12 April 2011

තව ටිකයි...

දිනයෙන් දිනය ගත වෙද්දී ගමන් මග..
දිවියෙන් තවත් එක් දිනයක් යයි පරව..
කවදා නමුත් මෙහි කෙළවර එනතුරුම..
තාමත් මම හිඳිමි සසරෙහි අතරමග..

නැවතෙමි වරෙක සිටිනෙමි වී එක තැනෙක..
නැවතත් වරෙක අරඹමි නව පණක් ගෙන..
තව එක් වරක් හිටි හැටියේ වෙමි සසල..
යා යුතු මගක් නොම දැන අසරණ උනිය..

මොන දේ උනත් තවමත් මා සිටින්නෙමි..
මරු එන දිනක් ගැන හරියට නොදන්නෙමි..
ඒ මුත් දිනෙක ඔහු එන බව දනින්නෙමි..
ඒ දින තෙක්ම මා අතැගිළි ගනින්නෙමි...

7 comments:

  1. මොකද මේ අද උදේ ඉදලා වෙලා තියෙන්නේ...........

    ReplyDelete
  2. අපි හැමෝම ඉතින් මැරෙනවා තමයි. ඒ වුනාට කවද මැරෙයිද කියලා හිත හිත ඉන්නවට වැඩිය, සංසාර ගමනට වැඩදායි යමක් කමක් කරගෙන කාටවත් බරක් නොවී ජීවත් වෙන එක තමයි හොඳම දෙය.

    ඔන්න මාර අයියේ ලබන්නා වූ අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියල මම ප්‍රාර්ථනා කරනවා....!!!!!

    ReplyDelete
  3. මාරයා හමුවෙනතෙක් බලා සිටින මාරයෙක්. මාරයි නේ.....

    ReplyDelete
  4. "ජීවිතය වගේ මුමණන
    ආදරය වගේ දිලිහෙන
    දිය තරංග පොකුරක්
    එළියෙන් නලියනවා.......

    නොදරුවෙකු අතින් බොඳවුන
    සිතුවමක් ලෙසින් සුන්දර
    ආදරය නෙතින් දසඅත
    රටා වියනවා........

    කිරි වැදී නටන ගොයමට
    මිහිඳුමින් වැටුණු පිණි කැට
    රන්දමක් වගේ ගෙලවට
    රනින් දිලෙනවා........

    හෙටක් ගැන යමක් නොදකින
    හෙටක් තිබේදැයි නොසිතන
    කෙනෙක් මධුවිතක් ‍තොළ අඟ
    තවර ගන්නවා........... "

    ReplyDelete
  5. මොකද මේ දවස් වල මාරයියගෙ ට්‍රැක් පැනල? මැරෙනකල් ඇඟිලි ගැන ගැන ඉන්නවට වඩා කරන්න කොච්චර වැඩ තියෙද. ඒ වෙලාවෙ බ්ලොග් එක ලියන්නකෝ අපිට කියවන්න.

    ReplyDelete
  6. මාරයිය මක්කෙයි සර්ව අශුභවාදී ආරක යනව වගේ පේන්නෙ.......???

    චියර් අප්...........

    http://aluthkolla.blogspot.com

    ReplyDelete