06 May 2011

ලොක්කා බිෂීය...කවදා පොලොවේ පය ගහන්න පුළුවන් වෙයිද මංදා...

අප්පච්චියේ කතා කොරන්ට දෙයක් නැහැ..මං කම්මුතුයි.
අළුතින් වැඩක් පටන් ගන්න කියලා ලෑස්ති උනත් හරි මං හිර උනා හිර විල්ලක් ආයේ ගන්න සංසාරයක් නැහැ.

මුලින්ම තිබුනේ තැනක් හොයන ප්‍රශ්නේ..පාර දිගේ හම්බෙන අයගෙන් අහගෙන යෑම..දන්න කියන අයට හොයලා බලන්න කියන එක..වහලා තියෙන කඩවල් ගැන අහල පහල කඩවලින් විපරං කිරිල්ල..ඒවායේ අයිතිකාරයෝ හොයාගෙන රට වටේ ඇවිදිල්ල..පණ ගියා..ඒත් යාන්තං ටිකක් විතර ජිල් පිට් වෙන තැනක් අන්තිමට සෙට් උනා වගේ කියමුකෝ...

මාසික කුලියනං ඒ හැටිම අසාධාරණ නැහැ..තැනේ හැටියට..ඒත් අත්තිකාරම් මුදල ටිකක් සැර වැඩියි...මාස හයකට හරියන්න ඒක තියන්න ඖන..ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් ඉතිං වරදක් කියන්නත් බැහැ අපේ මිනිස්සු කරන ජිල්මාට් වැඩ හින්දා..

ඒත් ඉතිං තුට්ටු දෙකකුත් අරං වැඩේට බැස්ස මට ඒක් ලේසි ගේමක් නෙවී...
අළුත්ම කඩයක් හැබැයි ඒකත් උඩ තට්ටුවක්...අඩි අටක් පළලයි..දහයක් උසයි..ඇතුලට දිග තියෙනවා අඩි තිස් දෙකක්..සෑහෙන ඉඩක්..දැනටත් මං ඉන්නේ උඩ තට්ටුවක ගෙයක් අරං නෙව..
ඒකෙන් මේකෙන් මට මේ පාරත් පොලොවේ පය ගහලා ඉන්න වෙන්නේ නැහැ වගේ...මොනවා කොරන්නද...

මුලින් හිතුව විදියට නෙවෙී දැන්නං මගේ කල්පනාව එතනම පදිංචියටත් යන්න තමා...හැබැයි දැන් ඉන්නවා වගේ පහසුකං නැහැ..වැසිකිලි පහසුකම් උනත් පහල තියෙන්නේ... නාන්න තැනක් නැහැ..උයනවා කියන එක කරන්න හිතන්නවත් බැහැ.
ඒ මදිවට කඩේ වයරින් කරලා විතරයි බට දාලා හැම තැනින්ම කටවල් වලින් වයර් එළියට දාලා නං තියේ..ඉතිරි වැඩ අපි අපිට ඕන හැටියට කර ගන්න ඕන..

මාත් ඉතිං කොහොම හරි මේ තත්වෙට මුහුණ දෙන්න එපෑ...ලයිට් ටික හරි ගස්සන්න ඕන...කඩේ ඇතුල ටිකක් විතරවත් මනුස්ස පාටකට පාටිෂන් කරගන්න ඕන..පස්සේ කාලෙක වැඩේ සරු උනහමනං ඕය ඉස්සරහට වීදුරු දාලා ටොයිස් කරලා ගතෑකි..දැනට එහෙම ඕන නැහැ.

ඊට අමතරව හිතන් ඉන්නේ කඩේ පිටි පස්සේ පැත්තේ තියෙන අඩි දෙකක් පලල බැල්කනියක් වගේ කෑල්ලට..ඒකට කියන නියම නම මම දන්නේ නැහැ ඕං..කොහොම හරි එහෙම එකක් තියේ..ආන්න ඒ දිග තීරුවේ මගේ කෑල්ල වෙන් කරලා ප්‍රධාන වතුර ලයින් එකෙන් බටයක් දාලා අරගෙන පොඩියට හරි ටැප් එකක් හයි කරන්න..ඒකටම හෝස් එකක් ගහලා බිත්තිය පැත්තෙන් හයි කරලා නාන්න කරන්නයි හදාගන්නත් ට්‍රයි එකක් දෙන්න ඕන...නාන වතුර ටික බැහැලා යන්න ක්‍රමයක් හදන්නත් ඕන..වැඩ කෝටියයි.

කොහොමටත් මට ආයුධ ටිකත් අරගෙන ගෙහුං දවස් දෙකක්වත් කඩේට වෙලා නහින්න වෙයි වගේ...

ඊයේ දවසම පහළ වඩු මඩුවේ බාස්උන්නැහේ එක්ක එක්කාසු වෙලා මං පුංචි මේසයක් හදා ගත්තා..
ආ ඒකේ පුංචි විශේෂත්වයක් තියේ..මං පුළුවන් වෙච්ච ගමන් පොටෝ එකක් දාන්නංකෝ..
ඔයාලා දැකලා තියෙනවා නේද අර ටෙලිෆෝන් ලොක් කරලා තියන්න පොඩි ලී පෙට්ටි ගහනවා..ආන්න ඒ වගේ මේ මේසෙටත් පොඩි මගුලක් මං කලා..ඒ මොකක් ලොක් කරලා තියන්න කියලද හිතන්නේ...?

තව ඉතිං ලෑස්ති කර ගන්න ඕන බඩු මුට්ටු සෑහෙන්න තියෙනවා..ඒ මදිවට එපා වෙන්නේ මේ දැන් ඉන්න තැන තියෙන බඩු ටික අස්පස් කරගෙන මිටි බැඳගෙන පහලට ඇදලා වාහනේකට පටවගෙන ගෙහුං ආයෙමත් අර උඩ තට්ටුවට අදින එක තමා..
ඔය කියන හැම දේම මම එපැයි තනියම කරගන්න.

ඉතිං ඔය වැඩ රාජකාරි අස්සේම මට වෙන්න තියෙන තවත් ජරමරයක් උනා..දැන් ඉන්න තැන වැඩ පලේ අයගේ කේන්දර ටික පිළී වෙලකට එන්න පටන් ගත්තා...දැන් ඒ අස්සේ ඒවා බලන්නත් ඖන..ඉතිං වෙනදා වගේ වැඩ පොලට ගියහමවත් නිදහසේ මේක ලියන්න..බස් පදින්න...කොටින්ම කිව්වොත් නිදැල්ලේ හැසිරෙන්න වෙලාවක් ඇත්තෙම නැති තරං..වැඩ පොලේනං කියන්න තරං මට වැඩක් නැහැ..

ඉතිං දැන් කරන්නේ ‍ලැප් එකත් පැත්තකින් තියලා නෙට් එකට ඇවිත් බස් එකක් එහෙම දාගෙන ඒකත් සැරින් සැරේ බලන ගමන්..මං මගේ වැඩ ටික කරගෙන යන එක...අතරින් පතර බ්ලොග් එකක් දෙකකුත් කියවන්න බලන්න ඕන...ඒත් ඉතිං කාලය හුගාක් මදි වගේ...

කොහොම උනත් දැන් පටන් ගත්ත දේ මොන විදියෙන් හරි ඇදගෙන යන්න ඖන..කොහොමත් මං හිතන්නේ මට ජූලි මාසේ මැද හරිය විතර වෙනකොට සම්පූර්ණ කාලය මගේ වැඩේට යොදවලා..රස්සාවෙන් අස් වෙන්න ඇහැකි වෙයි..එහෙම උනොත් ඉතිං ආයේ වැඩත් එක්ක බ්ලොග් එක කරගෙන යන්න පුළුවන් වෙයි...දැන් රස්සාවයි..බ්ලොග් එකයි..මගේ අළුත් වැඩෙයි තුනක් කරන්න විදියක් නැහැ. ඒ හින්දා ටිකක් බ්ලොග් එකේ කාලය අඩු කරලා අනිත් දෙකට කාලය දෙනවා..රස්සාවෙන් අස් උන ගමන්..ආයේම මම බ්ලොග් එකේ ඇති...

ඒත් පුළුවන් හැම වෙලෙම උපරිම ට්‍රයි එකක් දෙනවා බ්ලොග් එක..විශේෂයෙන්ම දැන් ඇදගෙන යන සුනාමියට ආරුගම්බේ ගිය කතාව ලියලා ඉවර කරන්න...
කස්ටිය මාත් එක්ක අමනාප වෙන්න එපා ඕං...

35 comments:

  1. හැමදේම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..... බුදු සරණයි අයියේ...!

    ReplyDelete
  2. ජයවේවා මචෝ.. අපේ කිසිම අමනාපයක් නෑ උඹ ටික දවසක් නොලියා හිටියා කියලා.. මොනා කොරන්නත් ඉස්සෙල්ලා ජීවත්වෙන මාර්ගෙ හදාගෙන ඉන්ට එපායැ..

    ReplyDelete
  3. මෙච්චර කාලයක් කට්ට කාපු බොට ඕකත් කජ්ජක්ද?
    අලුත් වැඩේට සුබ පතනවා.
    පුලුවං හැම වෙලාවකම බ්ලොග් එකත් ලියහං.
    උඹ අර ලී පෙට්ටිය ගැහැව්වෙ ලැප් එක දාල ලොක් කරල තියන්න නේද?

    ReplyDelete
  4. ඔන්න 10000 වෙනි කොමෙන්ට් එක.

    ReplyDelete
  5. සුභ අනාගතයක්!!!!!!!!!!

    ReplyDelete
  6. එල එල මාරෙ අයියෙ... සුභ පැතුම්!...

    ReplyDelete
  7. බ්ලොගේ කවද ලියන්න බැරිද අයියා. ඔන්න ඔය පටන් ගන්න යන වැඩේ හරියට කර ගන්නකෝ. වැඩේ සාර්ථකව කර ගන්න ශක්තිය දෛර්ය ගැබේවා.

    ReplyDelete
  8. පොඩ්ඩක් වැරදුනා හදිස්සියට. අන්තිමට ලැබේවා කියලා දාල කියවන්න. :D :D :D :D :D

    ReplyDelete
  9. ඔව් අයියා ඔය වැඩ දෙක ගොඩ දාගෙන ඉමු.අයියගෙ වැඩේ සාර්තක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා :))))

    ReplyDelete
  10. මාරේ අයියගේ අලුත් බිස්නස් එක සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!

    ReplyDelete
  11. අයියගෙ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න ලැබේවා.

    ReplyDelete
  12. බිස්නස් එකටම වටින මම ඊමේල් කරපු තෑග්ග බලල නෑ වගේ.ඉදිරි වැඩ සාර්ථක වේවා.

    ReplyDelete
  13. උත්සහවන්තය ජය ගනියි කිව්වලු....

    සියලු ඉදිරි වැඩ සාර්ථක වේවා.සුබපැතුම්...

    ReplyDelete
  14. අලුත් එක මාරම බිස්නස් එකක් වී දවසක ලoකාවේ කවුරුත් දන්නා ව්‍යාපාරිකයෙක් වීමේ වාසනාව ලබේවායි පතමි

    මීට
    හිතාදර
    අලුත් කොල්ලා

    මේසෙ පෙට්ටිය ලැප් ටොප් එකට නේද?

    ReplyDelete
  15. ඉස්සෙල්ලම ජීවිතේ දිනාගෙන පිළිවෙලක් වෙලා ඉන්න මල්ලී,,
    සුභ පැතුම් !!!!!!!!!!

    ReplyDelete
  16. ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම්...........

    ReplyDelete
  17. සුභ පැතුම් !!!!!!!!!!!!!
    ඔය තැන ගැන විස්තර මට දෙන්න. මාර්ග විස්තර. මොකද මම හිතන් ඉන්නේ මල්ලිට කස්ටමස්ලා එවන්න. ගම්පහ කට්ටිය ගොඩක් මගෙන් සේවය ගන්නවා. එයාලට මම කියන්නම්.

    ReplyDelete
  18. ඔය කියන පෙට්ටිය ගැහුවෙ ලැප දාල ලොක් කරන්න නේද ????
    කොහොම උනත් උඹේ අලුත් වැඩේට මගෙං උම්ම්ම්මා . . . . . එකක්

    ReplyDelete
  19. මාරයියේ මගෙන් මුලින්ම ඩෙටොල් බෝතලයක් අර උඩින් දීලා තියන උම්මා එකට රෑෂ් එන්න කලින් සොදා ගන්න.

    අනික් අර කිව්වත් වගේ අයියා කරලා තියන දේවල් වල හැටියට මේවත් වැඩද........ සියල්ලම බොහෝමත්ම සාර්ථකව සිදුවේවා කියලා අපිත් පතනවා......!!!! ආයේ වෙනසක් නැ වෙනදා වගේම මුළු හා හඳින්ම තමා.........

    එහෙනම් ඒවා මේවා ඔක්කොම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා........!!!!

    ලැප් මලයටත් නැප් එකකට තැනක්ද අර?????

    ReplyDelete
  20. ඔන්න අපෙනුත් සුභ පැතුම්..ඔය තැන ගැන පොඩි අදහසක් දුන්නොත් අපිටත් උදව්වක් කරන්න බැරි වෙන එකක් නැහැ.අසල් වැසියොනෙ...පටන් ගන්න දවසට හැමෝටම විවෘත ආරාධනයක් කරන්න..එහෙම අකමැති නම් ඊයක් වත් එවන්න..

    ReplyDelete
  21. අලුත් වැඩේට හද පතුලෙන්ම සුභ පැතුම් මාරය්යේ... බිස්නස් එක නැගල යනවා ඒකාන්තයි. ඉදල හිටලා වත් බ්ලොග් එක පැත්තේ එන්න හොඳේ. මමත් මුල ඉදල අගටම කියවල තියනවා.

    ReplyDelete
  22. කරන වැඩේ සාර්ථකව කරගන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.....

    ReplyDelete
  23. උණුසුම් සුභ පැතුම්!...

    ReplyDelete
  24. " බිෂි " උනට කමක් නෑ ලොකු අය්යේ වැඩ ටික සාර්ථකව අවසන් කොරල මේ පැත්තෙ ආවන0 එහෙන0

    ජයවේවා කිව්වා............,

    ReplyDelete
  25. ජය වේවා කියා පතනවා ...

    ReplyDelete
  26. එහෙනං අයියා පටන්ගත්ත වැඩේ අවුලක් නැතුව සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියල බොක්ක පතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා.... එහෙනං ජයවේවා.... මොන මුදලාලි උනත් බ්ලොගේ ලියන්න අමතක කරන්න එපා....

    ReplyDelete
  27. උනුසුම් සුබපෑතුම් අයියේ.....ජයෙන් ජයම ලෑබෙන්න ඔන...!!!!

    ReplyDelete
  28. හරි ලොක්කා, එහෙනම් වෙලාවක් කලාවක් හම්බවුනාම ඇවිල්ලා පොස්‍ට් එකක් දාල එහෙම යන්නකෝ...

    මොකක්ද ලොක්කගේ බිෂ්නස් එක ??

    ReplyDelete
  29. ඒ මොකක් ලොක් කරලා තියන්න කියලද හිතන්නේ...?මාරයියගේ සල්ලි මල්ල....අලුත් බිසිනස් එකට ජය වේවා!

    ReplyDelete
  30. වැඩේ ගොඩ යනවා අනිවා..ඒකේ දෙකක් නෑ...අර මේසේ නම් බුහු කාර්ය මේස්සයක් වෙන්න ඇති

    ReplyDelete
  31. කොන්ග්‍රෑජුලේසන් ඇන්ඩ් සෙලබ්‍රේසන්..... ඕල් ද බෙස්ට් කිව්ව ඔන්න...

    ReplyDelete
  32. මාර සික්කා මාර මුදලාලි කෙනෙක් වෙන්නයි යන්නෙ එහෙනම්...
    :D සුභ පැතුම් අලුත් වැඩේට මාරයියේ...ජයවේවා...!!!

    ReplyDelete
  33. සුබ පැතුම් මගෙනුත් මාරෙ, බොක්කෙන්ම සුබ පැතුම්, වැඩ ටික එකලාසයක් කරගෙන ඉඳහං මුලිම්ම, ලියන එක හෙමිහිට බැරුවාය.......

    ReplyDelete
  34. මොකක්ද අප්පේ මේ ව්‍යාපාරය . කරලා තියෙන වැඩ කන්දරාවේ හැටියට ඕක මොකක්ද මාරයා ඕල් රවුන්ඩර් නේ. සුබ පැතුම් !!

    ReplyDelete
  35. ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාමට හද පතුලෙන්ම ස්තූතිවන්ත වෙනවා..ඒත් එක්කම ජෝතිෂ්‍ය ලංකා සහෝදරයා එවපු තෑග්ගටත් බොහෝම ස්තූතියි..

    වෙදමහත්තයටත් මම වැඩේ පටන් ගත්තට පස්සේ තොරතුරු දන්වන්නං...

    ප්‍රසන්න...10000හුගකට සම්මාදන් උන එකේ 10000 වෙන්න කොමෙන්ටුවක් දාන්න ප්‍රසන්නම අවස්ථාවට ලබපු එක ගැනත් බොහෝම සතුටුයි ඕං...

    ReplyDelete