13 May 2011

බ්ලොගර් කාරයාගෙන් මාරයාට උපන් දින තෑග්ගක්..ඒත් එක්කම තවත් එකක්...

"දිනයක ජය ගන්න දිරියෙන් පා නගන..
නංගෝ නුඹෙ හිත තැනූනේ වානෙන්ද..
මුවහත් වෙමින් වදිනා සැම පහරින්ම..
සවිමත් වෙයන් දුර යන්නට ඇත බෝම.."

මේ කවිය මම දැනට හුග කාලකට කලින් එක්තරා බ්ලොග් එකක කමෙන්ටුවක් හැටියට සටහන් කල කවියක්..ඇත්තටම යකඩ හිතක් තියෙන සුන්දර කෙල්ලෙක්ගේ ජීවිතේ ගලාගෙන ආපු හැටි..ඒ කෙල්ල හිතන පතන හැටි බොහෝම අපූරුවට වචන බවට හැර උන අඩවියක් ඒක...
..............................................

ඊයේ මගේ 32 වන උපන් දිනය බව අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...මාරයා වයසට ගියා කියලා කවුරුත් දන්නවා නෙව...අපරාදේ කියන්න බැහැ සුභ පැතීම්නං කෙලවරක් නැහැ..දැන් මේ ලියන වෙලාව වෙනකොටත් නැවතිලානං නැහැ..ඒ හැමෝටම බොහෝමත්ම ස්තූතියි..විශේෂයෙන්ම නෑදෑ හිතවතුන්ගෙන් වෙන් වෙලා ගෙවන ජීවිතේ මෙහෙම සුභ පැතීම් රාශියක් දවසක් ඇතුලත හම්බ උනහම හිතන තරංම මම තනි වෙලා නැහැ කියලා හිතෙනවා..

ඉතිං ඔය අතරේ ඊයේ රෑ තමා මට මගේ උපන් දිනේට ලොකුම තෑග්ග හම්බ උනේ. ඊයේ උදෙත් මට තෑග්ගක් හම්බ උනා..ඒක ඉතිං මංම මට දීගත්ත තෑග්ගක්..ඒ තමා මගේ අළුත් ජෝතිෂ්‍ය කාර්යාලේ...
මම මං වෙනුවෙන් කල ආයෝජනයක් නෙව ඒක...හැබැයි ඉතිං දැනටනං ඒකේ ඒ හැටි දෙයක් නැහැ..ඒත් කාලයත් එක්ක ඉදිරියට ඕක පිළිවෙලක් වෙලා එයි.

ඒ ඇරුනහම මට වෙන මොන තෑගිද..?
ඒත් ඊයේ රෑ එක පාරටම නොදන්නා අංකයකින් මට දුරකථන ඇමතුමක් ලැබුනා...එහා පැත්තෙන් ඇහෙනවා කවදාවත් අහලා නැති බොහෝම අහිංසක කට හඩක්..ගෑණු දරුවෙකුගේ...මුලින්ම මට උපන් දිනේට සුභ පැතුවා උනත් මේ දැරිවි තමුන්ගේ නම කියන්නේ නැතිව මාව වටේ යවන්න තියා ගත්තනේ...

මාත් ඉතිං ඔය ගෑණු දරුවන්ගේ ඇමතුම් වලට හරි කල්පනාවෙන් කතා කරන්නේ...මොකද මේ ළගකදී මට හිරු FM එකේ ගෑණු දරුවෙකුත් කතා කරලා වෙච්ච සංගදියක් එහෙම තියෙන හින්දා...

ඇත්තටම හිතා ගන්න බැරි උනත් අන්තිමට යාන්තං ඔන්න කියලා දැම්මා මේ කවුද කියලා...ඒ තමයි අපේ අතීතයෙන් අහුලන මතකයන් ලිය ලිය ඉඳලා අතීතයටම යට වෙලා නොපෙනී ගිහින් හිටිය දිල් නගා...

ඇත්තටම නැතිවෙලා හිටිය පවුලේ සාමාජිකයෙක් ආපහු හම්බ උනා වගේ..පුදුම සතුටක් දැනුනේ...ඒ තරං කාලෙකට පස්සේ මෙහෙම කතා කල එකට...

මුලින්ම මම ඇතුළුව කිහිප දෙනෙක්ම බ්ලොග් ලියන්න ආපු මුල් කාලෙම වගේ බ්ලොග් හරහාම දැන අඳුරගෙන බ්ලොග් එකේ කමෙන්ට් තීරයන් හරහාම කතා බස් කරලා බොහෝම හිතවත්කමින් කතා බස් කරමින් ගත කල යුගයක් තිබුනා නෙව...ඒ කාලේ අපි බොහෝම විනොදයෙන් හිටියේ මෙන්න මේ විදියට තමා...ඒකට ඕන්නං මේකාගෙන් සාක්කි ගතෑකි...

ඒ කාලේ අපි ළගින්ම හිටිය දිල් නගා තමන්ගේ ජීවිතේ නව වෙනසක් එක්කම අපිට හොය ගන්නවත් නැතිව හිටියේ... ඒත් අපි කවුරුත් වගේ නිතරම එයා ගැන විටින් විටි හොයලා බැළුවත් හරියට සම්බන්ධ කර ගන්න බැරි උනා...

ඒත් මීට දවස් දෙක තුනකට කලින් අපේ හිතුවක්කාර හිත ලියන නිම්ශා නගා මට එක පාරටම කතා කරලා කිව්වා අන්න දිල් අක්කා ඇවිල්ලා මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාලා කියල..

නිම්ශා නගා එහෙම කියන්න හේතුව එයා එක්කත් මම දිල් නගා ගැන කියලා තිබ්බ...මොකද නිම්ශා කෙලිත් ඔය දිල් නගා වගේම තමා පුංචියට හිටියට හෙනට පැහිලා... මොනවා හරි අවුලක් වෙලාවට කතා බස් කරලා අවුල ලිහා ගන්න ඔය පුංචි එකිත් මට හරියට උදව් කරනවා.

ඉතිං ‍කොහොම හරි ඔය කමෙන්ට් එක දැකපු ගමන් මම එහෙට මෙහෙට පණිවිඩ තියලා යාන්තං දිල්ගෙන් මේල් එකක් ගෙන්නව ගන්න හැකියාවක් ලබා ගත්තා...

ආන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමා අවසානයේ දිල් නගා මට උපන් දිනේට සුභ පතන්න කතා කලේ...
කොහොම උනත් ඒක මට ලැබුන ලොකුම උපන්දින තෑග්ගක් වගේ තමා...

ඉතිං මට මේ උපන් දිනේට තෑගි දෙකක් ලැබිලානේ හිටියේ..එකක් ම‍ගෙන් මටම..අනික දිල්ගෙන්...

ඔහොම හිතාගෙන මේ පෝස්ට් එක ලියාගෙන ගියාට..ඔන්න දැන් තමයි මේක අද ආයෙමත් අවසන් කරන්න හදන්නේ..ඒ කියන්නේ ඔය කලින් ලැබුනු තෑගි දෙක ගැන ලිව්වේ අද උදහැනැක්කේ..ඒත් කවුරුත් දන්නවනේ අපේ බ්ලොගර් මස්සිනා බුල කෙලලා ඊයේ ඉඳලා අද මේ හවස් ජාමේ වෙනකල්ම අපිට බ්ලොග් එක්ක ගනුදෙනුවක් කරන්න බැරිව හිටියා ‍කියලා..ඒ හින්දා මං ඔය කලින් ටික ලියලා තිබ්බේ මගේ මේල් එකවුන්ට් එකේ...ඒත් දැන් ආයෙමත් බ්ලොගර් මස්සිනා යථා තත්වයට ආව හින්දා ඔන්න මේක ඉවර කරන්න කියලා බලද්දීනේ දැක්කේ..
මට ලොකුම තෑග්ග දීලා තියෙන්නේ බ්ලොගර් මස්සිනා කියලා..

ඒ තමා මම ඊයේ උදේ මගේ උපන්දිනෙයි අළුත් කාර්යාලේ විවෘත කිරීමයි ගැන කියලා දාපු පුංචි පෝස්ට් එක උන්දෑ අරගෙන ගෙහුං..එකේ තිබුනු සුභ පැතීම් කොමෙන්ටු තොගයත් එක්කම...

මදැයි ඔයින් ගියා..ඒකේ කොමෙන්ට් කරපු උදවියටනං සෑහෙන අසාධාරණයක් තමා උනේ..ඒත් ඊට කලින් ලියපු අර මාගලක් වගේ ලිපියට එහෙම කෙල උනානං මං මොන දෙයියන්ට කියන්නද..?
මොකද ආයේ ලියන්න කියලාද..?

ආන්න ඒ හින්දා තිබ්බ අමාරුවේ හැටියට ඔයින් ගියා මදැයි කියලා හිත හදගෙන ඉන්න එකයි ඇත්තේ...

ඒත් මං හිතන්නේ මට ආව සුභ පැතීම් ටික දැකලා බ්ලොගර් මස්සිනා ඒවා පරිස්සං කරලා තියන්න ඕන හින්දා වැඩි පරිස්සමට අරං තියන්න ඇති කියලා තමා මගේ විශ්වාසේ...එහෙම බලනකොට උන්දෑ තමා මට ලොකුම තෑග්ග දීලා තියෙන්නේ..අනේ අපේ මස්සිනා...

21 comments:

  1. අනේ ඒකනෙ මාරයියෙ. මගේ කමෙන්ට් එකට රිප්ලයි කරලද කියල බලන්න එනකොට පෝස්ට් එකවත් නෑ. මම හිතුව එච්චර ගොඩකට කමෙන්ට් කරන්න කම්මැලි නිසා අයියම ඒකට ෂොට් එක දීල කියල.

    ReplyDelete
  2. බලන්න මාරේ අයියේ අපි ඉතින් මේව කාට කියන්නද ? බ්ලොගර් කාරය අපිත් එක්කම ඉඳලා අපිටම කපපු හැටි . අපරාදේ කමෙන්ට් සෙට් එක ..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. කොයිදේ වෙන්නෙත් හොදට කියනවනේ මාරයියා. පෝස්ට් එකයි කමෙන්ට්ස් ටිකයි නැති උනාට අපිට මාරයියා ඉන්නවා මාරයියාට අපි ඉනිනවා. ඒවා ඔය මස්සිනාලට දෙයියන්ට වෙනස් කොරන්න බෑ.

    ReplyDelete
  5. වෙනි උපන්දිනේනම් සරුයි වගේ අයියට..... ඕන්න දෙවැනි සැරේටත් සුබ පැතුම්......

    ReplyDelete
  6. බ්ලොගර් කාරයා මේ පාර හැමෝටම තෑගි දුන්නනේ

    ReplyDelete
  7. මල කෙලියයි මාරයියා. මට ගූගල් දෙයියෝ බස් පදින්න දෙන්නේ නෑනේ මේ එකවුන්ට් එකෙන්. වෙන එකවුන්ට් එකක් හදගෙන බස් පැද්දේ. බස් පැද පැද ඉන්න ගමන් ඇවිත් කමෙන්ට් කරේ. ඔය උඩ සුපර් කියලා තියෙන්නේ මගේ කමෙන්ට් එක හොදද .

    ReplyDelete
  8. මම SBU ගිය මුල්ම දවසේ අවුරුද්දකට වැඩී ,බ්ලොග් එකක් කියලා මුලින්ම කියවලා බැලුවේ දිල්ගේ හරි මාරයගේ හරි බ්ලොග් දෙකෙන් එකක්,,මට හරියටම මතක නෑ දෙකෙන් කෝකද කියලා..මම බ්ලොග් එකක් කියන්නේ මේකයි කියලා ඇහැට දැක්කේ එදා තමා, එදා මේ දෙකම කියවලා බැලුවා මුල ඉදන්ම,එදා ඉදන් සේරම පෝස්ට් කියවන්න ගත්තා,කවි වලට ආසා නැති මම කවි කියවන්නත් ගත්තා...කවි මඩුව බැලුවා....
    ඔන්න ඕකයි මගේ මුල්ම කතාව බ්ලොග් වල..
    බලමු මටත් සතුටුයි දිල් ආපු එක ආයෙත්...මෙතන ආයේ සුභ පතන්න බෑ උපන්දිනේට පැතුම් කරන්න තිබුන සේරම තැන්වලටම පැතුම් දුන්නා...

    ReplyDelete
  9. බ්ලොගර් මස්සිනා මගෙත් පෝස්ට් දෙකකටයි කමෙන්ට් වලටයි කෙලලා...හොඳ වෙලාවට මගේ මේල් එකවුන්ට් එකේ දෙකම තිබ්බා...ඒ නිසා කමෙන්ට් විතරයි පාඩුව....
    අයියගේ තැග්ග අපටත් හම්බ උනා ඒ කියන්නේ...ඒක නෙවේ අයියලා සම්බඳ කරගන්න නොම්බරේ එහෙම දෙන්න පුලුවන්නම් වටීවි...[කැමතිනම්,පුලුවන්නම් විතරක් ම.]

    ReplyDelete
  10. දවස් දෙකකට පස්සෙ අදයිනෙ මේ පැත්තෙ එන්න උනේ... උපන් දිනේට පහුවෙලා හරි ඔන්න මමත් සුභ පැතුවා...
    පටන්ගත්ත වැඩෙත් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන සුභ උපන්දිනයක් වේවා...

    ReplyDelete
  11. අපෙ හිතවත්කම් කාලයත් අඩු වෙලා ගියාද නැත්තම් එවාට අමුතු වටිනාකම්ක් එකතු වුනාද කියලා මට හිතාගන්න බැහැ. මාරයාව මම දැක්කෙ අවුරුදු උත්සවයෙදි, තිස්ස අයියා, දිල්, සොදුරු සිත, මෙ හැමොම අපෙ සෙට් එකෙ හිටියා. කෙනෙක් හිතෙ තියන දෙයක් ලියද්දි අපි එක කියවලා එයාගෙ හිතට දැනෙන්න වචනයක් දෙකක් දුන්නා. දැන් හැමොගෙම හිත් සතුටෙන් පිරිලා නෙද. බ්ලොග් වලින් දැනුම, අත්දැකිම් විතරක් නෙමෙ මිනිස්සුන්ගෙ ජිවිත සන්තොෂෙනුත් පුරවනවා. බ්ලොග් වල තියන අපුරුතම පැති කඩක් අපි හතර පස් දෙනාගෙ බ්ලොග් වලින් ගන්න පුළුවන්. සතුට තියන්නෙ එලියෙ නෙමෙ ඇතුලෙ. කඳුලු එලියට ඇදලා දැම්ම ගමන් සතුට ඉතුරුයි.
    දිල් එක්ක මම තරහා වෙලා නෙමෙ. මම දැක්කෙ නැහැ.

    ReplyDelete
  12. සුබ උපන්දිනයකට වගේම කරන කියන දේවල් සාර්තක වෙන වසරකට සුබ පැතුම්..!

    ReplyDelete
  13. සමාවෙන්න දවස පහුවෙලා සුබ පතනවට... සුබ උපන් දිනයක් අය්යේ... තව තවත් අපිත් එක්කම ඉන්න ලැබෙන වාසනාවන්ත කාලයක් හැමදාම ඔයාට උදාවෙන්න කියලා සුබ පතනවා මන්....
    බ්ලොග්ර් මස්සිනා කරපුවට නම් ඉතින් දැන් කරන්න දෙයක් නැනේ....
    මොනව කරන්නද ලද දෙයින් සතු‍ටු වෙමු

    *දේවා* (සදරු ගේ ලෝකය )

    ReplyDelete
  14. මුන් මාර මිනිස්සුනෙ..මගේනම් පෝස්ට් දෙකම ආයි ඇවිත්.අපි නඩු දාමුද?...

    ReplyDelete
  15. ඇස්වහ කටවහ යන්නත් එක්ක ඔය වගේ දෙයක් වෙන එක හොදයි.

    ReplyDelete
  16. මාරයියේ,
    මගේ කේන්දරේ බලා ගන්න ඔනී.
    ඔයාගේ අලුත් ඔපීසිය තියෙන්නේ කොහෙද?
    බෑලුම්මහරද?
    මේ කොමෙන්ට් එක පබ්ලිස් කොරාන්ට එපා.
    මයේ email එකට උතතරයක් එවන්ටකෝ.

    ReplyDelete
  17. අය්යට සුබම සුබ උපන් දිනයක් කියල ආයෙමත් ප්‍රර්තනා කරනව. ( අද මගේ දවස .. XD )

    මන් අය්යව සම්බන්ද කරගන්නේ කොහොමද කියන්න පුලුවන්ද?

    ReplyDelete
  18. හ්ම්ම්ම්ම්................
    මාත් අහම්බෙන් මාර භවනෙදි දිල් අක්කිව දැකලා තමා ගිහින් බැලුවේ. ඒ කාලේ අයියයි දිල් අක්කයි රවා අයියයි තව දිල් අක්කගේ නංගියි කරපු කතා කියවලා පණයනකම් හිනා වෙලා තියේ.

    ReplyDelete
  19. මේ හිරු එෆ් එම් එකේ කතාව දන්නෙ නෑ නොවැ...

    ReplyDelete
  20. සතුටුයි මාරයියෙ....අන්තිමේදි අයියට කතා කරන පළවෙනි දවස ඔයාගේ උපන් දිනය දවස උන එකටත් මට කතා කරලම අයියට සුභ පතන්න ලැබුන එකටත්......

    කොහොම හරි විනාඩි 5ක් විතර අයියව රවට්ටන්න ලැබුන එක නම් ලොකු දෙයක්......( මම හිතන් උන්නෙ මා.....රයට අන්ජනම් තියෙනව කියලා...බලන් ගියාම ඒක බොරුනෙ ) හික්ස්

    ReplyDelete
  21. බ්ලොගර් කාරයා මගේ සතුටුම අවසේ හොදම කොමෙන්ට් ටික කාල ගිහින්...අපරාදේ...කොහොම නමුත් අයියට ආයේ සුබපතනවා.....

    ReplyDelete