12 May 2011

32 කියන්නෙත් වයසක්ද..?

නැතිව ආයේ..වයසක් තමා...

ඒ උනාට මං හිතන් ඉන්නේ ඒක එහෙම නෙවේ කියලනේ..කොහොම හරි ඔන්න 32ත් උනා...
එන්ට එන්ටම වල පල්ලට කිස්ටු කරනවා..ආයේ ඉතිං වෙන මක්කද..?ඒත් ඉතිං ඒහෙමයි කියලා වයසට නොයා ඉන්නද..?මැරෙනකල් මේ සරීර කුඩුව පරිස්සං කොරගෙන ඉන්ට එපෑ..

අද උපන්දිනේ දවසේ වෙනසක් කරන්න මට හිතුනේ මීට ටික දවසකට කලින්..කරන්න දෙයක් හිතුවම ආයේ ඉතිං ඒක මොන විදියකින් හරි නොකර ඉන්න බැරි මහ අමුතු උණක් මට තියෙනවා නෙව..ඒ හින්දා දඩි බිඩි ගාලා තැනකුත් හොයාගෙන ඒකත් මුදල් බැඳලා වෙන්කරගෙන..ඒ ස්ථානේ ටිකක් සුද්ද බුද්ද කරලා..මට සෑහෙන විදියට සකස් කරගෙන දඩි බිඩියෙම ඔන්න අද මං මගේ අළුත් ජෝතිෂ්‍ය කාර්යාලේ විවෘත කරනවා...

දවසක් ඇර දවසක් රස්සාවට යන ගමන් ඉතිරි වෙලා තිබ්බ දින දෙක තුනෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන කොහොම හරි තැනත් යන්තං අටවගෙන දැන් ඔන්න මෙතන ඉඳලා ලියන පළවෙනි පෝස්ට් එකත් ලිව්වා කියමුකෝ..ඒත් වැඩි සෙල්ලං දදා ඉන්න වෙලාවක් නැහැ. තව වැඩ ටිකක් තියේ..

කොහොම උනත් තව මෙතන තීන්ත ගාන්න හැඩ වැඩ කරන්න හුගාක් දේවල් කරන්න තියේ..ඔක්කෝටම කලින් ඔළුව රිංගවගෙන ඉන්න එපැයි..ඒ හින්දා දැනට මෙහෙම හරි වැඩේ පටන් ගත්තා...සෙස්ස පස්සට...

මේ විත්තිය දැනගෙන මට උදව් කරන්න උත්සහ කල..උදව් කල..සුභ පැතුව...හොයලා බලලා සතුටු උන හැමෝටම බොහෝමත්ම ස්තූතියි..ඉස්සරහට මෙතන ටිකක් පිළිවෙලක් උනාට පස්සේ මං කියඤ්ඤංකෝ වැඩි විස්තර...

එහෙනං හැමෝටම ආයිබෝං කිව්වා...

58 comments:

  1. උපන්දිනේ දවසේ පටන්ගත්තු වැඩේ සාර්ථක වේවාය.....

    ReplyDelete
  2. මාරයියාට සුභ උපන්දිනයක් වේවා!
    මාරයියගේ සිතුම් පැතුම් ඒ විදිහටම ඉෂ්ඨ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්වා. තව 33 වෙන්ට කලියෙන් මාර භාරියාවකුත් හමුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා :)

    ReplyDelete
  3. සුබ උපන්දිනක් වේවා. හොඳයි හොඳයි උඹ ඉතින් ඔය ජුනි ජුලි කතා කිව්වට මට නම් හිතුනා උඹ අද ඕක කරයි කියලා. ජයෙන් ජය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා බිසිනොස් එක.

    ReplyDelete
  4. සුභ උපන්දිනයක් අයියා!!!!!!!
    අළුත් වැඩෙත් සාර්ථක වෙන්න ප්‍රර්ථනා කරන්නම්.....

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් වේවා මාරයියා. ඒ වගේම පටන් ගත්තු වැඩේ සාර්තක වෙන්න කියලත් අපි ප්‍රාර්ථනාකරනවා. අපි කියන්නේ කවුද කියලා දන්නව‍නේ. :D:D:D:D:D

    ReplyDelete
  6. අළුත් වසරක් අළුත් ගමනක්.
    දැහැමින් සෙමෙන් ඉදිරියටම යන්න..!!!

    ReplyDelete
  7. ආයූ බොහෝ වේවා...!!!

    අළුත් වැඩේ නැගලම යයි.... හොඳ ඉල්ලුමක් තියෙන්නේ මේ කාළේ... මොකෝ හැමෝගෙම කළ දවස හොඳ නැහැ නොවැ.........

    ජයවේවා.....!!!

    ReplyDelete
  8. සුභ උපන් දිනයක් වේවා....

    ලඟදීම මාර දූතිකාවක් හමුවී තමුන්ගේම පොරොන්දමුත් ගලපාගෙන මාර භවනක් තනාගැනීමේ වාසනාව ලැබේවායැයි පතමි

    මීට
    අලුත් කොල්ලා

    ReplyDelete
  9. සුභ උපන්දිනයක් වේවා මාරයා අයියේ.
    වයසට ගියාට කමක් නෑ. චීස් උනත් පරන වෙන්න තමා රහ වැඩි. යන්ග් ඇට් හාර්ට් !!!!

    ReplyDelete
  10. සුභ උපන් දිනයක් .. සමඟින් අලුත් වැඩේට මගෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  11. Wish you very Happy B'Day.........

    ReplyDelete
  12. මෙච්චර දවසක් මාරයාගේ හෝරාව බොලොග් එක කියෙව්වාට කොමෙන්ට් කොරන්නනම් ගියේ නැහැ. නමුත් අද කොමෙන්ටුවක් නොදාම බැහැ.
    එහෙනම් ඉතින් නමෝ විත්තියෙන් ඔන්න කිවා.

    මාර අයියට සුභම සුභ උපන්දිනයක් වේවා..........!!!.


    ඒවගේම පටන් ගත්තා වු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වී සියලු සිතුම් පැතුම් ඒ ආකාරයටම ඉෂ්ඨ සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්වා.

    ReplyDelete
  13. සුභම සුභ උපන්දිනයක් වගේම පටන්ගත්ත වැඩෙත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා අයියේ

    ReplyDelete
  14. මාත් එනෝ හඳහන් බලව ගන්න...සුභ උපන්දිනක්!!!

    ReplyDelete
  15. සුභ උපන්දිනයක් වේවා අයියේ. ඒ වගේම පටන් ගත්තු වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.

    ReplyDelete
  16. සුබ උපන්දිනයක් අයියේ... කරන කියන හැම වැඩක්ම සාර්ථක වේවා...............!

    ReplyDelete
  17. සුබ උපන් දිනයක් චතුෂ. ඒ වගේම පටංගත්ත වැඩෙත් සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ReplyDelete
  18. සුභ උපන්දිනයක් වේවා. පටන්ගන්න යන වැඩෙත් සාර්ථක වේවා. අන්තිමටම මාරයාට ජයවේවා !!!

    ReplyDelete
  19. මාරයාට සුභ උපන්දියක් වේවා...! (මාරයෙක්ට උපන්දිනේට සුභ පැතුවෙ පළවෙනි පාරට )

    උඹ පටන් ගත්ත අළුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම අති සාර්ථක වේවා !!!

    ReplyDelete
  20. සුබ උපන් දිනයක් වේවා ........ ඒ වගේම අලුත් ව්‍යාපාරය හිතන පතන ආකාරයට දියුණුවෙන් දියුණුවට පත් වේවා .........

    ReplyDelete
  21. මාරයාට සුභ උපන් දිනයක්.32 ක් කියන්නේ වයසක් නෙවෙයි.මාරයාගේ අළුත් ව්‍යාපාරයටම වටින දෙයක් දින කීපයකට පෙර මාර ඊමේල් පෙට්ටියට දාලා ඇති.වැඩ අධ්ක බව නිසාමද මන්ද මට පේන්නේ මාරයා ඒක බලල නැහැ.ඒක බලල විස්තර කියන්න.අළුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    ReplyDelete
  22. සිතු පතු දේ එලෙසින්ම ඉටුවන වාසනාවන්ත අනාගතයකට මගෙනුත් සුබ පැතුම්. අලුත් ව්‍යාපාරයටත් එසෙමය්!

    ReplyDelete
  23. සුබ උපන්දිනක් වේවා.

    ReplyDelete
  24. සුබ උපන්දිනයක් වේවා මාරාය්යට!!!
    අරඹන්නාවු සියලු කටයුතු සාර්ථක වේවා...

    ReplyDelete
  25. උඹට වරදින්නේ නෑ මචන්... තව කල් නොගොහින්ම උඹේ පොරොන්දමත් ගලපගත්තනම් තමයි වඩා හොද? අපි එන්නම් මචන් දවසක ඔය පැත්තේ.....

    ReplyDelete
  26. වයස ගැන කියපුහාම මගේ උපන් දිනය දවසේ ඕනයා මගේ බ්ලොග් එකේ දාපු කමෙන්ට් එකක් මතක් උනා.. මෙන්න ඒක....

    ඒක නෙමේ මචං . . . සතු‍ටු වෙයං . . .33 කියන්නෙ තනිකරම දඟකාර . . .විසේකාර වයස . . .

    ReplyDelete
  27. ඔයා ඉපදිල ඇත්තෙ මාර වෙලාවක වෙන්නැති නේද මාරය්යෙ .අපෙනුත් සුබ පැතුම්!!

    ReplyDelete
  28. දෙකටම සුභ පැතුම් මාරෙ මාමේ...!!

    ReplyDelete
  29. සුබම සුබ මෙව්වා එකක් වේවා මාර අංකල්...උම්ම්ම්ම්ම්මා........
    (අංකල්-පුතා ෆිට් එකට දුන්න උම්මා එකක් බව සලකන්න)

    ReplyDelete
  30. සුබම සුබ උපන් දිනයක් වේවා!මාරයියේ..
    …ඒ වගේම අලුතින් පටන්ගත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!!!!!!!!!!!!!

    ReplyDelete
  31. අම්මප තිස් එකයි තිස් තුනයි විතරයි වයස !

    සුභ උපන්දිනයක් මාරයියේ. ඒ වගේම පටන්ගත්තු නව ව්‍යාපාරයටත් සුභපැතුම්. දිනෙන් දින සාර්ථක වේවා.

    ReplyDelete
  32. තිස් දෙක ලෑබු මාරයාට වේවා සුබ උපන් දිනක්
    බොහොම කාලයක් බෑලුවා අලන්කාර කතා ටිකක්
    සුබ පතනෙමි මාරයියේ වියාපාරෙ ගෑනත් ටිකක්
    අනන්තුක මම මේකට ඈවිල්ල නම් ගොඩක් කලක්

    ReplyDelete
  33. Happy Birthday කොල්ලා.. අලුත් බිසිනස් එකටත් ජයවේවා..!! මාත් ලංකාවට ආපුවෙලාවක එඤ්ඤංකො වෙලාව බලාගන්ට..

    පලි: 32ත් වයසක්ද බං.. 30 දශකයලු ජීවිතේ හොදම දශකය.. :)

    ReplyDelete
  34. මාරයියාට සුභම සුභ උපන් දිනයක් පතනවා. ඔය අලුතෙන් පටන් ගත්ත වැඩේ බලාපොරොත්තු වෙනවාටත් වඩා සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. මාරයියගෙ බ්ලොග් එක වගේම ජෝතිෂ්‍ය කාර්යාලයත් සෙනග පිරී ඉතිරී යන තැනක් වෙන්න කියල එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  35. පරක්කුවෙලා සුබ පැතුවට සමාවෙන්න ඕනෙ අයියෙ....ගොඩ වදින්න වෙලාවක් තිබුනෙම නෑ. සහතික ඇත්ත අයියේ....32 කියන්නේ මොන වයසක්ද ? සතුටු වෙන්න ...ඔය අවුරුදු 32 පුරාටම ඔයා ලබාගත්ත අත්දැකීම් ගැන......

    අහන්නත් සතුටුයි....උපන් දිනයට වගේම අලුත් කාර්‍යාලයටත් මගේ සුබ පැතුම්......!

    සියක් ආයූ ලැබ ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  36. මොන පිස්සුද මාරයියේ...32 කියන්නේ හොඳ කොලු වයසනේ.අඩියක් කාරිය අනුමත කරලා,දරුමල්ලෝ ටිකක් බලා කියාගෙන සෆාන් එකේ ඉන්නනේ තියෙන්නේ......

    කොහොම වුනත් ඉතින් සුභ උපන් දිනයක්‍ වේවා!

    ReplyDelete
  37. උපන් දින සුබ පැතුම් 32යි, තව 68ක් මග එතැයි.....
    අලුත් නවාතැන සිරි සුබයි, අලුත් වැඩේටත් වැඩ ගොඩයි...

    ReplyDelete
  38. අරඹන්නාවු සියලු කටයුතු සාර්ථක වේවා...
    ඒ වගේම සුබම සුබ උපන් දිනයක් වේවා.

    මන් අය්යව සම්බන්ද කරගන්නේ කොහොමද කියන්න පුලුවන්ද?

    ReplyDelete
  39. @ මාරෙ,

    සුභ මාසෙක ඉපදිච්ච මිනිහෙක් ඒ වගේගේම සුභ මාසෙක පටං ගත්ත දේ දියුනුවට සුභ පැතුම්!
    පිටරට ඉන්න අපි වගේ උන්ට සාධාරණ මුදලකට (රට කිව්වොත් හූරන් කන ගුරාලනෙ ලංකාවෙ වැඩිපුර ඉන්නෙ ) විශ්වාසවන්තව ඔය වැඩේ කොරගන්න පුලුවන් විදියෙ පිළිවෙලකුත් දැම්මොත් අගෙයි සහෝ.

    ReplyDelete
  40. මාරයියාට සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  41. මාරයා සහෝදරයාට සුබ උපන් දිනක් වේවා. පැතු පැතුම් ඉ‍ටුවෙවා.සිත තුතින් බරවේවා.

    ReplyDelete
  42. 32 ට 132 හිට්ස් තියන්න වාසනාව ලැබේවා.. ඒ වගේම පටන් ගත්ත වැඩේ සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියලා පතනවා..

    ReplyDelete
  43. උපන්දිනයට මගෙනුත් සුභ පැතුම්.... ඒ එක්කම අලුතෙන් පටන් ගත්ත වැඩේ උපරිමයෙන්ම සාර්ථක වේවා කියලා මුලු හිතින්ම සුභ පතනවා.... :)

    ReplyDelete
  44. මාරයට සුබ උපන්දිනයක් වේවා (පරක්කු වැඩිද මන්දා..හික්)
    ගැලපෙන මාර දූතිකවකුත් ලැබේවා......
    පටන් ගත්ත වැඩේ සර්ව සාර්ථක වේවා........!!!

    ReplyDelete
  45. මාර සුභ උපන් දිනයක් වේවා...ව්‍යාපාරයත් මාර විදියට සාර්තක වේවා

    ReplyDelete
  46. සුබම සුබ උපන්දිනයක් වේවා අයියේ . ඔය පටන්ගත්ත අලුත් ව්‍යාපාරෙත් දිනෙන්දින දියුනුවේවා !! . ඔය කාර්‍යාලේ විවෘත්ත කරන දිනයට ෆොටෝ ටිකක් ගහලා මේ බ්ලොග් එකේ දාන්න .. අපිට බලලා යන්න

    ReplyDelete
  47. සුභ පතන්න තිබුන හැමතැනම පැතුවා,,ඔන්න මෙතනත් පතනවා,,,ජයවේවා!!!

    ReplyDelete
  48. අයියාට මම එදාත් කියනවා..ඔන්න අදත් කියනවා
    වයස කියන්නේ ජිවිතේ හිතන්න ඕනේම දෙයක් නෙමේ..එහෙනම් වයස නෙමේ අයියේ දවසයි යන්නේ..අපි හිතන්න ඔනේ අද දවස ගැන..අද දවසේ කරන දේ ගැන..අපි හුගාක් දෙනෙක්ට අද දවස අමතක වෙනවා..හුගාක් ප්‍රශ්න..ජිවිතේට නොහිතෙන දෙවල් ආවම ජිවිතේ ආපස්සට යනවා වැඩියි...එතකොට අපිට හිතන්න තියෙන්නේ අපි හිතන්නේ අර අපිට නැති උන දෙවල් ගැන...ඇත්තටම අයියේ නැති උන දෙවල් නැති උන එකම හොදයි..තවත් ගොඩක් කල් ගිහින් එ දේ අපි ලගින් නැති උනා නම් අපිට නැතිවෙන කාලය තවත් වැඩියි.. අයියාට ගෙවුනේ සුලු කාලයක් හිතමු...තාම ජිවිතේ බාගයක් වත් නොගෙවුනු එ කාල්ය අපේ ජිවිතෙට අඩුම ගානේ අත්දැකිම් වත් අපිට දිලා තියෙනවා..ලොකු පන්නරයක් දෙනවා ජිවිතේට..අයියාට තව ලස්සනට ජිවත් වෙන්න ..ලස්සන ලෝකයක් හද ගන්න ලස්සන කාලයක් හොද දින තියෙනවා..එ දින වලින් උපරිම ප්‍රයොජන ගන්න .. හැමෝටම නැති එ දක්ශතා වලින් ජිවිතේ ජය ගන්න අයියාට පුලුවන්..

    සුබම සුබ පැතුම්.. අලුත් හුරතල් වැඩ පොල සාර්ථකම වෙන්න පතන්නම්....

    ReplyDelete
  49. යකඩෝ මෙන්න මේ මගේ නැති වෙච්ච උපන් දින පෝස්ටුව නැවත ලැබිලා..ඒත් තිබුණු කමෙන්ට් ටිකනං සුනේ සුං වගේ...

    ඔන්න ඉතිං වෙච්ච දේ..

    බොහෝම ස්තූතියි නිම්ශා නගේ...ඔය කියලා තියෙන්නේ පණ්ඩිත ආච්චි අම්මා සෑහෙන දිග බණක්...

    ReplyDelete
  50. ගනං ගන්න එපා බං. ඔය කොමෙන්ට් ටිකත් ආයි කවදහරි හම්බ වෙන්නෙ නැතැයි.

    ReplyDelete
  51. මචෝ උඹේ අලුත් වැඩේ සර්වප්‍රකාරයෙංම සාර්තක වෙන්න කියල මම පතනව . . . . වෙලාවක ගොඩවැදිල යන්න එන්නං . . .

    ReplyDelete
  52. ඔන්න ඉතින් දවස් දෙකක්ම පහුවෙලා සුභ පතනවා. උපන්දිනේටයි පටන් ගත්තු වැඩේ අතිසාර්ථක වෙන්නයි දෙකටම.....!!!!
    පමාවට ඉතින් සමාව කියලා තමා කියන්න තියෙන්නේ.
    මේ ලෝකේ ඉන්න කම්මැළිම අය අතරට මාවත් එකතු වෙලා වගෙයි. ‍
    ‍කේක් එපා...........
    අනේ මුකුත් එපා......

    ReplyDelete
  53. ආයෙත් සුබ මෙව්වා එකක්
    වේවා

    ReplyDelete
  54. හොද වෙලාවට පරක්කු වෙලා අවේ... (බ්ලොගාර් මට කිවා උප්නදිනේ දවසේ කමෙන්ට් කරන්න එපා කමෙන්ට් ටික උස්සනවා කියලා)

    ගෙවුනාවු උප්න්දිනය
    සුභ උපන්දිනයක් වේවා මාරයියේ...

    ReplyDelete
  55. සුබ පැතුම් මල්ලී උපන්දිනේටත් අලුත් ව්‍යාපාරයටත්. වැඩ කටයුතු හොදින් කරගෙන ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ධෛර්‍ය ලැබේවා!

    ReplyDelete
  56. සුබ උපන්දිනයක් වේවා මාරයියේ..
    අලුත් රස්සාවේ හවුල් කාරයෙක් එහෙම නැද්ද? :) අභීත අයියා වගේ ;)
    එයාට ගැලපෙන ජෝඩු හොයා ගැනීමේ හැකියාවක් තියන නිසා, ඔයාගෙ ටැලන්ට් එකත් එකතු කරලා වේලි වේලි ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට කපු කම් කරල දෙන්නම පටන් ගත්තොත් බිස්නස් තව සරු වෙයි :)

    ReplyDelete
  57. මුලින්ම අයියට සුබ උපන් දිනයක් කියලා සුබ පතනවා පහුවෙලා උනත්...
    කියන්න සතුටුයි මගේ උපන්දිනයත් අය්යාගෙ උපන් දිනය දවසෙමයි.
    අයියගෙ බ්ලොග් එක මම අසාවෙන් කියවන බ්ලොග් අතරින් එකක්.එත් අද තමයි මුලින්ම කමෙන්ටුවක් දැම්මේ.විභාගෙ නිසා පහුගිය දවස් වල මේපෑත්තෙ එන්න වෙලාවක් ලෑබුන්නෑ.තව හොඳට ලියන්න සුබ ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete