14 April 2011

කම්හලේ අවුරුද්ද...

ඇස් පියන් විවර කොට..
බලන කල මා අවට..
දැනුනි වෙනසක් මෙමට..
වෙනදාට වඩා අද..

පාළු වී ඇතේ අද..
ඇසට අසු වෙනා ඉම..
වෙනදාට මෙහි සරන..
කිසිවෙකුත් අද නොමැත..

කම්හලේ වැඩ බිමේ..
යන්තරේ හඩ මැකී..
මෙතෙක් කල් මෙහි නොවූ..
පාළුවක් මට දැනේ..

ජීවිතය ගැට ගසනු..
නියාවෙන් මෙහි පැමිණි..
යාන්ත්‍රික මිනිස් රූ..
අද නොවේ මේ බිමේ..

සිටිය මෙහි බොහො දෙනා..
අද පිටව ගොසින් ඇත..
මෙතෙක් කල් කඹුරලා..
සරි කරපු දේ රැගෙන..

වසරකට එක් වරක්..
පැමි‍ණෙනා අවුරුද්ද..
සමරන්න ගොසින් ඇත..
ඔවුනගේ ගම් දොරට..

ඔවුන් යළි එනතුරා..
පාළුවී ඇති මෙබිම..
රැක බලා ගනු පිණිස..
මා සිටිමි අද තනිව..

ඇස ගැටෙන මායිමේ..
අසල ඇති කම්හලේ..
මුරකුටිය තුල සිටී..
මා මෙන්ම තව අයෙක්..

අප මෙන්ම කම්හලේ..
යන්තරත් තනි වෙලා..
බලා ඉන්නේ නැවත..
ඔවුන් පැමි‍ණෙන තුරා..

අවුරුද්ද සමරලා..
ගම් දොරින් පිටවෙලා..
ඔවුන් යළි එනතුරා..
අප සිටිමු මෙහි බලා..

යළි නැවත මතු දිනේ..
පැමිණි පසු බොහො දෙනා..
අද පෙනෙන දසුන් යළි..
නොපෙනෙනා බව දනිමි..

කම්හලේ දුම් බටය..
නැවත පණ උපදාවි..
රෑ දවල් එක විලස..
යන්තරත් වැලපේවී..


16 comments:

  1. කම්මලේ මාරයෙක්
    පාලුවෙන් තනිවෙලා

    මොකො මාරයෝ කරන්නේ? බස් එකකටවත් සෙට් වෙන්න

    ReplyDelete
  2. මගේ මල්ලීට සුභ අලුත් අවුරුද්දක්...

    රන් කාසි අස්වැන්න...
    බලා සිත පිරිමදින...
    කුඩා වුන් හිතැත්තන් ...
    හඬ කිසිත් නොනෑසෙන...

    රුදු කතර දෙස හැරුන...
    රත් දෙනෙත් පිසදමින...
    සොයුරු පෙම පසක් කර...
    හිඳිමි මා මලණුවන...

    ReplyDelete
  3. මාරයෝ, කවි ලියන්න මට නොහැක....

    ඒත් සියළු බලාපොරොත්තු ඉටු වන අලුත් අවුරුද්දක් උදා වේවා කියලා ප්‍රර්ථනා කරන්න පුළුවන....

    ReplyDelete
  4. ඉන්න තැන හරියටම කිව්වොත් කිරිබත් ටිකක් ගෙනත් දෙන්න බැරි කමක් නැහැ, ආයෙත් හමු වෙන්නත් පුළුවන් එතකොට.

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් අයියා..........

    බය වෙන්න එපා ලබන අවුරුද්දෙවත් අයියගෙ හදහන හොද වෙයිද කියල චෙක් කොරල බලන්නකො..

    ඔබට ජය!!!!!!

    ReplyDelete
  6. අයියාට අක්කෙක් ලැබෙන කිරි ඉතිරිනෙ සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා මාරය අයියෙ........

    තනියෙන් සමරන අවසන් අවුරුද්ද වේවා!!!!!!!!

    ReplyDelete
  7. මේ අවුරුද්දේ තනිකම් දෝෂයත් නැතිවේවා!

    ReplyDelete
  8. මාරයා අයියට මේ අළුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් උතුරන සියළු පැතුම් ඉ‍ටුවන සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..........!!!

    ReplyDelete
  9. ඒව කොහොම කොහොම වුනත් අයියගෙත් සිතුම් පැතුම් ඉටුවෙනෙ අලුත් අවුරුද්දක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්තනා කරනව :)
    cheers..!!

    ReplyDelete
  10. ඔවුන් යළි එනතුරා..
    පාළුවී ඇති මෙබිම..
    රැක බලා ගනු පිණිස..
    මා සිටිමි අද තනිව..

    ලස්සනයි මාරයියේ.....ඔයා කම්හලේ තනි වුනාට සයිබර් ලෝකයේ කවදාවත් තනි වෙන එකක් නැ.අපි හැමෝම ආදරේ කරන චරිතයක් ඔයා....

    සුභම සුභ නව වසරක් වේවා! ඒ වගේම තමන්ගේම කියලා ආරක්ෂක ආයතනයක අයිති කාරයෙක් වෙන්න ලැබේවා!!!!

    :)

    ReplyDelete
  11. ගෙදරක් ඇතත් වැස්සට එය තෙමෙනු ඇතී
    දරුවන් ඇතත් උන් කෑමට අඬනු ඇතී
    දිනයක් ඇතත් අවුරුදු මට සල්ලි නැතී
    තෝ වගෙ එකෙකු වී නම් මට දුකක් නැතී

    ReplyDelete
  12. ඔවුන් යළි එනතුරා..
    පාළුවී ඇති මෙබිම..
    රැක බලා ගනු පිණිස..
    මා සිටිමි අද තනිව..

    පිළිතුර -

    පාළු රෑ නිදි වරා
    කම්හලේ
    රැක ගමින් එන තුරා
    යන්තරේ
    වෙහෙස වී සිටිනා අපේ
    මාරයියේ
    වේවා උඹට මේ සැරේ
    සුභ අළුත් අවුරුද්දක්...!!

    ReplyDelete
  13. අයියේ ,,කවිය නම් ෆට්ටම ෆට්ට කියන්නමෙ වෙනවා,,

    උඹ තනිවෙලා කියල හිතන එක වැරදිනෙ... මේ අපි ඔක්කොම ඉන්නෙ වටේට ! දෑන් ඉතින් හිනාවෙයන්... !

    ReplyDelete
  14. සියළු බලා‍පො‍රොත්තු ඉටුවන, සතුට ‍සොම්නස සපිරි නිදුක් නි‍රෝගී බවින් පිරි වාසනාවන්ත සුභම සුභ අළුත් අවුරුද්දක් ‍වේවා......!!!!

    ඉස්‍පෙසල් විශ්.......

    තනිකම ‍මේ අවුරුද්‍දෙන් භංග ‍වේවා.....!!!!!!

    ReplyDelete
  15. @Hipo -

    අනේ ඉතිං..හොයලා බලනවා නේද..?

    @තිස්ස දොඩන්ගොඩ-

    දන්නවා බං අයියේ..ඔහොම යං...

    @Niroshan- ස්තූතියි මලයා...

    @Observer-

    හම්මේ ඒ වචනෙම මදෑ..ස්තූතියි අයියා...

    @Kasun Tharanga-

    ස්තූතියි මලයා...

    @Pasan -

    ස්තූතියි මලයා...මං උඹව පස්සේ අල්ලා ගන්නං

    @JHOTHISHALANKA-

    හහ් හහ්..මිත්තරයාටත් එසේම වේවා..!

    @Waruna M Ritigahapola-

    ස්තූතියි මලයා...

    @Buddiක -

    ස්තූතියි මලයා...

    @කුරුං ගුරුං -

    ස්තූතියි මල්ලියාස්...

    @indi-

    ඒකත් එහෙමයි එතකොට..එහෙනං ඔරුවෙ මේ පැත්තත් පැදල බලමු.

    @සෝරෝ-

    බොහෝම ස්තූතියි සොරෝ මලේ...

    @ජීවිතේමල් -

    ඇත්ත නංගි..උඹලා මට හයියක්..ස්තූතියි...

    @හා පැටික්කි (MS)-

    ඉස්පෙසලුත් තියේද..? නංගිටත් එසේම වේවා හො‍ඳේ...

    ReplyDelete
  16. ලඟ නැතත් උඹේ බ්ලොග ඇතුලෙ අපි උඹට තනි රකිනවනෙ බං මාරයියෙ......... තනිවෙලා නෑ බං උඹ...........



    http://aluthkolla.blogspot.com

    ReplyDelete