21 April 2011

හාමුදුරුවෝ සහ ගෝල බාලයෝ...මාරයාගේ පන්සල් දිවියේ පණ්ඩිත කනාවක්

නැවත වතාවක් පන්සල් කතාවටම එකතු කොට ලිවීමට ආරම්භ කරනු ලැබූ ලිපි මාලාවේ තෙවැන්න මෙයයි.මෙහි පළමු ලිපිය වූ...
නැගෙනහිර වෙරළේ පන්සල් කතාවක්... යන ලිපිය මේ වන විට බොහෝ දෙනා කියවා ඇති අතර,එහි දෙවැන්න වූ...
ඒ බිහිසුණු මතකය... යන ලිපිය තවමත් සැම දෙනා අතරටම ගොස් නැති අතර එයට හේතුව වී ඇත්තේ එම ලිපි‍ය පලවීමේදී මා අතින් ඇතිවූ යම් අතපසුවීමක් හරහා එය සිංහල සින්ඩිකේටරයන් තුල පෙල ගැසීමේදී වූ වරදක් බව ලාංකීය සිතුවිලි සින්ඩියේ ක්‍රියාකාරී සාමාජිකයකු වූ වැප් නිශාන්ත මලයා විසින් මා හට සවිස්තරාත්මකව පහදා දෙනු ලැබූ අතර..දැන් එම අතපසුවීම නැවත නිවැරදි කල නොහැකි බැවින් එම ලිපිය අතපසු වූ අයට එය සොයා ගැනීම පහසුවීම පිණිස මෙසේ ලින්ක් ලබා දෙන ලදි.

පෙරදින නැවැත්වූ තැන සිට නැවතත් ආරම්භය සනිටුහන් කරමි...
.......................................................................

මේ වන විට මා පැවිදිව වසර එක හමාරක් පමණ ගත වී තිබූ අතර එම කාලය තුලදී ඉතාමත් වේගයෙන් පන්සලේ අභිවෘද්ධිය උදෙසා කටයුතු රාශියක් කිරීමට මා පදනම දමාගෙන තිබූ අතරම...දහම් පාසලේ කුඩා කොළු ගැටවුන් හරහා එම වැඩ බොහෝමයක් මෙහෙයවමින් තිබීම නිසා..මේ වන විට මෙම ගැටවරයින් පිරිස පළාතේ අන් සම වයස් පිරිසට වඩා බොහෝම ක්‍රියාශීලී පිරිසක් විය...

දහම් පාසලේ නවය දහය පංතිවල කොල්ලන් සියළු දෙනාගේම පාහේ අත් වල කරගැට දමා රළුව ගොසින් තිබුනේ පන්සලේ පස් කඳු කැපීම කොන්ක්‍රීට් ඇනීම ආදී දේ හරහාම විණි..ඒ සෑම කාර්යකදීම ඔවුන් ඉතාමත් උනන්දුවෙන් එයට දායක වූ අතර සිදුවන සෑම දෙයින්ම පන්සලේ හා ගමේ දියුණුව අපේක්ෂා කල දෙමාපියන් විසින් ඒ සඳහා කිසිදු බාධාවක් නොකර සිටීමත් වැදගත් විණි...

ඇත්තෙන්ම ඒ වන විට කලක් මුරණ්ඩු යැයි සම්මතව සිටි කොල්ලන් හත් අට දෙනෙකුම මේ වන විට මාගේ නිරන්තර ඇසුරට යොමුව තිබිණි. විභාගයක් ආසන්න වද්දී රෑ බෝවන විට පන්සලට ඇදෙන ඔවුනට රාත්‍රී ආහාරයේ සිට තේ වතුර ටික පවා පන්සලේ සූදානම් විණි..කොල්ලන් ටික එකතු වී උයා පිහා ගෙන විහිළුවෙන් විනෝදයෙන් එම කටයුතු කර නිමවා පාඩම් වැඩ කටයුතු පටන් ගනී...කාල සටහන මගෙනි...

අනිවාර්යයෙන් රාත්‍රී දොළහා වන තෙක්ද නැවත පාන්දර හතරට අවදි වී හය වන තෙක්ද පාඩම් කල යුතුය...
මා විටින් විට බණ මඩුවට යන්නේ ලොකු වතුර බෝතලයත් රැගෙනය...
ටික දිනක් යන විට මහ රෑ හිස මතට ඇද හැලෙන දිය දහරාවෙන් බේරී සිටීමට ඇති එකම ක්‍රමයට ඔවුහූ පුරුදු විය..එනම් නිදි කිරා වැටීම නවතා කෙසේ හෝ පාඩම් කිරීමට උත්සහවන්ත වීමය...

සමහර දිනවල රාත්‍රී කාලයට බණ මඩුවම ව්‍යායාම් ශාලාවක් බවට පත් වේ...
භික්ෂුවක්ව සිටියද පෙරදින ගත කල මිල්ටරි ජීවිතය හරහා දිවියට ඇතුලත්ව තිබූ විනය පිළිබඳ පාඩම් මාලාව ගැටවුන්ටද ගලා යමින් තිබිණි...

මෙතෙක් කලක් හුරුව තිබූ දිවි පැවැත්මට වඩා වෙනස් ආකාරයකට හුරුවන්නට ඔවුනට ඒ හැටි කාලයක් ගත නොවිණි... මෙය කියවන සමහර කෙනෙකු අනුමත කලද නැතද මා ඉතාමත් දැඩි නීති රීති මෙන්ම දඩුවම්ද භාවිතා කල බැව්ද කිව යුතුය. වරදේදී දෝත පුරවා කණ හරහා වදින පහර පිළිබඳව දැන සිටි කොළු පිරිස ටික කලකින්ම ඔවුනගේ දෙමාපියන්ටද සිතාගත නොහැකි තරමේ හික්මුණු චරිත ඇත්වුන් බවට පත් වෙමින් තිබුණි...

දඩුවම් කොතෙකුත් සැර වූවද එකම දරුවකු හෝ මා කෙරෙහි උරණ නොවූ බව කිව යුතුමය.. මා විහාරස්ථානයෙන් පිටමංව විත් අදට වසර තුනක් පමණ ගෙවී ඇති මුත් මේ කොළු රැල අදටත් මා සමඟ නිරන්තවම බැඳී සිටින බැව්ද කිව යුතුමය...

එයට හේතු බොහෝය..දඩුවම් කරනා වෙලාවට එසේ වූවද අන් සෑම වෙලාවේදීම මා ඔවුනගේ සහෝදරයකු යහළුවකු මෙන් විමී...

ඔවුනගේ බොහෝ ගැටළු වලට විසඳුම් ලැබුණේ මා හරහාය... වෙනත් තැන්වලදී මෙන් නොව විශේෂයෙන්ම යොවුන් වයසේ බොහෝමයකට ඇතිවන පොදු ගැටළු ඕනෑම දෙයක් කිව හැකි හිතවත් හාමුදුරුනමක් ඔවුනට ලැබී තිබිණි..

අහල පහල කොහේ හෝ පිරිසක් සමග ගැටුමක් ඇති වූ විට එම පිරිසට අදාල පන්සලේ හිමියන් සම්බන්ධ කරගෙන දෙපිරිසම සමථයකට පත් කරවීම වැනි දේ මෙන්ම කෙල්ලන් සම්බන්ධ කාරණාවලදීද ප්‍රතිඵල දායී උපදෙස් දෙන්නෙකුද වීමත්... එවැනි කටයුතු වලදී නිවෙස් වලින් එල්ලවන විරෝධතා වලදී අතරමැදිහත්කරුවකු වී සියල්ලම බලා ගැනීමට වගකීම ගන්නා මිතුරකුද ඔවුනට විය...

විනය විරෝධී හැසිරීම් නිසා පාසල් වලින් අස් කරන්නට සූදානම් වූ විට දෙමව්පියන් නොව ඔවුන් වෙනුවෙන් ගොස් විදුහල්පතිවරුන් හමුවන්නේද ඔවුනගේ හිතවත් හිමිනම විය.එය වඩා ප්‍රතිඵල දායී වූ අතර..අද වන විට එසේ සාමාන්‍ය පෙල විභාගය පෙනි පෙනී පාසල් ජීවිතය අහිමි වන්නට ගිය කිහිප දෙනෙකුම එම පාසල්වලම උසස් පෙළද නිමවා යහපත් රැකි රක්ෂාවල නිරත වන අය බවට පත්ව සිටීමය...

මෙවැනි කාරණා රාශියක් හරහා ඔවුන් ඒ වන විටත් මා වටා බොහෝ සෙයින් ලෙන්ගතුව සිටි අතර... හිටි හැටියේ වරදකදී වදින කනේ පහරත්..හිස පුරවා ලැබෙන ටොකු පහරත් සිනහවෙන්ම පිළි ගත්තෝය...

විශේෂයෙන්ම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු හා ප්‍රතිසංවිධාන කාර්යයන්හීදී පිල් බෙදී සිටි පැරණි දායක සභාවල මුල්පුටු රත් කල වැඩිහිටියන් සමඟ වැඩ කිරීමට වඩා පොඩිඋන් සමඟ එම ගමන යාම බොහෝ වේගවත්ය...මන්ද යත් ඔවුනට පොදු කටයුතුවලදී ඇතිවන පෞද්ගලික අරමුණු අවම වීමය...

නමුත් වැඩිහිටියන් එම සෑම කටයුත්තකදීම කුමන හෝ යටි අරමුනක් ඇතිවම වැඩ කරනු දක්නට ලැබීම මාහට ඒ වන විට සාමාන්‍ය අත්දැකීමක් බවට පත්වී තිබිණි...
විහාරස්ථානයක පිංකමක් හෝ වේවා..ගමක මරණයක් හෝ වේවා..අවුරුදු උත්සවයක් දන්සැලක් හෝ වේවා..කටයුත්ත කෙබඳු වූවද..අරමුන වියයුතුව ඇති දේ කොතරම් උසස් වූවද ඔවුනට එයට වඩා වැදගත්වන වෙනත් දෑ ඇත...
උදාහරණයක් ලෙස දේශපාලන අරමුනු ප්‍රධාන කොට දැක්විය හැක...
ගමේ මිනිසුන් තම වෙහෙස මහන්සිය මතින් උපයාගත් මුදල් සම්මාදන් කොට පවත්වන අවුරුදු උත්සවයටද ඔවුනට දේශපාලකයෙකු ඈදාගත යුතුමය...

එහිදී දැනට පවතින ලාංකීය දේශපාලනයේ ප්‍රධාන පක්ෂ දෙකේ කාඩරයන් විසින් මූලිකවම පිල් බෙදා ගැනීමක් හරහා අර කරන්නට ගිය කටයුත්ත පසෙක ලා..තම තම පිල්වලට මුල්පුටු අල්ලන්නට කැස කවයි..ඒ අතර වාරයේ තුන්වෙනි බලවේගය හැටියට එදා තිබූ..අදවන විට කී වන බලවේගයදැයි ඔවුනටවත් සිතාගත නොහැකි පිලේ සිටි දෙතුන් දෙනා අර පිල් දෙකටම බැනවදිමින් තවත් පාරක යයි...

මේ එක් කරුණක් පමණි..නමුත් මෙයට යටින් ඇත්තටම දිවයන්නේද..දේශපාලන අරමුණු පමණක් නොවේ...තම ගමේ කෙරෙන පොදු කටයුත්තක මුල් පුටුව තමා බැල මෙහෙවර කරන පක්ෂයේ දේශපාලකයෙකුට පවරා ඒ හරහා ඔහු සතුටු කර තම තමන්ට එම දේශපාලකයා හරහා ලබාගත හැකි පෞද්ගලික වාසි පිළිබඳව ඔවුන්ගේ අරමුනු යොමුව ඇත.

ඇත්ත වශයෙන්ම සුනාමි ව්‍යසනයේ පසු කියවීම තුල අප සියල්ලන්ම දුටු කරුණක් වූයේ..මූලිකව එම වේලාවේ සෑම දෙනාම එකාවන්ව අත්වැල් බැඳගෙන පොදුවේ සිතා කටයුතු කල මුත් පසුව එම කටයුත්තට දේශපාලනය හා බඩගෝස්තරවාදය එකතුවීම තුලින් එම උතුම් ඒකරාශීවීම දිය වී ගොස් මහා අවුලක් නිර්මාණය වූ බව පමණි.

මෙය සමාජයේ සෑම ස්ථරයකදීම පවතින තත්වයක් බව ඒ සෑම ස්ථරයක්ම වෙන වෙනම ඇසුරු නිසුරු කරන්නෙකු හට බොහෝ පහසුවෙන් තේරුම් ගත හැකි කරුණකි.ගමේදී නගරයේදී කියා එහි වෙනසක් නැත.
නමුත් යම් යම් වයස් කාන්ඩ වලදී මෙම තත්වයේ පැහැදිලි වෙනස්වීමක් දක්නට ලැබේ...
කුඩා උන්ගේ ලෝකයේදී උන් නිතර බාහිර වශයෙන් අපිරිසිදු වන්නට පෙලඹේ..කුනු නාවර පෙරා ගැනීමට රුසියෝ වෙති. ඒ නමුදු ඔව්නගේ අභ්‍යන්තරය ඉතා පිරිසිදුය...ක්‍රමක්‍රමයෙන් ඔවූහූ ලොකු මහත් වන්නට වන්නට බාහිර පිරිසිදු කම පෙරට වඩා ඇති කර ගැනීමට උත්සුක වන අතර එතෙක් කලක් තිබූ අභ්‍යන්තර පවිත්‍රතාවය ඔවුන් වෙතින් ගිලිහී යන්නේ ඔවුනටද නොදැනීමය...

මෙයට වැඩි උදාහරණ අනවශ්‍යය...
විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන්ගේ දේශපාලනයත්..ඉන් පිටව යන උගතුන්ගේ දේශපාලනයත් තේරුම් ගැනීමම හොඳටම සෑහේ...

අද සමාජය හදන්නට මොර දෙන ඔවූහූ හෙට දිනයේ මිය යන්නවූන්ද..නැත.
අද ඔවුන් සාධාරණත්වය ඉල්ලා මොර දුන්නද..හෙට වන විට ඔවුනගෙන් සාධාරනත්වය ඉල්ලා මොරදීමට ඊ ලග පරම්පරාවට සිදුව ඇත...

මෙම තත්වය ගමක වෙසෙන සාමාන්‍ය මිනිස් සමූහයාටද පොදු කරුනකි. කෙටියෙන් කිවහොත් මහ උන් එක්ක වැඩ කරනවාට වඩා පොඩිඋන් එක්ක වැඩ කිරීම ඊට වඩා සියදහස්වාරයක් පහසුය...

උවමනාවට වඩා විනාශකාරීවන්නට උත්සහ දරණ තැන්වලදී අවවාද හා දඩුවමත්..ඒ හැරුන කල අන් සාමාන්‍ය තත්වයන්හීදී නිදහස්ව සිතන්නට ලෝකය දකින්නට ලෝකයට ආදරය කරන්නට..ලෝකයට අමුතුවෙන් වැඩක් නොකලත් තමන් කරන වැඩ හරහා ලෝකයට වන හානිය අවම කරන්නට පුරුදු පුහුණු වෙමින් වැඩෙන්නට හැරීමත් දරුවනට දිය හැකි හොඳම දේ වෙයි.එබැවින් ඔවුන් හා මා අතර සම්බන්ධය විටෙක අනුශාසක මට්ටමෙන්ද..විටෙක මිතුරකු මට්ටමේද විය...

මෙසේ ඇසුරු කිරීමේදී හිමිනමක් සැලකිලිමත් විය යුතු කරුණු බොහෝය...
ඒවා අතර සාසන ගරුත්වය රැකීම ප්‍රධාන කරුණකි.

බොහෝ පන්සල්වල ආවාසය තුල රැ‍‍ඳෙන පන්සලට සමීප කොළුවන් සමහර විට සිටිනුයේ තම හිතවත් හිමිවරුන් සමග එකට එක පුටුවේ එක ඇදේ වාඩිවී ගත් ගමන්මය...කන බොන දේ එකටම කති බොති...

එසේ වූ කල ටික කලකින්ම අර කොළුවන්ට සාසනය ගැන ඇති ගෞරවයක් හෝ අමුත්තක් නැතිව ගොසින් පන්සල් ගෙවල් බවට පත්වීමට ඒ හැටි කාලයක් ගත නොවේ...

ඊටත් වඩා සැලකිලිමත් විය යුතු කරුණු වන්නේ අද සමාජයේ ඉහළින් කතා බහට ලක් නොවෙතත් සෑම විටම යටි මට්ටමේදී කතා බහට ලක්වන පන්සල් හා බැඳුන ලිංගික අපචාර සම්බන්ධ කතා බස් පිළිබඳවය...

යොවුන් සමාජය හා ඇසුරේදී එවැනි සිදුවීම් වලට ඉඩ නොතැබීම මෙන්ම..එවැනි දෙයක් පිළිබඳව චිත්‍ර මවාගන්නට උත්සහ කරන කුණු රසයටම ලොල් වූ මිනිසුන්හට එවැනි දේට ආධාර අනුබල සැපයෙන කිසිවක් නොසැපයීමත් වැදගත්ය...

ඊට අමතරව සාංඝිකය කෑම පිළිබඳව දරුවන් හට නිසි අවබෝධය ලබා දිය යුතුය...නොඑසේනම් පාපකර්මයන් රැස් කරගැනීම පමණක් නොව..පන්සල් යනු පිනට කන්න තියෙන තැන්ය යන වැරදි සිතුවිල්ල ඔවුනගේ සිත් තුල තැන්පත් වී ඒ හරහාම පන්සල් විනාශ වී යාමට අඩිතාලම වැටීමයි..මන්ද අද එසේ සිතිවිලි සකස් කර ගන්නා දරුවා..හෙට දිනයේ පන්සලේ දායකයා වන බැවිනි.
මෙම කරුණ නිසා පන්සලෙන් කන බොන දෙයට පවක් නැතිවීම පිණිස බුදුන්ට සංඝයාට උපස්ථාන කිරීමට ඔවුනව නිතරම යොමු කරවීමද කල යුතුම දෙයකි.

මෙවැනි කරුණු රාශියක් නිසා ඔවුනව මා ඇසුරු කරනු ලැබූයේද බොහෝම කල්පනාකාරීව බව කිව යුතුය.

ඇවැසි තැන දඩුවමත්..ඇවසි තැන උපරිම මිතුරකු ලෙසත් ඔවුන් සමග සමීපව කටයුතු කරනාතුරම තබාගත යුතු නියම දුර පිළිබඳව සෑම විටම සිහියෙන් සිටීමත් අනිවාර්ය අංගයන් විය...

මෙසේ කටයුතු කිරීම හරහා මෙම කාලය වන විට මා මේ සඳහන් කරන්නට යෙදුණ ගැටවර වියේ පසුවන බොහෝ පිරිසක් මා හා පන්සල වටා ඉතාමත් ලෙන්ගතුව බැඳී සිටි බව කියන්නට යෙදුනේ මෙතැන් පටන් සිදුකල සියළුම දේට එම දරුවන්ගෙන් ලද විශිෂ්ට සහය සහ කිසිසේත්ම වැඩිහිටියන්ගෙන් නොදැකිය හැකි අවසානය දක්වාම ඇති නොපසුබට වීර්යයත් පොදු අරමුණෙන් කිසි විටකත් බැහැර නොවී ඔවුන් කටයුතු කල ආකාරය ගැන ඔවුනට කලයුතු උපහාරය දැක්වීම පිනිසත්ය...

34 comments:

  1. මටනං උඹැහැ ලියාපුවෑයින් හොඳම ලිපිය...!

    ReplyDelete
  2. ඒ වගේ හිමි නමක් ඉන්නවනම් ගමක දියුණුව ගැන කතා කරන්න දෙයක් නැ තමා. අර උඔ කියන කඩකාරයොගේ වැඩ කොච්චර ඔඩු දුවදල කියන්න මේ කාලෙත් ඕනැ තරං උදාහරණ තියෙනවා කියනවානම්.......

    ReplyDelete
  3. @බුද්ධි

    කඩකාරයො නෙවෙයි බං.. කාඩරයෝ..

    ReplyDelete
  4. මාරය අයියත් මාරම චරිතයක්නෙ. එල එල.

    ReplyDelete
  5. ඇත්ත්ටම නියම පෝස්ට් එකක්... ආදර්ශවත් හාමුදුරුවරු තවත් ඕනෙ තරම් ඇති මං හිතන්නේ... එයාලත් මේ වගේ සේවාවන් වල නිරත වෙනවා ඇති. ඒත් මට දුක මේ හාමුදුරුවෝ ඒ වැඩ පිළිවෙල අතෑරලා දාපු එක ගැන...

    ReplyDelete
  6. සිත පහන් වියැ....

    මෙතෙක් මා කියවූ සාර්ථකම ලිපියයි...

    ReplyDelete
  7. මම මාරයා අය්යාගෙ කියවපු හොදම ලිපිය මෙක , ගොඩාක් ගුරුවරුන්ටත් මේක වෑදගත් .

    ReplyDelete
  8. කලින් කමෙන්ට් එකේ පොඩි යුනිකෝඩ් පටලැවිල්ලක් වුනා.ඒක මැකුවේ ඒ හින්දා
    මාරයාගේ ලිපි කියවීම පටන්ගත්තේ ගිය ඔක්තෝම්බර්වල වගේ.ඔය කේන්දර සම්බන්ධ සර්ච් එකක් දානකොට අහම්බෙන් වගේ බ්ලොග් එක දැක්කේ.මට මතකයි මුල් දවස්වල මම "මාරයාගේ හෝරාව" කියෙව්වෙ පැල් බැදගෙන.මට කියවන්න ලැබුනු මුල් ලිපිය හොද එකක්.මේ පෝස්ට් එකේ මම ආසම හරිය තමයි.
    "විනය විරෝධී හැසිරීම් නිසා පාසල් වලින් අස් කරන්නට සූදානම් වූ විට දෙමව්පියන් නොව ඔවුන් වෙනුවෙන් ගොස් විදුහල්පතිවරුන් හමුවන්නේද ඔවුනගේ හිතවත් හිමිනම විය.එය වඩා ප්‍රතිඵල දායී වූ අතර..අද වන විට එසේ සාමාන්‍ය පෙල විභාගය පෙනි පෙනී පාසල් ජීවිතය අහිමි වන්නට ගිය කිහිප දෙනෙකුම එම පාසල්වලම උසස් පෙළද නිමවා යහපත් රැකි රක්ෂාවල නිරත වන අය බවට පත්ව සිටීමය..."

    ReplyDelete
  9. මාර හාමුදුරුවො වගේ කට්ටිය තව ටිකක් හිටියනං ලංකාවෙ පන්සල් ටික නියමෙට හදල ගන්න තිබුණ.
    කොහොම උනත් ඔය දේශපාලනය හින්ද තමයි විශේෂයෙන් ගම් වල තියෙන හැම දෙයක් ම අවුල් වෙන්නෙ.

    ReplyDelete
  10. අම්මප පණ්ඩිත කණාවක් නේන්නම්

    ReplyDelete
  11. මාර අඩවියේ සේරම ලිපි කියවලා තියනවා,,,මේක ඒයින් ආදර්ශමත් ලිපියක්,,

    ReplyDelete
  12. මාරතුමාගේ ලිපි පෙල අතුරින් විශිෂ්ටතම ලිපිය කියෙව්වෙමි.

    ReplyDelete
  13. පහුගිය දවස් වල කොමෙන්ට් නොදැම්මට කියෙව්ව හොඳේ.

    ReplyDelete
  14. මාරය කියන්නෙ හරිම අපුරු මනුස්සයෙක්...හිතට හරි සතුටක් දැනෙනව බ්ලොග් අවකාශෙන් හරි අදුන ගන්න ලැබීම ගැන...

    ReplyDelete
  15. @තිස්ස අයියා...

    බොහෝම ස්තූතියි බං අයියේ එදා වාගෙම අදටත් දෙන ගැම්මට...

    ReplyDelete
  16. @බුද්ධි...

    අපි කියන දේටත් වඩා ඇස් වලට අහුවෙන දේ ප්‍රභලයිනේ...

    ReplyDelete
  17. @කසුන්...

    මාර නැහැ මල්ලි..මාර නැහැ...

    ReplyDelete
  18. @prasanna86k...

    සැමට සෑම දේ කිසිදා උරුම නැති ලොවේ...

    ReplyDelete
  19. @Niroshan...

    ස්තූතියි සහෝදරයා...

    ReplyDelete
  20. @sameera...

    අද තුන්වන වරටත් හොඳම ලිපිය කියන මනාපය..බොහෝම ස්තූතියි...

    ReplyDelete
  21. @JHOTHISHALANKA...

    ආ ඔය වගේ යුනිකෝඩ් අවුල් මටත් ඕන පදං වෙලා තියේ...
    ස්තූතියි...

    ReplyDelete
  22. @Praසන්ன...

    දේශපාලනයට විතරක් බැහැ ප්‍රසන්න අවුල් හදන්න..ඒකට අපේ මෝඩ ආත්මාර්ථකාමී මිනිස්සුන්ගේ දායකත්වයත් එකතු උනාම තමා නියම විනාශය...
    බොහෝම ස්තූතියි හැමදාම අත නොහැර එන ඔබේ සහයට

    ReplyDelete
  23. @උන්නැහේ (පිලේ පැදුර)...

    ආයේ ඉතිං මුලට විශේෂණත් දාතෑකි (බක වගේ)හෙහ් හෙහ්...

    ReplyDelete
  24. @ItalyDilan...

    ඩිලාන්ගේ කියවීම මට හැමදාම සුවිශේෂි වටිනාකමක් එකතු කරනවා...විශේෂයෙන්ම ඔබේ ආගමික පසුතලය මත හිඳිමින් ඔබ දකිනා ආකාරය කල්පනා කලහම...ස්තූතියි...

    ReplyDelete
  25. @ගල්මල්-Coral...

    ඩීන් අයියා උඹත් අපේ ඩිලාන්ගේ අනිත් එක...බොහෝම ස්තූතියි අයියණ්ඩි...

    ReplyDelete
  26. @Observer...

    අනිවාර්යයෙන්ම ඒ බව දනිමි.බොහෝම ස්තූතියි සනත් අයියා...

    ReplyDelete
  27. @පැන්ඩා...

    බොහෝම ස්තූතියි මල්ලියා...

    ReplyDelete
  28. මගේ හිතෙත් ලොකු කණගාටුවක් තියෙනවා...ගමේ පන්සලට මට එතරම් උදව්වක් කරන්න බැරි උන එකට..බලමු ඉදිරියේදීවත් ..මාරයාගේ ලිපිය ගැන මම ආයි කියන්න දෙයක් නෑ..කලින් කීපදෙනෙක්ම ඒක කියලනේ..

    ReplyDelete
  29. @කුරුම්නියා...

    සහෝදරයා ඔය කණගාටුව පිළිබඳව මට බොහෝම සංතෝෂයි..ඇත්තටම මේ ලිපි මාලාව ආයේ ලියන්න පටන් ගත්තට පස්සේ මට පෞද්ගලිකව කතා කරලා මේ වෙන කොට හතරදෙනෙක් කියලා තියෙනවා ඔය කතාවම...

    මං හිතන්නේ මං ලියපු අකුරු වලට පාඩුවක් නැහැ කියලා...ඇත්තටම මට ඕනත් ඒ දේ...

    පන්සල්වල අඩුපාඩු දාහක් තියෙන්න් පුළුවන්..ඒත් අපිට ඊට වඩා හිතන්න දේවල් තියේ..ඒ හින්දා අපි බලමු ඉස්සරහට හරි අපෙන් කරන්න තියෙන දෙයක් හැකි විදියට කරන්න...

    ReplyDelete
  30. නියම ලිපියක්.. මේ දවස් වල ලිපි ගොඩාක් මඟ ඇරිලා වගේ මට.. අපේ පන්සලටත් මේ වගේ හාමුදුරු නමක් හිටියානම් කොච්චර හොඳද?

    ReplyDelete
  31. මන් පන්සලේ කතා ලියන එක නතරකරනවට අකමැති උනේ ඔන්න ඔය ටික කියවෙන එක නතරවෙන නිසා. නැවත ඕක පටන් ගත්ත එක හොඳයි. අපේ ගොඩක් මිනිස්සු පිටින් බැලුවට හාමුදුරු කෙනෙක්ගෙ ඇතුලාන්තය තේරුම් ගන්නෙ නෑ. හාමුදුරුවරු ඒක එලියට දාන්නෙත් නෑ බයට. ඉතින් උඹට නොකියා තව ඔය දේ තේරුම් ගත්ත උන් ගොඩක් ඇති බන්.

    ගිහින් බලහන් මම පන්සලේ කතාව නවත්තපු දවසෙ ලියපු කොමෙන්ටුව මම ඔය උඩින්ම ලියපු ටික කියලා ඇති එදා.

    ReplyDelete
  32. ගම්පහ මාර හිමි......... මාර හරවත් ලිපියක්.......

    ReplyDelete