19 April 2011

සමාන්තර...

දෑසින් දෑසට ලංව බලාගෙන..
දෑගිළි තුඩගින් අත් පටලාගෙන..
කිසිදා එක් නොවනා බව දැන ගෙන..
ගමනක් යමු අප දුක ඉවසාගෙන..

සිතින් මෙන්ම හදවතින් බැඳී ඇති..
ඒ මුත් කිසිදා අපට උරුම නැති..
ආදර සිහිනය ගිලිහී යද්දී..
හඩා වැටෙමු දුක් කඳුළු දරාගෙන..

මා ලොව ඈතයි එය හරි කටුකයි..
නුඹ දකිනා සුව සිහිනය නොම වෙයි..
ඒමුත් නුඹ සිත මා සිත ගාවයි..
හඩා වැටෙන මගේ සිත මුමුණා යයි..

අපට උරුම නැති අපේ ලොවක් ගැන..
සැමදා සිතමින් හඩා වැටෙනු ඇර..
සුවිසල් මාළිග මැඳුරු තනන්නට..
ඒ ලොව කිසිදා අපට ඉඩක් නැත..

දිනයෙන් දිනයට සෙනෙහස පිබිදී..
මොහොතින් මොහොතට මැරි මැරි ඉපදේ..
එක්වීමක් කිසි දිනක නැති ලොවේ..
වෙන්වී යන්නට උරුම වූ මෙසේ..

දෙදෙනා යන මුත් එකට එක මගේ..
හමුවීමත් සිහිනයක් සේ හැගේ..
අනන්තයට යන රේල් පීලිසේ..
එක්නූනත් යායුතුය එක මගේ..

බ්ලොග් එකේ ලිපි ටික ආපහු බලාගෙන යනකොට මේක හම්බ උනේ පරන ඩ්‍රාෆ්ට් එකක් හැටියට..ඒත් මේක පල කරලා නැත්තේ ඇයි කියලා මට හරියට මතක නැහැ...කලින් මම මේක දාලත් නැහැ කියලා ලිපි ටික පරීක්ෂා කලහම තේරෙනවා..ඒ හින්දා දැන් ඔන්න ඔහේ පල කරලා දානවා...මේක මම ලියපු එකක් වෙන්න එපෑ...නැත්තං මෙතන තියෙන්න විදියක් නැහැනේ.

23 comments:

  1. ගොඩක් ලස්සනයි... මාරය උනාට කවි ලියන්න නම් පුදුම හැකියාවක් තියෙන්නෙ...

    ReplyDelete
  2. "අනන්තයට යන රේල් පීලිසේ..
    එක්නූනත් යායුතුය එක මගේ.."

    මේක තමා ගොඩක්ම හිතට වැදුනෙ...

    ReplyDelete
  3. අයියට ලස්සනට කවි ලියන්න පුළුවන්නේ.

    ReplyDelete
  4. හ්ම්ම්... ලස්සනයි. ඒත් දුකයි.

    ඒක නෙමෙයි අයියෙ ඔන්න මම නම් චිලී පේස්ට් රෙසිපි එක අත්හදා බැලුවා හොඳේ...

    ReplyDelete
  5. කිසිදා එක් නොවන මුත් ඒ බව දැනම
    නොසිදා සිතිවිල්ල ඒ මත්තෙම තවම
    හැමදා එකවගේ නොවුනත් නිදි මැරුම
    නොනිදා පහන්වන සිහිනයේ එක නමම

    සිතකට බැඳුන පෙම කුළු ගන්වනු සරිය
    අත ගත යුතු කියා නිති දහමක් නැතිය
    සිතයට තබාගෙන ඒ වෙනුවෙන දිවිය
    මතකෙට හිලව් කල අය මේ ලොව බොහොය

    ප. ලි, ලිවිමේදී අකුරුවල අඩුවක් දු‍ටු බැවින් කිහිපවිටක් කපා කොටා පල කරන්නට සිදුවිය, ඒ ගැන කමත්වා.

    ReplyDelete
  6. රේල් පීලි වාසනාවන්තයි එකතු වෙනවට වඩා......! එකතු වෙන සමහර දේවල් වෙන් වෙනවා ඒත් රේල් පීලි සීමාවක් තුල හැමදාම එකට.... වෙන් වීමක් නෑ. එක්කෙනෙකුට එක්කෙනෙක් නැතිව පැවැත්මකුත් නෑ. අපි රේල්පීලි දෙකක් නොවෙමු කියලා කියනවට වඩා රේල්පීලි ආදරේට මම ආසයි.

    ReplyDelete
  7. @තාරා...

    ස්තූතියි නංගි..නංගි ලස්සනයි කිව්වේ මං හිතන්නේ මම අරං තිබුණ අවසාන තීන්දුවට තමා...

    ReplyDelete
  8. @අනුරාධා...

    බොහොම ස්තූතියි නංගි..ඒ වගේම බොහෝම හිතවත් කමින් පිළි ගන්නවා මගේ අඩවියට...

    ReplyDelete
  9. @පිණිබිඳු...

    හ්ම්ම් නිවාඩුව ඉවරයි වගේ..
    කොහොමද රස අහු උනාද.නැත්තං වැඩේ දෙල් උනාද..?

    ReplyDelete
  10. @විහඟ ගීතය...

    බොහෝම ස්තූතියි කවිය පද වලට වගේම ඒ වෙනුවෙන් දෙතුන් වතාවක්ම මහන්සි වීම ගැනත්...
    ඇත්තටම ඔය විදියේ අකුරු වැරදුන වෙලාවට මාත් ඉතිං ඔය විදියටම මක මක හදනවා...

    ReplyDelete
  11. @සංජු...

    ඔව් සංජු ඒක එක අතකින් දෙයක් අපිට නැති වෙනවට වඩා පෙනෙන දුරින් හරි තියා ගැනීමක්..ඒත් හිත රිද්දන කාරණාව තමයි දැක දැකත් අහිමි වීම...ඔකේ භයානකම විඳවීම තියෙන්නේ..තමන්ට අහිමි වීම පමනක් නෙවේ..අනුන් සතු වීමත් දකින්න උනහම...

    ReplyDelete
  12. කවිය නම් රසය..... අන්තිම පද දෙක තදින්ම හිතට වැදේ !

    ReplyDelete
  13. මේක සුවර් එකටම උස්සපු එකක් නේද මාරයියේ.බුද්ධිමය දේපල පනතේ 5 වන වගන්තිය යටතේ මේකට නඩු දාතහැකි.:D

    ReplyDelete
  14. අපට උරුම නැති අපේ ලොවක් ගැන..
    සැමදා සිතමින් හඩා වැටෙනු ඇර..

    කවි ටික ලස්සනයි මාරයෝ....

    ReplyDelete
  15. මාරයියේ වැඩේ දෙල් උනේ නෑ. පොඩ්ඩක් මිරිස් ටික කර වෙලා පාට වෙනස් උනා. රසේ වෙනසක් නෑ. මරු. ඔන්න මම බ්ලොග් එකෙත් දැම්මා ඒක ගැන.

    ReplyDelete
  16. ආදරය කියන්නෙ කියලා පැහැදිළි කරන්න අමාරු විදලම බලන්න ඕන දෙයක්.එහෙම නේ?
    අන්තිම පද පේලි හතර මාර විදියට හිතට වදිනවා.
    රේල් පීළී කවදාවත් හමු නොවුනත් එකකට එකක් නැතුව බෑනේ.ඒක නිසා අඩුම ගානේ එයාව බලන්න හරි ලැබෙනවනම් ඒක හිතට සතුටක් ගෙනෙල්ලා දෙනවා නේද?

    ReplyDelete
  17. අයි ලවු පළවෙනි කවියට...!!

    ReplyDelete
  18. හ්ම්..කාලෙකින් මේ පැත්තට ආවෙ..බ්ලොග් කියවන එකත් මඟඇරුනා.. ඉඳහිට මේ පැත්තට ආවත් කමෙන්ටුවක් දාන්න වෙන්නෙම නෑ..
    පන්සල් කථා ටික හැමඳා ම ගොඩක් ආසාවෙන් කියෙවුවා..ආයිත් ලියන්නැති එක ගැනනම් දුකයි.. ඒ ගැන තව ටිකක් හිතුවොත් නරකද???
    කොහොම උනත් දිගටම ලියන්න...
    ජයවේවා!!!
    සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  19. නොපිරෙන පැතුමන් පිරුන හිතක් ගැන
    තනිවුන මා හද පතන පැතුම් ගග
    පතුලක් නොපෙනෙන පල්ලමකට මම
    තල්ලු කලා දිය ඇල්ලක් විලසට

    පෙරදිනයකදී නුඹ මා තනි උන
    අහසක් උසකට තැනූ සිහින ගොඩ
    කිසිදා නොඇරෙන ඇහිපිල්ලම් යට
    නිදන් කලා මම යලි නොපෙනෙන්නට

    නුඹ ඔය හසරැල් කිසිදා හිමිනැති
    මාගේ සුසුම්ද නුඹට අයිති නැති
    එකට එකතු වී පාවී යන හැටි
    කුමක් කරන්ද බලා ඉදිමු අපි

    සසර සරන කල පවු පිරවෙන්නැති
    හමුවීලත් මේ අපේම වනු බැරි
    මතු බවයකදී හමුවන්න්නට යලි
    මේ බවයේ සිට පෙරුම් පුරමු අපි

    ReplyDelete
  20. රෙල් පිලි කවදාවත් එක් උනෙ නැතත්,
    එවා කවදාවත් වෙන් වෙන්නෙත් නැති හන්දා,
    අපිට දැනෙන දුක කවදාවත් රෙල් පිලි වලට දැනෙන එකක් නැ,
    ජිවිතෙදි එක්විම වගෙම වෙන් විමත්,
    ස්වභාවය බව දැනගන හිටියත්,
    එක්විමකදි ඇතිවෙන සතුටත්,
    වෙන් විමකදි ඇතිවෙන් දුකත්,
    කවදාවත්ම අඩු වෙන්නෙ නැ!!

    ReplyDelete
  21. එල කවිය මාරයියේ.... වෙන කියන්න දෙයක් නම් නෑ...ඒ තරම් ලස්සනයි...

    ReplyDelete
  22. මාර කවියක්........

    උඹට මාර දැක්මක් බන් මාරයියෙ තියෙන්නෙ..... පොතක් ලියමුද??

    ReplyDelete
  23. kisida ek nowena bawa denagena
    gamanak yamu api duka iwasagena.. ow aia eka nam atta
    godak lassanai aia mulu hitatama weduna

    ReplyDelete