17 April 2011

අතීත මල් සුවඳ දැනී...

නිමාවූ ජීවිතේ..
රළු බොරළු මාවතේ..
බොහෝ දුර ආ ගමන
අද නැවතිලා ඇතේ...

ඒ නමුත් ඒ මගේ..
දෙපස පිපිලා තිබූණු..
මල් වලින් ලද සුවඳ
තවම මතකයෙ ඇතේ...

තව කුමට මේ ලෙසේ..
ඇවිද යන්නේ මෙසේ..
නවතින්න අවසරයි
නිම නොවූ ජීවිතේ...

මා නැතත් මාවතේ..
තවත් මල් පිබිදේවි..
ඒ නමුත් එහි සුවඳ
මට යළිඳු නොදැනේවි...


11 comments:

  1. හප්පේ මාරයියේ මොකෝ මේ අරුමේ?

    ReplyDelete
  2. මගේ ට්‍රැක් එකමයි මාරයියේ.. :-/

    ReplyDelete
  3. හපොයි.. ගහක් ගලක් වගේ හිටපු මාරයියට මොකඩ මේ වුනේ....

    ReplyDelete
  4. ඇවිද යමු මාවතේ
    සුවඳ විඳගන්න ආදරේ
    සමීප සුවය නොදැනුනත්
    සුන්දරයි මේ ජීවිතේ

    ReplyDelete
  5. සිංදුවේ මුල මතකෙට එන්නැ අප්පා.... මතක් උන වෙලාවක ලියන්නම්......

    ReplyDelete
  6. දැනුනු දාක ජිවිතයේ රසය
    දැනෙයි ඔබටත් පිබිදුනු මල් වල සුවන්ඳ :)

    ReplyDelete
  7. වට්ස් ද ප්‍රොබලම්... නෙදා එකම තමා නේද...? ගනන් ගන්න එපා බං...

    ReplyDelete
  8. මම විජය ගන ලියූ ලිපියේ සඳහන් කල
    "ඔබ නෙතු මා හා රන්දා
    මා සිතු ඔබ හා බන්දා"
    ගීතය බොහෝ දුරක් ගිහින් වගේ

    ReplyDelete
  9. මල් සුවද, පාරවල් තව මොනවද.......

    ReplyDelete