02 May 2011

සිතේ කුණු පිස දමා මිනිසකුව සුදිලෙන්න...

මිනිසෙක් ලෙසින් ඉපදී මිනිසුන් අතර..
නොමිනිස් ගතිය පෙන්වන්නේ කිම නිතර..
කොතෙකුත් සිතූ මුත් වන්නට පොර නිතර..
යන්නට වෙන්නෙ අවසන ගාතෙන් හතර...

පිරිමිද නොවන ඉතිරියෙකුද නොවන බව..
දහසක් දෙනා හට පෙන්නයි සළු උපුට..
අඩුවක් වසා ගන්නට තමනට තිබෙන..
තවෙකෙක් වෙතට අවමන් කෙරුවට හැකිද..

පියෙකුට දාව මවකට පුතෙකුව ඉපිද..
අවමන් දෙවයි කෙරුවට ජාතක ලොවට..
කොන්දක් නැති කමින් වෛරය බැඳ ලොවට..
සැංගී පහර දෙන්නේ ඇති ජඩ කමට..

දහසක් දෙනා මැද ඉන්නට ලෙල දීලා..
ආසා නමුත් ඒකට නැත හැකි වීලා..
ඒ දුක නිසා මනසින් ඔහු ලෙඩ වීලා..
අනුනට ගරහතිය තිරිසන් ගති පාලා..

මේ ලොව උපන් කාටත් අඩු පාඩු ඇත..
වරදක් නොමැති අය මට හමු වෙලා නැත..
ඒ මුත් තම වරද නිවරද කරන සිත..
ඇත්නම් ඔහුට වරදක් සිදු වන්නෙ නැත..

කෙරුවත් කෝප සිත මත අනුනට නින්දා..
තමනට එයින් ලැබෙනා කිසිවක් නොමැතා..
මේ ටික නොදතහොත් එය වෙයි මහ විපතා..
දැන්වත් හැදෙන්නට හිතුවොත් එය සැපතා..

කිව්වේ මෙ කව නුඹ රිඳවනු සිතින් නොවේ..
නුඹ ගැන මගේ සිත තුල තරහක්ද නොවේ..
මෙතුවක් කලක් මා ආ මග රුදුරු ලොවේ..
නුඹ වැනි එවුන් හමු වී නැතිවාද නොවේ..

දෙන්නෙමි ඔවදනක් ඔබ හ‍ට දැනගන්න..
ගන්නට යම් ජයක් ඒකට වෙහෙසෙන්න..
අන් සතු දෙයට ඊ රිසියා නොකරන්න..
තමන්ගෙ කොටස නිසි විදියට කර ලන්න..

තරුවක් වනු රිසින් තිරිසන් වෙන්න එපා..
එමගින් පොරක් වන්නට ඔබ සිතනු එපා..
ලෝකෙට වැඩක් නැති දේ කරලන්න එපා..
මින් මත්තේවත් මග වරදා ගන්න එපා..

ලොකේට බිහි කරපු නුඹගේ මව් නමට..
අත පය නොසිඳ නුඹ දැඩි කල පිය නමට..
ගැරහුම් ලැබෙන දේ නුඹ කරනුයෙ කුමට..
දැන්වත් ඉතින් මිනිසකු වීයන් ලොවට...

19 comments:

  1. අයියේ ප්‍රශ්න ඔතන නෙමෙයි තියෙන්නේ .... අපේම අය අපේම අයට පහර ගහන්න අවස්ථාව දෙන එක .......

    ReplyDelete
  2. සුපිරි...

    නොදන්නේ නොදනිති, දන්නෝ නොදන්නෝ මෙන් සිටිති...

    ReplyDelete
  3. මොකෝ මාර අයියේ මේ....

    ReplyDelete
  4. මම දන්නවා උඹ මේක ලිව්වේ ඇයි කියලා..... කොන්දක් නැති උන් නිසා උඹ මහන්සි උනා වැඩියි කියලා මට හිතෙනවා.....

    ReplyDelete
  5. එහෙමම නැහැ අභියා...කරන දෙයින් මං මට ගන්න පුළුවන් හොඳ පැත්ත බලනවා...

    ලියන්න කම්මැලි වෙලා හිටිය වෙලාවක..බොන එක නැවැත්තුවට පස්සේ නැවතිලා වගේ තිබුන කවි ලිවිල්ලට පනක් දෙන්නයි..
    ඒ ඔක්කෝටමත් වඩා අර දකුණු පැත්තේ තියෙන බැනර් එකට පෙරහුරුවකටත් එක්ක කවි දහයකට යන වෙලාව ගැන මටම මං තිබ්බ තරඟයක් ඕක...

    හරියටම විනාඩි දාහතරක් ගියා මට ඔය ටිකට..අකුරුවල අඩු පාඩු හදන්නත් තව විනාඩි තුනක් ගියා... ඔක්කෝම දහ හතයි එතකොට...

    ලියන්න තරං මාතෘකාවක් නැති වෙලාවක කෙනෙක් මට ලොකු උදව්වක් කලා...එච්චරයි...ඒකට ස්තූති කරන්න එපැයි..නේද..?

    ReplyDelete
  6. ලස්සන නිර්මාණේ අයියේ

    ReplyDelete
  7. ලස්සනයි අයියේ :)

    ReplyDelete
  8. 1/2ට නොදනාමි....:)

    ReplyDelete
  9. මාරයෝ, මොකෑ අල කලංචිය.....? තරහින් තමයි මේක නම් ලියලා තියෙන්නෙ .....!

    ReplyDelete
  10. මේ ටිකේම කොමෙන්ට්ස් දාන්න බැරි උනා වැඩ..වැඩ..දැන් ආයම මාස දෙකක් විතර මේ පැත්තට එන්න වෙන්නෙ නෑ..ඔක්කොම එකතු කරල බලනවා ..

    ReplyDelete
  11. දැම්ම ඉඳලම ගේමට ලෑස්ති වෙන්න වගේ හදන්නෙ......... එල එල ......... ලස්සන කවි මඩුවක් බලන්න අපි බලාගෙන ඉන්නවා.........

    ReplyDelete
  12. තරහවක් හිතේ ඇතේ වගේ

    ReplyDelete
  13. මාරයියා... කවුදෑ කොකා පෙන්නුවේ......

    ReplyDelete
  14. යකෝ මූ තනියම ප්‍රැක්ටිස් කරනවා. අපිත් අරින්න නරකයි. ඒත් ගනක් නෑ. අපි මඩුවට නගින උන් නෙමේ, මඩ ගහන උන් නේ.

    ReplyDelete
  15. කවුරුහරි මාරයටත් පාට් එකක් දාල වගෙයි..

    ReplyDelete
  16. මාර ස්තූතිය.

    කවුරු හරි මාරයට ගරිල්ල ගේමක් දීලා.

    හ්ම්ම් උඹ මොනව කිව්වත් හිතේ තියෙන තරහවයි කලකිරීමයි වචන වලින් පේනවා මාරයෝ.

    ReplyDelete
  17. පැට්ටිස් පැට්ටිස්....... ගියපාර මතකද අයිය‍ගේ බ් ‍ලොග් පිටුව පුරාම පැට්ටිස්...........

    නිර්මාණය නම් නියමයි.........

    ReplyDelete
  18. මාරයෝ (මල්ලියේ) මේක කියවලා මොනවද ලියන්නෙ කියලා කල්පනා කර කර ගොඩක් වෙලා හිටියා. උඹ කලින් දාපු කවිය ගැනත් මම ඇහුවාට උත්තරයක් හම්බ උනේ නෑනේ. මම ඔය විත්තියක් දැන ගත්තෙ උඹේ මේ ලිපිය නිසා.

    මල්ලි, උඹ මට වඩා වුරුදු 5ක් විතර බාලයි. ඒත් උඹේ ජීවිත අත්දැකීම් මාව පුදුම කරනවා. ඒ වගේම මම කලිනුත් කියලා තියෙන විදිහට උඹ හරිම් අව්යා්ජ මිනිහෙක්. මිනිහෙක්ට විභාග පාස් කරන්න, විශ්ව විද්යාමල වලට යන්න ඕනෙ නැහැ ජීවිත ගැන දාර්ශනිකයෙක් වෙන්න. උඹ ජීවිතේ ඇසූ පිරූ තැන් තියෙන ලේසියෙන් කිසි කෙනෙකුට ලබා ගැනීමට අසීරු අත්දැකීම් තොගයකින් පරිපූර්ණ වූ මිනිහෙක්.

    උඹ ගල් පාරවල් පොළු පාරවල් කන්නෙ උඹේ රුකේ ඵල ගොඩක් තියෙන නිසා කියල හිතපන්. ඇත්තම කියනවනන් නංගිලා මල්ලිලා විතරක් නෙමෙයි, මගේ හිතෙත් උඹට තියෙන්නෙ ලොකු ගෞරවයක්. මගේ ජීවිතේ මිනිස්සු ගැන මම පැහැදෙන්නෙ හරිම අඩුවෙන්. එහෙම මම පැහැදිච්ච එකෙක් තමයි මල්ලියේ උඹ. ඒ මම උඹව ආශ්රගය කරලා නිසා නෙමෙයි. උඹේ අව්යාටජ ජීවිත කථනය කියවලා.

    අන්තිමට මට කියන්න තියෙන්නෙ, උඹත් මමත් මේ යෙදිලා ඉන්න බ්ලොග් තුලින් නා නා ප්රාකාරයේ මානසික තත්ත්වයන් තියෙන අය අපිව කියවනවා. ඔවුන්ගේ හිත් වල ඇතිවෙන හැඟීම් අපි දන්නෙ නෑ. සමහර අය අපි ලියන දේවල් වලට කැමති වෙන්න පුළුවන්, සමහර අය අපි ගැන ඊරිසියාවක් තරහවක් ඇති කරගන්න ඉඩ තියෙනවා විවිද හේතූන් නිසා. අපි ඒ හැම එකකටම සූදානන් වෙලා තමයි මේ බ්ලොග් අවකාශයේ පැවතෙන්න ඕනෙ. හැම දෙයක්ම උඹේ අත්දැකීම් ගොන්නට එකතු කර ගනින්. ජීව්තේ මල් වගේම ඊටත් වඩා ගල් වලට අපිට මුහුන දෙන්න වෙනවා.
    ලෝක ප්රහකට සංගීතඤ්ඤයෙක් වුනු ජෝන් ලෙනන් මිය ගියේ, ඔහුගේම රසිකයෙක් තැබූ වෙඩි පහරකින්.

    ReplyDelete