12 April 2011

ආදරේ කොතරම් උනත් නුබේ ඇසුරක් යළි නොවේවා..!

ආදරණිය සමරු අතරේ..
ඔබේ සිහිලැල් මතක ඇසුරේ..
රැඳී උන් ඒ සුවැති යාමය..
අදත් ඉඳ හිට සිතට යාවේ..

බිඳුනු මුත් මොහොතකදි වෙන් වී..
යළිත් සැනෙකින් දෙසිත් එක්වේ..
තනිව හිඳිනා මේ වෙලාවේ..
ඔබ නොමැති බව දැනුනි රහසේ..

කිසිදු ලෙස මතු දිනකදී හෝ..
නැවත අප යළි හමු නොවේවා..
රිදුම් දෙන හදවත මියැදුනත්..
නුඹේ ඇසුරක් යළි නොවේවා..



14 comments:

  1. මොකද්ද මේ උනේ ..................

    ReplyDelete
  2. ලස්සන කවියක් මාරේ අයියා.... අවංකවමද ඔය අන්තිම පදේ කිවේ???

    ReplyDelete
  3. නිමිති දෙකක් ඔලුවට ආව එකක් නම් ඕනම නැහැ බන්.

    අනික ඉතින් ඔය පොඩ්ඩක් ඇසුරු කලාට කමක් නෑ

    ReplyDelete
  4. @අකීකරු හිත...

    හිතට පුළුවන් උපරිම අවංකවම තමා නංගි...

    ReplyDelete
  5. @නිශ්...

    හරියටම හරි නිශ්...මං හිතුව දේත් ඒකමයි..දෙකටම අඳාලයි නේද..?
    මං හිතුවේ කාටවත් ඒක නිකමටවත් හිතෙන එකක් නැහැ කියලා...
    ඕක තරාදියේ දෙපැත්ත වගේ..ඒත් තරාදියට වඩා හාත් පසින්ම වෙනස් කරන්නයි ඕන...

    ReplyDelete
  6. මේ තරමටම මාර හිත රිදවූයේ කවුරුදෝ?

    ReplyDelete
  7. මට තේරෙන්නේ නෑ බං මොකද්ද විපත කියලා. උදව්වක් ඕන උනොත් කියාං.

    ReplyDelete
  8. අනේ ද කියන්නෙ...

    ReplyDelete
  9. මාරය අයි‍යට මොන විපත්තියක් වෙලාද?...

    සාතන්ට නම් මේකෙන් කෙල්ලෙකුයි බෝතලේකුයි 2ක් පේනවනෙ... (බෝතලේ පේන්නෙ වැස්ස හින්දද දන්නෙ නෑ..)

    ReplyDelete
  10. "සොවින් පිරී මගේ හදවත
    තුලින් මතු වෙවී පිටවන
    හැඟුම් කැටි ගැසී ගෙන එන....... හිතට වේදනා...........

    සුවෙන් මා එදා සැතපුන
    යහන්මත මහත් විස කටු
    පිපෙන්නාවූ ලෙසට දැනේ....... ගතට වේදනා......."

    ReplyDelete
  11. මොනා කරන්නද මාරයියේ.ජීවිතේ හැටි ඔහොම තමා.හැම කෙනාටම වාසනාව නෑනේ...

    ReplyDelete
  12. සංවේදී කොල්ලෙක්..... සංවේදී මාරයෙක්.........


    http://aluthkolla.blogspot.com

    ReplyDelete