12 April 2011

මාර විචාරයට ලක් වූ හාවාගේ දුම් කබල...


හරි එහෙනං ආයෙමත් ඔය කවුරුත් දැන් හොඳින් දන්න කියන මගේ විචාර කලාවේ තවත් එක් මං සලකුණක් පෙන්නුං කරන්ටයි මං හදන්නේ...
දැන්නං ඉතිං වැඩි අටුවා ටීකා ටිප්පණි නැතත් මේ කවුරුත් දන්නවා මාර විචාර කලාවේ ගති ලක්ෂණ...

ඒ දැනීම කොච්චරද කිව්වොත් දැන්නං එකෙක්වත් මට තම තමුන්ගේ ෆොටෝ කෑලි මුණු පොත හරහා ටැග් නොකරන තරං..ආන්න ඒ තරං මගේ විචාර කලාව හරි සියුම් සුමට මානුෂ හිතවාදී... විචාර කලාවක් බව මේ අවස්ථාවේදී මං ඉතාමත් නිහතමානීව පොරකාස කොරන්ට ඕන...

ඇත්තටම මේ පොටෝව මට අහු උනේ අපේ බ්ලොග් සාමාජිකයින් අතර කාගේත් හුරතලයට සහ සමහර විට බයිට් එකට නිතර ගොදුරු වන්නා වූ හරි අහිංසක මල්ලී කෙනෙකුගේ මූණු පොතේ ඇල්බමයකින් තමා...

ඉතිං මේ ඇත්තටම මේ කොළුවා මට මුලින්ම මේ පොටෝව ටැග් කලේ නැහැ මොන යම්ම හේතුවක් නිසා හරි..ඒත් අහම්බෙන් වගේ මං මගේ මහා (අ)කරුණාවෙන් (ලෝකය නෙවෙයි) මූණු පොත බලන වෙලාවේ මේ පොටෝව දැක්කම මට හිතුනා මෙතන මට යම් කිසි වැඩකට ඉඩක් තියෙන විත්තිය..

ආන්න ඒ පාර මං මෙන්න මෙහෙම අහලා යැව්වා මෑන්ස්ට...

"උඹ හරි නරකයි ***..මං වගේ පුද්ගයෙකුට ඇයි උඹ මේවා ටැග් නොකරන්නේ..ඇයි අපි කළුද..?
අනික මගේ විචාරයක් ලබන්ට එහෙම ලේසියෙන් පුළුවන්ද..?
මොකද කියන්නේ දෙන්ටද..?එපාද..?"


අන්න එතකොට මෑන්ස් මට කියනවා මෙහෙම...

"මාරයියා.. සමාවෙන්ට මාරයියා.. මං හැමෝම ටැග් කලේ නැ.. ඔන්න ඔහේ කියලා දාන්න.."

ඒත් ඒ වෙනකොට ඔතන පොඩි අවුලක් තිබුනා..මොකද අපේ ප්‍රවීණ පුද්ගලයෙක් මේ පොටෝවට ඇහැ ගහලා තිබ්බා...ඇත්තටම මට ඔහුව එක ක්ෂේත්‍රයකට කොටු කරලා කියන්න බැරි හින්දා අහවල් දේට ප්‍රවීණයි කියලා කියන්ට බැහැ..ඒ ඒ තරමට අංශ ගණනාවකින් විශිෂ්ඨ දක්ෂතා දක්වලා තියෙන අපේ ගරු කටයුතු මහත්මයෙක් මේ ගැන වැදගත් විචාරයන් දෙමින් හිටියේ..ආන්න ඒ හින්දා මම මෙහෙම කියලා යැව්වා...

"මේ ***** මහත්තයා වැඩේට අත ගහලා නෙව ඉන්නේ..මං ඊට පස්සේ එඤ්ඤං."

හැබැයි ඊට පස්සේ මේ අපේ නවක ඡායාරූප ශිල්පියාට පහළ උනා මං දෙන අදහස් අනිත් අයට නොදැනෙන්න එයාටම විතරක් දැනගෙන තමන්ගේ විෂය ක්ෂේත්‍රය විතරක් දියුණු කර ගැනීමේ හරි කැත ආත්මාර්ථකාමී සිතුවිල්ලක්..ඒ හින්දා මිනිහා මට මෙහෙම කියනවා...

"මාරයියේ.. එක්කො මට ඔය කියන ටික මේල් එකකින් දාන්න.. මොකද මාරයියා කියන දේ ඒක බලලා මිනිස්සු කියන කුප්ප කතා දැක්කාම .. මටත් අප්සෙට්.. "

ඒ පාර ඉතිං මං ටිකක් කල්පනා කලා..ඒත් මට තේරුනා මම එහෙම කරන එක හරි නැහැ කියලා මොකද මේ වගේ දැනුම් සම්භාරයක් තියෙන මං වගේ කෙනෙක්ගේ වටින කියන එක අදහසක් හරි මිනිස්සුන්ට බෙදා දෙන්ට තියෙන අවස්ථාවක් පැහැර හැරීම ජාතික වගකීමක් පැහැර හැරීමක් වෙනවා කියලා...

ඒ හින්දා මම මෙහෙම කිව්වා...

"ආ ආන්න එහෙම කියහං...
නැත්තං ඉතිං මාත් ඇරලා දාන්ටයි ලෑස්ති උනේ..ඒත් බං මෙවා බලන අයට පාඩුයි මම කියන දේ දකින්න නැතිවාම..මොකද විචාරයක් කෙබඳු විය යුතුද කියන එකට හොඳම උදාහරණයක් ගන්ට තියෙන්නේ මගේ විචාරයෙන්නේ බං..මං මේ ඒ ගැනයි කල්පනා කරන්නේ"

ඉතිං අන්තිමට කොහොම කොහොම හරි මං ඔය වගේ කතා වලින් පස්සේ මෙන්න මෙහෙම විචාරය සඳහා යොමු උනා...

එහෙනං බලන්ටකෝ උත්කෘෂ්ඨ අසම සම අනගිභවනීය වගේ තව ඔය රටේ තොටේ තියන බර බර වචන ඔක්කෝගෙන්ම හඳුන්වන්ට පුළුවන් මගේ විචාරය කොයි වගේද කියලා...

"සමා වෙයං මලයා මං ටිකක් පරක්කු උනාට..මේක තමයි මං විචාරයක් දෙන්ට පුල පුලා බලා සිටි පොටෝව...හරි අපි පටන් ගමු.."

"දැන් බලන්ට මලයා..මේ තියෙන්නේ මොකක්ද..?දුං කබලක්...දැන් මේ පොටෝ එක කිසිම තාත්වික බාවයක් නැහැ කියලා මං කිව්වොත් මලයා මාත් එක්ක තරහා වෙනවද..?(උනත් කරන්ට දෙයක් නැහැ කට කෑවත් අපි විචාරකයෝ හැටියට ඇත්ත කියන්ට ඕන..)
බලහං මේකට කබලක් කියලා කියන්ට ඇහැකිද..ඕන පකිස් බූරුවෙකුට පේනවා මේක කබල් වෙලා නැහැ කියලා..ආන්න එතනින්ම ඔප්පු වෙනවා මේ පොටෝව අතාත්විකයි කියලා..ඒ අංක එක...දැන් අපි බලමු ඊ ළග කාරනාව"

"අංක දෙක...
මල්ලි පොටෝ එක් පැත්තකට දාහං..පොඩ්ඩක් කල්පනා කරහං කොළුවෝ..දෙයියන්ට බුදුන්ට සලකන්නේ මෙහෙමද කියලා...
බලහං අර දුං කබල නිකං ආසාවටවත් සුද්ද කරලා නැහැ..එක පැත්තකින් දැලි කුනු පිරිලා..ඒ මදිවට අගුරු ටික බොහෝම පරණයි..සමහර විට මුල්ම යුගේ මිනිහා ගින්දර හොයා ගත්ත කාලේම අවුලපු ගින්දර ගොඩකින් ගත්ත අගුරු වගේ..

එහෙම නෙවෙයි බං උඹට ඔය පොටෝ කෑල්ල ගන්ට කලින් තිබ්බා ටිකක් දුං කබල පිරිසිදු කරලා කාරිය..පොල් කටු දෙකක් ලිපට දාලා පුච්චලා..හරි හමන් විදියට අගුරු ටිකක් දාලා ලස්සනට ඔය දුං කබල පොටෝ ජෙනික් කොරලා ගන්ට..කොහේද..?උඹලා නිකමටවත් ඕවා හිතන එකක්යෑ"


"හරි මෙන්න මල්ලී බල බලා සිටි ඒ අවසාන විචාරය..මල්ලී මෙතන තව මූලිකම දෙයක් වෙන්ට ඕන..ඒ කියන්නේ දුම් කබලක්නං දුං එපෑ..මේ මොනවද මේ තියෙන්නේ මේවා දුංද..මේවාට දුං කියනවනං..මල්ලි දුං වලට කියන්න දෙයක් නැතිව යනවා..ආන්න ඒ හින්දා මල්ලි මීට පස්සේවත් පොටෝ එකක් ගන්න කොට මීට වඩා ඔය ඔළු ගෙඩිය ඇතුලේ අල ගෙඩියකටත් වඩා කුඩාවට තියෙන අර මොල ගෙඩිය පාවිච්චි කොරන්ට බලන්න..දැන් බලන්න ඔයාට තිබුනා මේකට පොල් මුඩු කෑල්ලන් දාන්ට..නැත්තං කජු ලෙලි දෙකක් දාන්ට..ආන්න එහෙමනං බලන්ට තිබුනා දුං..කොහේද උඹේ උපන් ගෙයි කම්මැලි කොම නෙව..ඒවා කරන්ට කම්මැලිමනං උඹට තිබ්බා ඔය දුම් කබලට කවර් වෙන විදියට අඩුම ගානේ මදුරු කොයිල් දෙකක්වත් පත්තු කොරලා තියන්ට..කොහේද ඒ එකක්වත් කරලා නැහැ..මේ ඔක්කෝම සම්පිණ්ඩනය කරලා බැළුවම මට කණගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ මල්ලි මේක නියම භක්තිය..සර්ධාව පෙන්නන පොටෝවක් නොවන වග තමා..කමක් නැහැ මල්ලී අධෛර්මත් වෙන්න එපා..කියලා මම කියන්නේ නැහැ..අධෛර්මත් වෙන්න..මොකද ඊට පස්සේ ඔයාට පුළුවන් ආයෙම 0 ඉඳන් පටන් ගන්න..මල්ලි බය වෙන්න එපා..මල්ලි තනි වෙලා නැහැ..මල්ලි එන්න..මං මල්ලිට පෙන්නන්නං නියම මාවත..මං හිතනවා මල්ලි මං පෙන්නන ඒ මාවත දිගේ දිගු ගමනක් යයි කියලා..ඔබට සුභ පැතුම්"

"තව චුටි අවවාදයක් දෙන්නං මල්ලි..මොනවා උනත් මේ උපදෙස් උබට හුගාක් වටින හින්දයි කියන්නේ..මල්ලි දැන්ම ඔය දුම් කබල් පොටෝ ගහන්ට එපා..මුලින්ම ඔය හදුන්කූරු මදුරු කොයිල් වගේ ඒවායින් පටන් ගන්න..එහෙම ගිහිල්ලා කාලයක් යනකොට මල්ලිට ඇහැක් වෙයි දුං කබල්වලට විතරක් නෙවෙයි..පස්සෙන් පහු කාලෙක දුම් බෝම්බ හරි ගහන්ට යන්ට..හරිනේ තේරුනානේ..මං කැපුනා..යඥ්ඥං.."

ඔන්න ඔය විදියට මං චිචාරය දුන්නට පස්සේ අන්තිමට මේ පොටෝව ගත් අහිංසක මල්ලිට බුද්ධිය පහළ උනා...එයා අන්තිමට කියනවා මෙන්න මෙහෙම...

"මාරයියාගේ කීම අසා සිගරට්ටුවකිං පටන් ගමි"

ආන්න බලන්න පින්වතුනි... ආලෝකෝ උදපාදි...

15 comments:

  1. මරු ඕයි........:D :D :D :D අන්න ආදර්ෂමත් මල්ලිලා.

    ReplyDelete
  2. සිගරට් එකෙන් පටන් ගන්න බෑනේ. එක්කෝ ලයිටරෙකින් පටන් ගන්න ඕනේ. නැත්නම් ගිනි කුරකින්.
    චඃ බොහොම සවුත්තුයි...උබේ විචාරත් නිකන් අර සුරියප්පෙරුමගේ වගේ වෙලානේ.. දෙකක් දාගෙන විචාරපන් එතකොට හොදට අදහස් ඔලුවට එනවා..

    ReplyDelete
  3. අප්පේ ආලෝකෝ උදපාදී නේ....

    ReplyDelete
  4. පට්ට විචාරයක් තමයි.
    අර ආදර්ශමත් මල්ලි ආදර්ශමත් අයියගෙ කීමනං නියමෙට පිලි අරං තියෙනව.

    ReplyDelete
  5. ඔන්න විචාර ඒකනේ අපිත් ඉතින් මාරයියව අනුගමනය කරන්නේ,,මේ බනියලා පොටෝ ගන්න ඒවා මාරයට ඉදිරිපත් කරලා හොද නරක අහගනින්,,නැත්නම් උබලගේ මේ පොටෝ ගමන පටන් ගද්දිම නැති වෙන එක වෙන්නේ,,කොහෙද උබලට හරි උපදෙසක් දෙන්න කෙනෙක් නෑ නේ අපේ මාරයියා ඇර

    ReplyDelete
  6. අනේ මටත් කොහෙන් හරි පොටෝ එකක් ගහල මාරයියව ටැග් කොරන්ට හිතුන..

    ReplyDelete
  7. "මාරයියාගේ කීම අසා සිගරට්ටුවකිං පටන් ගමි.."

    එලම එල... විචාරෙ මරුවට වැඩ කරල....

    ReplyDelete
  8. හික්ස්...............

    මං ඒත් බැලුවා එදා මට දුන්නේ දුම් කබලේ විචාරෙන් කොටසක්ද කියලා...... ‍හික්ස්............

    ReplyDelete
  9. කවුද යකෝ ඔය අලුගුත්තේරු අවලම් හාවා ? :-D

    ReplyDelete
  10. ඔන්න අපිනම් දන්නේ නෑ හාවා කවුද කියලා .........:D

    ReplyDelete
  11. මාරෙ නියමයි විචාරය. මට මේක දකිද්දි මතක් වෙනව උඹේ විචාරය මොනතරම් නං ඉවහල් උනාද කියල මගෙ ඡායාරූප ශිල්පියෙක් වීමේ හීනෙ හිතිං අමතක කරල දාන්න. . . . . .

    ReplyDelete
  12. හාවා වගේමයි අම්මපා වෑඩත් මේකාගේ..අනිත් දවසේ මාරයා කිව්වත් වගේ ඔය දුම් කබල හොදහන් බන්..

    ReplyDelete
  13. මේකනම් පට්ටයි මාරයා අයියා....සිරාවටම කොහෙන් එන අය්ඩියාර් ද මන්දා..මොකක් වුනත් නියම විචාරය....

    ReplyDelete
  14. විට්ට පචාරය...............

    http://aluthkolla.blogspot.com

    ReplyDelete