හ්ම් හරි.
    මේක මගේ අදහස. දැන් බලපං බුද්ධ දර්ශනේ. භාර්ය්‍යාවන් ගැන කියල තියෙනවා නේද ? රේරුකානේ හාමුදුරුවන්නේ පොතක මම දැක්කා සඛීසම, චෞරසම, භගිනිසම වගෙ භාර්ය්‍යාවන් ගැන විග්‍රහයක්. නමුත් අන්තිමට බැලුවම පිරිමින් ගැන එහෙම දෙයක් ලියලා නෑ.. මේක මට මාර ගැටලුවක් උනා. තවත් තැනක තිබුනා මේ කාමයේ වරදවා හැසිරීමෙදි ගැහැනියට විතරක් තහංචි වැ​ටෙන විදියකුත්.
    (විස්තර කරන්නේ නැත්තේ දිග වැඩි වෙන නිසයි. මාරයා මේව දන්නව ඇති නේ...)
    මේක පිරිමින්ට විතරක් අදාල ​නොවන්න විදියක් නෑ කියලා මං හිතනවා. කාන්තාවකට තමන්ගේ පැත්​තෙන් හොඳ කෙනෙක් වෙන්න කියනවා වගේම පිරිමියකුටත් එහෙම කිවයුතුයි කියලා මං හිතනවා.

    රට ​වටේම නටන ගෑනු ළමයි හොඳම අහින්සකම කොල්ලන්ව දැලේ දාගන්න දන්නවා. උනුත් අහුවෙන්වා. අත් දැකීම් නැතිනිසා. ඕකම අනික් පැත්තටත් වෙනවා. දෙපැත්තටම සාධාරණ ධර්මයකුත් දේශනා කරපං. මේක අපෙ(කොල්ලන්ගේ ) ඇඟබේරාගන්ඩ පමණක්නේ..

    ප.ලි.
    ඔය නවලිය,සිරිකත වගේ පත්තරවල හොන්ඩර ගනන් කාන්තාවන්ට මේ ගැන උපදෙස් දෙනව කියල මතක් උනෙ දැනුයි. ඒ අතින් මාරයා කොල්ලන් වෙනුවන් තනි ගේමක් දීම ගැන සතුටුයි. කෙල්ලෝත් ඔය තමන්ට හොඳ හොඳ අය අල්ලා ගැනීම දෙවනියට හිතාගෙන පලවෙනියට තමන්ට ලැබෙන කාට උනත් යහපත් දෙයක් දෙන්න හිතාගත්තොත් හොඳයි..
    ඕඕඕඕං කිව්වා.

    ReplyDelete
  17. "අද තමුසෙලා ගන්න මුරුංගා කරල් හෙට වට්ටක්ක උනොත් තමුසෙලටම සංසාරේ එපා වෙයි."

    ඒකනම් මැක්ස.මටත් ඔහොම එකකට හිත ගිහිල්ල අක්ක කෙනෙක් සේප් කොරල දැම්ම."මොකෝ මල්ලි හාල්මැස්ස වගේ ඉන්න උඹ කියල කොහොමද ආම්බාං කරන්නේ?" කියලා.

    හෙට අනිද්දම පිරිමි අපට උයාගෙන කන්න වෙන තැනට පත්වෙනව වැරදිලා හරි ස්ත්‍රී පාර්සවෙන් මේක දැක්කොත්.හිකිz.

    ඔයිල් මාරු කරන්නේ කොහොමද කියලා අයියේ පොඩ්ඩක් පුලුවන්නම් කියන්නකෝ.නොදන්න දේනේ අහන්නේ?
    :)

    ReplyDelete
  18. ආපහු බොන්න ඕන ප්‍රශ්ණයක්. ඇත්ත නේන්නම්

    ReplyDelete
  19. මව් ශාඛාව ගැන බලන එක වැදගත් වෙන්නෙ නෑ නේද?මම කිව්වෙ ගතිගුණ වැදගත්කම නෙවෙයි රූපේ.

    ReplyDelete
  20. "ඇන්ජිමට වඩා බොඩි කන්ඩිෂන් බලලා වාහනයක් ගේන්න..ඇන්ජිම අප්සෙට් උනත් බොඩිය ගැන බලලා හරි සතුටු උනෑකි..ඒත් ඇන්ජිම ගැන විතරක් බලලා බොඩිය සවුත්තු එකක් ගෙනාවොත් පස්සේ ඇන්ජිමත් ලෙඩ දෙන්න ගත්තොත් තමුසෙට ඇන්ජිමත් නැහැ..බොඩියත් නැහැ..හුළං තමයි.."

    සිරාම කෑල්ල

    ReplyDelete
  21. මම කිවුවා හරි බොඩිය තමා බලන්න ඕනා එන්ජිමට වඩා,,,අර කතාවම තමා මෙතන,මම අහලා තියනවා, ගම් වල ඌරු පැටව් ගන්න මිනිස්සු ආවහම එකටම බලන්නේ ඌරු පැටව් නෙමේලු,,එකටම බලන්නේ මහා ඊරිවලු.ඒකත් හරි නේ මාරයියේ.

    ReplyDelete
  22. කෙල්ලෙක් හොයාගන්න දවසක මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ........ මසුරං වටින කතාව! :D

    ReplyDelete
  23. පට්ටම පට්ට උපදෙස් මාලාව මාර තුමෝ, අපි නම් දැන් ඔය උපදෙස් ගන්න කලේ පැනල. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක් අවුරුදු 10 ක් තිස්සේ එලවනවා. දෙයියන්ගේ පිහිටයි තාම ලෙඩ දෙන්න ගත්තේ නැහැ (බොඩිය වත් එන්ජිම වත්)
    මාර තුමාගේ බ්ලොගය කියවන පොඩි කොලු කුරුට්ටන්ට නම් මේක මහා වටිනා ආදුරුස කතාවක්. බොලා හොඳට හිතට ගනිල්ලා ඕන් කිව්වා.
    උපදෙස් මාලාවේ වැදගත් ම පොයින්ට්ස් දෙකක් තියෙනවා.
    1. බොඩි කොන්ඩිෂන් එකට priority දෙන එක,
    2. මවු යානය දිහා බලන එක,
    දෙවෙනි උපදේසේ මම මීට කලින් අහල තිබුනේ නැහැ. නමුත් සම්පුර්ණයෙන් එකඟයි. විශේෂයෙන් බැරල් ටයිප් වීමේ හැකියාව, diabetes asthma වගේ ලෙඩ තිබීමේ හැකියාව, මවු යානය දිහා බලල සැහෙන දුරට judge කරන්න පුළුවන්.
    බ්ලොගය බලන පොඩි බට්ටෝ වෙනුවෙන් මගේ ස්තුතිය මාර තුමාට.

    ReplyDelete
  24. මරු මාරයියෙ... එලකිරි වගේ... ඔය මව් ශාකය බලන්න කියන එකනම් මමත් අහල තියෙනව... හොඳ බොඩිකන්ඩිෂන් තියෙන එකක් ගන්න හොඳට පැට්‍රල් පුච්චන්න වෙන එකනෙ කරුමෙ....

    ReplyDelete
  25. "ආයේ ඉතිං වෙන කාගෙන්වත් නෙවෙයි අපේ මේ මහිලා සමිතිවල ගරු සාමාජික සාමාජිකාවන්ගෙන් තමා.."
    බොල මාරයෝ... මහිලා සමිති වල සාමාජිකයෝ කොහෙද බං ඉන්නේ... බොටත් අමු කැවිලද....?

    ReplyDelete
  26. මේකනම් අදහන්න වටින කතාවක් මාරයෝ...

    ReplyDelete
  27. බොඩිය බලලා ගෙනාපු එකේ එන්ජිම ගලවලා බලන කොට අම්බානට බෝර් වෙලා ඕයි... :p

    ReplyDelete
  28. අඩේ මේක මාර සීන් එක නේ, වෙනදට පැනගෙන කොමෙන්ට්ස් දාන අපේ වනිතාවෝ ටික මේ දවස වල පෙනෙන්න වත් නැහැ. වන්දනා ගමනක් වත් ගිහින් ද ?? ලොල්....

    ReplyDelete
  29. @ mali_89, එතන නම් පොඩි පරහක් තියෙනවා ලොක්කා, බොඩි එක හොඳට බැලුව නම් එන්ජිම බෝර් කියල තේරෙන්න ඕනේ. මොකෝ අම්බානට දුවපු වාහනයක බොඩි කන්ඩිෂන් හොඳ වෙන්න බැහැ නේ... :P

    ReplyDelete
  30. වාහනයක් ගන්න එකනම් අමාරුනම් නැහැ මාරයෝ... ඒත් ඉතින් ලෙඩ නැති වාහන කොහෙන් හොයන්නද? ඒත් ඉතින් නැතුවත් බැහැ නේ.....

    ReplyDelete
  31. උබේ කටේ එන්ජින් ඔයිල් ටිකක් දාන්න ඕනේ මේ කියපු කතාවලට... අම්මපා සම්පුර්න ඇත්ත.

    ReplyDelete
  32. @..ChAnDiKa....

    ආයෙත් අහලා මලයා...බලන්න වටපිට උදාහරණ එමට ඇත...

    ReplyDelete
  33. @Thusitha Jayasinghe...

    තැන්කූ දිමා...

    ReplyDelete
  34. @පැන්ඩා...

    මල්ලිට දැන්ම මුකුත් කියන්න බැහැ..ඔයා සර්විස් විස්සක් තිහක් ගියාට පස්සේ මාව අමතන්නකෝ...

    ReplyDelete
  35. @ශාමින්ද...

    නැතිව ඉතිං..එකෙන්ම

    ReplyDelete
  36. @හරී - පිණිපළස...

    අනේ මංදා අක්කාට මං හැරුනත් සැකයි..හික් හික්

    ReplyDelete
  37. @පැන්ඩා...

    ඔව්මයි..ඇත්තටම හොඳ කීකරු ළමයි ටික...

    ReplyDelete
  38. @Praසන්ன...

    හොඳ ගෝලයකුගේ ලක්ෂණ විදහාපාමින්...

    ReplyDelete
  39. @සිරකරුවා...

    ඕකනේ මොනවත්ම වැදගත් දෙයක් කියා දෙන්න බැරි..සැකය..සැකය..හැම වෙලේම සැකය..චැහ්...

    ReplyDelete
  40. @arunaweerasinghe...

    හිතට ගත්තා වගේ...

    ReplyDelete
  41. @අළුත් කොල්ලා...

    ඉතිං මල්ලි..ඒකනේ මම ලිපියට අදාලව ප්‍රශ්න අහනවා කියලා කිව්වේ..කොහේද මේ අපේ කට්ටිය මං මොනවා හරි පොටකට එනවා කියලා හිතුවානේ...

    ReplyDelete
  42. @Kasun...

    ැන් මල්ලි මේකේ ආදර්ශේ තමා මොනවා නැතත් බොඩිය බලලා ගිනින් කියන දේ..බැරි වෙලා හරි හිතුවට නඩා ඇන්ජිමත් හොඳට තිබුනොත්..ආන්න එතකොට ඒක ගත්ත කෙනාගේ වාසනාව..එහෙම නැති උනොත් අඩු ගානේ බොඩියවත් තියෙනවා..ඒත් එන්ජිම විතරක් බලලා අරගෙන ඒකත් ලෙඩ ගොඩක් උනොත් එන්ජිමත් නැහැ..බොඩියත් නැහැ කියන එකනේ...

    ReplyDelete
  43. @Haru...

    ඒකටනං හොඳ වැඩිද මංදා..?

    ReplyDelete
  44. @dishanrajapaksha...

    වාසනාවන්ත ගැණුම්කරුවෙක්...

    ReplyDelete
  45. @කුරුම්නියා...

    එහෙනං හොයලා බලලා කටයුතු කොරන්ට ඕන...

    ReplyDelete
  46. @DarKneT | ඉෂාර...

    ආන්න ඒකනේ අපි මේ කැපවීමෙන් මේවා පොඩි ළමයින්ට කියා දෙන්නේ..හික්

    ReplyDelete
  47. @Amila...

    මල්ලි තනිකරම පෝස්ට් එකක්ම දාලානේ..
    ඇත්තටම මම කිව්ව දේටත් වඩා දෙයක් මල්ලි අන්තිම ඡේදයේ කියලා තියෙනවා...

    ඇත්ත තිත්ත උනත් මල්ලි..මල්ලිට හොඳ දැක්මක් තියෙනවා...

    ReplyDelete
  48. @කුරුං ගුරුං...

    ආ ඉඳින්කෝ මල්ලි..මෙහෙම යනකොට ඒ ගැනත් පාඩං ලියවෙයි...

    ReplyDelete
  49. @රොබින්...

    අනිවා..තව පාරක් බීලාම කල්පනා කරහං..ප්‍රඥාව පහල වෙයි...

    ReplyDelete
  50. @JHOTHISHALANKA...

    වැදගත්..බොහෝම වැදගත්...හැබැයි ඒ හරහා එන්ජිම ගැනත් දළ අදහසක් ගන්න පුළුවන්..ඊට අමතරව පිය පාර්ශවයට සමීප ලක්ෂණ බොඩියෙන් ප්‍රදර්ශනය කරනවා අඩුයි ඉදලා හිටලා හැර...
    වාහනේ මුහුනේ පෙනුමටත් වඩා බොඩිය පළල් වීම එහෙම මව් ශාකාවට අනුව කෙරෙනවා බොහෝම දුරට

    ReplyDelete
  51. @ItalyDilan...

    නැතිව මල්ලි..හරියටම හරි...

    ReplyDelete
  52. @පූසා...

    ආ එහෙනං මල්ලි ගන්න බලන්න මසුරං...

    ReplyDelete
  53. @සාතන්...

    ඒකනං එහෙම තමයි බං...

    ReplyDelete
  54. @Jeew...

    ඇයි බං ඒත් එක්කම කිව්ව ටිකත් අදාල කොරලා බලහංකෝ

    ReplyDelete
  55. @නිශාචරයා Nishacharaya...

    ආයෙත් අහලා...

    ReplyDelete
  56. @mali_89...

    එන්ජිම විතරක් බලලා ගෙනල්ලත් ඔහොම උනානං කොහොමට හිටීද..? ඒත් බොඩිය බැළුවහමවත් තේරුනේ නැද්ද..වාහනේ ඔංචිලි පැදලා කියලා

    ReplyDelete
  57. @$මරුමූස්$...

    මගේ නංගිලා එහෙම තමා..අයියා කිව්වොත් එපා කියලා..එපාම තමා...

    ReplyDelete
  58. @anuradha...

    ඇන්ජිම ලෙඩ දුන්නත් අඩුම ගානේ බොඩියවත්...

    ReplyDelete
  59. @Grey...

    ආන්න ආන්න..ඒ ඔයිල් ටික තියා ගන්නවා හොඳයි වාහනයක් ගෙනාව දවසට ඇන්ජිමටම දාන්න...

    ReplyDelete
  60. ඇත්ත ඇත්ත ඔතනදි වැදගත්ම සාදකය තමා බොඩි කොන්ඩිසන් එක. එන්ජින් නම් ඔය කොයි වාහනෙත් එකයි මොන වෙලාවෙ ලෙඩ දෙයිද කියලා දෙයියො තමා දන්නෙ

    ReplyDelete
  61. පට්ට මාරයියා..
    "බවලත් උදවිය පිලිබඳ මහප්පාගේ න්‍යාය"

    ReplyDelete
  62. මෙකේ ගෑනු ළමයි කමෙන්ට් කරලා නැනේ ? :D :D
    හික් හික්

    ReplyDelete
  63. අම්මප සහතික ඇත්ත, ආයෙ ඉතිං ඔය ගැන කියනවනං........ ඒත් එක්කො ඒ හරිය ඕනෙ නෑ. අයිත් මොකටද ඕව කියල ගෙදර තියෙන වාහනේ එන්ජිම නිකං නරක් කරගන්නෙ.

    ReplyDelete
  64. දැන්නෙ තේරුනෙ කලින් කොමෙන්ටුව උස්සල තිබ්බෙ ඇයි කියල... මොනව උනත් එල පොස්ට් එක අයියා.....
    සහතික ඇත්ත..... ( බලගෙන ගියාම මමත් යමක් කමක් දන්නව නේද හිහි )

    ReplyDelete
  65. @නිශ්...

    දෙයියොවත් දනීද මංදා බං...

    ReplyDelete
  66. @kANI...

    හ්ම්ම්...ඒකත් ගැලපෙන නං පොජ්ජ නේද..?

    ReplyDelete
  67. @Bunny...

    කමෙන්ට් නෙවෙයි අන්න කඩු පොළු අරං සූදානං වෙනවළු...

    ReplyDelete
  68. @nawammawatha...

    එකපාරකුත් හැක් කොල එකේ ආයේ උඹ මේවට මුකුත් කියන්න යන්න එපා...

    ReplyDelete
  69. @Buddiක...

    ඒකනේ මම ඒ වෙලාවෙම ඒක හයිලයිට් කොලේ...උඹ හපනා...

    ReplyDelete
  70. හම්මෝ......

    පොඩි පුරස්නයක් තියනව මාරයියා...

    ෆුල් ඔප්ෂන් තියන බොඩිය ටින් ටින් වාහන පාරවල් අයින් වල නතර කරන්න හරි අමරුයි නේ..

    එක්කො හොරෙන් ඇවිත් තට්ටු දානව... නැත්තම් ගාන කීයද අහනව විකුණන....

    ඒත් ඉතින් හැමෝම කැමති බොඩි හොද වාහන වලටම තමා....

    ඇත්තටම ඇන්ජිම ගෙවිලනම් වාහනේ ගෙදර පාර්ක් කොරල අරන් යන්න රෙන්ට කාර් දැන් රට හැම තැන....

    ReplyDelete
  71. @Kasun Tharanga...

    ඔව් මල්ලි පොඩි පුරස්නයක් නෙවෙයි ඕක ලොකු පුරස්නයක්..
    මේකනේ වැඩේ ටින් ටින් වාහනවලට ඕනම කෙනෙක්ගේ හිත ඇදිලා යනවනේ..
    සමහරු එය කොයි තරං කිව්වත් අපිනං කැමති ඇන්ජිම හොඳ ඒවට විතරයි පිටත පෙනුම එහෙමත් නැත්තං බොඩි කනිඩිෂන් එකෙන් වාහනයක් මනින්න බැහැ කියලා එහෙම කියන උන්දලත් නිතරම බලන්නේ හොඳ පෙනුමක් ඇති වාහනයක රවුමක් යන්නම තමයි..සමහර වෙලාවට ඒ අරන් යන්නමත් නෙවේ..ආසාවට පැදලා බලන්න..ඒත් ඉතිං එහෙමයි කියලා හැම එකාටම පදින්න දෙන්න පුළුවන්යෑ අපේ වාහන නේද..?

    ඒ හින්දා හැකි විදියකට තමන්ගේ වාහනේ පරිස්සං කරගන්න තමන් දැනගන්න ඕන...ඒ වගේම වාහනේ නඩත්තුව හොඳට කෙරෙනවනං..ඒ කිව්වේ ඔය හොදට හෝදලා කරලා ඔයිල් මාරු කරලා සර්විස් එක දෙන ගමන්ම වාහනේ පාර්ක් කරන තැන්වල හොර හතුරෝ ගැවසෙනවද කියලා විමසිල්ලෙන් ඉන්නවනං..වාහනේ පරිස්සං කර ගන්ටත් ඇහැකි...

    අර අන්තිමට කිව්ව දේනං ඇත්ත තමා මල්ලි..ඒත් ඉතිං ගෙදර හොඳ වාහනයක් තියෙනවනං රෙන්ට් එකට කාර් මොකටද..?
    අනික ඔය රෙන්ට් එකට ගන්න කාර්වල ඒක එක ඇන්ජින් ට්‍රබල්...ඇයි ඒ විතරක්ද වියදම..පුදුම සැරක්නේ...අනික ගෙදර වාහනයක් වියදම් දරාගන්නෙත් අමාරුවෙන්නං තව කොහේ තියන සල්ලියක්ද කාර් රෙන්ට් එකට ගන්න නේද..? හෙහ් හෙහ්...

    ReplyDelete