08 May 2011

කවි මඩුවට පෙර වදනක්..බෂ් කවි...

ඊයේ හවස් අතේ අපි කස්ටියක් ගියා නෙව වේදිකා නාට්ටියක් බලන්ට..ඒ ගෙහුං ඇවිත් මලා වගේ වැටිලා නිදාගෙන අද උදේම ලෑසිති වෙලා වැඩට ආවා..
අද උදේම හිතාගෙන ආවේ බ්ලොග් එක ලියනවා කියලම තමයි..මොකද පහු ගිය ටිකේ එකතු වෙලා තිබ්බ ඔක්කෝම කේන්දර ටික ඉක්මනට බලලා ඒවා අයිතිකාරයින්ටම දීලා දැම්මා..තව තියෙන්නේ බොහෝම චුට්ටයි..ඒ ටික හිමින් බලාගෙන ගියෑකි.

ඉතිං අද ලියන්න පොඩි ඉස් පාසුවක් තිබ්බා..

ඇවිත් මෙතන රාජකාරිත් එහෙ මෙහෙ පිළි වෙලක් කොරලා පුරුද්දට වගේ බස් එකකුත් දාලා ලියන්ට ගත්තට මොකද හිත යන්නෙම බස් පදින්න..අන්තිමට උනේ පටන් ගත්ත ලිපිය පැත්තකින් තියලා බස් ‍එකේ කවි මඩුවක් දාන්ට..

ඒකටත් හේතුවක් තියෙනවා...මොකද අපේ බ්ලොග් රාශියකට බොහොම අත හිත දෙන "ලාංකීය සිතුවිලි" සින්ඩියේ උදවිය දෙවන වතාවටත් කවි මඩුවක් දාන්ට සැරසෙනවා නෙව..ඕක පළමු වතාවෙ කොරන්ට ලෑස්ති වෙද්දිත් මම ඒකට පූර්ව ප්‍රචාරයක් දුන්නා මෙන්න මේ විදියට කට්ටියට සමරහ විට මතකත් ඇති..හැබැයි විසිල් විතරයි බල්ටි නැහැ..මොකද ඒ දවස්වල මට කවි මඩුවේ ලැග ගෙන කවි කියන්ට තරං වෙලාවක් තිබ්බේ නැහැ.

ඒ කොහොම උනත් මේ පාරත් අපේ කට්ටිය බරටම ලක ලෑස්ති වෙනවා හරඹෙට කවි කියන්න..ආන්න ඒක හින්දා අද උදෙත් කොරන්ට ගිය වැඩේ පැත්තක දාලා මට සිද්ධ උනා කවි මඩුවට කට්ටිය සූජානං කොරන්ට..ඒක උනේ මෙහෙමයි...

මේ තියෙන්නේ ඒ කවි බස් රථයේ සිද්ධ වෙච්ච ටික කෙටියෙන්...මාත්තුරුකාවට අදාල නැති ඒවා එහෙම ටිකක් හලලා තමා ඔන්න මෙතනට ගෙනාවේ..බලමුකෝ කොහොමද වැඩේ කියලා...
==================================
ආයුබෝවන් වාසනාවන් අද පැවැත්වෙන මහා කවි සංවාදයට එකතු වෙන්න

මුලසුන- ගාල්ලේ සේල කිවිඳු...

මාතෘකාව- පුංචි පවුල රත්තරංද..?

පුංචි පවුල රත්තරං නොවේ
තංගල්ලේ සෝරෝ කිවිඳුන්ගේ පිල
1.නුවර හදමාලී කිවිදිය
2.බළල්ගම සුදුපූස් කිවිඳු

පුංචි පවුල රත්තරං තමා
බදුල්ලේ සුදු හංසී කිවිඳියගේ පිල
1.අමිල චතුරංග කවියා
2.මීරිගම සාමින්ද කවියා

.................................................................

අමිල කවිකාර-
අතකින් එකෙකි කරවටකොට තව ........එකෙකී
පසුපස එකෙකි දෙපසින් එන මලු .........දෙකකි
බඩ තුල උඩපනින පෙරලෙන් තව ...........එකකී
මේ දුටු බස් රියක් නම් නම් නවතන්නෙ ....නැතී

සෝරෝ කිවිඳු-
මගුලක් කථා කරනවද බං ................මාරයියේ
පුංචි පවුල කවුද රත්තරං .................කියන්නේ
ළමයි පෝලිමට පඩිපෙල ..............විලසින්නේ
දරුසෙනෙහස උතුරයි එය ...............වටින්නේ

සුදු හංසි කිවිඳිය-
පවුලේ රත්තරන් බව නම් නෑ ........දන්නේ
පඩි පෙල් හදාගෙන කෙමද .....සලකන්නේ
එකා යකා උනත් හොදයි ........කියමින්නේ
පුංචි පවුල වෙනුවෙන් මම .........පබදින්නේ

සෝරෝ කිවිඳු-
එකා එක් .............................යකා
දෙකා දැ ..............................යකා
හතරක් සිවු .........................යකා
දොලසක් දොලොස් ...........යකා

හදමාලී කිවිඳිය-
කීවත් පුංචි පවුල රත්තරන් යැයි ...............කියලා
තේරෙයි වයසට ගිය දා ලෙඩ ..................හැදිලා
යනවිට එකා යකාවී ......................නොසලකලා
ඉන්නේ කෙසේදෝ තනිවී ...................ඉවසාලා

සුදු හංසි කිවිඳිය-
දොළොසක් දොළොස් .......................යකා
සිව් යකු හා දෙවෙන ..........................යකා
මෙන් අනෙකුත් සියලු .......................යකා
සේ‍නා ලෙසට මා පිය ඔළු කන .......ලෙසකා

අමිල කිවිඳු-
මේකට බඩගාය මේකට .....................පනුගාය
මේකට මරවිසේ කටනම් .................නොවසාය
අනේ නෝනො මූ නම් ...................සෝමාරීය
දොස්තර අසයි ලමයින් තව .................එනවාය

මුලාසනාරෑඬ සේල කිවිඳු-
පවුලක් ගැන මගුලක් මුන් ...............කියවන්නේ
ඒත් එකෙක්වත් තව බැඳලා ................නැහැනේ
පවුල් හදන්නට පලමුව .................කලියෙන්නේ
ගැලපෙන එකෙක් හොයලා තොපි .....බැඳපන්නේ

සුදු හංසි කිවිඳිය-
පවුලේ රසය නොම දත් උන්.... දොඩවන්නේ
පවුලක් මිසක දිවන්නා නොම ..........වන්නේ
දියවන්නාවේ උන් අපේ ඔළු ............කන්නේ
සේනා හදාගෙන කොමද බොල .......ඉන්නේ

හදමාලි කිවිඳිය-
එකෙක් .......දොස්තරය
අනේකා .........ඉන්ජාය
කෙල්ලෝ ....දෙන්නාය
දෙන්නාම ......ටීචර්ලාය

අමිල කිවිඳු-
ෆස් මහ බැලුම් ...........බලලා
දරුවන් ගනන් ............කරලා
ප්ලෑනින් එකක් ..........ගහලා
බැන්දනම් යයි ඒක .....නැගලා

සොරෝ කිවිඳු-
පවුල් සැලසුං .................කරන්නටා
නොයෙකුත් දෑ කරයි ..........ලෙසටා
නිකන් වියදං ......................නොදරා
හදපිය තව එකෙක් ..............විගහටා

අමිල කිවිඳු-
හොදහැටි නැකැත් බලලා එක ............වෙලාවක
සිල්පය දීල ලෝ පල වෙන ................ව්ලාසෙන
ළමයෙක් හදා ඌ නංගා .....................සබාවක
පොර වෙමි මමත් දිනයෙක මහ පියා ........මෙන

හදමාලි කිවිඳිය-
ජාතිය අපේ දවසින් දවස අඩු...............වෙනවා
සිංහලයා ලෝකෙන් වඳවී ....................යනවා
පුංචි පවුල රත්තරන්ලු .....................පවසනවා
මෙහෙගියොත් මුලු රටටම කෙල..........වෙනවා

අමිල කිවිඳු-
ඉස් කුල් පීස් 10,000යි ..............................මාසයට
යනු එනු වලට 900යි ...............................සතියකට
කෑමට කඩෙනි බඩු ගන්නෙ එය .....................ණයට
රට අපි ගැන නොසිත නං වනු කෙලෙසින්ද ..........රට

හදමාලී කිවිඳිය-
ඉස්කූල් පීස් ගැන ඇයි දුක්.....................වෙන්නේ
මහන්සියේ තරමට ප්‍රති පල .....................එන්නේ
දරුවන්ගේ දියුණුව දැන් දිස් .....................වන්නේ
එකෙක් නැතත් අනෙකා සැනසුම ...........දෙන්නේ

සෝරෝ කිවිඳු-
අයිය මලෝ සහෝදරවරු ....................පස්දෙනයී
දීග දෙන වයසේ තව කෙල්ලෝ ..............දෙන්නයී
උන් සමගින් යන විට මට හරි .................අභිමානයි
එකා යකා කරගත් උන්ට .....................විළිලැජ්ජයි

අමිල කිවිඳු-
බුසලක විතැර බත් කා හිටි පෙර .................දවසේ
දරු තුන් දෙනෙක් කර ගැසුමට බල ...........ඇත්තේ
ප්ලේන්ටියෙන් රන්වෙන උන් අද ...............දවසේ
කෝමද යන්නෙ ගමනක් වැදුවට ................පස්සේ

මාරයා-
කියනට කවක් පද බැඳගෙන.................. ආවාද
දෙපිලක් බෙදීලා පොරයට .................වැටුනාද
පවුලක් නිසා අවුලක් මෙහි .....................වූවාද
දෙපිලෙන් පරදින්නේ අද මෙහි .........කවුරුන්ද

යන්නට තැනක් නැති ඉන්නට තැනක් .......නැති
කන්නට දෙයක් නැති බොන්නට දෙයක්... නැතී
ලැබෙනා සොච්චමත් මහ පාරටම ..............යතී
පවුලක් නොවුන මා හට දරුවන් .........නොමැතී

අමිල කිවිඳු-
සුදු හංසී දුවගෙන ...................ආවා
පොඩි පවුලක් ගෙනහැර ..........පෑවා
මල් වට්ටි බලන්නට ...............දිව්වා
ඇගෙ එක්දරු මා හට .............පවරා

හා හා බබො එපා ..............අඬන්න
අම්මා එයි මල් ගෙන ............විගස
මුගෙ කට මට නවතනු .........බැරිය
දැන්නම් එකත් බෝරි වී .......යයිය

සොරෝ කිවිඳු-
ඔය දරුවා පැත්තකින් ........තියා
අඹුවක් මාතරින් ............සොයා
දරු සෙනෙහස බලනු ........නියා
දරුවන් හදපං .............සොඳිනා

සුදු හංසි කිවිඳිය-
අම්මියි තාත්තියි බබියයි ............සන්තොසෙන්
හවසට බීච් යනවලු හරි ................විනෝදෙන්
දුසිමක් ළමයි හදලා දුක් ...............මහන්සෙන්
සමහරු හඩනලු බල බල ඒ ................සුරතල්

හදමාලී කිවිඳිය-
අම්මා ලෙඩිනි රෝහලකයි ...............ඉන්නේ
තාත්තා නෑ බත් උයනට ...................දන්නේ
පුතුන් දෙදෙනාය මව බලනට ...........යන්නේ
දුව ගෙයි ඉඳන් පියාට බත් උයා .......දෙන්නේ

අමිල කිවිඳු-
බත් උයන්න දන්න කෙනෙක් කලිං සෙයො .........ගන්නේ
සොයා ගත්ත කෙනා දන්නෙ නැත්තං වලි ............යන්නේ
දුවක් ඇවිත් ලොකු වෙනකල් කුස්සි අම්ම ..........වෙන්නේ
සඳම අලි නගෝ නුඹ ගැන මටත් කඳුලු ..............එන්නේ

හදමාලි කිවිඳිය-
නංගිට පන්ති එනවිට දැන් රෑ ...................වෙනවා
තාත්තට ඔෆිස් වැඩ ගෙයි අමතක .............වෙනවා
අම්මා ගෙදර විත් බත් උයනට ...................යනවා
අයියා නංගිගේ තනියට පස්සෙන් ...............යනවා

අමිල කිවිඳු-
කොල්ලෙක් බැලුව තැනදී නංගා ගෙ ...........දෙස
යයි ගුටි පේලි චිත්තරපටියක් .....................විලස
කිසි සෙකුරිටි එකක් නැති නංගල අද ...........දවස
යයි හරි සුවෙන් කිසි වරදක් නොවන ..........ලෙස

එකෙක් හදා මස් මාංස කවල සැපේ ..............දෙන්නේ
මෙලෝ කිසිම දුකක් නැතුව,, ඇති බව .....පෙන්වන්නේ
මගෙ සහ බාරිගෙ දේපල ඌටමයි ................ලියන්නේ
ජොබක් නැතත් ඌට සුවෙන් ඉන්නට .....හැකි වෙන්නේ

සුදු හංසි කිවිඳිය-
දරුවන් හදාලා උන් රුක ගන්න ..........එක
අම්මෙක්ගේ වැඩකි එය පිළි ගනිමි .....මම
දරුවන්ගේ බරට පිය තුම විදින ..........දුක
අම්මෙක් දරන්නේ ඒ දුක හා ..........සමව

හදමාලී කිවිඳිය-
එකා හදල හැම සැපයම .....................දෙනවා
කියනා කියනා හැමදේ ......................දෙනවා
අන්තිමේදි කම්මැලියෙක් .............බිහිවෙනවා
මව් පියො නැති දාට තනිවී අසරණ .....වෙනවා

ඔන්න ඔහොම වැඩේ යනකොට මෙතනට ආවා එක පාරටම ක්ෂීරබත්පුර වැපානිස් කවිකාර උන්නැහේ..ඒ ආවේ අදෝනාවක් කියාගෙන

පින්වත පින්වතිය මා කියනා දෙය .........අහන්නේ
සමාවෙලා රේඩියෝ වක් ගොඩ ..............දාන්නේ
රේඩියෝ නැති බස් සියලුම වැඩ ............කන්නේ
සින්දුවක් නැති බස් හරියට කම්බස් ........වැන්නේ

මාරයා-
බස් එක පුරා ගී නද රැව් දෙවන .................කොට
කවි සිත එතැන නොරැදී යයි උඩට ............කොට
ඒ බව දත් නිසා ගී හඩ නතර ...................කොට
කවියට තැනක් දීමෙන් නැත වරද ............කොට

හරි අපි පළවෙනි කොටස මෙතනින් හමාර කොරලා ඉතිරි ටික ඊ ළග එකෙන් දාමු

8 comments:

  1. හෆොයි.... දැන් නම් කවි ලියන්නත් බයයි වගේ

    ReplyDelete
  2. කියන්න දෙයක් නෑ අප්පා.

    ReplyDelete
  3. මෙන්න මගෙන් පළවෙනි මඩ

    සුදු හංසි කිවිඳිය-
    දරුවන් හදාලා උන් රුක ගන්න ..........එක
    අම්මෙක්ගේ වැඩකි එය පිළි ගනිමි .....මම
    දරුවන්ගේ බරට පිය තුම විදින ..........දුක
    අම්මෙක් දරන්නේ ඒ දුක හා ..........සමව

    සුදු හංසි බය වෙච්චි තරම.... :D

    ReplyDelete
  4. හුටා මෙන්න අර යාකාගේ කවියකුත් දාලා :DDDD

    ReplyDelete
  5. බය නොවී කෝමද සෝරේ අයියා... හම්බේ.... :පී ලොල්ස්...

    ReplyDelete
  6. තාමත් බයේද කොහේද............ :D

    ReplyDelete
  7. තැන්කූ වේවා කසිටියටම...

    ReplyDelete