13 April 2011

කිරිබත් නැති අවුරුදු දා...

ඔන්න ඉතිං පරණ අවුරුද්දට මං ලියන අන්තිම පෝස්ටුව...

හවස පොද වැස්ස මැද්දෙම වැඩට ආවා...
දැන් ඉතිං දෙයියනේ කියලා පාඩුවේ ඉන්නවා..වැඩ කිව්වට ඉතිං වැඩි දෙයක් නැහැනේ..ආවා ලයිට් ටික දැම්මා..වටේ ඇවිදලා බැළුවා, දැන් ඉතිං සුපුරුදු විදියට ලැප් එක දිග ඇරගෙන මම ඔන්න නෙට් එකේ...

ඉතිං..අද පරණ අවුරුද්ද..කියන්න ලැජ්ජයි මං ජොතිෂ්‍යය අතේ වැඩ කලාට මොකද..තාම අවුරුදු නැකැත් සීට්ටුවවත් බැළුවේ නැහැ..එක අතකින් ඒක බලලා මට ඇති වැඩකුත් නැහැ.
මොකද මං ඒවා ඉෂ්ඨ සිද්ධ කරන්න කියලද..?

අද හවස වැඩට ආව මම ඕෆ් වෙන්නේ හෙට හවස 6ට විතර..ඉතිං ඒ වෙනකොට අවුරුදු නැකත් ඉවර වෙන්න ඕන මට හිතෙන හැටියට...

.....................................

මම අන්තිමටම අපේ ගෙදර අයත් එක්ක එකට වාඩි වෙලා අවුරුදු කෑවේ මං හිතන්නේ 1997 විතර වෙන්න ඕන..ඊට පස්සේ අද වෙනකල් මට ඒක කරන්න උනේ නැහැ..ඒ මගේ රස්සාව හින්දා...

98 අවුරුද්දේ ඉදලා මම ගුවන් හමුදාවේ...
මට මතකයි මුලින්ම මම අවුරුද්දකට ගෙදර නැති උනේ ඒ අවුරුද්දේ තමයි...
ඒත් එදා මම හිටිය කටුනායක කෑම්ප් එකේ උදේ කන්න තිබුනේ කිරිබත්..ඒත් මට මතකයි එදා කිරිබත් ලුනුමිරිස් විතරක් නෙවෙයි හරක් මස් වෑංජනේකුත් තිබුනා..ඒකටනං එදා මගේ හිත ටිකක් ගැස්සුනා..

මං මේ ලියන්නේ ටිකක් බීලා තමයි.ආයේ බොරු කියන්න ඕන නැහැනේ..හැබැයි සැර ජාති දැන් නවත්තලා..ගෙදරින් එන්න කලින් බියර් එකක් බීලා ආවා..දැන් ඒකේ දෙවෙනි එක..ඒකත් ටික ටික හිස් වේගන යනවා.අවුරුද්දට ඉතිං ඔයිට වඩා වෙන දෙයක් නැති එකේ කට්ටිය මට බනින්න එපා.ඕං කිව්වා...

ඉතිං එදා කටුනායකින් පටන් ගත්තු ගමන තාමත් මට අවුරුදු නැහැ..හැමදාමත් මං අවුරුද්දේ කොහේ හරි වෙන වැඩක...

හැබැයි ඒ හැමදාමත් මට කිරිබත් ටිකක් වැරදුනේ නැහැ.

අවුරුද්දයි කිරිබතයි අතර තියෙන සම්බන්ධය ගැන මම ලියන්න ඕන නැහැනේ..ඕන උනත් ඒකට මගේ ඇගිළි තුඩු මට උදව් කරනවා මදි..මේ ලියන වචනයක් පාසා මට වරදිනවා..ඒත් ආයෙමත් දගලලා ඒවා හරි ගස්ස ගස්ස තමයි මේ ලියන්නෙත්..එහෙවු එකේ ආයේ වැඩි අරුමෝසං කොරන්න මට දැන් බැහැ.

හැබැයි ඒ හැම අවුරුද්දකම නැකතට නැතත් ටිකක් පරක්කු වෙලා හරි මට කිරිබත් කටක් හම්බ උනා.

පන්සලේ ඉද්දී පවා...
ගිය අවුරුද්දේ මම හිටියේ මං කලින් රාජකාරිය කල තැන..නැකත් වෙලාවටම නැතත් ඊට පස්සේ හරි මට කිරිබත් උතුරන්න...ඒත් අද මං ඉන්න තැන බොහෝම පාළුයි..තව දවස් ‍තුන හතරක් යනකල් බල්ලෙක්වත් මෙතන නැහැ. ඉතිං මොන කිරිබත්ද..?

කොහොම උනත් හෙට අවුරුදු නැකත් ඉවර උනාම මට ගෙදර යන්න පුළුවන් වේවී..ඒත් මං කිරිබත් උයන්නේ නැහැ..මට විතරක් මොන කිරිබත්ද..?

හෙටත් ගෙදර ගිය ගමන් අනිත් බෝතල් දෙක කඩා ගත්තහම මේ අවුරුද්දත් ඒ හැටි අමාරු වෙන එකක් නැහැ...

ලබන අවුරුද්ද කොහොම වෙයිද මං දන්නේ නැහැ..සමහර විට මම හිටී..සමහර විට මං නොහිටී..ඒ කොහොම උනත් අවුරුදු තියේවී...කිරිබතුත් තියේවී...

අප්පා මීට වඩා මොනවා ලියන්නද..මට බැහැ.

කොහොම උනත් ඔය හැමෝටම ලබන්නා වූ නව වසර සුභ නව වසරක් වේවා..!
හිත්වල තියෙන යහපත් චේතනා පමණක් ඉෂ්ඨ වේවා..!

34 comments:

  1. බීපං මැරියං..

    හිත්වල තියෙන යහපත් චේතනා පමණක් ඉෂ්ඨ වේවා..!
    එසේමැ වේවැ...
    :D :D

    ReplyDelete
  2. සුභ අලුත් අවුරුද්දක් මාරයෝ... ඔයාටත් එක මම කිරිබත් කන්නම්....

    ReplyDelete
  3. හිපෝ අක්කාට කිවා නම් කටක් කව්ව ගන්න ඒවිනේ මාරයියේ :P

    ReplyDelete
  4. අයියටත් සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා අයියා.....!!!!

    ඔ‍හොම හිතන්න එපා කවුරුවත් නැතුවට අයියට අපි කීයක් ඉන්නවද............ බලන්න‍කෝ ‍හෙටත් කා‍ගෙන් හරි කිරිබත් ලැ‍බෙයි වරදින්නැහැ. ඒක විශ්වාසයි.......

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා මාරේ අයියේ !!!!

    . මේ දවස් ටිකේ බොන්නේ නැතුව ආයේ කවදා බොන්නද ?. රාජකාරී වෙලාවේ බොන එකනම් නවත්ත ගනිං බං අයියේ. රාජකාරී වෙලාවේ බීපු නිසා නිසා මට අහක යන පෝරියල් පාත් උනා .

    මමත් බඩු ගෙනල්ලා තියෙනේ බලමු බිං කරුවල වැටුනහම මමත් අවුරුද්ද සමරනවා . චියර්ස් මාරේ අයියේ .

    ReplyDelete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා මාරයියේ.

    ලබන අලුත් අවුරුද්දේ උඹේ ඔය තනිකඩ ජීවිතයට නැවතීමේ තිත තියලා, වළලු දාපු අතකින් හදපු කිරිබතක රහ බලන්න හම්බ වෙන්න කියලා එක සිතින්ම ප්‍රාර්තනා කරනවා....!

    ReplyDelete
  7. ඈ බොල හිස් අහස, උඹත් මාරයාටම හරියනවා නොවැ.

    ReplyDelete
  8. සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා අයියා..!

    ReplyDelete
  9. "ඒත් අද මං ඉන්න තැන බොහෝම පාළුයි..තව දවස් ‍තුන හතරක් යනකල් බල්ලෙක්වත් මෙතන නැහැ. ඉතිං මොන කිරිබත්ද..?"

    දුකයි අය්යේ.ඒත් ඔහොම බීලා මෑරෙන්නෙ ඇයි?

    අය්යට ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  10. ඕ0..මාරයෝ ඒකටත් එක්ක මෙහේ..කිරි බත් හදන්න නම් තාම වෙලා තියෙනවානේ..පලවෙනි යාඵවා කොකිස් හදන්න ගත්ත අන්තිමේ මුරුක්කු වලින් නැවතුනා..තව එකෙක් මු0 ගුලි හැදුවා..මගේ දවස් බාගෙක නිවාඩුවම ඉවරයි හට්ටි මුට්ටි හෝදලාම..මොනවා උනත් මම අවුරුදු දහයක්ම විතර අවුරුද්දට ගෙදර නෑ..ඕව ඔහොම තමයි..මමත් සුබ අඵත් අවුරුද්දක් පතනවා මාරෙට...

    ReplyDelete
  11. ගහක් ගලක් උඩ හිටියත් කිරි උතුරන්නා වගෙ හරියන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!

    ReplyDelete
  12. මාරයටත් එහෙනම් සුභම සුභ අලුත් අවුරුද්දක්වේවා... අපි කන්නම් කිරිබත් මාරයටත් එක්ක බය වෙන්න එපා ලබන අවුරුද්දෙත් අනිවාර්යෙන්ම ඉදීවි එක වකුගඩුවකින් හරි :)

    ReplyDelete
  13. "ලබන අවුරුද්ද කොහොම වෙයිද මං දන්නේ නැහැ..සමහර විට මම හිටී..සමහර විට මං නොහිටී..ඒ කොහොම උනත් අවුරුදු තියේවී...කිරිබතුත් තියේවී..."

    මිනිස් ජීවිත අවිනිශ්චිත තමයි මාරයා,ඒත් මේ වගේ වචන ලියන්න එපා.
    " විපරීත රාජ යෝගය යෙදෙන ආකාරය පිළිබද එක් එක් පොත් පත් වල එක එක විදියට ලියැවිලා තියෙනවා.ඒ පිළිබදව මට ඇතිවූ ගැටළුවක් පිළිබදව මාරයාට ඊමේලයක් එවා ඇත.ට්කක් ගහල ඉන්නවැයි කියල ලියල තියෙන හන්ද මේවෙලාව පිළිතුරක් නොඑව්වට කමක් නැහැ.විවේකයක් තියෙන වෙලාවක ඒක බලල ප්‍රතිචාර දක්වන්න."

    ReplyDelete
  14. ආ.. අවුරුද්දට සුභ පතන්න බැරි වුනානේ
    "මාරයාටත්(සී.ටී.කුමාර) මාර සෙනගටත් හෙට ලබන්නාවූ අළුත් අවුරුද්ද බලාපොරොත්තු සඵල වන අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  15. මාර අයියාට සුභ අලුත් අවුරුද්දක් වේවා...
    අනේ බන් පිස්සු කිවන්න එපා.අලූත් අවුරුද්දේ කිරි බත ප්‍රධාන උනාට අවුරුද්ද තියෙන්න ඕන අපේ හිත් වල බන්...
    හිතේ සතුටින් පාන් කෑල්ලක් කැවත් අවුරුදු තමයි බන්....

    ReplyDelete
  16. @ සදරු
    අඩෝ... බොන්න එබා බොල.බීම අඩු කොරහන් මේ අවුරුද්දේ ඉදලා වත්.

    ReplyDelete
  17. උඹට සුභ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  18. ගනන් ගන්න එපා මාරයියෙ... කිරිබත් නැති වුනාට අයියට බියර බෝතල් දෙකක්ම තියෙන්නෙ හෙටත්... සාතන්ට බියර් උගුරක්වත් නෑනෙ...

    සුභ අළුත් අවුරුද්දක් මාරය අයියට !....

    ReplyDelete
  19. මාරයටත් එසේම වේවා! අවුරුදු දා යාලුවෙක් බලන්න අපි උඔලයි ගෙවල් කිට්ටුවටම එනවා. දවල් කෑම එහෙවෙයි ..... පුලුවන් උනොත් උඔ බලන්න එන්නද

    ReplyDelete
  20. අනේ මන්ද මොනව කියන්නද කියල හිතා ගන්න බෑ. කතාව කියෙව්වම ගොඩක් අප්සට්. ඒත් ඒවට විසඳුම ඔය බෝතලේ නෙමෙයි නේද අයියේ?

    ReplyDelete
  21. ඕං බලාපං මාරෙ . . . . උඹට කිරිබත් ටික වෙන කවුරු නැතත් අර කුඩේ යටිං එක්කං ගිය නගා හරි ගෙනත් දෙනව . . . . .
    ලබන්නාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, උඹට සැමට සාමය, සතුට, සෞභාග්්‍යය පිරි සියලු පැතුම් ඉ‍ටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා . . . . .

    ReplyDelete
  22. මාරයටත් සියලුම යහපත් සිතුම් පැතුම් ඉටුවන සුබ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා!!!කිරිබත් ලෝඩ් එකක් කන්න ලැබේවා!!

    ReplyDelete
  23. වාසනාවන්ත සුභ නව වසරක්ම වේවා !!!! (වැඩ අල්ලලා වගේ කලින් ඉඳන්ම )

    ReplyDelete
  24. මාරයා මචන් උඹට වගේ ම මටත් කිරි බත් නැහැ බන්. ගනන් ගන්න එපා බන් .උඹට සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  25. මමත් දැන් අවුරුදු 5කින් අවුරුද්දට ගෙදර නෑ බං අයියෙ. උඹට නම් කිරිබත් හරි ලැබෙයි, අපිට එහෙමවත් නෑ. ඕවා මොකටද බං හිතේ සතුට තියෙනකම් හැමදාම අවුරුදු තමයි මටනම්. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  26. අඩේ බලහං, මූ තනියම සෙට්වෙලා.. අ‍නේ බං මටත් නං අවුරුද්ද සමරන්න වෙන්නෙ නෑ.. වැඩ වැඩ වැඩ තමා..

    උඹටත් මාර භවනට ගොඩවදින අනෙක් හැමෝටමත් අවුල් තැවුල් නැති සතුට සිනහව සපිරුනු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

    ReplyDelete
  27. මාරයා අයියටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ඔන්න.ලබන අවුරුද්දේ ඔය තනිකම පාලුව යන්න ගෑනු දෑරීව්යක් සහේට අරන් අවුරුද්දට කිරිබතක් හෙම හදලා.ජයටම අවුරුදු කන්න ලෑබෙන්න ඔන...

    ReplyDelete
  28. මාරය අයියටත් සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  29. සුභ අළුත් අවුරුද්දක් වේවා මාරයියේ. !

    ReplyDelete
  30. මටත් ඔච්චර තමා බන්. :(
    අවුරුදු දවසෙත් වැඩ. වෙනද හවස 5 ට වැඩ ඉවර වෙන මට අවුරුදු දවසේ රෑ 9 වෙනකන් වැඩ. දුක තමා බන්. මොනවා කරන්නද බැදගත්තු බෙරේ ගහන්නත් ඕනෙනේ. අනික ලංකාවේ ලගින්ම හිටපු යාලුවන්ට උනත් දැන් අපිව මතක නෑ.මොනවා කරන්නද කිරිබත් තියා ලුණු මිරිසක්වත් නෑ.
    ඔය මොනවා උනත් උබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  31. අනේ අම්මේ..බැනලා..සුභ පතලා..අවවාද දීලා..කෙලවරක් නොමැත කිව්වළු...
    හැම දෙනාටම බොහෝම ස්තූතියි...ටිකක් පදම අහු වෙලා හිටි වෙලාවක ලිය උන එකක්‍ නෙව...
    මක්කා කොරන්නද..?

    ReplyDelete
  32. බීල විනාස නොවී ඉන්නවනම් තමා හොඳ............ තමුන්ගෙ හිතේ හයිය තමයි ඕකෙ රහස.......... කොල්ල බීම නැවැත්තුවා............


    http://aluthkolla.blogspot.com

    ReplyDelete
  33. පරක්කුවෙලා හරි මාරයාටත් කිරි(බත්) උතුරන නව වසරක් වේවා !

    ReplyDelete
  34. කැවුම් කිරි බත් කිසිම දෙයක්, ඒවගේම අවුරුද්දක් කියල කිසිම හැගීමක් වත් නැතුව ගෙවෙන ජීවිතයේ පළවෙනි අවුරුද්ද...

    හැමෝටම සියලු යහපත් සිතුම් පැටුම් ඉටුවන සතුට හා සාමය සපිරුනු සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete