30 April 2011

මහ වන මැදදී හමු වූ තනි අලියා... සුනාමි ආධාර දීමට යන අතර මගදී...

ගමන ආරම්භ වී මඳ දුරක් යන විටම කොළු නඩය සිය වැඩ ආරම්භ කරනු මා බලා සිටියේ සිනාසෙමින්ය...
පාරේ තොටේ සිටින ලමිස්සියන් ගැටිස්සියන් දුටු කල ඈත සිටම ඔවුනගේ ක්‍රියා කාරකම් ආරම්භ වේ..නමුත් රථය එම ගැහැණු පරාණ රථය පස් කර ලද්දී ඒත් සමගම සියල්ලගේම දෑස් කැරකැවී විත් නතර වන්නේ පිටු පස රථයේ සිට ඔවුන් දෙස බලා හිඳින මාගේ දර්ශනයෙන්ය...

කොල්ලන්ටත් මටත් සිනහ නැගෙන්නේ එකම විටය..ඊටත් වඩ මෙම ක්‍රියාවෙන් සතුටක් ලබන පුද්ගලයා වූයේ රථය රැගෙන යන කළු අයියාය...

"ඔන්න ඔන්න හාමුදුරුවනේ..ආයෙම වතාවක් කෑ ගහන්න හදන්නේ..ආ..ආ...ඔන්න බැළුවා හාමුදුරුවෝ බලාගෙනද කියලා..අන්න ඔළු ටික සටස් ගාලා හැරෙනවා ඉස්සරහට.."

මෙය අප දෙපිරිසටම විනෝදයක් ගෙන එන්නා වූ ක්‍රියාවක් විය...

අඳුර වැටෙන තාක් කල්ම හැංගි මුත්තම සිදු විය..නමුත් ඒ අතරම කොල්ලෙකුගේ සාක්කුවෙන් ඇදෙන කුඩා තුංඩු කැබැල්ලක් බස් නැවතුම් පලවල් ආසන්නයේදී සුළගේ යන ආකාරයත් ඇසට අසු වෙනවාම නොවේ...එහෙත් එය නොදුටුවා සේ සිටින්නට මා වග බලා ගත්තෙමි...පාරේ යන උදවියට අනවශ්‍ය ලෙස කෑ ගසා ඔවුන්ගෙන් මාපිය උපහාර වන්දනාව නොලබා ගමන යාම පමණක් සෑහුණී..ඒ හැර කොල්ල‍න්ගේ විනෝදයට අකුල් හෙළිය යුතු නොවේ

ගමනකදී කොළු ගතිය ඉස්මතු වීම අරුමයක් නොවේ..නමුත් නිදහස වැඩිපුරම ලද විට යාළුවන්ගේ තරම මා හොඳින්ම දැන සිටියෙමි. එබැවින් මාගේ අවධානය ඇති තෙක් පමණ ඉක්මවා යාමක් ඔවුන්ගෙන් සිදු වන්නේ නැත..
ගමනට අවශ්‍යම යැයි සිතා එක්කාසු කරගත් බාස් යුවළ පිළිබඳව මා හොදින් දැන සිටියෙමි.වඩු උපකරණ මල්ල රථයට පටවද්දීත් එහි ඇති අධික බර ගතිය මා නෙතට අසුව තිබිණි...එහෙයින් ඔවුන් හා කොළු ගැටයින් හට රිසි ලෙස මුහු වීමට දීමෙහි අවසන් ප්‍රතිඵලය මා හෙඳින්ම දැන සිටියෙමි...

කෙසේ හෝ රාත්‍රී අඳුර වැටෙනා තෙක්ම ඔවුන් අමුත්තක් නැතිව ගමන් කරනා ලදි...

.......................................................
සවස දෙකට ආසන්නව පන්සලෙන් පිටත් වූ අපට පලමු අවශ්‍යතාවය වූයේ කෙසේ හෝ සවස හයේ කණිසමට කලින් උඩ වළවේ ජලාශය අසලට පමිණීමටය...
එයට හේතුව වූයේ රාත්‍රී කාලයේ ජලාශයේ බැම්මට උඩින් වාහන ගමනා ගමනයට ඉඩ නොදෙන වග මා හට ඒ පිළිබඳව දන්නා අයකු පවසා තිබීමය...

දහසකුත් එකක් වැඩ රාජකාරි අස්සේම ගමන යායුතු ගමන් මාර්ගය සොයා ගැනීමද මවිසින් පූර්වයෙන්ම කරගෙන තිබුනි..අදටත් කොහේ හෝ දුර ගමනක් යාමට ප්‍රථමයෙන් සිතියම් පොතත් මා විසින් බොහෝ කාලයකට පෙර පිටකොටුවේදී සුළු මුදලකට මිලදී ගෙන තිබූ ලංකාවේ මාර්ගයන්හී දුර සටහන් කර ඇති පොත් පිංචද උපයෝගී කොට ගෙන ගමන් මාර්ගයත් එහි දුර පිළිබදව අවබෝධයත් ඒ අනුව ගමනට වැය වන ඉන්ධන පිළීබඳව අනුමාන අය වැයක්ද සාදා ගැනීමට හුරුව සිටිමි.

ඒ අනුව එම ගමනට ප්‍රථමයෙන්ද එසේම සටහනක් සාදාගෙන සිතියමට අනුව ගමන් කල යුතු මාර්ග හා හැරෙන්නට ඇවසි තැන් කුඩා කොලයක සටහන් කරගෙන තිබිණි..අදනම් ගූගල් මැප් ආධාරයෙන් එම කටයුත්ත ඉතා පහසුවෙන් කර ගත හැකි මුත් පරිගණකයක්වත් අත පත ගා නොතිබූ එකල්හී එකම පිහිට ලේක්හවුස් සිතියම් පොත පමණක්ම වීය...

කෙසේ වෙතත් මාර්ගයේ අපහසුවත්..රැගෙන යන භාණ්ඩවල බරත් මෙන්ම පරිස්සමට ගෙන යායුතු වූ මුදුන් උළු කැට ටිකත් හේතුවෙන් ගමන ඒ හැටිම වේගවත් නොවීම මත..උඩ වළවට එනවිට හයයි කාල පමණ වී තිබුණි..නමුත් එහි ආරක්ෂක අංශය වෙත ගොස් කරුණු පැහැදිලි කර දී බැම්ම මතින් යාමට අවසර ලබා ගත් අතර එසේ නොවුනා නම් තවත් අමතර කිලෝමීටර පහළවක් විස්සක් පමණ වන වටයක් ගසා එම ගමන යාමට අපට සිදු වේ...

උඩ වළව ජලාශයේ ඈත කෙලවරින් හිරු බැස ගොස් තිබුනද අහසේ ආලෝකය රැදී තිබිණි...එම දසුනද සිත් අලවාගෙනම අප දිගටම ධාවනය කලෙමු...කෙසේ හෝ බෝදා ගම හන්දිය හරහා තණමල්විල පාරට ගොස් එයින් පසුව සියඹලාණ්ඩුව දක්වා පැමිණි අප ඉඩ කඩ ඇති ස්ථානයක නවත්වා රැගෙන ආ බත් පාර්සල් ටික අහවර කොට නැවතත් ගමන් අරඹන විට සෑහෙන වේලාවක් ගතව තිබිණ...

ක්‍රමයෙන් අප ආසන්න වූයේ ලාහු ගලටය...ඒ වන විට මධ්‍යම රාත්‍රිය උදා වී තිබිණ..ඊට ප්‍රථම හසු වූ මාර්ග බාධක වලදී ඔවුන් විසින් අපට රාත්‍රී ගමන භයානක බැවින් නොයන ලෙස උපදෙස් දුන්නද..කෙසේ හෝ එළිය වැටීමට ප්‍රථමව අපගේ ගමනාන්තයට යායුතු වූ හෙයින් අප එම ස්ථාන වලින් කෙසේ හෝ පැමිණ සිටියද...ලාහුගලදී නම් එයට අපට අවසරය නොලැබිණී...ඉදිරියේ වූයේ මහ වනයයි...ඒ වන විටත් නැගෙනහිර පළාතේ වනාන්තරවල කොටි ත්‍රස්ථවාදීන්ගේ ක්‍රියාකාරකම් තිබුනු වග ඔබ අප හොඳින්ම දන්නා කරුණකි...

ඊටත් වඩා අනතුරු දායක වූයේ වල් අලින්ගේ ගැවසීමයි...මාර්ග බාධකයේ රාජකාරි භාරව සිටි හමුදා සැරයන් වරයාගෙන් අපට බුරුලක් නොලැබිණ.

ගමන පිටත් වීමට පෙර සිටම ගමනට එක් වීමට බලාගෙන සිටි කිහිප දෙනෙකුම ගමන අතහැර දැමුවේ මෙම අලි තර්ජනය හා නැගෙනහිර කොටි ප්‍රශ්නය නිසාවෙනි..ඒ කිහිප දෙනාම පාහේ වැඩිහිටියන් වූ අතර එක් කොළුවකුද විය..කොළුවාට ඒමට උවමනාව ඇතත් දෙමාපියන් එයට විරුද්ධ වීම හරහා ඔහු අපට අතහැරුනි..පැමිනි දරුවන්ගේ මා පියවරුත් තරමක් බියෙන් නමුත් කොල්ලන්ගේ උනන්දුවත් මා හට ඇති පක්ෂපාතීත්වයත් නිසාම දරුවන් මේ සඳහා එන එක වැලැක්වීමට උත්සහ කලේ නැත...

අප පැමිණි රථ දෙකෙහිම රියදුරු මහතුන්ගෙන් රාත්‍රි ගමනට බියක් හෝ අකමැත්තක් නොවීය.. කොල්ලන් පිළිබඳව අමුතුවෙන් කියන්නට උවමනාවක් ඇතියි මා නොසිතමි...ඕනෑම දෙයකට සූදානම් කොළු රෑන නිසා මගේ තිරණ වලට යම් පහසුවක් විය...

කෙසේ හෝ රාත්‍රි දොළහේ සිට පැය කිහිපයක් ලොරි රථ ලාහුගල මුර කපොල්ලේ නවතාගෙන අප සියළු දෙනාම කෙටි නින්දකට වැටිනි..අදුර නිසා ඒ හැටි යමක් නොපෙනුනද..එම ස්ථානයේ තිබූ කටු මැටි ගෙය මට තවමත් මතකයේ ඇත...සමහරු එම ගේ පසෙක වූ මැටි පොලොවෙත් සමහරු ගෙන යන කොට මත්තෙත් මා සිටි අසුනේමත් ආදී ව‍ශයෙන් නිදා ගත්තෙමු...

කෙසේ හෝ පාන්දර හතරට ආසන්න වද්දී ශබ්දයක් ඇසී මා නිදමින් සිටි අඩ නින්දෙන් අවදී බැළු විට මුර කපොල්ල ආසන්නයේ යම් වෙනස් කමක් වන ආකාරය දුටිමි..එතෙක් වේලා සිටි මුර කණ්ඩායම රාජකාරියෙන් මිදී වෙනත් කණ්ඩායමක් එම ස්ථානයේ රාජකාරිය භාර ගන්නා බව කතා බහින් තේරුම් යන්නට විය...

රථයේ තිබූ වතුර බෝතලය ගෙන කට සෝදා වතුර උගුරු කිහිපයක් බී යාන්තමින් මුහුණත් සෝදාගෙන නිදාගෙන සිටි පිරිසට කතා කල සැණින් සියල්ලෝම අවදි වූ අතර..නැවත වතාවක් මුර කුටිය ආසන්නයට ගොස් අළුතින් රාජකාරිය භාර ගත් පිරිසේ ප්‍රධානියාව කතාවට අල්ලා ගතිමි... විනාඩි දහයක පමණ කතා බහකින් පසු යාන්තම් එතැනින් පිටත්ව යාමට අවසරය ලබා ගත හැකි වූයේ ඉන් පසුවය...

නැවතත් සියල්ලන්ම වාහන වලට ගොඩ වූ අතර මෙවර මා අනිත් වාහනයට මාරු වී එම වාහනය ඉදිරියෙන් ධාවනය කරවන්නට කිවෙමි...

මා මෙතෙක් වේලා පැමිණී රථයේ රියදුරු හා හිමිකරු වූ කළු අයියා ඕනම දේයකට ඔට්ටු හදිසියකදී කල බල නොවන අන්දමේ අයකු විය..නමුත් අනික් රථයේ රියදුරා මටත් වඩා ලා බාල තරුණයකු වූ අතර ඔවුන් වෙනම යැවීමත් පිරිස අතැර මා තනිවම ගමන් කිරීම ඒ හැටි සුදුසු නොවන වගත් සලකා එම රථයට නැගී අනික් රථය පිටු පස තබාගෙන ධාවනය ආරම්භ කලෙමි.හදිසියක් වූවහොත් හැකි තරම් වේගයෙන් පසු පසට හෝ අනතුරින් ඉදිරියට පැන ගත්තේ නම් ඉදිරියටම හෝ ධාවනය කරනා ලෙසත්...කිසි විටකත් අනිත් වාහනය සමග වාහනය එකට නතර නොකරන ලෙසත් මා විසින් කළු අයියාට පවසන ලදි

අප කිසිවකුටවත් වල් අලින් සැරි සරන්නා වූ මාර්ගයක ගමනා ගමනය පිළීබදව ඒ හැටි අවබෝධයක් නොතිබූ අතර මා වල් අලින් දැක තිබුනේ හමුදා පුහුණුව අවසාණයේ කැලෑ සටන් පුහුණුව සඳහා සතියක් තිස්සේ බුත්තල කැලයක් මැද්දේ කල පුහුණුවේදී පමණි..ඒද රාත්‍රී මුර සේවයක් සඳහා ගසක් උඩට වී ආරක්ෂක රාජකාරි වැටුන අවස්ථාවකදීය...එදින නම් අප සිටි ගසට අඩි විස්සක් තිහක් ඈතින් ඇදී යන අලි රංචුවක් දෙස ශබ්ද නොනගා බලා සිටීමට මාත් ඇතුළු සිව් දෙනෙකුගේ කණ්ඩායමට හැකියාව ලැබී තිබුණී

ඒ හැර අලින් හමු වූ විට කරන්නේ කුමක්දැයි අපට අත්දැකීමක් නොවීය කල හැකි එකම දේ වූයේ හැකි උපරිම වේගයෙන් ධාවනය කිරීමත් වාහනයේ ඉදිරිපස වීදුරුවෙන් හැකි තාක් ඉදිරියේ පාර දෙස විමසිලිමත්ව බලාගෙන යෑමත්ය...නමුත් අතර මගදී තැනකදී දෙකකදී පිටු පස සිටි කොළුවන්ගේ ශබ්දය එක් වරම වැඩි වීම නිසා බලන විට මාර්ගය මැද නොවුනත් මාර්ගය අයිනේ ගස් කොලන් අස්සේ සිටින වල් අලි කිහිපදෙනෙකු පසු කර අප පැමිණි බව දැන ගතිමු. පැති වීදුරුවෙන් ඔළුව එළියට දමා

"බොලවු මොනවා දැක්කත් කෑනොගහා හිටු" යැයි

කියා ඔවුන්ව නිහඩ කරන්නට වූයේ අප පසුපසින් එන රථයේ ආරක්ෂාවත් සලසා ලිය යුතු නිසාය...
කෙසේ හෝ අධික වේගයෙන් ගමන ගියත් මාර්ගයේ වූ අබලන් කම අපට බොහෝ සෙයින් බාධාවක් විය...

සෑහෙන දුරක් ගිය පසුව එක් විටම අප බලාපොරොත්තුව සිටි දර්ශනය අපගේ නෙත් මානයේ පෙනුනි මා මෙන්ම රියදුරු තරුණයාද එය එක්වරම දැක තිබිණී වාහනය එක තැනම නවතින සේ වැදුන ‍බ්රේක් පහරින් සියල්ලන්ම අන්ද මන්ද වී තිබුණී...අප පිටුපසින් පැමිණි කළු අයියාද ඒ හා සමගම වාහනය නවතා ගෙන තිබුණි...වහාම ලයිට් එළිය නිවා දමන ලදි...

සියල්ලෝම ඉදිරිය බැළු අතර කිසිවක් නොපෙණීනි..කළු අයියාගේ රථයේ ගොඩ වී සිටි මේසන් බාස් උන්නැහේ හිමිහිට එයින් බැස අප අසලට පැමියේය...

"මොකද හාමුදුරුවනේ..."

"අලියා..."

"කොතනද.."?

"අපිට අඩි හතලිහක් විතර ඉස්සරහා...කළු අයියට කියන්න වාහනේ කෝකටත් පස්සට ගන්න කියලා ඉක්මනට.."

හිමිහිට පාර දෙසම බලා සිටි ඔහුත් පාර මැද්දටම වී සිටි අලියාව දුටු අතර ඒ වහාම ඔහු ආපසු පිටුපස රථයට ගිය අතර පැමිණියාට වඩා වේගයෙන් අදුරේම වාහනය පිටිපසට ගැණිනි..අපත් ඒ සමගින්ම රථය පිටුපසට ඇද්දවූ මුත් කළු අයියාගේ වේගයට සම කරන්නට අපට නොහැක..

කෙසේ වෙතත් වාහන දෙකම තිබු තැනින් අඩි සියයක් පමණ පසු පසට ගත් පසු දෙපිරිසම කතා බස් කරන්නට වූයේ දැන් කුමක් කල යුතුද යන්නයි...

නමුත් අපට එලෙස වැඩි වේලා කතා බස් කරන්නට නොලැබුනි..එක් වරම අප නොසිතූ දෙයක් සිදු වූයේය...

26 comments:

  1. යකෝ මේක ගිහින් තියෙන්නෙ මේ පැත්තෙන්නෙ.

    අති බිහිසුනු ජවනිකාව ඊළගට බලාපොරොත්තු වන්න.

    ReplyDelete
  2. හොදම තැනට ඇවිලා නවත්තලානේ....
    ඉක්මනට අනික් කොටසත් දන්න කිටවන්න බලාගෙන ඉන්නේ.....

    ReplyDelete
  3. අයියෝ..මොකද උනේ...හොදම කැල්ලෙන් නැවත්තුවා..

    ReplyDelete
  4. කියවන කොට මාත් එතන හිටියා වගේ. නියම ලිපිය. ඊ ගාව කොටස් ටිකත් ඉක්මනටම දාන්ඩ. නරකද ඔක්කොම එකතු කරලා පොතක් ලීවොත්.

    ReplyDelete
  5. බීල වැඩි වෙලා ගෙදර යන්න පාර හොයා ගන්න බැරුව හිටිය අලියෙක්ද?

    ReplyDelete
  6. අයියෝ.... මාරයා අයියත් ටෙලි නාට්‍ය ට්‍රික්ස්නෙ දාන්නෙ කුතුහලේ උපරිමේටම ගෙනල්ල "මතු සම්බන්දයි" කියල දානවා.... ඊලග පෝස්ට් එක ඉක්මනට දාන්නකෝ....

    ReplyDelete
  7. ඔන්න අර උදේනි කොලුවගෙ හස්ති කාන්ත මන්තරේ තිබ්බනම් කියාපු වෙලාව. අලිය පිටෙන්ම ගමන යන්න තිබ්බා ලොරි දෙක පැත්තකට දාල

    ReplyDelete
  8. මාරයියේ සමහර ලිපි දිගයි කියල හිතුනත් කියවල තියෙනව...අදනම් දැනුනේ වෙනදටත් වඩා කොටයි වගේ...

    ReplyDelete
  9. මම කියවනවා මාරේ අයියේ බොක්කෙන්ම කියවනවා . මම මේ ලිපියට බොකු බඩවැල් වලින්ම කැමත්ත දීලා ආසාවෙන් කියවන්නේ ඇයි කියලා අයියා දන්නවා නේද ? .....ඉවසිල්ලක් නෑ ඉතිරිය එනතුරු ...

    ReplyDelete
  10. අප්පට සිරි.... ඊට පස්සෙ මක්කැයි උනේ?

    ReplyDelete
  11. අලියට පොඩ්ඩක් සඳරු ගෙ නම කිව්වනම් ........

    ReplyDelete
  12. aio anith kotasa wahama balaporothtuwemi.. Ikmanata danna onna terena sinhalen kiuwa

    ReplyDelete
  13. ඉක්මනට අනිත් ටික දාන්නෝ....................!

    ReplyDelete
  14. හැම එකටම කමෙන්ට් නොකලට මාත් කතාව බලනවා.තනි අලියා ගැන විස්තරය දැක්ක ගමන් මටත් මතක් වුනේ සඳරුව

    ReplyDelete
  15. අලි කීවම මට ඉතින් .....

    ReplyDelete
  16. හොඳම හරියට එනකොට නවත්තලනෙ. ඉක්මණට දාන්න ඉතුරු ටිකත්.

    ReplyDelete
  17. ඔන්න දැන් තමයි ත්‍රාසජනක සීන් එක....
    ඩිග් ඩිග්.. ඩිග් ඩිග්......... :O

    ReplyDelete
  18. ත්‍රාසජනක අලි කතාවක් සමග,,ඔන්න අපේ පපුවත් ඩිග් ඩිග් ගාන්නම දාලා කතාව නවත්තලා

    ReplyDelete
  19. මීට මාස පහකට පමණ කලින් ලහුගලදීම මමද ඔය අත් දකීම වින්දෙමි...... අවාසනාවට රථය පැදවූයේද මාය.... වාසනාවට දන්න ශිල්ප සියල්ල නිසි පරිදි ක්‍රියාත්මක විය....

    ReplyDelete
  20. ඊට පස්සේ මොකද උනේ දන්නවද ඔයා?
    දන්නේ නෑ නෙ කියන්නකෝ.

    ReplyDelete
  21. මොකක්ද බං නොසිතූ දේ? අලිය උගෙ පාඩුවෙ යන්ඩ ගියා.....ඒකද?

    ReplyDelete
  22. බිං කරුවල වැටෙන යාමයේ රථය හබරණ පසුකරමින් දඹුල්ල දෙසට ඇදෙන්නට විය. වංගුවක් ගන්නවාත් සමඟම රථයේ ආලෝකයෙන් ඒකාලෝක වූයේ මාර්ගය අසලට පැමින සිටි වල් අලියෙකි. රථය මදකට නැවතුනි,

    ඒක් යහළුවෙක්: "මචන් ඔය තනි අලිය, ඕක තමා භයානකම. පොඩ්ඩක් ඉඳල ඕක ගියාම යං"

    මද වේලාවකින් රථය ඉදිරියට ඇදුනි. අලියා කිසිදු කලබලයක් නොමැතිව උගේ පාඩුවේ පසුවිය.

    අනෙක් පිරිස: "කෝ බං, උබ කීවට අලිය කිසි කලබලයක් කලේ නෑ නෙ..."

    මඳ දුරක් යනවිට දුටුවේ තවත් අලි තුන්දෙනෙක් මාර්ගය අසලට පැමිණ අසල ගස් වල කොල අතු කන ආකාරයයි. මේ අලි ගැන මොහොතකට පෙර ලැබූ පූර්ව අත්දැකීම නිසා එක් යහළුවෙක් අර කලින් යහළුවා වෙත නැඹුරු වී,

    "මචන් ආං! තනි අලි තුන්දෙනයි!!" කීය.

    -සත්‍ය සිදුවීමක් ඇසුරෙනි-

    ReplyDelete
  23. මාර අයියා LIVE

    ReplyDelete
  24. ලිපිය නම් මාරයි. මල පනිනවනෙ ඉතිං මෙහෙම නතර කළාම. දැන් හීනෙනුත් අලි පෙනෙයිද දන්නෑ.. :D

    ReplyDelete
  25. හැමදාම මේ ලිපි ටික කියවන හැමෝටමත්..බලලා විතරක් යන්නේ නැතිව වචනයකින් හරි මා දිරිමත් කරන්නා වූ සහෘද ඔබ සැමටත් බොහෝමත්ම ස්තූතියි...

    ReplyDelete