15 April 2011

"ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච" කිව්වළු...

අළුත් අවුරුද්ද ලැබුවා..ඒ ඊයේ..හැම දේම හොඳනි් සිද් උනා..මාත් අපේ බස් යාළුවෝ ටිකත් එක්ක වෙනදා වගේම දවස ගත කලා.හැම දේම හොඳින්..හැමෝම සතුටින්..මාත් සතුටින්...

අවුරුද්ද උනත් මගේ රැකියාවේ හැටියට අපිට නිවාඩු නැහැ.ඒත් ඒක ඒ හැටි මට ගාණනක් උනේ නැත්තේ ගෙදර හිටියත් මට මහා වෙනසක් නැති හින්දයි.

කොහොම හරි ඊයේ මට ඕෆ් වෙන්න තිබුනේ හවස හයට විතර තමා..හැම දේම අනිත් පැත්ත හැ‍රුනේ අන්න එතන ඉඳලා...

මගේ අනිත් රාජකාරි සගයා..ගුණේ අයියා හය විතර වෙනකොට ආවා..මම යන්න සූදානම් උනා.වෙනදා වගේම නිල ඇඳුමට උඩින්ම ජැකට්ටුව දමාගෙන ලැප් එක සහිත බෑගයත් පිටේ එල්ලාගෙන හෙල්මට් එකත් දා ගන්න ගමන් ගියා බයික් එක ගාවට...හුටා..කෙළියා තාප්පෙට...

බයික් එකේ පිටුපස රෝදයේ හුළං බිංදුවක්වත් නැහැ..දැන් මොකද කරන්නේ..මේ වෙලාවට පාරේ බස් කොහේ..අවුරුදු දවස...ත්‍රීවීලයක්වත්..ම්හූ..පාර සොහොන් පිට්ටනිය වගෙයි..ගෙදරට කිලෝමීටර් 7ක් විතර..

හුගාක් කල්පනා කලා..අනික හෙට ටිකක් කලින් එන්නත් ඕන ගුනේ අයියට ගෙදර වැඩක් හින්දා..

බයික් එකේ ටියුබ් එක ටිකක් නරක තත්වයක තමයි තිබුනේ..ඒත් මම ඒක දාන්න හිටියේ මේ මාසේ ඉවර වෙලා බයික් එකේ යාපනේ යන්න හිතාගෙන හිටිය හින්දා ඒ ගමනට කළින් තමයි..ඒත් දැන් ඒ වෙනකල් ඉන්න බැහැ..කොහොමත් මේහෙමම ටයර් කඩේකට ගියානං මේක ගොඩ දාගත්තෑකි පැච් එකක් දාලා..ඒත් දැන් ඒ වගේ විසඳුමකට යන්න වෙලාව නෙවෙයි.

අන්තිමට විනාඩි දෙකක් විතර කල්පනා කලා..තීරණයකට ආවා..යනවා රිම් එකෙන්..ඒ කියන්නේ අනිවා ටියුබ් එක දාන්නම ඕන..ඒක අවුලක් නැහැ..මොකද කොහොමත් මම ඒක කරන්න හිතාගෙන හිටි හින්දා...
ඒත් එහෙම ගමනින් ටයරයට කෙලවෙන්න ඇති අවස්ථාවත් වැඩියි..එහෙම උනොත් වැඩේ ටිකක් පාඩුයි...

මොකද ටයර් එක දාලා මාස හතක් වගේ හින්දා..ඒත් දැන් කරන්න දෙයක් නැහැ..මම ගන්න ඕන තීරණේ ගත්තා..ආවා හිමි හිමිහිට රිම් එකෙන්ම..ගමන ටිකක් අමාරුයි..ඒත් ගානක් නැහැ..රෑවෙලා හින්දා අවුල ටිකක් අඩුයි..මොකද නැත්තං හුග දෙනෙක් මේ දිහා බලනවා..ඒත් රෑ කියලා නැහැ හතර දෙනෙක් විතර පිටි පස්සෙන් එලවගෙන ඇවිත් කියනවා..

"මල්ලි පිටිපස්සේ රෝදේ හුළං නැහැ"

මං ඉතිං හිනාවෙලා..

"දන්නවා අයියේ..අද ඕක හදන්න තැනක් නැහැ..හෙට ටියුබ් එකක් දානවා" කියලා එනවා...

කොහොම හරි ගෙදරට ආවා..දවස් දෙකකින් හරියට බත් කටක් කාලා නැහැ..ඒ ගමන ඉක්මනට බත් මිටක් උයලා තියලා නා ගත්තා..උයාපු බත් ටිකත් ගිලලා ආයෙමත් නෙට් එකේ ඉන්න කොට තමයි ගෙදරින් කෝල් එක ආවේ...

අම්මට සනීප නැහැ..රාගම ඉස්පිරිතාලේ නවත්තලා...

මල්ලි බැඳලා ඉන්න නංගී තමයි ළග ඉන්නේ..පපුවේ අමාරුවක්...

කොහොමත් අම්මා පහුගිය කාලෙම ලෙඩ ගානේ හිටියේ..පහු ගිය 11 වෙනිදා මම ගෙදර යනකොටත් අම්මා මල්ලී එක්ක ග්‍රාමීය රෝහලේ ක්ලිනික් එකට ගිහිල්ලා හිටියේ..

ඒ පාර මම කෙලින්ම එතනට ගිහින් මල්ලිව ගෙදර එවලා..අම්මගේ බෙහෙත් ටිකත් ෆාමසියෙන් අරන් දීලා එක්ක ආවා...ඒ මම අවුරුද්දට ගෙදර ගිය දවස..මල්ලිට නංගිට පුතාට..අම්මට අවුරුද්දට ගෙනියන දේවළුත් අරන් එදා මම ගියේ..

කොහොමත් මම අපේ ගෙදර අයව අතහැරලා ඉන්න කෙනෙක්..ඒක දිග කතාවක්..ඇත්තටම ඒ අය හින්දා මට මගේ ජීවිතේම නැති උනා කිව්වොත් හරි..ඒත් මම අදටත් කොහොම හරි මට පුළුවන් හැටියට එයාලට බලනවා..ඒ දේට එයාලා සුදුසු නැති උනත්...

කොහොම හරි එදා ගිහින් එන වෙලාවේ අම්මට කියන්න අමාරුවක් තිබුනේ නැහැ.
ඒත් හදිසියේ මෙහෙම පණිවි‍ඩේ ආවාම මට කර කියාගන්න දෙයක් නැති උනා.
මහ රෑ..බයික් එකත් කැඩිලා..පාරේ වාහනයක් හොයාගන්න නැහැ..

කරන්න දෙයක් හිතා ගන්නවත් නැහැ.

කොහොම හරි පහුවදා වෙනකල් ඉන්න වෙනවා..ඒ අතරේ වෙලා තියෙන දේ කෙටියෙන් උනත් කිව්ව ගමන් හිතට පුදුම හයියක් වෙන්න ඉදිරිපත් උනේ තිස්ස අයියා.. ඊට අමතරව ජනනී නංගී...ඒත් ජනනීට මං කිව්වා කාටවත් කියන්න එපා කියලා..මොකද ඒ වෙලාවේ බස් එකේ කට්ටිය බොහෝම සතුටින් හිටියේ..ඒ සතුට නැති කරලා දාන්න අකමැති හින්දා මම එයාට මේ වගක් කියන්න එපා කිව්වා උනත් මගෙන් පිට වෙච්ච එක වචනයක් හරහා තිස්ස අයියා මාව අල්ලගෙන ඇහැවුවා...

කොහොම හරි අද උදේම ටයර් කඩේට ගියා බයික් එකත් අරං..එතන පුදුම යුද්දයක්..සෑහෙන වෙලාවක් දගලලා ටියුබ් එකකුත් දාගෙන අම්මට ගෙනියන්න කරවිල ඉස්ම හදා ගන්න ඕන කියලා මල්ලි කතා කරලා කිව්ව හින්දා යක්කල ෆුඩ් සිටියට ගිහින් කරවිලයි..තව ගෙනියන්න ඕන දේවළුයි අරන් ගෙදර ගියා..

මල්ලීගේ තත්වේ මට හපන්..මිනිහා උදේ බයික් එකේ ඉස්පිරිතාලේ ගිහින් එද්දී ගනේමුල්ල පාර ගාවදී බයික් එකේ මගේ වගේම පිටිපස්සේ රෝදේ පැච් එකක් ගිහින්..ඊට කලින් රාගමදී ඉස්සරහා රෝදේ පැච් එකක් ගිහින් ඒක දාගෙන එද්දී තමා මේක වෙලා තියෙන්නේ..ඒ පාර බයික් එක එතන කඩයක් ගාව දාලා ත්‍රීවීල් එකක් අරං ඇවිල්ලා...

ඒ පාර කරවිල ටිකත් බ්ලෙන්ඩර් කරලා නංගී හදලා දුන්න අඩුම කුඩුමත් අරං මල්ලිවත් දාගෙන ගියා බයික් එක තිබ්බ තැනට...ගෙදරින් අරං ගිය ආයුධ වලින් රෝදේ ගලවලා එතනින් හැතැම්ම දෙකක් විතර දුර යන්තං ඇරලා තිබ්බ ටයර් කඩයකට දාලා අපි දෙන්නා ගියා ඉස්පිරිතාලේ...

අම්මාගේ නංගි කෙනෙක් වෙච්ච කිරි පුංචී අද උදේ ඉඳලා අම්මා ගාවා..කොහොමත් අම්මා අසනීප වෙච්ච හැම වෙලේම උන්දෑ තමයි කඩාගෙන එන්නේ..ඊයේ රෑ නංගි ඉඳලා තියෙන්නේ...අද රෑටත් ආයෙමත් නංගී යයි නවතින්න...

ඊයේනං අම්මාට හුගාක් අමාරු වෙලා..ඔක්සිජන් හිටන් දීලා තමයි ගොඩ ඇවිත් තියෙන්නේ..ඒත් මම යනකොට අම්මා ඇ‍ඳේ වාඩි වෙලා කතා කරන්න පුළුවන් තරමට ඇවිල්ලා...ඒත් තාම කන්න හොඳ නැහැ බොන දේවල් විතරයි.

ඒ හැටිම දැන් කලබල වෙන්න දෙයක් නැහැ.ඒ ගමන පුංචි කිව්ව දේවල් ටිකත් ගෙනත් දීලා අපි ආපහු ආවා.

මේ දෙවෙනි පාර හැදුන පපුවේ අමාරුව..අම්මම කියනවා ඊ ළග එකෙන් ඉවරයි කියලා..මාත් ඒක දන්නවා...

ඒක අදද හෙටද කියන්න මම දන්නේ නැහැ..ඒත් උපන් හැමෝටම අයිති දේ අම්මටයි මටයි කියලා වෙනස් වෙන්නේ නැහැ.ඒ ගැන කියලා මට අමුතු දුකක් දැනෙන එකකුත් නැහැ.කවදා හරි ඔය ගමන අපි හැමෝටම යන්න වෙනවා..ඒත් එතකං අනුන්ට කරදරයක් නැතිව තමන්ගේ ජීවිතේ ගැට ගහගන්නයි අපි කවුරත් කැමති.

අම්මට අමුතුවෙන් බණ දහම් කියා දෙන්න ඕන නැහැ..ඒ හින්දා එයා උනත් දවසක මරණයට සැහැල්ලුවෙන් මුහුණ දේවී..එයාලගෙන් මට වෙච්ච දේවල් වලට මම එයාලට සමාව දෙනවා කියලා මම දැන් මාසෙකට විතර කලින් ගෙදරට හදිසියේ ගොඩ උන වෙලාවක එයාට කියලා තිබුනේ...

එයා උනත් එයින් පස්සේ හිත හදාගෙන ඉන්නේ කියලා මම 11 වෙනිදා ගිය වෙලාවේ මට තේරුණා.දැන් හැම දේම නිරවුල්.

කොහොමටත් දැන් ඉතිං වෙච්ච දේවල් අමතක කරලා දාලා මාත් මේ වෙලාවේ එයාලාට ටිකක් බලනවා.අදත් කරන්න තියෙන හැම දේම කරලා මල්ලිටත් අතට වියදමට මුදලක් දීලා තව මදිපාඩුවක් ඇතොත් කියහං කියලා ආවේ..

ඒ ඇවිත් ඉක්මනට උයලා බත් කටක් කාලා රෑටත් බත් බෙදාගෙන මම හවස වැඩට ආවා.

දැන් ඉතිං ආයේ හෙට හවස සමහර වෙලාවට ගෙදර යන්න පුළුවන් වෙයි..එතකන් තත්වය ඔච්චරයි.

32 comments:

  1. හ්ම්... (දීර්ඝ හුස්මක් පිටකරමින්...)
    :(

    ReplyDelete
  2. අම්මට ඉක්මනට සනීප වේවි... හැම දෙයක්ම හොඳ වේවි මචං, උඹට අමුතුවෙන් බණ කියල දෙන්න ඕනේ නෑනේ... ඒනිසා හැම දෙයක්ම හොඳ වේවා... කියලත්. අම්මාට නිරෝගී සුවයත් ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  3. ටයිටල් එකේ අවශ්‍යය දේ තියෙනවා... මාරයාගේ අම්මාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නවා කියලා විතරක් කියන්නම්...

    ReplyDelete
  4. අම්මට නිරෝගී සුවය පතනවා,,,මාරයියට ප්‍රශ්න වලට මූනදෙන එක අපිට වඩා හොදට කරන්න පුලුවන් හින්දා වෙන කියන්න දෙයක් නෑ

    ReplyDelete
  5. කිව්වාත් වාගෙම ඉන්ද්‍රනාමට වාගේම දිගු හුස්මක් පිටවිය...

    ReplyDelete
  6. දැනුයි මේක දැක්කේ. ඉක්මන් සුව පතනවා අම්මාට..

    ReplyDelete
  7. මොනව වුනත්, කරත් අම්මනෙ බන්,
    අම්මට ඉක්මනට සුව වේවී...!

    ReplyDelete
  8. සියල්ල හොඳින් සිදුවෙයි ..............

    ReplyDelete
  9. අයියගේ අම්මට මමත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා . මේ ලියැවෙන අකුරුවලින් විතරක් නෙවේ .ඒ ප්‍රාර්ථනාව මුලු හදවතින්ම ..

    ReplyDelete
  10. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙයි මාරයියා...... "නහී වේරේන වේරානී"

    http:aluthkolla.blogspot.com

    ReplyDelete
  11. ඇයි රෝද දෙක මාරු නොකලේ?

    http://www.iclipart.com/search.php?keys=177713&id=198

    අම්මාට සුවය පතමි.

    ReplyDelete
  12. "කොහොමත් මම අපේ ගෙදර අයව අතහැරලා ඉන්න කෙනෙක්..ඒක දිග කතාවක්..ඇත්තටම ඒ අය හින්දා මට මගේ ජීවිතේම නැති උනා කිව්වොත් හරි..ඒත් මම අදටත් කොහොම හරි මට පුළුවන් හැටියට එයාලට බලනවා..ඒ දේට එයාලා සුදුසු නැති උනත්..."

    ඒ කතාව නම් මම ඔයාගෙන් බාලාපොරොත්තු උනේ නැහැ මාරයියේ.. කොම උනත් අම්මට ඉක්මනින් සනීපවෙන් කියලා ප්‍රාර්ථනා කරනවා.. අපේ අම්මට දෙවනි ඇටෑක් එක එද්දි ගෙදර හිටියේ මම විතරයි ඒදා මම තනියම මුහුණ දුන්නු තත්වේ මතක් වෙද්ද මට ඔයා ඉන්න තත්වේ තේරෙනවා.. බය වෙන්න එපා හැම දේම හොදින් විසදෙයි...

    ReplyDelete
  13. මොනව කියන්නද කියලනම් තේරෙන්නෙ නෑ බන් අයියෙ...

    ReplyDelete
  14. හැමදෙයක්ම ඔබ පතනා ආකාරයෙන්ම ඉටුවෙවායි මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  15. අනේ මංදා... මොනවා කියන්නද කියලා තේරෙන්නෑ...

    ReplyDelete
  16. හැ‍මෝම කියනවා ව‍ගේ හැම‍දේම ‍හොඳින් සිද්ද‍වෙයි.
    මාත් අර වච‍නෙත් තිස්ස අයියා අහනවත් දැක්කත් වැඩිය පස්සෙන් පැන්නු‍වේ නැහැ. ඒ අයියා එ‍හෙම අහනවට අකමැතියි කියලා මට කීප පාරක්ම දැනිලා තිබුන නිසා...........

    අ‍නේ මංදා...... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම........

    අම්මට ඉක්මනට සනීප ‍වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......!!!!!

    ReplyDelete
  17. මාරයාටත් කරදර පිට කරදර නේද?අම්මට ඉක්මනට සනීප වෙන්න කියල පාර්ථනා කරනවා.
    මේකෙ ලියල තියෙන දේවල් ගැන මුකුත් කියන්නෙ නැහැ.සමහර වෙලාවට දෙමව්පියන්ගේ පැත්තෙන් දරුවන්(ඇතැම් විට සමහර දරුවන්) වෙනුවෙන් යුතුකම් ඉටුවීමේ අඩුලුහුඩු කම් ඇති වෙන වෙලාවල් තියෙනවා.ඔයා කරන ක්‍රමේ හරි.මොනා වුනත් දරුවන් දෙමව්පියන් වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතුමයි.
    විපරීත රාජ යෝගය යෙදීම සම්බන්ධව මා ඔබට එවූ ඊමේලයටත් ප්‍රතිචාර දක්වන්න.මේ දිනවල ඔබට මතුවී ඇති ප්‍රශ්න නිසා කලබල නැත.විවේක තියෙන වෙලාවක එයට ප්‍රතිචාර දක්වන්න

    ReplyDelete
  18. අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා....

    ReplyDelete
  19. මම හැමදාම කියනවා වගේ මාරයෝ, උඹනම් මාරයි. අම්මාට තුණුරුවන්ගේ පිහිටෙන් ඉක්මනටම සනීප වෙන්න කියලා පතන්නම්. මොනව උනත් උඹව මේ ලෝකෙට වදාපු අම්මට සහ එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයන්ට ඉටු කල යුතු කම් මහ ගොඩාරියක් තියෙනවා බං. ඒවා අපි ඉටු කලේ නැත්නම් අපේ මරණ මංචකේදි අපිට දුක් වෙන්න වෙනවා....

    ReplyDelete
  20. අම්මාට ඉක්මන් සුව පතනවා අයියේ...

    ReplyDelete
  21. අම්මාට ඉක්මන් සුවය පතමි...ඒ වගේම මාරයාටත් සිතේ සැහැල්ලුව සතුට ඉක්මනින් ලැබේවා...

    ReplyDelete
  22. අම්මාට ඉක්මන් සුවය පතන අතර සියලු කටයුතු හොදින් සිදුවේවායි ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
  23. අම්මාට ඉක්මන් සුවය පතනවා අයියේ..

    ReplyDelete
  24. අම්මාට සුවය පතමි.

    ReplyDelete
  25. සියල්ල හොඳින් සිද්ධවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ...

    ReplyDelete
  26. මාරයා අයියගේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා!

    ReplyDelete
  27. අම්මට ඉක්මනට සනීප ‍වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.......!!!!!

    ReplyDelete
  28. මචං . . . මම තදින්ම අදන තියරියක් තියනව . . . ඒක මට කියල දුන්නෙ මගෙ තාත්ත. ඒක තමයි . . .
    "දෙමාපියන්ගෙ අතින් දරුවන්ට මොන වැ‍රැද්ද උනත් දරුවන්ට බෑ දෙමාපියො එක්ක තරහ වෙන්න . . . ඒකෙ අනිත් පැත්තත් එහෙමමයි"
    ඊට වඩා මම උඹට මොකුත් කියන්නෙ නෑ . . .
    උඹේ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව . . . .

    ReplyDelete
  29. මාරයාගෙ පෝස්ට් එකේ කියා තියෙන දේවල් ගැන ගුණාගුණ පිටින් ඉඳන් අපි කියනවට වැඩිය මාරයා හොඳාකාරවම දන්නවනෙ. අම්මාට ඉක්මන් සුවය පතමි !

    ReplyDelete
  30. උබටත් වෙන්නේ හරි වැඩ තමයි මාරයියේ... මොනදේ උනත් ඒ උබේ අම්මනේ... අම්මට ඉක්මන් සුව පතනවා.....

    ReplyDelete
  31. අම්මට ඉක්මන් සුව පතනවා....

    ReplyDelete