27 April 2011

පවසා ගත නොහේ මුව ඇත ගොළු වීලා..

හිතුවක්කාර නුඹ ගාවදි නැවතීලා..
නන්නත්තාර විය මා අසරණ වීලා..
යනතක් නොදැන තවමත් මා තනිවීලා..
පවසා ගත නොහේ මුව ඇත ගොළු වීලා..

පෙර දින හමු උනා ගමනක අතර මැද..
හමු වී හිනැහුනා දහසක් පැතුම් මැද..
යළි අප වෙන් උනත් තනිවී කතර මැද..
තවමත් නොමැත අවසානය සසර මැද...

12 comments:

  1. හොද වැඩේ..! :-/

    ReplyDelete
  2. පන්සිල් අරන් නිදාගනින් කොලුවො.

    ReplyDelete
  3. අනේ මන්දා මාරයා ආතල් එකට කවි ලියනවද? දුකට ලියනවද කියලා...

    ReplyDelete
  4. ඔව්වා ඔච්චර හිතන්න එපා මාරයා අයියා.දුක සෑප නිති පෙරලේ.....

    ReplyDelete
  5. දඟකාර දෑස් ලඟ
    ශෛලමය මගේ හිත
    නිසසලව තිබුණි නම්
    මේ තරම් දුකක් නෑ...

    ReplyDelete
  6. මටත් ඕකම උනා හැබැයි මම නම් හිත හිත ඉන්නෙ නැතුව ඉක්මනටම ක්ෂේම බූමියක් හොයා ගත්තා.

    ජීවිත ගමනෙදි අපේ ජීවිත හරහා නොයෙක් අය යනවා. සමහර වෙලාවට සමහරු අපි යන මගේම යනවා. සමහර විට ටිකදුරක් ගියාම වෙන් වෙන්න වෙනවා නොයෙකුත් හේතු කාරනා නිසා. ඉතින් මක් කොරන්නද බන් වට පිට පොඩ්ඩක් බලනවා ඇරෙන්න කවුරු හරි ඉන්නවද කියලා අපි යන මගේම යන අය කියලා.

    ReplyDelete
  7. හිතුවක්කාර වුයේ ඔය සෙනෙහස හින්දා
    නන්නත්තාර නොවුනත් මා අසරණ වුවා
    යනතක් තිබුණමුත් මාද අද තනිවීලා
    මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හන්දා ........

    ReplyDelete
  8. "හිතුවක්කාර නුඹ ගාවදි නැවතීලා..
    නන්නත්තාර විය මා අසරණ වීලා.."

    මේ ටිකට මම ලැයික් හොදේ....!!

    ReplyDelete
  9. අනේ ද කියන්නෙ....

    ReplyDelete
  10. මාරය අයිය නරක හීනයක් දැකලද කොහෙද.

    ReplyDelete
  11. උඹ නාඩං අපිට පිස්සු මාරයියේ......

    ReplyDelete