03 May 2011

බේබදු හීරළු සෙක්කා විසින් ලියනා වග නම්...

මාතෘකාව දැක්ක ගමන්ම ටික දෙනෙකුටනං තේරෙයි අද ලොක්කා එන්න හදන්නේ මොකටද කියන එක...ඒත් සෑහෙන පිරිසකටනං අගක් මුලක් තේරෙන එකක් නැහැ..ඒ හින්දා දන්නා අය ඒ දන්නා හරිය තව ටිකක් වැඩි කරගන්නයි..නොදන්නා අයට අමුතුවෙන්ම දැන ගන්නයි පුළුවන් විදියට ලියන්න බලමු...

දැන් මං දන්නවා මේක දැක්ක ගමන් කීපදෙනෙක් කටවල් බිම උලා ගන්න ලෑස්ති වෙනවා...

ඒ තමා මේක ලියන්න ඕන නැහැ අල්ලලා දාහං..කියලා මට උපදෙස් දුන්න මගේ මිත්තරයෝ ටික...ඇත්තටම ඒ උපදේසේ හරි කියලා මං දන්නවා...

ඒත් ඉතිං මට හරි අමාරුයි නෙව මෙහෙම නිකං මුකුත් නොදන්න එකා වගේ ඉන්න.ඔය වළං කඩේට පැනලා වළං බිඳින ගොනා වගේ මාත් ඔය ඔන එකකට පැනලා පිස්සු නටන්න ඒ හැටි අකමැත්තක් නැහැ..ඒ හින්දා ඔන්න බැස්සා මේකටත්...
.............................................
ඇත්තටම මේක පටන් ගත්තේ මේ ඊයේ පෙරෙදා අපේ බ්ලොග් අවකාශයේ ලියවුන ලිපියක් හා ඒකට වැටුන කමෙන්ට් හරහා ඇත් උන තත්වයක් මත...ලිපියේ මාතෘකාව සහ අනිකුත් දේවල් වෙනම පැත්තක තියෙද්දී එතන වැටෙන්න පටන් ගත්ත කොමෙන්ට් හරහා කෙනෙකුට පහර දෙන්න පටන් ගත්තා..ඒත් හරියට පැහැදිලිවම නමක් ගැන නැති හින්දා මාත් ඔහේ බලං හිටියා..

ඒ කමෙන්ට් ටික දාන කෙනා තමුන්ගේ නම හැටියට පාවිච්චි කරන්නේ
"හීරළු බේබදු මෝඩ සෙක්කා" කියන එක තමා...

ඇත්තටම ඔය නම ඒ හැටි අමුත්තක් නොවුනේ දැන් දවස් දෙක තුනකට කලින් ඉඳලම ඔය නමින් යම් යම් අඩවිවල කමෙන්ට් වැටෙන්න පටන් අරන් තිබ්බ හින්දයි...

ආයේ ඉතිං බොරුව වැඩක් නැහැ..මම දන්නවා මේ එන්නේ මටම නෙලන්න තමා කියන වග...මොකද මට ඒ තොප්පිය හරියටම හරිනේ...
මම කාලයක් මහණ වෙලා ඉඳලා සිවුරු ඇරපු හින්දා ඒකට රටේ කියන ප්‍රසිද්ධම වචනේ වෙන්නේ "හීරළු"
ඊ ගාවට මගේ මේ බ්ලොග් එක කියවන හැමෝම වගේ දන්නවා මං බේබා කියලා.. හැබැයි මේ අවුරුද්දේනං මුලදීම සෙට් වෙලා බිව්වා ඇර...දැන්නං මාස ‍තුනකින් විතර අරක්කු ටිකක් උගුරෙන් පහලට ගියේ නැහැ..ඒත් ඒ දැන්නේ..ඒ උනාට මම බෙබා..ඉතිං ඒකත් හරි
"මෝඩ" කියන එකත් හරිනේ..නැත්තං මෙහෙම ලියයියෑ..
‍අන්තිමට "සෙක්කා" හරිනේ ඉතිං... මගේ ප්‍රධාන රැකියාව වෙන්නේ ආරක්ෂක අංශේ රැකියාව නෙව..

ඉතිං කරුණු කාරණා ඔක්කෝම හරි..දැන් මට තොප්පිය ගානට මැච්...

ඒත් ඉතිං නියම පදමට එනකල් මාත් ඔහේ හිටියා..මොකද ඒ ලියන කෙනා කවුරු උනත් උන්දෑගේ අරමුණ මට මඩක් ගහන එකනේ...

සාමාන්‍යයෙන් ඔය වගේ අය ඉඳ හිට බ්ලොග් අවකාශේ මතු වෙනවා... හුගාක් දුරට එහෙම කරන්නේ තමුන්ට අවධානයක් ලබා ගන්න ප්‍රසිද්ධ වෙන්න ඕන උනහම..ඒකට හේතුව මේ වන කොට ඒ අයට කවුරුවත් වැඩි අවධානයක් යොමු නොකිරීම..එහෙම වෙන්නේ ඇයි කියලා මම කියන්න ඕන නැහැ..තමුන්ටම කියලා හිතලා ලිපියක් ලියා ගන්න බැරිනම්..තමන් කරන බ්ලොග් එකට කවුරුවත් එන්නේ නැත්තං..එන කෙනත් කමෙන්ට් එක්වත් නොදා යන්න යනවානං...ඒ වගේ වෙලාවකදී කෙනෙක් මානසිකව වැටෙන්න පුළුවන්..ඒකේ අමුත්තක් නැහැ..

තවත් දෙයක් තමා..තමන් මහන්සි වෙලා මොනවා හරි ලිව්වහම ඒක් යම් සුවිශේෂී ලිපියක් කියලා කාට උනත් හිතෙන්න පුළුවන්..ඒ තමුන්ගේ දැක්ම..ඒත් ඒක බලන කෙනාට ඒ වගේ විශේෂත්වයක් නොතිබෙන්න පුළුවන්..එහෙම උනහම අපි කොච්චර හිතුවත් අපි ලියපු දේ සුපිරි කියලා..ඒකට ලැබෙන අවධානය ප්‍රතිචාර එහෙම නොලැබී යනවා...ඒකට ඉතිං මොනවා කරන්නද..?

ඔහොම ටික දවසක් උනහම සමහරු අළුත් අළුත් දේ කරලා බලන්න පෙළඹෙනවා...ඒ අළුත් දේ අතර නිර්මාණාත්මක වගේම විනාශකාරී දේත් තියෙන්න පුළුවන්...

දැන් මම මේ කියන කෙනාට ඇත්තෙත් එහෙම තත්වයක් වෙන්න පුළුවන්...

තමන්ට හරියාකාර දෙයක් කරන්නට ඇති නොහැකියාව...
කරන දේට තමන් බලාපොරොත්තු වන තරමේ ඇගයීමක් නොලැබීම...
ඊට එහා ගිය නිර්මාණකරණයකට යොමු වීමට තරම් හැකියාවක් නොමැති කම...

මේ වගේ උනහම හිත ටිකක් දුකට වේදනාවට පත් වීම වලක්වන්න බැහැ..සමහරු එය දරා ගන්න උත්සහ කරනවා වගේම සමහරු එහෙම උනහම ටිකක් ප්‍රචණ්ඩකාරී වෙනවා...

මම පැහැදිලිවම තේරුම් ගත්ත දේ තමා මේ මට නෙලාගෙන එන්න යන කෙනාටත් එහෙම තත්වයක් තියෙන වග...

ඉතිං මම මොකටද මනසින් වැටුන කෙනෙක්ගේ තොප්පිය හරි උනත් නිකංම අරගෙන ඔළුවේ ඔබා ගන්නේ..මාත් සද්ද නැතිව පැත්තකට වෙලා හිටියා...

ඒත් මේ ඊයේ පෙරේදා ලියඋන අර මං කිව්ව ඇනෝනිමස් ලිපියට වැටෙන කමෙන්ට් දිහා බලන කොට තමා තේරුනේ..ඔන්න දැන්නං කෙලින්ම නම ගම ඇතුවම මටම නෙලන්න තමා යාළුවා සැරසෙන්නේ කියලා..ආයේ ඉතිං දැන් අමුතු තොප්පියක් ඕන නැහැ..කෙලින්ම මටම තමා කතාව...

හරි ඒ හින්දා ඒ ගැන කතා කලාට දැන් අවුලක් නැහැ...

බලමු දැන් මොනවද අපේ යාළුවා මට ගහන්න පාවිච්චි කරන දේවල්...මුලින්ම නම...

ඉහතදීත් මා සඳහන් කල පරිදි ඒ නමින් කමෙන්ට් දමමින් ඔහු උත්සහ දරන්නේ ඒ හරහා මට රිදේවියැයි සිතා විය යුතුය..නමුත් ඒ නමින් දැක්වෙන කරුණුවල කිසිදු අසත්‍යයක් නොමැති හෙයින් එසේ මා ඇමතීම හරහා වරදක් සිදු වී නැති බව මා පිළි ගනිමි.

එයට හේතුව මම දැනට නැතත් මේ වන තෙක්ම හා බේබද්දෙක්මි. එහි කිසිදු ගැටළුවක් නැත. හීරළුවෙකි..එහිද කිසිදු තර්කයක් නැත..සෙක්කෙකි.. එහිද අමුතු යමක් නැත..මා ඒ වග කියා ඇත්තෙමි.

එසේ හෙයින් එම වචන වලින් හැදින් වෙන්නේ මා හැර අන් කවුරුන්ද..?
කෙනෙකුට ඔහුට හිමි නාමයෙන් හෝ ඔහුට හිමි ගති ලක්ෂණ වලට අනකූල නමකින් ඇමතීම කේන්ති ගැනීමට හේතුවක් සේ මා නොසලකමි.
එහෙයින් ඒ මා හදුන්වන්නට යෙදුන නම මම හද පිරි සතුටින් භාර ගන්නා බව මුලින්ම සඳහන් කල යුතුය..දැන් ඔබට සතුටු විය හැකි නොවේද..?

මෙයින් පසු එම ලිපියටම වැටුන තවත් කොමෙන්ටුවකින් මෙසේ කියවිණී...
...................................................................
"ඔය මාරයා කියන පුද්ගලයා බ්ලොග් අවකාශෙ චූටි නංගිලා මල්ලිලා හිතාගෙන ඉන්න ආකාරයේ සාන්තුවරයෙක් හෙම නෙවෙයි.

දැන් බලමු මාරයා ගැන කියල තියෙන දේවල්.

1. මාරයා කියන්නෙ බේබද්දෙක්. ඒක බොරුවක් නෙවෙයි. හැමෝම දන්නා කාරණාවක්.

2. මාරයා කියන්නෙ මත්ද්‍රව්‍ය භාවිතා කරන කෙනෙක්. ඒකත් බොරුවක් නෙවෙයි. හැමෝම දන්නා කාරණාවක්.

3. මාරයා කියන්නෙ හීරළුවෙක්. ඒකත් බොරුවක් නෙවෙයි. හැමෝම දන්නා කාරණාවක්.

4. මාරයා කියන්නෙ මාසෙකට දහ අට දාහක පඩියක් ගන්නා සිකියුරිටි කාරයෙක්. ඒකත් බොරුවක් නෙවෙයි. හැමෝම දන්නා කාරණාවක්.

5. මාරයා කියන්නෙ වැඩි දුර අධ්‍යාපනයක් නොලබපු කෙනෙක්. ඒකත් බොරුවක් නෙවෙයි. හැමෝම දන්නා කාරණාවක්."
..........................................................

සම්පූර්ණ සත්‍ය කතාවකි.. ඉහත දක්වා ඇති කරුණු කිසිවක් බොරු නොවේ...
අංක 1 සහ 2 යන දෙකෙන්ම වැඩි වෙනසක් නැති විත්තිය පේන්නට තියේ..එහෙම එකම දේ පුන පුනා කියන්න ට හේතුව නං මටත් තේරුනේ නැහැ..ඒත් ඉතිං වෛරයෙන් ලියනකොට එහෙම ලියවෙන එක අමුත්තක් නෙවෙයි.
කරුණු එසේ වූවත් මගේ බේබදු කමින් ඔහුට හෝ ඇයට හෝ ඇති ගැටළු නම් මට තේරුම් ගත නොහැක.. මන්ද මා බොන දේ හරහා සමාජයට සිදු වී ඇති හිරිහැරයක් හෝ කරදරයක් මේ වන තෙක් මා දන්නේ නම් නැත... ගේ ඇතුලට වී දෙකක් නවා ගන්නා මා බීමත්ව පාරට හෝ යන්නට උත්සහ කරන අයකු නොවේ...එසේනම් ඔහුට ඒ පිළීබඳව වෙන කුමක් හෝ මා නොදන්නා හේතුවක් තිබිය හැක.පෞද්ගලිකව එය මට හානිකර දෙයක් බව නම් මා හොදින්ම දනිමි.එහෙත් එහි ප්‍රතිඵල මා කෙරෙහි විනා ඔහු හෝ ඇය කෙරෙහි නොවන බව නම් අමුතුවෙන් කිව යුතු නොවේ.

හීරළු කතාවත් එසේමය... මා මගේ ජීවිතයෙන් වසර පහකට වැඩි කාලයක් සාසනය වෙනුවෙන් වැය කර ඇත..ඒ ගත වූ කාලය පිළීබඳව අබ මල් රේණුවක හෝ සිත් තැවුලක් මා වෙත නැත. ඇත්තෙන්ම එම කාලය මා මගේ ජීවිතයේ ලද ලොකුම වාසනාව ලෙස මා අදටත් සලකමි. එයින් මිදී ආ පසුව වූවද එයින් කාටවත් හිරිහැරයක් පීඩාවක් තිබෙන නම් ඒ කුමක්දැයි මට තේරුම් යන්නේද නැත.
සාසනයේ සිටි කාලය තුලදී සාසනයට හා මිනිසුන්ට කරන්නට ලැබුන සේවය අදටත් මා සිත සනසාලනවා විනා වෙනත් සිත් තැවුලකට මා ඇද දමන්නේ නැත.

ඊ ගාවට මගේ පඩිය හා රැකියාව..ඔය කාරණාවේදී මා ඔබට බොහෝ සෙයින් අනුකම්පා කරමි. මන්ද මිනිසකු කුමන හෝ රැකියාවක් කරන්නේ තමන්ගේ ජීවත් වීමේ මාර්ගය සලසා ගැනීමටය... මා උත්පත්තියෙන්ම වත් පොහොසත්කම් ඇතිව උපන්නෙකු නොවිමී... එසේ හෙයින් දන්නා කාලයේ සිටම මටත් පවුලටත් යැපීම පිණීස අතට අසුවන ඕනෑම ධාර්මික රැකියාවක ව්‍යාපාරයක් මම නියැළුනෙමි.

එය ගැරහුම් ලබන්නට හේතුවක් ලෙස කිසිවකු සිතයි නම් ඒ ඔහුට ඇති යම් මානසික ආබාධ තත්වයක් හේතුවෙන් විනා අන් යමක් නිසා නොවනු ඇති. මට මාගේ වැටුප සැගවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැත. ලොුකයට පෙනෙන්නට පුහු අහංකාරකමක් මට රඳවා ගන්නට ඇවසි නොවේ. එහෙයින් යම් යම් අවස්ථෘවන් වලදී මා මාගේ වැටුප හෙළි කර ඇත. එහි ඇති වරද කුමක්දැයි මට නම් නොතේරේ...

අවසානයේ කියා ඇත්තේ මගේ අධ්‍යාපනය පිළීබඳවයි.
ඇත්ත මම සාමාන්‍ය පෙළ පමණක් සමත් අයකු වෙමි...ඒ හැර එතනින් එහාට කිසිදු සහතිකයක් ලද හැකි අධ්‍යාපනයක් මා ලැබ නැත.
පාසල් යන කාලයේ සිටම කීයක් හෝ සොයා සපයා ගැනීමට උත්සහ කිරීමට මට සිදුව තිබිණ. ඒ අපගේ පවුලේ ආර්ථීක අපහසුකම් හේතුවෙනි.

එසේම ගමේ පාසලේ අධ්‍යාපනය ලබා පහේ විභාගය සමත්ව කොළඹ නාලන්දෙට යන්නට ලැබුනද..එහි ගිය මුල් කාලයේ සිටම මා පන්තියේ පස්සට විසි උනි. අමතර පන්තියකට යෑමට ඇති නොහැකියාව... අධ්‍යාපනය පිළීබඳව උපදේසයක් ගැනීමට තරම් කෙනෙකු ගෙදර නොසිටීම... මෙන්ම මාගේ අධ්‍යාපන කටයුතු පිළීබඳව සොයා බැලීම සඳහා පියාට කාලයක් නැතිවීම..මව විදේශගතව සිටීම ආදී බොහෝ කරුණු හරහා එසේ සිදු විය...කොටින්ම කිවහොත් දහය වසරට පැමිණී පසුවය මා හට දැන ගන්නට ලැබෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය පිළීබඳව..

මා එතෙක් සිතා සිටියේ එකේ පන්තියේ සිට දහතුනේ පන්තිය දක්වා දිගටම ඉස්කෝලේ යායුතු බවය..සාමාන්‍ය පෙල නමින් 11 පන්තියේදී ඇති විභාගයත් රජය විසින් පවත්වනු ලබන පහේ විභාගය වැනිම දෙයක් බවත් එය සමත් උනත් නැතත් පාසලේ පවත්වන විභාගයෙන් සමත්ව 12 පන්තියට යෑමට හැකියැයි මා සිතා සිටියෙමි..

කෙනෙකුට මෙය සිනහවට කාරණාවක් වනු ඇත..නමුත් සත්‍යය එයයි..එි තරමටම මා මෙහෙයවන්නට හෝ ඉදිරිය පිළිබඳව විස්තර කරදීමට කෙනෙකු හරි හැටි සිටියේ නැත...

එවන් බොහෝ කාරණා හරහා..අදටත් මා හට ඇති එකම අධ්‍යයපන සුදුසුකම වන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගයේ සාමාන්‍ය පෙළ සමත් වීම පිළීබඳව ඇති සහතිකය පමණී..
එතැනින් එහාට මා හැදී වැඩුන සමාජයේ මා උගත් දේ සඳහා මට සහතික නොමැත. ගැරේජ්වල මජං නාගෙන වැඩ පුරුදු වූවාට ගැරෙජ් බාස් මට සහතික දෙන්නේ නැත... 11 වසර පොතේ ඇති නිවාස විදුලි පද්ධතිය පිළීබඳ පාඩම කියවා තේරුම් ගෙන අනුන්ගේ නිවාස දහයක් පහළවක් වයරින් කලාට විද්‍යාව පොත හෝ එම නිවෙස් හිමියන් මට සහතික දී නොමැත.

ආරක්ෂක අංෂවලට බැඳී අවි පුහුණූව හා එම අවි ආයුධ නඩත්තුව පිළීබඳ ඉගෙන ගත්තාට ඒවාට සහතිකද මට නැත...බස්වල ටිකට් කඩනවාට සහතික දෙන්නෝ කවරහුද..? ඉන්ෂුවරන්ස් කොම්පැණීවලට කඹුරමින් මිනිසුන් පසු පස ගියාටවත් මට සහතික ලැබුණේ නැත.

බදාම ඇනුවට වහල ගැසුවට එම නිවාස වලින් සහතික නිකුත් කෙරෙන්නේ නැත.කුලී වැඩ කෙරුවට අත් දෙක පුරා කර ගැට මිස සහතික ලිය වෙන්නේ නැත...

කොටින්ම මා කල දේවල් කිසිවකට සහතික දිය යුතු හෝ එසේ දෙනු ලබන හෝ කිසිදු විෂයක් ඇතුලත්ව නැත..

ආ සමා වෙන්න..මට අමතක වීමක් සිදුව ඇත... තව එක සහතිකයක් ඇත..එනම් පැවිදිව සිටි සමයේ දහම් පාසල් ප්‍රධානාචාර්ය වැඩ මුළුවකට ගිය විට හැමෝටම පොදුවේ ලබා දුන් සහතිකය නම් ඇත...ඔන්න ඉතිං මට තියෙන සහතික...

ඇත්තටම ඒ අතින් බැළු විට මා වැඩි දුර අධ්‍යාපනයක් ලැබූ අයකු නම් නොවන වග සැබෑය...
එසේ මා හට කියන්නට උත්තස කල අය සෑහෙන අධ්‍යාපනයක් ලද අයකු විය යුතුමය...
ලංකාවේ ඇති උසස් අධ්‍යාපන ආයතනයන්ගෙන් මෙන්නම රට රටවල ඇති නොයෙක් අධ්‍යාපන ආයතන වලින් උසස් අධ්‍යාපනය ලද අයකු විය හැක...

ඉතින් මං මොකදෑ කොරන්නේ...අපේ අම්මට තාත්තට සල්ලිය බාගේ නැති කොමට මට මෙහෙම උනා කියලා මම ඉගෙන ගන්න කෙනෙකුට ඊරිසියා කරන්න ඕනද..?

මා කියවූ ජීවිත පොත තුල මා එවැන්නක් ඉගෙන ගෙන නැත. මා සමාජයේ හැමෝම සුව සේ සමානාත්මතාවයෙන් වෙසෙනු දැක්මට ප්‍රිය කරමි. නමුත් එය එසේ නොවන වගද බුදු බනට අනුව අවබෝධ කොට ගෙන සිටිමි.ධනවත්ව පොහොසත්ව..රූපත්ව ණැනවත්ව දිවි ගෙවීමට නම් පෙර කල පින් ඇතිව උපදින්නට උවමනා කෙරේ... අවාසනාවකට ඒ තරම්ම මා පින් කර නොමැත..එහෙත් එසේ ඇති අය හට ඊරිසියා කිරීම හෝ ගැරහීම තව තවත් මා අගතියට යවනවා මිස සුගතිය කර මා පමුණුවන්නේ නැත...

එහෙයින් මා ඔහුගේ උසස් අධ්‍යාපන තත්වයට ගරු කරමි..එහි ඇති වටිනාකම රඳවා ගන්නේ කෙලෙසදැයි යන කාරණාව ඔහු විසින් සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කල යුත්තකි.

ඊ ළගට ඒ උපුටා ගැනීමේම ඉහළ ඇති සාන්තුවර කතාව ගැනත් වචනයක් කිව යුතුය...

මා කෙසේවත් මා සාන්තු වරයකු නොවන බව කියා ඇත...එය සැග විය යුත්තක් නොවේ...පහත ඇති උපුටනය බලන්න..මේ දැනට සතියකට පමණ ඉහතදී මා සමඟ කතා කල බ්ලොග් ලියන කෙනෙකු හට මා විසින් කියූ දෙයකි..සමහර විට ඇය මෙයට සාක්කි දරන්නට ඉඩ ඇත...

.................................................................
XXXX: අර තිත්ත කථා කවද්ද ලියන්නේ ආයේ
me: වෙලාවට ලියන්න ඕන
තාම ඒකට ආවේ නැහැ
XXXX: ම්ම්
me: ඒවත් එක්කම බ්ලොග් එක ඉවර කරන්නයි ඉන්නේ
XXXX: ඒකනේ අවුල
ඇයි ඒ?
me: ඒ කියන්නේ

XXXX: ඔයාට කවදාවත් ලැබෙන්නේ නැහැ ඔය කථාව ලියලානවත්තන්න
me: අද වෙනකොට මිනිස්සු දකින්නේ මගේ හොද පැති විතරයි
ඒත් ඒ ටික ඉවර උනාම
මමම පටන් ගන්නවා
අදුරු පැති ගැනත් ලියන්න
ටිකක් අමාරුයි
මිනිස්සු එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්
ඒත් මං ඒ දේ කරන්න ඕන මැරෙන්න කලින්
XXXX: ම්ම් හා
me: මම කලිනුත් කියලා තියෙනවනේ
මං ගාව දෙවියයි
යක්ෂයයි දෙන්නම ඉන්නවා කියලා
...................................................

ඔයින් එහාට කාටවත්ම මාගේ සාන්තුවර භාවය පිළීබඳව ඔහුට අමුතුවෙන් සිතන්නට දෙයක් ඇත යැයි මා නොසිතමි..මා සුදනෙකු නොවේ...නමුත් මා හට ඒ සෑම දෙයක්ම සගවාගෙන සිටීමේ උවමනාවක්ද නැත.නමුත් එයට නියම කාලය එනතෙක් මම බලා හිඳිමි.

සමහර විට මෙම සාන්තුවර කතාව හරහා ඔහු ආමණ්ත්‍රණය කරන්නට හදන්නේ බ්ලොග් ලියන චූටි නංගිලා මල්ලිලාට විය හැක..ඒ කුමක් සඳහාදැයි දන්නේ ඔහුම පමණකි..නමුත් මා සමග කතා බස් කරන ඔය හැම චූටි මල්ලි කෙනෙක්ම චූටි නංගි කෙනෙක්ම මගේ ඇතුලාන්තය බොහෝ දුරට දන්නා අය විත්තිය නම් කියන්නට හැක..ඔබටත් උවමනා චූටි නංගිලා මල්ලිලාට කතා බහ කරන්න නම් මෙසේ කිය කියා ඉන්නට අවශ්‍ය නැත...බ්ලොග් එකක් පටන් අරගෙන එහි ඉහළින්ම
"අනේ ඔය චූටි නංගිලා මල්ලිලා මා එක්කත් කතා කරන්නකෝ..මට හරි ආසයි ඔයාලාත් එක්ක කතා කරන්න" යන වැකිය සඳහන් කර තබන්න..එය මෙයට වඩා යම් ප්‍රතිඵලයක් ඔබට අත් කර දෙනු ඇත.

...................................................

තවත් චෝදනාවක් තිබිණි..ඒ බියොන්ඩ් ප්‍රේම් හා ටැබූ සම්බන්ධව මා කටයුතු කල ආකාරයයි.
............................................
Anonymous said...

මට නම් මේ සිද්ධියේ අරුමයක් නොපෙනේ. ටැබූ හා බියොන්ඩ් ෆ්‍රේම් සිංහල වර්ගවාදීන් විසින් හැක් කළ අවස්ථාවේ මාරයා විසින් තමන්ම ඔවුන්ට මඩ ගැසුවා පමණක් නොව අනුන්ට මඩ ගසන්නට තමන්ගේ කමෙන්ට් තීරුවද නොමසුරුව විවෘත කර දුන්නේ හොඳ ආතල් එකක් ගනිමිනි. ඔහු මෙසේ කළේ ටැබූ විසින් ඊට පෙර ඔහුගේ බ්ලොග් එක ජනප්‍රිය කරන්නට කළ මෙහයද අමතක කරමින් ඉතාම අකෘතඥ ලෙසය. දැන් සියල්ල අනෙක් පැත්තට හැරී ඇත.

මාරයා වටහා ගත යුත්තේ බ්ලොග් අවකාශයේ අනුන්ට මඩ ගහන්නට යාම තමන්ටම මඩ හරවා ගැනීමක් බවයි. වීදුරු ගෙවල් වල සිටිමින් අනුන්ට ගල් නොගැසිය යුතුය.

.......................................................

එම බ්ලොග් දෙකම අද නැතත් එම අඩවි විසින් පල කරනු ලැබූ ලිපි හරහා කරනු ලැබූ දේශපාලනයට විරුද්ධ මතයක් මම දැරීමි..මා හැකි සෑම විටම ඒ වෙනුවෙන් පෙනී සිටි අයකු වෙමි.

හංගා ගැසීමක් කිසි විටක කරන්නට මට උවමනා නැත. මා බ්ලොග් කරණයට එන විට ඔවුන් දිගට හරහාට බාධක රහිතවම පහර දෙමින් සිටි ආකාරය දක්නට තිබුණි. මා කලේ මගේ මතය වෙනුවෙන් පෙනී සිටීමයි.
එය වරදක් වන්නේ කෙසේ දැයි පැහැදිලි නැත.අනික් කාරණාව නම් එම බ්ලොග් අඩවි දෙකම සැගවී කල බ්ලොග් දෙකක් විය.

එසේ හෙයින් ඔවුනට අනුන්ට පහර දීම පහසු වූ අතරම මා වැනි අනන්‍යතාවය හෙලි වූ අයකුට එසේ හිතු හිතු අතේ පහර ගසන්නට හැකියාවක් නොවීය..එහෙයින් යම් යම් අවස්ථෘ වලදී මම එවුනට විරුද්ධව ලියා ඇත.
මාගේ බ්ලොගය දිගටම කියවූ අයකුට ඒවා අසූ වී නොතිබෙන්නට ඉඩක් නැත.

එම අඩවි දෙක ඉවත්ව යෑමෙන් පසුව වූවද මම ඒ සඳහා යමකු ලියන්නට නොසිතුවෙමි...නමුත් දිගින් දිගටම යන හැක් කිරීම සම්බන්ධ කතා බහේ අවසානයක් නොදුටු කල..එම තත්වය මා දකිනා කෝණයෙන් මා සටහන් කරන්නට යෙදුණි...

ඇත්තටම මාගේ ලිපිය හරහා යම් බලපෑමක් උනාදැයි මා හරියටම නොදනිතත් එයින් පසුව එම නාඩගම බොහෝ දුරට අවසන් විය. සමහර විට එම නාඩගම ඇදගෙන යාමට බලාපොරොත්තු වූ යම් අයෙකුට එයින් රිදීමක් වූවාදැයි මා නොදනිමි.

එසේම ටැබූ මා හට සම්මාන දීම කරණ කොටගෙන මා ඔහුගේ සුවච කීකරු පුලන්නෙකු විය යුතුයැයි ඔහු සිතයි..
මම මගේ බ්ලොගය ජනප්‍රිය කරවන්නට ටැබූට කියා නැත්තෙමි.ඔහු එසේ කලානම් එයට මා ස්තූතිවන්ත වනවා හැර ඔහු කෙරෙහි ඇති මගේ ආකල්පවල වෙනසක් වීමට එය හේතුවක් කරගැනීමට මට අවශ්‍යත් නැත..ටැබූ එසේ බලාපොරොත්තු වූවායැයිද මා නොසිතමි. මන්ද මා කෙබඳුද කියා ටැබූට අවබොධයක් නොතිබ්බා වෙන්නට නොහැක...

මිනිහෙකුට කෘතඥ්ඤ විය යුතුය කියා සිතන්නේ ඔහු කරන දේට තමන්ගේ සිතේ ඇති අවංක හැගීම් පල නොකොට සිටීමට නම්..මා වරදක් කොට ඇත. නමුත් එසේ වන්නට මා පෙළඹුනානම් ටැබූ තමන්ට විරුද්ධ හැම කෙනාටම සම්මානයක් දී ඔවුන් නිහඩ නොකරයිද..?

මෙතනදී මා මට සිතෙන අවංක කරුණුම එළියට දැම්මා විනා..කිසි විටකත් කාගේවත් අත කොළුවක් වූවා නොවේ..
......................................
වැප් නිෂාන්තට මේ හදිසි සදාචාරාත්මක උනන්දුවක් ඇති වීමේ හේතුව පැහැදිළියි. "හිරු මල්ලි" නමින් කාලයකට ඉස්සර වැප් නිෂාන්ත ලියූ මඩ කමෙන්ට් එක පළ කිරීම රංග ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ එය පළ කළේ මාරයාය. දැන් මාරයා මේ අහක යන නයි ඔඩොක්කුවේ දා ගැනීමේ මෝඩකමේ කර්ම විපාකය විඳවමින් සිටී. මාරයාට ගහන කොට වැප් නිෂාන්තට රිදෙන්නේ එනිසාය.
......................................

මම එවැනි කමෙන්ටුවක් පල කරන ලදි. එය සැබෑය..එම කොමෙන්ටුව තිබූ වෙනත් අඩවියකින් උපුටා ගෙන එය පල කරන්නට යෙදුනේ එයින් යම් දෙයක් සිතන්නට මාද පෙල ඹූන බැවිනි.එසේ නැතිව එම කොමෙන්ටුව සීයයට සීයයක් නිවැරදියි මේක පිළී ගනිල්ලා කියා මම කාටවත් කියන්නට උත්සහ කලේ නැත.
වැප්ට පහර දීමට උවමනා වූ යම් කිසි අයකු එම කොමෙන්ටුව වැප්ගේ ගිනුමට බර කරන්නට උත්සහ කරනු ලබයි. ඒ පිළීබඳව අවසාන විනිශ්චයක් දීමට මා හට කිසිසේත්ම නොහැක. මන්ද මා විසින් වැප්ව සුද්ද කරන්නට යෑම අප එකිනෙකාගේ පිට කසා ගැනීමක් ලෙස හදුන්වා දීමට පාර කපා දීමක් වන බැවිනි.

ටැබූගේ හොරි කසන්නට නොගිය මට වැප්ගේ පිට කසන්නට උවමනාවක් ඇති වේ යැයි ඔබ සිතන්නේ නම් එය බරපතල වරදකි. තවත් දෙයක් කිව යුතුය කරුණාකර ටැබූ මට සම්මාන දුන් අවස්ථෘවේ මා එහි සඳහන් කල කොමෙන්ටුව කියවා බලන්න.මට ඒ වේලාවෙත් එම සම්මානය ගැන මහා සතුටක් නොතිබිණී.එයට හේතු කාරණා රාශියක් ඇත.නමුත් මුවින් නොබැණ ඉන්නට මා එහිදී උත්සහ කලෙමි.

.............................
තව දුරටත් මේහා සම්බන්ධව බොහෝ දේ කිව හැකි නමුත් දිගින් දිගටම ලියමින් ගත කරන්නට අද මට කාලයක් නැත.දැනටමත් මා අද උදය වරුවේ කරන්නට යොදාගෙන තිබූ වැඩ කටයුතු කිහිපයකටම ප්‍රමාද වී ඇත.
මෙසේ හෝ මෙය ලියන්නට මට උවමනා වූයේ එක් හේතුවක් නිසාවෙන්ය...
මේ මැයි මාසයයි..එනම් මාගේ උපන් මාසයයි.වසර කිහිපයක්ම තරමක් විවේකීව නිස්කාන්සුවේ සිටි මා මෙම උපන්දිනයත් සමගම ජීවිතයේ 32 වන වසරට පා නගමි. එසේම මා සෑහෙන කාලයක් නිහඩව සිටියේ මෙම වසර උදාවන තෙක්ය..ජීවිතයේ තරමක් හැරවුම් සන්ධීයක් මා මෙහිදී බලාපොරොත්තුව සිටිමි. එනම් මා විසින් අළුතින් මගේම සුළු ව්‍යාපාරයක් ආරම්භ කරන්නට සූදානම් වන මොහොතකි මේ.

එ සඳහා මට වෙනදාට වඩා කාලය කැප කරන්නට සිදු වනු ඇත.එහෙයින් බ්ලොග් එක සඳහා පෙර පරිදි කාලය වෙන් කිරීමට මට නොහැකි වනු ඇතැයිද මා සිතමි.

එසේ හෙයින් මා බ්ලොග් එක ලිවීම අඩු කිරීම සමහර විට අර ඇනෝගේ ලිපි හෝ කොමෙන්ටු නිසා වයි හැක්කක් බවට කවුරුන් හෝ සිතන්නට හැක..එසේ හෙයින් වැරදි වටහා ගැනීමක් ඇති නොවනු පිණීස මෙය ලියා තබන්නට අවශ්‍ය වග මා සිතුවෙමි. දැනටත් මා යොදා ගත් ගමන් කිහිපයක් අත පසු කොට ඇත්තේ මෙම ලිපිය නිසාවෙනි. එහෙයින් මෙය මෙතනින් නවතා ලන්නට සිතමි.

එසේම කිසිසේත්ම ඇනෝලාගේ ලිපි වලට මා මගේ නියම නමින් හෝ ඇනෝ කෙනෙකු හැටියට හෝ පිළීතුරු බැඳිමට යන්නේත් නැත..ඔවුනට උවමනා මා ඔවුන් ගාවට ගෙන්වාගෙන ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැන්ම නම් සමා වෙන්න.ඒ මම නෙවෙයි..එයට වෙන කෙනෙකු හොයා ගන්න.

එසේම මාගේ මිතුරන් කිහිපදෙනෙකුම..එම අඩවියේ මේ වෙනුවෙන් කතා කරන ආකාරය මා දුටුවෙමි..කරුණාකර එය නවතා දමන්න. මන්ද ඔවුන් මොනවා කිව්වත් එයින් මට වන හානියක් ඇතැයි මා නොසිතන නිසාය.

ඔවුන්ගේ ආතල් ඔවුනට ගන්නට හරින්න..අපට අපගේම කියා බ්ලොග් තිබෙන බැවින් අප අපේ වැඩ ටික කරගෙන යමු.

.................................................
ඔන්න ඔච්චරයි කියන්න තියෙන්නේ..අර ගහපු මඩ ඔක්කෝම මං බොහෝම සතුටෙන් බාර ගත්තා..දැන්..ආයෙමත් අළුත් නිර්මාණයක් හරහා මඩ ගැසීම අරඹන්න. එයටත් මා සතුටෙන් මුහුණ දෙන්නම්. ඔබලා හිතනවට වඩා මගේ පිට කොන්ද හයිය වගේම..පහර පිට පහර කන්න තරම් මගේ හමත් හයියයි. හරියට නිකං කබරයෙක් වගේ..අපි වගේ ගං කබරයින්ට ගහලා ආතල් ගැනීම ඔබගේ සතුට නම්..මෙන්න එයට ඉඩ...

....................................
ආ මේ මගේ අඩවියේනං මං ඇනෝ කමෙන්ට් වහලා තියෙන්නේ..ඒ අද ඊයේ නෙවෙයි බොහෝම කාලෙකට කලින් ඉඳලා..ඒ කියන්නේ පිට කොන්දක් ඇති කෙනෙකුගෙන් මිස..තමන්ගේම කියා පෞර්ෂයක් නැති අයගේ කොමෙන්ටුවකින් මට ඇති වැඩක් නැති නිසා... එය හොඳක් උනත් නරක් උනත් මට එයින් පලක් නැත. ඒ නිසා ඇනෝලා කොමෙන්ට් කිරීමට උත්සහ කරන්න ඕන නැහැ..ස්තූතියි.

80 comments:

  1. මාරයියා ගනන් ගන්ඩ එපා ඕවා...........ඔව්වද වෙලා තියෙන්නෙ මේ වෙනකොට?

    කොහෙවත් යන පිස්සො නිසා කාලෙ නාස්ති නොකර ඒ ටිකේ අපිට බලන්ඩ කථාවක් ලියමුකෝ..

    ReplyDelete
  2. අලුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!!!!!!!!!!

    කියලා තියන අනික් එව්වා නම් ... ඒ අදාල කස්ටියට වටියි ඊලඟ මඩ ප්‍රහාරයට :DDDD

    ReplyDelete
  3. මමත් ඔය ඇනෝ පෝස්ට් එක දැකල ඒකට විරෝධතාවය ප්‍රකාශ කරපු එකෙක්. මම ඒක SBU ගැන දැම්ම පෝස්ට් එකේදිත් කිවුවා. මඩ ගහන එක වගේ නෙමේ චරිත ඝාතනය කියන්නෙ.

    මමත් හිතාගත්තෙ ආයෙ ඔය වගකීමක් නැති සයිට් අස්සෙ රිංගල කමෙන්‍ටු දාන්නෙ නෑ කියල.

    තමන්ගෙ බ්ලොග ලිපියක් පල කරල කියනව අනේ මම නේමේ ලිවුවේ පාටකයෙක්, වගකීමක් ගන්න බෑ කියල.

    කවුරු හරි ඇවිල්ල කුණුහර්ප කමෙන්ට් දැම්මම කියනව මම නෙමේනෙ වෙන එකෙක්නෙ දැම්මේ කියල.

    යකෝ බ්ලොගක් කරද්දි කරන එකා නෙමේද වග කියන්න ඕනෙ එකේ කන්ටෙන්ට් වලට, තියෙන කමෙන්ට් වලට?

    ReplyDelete
  4. අධ්‍යාපනයයි රස්සාවයි ගැන මාරෙ අයිය දුන්න උත්තරේ නම් මරු...
    අළුතෙන් පටන්ගන්න යන ව්‍යාපාරය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව....

    ReplyDelete
  5. ඇනෝලා වහලාද ?ඔය එක එකා කියන ඒවා ගනන් ගන්න එපා... මම (ge)

    ReplyDelete
  6. අලුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!!!!!!!!!!

    ReplyDelete
  7. මේ දවස් වල වැඩිය බ්ලොග්/වෙබ් අවකාෂෙ පැත්තෙ එන්න වුනෙ නැති නිසා මේ සිද්දිය මොකක්ද කියල තවම හරියට මං දන්නෙ නැහැ. හැබැයි මේ ලිපිය කියෙවුවම තේරන විදියටනං මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. කවුරු මොනව කිවුවත් තමන් කරන දේ හරි කියල තමන්ට දැනෙනවනම් ඒකෙන් කාටවත් හානියක් නැත්තම් අපි කවුරැ මොනව කිවුවත් දුක් වෙන්න හෝ පසු තැවෙන්න අවශ්‍ය නෑ නේද මාරෙ?
    අලුත් ව්‍යාපාරෙට මෙන්න මගෙනුත් උණුසුම් සුභපැතුමි!!!!

    ReplyDelete
  8. අළුතෙන් පටන්ගන්න යන ව්‍යාපාරය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව....

    ReplyDelete
  9. අළුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔය වැඩේ කරපු එවුන්ට ආයෙ රෙද්දක් ඇද ගෙන ඔහොම එව්වා කරන්න පුළුවන් කියලා මම නම් හිතන්නේ නෑ. පොඩි ආතල් එකක් ගන්න ඇත්තේ. ගනන් ගන්න එපා මාරයියා.

    ReplyDelete
  10. අධ‍ය්‍යාපනය කියන්නෙ පොතේ ගුරෙක් නොවන බව ඔය ඇනෝ දන්නෙ නැතුව ඇති ,

    01 )අපිත් O/L විදුලි පරිපත ගැන ඉගෙනගත්තට ගෙයක් වයරින් කොරන්න බෑ
    02 )වාහන පාවිච්චි කලාට කැඩුනොත් හදා ගන්න බෑ
    03 )ගෙදර පොඩි අලුත්වැඩියාවක් කරන්න උනොත් සල්ලි දීලා බාසුන්නැහැ කෙනෙක්ටම කියන්න වෙනවා
    04 ) අධා‍ය්‍යාපන සහතික තිබ්බට JOB 1 ක INTERVIEW ගියොත් අහන්නෙ EXPERIENCE ගැන

    මා හිතන විදිහට සහතික වලට වඩා වටින්නෙ ප්‍රරායෝගික අධ‍ය්‍යාපනය .

    අනිත් අතට ඔය වගේ විනශ වෙන්න ගිය විහාරයක් ගොඩනගන්න වගේ මහා කුසලයක් කරන්න කාටද වාසනාව තියෙන්නෙ .

    .....................................................

    මාරයා තුමාගෙ අනාගත ව‍ය්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා

    ReplyDelete
  11. මොන මගුලක්ද මේ... මං හිතන් උන්නේ උඹ කිසිදේකින් සැලෙන්නේ නැති පොරක් කියලා. අඩෝ එක එක බස්සෝ කෑගැහුවට උඹේ ගමන නවත්තන්න එපා බං....

    ReplyDelete
  12. මුලින්ම කියන්න ඕනේ මාරයාගේ නවතම ව්‍යාපාරය ඉතාමත් හොඳින් සාර්ථක වීම පිණිස අපගේ සුභ පැතුම්!!! කියලා.

    දවසකත් කිව්ව ලෙසට මාරයාගේ හෝරාව බ්ලොග් එක දිනපතා කියවන කෙනෙක් නෙමෙයි මම. ඒත් මේ අද ලිපිය ගැන තනෝජා අක්කාත් තව බ්ලොග් අවකාශයේ නොවන මිතුරන් දෙදෙනෙකුත් උදේ පාන්දරම කිව් නිසා විගසින් දුවවිත් බැලුවා. අහක යන තොප්පිත් ඇදලා අරං ඔළුවට දාගන්න වෙන අවස්ථා තිබෙන බවට මේ ලිපිය හොඳ සාක්ෂියක්. මාරයාගේ හෝරාවේ තිත්ත කථා යන කොටසට ගියහම එකම එක කථාවයි තිබුනේ. ඒ කථාව කියවලා, මම තමයි මාරයා අයියාගෙන් ඇහැව්වේ අනිත් ටික ලියන්නේ නැද්ද කියලා. ඇත්තටම මාරයා අයියා තමන් සාන්තුවරයෙක් නොවන බවත් තමන්ගේ ජීවිත‍යේ අඳුරු පැත්ත අමාරුවෙන් හරි අපට කියන බවත් එදා කිව්වා.
    ඇත්තටම මේ ලිපියට පාදක වෙච්චි ලිපිය මොකද්ද කියලා තාම හොයනවා. (මේ වෙලාවේ කවුරුත් මේ ගැන දන්න අය චැට් එකේ නැහැ) මොනවා වුනත් මාරයා දුදනා කියන්න මේ කෙනා යොදා ගෙන තියෙන රහස් නම් අපි උදේ හවා නිතරම දන්න දේවල්.

    ම්ම්............... හොඳයි දැන් ඉතිං නිර්මාණාත්මකව මීට වඩා ඉහළ ක්‍රමයකට මඩ පහර කෑමට සූදානමින් ඉන්න මාරයෝ...... (ඔව්වත් වැඩද නංගී කියයි මාරයා නං)

    ReplyDelete
  13. අනෙ කට්ටියත් එක්ක ගහගත්තාවෙ අප්පා ඇගෙ ඇලෙන එකක්යැ..ඔයා ඔන්න ඔහෙ බ්ලොග් එකත් ලියාගන ඉන්න.හැබැයි ඉතින් අද්‍යාපන තත්වෙ ගැන කියන උන්ට කියන්න තියෙන්නෙ ලංකාවෙ හරි හමං එව්වා එකක් නැ කියන එක තමයි.නැත්නම් A/L පාස් වෙන උන්ගෙන් 2%ක් විතරක් කැම්පස් යයියැ!!

    ReplyDelete
  14. මාරයා මල්ලි මම ඔයාගේ ලිපි බලලා තමයි. ගොඩක් බ්ලොග්කරනයට ආවේ. තවත් කීප දෙනෙක්ගෙම ලිපි කියවූවත් ඔයා මගේ ප්‍රියතම බ්ලොග් කරුවෙක්
    ඵල ඇති රුකට ගල් වදින බව මතක තබා ගන්න. පිස්සොන්ට ඉන්න අරිමු. වුනුත් ඉන්න ඔනනේ.
    ඔයාගේ ව්‍යාපාරය දිනේවා. මම කට්ටිය එවන්නම්. මගේ රැකියාව අනුව ඒක සුළු දෙයක්
    ජය
    මම මහ වෙදනා

    ReplyDelete
  15. කියන්න තියෙනදේ කෙලින්ම නියමෙට කියලා තියෙනවා.කිව්වා වගේ මෙතන තියෙන්නේ මානසික රෝගයක්.වෙනින් බ්ලොග් එකක හිටි හැටියේ ඇනෝ කෙනෙක් මගේ නමින්ම මටත් ඔය වගේ දෝෂාරෝපනය කර තිබුනා.ජ්‍යොතිෂය සම්බන්ධ මගේ බ්ලොගය සයිබරයට අනවශ්‍ය බවත් මා බොරු කාරයෙකු ලෙසත් අපහාස කර තිබුනා.එයාම මගේ බ්ලොග් එකේත් වරින් වර ඇනෝ කමෙන්ට් දාලා තිබුනා.අන්තිමේ මමත් කමෙන්ට් මොඩරේට් කලා.වෙනින් බ්ලොග් එකක මට බැන තිබූ කමෙන්ටුවට මා පිළිතුරු බදින්න ගියේ වෙනත් අයකු යැයි සිතා.නමුත් පසුව කමෙන්ටුවල අන්තර්ගතය නිසාම වැටහුනා එයා හැමදාම මට බනින ඇනෝම කියලා.ඒක වැටහුනු ගමන් මම එතනින් ඉවත් වුනා.ඇත්තටම ඒ ඇනෝ හරිම මෝඩයි.(අපිටත් වඩා).ගනන් ගන්න එපා.උන් ඕන දෙයක් කියපුවාවේ.ඵල ඇති රුකටලු ගල්.

    ReplyDelete
  16. බල්ලෝ බිරුවට කඳු පාත් වෙනවද මල්ලියේ . . .

    පව් බන් බුරන බල්ලන්ට බුරන්න ඉඩ දීලා අහුනේ නෑ වගේ හිට්යාම හරි.

    උඹේ අලුත් ව්‍යාපාරයට මගේ හදවතින්ම පිරිනැමෙන සුභ පැතුම් . . .

    ReplyDelete
  17. අලුතෙන් බැහැපු ව්‍යපාරයට මගේ සුබ පැතුම්...

    අනේ ඔන්‍න‍ ඕකාට බුල්ටෝ එකක් කන්න කියක් හරි දාපං...

    ReplyDelete
  18. ඔය කොම්මෙන්ට් කරන කෙනාට ඇයි ඕක එයාගෙම බ්ලොග් එකක කියන්න තරම් ශක්තියක් නැත්තේ.... ඒ මාරය අයිය O/L වෙනකම් ඉගෙන ගත්තත් අයියට ලියන්න තියෙන හැකියාව ඒ මෑන්ස්ට නැති නිසානේ.. මම උනත් කොමෙන්ට් කරාට බ්ලොග් ලියන්නේ නැත්තේ එකයි..

    මමත් කාලෙක ඉදන් අයියගේ බ්ලොග් එක කියවනවා,කොමෙන්ට් කරනව ඉතින් ඔය උලුප්පල කියල තියෙන දේවල් කාටවත් අමුතු දෙයක්නම් වෙන්න බෑ.. මොකද අයිය හංගගෙන ඉන්න ඇත්තක් නෙවෙයි කියල හමෝම දන්නව මම හිතන විදිහට...

    දුකා අයිය කිවුව වගේ "පව් බන් බුරන බල්ලන්ට බුරන්න ඉඩ දීලා අහුනේ නෑ වගේ හිට්යාම හරි."......

    අයියගේ අලුත් ව්‍යාපාරයටත් මේත් එක්කම සුභ පතනවා... :-)

    ReplyDelete
  19. නියම උත්තරේ අයියා, මට ඔය මඩ ගහපු සයිට් එක නම් අතාම් අහුවුනේ නෑ. හබයි W 3 ලංකා එකේ" දේශප්‍රේමී බේබදු හීරළු සෙක්කා" කියල cඔමෙන්ට කරල ටියනව, එත් උම වෙන්ට ට ඇති.
    පඩේකට ගණන් ගන්න එප අයියේ, මොළේ උන කාරයෙක් අනිවාර්යෙන්ම.

    අලුත් ව්‍යාපාරයට සුභ පතනවා අයියෙ. හැබයි ඒක නිසා බ්ලොග් ලිය්වෙනවාඅඩුයි කියන එක නම් අහන්න දුකයි. ඒත් මිනිහෙක් උනාම දියුණුවක් තියෙන්නත් ඕනිනෙ. උඹට වරදින්නෙ නෑ බන්.

    ReplyDelete
  20. ඔයා කියන කොමෙන්ට් නම් දැකල නෑ. නමුත් බල්ලෝ බිරුවට කන්දක් පත් වෙන්නේ නැනේ....හොද මිනිස්සුන්ට ගල් වදිනවා වැඩි....අලුතින් පටන් ගන්න හදන වැඩේ සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්න කියල මේ නංගී ප්‍රර්ථනා කරනවා.

    ReplyDelete
  21. බේබදු හීරළු සෙක්කා වෙත ලියමි...

    මාමයිට් ලේබලයෙන් රස එන්නේ නැත, රින්සෝ ලේබලයෙන් රෙදි සේදෙන්නේ නැත. කොකා ලේබලයෙන් තිබහ නැතිවෙන්නේ නැත...
    මාරයා, බේබදු හීරළු සෙක්කා, නැත්නම් සීටී. කු**, මොන ලේබල් ඇලෙව්වත් මාරයියේ ඒ ලේබල් වලින් නුඹව හඳුනාගත නොහැක..
    බ්ලොග් අවකාසයේ සැවොම දන්නා පරිදි ඔබ සසුන වෙනුවෙන් යමක් කළ අයෙකි, රටරැකි සෙබලෙකි, බොහෝ දෙනෙක් බ්ලොග් කළාවට යොමු කළෙකි.. හොඳ දහම් දැනුමක් ඇත්තෙකි ( උගතෙකි ).. කාමරයට වී දෙකක් බැරිනම් 4ක් නවාගත්තත් ඒ ඔබේ අයිතියයි..

    කියන්නා කෙසේ කීවත් අපි සිහිබුද්ධියෙන් අසන්නෙමු.. ඔබව අගයමි...

    ReplyDelete
  22. ඔය ගොන් පාට් වලට සැලෙන්න එපා මාරයා මල්ලි. උඹ තියන වැඩ අත පසු කර ගෙන මේ ගොන් පාට් වලට උත්තර දෙන්න ගිහින් උන්ට වටිනා කමක් දෙන්න එපා.වෙන කරන්න දෙයක් ඇත්තෙම නැත්නම් කමක් නැහැ. වලියක් මාකට් කරලා ජනප්‍රිය වෙන්න තරම් අහේනියක් උඹට නැහැනෙ.
    බ්ලොග් එකෙන් එහාට ලෝකයක් නැති උන් තමයි මේ වගේ ළදරු වැඩ කරන්නෙ උඹ ජිවිතයෙ ලබල තියන අත්දැකීම් එක්ක මේ පොඩි වුන් කරණ දෙවල් ගැන ඔයතරම් හිතන එක ගැන මට පුදුමත් හිතුනා.
    මහා ලොකු පඬි වදන් නැති වුනාට උඹ ලියන දේවල් වල තියන සරල මනුස්සකමට මම කැමතියි.

    අර මුහුදු මහ විහාරෙ ගැන ඉක්මනට ලිව්ව නම්.

    ReplyDelete
  23. හ්ම්ම් කියවගෙන යනකොට ලියන්න බොහෝ දෑ හිතුනා. ඒත් මොකටද බන් මන් උඹේ පිටකහන්නෙ. අනික මම නම් බොහොම විරුද්දයි අනන්‍යතාවක් නැති උන් කරන දේවල් වලට උත්තර හොයන්න මහන්සි වෙනවට. මම නාදුනන කෙනෙක් මන් ගැන මොනවා හිතුවම මට මොකෝ?

    අනික ඉතින් මේ ලෝකේ සාන්තුවරු හොයන්න අමාරුයි ඔය තමන් හොඳයි, සුන්දර මිනිස්සු කියලා කියන හැමෝමත් ( සමහරවිට අපි නොකිව්වත් බලන් ඉන්න මිනිස්සු අපි කරන දෑ නිසා අපිව එහෙම අඳුන්වනවා ) සුදුම චරිත නෙවෙයි අපි හැමෝගෙම ඇතුලෙ කලු චරිතයක් තියෙනවා. ජීවිතේ කවදහරි දවසක ඒක එලියට ඇවිත් ඇති එහෙම නැත්තම් එයි.

    උබේ ව්‍යාපාරයට ජය.....!

    අපිට බර්ත් ඩේ පාර්ටියක් හම්බ වෙයිද?
    නිකන් හිතහල්ලකො කොහොමද මාර සරනියෙ බයිට් එක්ක ඔය මොනාහරි තොලගාන්න තිබ්බ නම්.

    ReplyDelete
  24. මාරේ සැලෙන්න එපා...එක මිනිහෙකුට ජීවිතේ විදින්න පුලුවන් සීමිත අත්දැකීම් ප්‍රමාණයක් විතරයි..ඒ අතින් උබ මේ විදල තියෙන අත්දැකීම් එක්ක ගත්තම මේක උබට කොහෙත්ම ගනන් ගන්න තරම් වටින එකක් නෙවේ..අනික ඉතින් අටලෝ දහම..ප්‍රසන්සා වලින් උඩ යන්නැති උබ නින්දා වලින් මොකට සැලෙනවද

    ReplyDelete
  25. මාරයෝ (මල්ලියේ) මේක කියවලා මොනවද ලියන්නෙ කියලා කල්පනා කර කර ගොඩක් වෙලා හිටියා. උඹ කලින් දාපු කවිය ගැනත් මම ඇහුවාට උත්තරයක් හම්බ උනේ නෑනේ. මම ඔය විත්තියක් දැන ගත්තෙ උඹේ මේ ලිපිය නිසා.

    මල්ලි, උඹ මට වඩා වුරුදු 5ක් විතර බාලයි. ඒත් උඹේ ජීවිත අත්දැකීම් මාව පුදුම කරනවා. ඒ වගේම මම කලිනුත් කියලා තියෙන විදිහට උඹ හරිම් අව්යා්ජ මිනිහෙක්. මිනිහෙක්ට විභාග පාස් කරන්න, විශ්ව විද්යාමල වලට යන්න ඕනෙ නැහැ ජීවිත ගැන දාර්ශනිකයෙක් වෙන්න. උඹ ජීවිතේ ඇසූ පිරූ තැන් තියෙන ලේසියෙන් කිසි කෙනෙකුට ලබා ගැනීමට අසීරු අත්දැකීම් තොගයකින් පරිපූර්ණ වූ මිනිහෙක්.

    උඹ ගල් පාරවල් පොළු පාරවල් කන්නෙ උඹේ රුකේ ඵල ගොඩක් තියෙන නිසා කියල හිතපන්. ඇත්තම කියනවනන් නංගිලා මල්ලිලා විතරක් නෙමෙයි, මගේ හිතෙත් උඹට තියෙන්නෙ ලොකු ගෞරවයක්. මගේ ජීවිතේ මිනිස්සු ගැන මම පැහැදෙන්නෙ හරිම අඩුවෙන්. එහෙම මම පැහැදිච්ච එකෙක් තමයි මල්ලියේ උඹ. ඒ මම උඹව ආශ්රගය කරලා නිසා නෙමෙයි. උඹේ අව්යාටජ ජීවිත කථනය කියවලා.

    අන්තිමට මට කියන්න තියෙන්නෙ, උඹත් මමත් මේ යෙදිලා ඉන්න බ්ලොග් තුලින් නා නා ප්රාකාරයේ මානසික තත්ත්වයන් තියෙන අය අපිව කියවනවා. ඔවුන්ගේ හිත් වල ඇතිවෙන හැඟීම් අපි දන්නෙ නෑ. සමහර අය අපි ලියන දේවල් වලට කැමති වෙන්න පුළුවන්, සමහර අය අපි ගැන ඊරිසියාවක් තරහවක් ඇති කරගන්න ඉඩ තියෙනවා විවිද හේතූන් නිසා. අපි ඒ හැම එකකටම සූදානන් වෙලා තමයි මේ බ්ලොග් අවකාශයේ පැවතෙන්න ඕනෙ. හැම දෙයක්ම උඹේ අත්දැකීම් ගොන්නට එකතු කර ගනින්. ජීව්තේ මල් වගේම ඊටත් වඩා ගල් වලට අපිට මුහුන දෙන්න වෙනවා.
    ලෝක ප්රහකට සංගීතඤ්ඤයෙක් වුනු ජෝන් ලෙනන් මිය ගියේ, ඔහුගේම රසිකයෙක් තැබූ වෙඩි පහරකින්.

    ReplyDelete
  26. සාමාන්‍යෙයන් මම මේ බ්ලොග් එක රන්දිල් වගේම නිතර කියවන්නේ නෑ. මම කියවන්නේ සතියකට පෝස්ට් 2ක් පමණ දක්වා ලියන බ්ලොග් තමා වැඩිපුරම. මම කියන්නේ කිසිම කෙනෙක් කිසිම කෙනෙක්ගේ උත්පත්තිය, ජාතිය, කුලය, ආගම, රූපය, රැකියාව වැනි දේ යොදාගෙන අපහාසයක් කරනවනම් එය මිනිස් කමට කරන නිග්‍රහයක්. සිතා මතා කරන වරදකදී එන එළිපිටම ඇවිත් කියන්න පුළුවන් වෙන්න ඕන. ඇනෝනිමස් හෝ අනවර්ථ නම් වලින් එන්නේ නැතිව. බ්ලොග් අවකාශය පුරා ඇති මේ වරිත අලලා කෙරෙන අපහාසයන් මඩ ප්‍රහාර නම් මම කිසි ලෙසකින් අනුමත් කරන්නේ නෑ. ඕනෑම වරදක් පෙන්වා දෙන්න ශිෂ්ඨ සමිපන්න ක්‍රමයක් තියනවා.

    ReplyDelete
  27. අලුත් ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..!

    ReplyDelete
  28. මා හිතවත් බේබදු හීරලුවා වෙත ලියමි,

    මේ හීරලුවො, මෙතන වැඩේ මේකනෙ බාං, මේ බොලොග් ලියන්ඩ ඇවිත් ඉන්නෙත් අර දිවිය ලෝකෙං පාත් වෙච්චි සුවඳ හමන දේවදූතයො කට්ටියක් නෙවෙයි නෙව.

    රටේ අනික් හැම තැනකම ඔඩු දුවල තියෙන ඉරිසියාවෙං කොරෝදෙං පිරිච්චි එවුං මේකෙත් ඉන්නව. ඉතිං ඔය වගෙ දේවල් වලක්වන්ඩ අමාරුයි.

    අනික උඹට ඔව්ව නොපුරුදු එව්වත් නෙවෙයිනෙ.මොනව උනත් අන්තිමට තීරණයක් ගන්න වෙන්නෙ උඹටමයි.මෙතෙක් කල් ජීවිතේ ආව වගෙ නොසැලී ඉදිරියට කියල තමයි මට කියන්ඩ තියෙන්නෙ.

    ReplyDelete
  29. අර කියන්නත් වාගෙ කොල්ලො පල ඇති රුකටලු නේ ගල් ගහන්නෙ...

    ReplyDelete
  30. මාරයා අයියේ.... ඉස්සෙල්ලාම මගෙ සුභ පැතුම් අළුත් ව්‍යාපාරයට.

    දෙවනුව, මං උඹට ඔළුව නවල ආචාර කරනව උඹෙ අවංක ආත්ම කතනයට. උඹ හරි සුන්දර මනුස්සයෙක් බං. උඹ උඹට අවංකයි, ඒක හැමෝටම කරන්න බැරි දෙයක්. මට මීට වඩා දෙයක් කියන්න ඉතුරු කරල නෑ උඩ කමෙන්ට් දාපු අය.

    ReplyDelete
  31. 01 වියාපාරය සාර්තකවේවා!
    02 දිනය හරියටම දන්නෙ නැතත් සුබ උපන්දිනයක් වෙවා.(එදාට)
    03 ඇනෝ කොමෙන්ට් දාන ඔක්කොම කොන්ද පන නැති අය නෙවේ.(මාත් රංගගෙ බ්ලොග් එකට දවසක් ඇනෝ කොමෙන්ටුවක් දැම්ම.(එක්වුන්ට් 1ක් හදන්න කම්මැලි කමට.)
    04 එක එකා කියන දේවල් ගනන් ගන්න එපා.උෙඹ් පන්සල් කතාවට ආචාර්ය උපාධියක් දෙන්න වටිනවා.(පුලුවන්නම් පොතක් ගහන්න ක්‍රමයක් බලමු.)
    05 අපරාදෙ මාරයගෙ මහන්සිය.ඔය වෙලාවෙ පන්සල් කතාවෙ හො‍දම හරිය ටයිප් කරන්න තිබුන නේද කියලත් හිතෙනව.
    06 රුසියාවට වැඩිය ලොකුයි ඉරිසියාව!

    ReplyDelete
  32. ජය වේවා ව්‍යාපාරයට...!!

    ReplyDelete
  33. ගනං ගන්න එපා මාරේ අයියා . ඔහොම තමයි මිනිස්සු හැමෝම එක වගේ නෑ .මතකද එක දවසක් මගේ බ්ලොග් එක ඇතුලේදී මාරේ අයියගේ නමින් කමෙන්ට් දාපු එකෙක් මට බැන්න හැටි .මතකද එවෙලේ අපි දෙන්නම එකතුවෙලා ඒ ඩයල් එක එලවපු හැටි ..

    මාරේ මම හොඳටම දන්නවා මේක උඹට ගේමක් නෙවන වග ..

    අළුත් බිස්නස් එකට ජයෙන් ජය ...

    ReplyDelete
  34. අළුත් ව්‍යාපාරෙට වටින භාණ්ඩයක් අන්න මේල් එකට එවලා ඇති.ඒක බලන්න.

    ReplyDelete
  35. අයියෙ මම ඔයාගේ ලිපි හැමදාම කියවන්නෙ නැහැ......... පුලුවන් වෙලාවට කියවනවා........මට දැන ගන්න ඕන එක දෙයයි...... ඔයා කොහොමද මේ වගේ ප්‍රශ්නවලට මේ තරම් සංයමයකින් මූණ දෙන්නෙ....... අද තමයි ඔයාගේ ජීවිතේ ඇතුල ගැන ටිකක් හරි දැන ගත්තෙ........ ඔයා අලුතින් පටන් ගන්න යන ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන......මම ඔයාට සැලෙන්න එපා කියන්නෙ නැහැ..... එහෙම කියන්න ඕන සැලෙන කෙනෙකුටනෙ........ඔයාට වරදින්නෙ නැහැ......... ඔයාට බුදු සරණයි........

    ReplyDelete
  36. බැටළු හම් පොරෝගත්තු සුචරිතයන්ට,උගත් දාර්ශනිකයන්ට හොද පිළිතුරක් දීලා තියනවා මාරයියේ...
    ජයවේවා අලුත් බිස්නස් එකට,,

    ReplyDelete
  37. අඩේ මොනාද බං, මේ එක එක මන්ද මානසික කාරයින්ට උත්තර දෙන්න ගිහිං උඹ නිකං කාලයයි වචනයි නාස්ති කරලා නෙවැ.. ඒ වෙලාවෙ අර සුනාමි කතාවවත් ලිවුවනං මීට වඩා ප්‍රයෝජනවත්.. කමක් නෑ උඹට හිතෙන එක එපෑ වෙන්ට.. :)

    බ්ලොගේ ලියවෙන එක අඩුවෙන එක සහ නැත්තටම නැතිවෙන්ට යන එක ගැන දුකයි.. මොනා කොරන්නද ඕනෑම දෙයක් අවසානවෙන දවසකුත් තියෙවනෙ නේද.. ජීවිතේ ජීවිතේ..

    අලුත් බිසිනස් එකට ජයවේවා..!!

    ReplyDelete
  38. මාරයා අයියා අයියගෙ අලුත් ව්‍යාපාරෙ සාර්ථක වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා.... බල්ලන් බිරුවාට මිනිසෙකු ආපසු හැරී බුරන්නේ නැත. ඒ ඔහු මිනිසෙකු, මනසින් උසස් අයෙකු නිසාය. සිතීමට බුද්ධියක් කියා දෙයක් ඇති අයෙකු නිසාය... සහතික යනු මිනිසා ගේ දියුණුව පෙන්වන දෙයක් වන්නට පුලුවන එහෙත් ඔය සහතික නොමැතිව ජීවිතය සතුටින් ගතකරන්නෝ ඕනෑ තරම් සිටිති... ලෝක ප්‍රසිද්ධ කතුවරයකු වන චාල්ස් ඩිකන්ස් පාසල් ගියේ ඔහුගේ වයස අවුරුදු 15 ක් පමන වනතෙක් පමණි... නමුත් ලෝපතල ගත් කතුවරුන් අතර මොහුද සිටී. පාසල් අද්‍යාපනය හරිහැටි නොලැබූ එහෙත් අද මුලු ලෝකයාගේම ගෞරවය‍ට පාත්‍රවූ මිනිසුන් ඕනෑ තරම් සිටිති. ඒ මිනිසුන්ට ජීවිතය ජයගැනීමට පාර පෙන්වුයේ ඔවුන් ලැබූ අත්දැකීම්ය. නමුත් සහතික මිටි ගනනින් ඇති සමහරුන් හරි හැටි බසයක යන්නටවත් දන්නේනැත. අන් අයට හානියක් නොවේ නම් බේබද්දෙකුගේ වරදක් නැත. ජෙරල්ඩ් ඩුරල් යනු බේබද්දෙකි(අපහස කිරීම සදහා කියන ලද්දක් නොවේ)නමුත් සාමාන්‍ය පෙල ඉංග්‍රීසි සාහිත්‍ය විශය මාලාවේ මොහු විසින් රචිත කෙටි කතාවක්ද ඇතුලත් කර ඇත. මෙයින්ද පැහැදිලි වන්නේ යමෙක් බේබද්දෙක් වුවද ඔහුගෙන් යමෙකුට ගතහැකි හොද යමක් තිබේ නම් බේබදු කම පිලිබදව එතරම් තැකීමක් නොකෙරෙන බවය. ජීවිතයේ සතුට කියන දෙය සහතික වලට ලබාදිය නොහැකිය. සහතිකයකට හොද යහලුවන් ලබාදිය නොහැක. මේ ආකාරයේ සහතිකයකට ලබා දිය නොහැකි තවත් දේ ඉහත සමීරගේ කමෙන්ටුවෙන් කියා ඇත. ඉතින් ඒ අතින් බලනා විට සහතික පිලිබදව මාරයා අයියාට කණගාටු වීමේ අවශ්‍යතාවයක් නැත. ඔය එක එකා කියනා දේ ගනන්ගත යුතුද නැත. බුදුරජාණන් වහන්සේටත් අපහස එල්ල වූ ලෝකයක මේවා ගනන්ගත යුතු දේවල් නොවේ. කීමට ඇත්තේ අවසානයේ සත්‍යය ජයගනී කියා පමණි.... උඹට ජය!!!!!

    ReplyDelete
  39. අයියා...ඔය කොන්ද පණ නැති ගොබ්බයන‍්ගේ ***න වැඩ ගණන් ගන්න එපා.ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ.එහෙම ගහන ගල් කැරකිලා ඇවිත් ඒ මී ගොන් වහන්සේලාගේ ඔළුව උඩට පත බෑවෙන කම් උන් දන්නේ නෑ.වදින්න දෙන්න ඕනෙ වෙලාවට අත ගගා ඉඳලා හරියන්නේ නෑනේ.ඒ හින්දා ලියන්න තියෙන දේවල් වදින්නම ලියන්න.සුභ පැතුම්!

    ReplyDelete
  40. හිතවත් බේබදු,පාදඩ,හීරළුවා වෙත,
    දවස් කීපෙකින් කිසි සයිට් එකකට යන්න බැරි වුනා මල්ලි,ගිහින් බලපු ඒවටත් පුරුදු විධියට කොමෙන්ට් දාන්න බැරි වුනා. සුනාමි විස්තරේ බලන්න ආවම මේ කෙලල තියෙන්නෙ තාප්පෙටම. වැටිල තියෙන කොමෙන්ට් බැලුවම වෙන කියන්න දෙයක් වත්,සුභ පතන්න දෙයක් වත් ඉතුරු වෙලා නැහැ. කිව්ව කියල, සුභ පැතුව කියල හිතාගනින් මල්ලි.

    ReplyDelete
  41. මාරේ අයියේ ඔන්න ඔහේ එක එකා කියන ඒවා අතැරල දාලා අපිට හොද බර්ත් ඩේ පාටියක් දෙන්න.... අයිය‍ට වගේ ජිවිතයක් තියෙන මිනිස්සු හරි අඩුයි..එහෙම ජිවිතයක් දැක්කම බුරන බලු කුක්කෝ ඕන තරම්...ඒත් අපිත් උන්ට බුරන්න ඕනේ නැනේ...ඔන්න ඔහේ ආසාව‍ට බුරන එවුන්ට අනුකම්පා කරන්ට

    ReplyDelete
  42. මාර තුමාට විකාරද ?? එක එක පිස්සෝ කරන වැඩ වලට උත්තර දෙන්න කලේ නාස්තිකරා හොඳටම වැඩියි. එක අතකට අනිත් අයවත් update කරලා තිබ්බ එක නම් හොඳයි. මම බ්ලොග් ලියන්නේ නැති උනත් කියවන සීමිත බ්ලොග් කිහිපයෙන් එකක් මේක. මාර බ්ලොග් අවකාශයේ ඉන්න ඔක්කොම දන්නවනේ මාර බ්ලොග් එකට මෙච්චර කෂ්ටිය කැමති ඇයි කියල. ඒ හින්ද මම විස්තර කරන්න යන්නේ නැහැ.
    මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.
    1. ඇනෝ (බුවා කවුද කියල මාර තුමා සමහරවිට හොයගෙනත් ඇති) ගොන් පාට් සත පහකට ගණන් ගන්න එපා. ඕකට උත්තර දෙන්න දෙන්න වෙන්නේ අර ROY කිව්වා වගේ උන්ට වටිනාකමක් දෙන එකයි. මේ එක්කම නිතර බ්ලොග් කරණයේ යෙදෙන කෂ්ටියගෙනුත් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි. ඔය ඇනෝ කාරයා detect උනත් reply වලට යන්න එපා. ඔහේ එයාම දාලා එයාම කියව කියව තනියම ආතල් අරන් නොන්ඩි වේවි හිටපුවාවේ.
    2. අලුත් ව්‍යාපාරය (ඇත්තටම මොකක් ද දන්නේ නැහැ ඒක) සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා.
    3. Busines කර වගේ නෙවෙයි. Blog කෙරුවාව නම් නවත්තන්න එපා රජෝ.
    4. උපන් දිනෙත් කිව්වා නම්. මුණු පොතෙන් වත් සුබ පතන්න...
    5. ඉක්මනට අපි හිටපු "මුහුදු මහා විහාර" කතාවට යමු ද?

    ReplyDelete
  43. අපොයි දෙයියනේ...
    අපේ සමහර බ්ලොග් කරවන මහත්තුරු පොඩ්ඩක් වත් මොලේ පාවිච්චි කරලා නැහැ වගේ මේ scene එකේදී..
    මොන කෙහෙල්මලකට මඩ වලට උත්තර දෙන්න ගියාද ??

    ReplyDelete
  44. මේකෙ අග මුල මටත් තේරෙන්නැ. මමත් ආවේ සුනාමිය බලන්න.

    හැබැයි ඊයේ දොරමඩළාව බැලුවනම් හීරලුවගෙ නියම වටිනාකම දැන ගන්න තිබ්බා. හීරලුවෙක් කියන්නෙ කාලයක් බුද්ධසාසනේට සේවයක් කරලා අයින් වෙච්ච ගරුකටයුතු පුද්ගලයෙක් කියලයි කියවුනේ. එහෙම බලද්දි අපිට වඩා උඔ ඉදිරියෙන්නෙ...!

    අලුත් වැඩේට මගෙනුත් සුබ පැතුම්!

    ReplyDelete
  45. මේ බ්ලොග් අවකාශයේ දී මම හැමෝවම දකින්නේ සම මට්ටමින්. එතනදී මටනම් මාරයා ඇතුළු හැමෝගෙම ජාතකය වත් ඉගෙනුම වත් වැදගත් වුනේ නෑ. ඇත්තටම මට මාරයා කියන්නේ බ්ලොග් අවකාශයේ ඉන්න තරුවක්. ඉතින් මාරයාගේ මේ තරු ලකුණ තමයි තව අයට දරා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒක ඉතින් ඒ අයගේ දුර්වලකමක්නේ. පල ඇති ගහට ගහන ගල්.

    නව ව්‍යාපාරය හොඳින් කරගෙන යන්ට ශක්තිය දහිරිය ලැබේවා.

    ReplyDelete
  46. මාරයියෙ,
    කියන්න හිතපු හැම දෙයක්ම වාගෙ අනිත් අය කියල තියනවා.
    කමෙන්ට් ෙනාදැම්මට හැමදාම මම ෙම අඩවියට ඒනවා ඒ හිංද මාරයිය ගැන මම දන්නවා. ඒත් මාරයියෙ ඔය වගෙ සිද්ධියකට මෙ තරං වටිනාකමක් දෙන්න ඔනද කියල මට නං හරි ප්‍රශ්නයක්. (මෙ තරං දිග පොස්ට් ඒකක්, බල්ලන්ට ගල් ගහනවට වඩා මුහුදු මහා විහාරෙ කතාව ලිව්වනං ෙහාද නැද්ද)
    :-P

    අළුත් ව්‍යාපාරෙං වගෙම ජීවිතෙමුත්, බ්ලොග්කරණයෙමුත් සාර්ථකව ඉදිරියට යංට හැකිවෙන්ට කියලා හදවතිංම ප්‍රාර්ථනා කරනවා.....!

    ඔබට ජය...!

    ReplyDelete
  47. Ade mara aiya mata th meke agak m ulak therenne...

    Eth eka deyak kiyannamko...
    Kandak Biruwata .... Ne... Ne.... weraduna... Ballek biruwata kandak pahath wenne...

    Mara aiya uba api hemontama wada pin karapu ekek ban mata hithena widiyata... Oyata aurudu 5kata hara uthuma budda chiware daranna wasanawa thibuna...

    Anith eka kohewath yana haalparuwo kiyana ewwa ganan ganna epa ban...
    ANITH EKA THAMAI UBA MONA KEHEMMALAKATADA KOHEWATH INNA HAALPARUWONTA UTHTHARA DENNA YANNE...

    mama mara aiyage blog eka nithrama kiyewwath comment koranna wenne...mokak hari wenawa.Eth kohewath inna pissonge weda nisa comment kara kohoma hari.

    thawa deyak... mona widiyata hari mama ubawa mama asa charector ekak wela thiyanawa.anith blog liyana ayath ehema thamai kiyala mama hithanawa.eka dirawannethi ekek thamai oka. mokaa mana jogiya netuwath uba gena ape thiyana view eka damage karanna be.

    Oh thawa junden athamaka wenawa....
    Ara Aluth business ekata magenuth subapethum...

    ReplyDelete
  48. අපරාදෙ මේක ලියන්න උඹ වැය කරපු කාලේ...

    ReplyDelete
  49. මාරයාගේ පෝස්ට් එකයි කොමෙන්ට්ස් ටිකයි කියව්වට පස්සේ මම දාන්ඩ හිතන් හිටපු කොමන්ට් එක වෙනස් කරලා ප්‍රශ්න ටිකක් අහන්ඩ හිතුණා..
    1) උඹේ "රුකේ ඵල" තියෙනවද..?
    2)උඹ වයස '32' යි කිව්වේ ඇත්ත වයස 2 න් බෙදලා 10 ක් එකතු කරලා නේද..?
    3) උඹ බ්ලොග් අවකාශේ තරුවක්ද..? එතකොට අපිට උඹව දවල්ට හම්බවෙන්ඩ වුණොත් කරන්ඩ ඕනේ මොන මඟුලක්ද..?
    4) උඹ ව්‍යාපාරය පටන් ගන්ඩ යන්නේ 'යක්කල' ටවුම කිට්ටුවද...?
    5)..............?
    6)..................?
    7).........?

    මොනවා වුණත් හොඳ මුදලාලි කෙනෙක් වී ලොකූ.... බඩක් ලැබේවායි කියලා සුභ පතන්නම්....

    ReplyDelete
  50. පාසලෙන් විසිවුණු පසු සමාජයේ හැසිරී, ගරාජයේ, පන්සලේ, ලංගමේ, කුරුළු හමුදාවේ ලැබූ විවිධ අත්දැකීම් හරහා ඔබ ලබා ඇති ශික්‍ෂණය හා දර්ශනාත්මක චින්තය ගැන සලකා බලන විට මට පෙනෙන්නේ ඔබ ආචාර්ය උපාධියක් ලැබුවෙකු සේය.

    එනිසා අද සිට, ඔබ කැමති වුනත් නැතත්, මම ඔබට ආචාර්ය මාරයා යැයි අමතමි.

    ReplyDelete
  51. මාරයා මහා ගත් කතුවර මක්සිම් ගෝර්කිට ඔයා තරම් වත් සහතික නැහැ. පුලුවන් නම් හොයාගෙන කියවන්න ඔහුගේ ජීවිත කතාව පොත් තුනකින් ලිව්වා ඔහු.මෙ පරිවර්තන
    1. ලමා විය
    2. මිනිසුන් අතර
    3. මගේ සරසවි

    ReplyDelete
  52. හිරළුවා = ඔබ බුදු දහම ගැන අපට වඩා දනී.
    බේබදු= මේක නම් ශරීරයට අහිතකර වුවත් my car , my petrol නොවැ.
    මෝඩ = සහතික නැති පලියට කෙනෙක් මෝඩයෙක් නොවේ. උදා: මාර්ටින් වික්‍රමසිංහ , තෝමස් අල්වා එඩිසන් ..දෙන්නම්කො ඕන තරම් උදාහරණ.
    සික්කා = ආඩම්බරයක් ..සිකියුරිටි කාරයෙක් වෙලත් බ්ලොග් එකක් ලියන්න හැකියාවක් තිබීම කොයිතරම් ආඩම්බරයට කරුනක්ද?
    චුටි නංගිලා මල්ලිලා විතරක් නොවේ. ඔබට වඩා වැඩිමල් අපිත් මාරයාගේ හෝරාවට ඉතාම කැමතියි.[ මේ ගැන නම් ටිකක් සැකයි. ඔය කියන දේවල් සේරම කරන්න අවුරුදු 40 ක් වත් ජිවත් වෙන්න ඕන .නැත්නම් හැබෑ මාරයෙක්ම තමයි. ]
    හැමදාම කියවා ගියත් අදහසක් නොකී නමුත් අද නිහඬව යන්න බැරිවුණා.
    ප. ලි.
    අඹ මාළුව හා සෝයා මීට් රෙසිපිය අත්හදා බැලීමි. ස්තුතියි එයට.

    ReplyDelete
  53. අලුතෙන් පටන් ගන්න යන ව්‍යාපාරෙටයි, උපන් දිනේටයි දෙකටම සුබ පැතුම්. (හැබැයි උඹ බ්ලොග් ලියන එක අඩුකරන එකට සුබ පතන්නෙ නෑ)

    අර සමීර උඩින් කියල තියෙන දේට මාත් එකගයි. අපිත් පොතේ හැටියට ඉගෙන ගන්න ගියානං මෙලහට හිගා කන්න තමයි වෙන්නෙ.

    ඔන්න ඕව අල්ලල දාපං බං.

    ReplyDelete
  54. පස්සෙනෙ මට මතක් වුනේ .. උපන්දිනය කිව්වානේ .. වෙසක් පෝය එහෙම නෙවෙයි වෙන්ඩැ ...
    මගෙත් අවුරුදු දොළහකට වතාවක් විතර උපන් දිනය වෙසක් පෝය වෙනවා..[උඹගෙත් එහෙම වෙන්ඩැ]
    අපි දෙන්නටම පාටියක් එහෙම දාන්න පුලුවන් වෙයි වගේ.
    [ඒක ගැළපෙන්නෙ නෑ වගේ කියල හිතෙනවනම් දෙන්නම එකතුවෙලා සිල් ගන්න යමු]

    ReplyDelete
  55. දවස් 3 කට පස්සෙ බ්ලොග් අවකාශයට ආවේ අද . මේ කතාව මම කලින් එක් වතාවක් දැක්කා . ඒත් ඒ කියන්නේ මාරයට කියල හිතුනේ නැ . මොකද මම ඔබේ විස්තර සියල්ලම දැන සිටිය කෙනෙක් නොවන නිසා . මේ ලිපිය ඒ මඩ ගහපු අයට හොඳ පිලිතුරක් වෙයි . විරුද්ධ මතවාදයට උත්තර දෙන්නේ නැතුව (මාත් මාරයාගේ දේශපාලනික අදහස් වලට බොහෝඅ දුරට විරුද්ධ කෙනෙක් ) කෙනෙක් ගෙ රස්සාව වගේ දේවල් අල්ලගෙන පහර ගහන එක අන්තිම පහත් තිරිසන් වැඩක් කියල සඳහන් කරන්න ඕනි

    ReplyDelete
  56. ඔබගේ බ්ලොග් පෞරුශයට මා කැමතියි, නොසඟවා හිතැඟි ප්‍රකාශ කරනවාට. වයාපාර නම් එහෙම කරන්න බැරිවේවි!

    ReplyDelete
  57. බල්ලො බුරයි.. සඳ බබලයි.. මල්ලී..
    ඔය සැලෙන්න එපා ඔව්වට. අනිත් අය ගැන හරියටම කියන්න මම දන්නෙ නැහැ.ඒත් පශ්චාත් උපාධි 2ක් තියාගෙනත්,ලොකුයි කියන රස්සාවක් තිබිලත්, ඔයාට වඩා අවුරුදු 8ක් වැඩිමහල් මට නම් ඔයා ලියන අව්‍යාජ, ලස්සන ශෛලයෙන් 1% වත් ලියන්න බැහැ... ඔයාට තියෙන අත්දැකීම වලින් 10%ක්වත් නැහැ.. මම ඔයාගෙ සේරම වගෙ කියවල රස විඳල තියෙනව..ඔයා දිගටම ලියන්න..
    ඔයාගෙ ව්‍යාපාරයටත් සුභ පැතුම්..

    ReplyDelete
  58. ටික කාලයක් බ්ලොග් කියනවන්න බැරි උනා විතරයි වෙලා තියෙන දේවල්


    බල්ලො බිරුවට කඳු පාත්වෙන්නේ නෑනේ මාරයියේ

    ReplyDelete
  59. We're sorry, but we were unable to complete your request.

    ReplyDelete
  60. කියන්න තීන දේ කෙලිං කියන්න බැරි නපුංසකයො ගැන මොකට වද වෙනවද? විචාරය විවේචනය සතුටින් භාර ගනින්, හැබැයි පිළිතුරක් දෙන්න තරං දෙයක් නැති මේ වගේ හිස් කල වල සද්දවලට කලබල නොවී හිටින්. ජය!

    ReplyDelete
  61. //ආ මේ මගේ අඩවියේනං මං ඇනෝ කමෙන්ට් වහලා තියෙන්නේ..ඒ අද ඊයේ නෙවෙයි බොහෝම කාලෙකට කලින් ඉඳලා..ඒ කියන්නේ පිට කොන්දක් ඇති කෙනෙකුගෙන් මිස..තමන්ගේම කියා පෞර්ෂයක් නැති අයගේ කොමෙන්ටුවකින් මට ඇති වැඩක් නැති නිසා… එය හොඳක් උනත් නරක් උනත් මට එයින් පලක් නැත. ඒ නිසා ඇනෝලා කොමෙන්ට් කිරීමට උත්සහ කරන්න ඕන නැහැ..ස්තූතියි.//

    මේක නම් එක්තරා විදියක අන්තවාදී අදහසක්. ඇනෝ නමින් කොමෙන්ට් කරන්නේ පෞරුෂයක් නැති කෙනෙක් කියලා කියන්නේ මොන පදනමකින්ද කියලා මට නම් තේරෙන්නේ නෑ.

    ReplyDelete
  62. යම් කිසි පෝස්ට් එකක් ගැන තමන්ගේ අදහසක් පළ කරන්න ඉන්ටර්නෙට් වගේ අඤ්ඤකොරොස් ප්ලේස් එකක නියම නමින් පෙනී සිටින්න කියලා ද මේ කියන්නේ. මොකද නමක් දැම්මත් ඒක ඇත්ත නමක්ද, බොරු නමක්ද, අනුන්ගේ නමක්ද කියලා තහවුරු කරගන්න කාටවත් බෑ. ඒක නිසා ඇනෝ නමින් කොමෙන්ට් දාන්නේ කශේරුකාවක් නැති අය කියලා කියන එක නම් සාමාන්‍ය පාඨකයාට කරන්න පුළුවන් අන්තිම අපහාසයක්.

    ReplyDelete
  63. බැලිය යුත්තේ ඇනොද, ටැනෝද, බැනෝද කියා නොව කොමෙන්ටුවේ අන්තර්ගතය දෙසය. මොකද ඇනෝ නමින් බොහෝ බ්ලොග් අඩවි වල ඉතා සාධනීය කොමෙන්ට් පළවූ අවස්ථා මම ඕන තරම් දැක තියෙනව. මම දන්න තරමින් බ්ලොග් කියවන (ලියන නෙවෙයි) බහුතරයක් බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් කියන්නේ කොස් ද, දෙල් ද කියලා දන්නෙත් නෑ. ඉතින් එහෙම අයට ඒ, ඒ සයිට් වලට ගිහින් ෆෝම් පුරවලා, පාස්වර්ඩ් දීලා, ඒවා මතක තියාගෙන, captcha ගහලා, එකවුන්ට් ඇක්ටිවේට් කරලා ඇවිල්ලා කොමෙන්ට් කරපල්ලා කියලා බල කරන එක කොච්චර සාධාරණද?

    ReplyDelete
  64. නාමිකව හෝ නිර්නාමික ලෙස අදහස් පළ කරන්න පාඨකයාට තියෙන අයිතිය අහිමි නොකල යුතුය කියලා තමයි සිංහල බ්ලොගාවකාශයේ දියුණුව පතන කෙනෙක් හැටියට මගේ නම් අදහස. මොකද එකවුන්ට් තියෙන එවුන්ට විතරක් අදහස් ප්‍රකාශ කරන්න දුන්නම අනිත් එවුන්ට පාන්ද? බ්ලොග් කියවන හැම එකෙක්ම බ්ලොග් ලිවිය යුතුද? කෙසේ වෙතත් තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් කීවා වගේ තමන්ගේ අඩවිවල ඕනෙ කරණමක් ගැසීමට බ්ලොග් අයිතිකාරයන්ට නිදහස ඇති බැවින් කල්ලි ගැසී ඇවිත් අපට පහර නොදෙත්වා. අපි අපේ අදහස පමණක් පළ කලෙමු. we report. you decide.

    ReplyDelete
  65. අයියා පටන් ගන්න යන අලුත් ව්‍යාපාරය කිසිම අඩුවක් අවහිරයක් නැතිව සාර්ථක වෙන්න කියලා සමනලීයි අයිතිකාරයයි දෙන්නම සතුටින් සුබ පතනවා.....!!!!

    අනුන්ව විවේචනය කර කර යන අය ගැන අයියා වගේ අය දුක් වෙන්න ඕනි නෑ. උගත් කමේ පරතෙරට ගිය මිනිස්සු ජීවිතේ පරාද වෙන හැටිත්, ඒ තරම් උගත් (සහතික මිටි වලින්) නැති අය ජීවිතේ දිනල ලස්සනට ඉන්න හැටිත් ඕන තරම් අපි දැකල තියෙනව. අනික කාට උනත් ජීවිතේ පිටට නොපෙනෙන පැත්තක්/චරිතයක් තියෙන්න පුලුවන්.. ඔය අයියා ගැන කියල තියෙන කෙනාට උනත් එහෙම ඇති... ඕවා ගනන් ගන්න යන එක අපරාදේ අයියේ....

    ReplyDelete
  66. අනිත් හරිය ගැන නම් කියන්න තියෙන්නේ ඔය වගේ කොමෙන්ට් වලට උත්තර දෙන්න කාලය නාස්ති කරන එකම ගොන් කමක්. ඒකෙන් වෙන්නේ ඔය කියන කොමෙන්වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලැබීම විතරයි.

    උප්පැන්නයක් නැති ඇනෝලා වෙනුවෙන්,

    - කොටුව -

    ReplyDelete
  67. comment eka kotas washayen pala kirima gena kamanna. eka paarata daanna giyama daanna denne ne. udin thiyena msg eka enawa ban.

    tech expert kenek meeta hetuwa pahadathwa.

    computer jilmart nodanna reader kenek me wage log wela comment daanna giyoth kochchara apahasuthawayata path wenawa ethida?

    ReplyDelete
  68. සෑහෙන්ට පරක්කුයි. පහුගිය ටිකේම ජාලෙ වැඩ කළේ නැහැනෙ. ඉතින් මගෙනුත් සුභ පැතුම් අලුත් වැඩේට.!!!!!!!

    ReplyDelete
  69. මාරයා සහොදරයා.. ඔයා මාව නොදන්නවා වෙන්නට පුලුවන්... නමුත් ඔයාගෙ බ්ලොග් එක හරහා ඔයා ගැන තරමක් දුරට දැන ගත්තා... කාර්ය බහුල කම නිසා ගොඩක් වෙලාවට කමෙන්ට් එකක් දාන එක අතපසු උනත් අද නං සටහනක් තියන්නම ඕනෙ කියල හිතුව...

    බේබදු කමෙන්, හීරලු කමෙන්, අධ්‍යාපනයෙන්, රස්සාවෙන් තව මනුස්සයෙක් මනින මිනිහා මොන විභාග පාස් කරල සහතික සිය ගනන් තිබ්බත් හුදෙක් මෝඩයෙක් විතරක් බව බුද්ධියක් අති ඕනෙම කෙනෙක් වටහ ගන්නව... මෙතනදි වැදගත් වෙන්නෙ ඔයා මේකට මූන දීපු හැටි වගේම මේ බ්ලොග් පොස්ට් එක ලියල තියෙන සංවරකම... ඔයාගෙ බුද්ධිය කොයි වගේ මට්ටමකද තියෙන්නෙ කියල ඒකෙන්ම වටහා ගන්න පුලුවන්... ඒකට සහතික ඇත්තටම අවශ්‍ය නෑ...

    හැබැයි... 'ධනවත්ව පොහොසත්ව..රූපත්ව ණැනවත්ව දිවි ගෙවීමට නම් පෙර කල පින් ඇතිව උපදින්නට උවමනා කෙරේ... අවාසනාවකට ඒ තරම්ම මා පින් කර නොමැත..' කියල කියපු එකට මම කොහෙත්ම එකඟ නැහැ...

    ජීවිතේ මෙච්චර කම්කටොලු විඳලා තවමත් තමන් තෘප්තිමත් විදියට ගෙවන්න, ඒ වගේම මෙහෙම අපහාස කරන කෙනෙක් දිහා උපේක්ශාවෙන් බලන්න, ඒ ගැන දුක් වෙන්නෙ, හිතෙන් විඳවන්නෙ නැතුව ඉන්න, අවශ්‍ය ශක්තිය කෙනෙක්ට ලැබෙන්නත් පෙර කරපු පින් බලපානව කියල මම හිතනව... මොකද පෝසත්, නැණවත් අයත් ඉන්නව ඕනෙ තරම් හිතේ සතුටක්, තෘප්තියක් නැතුව විඳවන...

    අධෛර්ය වෙන්න එපා....

    ReplyDelete
  70. යකෝ..

    මාරය සුරුට්ටුගන්නෙත් විශ්වවිද්‍යාල වලින්. ඒව එවන්​නෙ ඇමරිකාව වගේ රටවල් වලින්. අපේ කාටද බං විශ්ව විද්‍යාල වලින් සුරුට්ටු පිරිනමන්නේ.


    :P

    ReplyDelete
  71. අඩෝව් කවුද ඩෝව් අපේ මාරයියට පාට් එක දාන්නෙ????

    මටත් කියන්න තියෙන්නෙ අර අභීත අයියා කිව්ව දේම තමා අපරාදේ මේක ලියන්න ගත්ත කාලෙ.

    අයියගෙ අළුත් වැඩේ සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
  72. මාරයියා සැෙලන්න ඒපා අපි ඉන්නවා ෙන් අලුත් ව්‍යාපාරය සර්වපාකාරෙයන්ම සාර්ථක ෙව්වා

    ReplyDelete
  73. I wrote big note to you in sinhala. But its gone. So now I am writing in english and i think you could understand.

    I didnot read the whole thing and I read some of your writings specially astrology ones. B'cause iam intrested in.

    So, in case of certificates... If you have sufficient knowledge in elecricity wireing , minhanical, welding , capentry, etc... you can obtain certificates from "National Appratice Board" (NAB) located at Rajagiriya. I dont know the present name. But the contact No is T.P. 2863680 Fax.2863737, 2875553
    Close to filling station- Rajagiriya)

    මීට අමතරව ඔබට උපාධියක් ඕනෙ නම් සහ දැන් ඒ සඳහා කාලය ශ්‍රමය ධනය යෙදවිය හැකිනම් කැපවී ඉගෙනීමේ යෙදිය හැකිනම් ඒකට Open University එක තියෙනවා. ශාඛාවක් ගම්පහත් තියෙනවා. උදවුවක් ඕනෙ නම් මට e-mail කරන්න

    මම

    මිගාර

    Note

    Open distance learning doesnot cost you a lot as private Universities. But you have to work hard to achieve your goals.

    ReplyDelete
  74. pitakotuwa said...

    බැලිය යුත්තේ ඇනොද, ටැනෝද, බැනෝද කියා නොව කොමෙන්ටුවේ අන්තර්ගතය දෙසය. මොකද ඇනෝ නමින් බොහෝ බ්ලොග් අඩවි වල ඉතා සාධනීය කොමෙන්ට් පළවූ අවස්ථා මම ඕන තරම් දැක තියෙනව. මම දන්න තරමින් බ්ලොග් කියවන (ලියන නෙවෙයි) බහුතරයක් බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස් කියන්නේ කොස් ද, දෙල් ද කියලා දන්නෙත් නෑ. ඉතින් එහෙම අයට ඒ, ඒ සයිට් වලට ගිහින් ෆෝම් පුරවලා, පාස්වර්ඩ් දීලා, ඒවා මතක තියාගෙන, captcha ගහලා, එකවුන්ට් ඇක්ටිවේට් කරලා ඇවිල්ලා කොමෙන්ට් කරපල්ලා කියලා බල කරන එක කොච්චර සාධාරණද?

    Yes Maraya this 100% true that is what happend to my sinhala comment. So it is very unfair to us.

    ReplyDelete
  75. I wrote big note to you in sinhala. But its gone. So now I am writing in english and i think you could understand.

    I didnot read the whole thing and I read some of your writings specially astrology ones. B'cause iam intrested in.

    So, in case of certificates... If you have sufficient knowledge in elecricity wireing , minhanical, welding , capentry, etc... you can obtain certificates from "National Appratice Board" (NAB) located at Rajagiriya. I dont know the present name. But the contact No is T.P. 2863680 Fax.2863737, 2875553
    Close to filling station- Rajagiriya)

    මීට අමතරව ඔබට උපාධියක් ඕනෙ නම් සහ දැන් ඒ සඳහා කාලය ශ්රsමය ධනය යෙදවිය හැකිනම් කැපවී ඉගෙනීමේ යෙදිය හැකිනම් ඒකට Open University එක තියෙනවා. ශාඛාවක් ගම්පහත් තියෙනවා. උදවුවක් ඕනෙ නම් මට e-mail කරන්න

    මම
    මිගාර

    ReplyDelete
  76. මිගාරව අපහු වංගියක් දකින්න ලැබීමත් සතුටක්..ඇත්තටම මම මේ බ්ලොග් කියවිල්ල පටන් ගත්තට පස්සේ ආසාවෙන් කියවපු ලේඛකයෙක් තමා ඔබ...අදටත් මම ඔබේ ගී රස විනිස පැත්තේ යනවා ඉඳ හිට.

    ඔය කතාව ඇත්ත තමා..මම ඇනෝලට කොමෙන්ට් වැහැවුවේ විරෝධාකල්ප නිසා නම් නෙවෙයි සෑහෙන දවසක් ඉඳලා බැරිම තැන අර හීරෝ වගේ මානසික වශයෙන් පීඩාවට පත්වෙලා ඉන්න අයගෙන් අනිත් කියවන්නන්ට වෙන හිරිහැරය නවත්වන්නයි...

    ඒ තීරණය මං හුගාක් ඉවසලා ඉවසලා ගත්තු තීරණයක්..මොකද හැමදාම ඇනෝ විදියටම ඇවිත් කමෙන්ට් කරන "සුලා" අයියව මට මග ඇරුණා මේ වාරනය හින්දා..මට ඒක ලොකු පාඩුවක්.
    ඒත් අනිතිමට වෙන කරන්න දෙයක් නැති හින්දම මම ඒ දේ කලේ...ඔබේ උත්සහයට වෙච්ච මානිය ගැන නම් බොහොමත්ම කණගාටුයි..මමත් වැරදියි අඩුම ගානේ මේ කොමෙන්ට් බොක්ස් එකට උඩින් ඇනෝ කමෙන්ට් නවත්වලා තියෙන්නේ කියලා පුංචි පේලියක් හරි දාලා තිබ්බනං ඔබට මෙහෙම තත්වයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.

    මං බලන්නං ඔබේ වචනයට කුමක් හෝ දෙයක් කරන්නට හැකිදැයි කියා..ඒ වාගෙම අධ්‍යාපනය හා ඊට අඳාළව වෘත්තීය සහතික ලබා ගැනීම සම්බන්ධව ඔබ දැන්වූ කරුණු වලටත් බොහෝම ස්තූතියි..විශේෂයෙන්ම නිහඩ බව බිඳීම ගැන බොහෝමත්ම සතුටුයි...

    අදහස් එකතුකල හැම දෙනාටම අනේක වාරයක් ස්තූතියි...ඒ වාගේම වෙන වෙනම කතා නොකිරීම ගැන අමනාපයක් ඇති කරගන්නත් එපා...දන්නවනේ මංතුමාට වැඩ අධික කාලයක් ඇවිත් තියෙන්නේ...

    ඒ හින්දා ඉස්සරහට විවේකයක් ලැබෙන හැටියට ආයෙමත් කතා කරන්නං...

    ReplyDelete
  77. කාලෙකින් මාරයියාගේ බ්ලොග් එකට ආවේ... හප්පුස්සියේ.. මේ තරම් දිග පොස්ටුවක් ලිව්වේ ඇයි අර අභිත අයියා කියන්නෑහේ වෙලාව අපරාදෙනේ... ඔය එක එක තැන් වල එක එක අය කියන ඒවා ඇගට ගන්න එපා මාරයියා... අනික ඔය පාට් දානවයි කියන උගත් පුග්ගලයා හරියට ගෙයක් අතු ගාගන්නවද දන්නේ නැහැ.. මාරයියාට කාගෙවත් උදවි නැතිව ගොඩක් දේවල් කර ගන්න ජීවිතේ අත්දෑකිම් තියෙනවා මේ මාරයාගේ හොරාව නැමැති බ්ලොගය කියවන කවුරුත් ඒක දන්නවා.. බස් වල මඩ ගහගන්න විහිලු තහලු තරන්න කලින් මේ බ්ලොග් එක කියවලා ඔය කියන බේබදු හීරළු සෙක්කාට එක වගේ ගරු කරන කෙනෙක් විදියට මට කියන්න තියෙන්නේ කියන්නා හෝ ටයිප් කරන්නා මොක මොක කීවත් එව්වා අපිට නොවේ වගේ හිටියම උන්දැටම ඇති වෙලා දවසක නතර කරනවා...

    ජයෙන් ජය!!!!!!!
    බුදු සරණින් අළුත් ව්‍යාපාරය දියුණු වේවා....

    ReplyDelete
  78. අලුත් වැඩේට උනුසුම් සුබපැතුම්.

    ඔයා ඔය එක එක අය කියන ඒව ගනන් ගන්න එපා. බල්ලො බිරුවට හද පහත් වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  79. මමත් දැනට නොකරපු එකක් නැති එකේක්.අපි තරර්‍ම උන් ජීවත්වෙලා නැ මාරයො.අපිට මොනවද බැරි.සීංහල ර්‍බලෝග් පළමු අංක තූනේ එක අංකයක් මාරයාගේ අහවල් එක.උන්ට අහවල් එක කරගන්ඩ කියලා අපේ ගමන අපි යන්.අළුත් වැඩෙත් කරගන්ඩ ශක්තිය ලැබෙවා.මොනවා කලත් කමක්නැ අපිට සතූට දැනුම දෙන එක නැවැත්තූවොත් අර්‍මමපා අනිනවා පිහියෙන්.(ඉන්න තැනත් දන්නවා).(බොන එක නවත්තන්නත් එපා)

    ReplyDelete