27 April 2011

අමතක නොවන තිළිණයක් ලදිමි...


ජීවිතය දෙස ආපසු හැරි බලන සෑම විටම අතීතයේ සිදු වූ බොහෝ දේ..මාගේ මතකයට එන බැව් කිව යුතුය.
ඒ මතක බොහෝමයක් දුක් කඳුළු තැවරුන ඒවා බවත්..අතරින් පතර එකක් දෙකක් සතුට තැවරුන ඒවා බවත් අමුතුවෙන් කිව යුතු නොවේ...

ඒ අතරින් යම් යම් දේ මා අත පත් වූ අවස්ථාවල මසිතට දැනුන සතුටු දායක හැගීම් සමුදාය මා අදටත් වින්දනය නොකරනවා නොවේ...

මට මතක ඇති කාලයකදී මුලින්ම මට ලැබුන වටිනාම තෑග්ග වූයේ තාත්තා විසින් මට බාගේ බයිසිකලයක් අරන් දුන් අවස්ථාවයි..ඒ තෑග්ග හිමි වූයේ පහේ ශිෂ්‍යත්වය වෙනුවෙනි..නමුත් එය මට ලැබුනේ විභාගය ලියන්නටත් ටික දවසකට කලිනි. ඒ විභාගය ගැන මටත් වඩා තාත්තාට විහ්වාසයක් තිබූ බැවිනි.

එබැවින් තෑග්ග කලින් ලබා තෑග්ගට සුදුසුකමද මා විසින් ඔප්පු කොට සිටියෙමි..එදා ඒ තෑග්ග මට මහ මෙරක් සේ වටිනාකමක් ඇත්තක් විය...

අම්මා තාත්තා ඇරුන කොට මා කුඩා කල මට ඉඳ හිට හෝ පොතක් පෑනක් තෑගි දුන්නා නම් ඒ මගේ දෙවන මහප්පාගේ වැඩිමහළු දියණිය වූ අක්කා පමණි...එම මහප්පාගේම දෙවන දියණිය වූ අනිත් අක්කා විසින් මට වරක් ටී ෂර්ටයක් ලැබුනි..ඒ මා ඥාතීන් වෙතින් ලද එකම තෑගි ටික විය..

ලබා ඇති තිළිණයන් සීමිත වීම නිසාම මා හට එම සෑම දෙයක්ම අදටත් ඉතා හොඳින් මතකයේ ඇත.

ඒ හැරුන කල පසු කාලීනව නම් මා බොහෝ සෙයින් ආදරය කල ගැහැණු දරුවා විසින් මා හට උපන් දිනයකට ටී ෂර්ටයක් මා හට තිළිණ කරන ලදි...
එයින් පසුව මෑත කාලීනව නම් පසු ගිය කාලයේ මගේ ජීවිතය වී සිටි ඇය විසින් මට වරින් වර කුඩා කුඩා තෑගි බොහෝමයක් දෙනු ලැබූ අතර..විශේෂයෙන්ම ඇඳුම් පැලදුම් තෝරා ගැනීමට මට ඇති දුර්වලතාවය හොඳින්ම දත් ඇය නිතරම මා හට එවැනි දෑම තිළිණ කරනු ලැබීය...

ඔය මාගේ අතීතයේ මාගේ ඥාති සම්බන්ධතා හා ප්‍රේම සම්බන්ධතා මත මට හිමි වී ඇති සම්පූර්ණ තෑගි ලැයිස්තුව වේ...

....................................
මා අන්තර්ජාලයට ගොඩ වී දැන් වසර පහක් පමණ ගෙවී ගොස් ඇත..එයිනිදු බ්ලොග් කියවීමට එක් වී වසර දෙකක් පමන ගෙවී ගොස් ඇත.
මා බ්ලොගයක අකුරු ඇමිණීමට පටන් ගෙන අද වන විට වසර එක හමාරක් පමණ කාලයක් ඉකුත් වී ඇත...

මේ කාල සීමාව තුලදී මා හට බ්ලොග් කරණය හරහා දැන අඳුනාගත් අයගෙන් ඊයේ වන විට අවස්ථා කිහිපයකදී තිළිණයන් හිමිව ඇති අතර..එයින් එක් තිළිණයක් මා වෙත තිලිණ කල කෙනා..ඒ වෙනුවෙන් හරි අපූරු බැනුම් ටිකකටත් උරුම කම් කියන ලදි. (මට දැන් පේනවා මේක බලලා ඔහු හරි අපූරුවට හිනාවෙන ගමන් මට නෙද්දකින් කියලා බනින හැටිත්..)

මෙයට ටික දිනකට ඉහතදී මා විසින් බ්ලොගයට ලියන ලද ලිපියක් දුටු තවත් සිංහල බ්ලොග් අතර සරන්නා වූ අප දන්නා කියන තැනැත්තියක් විසින් එහි මා සඳහන් කල මගේ පුංචි ආසාවක් පිළිබඳව සටහනට අවධානය යොමු කර ඒ සඳහා යම් දෙයක් තමාට කල හැකි බව දන්වා සිටි අතර ඒ හරහා මා හට ලැබෙන්නට උරුම වූයේ මාගේ සයිබර් ජීවිතය තුලදී මා ලබන්නා වූ තවත් අපූරුතම තිළිණයකි..ඇත්තෙන්ම එහිදී වරින් වර මා වෙත පනිවිඩ එවමින් ඇය විසින් මා හට එම තිළිනය ලබා දීම වෙනුවෙන් බොහෝ සේ ඇප කැප වී කටයුතු කරනු ලැබීය...

එහි අවසාන ප්‍රතිඵලය සේ අද දින මා හට කොළඹ විශ්ව විද්‍යාලයට පය ගැසීමට සිදු වූ අතර මහ වැස්ස මැදම තෙමීගෙන එහි ගොස් එම තිළිණය මා අතට ලබා ගන්නට මට හැකි විණි...

තිළිණය පමණක් නොව ජීවිතයේ පළමු වරට විශ්වවිද්‍යාල භූමියකට පය ගහන්නටද මට ඒ හරහා අද වාසනාව උදා වූ අතර වංක ගිරියක් බඳු වූ විශ්ව විද්‍යාල ගොඩ නැගිල්ල නිර්මාණය කල අය හෝ අයවළුන් නම් සෑහෙන්න මගෙන් බැනුම් අසා ගත් බවද කිව යුතුමය...

බොහෝම අමාරුවෙන් අතරමං නොවී අඳාල තැනින් මට එවා තිබූ තිළිණය මා අත පත් වූ පසුව තවත් හොඳ වරුසාවක් මැදම යාන්තමින් අද දහවල් වන විට ගෙදරට ආපසු ඒමට හැකි වූ අතර..එයින් පසු ත්‍යාගය පිරික්සා බලන විට එකක් වෙනුවට තුනක්ම ලැබී තිබුණි...

දැන් මේ වන විට නම් එයින් එකක් ඉතා සීරු මාරුවට පැයකට ආසන්න කාලයක් ලබා ගෙන මා විසින් හමාර කරන්නට යෙදුණ අතර...එයින් මා ලද වින්දනය ඉමහත් බවත්...එම වින්දනයටත් වඩා තිළිණයක් එය හිමි වූ නිසා ලබන සතුට හරහා මා විසින් භුක්ති විඳිනා බවද මෙහි සටහන් කරන්නට කැමැත්තෙමි...

අරුණි අක්කේ ඔබට ස්තූතියි..!


19 comments:

  1. ඔය වගේම තමයි මාරයියේ ගොඩක් අයට, තෑගි හම්බුන ඒවා අතේ ඇගිලි ගානටත් වඩ අඩුයි

    ( මේක බීලද මන්දා මාරයියා බස් එකේ පේන්නත් නැත්තේ :D )

    ReplyDelete
  2. දැන් ඔය සුරුට්ටුව ඇදල අර කතාවෙ ඉතුරු ටිකත් ලියහං.

    යකෝ ඕක ඇදල ඉවර කරන්න පැයක් යනවද?

    මාරයාට වින්දනය ලබා දීම සදහා කැපවූ අරුණි අක්කාට අපේ ස්තුතිය !

    ReplyDelete
  3. මෙහෙම හරියන්නෙ නෑ කොල්ලො.. දැන් උඹ ඔය සුරුට්ටුව බොන ගමන් පොඩි දර්ශනවාදී මනෝ පාරක් දාපං.. හොදම වැඩේ තමයි ඉතිං ඔය හවස්කරේ ඉර බැහැගෙන යන වෙලාවක ඩිරින්ක් එකකුත් පැත්තකින් තියාගෙන සුරුට්ටුවත් පත්තු කොරගෙන සොබාව සවුන්දර්යය නරඹන එක.. ඊට පස්සෙ උඹට එන ඔක්කොම කල්පනා ටික දාලා බොලොග් පෝස්ට් එකක් ලියහං.. එතකොට තමයි තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග වෙන්නෙ.. :)

    ReplyDelete
  4. මේකට කොමෙන්ට කරන්න මට ගොඩක් වෙලා බල ඉන්න උනානේ නෙට් එකේ අවුලක් නිසා.......මොනාද කියල දැක්ක හැටියෙමනම් තේරුනේ නෑ...කියෙවුවට පස්සේ තේරුනෙත් නෑ....කොමෙන්ට්ස් දැක්කමයි මොකද්ද කියල තේරුනේ.......මාරයියට තියල තියෙන්නේ මාර ආසවන්නේ .

    ReplyDelete
  5. චේ මාරයා වෙන්නද යන්නේ ???

    ReplyDelete
  6. ඈ දැන් ඕක බිව්වේ නිවිසැනසිල්ලේ පුටුවක වාඩි වෙලා පරිසරය විදිමින් සුව පහසු නිදහසේද අර එදා කීවා වගේ??????

    ඈ????????

    ReplyDelete
  7. "ඕවා" ඔච්චර රහ කියුබන් ගෑනුන් ගේ කලවාවල තියලා ඔතන හින්දලු!

    කෙසේ වෙතත් "දොඩං" වතුරට වඩා "ඕවා" ඇඟට නරක බව සිත තබා ගන්න.

    ReplyDelete
  8. හරි හරි... අපි දන්නවෝ..... 'අරුණි ශපිරෝ විසින්' මාරයාට හවායින් සුරුට්ටු තුනක් ලැබී ඇති සැටියකි..... වාසනාවන් වාසනාවන්....! ( ඊරිසියාවෙ බෑ )

    ReplyDelete
  9. නිකමටවත් එනව කියල කියන්න බැරි වුනා නේද අම්මප තෑග්ග ඔලුවෙ තියාගෙනමද හතර වටේ ගියෙ?

    ReplyDelete
  10. ෂා.. මාර සිහිනයක් සැබැ වෙලානේ....

    ReplyDelete
  11. ආසාවක් ඉෂ්ඨ වෙච්චි එකට සුභ පැතුම්.... :)
    සමහර පුංචි තෑගි තියෙනව ජීවිත කාලෙම මතක හිටින..

    ReplyDelete
  12. මේ හීනේ මට මතකයි,,එහෙනම් ඒක සැබෑ උනා..

    ReplyDelete
  13. අම්මපා හිනා ගියා බං ..හෙහ් හෙහ් හෙහ්...
    මේ කතන්දර මහතුනුත් කියන කථා ඇත්තට ඈ...!

    ReplyDelete
  14. තෑග්ගේ වටිනාකම තියෙන්නෙ ප්‍රමාණය මත නෙමේනෙ. හැබැයි මේ පුංචි තෑග්ගනම් මාරයාට සෑහෙන සතුටක් දීල තියෙන පාටයි!!. ඒ නිසා මේක ලොකුම ලොකු තෑග්ගක්.. :)

    ReplyDelete
  15. එහෙනං අරුණි ශැපිරෝ පොරොන්දුව ඉෂ්ට කොළ ඈ

    ReplyDelete
  16. මාර තෑග්ගක් නෙ හම්බවෙලා තියෙන්නේ...

    ReplyDelete
  17. අයියන්ඩිය ඕකට පර්ෆෙක්ට් වෙන්නෙ ඔයින් එකකුයි, විස්කි අලුක්කාලකුයි, පස්ට කිව්වලු! අයියාට විස්කි බෝතලයක්ද ලැබේවායි මම ඉත සිතින් ප්‍රාර්තනා කොරමි!

    ReplyDelete
  18. සුබ පැතුම් මාරේ අයියේ හදවතින්ම සුබ පැතුම්... බීලම බලන්නකෝ .. මටත් එන්න හිතෙනවා අයියලෑ ගෙවල් පැත්තේ

    ReplyDelete
  19. එ තැග්ග නම් හුරතල් පාටයි...

    ReplyDelete