16 May 2011

අද නිදහස්...ඌරන්ට මොන ‍සවුක්කියද බොලවු..?

යාන්තං ඔන්න ඊයෙයි අදයි ටිකක් මට විවේක..විවේකයක් කිව්වට මේක බලෙන් ගත්ත විවේකයක්...

පහුගිය දවස් දෙක තුනේම එක සීරුවට වැඩ කලා නෙව...හවස හය හමාර විතර වෙනකොට මම මුර රස්සාවට යනවා... එතනට ගෙහුන් එළි වෙනකල් ඉඳලා පහුවදා උදේ හත හමාර විතර වෙනකොට අනිත් සගයා ආවාම ඩියුටිය බාර දීලා ගෙදරට දුවනවා..වැඩ පොලේ ඉඳන් ගෙදරට කිලෝ මීටර් 6ක් 7ක් තියේ..
ඒ ගිය ගමන් පහල කඩෙන් උදේට කෑමට මොනවා හරි අරගෙන නැග්ගා උඩ තට්ටුවට ‍මගේ කුලී නිවහනට...ඉක්මන් කරලා රෙදි ටික හෝදලා දාලා නාගත්තා..ඊට පස්සේ දඩි බිඩි ගාලා ගෙනාව දේ කෑවා..ආපහු ලැපත් එල්ලගෙන බයික් එකේ නැගලා යනවා මගේ කාර්යාලයට..ඒක තියෙන්නේ ඉිතං දැන් මං වැඩ කරන තැනට මීටර් පන්සීයක් හයසීයක් දුරින් තමා..ඒත් ආපහු ගෙදර ඉඳන් කිලෝ මීටර් 6ය 7තේ දුර ආපහු යන්න ඕන...

එතනත් උඩු මහලක් තියෙන්නේ..ඉක්මනට බයික් එක පහල ගරාජ් එකට දාලා උඩට නැගලා කාර්යාලේ විවෘත කරලා අතු පතු ගාලා බිම දූවිලි ගතිය නැති වෙන්න අර මොප් එක කියලා තියෙන උලව්ව පොගවලා හොදට පිහදාලා කරලා ඔක්කෝම සැට් බැට් කරලා ලැපත් පිළියෙල කොරගෙන වාඩි උනහම ආයේ එක දිගටම එකත් වෙලා තියෙන කේන්දර ටික බලන්න ගන්නවා...

තාම අළුත් තැන නං එහෙමට කියලා වැඩ එන්නේ නැහැ..ඒක ඇරලා දෙවෙනි දවසේ තමයි පළවෙනි වැඩේ ආවේ...ඒකත් හරි හුරුබුහුටි ගෑනු දැරිවියකුයි මෑණීයැන්දයි තමා...

කොහොමටත් මාස දෙක තුනක් යනවා ටිකක් වැඩේ පිළියෙල වෙලා එන්ට ඒ ඔය රස්සාවේ හැටි..මං ඉතිං ඕක හොදට දන්නවා නෙව...එක්කෙනෙක් ආවාම ඒ කෙනා හරහා තව අය එන විදියට තමා ඕක දුවන්නේ..ඒත් හරියට පදම් උනහම හුස්ම ගන්න බැරි වෙන කේස් එකක් තමා..ඒකමයි මම ඕක දවසින් දවස පස්සට දදා උන්නේ.කවදා හරි දවසක වයසට ගියාට පස්සේ එක තැනකට වෙලා පාඩුවේ කීයක් හරි හොයා කොරාගෙන මගේ පාඩුවේ ජීවත් වෙන්ටය කියලා...

ඒත් මොකක්දෝ මගේ කරුමයකට මේක ටිකක් ඉස්සර කොරන්ට හිතුනා...දැන් ඉතිං මේ කන්නේ එ තීරණයේ කට්ට තමා.

කොහොම හරි දවල්ට කෑම වෙලාව එනකල් මම කේන්දර බලනවා..ආ දැන් බලයි එතනට තාම වැඩ ඒ හැටි එන්නේ නැත්තං මොන මගුලක්ද මූ බලන්නේ කියලා...?

ඇයි මගේ පරණ කස්ටෝ ටික..උන්දලගෙන් සෑහෙන ප්‍රමාණයක් මම දැන් අත ඇරලා උනත් කිහිප දෙනෙක් මං යන යන තැන හොයාගෙන විඩින් විඩේ මට වැඩ පංගාර්තු කොරනවා නෙව... ඒ ඇරුනාම මම දැන් රස්සාව කොරන තැනිනුත් මට කේන්දර ප්‍රමාණයක් හම්බ වෙනවා. එක්කෙනෙක් එකක් බලා ගත්තම ඒක ගෙදර ගෙනිහින් බලලා ගෙදර අනිත් අයගේ ඒවත් ගේනවා..ඊට පස්සේ සැරින් සැරේට අහල පහල ගෙවල්වල අයගේ ඒවත් ගේනවා. ඔහොම තමා ඒ වැඩේ වෙන්නේ...

මම හිටපු හැම තැනින්ම ඔහොම එකතු වෙච්ච පාරිභෝගික ජනතාවක් මට ඉන්නවා නෙව..ආන්න එහෙම ලැබෙන ඒවා තමයි දැන් ඔය ලතාවකට බලාගෙන යන්නේ...පහු ගිය කාලේ කම්මැලි කොමට හිටිය හින්දා එකතු වෙච්ච ඒවා එහෙම දැන් හිටු කියලා අල්ලලා දානවා..

එහෙම ඉඳලා දවල් එකට විතර කාර්යාලේ වහලා දාලා දුවලා ගෙහුන් ළග තියෙන මම කෑම කන පොට් එකෙන් දවල් බත් එහෙම කාලා සුටුස් ගාලා දුවලා එනවා..ආයෙමත් දිගටම වාඩි වෙලා වැඩේ කරගෙන යනවා...

ඊට පස්සේ හවම පහයි හතළිස් පහට විතර දඩි බිඩි ගාලා පොට් එක වැහැවුවා..ආයෙමත් දුවනවා ගෙදර..නෑවා..යුනිෆෝම් එක දාගත්තා කෙලින්ම රාජකාරියට වාර්ථා කරනවා..හය හමාර හත වෙද්දී...ආයෙත් මම එතන වැඩ..පහුවදා උදේට ආයෙමත් මගේ තැන වැඩ..මේක දැන් නොනවතින චක්‍රයක් වෙන්නයි එන්නේ..අනේ ඉතිං කොහොම හිටිය මංද..?

ඒත් ඉතිං මේ අස්සේ මට තව අබග්ගයකත් උනා නෙව...මේ පහුගිය සෙනසුරාදා දවසේ උදේ පාන්දර හතරට විතර ඇති..බුදු අම්මේ මගේ බණ්ඩිය දිහාවෙන් ඉන්ට බැරි කැක්කුමක් අල්ලන්ට තිබා ගත්තා නෙව...මක් කොරලවත් ඉන්ට බැහැ. කොහොම හරි කාගෙන එළි වෙනකල් හිටියා උඩ පැන පැන..පස්සේ ඩියුටි ඕෆ් වෙලා ගෙදර ගෙහුන් අත් බේතක් එහෙම කොලාට ම්හූ හරි යන්නෙම නැහැ...සිමෙන්ති පොලවේ වැටිලා පැත්ත හැරිලා දොයියනකල් සනීපයි..නැගිට්ට ගමන් ආයෙමත් ඉන්ට බැරිව යනවා.

පස්සේ ඉන්ටම බැරි තැව කෝකටත් කඩේ අරින්නත් එක්කලා කියලා දහයට විතර වෙද්දී ගියා..ගිහින් බෑග් කාරියාගේ ඇතුලෙන් තියලා ගියා බෙහෙත් ගන්ට කියලා...ආණ්ඩුවේ ඉස්පිරිතාලේ පෙනි පෙනී එතනම තියෙන පෞද්ගලික එහෙකට රිංගුවා..අතන පෝලිමේ හිටියනං මං මැරෙනවා.මලත් කමක් නැහැ දැන්නං උහුලන්ට බැහැ.

කොහොම හරි අතනට ගිය පමාවට වැඩේ පරීක්ෂා කොරලා බලලා පටස් ගාලා ඇදක දොයි කරවලා රොකට් එකක් ගහපි..විළි ලැජ්ජාවේ බැහැ..චූටි නර්ස් කෙනෙක්..මට දුකත් හිතුනා..ඒත් ඒ ළමයා හොඳ වෘත්තීය පුහුණුවක් තියෙන ළමයෙක්... ඊට පස්සේ සේලයින් එකකුත් දීපි...කොහොම හරි පැයක් විතර ඉද්දී ටිකක් විතර ගානකට හුස්ම ගන්න ඇහැකි උනා..හැබැයි අර සේලයින් එකනං විනාඩි විසි පහෙන් ඉවරයි...

කොහොම හරි ආයෙමත් එතනින් එළියට ආවේ දුන්න බෙහෙත් ටිකත් අරගෙන..එදා ඉතිං ආයේ කේන්දර බැළිල්ල කරන්න ගියේ නැහැ මම ගෙදර ආපි ඇවිත් බෙහෙත් ටික බීලා මලා වගේ වැටිලා උන්නා.දවල්ට කන්නත් නැහැ..යාන්තං ගෙදර තිබුනු බිස්කට් වගයක් හපලා වතුර බීලා හිටියා...ඒත් හවස හතර විතර වෙද්දී මට යන්තං සනීපයි වගේ දැනුනා... ඒ ගමන හිමින් සීරැවේ බත් ඩිංගක් උයලා පරිප්පු හොද්දකුයි කරවල තෙල් දාලයි බත් ටිකක් කාලා ලෑස්ති වෙලා වැඩට ආවා.

ඔන්න ඔයකෙලිය හින්දා දැන් මේ ටිකේ මගේ රස්සාව වතුර බොනවා ආයෙමත් පිට කොරනවා තමයි.ලෙඩේ මුත්‍රාශයේ ගල් වෙන්න ඇති කියලා තමයි කියන්නේ..ආයෙම හෙට අනිද්දට යන්න ඕන ඇක්ස් රේ එකක් ගන්ට. ඊට පස්සේ තමා කෙලිය කොහොමද කියලා බලන්ට වෙන්නේ...

කොහොම උනත් මං දැන් දවසකට වාඩි වෙලා ඉන්න පැය ගාන වැඩි වගේ හින්දයි..වතුර බොනවා හුගක් අඩු හින්දයි..සහ සමහර විට අලක්කු නොබොන හින්දයි වෙන්න ඇති ශරීර කූඩුව මෙහෙම අප්සැට් යන්න ඇත්තේ...කොහොම උනත් ඒ හින්දා මම මේ දවස් ටිකේ ටිකක් වාඩි වෙලා ඉන්න එක අඩු කරලා වත්ත වටේ ඇවිදින්නයි වරකට පහලව බැගින් දවසට දහ පාලොස් වතාවක් ඩිප්ස් පාරක් එහෙම දාලා ටිකක් ඇඟට වියායාම දෙන්නත් අරගෙන තියෙන්නේ..ඒ හින්දා ඊයෙයි අදය් ලියන කියන කටයුතු වලට ටිකක් කොමාවක් දාලා ඇගට දැනෙන්න ජීවත් වෙන්ට ගත්තා.

ඊයේ හවස වැඩට ආව ගමන් අද ඕෆ් නොවී හිටියේ ඒකයි...මගේ විවේකය තියෙන්නේ වැඩ පලේ තමා ඉතින් හොදටම.ආයෙමත් හෙට උදේ තමා ගෙදර යන්න හිතන් ඉන්නේ..ඊට පස්සේ ගෙහුන් කාරියාලේ ඇරියත් වාඩි වෙලානං ඉන්නේ නැහැ පහලට බැහැලා පාර පුරා ඇවිද ඇවිදවත් ඉන්නවා..

කොහොම උනත් බාර ගත්ත යන්තර කිහිපයක වැඩත් එකතු වෙලා තියෙන හින්දා මට මේ විවේකය ඒ හැටි දවසක් ගන්ට වෙන්නේ නැහැ...ඒ හින්දා මේ දවස් දෙක තුන උපරිම නිදහසේ ඉන්ටයි මගේ කල්පනාව...හොඳා නේද..?

48 comments:

  1. Wiyayaamayak mathak koralama korannta..

    ReplyDelete
  2. ඉකමනට චෙක් කරලා හරියට බෙහෙත් ගන්න අයියේ....නැත්නම් පස්සට කරදරයි.....

    ReplyDelete
  3. අප්පේ... ගැහුවද රොකට් එකක්?...

    ReplyDelete
  4. ආයිත් අහලා :P :P ටිකක් කල් ඔහොම ඉන්න...ඔය ගල්නම් හොඳ වැඩක් නෙවෙයි..ඉක්මනට බලලා අයින් කොරගන්න වෙයි....ඕවා අයින් කරන්න ලේසි ක්‍රම තියනවා දැන්!! :P

    ReplyDelete
  5. මාරයියේ මේ දවස්වල ගල් කියන්නේ තභනම් වචනයක් නොවැ

    ReplyDelete
  6. අයියෝ අයියා වෙන ගල් වලට සෙකන්ඩ් වුනාට ඔය මුත්‍රාශයේ ගල් වලට සෙකන්ඩ් වෙන්න එපා... පරක්කු කරන්නැතුව බෙහෙත් ටිකක් ගන්න....

    ReplyDelete
  7. ඕක ලොකු ප්‍රශ්නයක් නෙමේ. ගල් නම් බලමු. ගල ගොඩක් ලොකු නම්, තියන විදිය වේදනාකාරී නම් තමයි ප්‍රශනයක් වෙන්නේ. හැබැයි ගල් කෑලි වලට බිදිලා නම් ඒක ලොකු ප්‍රශ්නයක් නෙමේ. තව කල් තියනවා. මල්ලී ස්කෑන් එක ගත්තම විස්තර කියන්න. අපි බලමු එතකොට. ඒත බෙහෙත් බොන්න වෙනවා ටික දවසක්. ගල දියකරන්න පුළුවන්. ස්කෑන් එක ගත්තම බලමු.ගොඩක් හොදයි උදරයේ උඩින් ගන්නවට වඩා ගුද මාර්ගයෙන් ගන්න එක.

    ReplyDelete
  8. හොඳා හොඳා කලපනාව නම් මරු. ඒත් දැන්වත් කෑම ටිකක් උයා ගන්න වොෂින් මැසිමක් ගත්තොත් නරකද?

    ReplyDelete
  9. වෙලාවකට උඹ ගැන පුදුම හිතෙනවා. මාරයා උනත් මූ නම් යකාගේ මාරයෙක් කියලා. අනික උඹේ හිතේ තියෙන දහිරියත් කියලා වැඩක් නෑ. වෙලාවකට උඹේ කතා කියවනකොට දුකත් හිතෙනවා තනියම ඉඳගෙන දෙන ගේමට.

    ආදර බිරිඳකගේ, දරුවො ටිකකගේ උණුසුමේ තියෙන අගය දැනෙන්නෙ ඔන්න ඔය වගේ වෙලාවට තමයි මාරයෝ.

    මොනා උනත් පරක්කු කරන්නෙ නැතිවව් ලෙඩේ සනීප කර ගනින්. ඔය ගල් අමාරුව නිස මමත් විඳවලා තියනවා. මමත් තාම නම් අරන් දැම්මෙ නෑ.

    මටත් උඹගෙන් වැඩක් කරගන්න තියෙනවා. උඹට මම මේල් එකක් එවන්නම්.

    ReplyDelete
  10. බස් එකේ කේන්දර බැලීමෙන් පටන් ගත්ත ගැම්ම තමයි ඔය දුවන්නෙ

    ReplyDelete
  11. පෝය කිට්ටුව ගල් මතක් කොරනව නේ...බාර් වහලා....

    ReplyDelete
  12. ඇත්තට ඔහොම එක දිගටම වැඩ කරනකොට එපා වෙන්නෙ නැද්ද මාරයියෙ? මටනම් හිතෙනකොටත් විකාරයි.

    ReplyDelete
  13. ඒපාර ආයෙමත් අසනීප වෙලාද මාරයියා. ඇයි අප්පා ගල් සීන් එකට රොකට් ගැහැව්වෙ. පරක්කු නොකර බෙගෙතක් ගත්තොත් ගොඩින් බේරගන්න පුළුවන් වෙයි, නැතිනං ආයෙ බෝර දාන්න වෙයි ගල් කඩන්න.

    ඒක නෙමෙයි, අර මුතුමිණ ගොයිය වගේ මාරයියත් වැඩක් සෙට් කරගනීද, දැනටමත් ඔය ගෑණු දැරිවියො එනවයි කියන්නෙ අම්මලත් එක්ක.

    ReplyDelete
  14. යක්කලින් බෙහෙත් නොගන්න එක වෙන්ටැ අවුල ,,:D
    වෙලාවකට කෑම නොකෑවහමත් ඔහොම ලෙඩ හැදෙනවළු. පරිස්සමින් හොඳේ.

    ReplyDelete
  15. අපොයි අප්පේ.. මම ඒත් කල්පනා කලා නිදා ගන්නේ කොයි වෙලාවටෙයි කියල.. ඒ ප්‍රශ්නේට උත්තරේ හම්බ උනා..

    දිනපතා නින්දට යාමට හා කෑමට පෙර ගල් කාලක් ගන්න. (අපුලක් දැනේනම් වතුර ස්වල්පයක් සමඟ වුවද කම් නැත.)

    කෑමෙන් පසු රොකට් එකක් ගන්න..

    දවල් නිදා ගැනීම, රෑට නිදි මැරීම අගුන බව සලකන්න. උශ්නාදික කෑම සහ සැර කෑම ජාති අඟුන බව සලකන්න.

    කව්න්ටරේට රුපියල් 500 ගෙවන්න...

    බුදු සරණයි....!!!

    ReplyDelete
  16. අනේ මාරයො මගෙත් හෙන කරුම කාලයක් යන්නෙ. කොහොමෙයි ඔහේගේ ඊ ලිපිනය ලබාගන්නෙ...

    ReplyDelete
  17. තමන් ගැන මීට වඩා හිතුවොත් නේද හොද ??

    ( වැඩිය යමක් කියන්නේ නෑ...මොකද බනින්න පව් නෙ මේ වෙසක් පෝය ලබන්න ඔන්න මෙන්න තියෙද්දි )

    ReplyDelete
  18. ලොකු අයියා වැඩේ ගොඩින් බේර ගත්තොත් හොදයි වගේ නේ , කෑම බීම පරිස්සමින් ඉස්සරහට ......

    ReplyDelete
  19. මාරයෝ අර සුනිල් එදිරිසිංහ මහත්තයා කියන සිංදුවකුත් තියෙන්නේ

    "රජෙක් උනත් ගිලන් වෙලා එක්තැන් වුනුදා . . .හිතෙනවාට සැකයක් නෑ . . නිරෝගි කම හර සැපයක් ලොවේ කොයින්දා" කියල .

    ආං ඒ වගේ කොයි කොයි දේ කොරන්නත් කලින් සරීර සවුක්කිය ගැන හිතලා වැඩ කොරපන් හරිය. .

    විශේෂයෙන් තනියෙම ඉන්න එකේ . .

    ReplyDelete
  20. ඔය ගල් ප්‍රශ්නෙටනම් ඉක්මනට බේත් ගන්න.නැත්නම් පස්සට කරදර වෙන්න වේවි.අපේ ගෙවල් ගාවත් මුත්‍ර ගල් තියෙන අයියා කෙනෙක් ඉන්නවා.මිනිහට කිඹුහුමක් අරිනකාටත් රිදෙනවා කියනවා.එයාත් මුලින් ඕක ගනන් නොගෙන ඉදලා.
    ජ්‍යොතිෂ වැඩ කිරීම ප්‍රමාද නොකර ආරම්භ කළ එක හොදයි.නැත්නම් ඒකටත් පස්සෙ කාළෙක පසුතැවිළි වේවි.මට මතකයි තාත්තා ලෙඩ වෙලා මට තනිවම හදහන් බලන්න වෙනකොට මට අවු 26ක් විතර ඇති.ඇත්තටම ඔය රස්සාවේ තැන තියෙන්නේ වයසින් වැඩි අත්දැකීම් වැඩි තලතුනා අයට.මුල් දවස්වල හැමෝම මගේ දිහා බැළුවේ"ආපෝ මෙයා ඊයේ පෙරේදා ඉලංදාරියෙක්නේ,මෙයාට පුළුවන්ද හදහන් බලන්න"කියන්නා වගේ.තට්ටෙ තිබීම ,කෙස් පැහීම,කණ්ණාඩි දෙක යටින් බලල බැබෑරුම් විදියට නළල රැළි ගන්වල කතා කිරීම, වගේ කේන්ද්‍ර බලන්නන්ට ආවේනික ලක්‍ෂණ එකක් වත් මට හරියට තිබුනේ නැහැ.කොටින්ම රැවුළ ඇවිත් තිබුනෙත් තැනින් තැනින්.මට මතකයි ඒ දවස්වල මූණ පුරා රැවුල වැවෙන්න මම තුන් වේලම (උදේ,දවල්,රාත්‍රී) රැවුළ කැපුවා.අපේ තාත්තා සීයා මේ පළාතේ ප්‍රසිද්ධ දෛවඥයො නිසා මට අළුතෙන් සේවා දායක පිරිස හදාගන්න ඕන වුනේ නැහැ.නමුත් ඉස්සර ඉදන් ආපු අය රැක ගැනීමට හරි කැපවීම් කරන්න වුනා.ඔයා හිතන්න එපා මාරයෝ කේන්දර බලන්න එන අය දොස්තර මහත්තයෙක් ගාවට එනවා වගේ අපි ගාවට එනවා කියලා,දොස්තර කෙනෙක් ගාවට ඇවිත් පැය ගානක් ඉන්න ලෑස්ති වුනත් අපි ගාවට එන්නේ හරියට කඩදාසි ලිපේ දාලා එනවා වගේ.ඒ වුනාට අපේ වැඩෙත් දොස්තර වැඩේ වගේම වටිනාකමක් තියෙන දෙයක් ඔයා දන්නවනේ ඔය පොරොන්දමක් බලන එක වුනත් පිරිත් නූලක් ගැටගහනවා වගේ කඩි මුඩියෙ කරන්න බැහැ කියලා.අන්න ඒක අපි එන අයට ඒත්තු ගන්වන්න ඕන,"ජ්‍යොතිෂ සේවය සාර්ථක වෙන්න දෙපැත්තෙන්ම යුතුකම් නිසිලෙස ඉටු වෙන්න ඕන" කියන එක ඔය වචන ටිකේ මම කිව්ව නොකිව්ව සේරම කරුණු අඩංගුයි. මට 100%ක් විශ්වාසයි ඔයා අනාගතයේදී ඉතා දක්‍ෂ ප්‍රසිද්ධ දෛවඥයෙක් වෙනවා.

    ReplyDelete
  21. වැඩ ගැනත් බලන්න ඒ වගේම ලෙඩේ සනීප කරහන්න මාරේ අයියේ ! ලෙඩක් මුල් අවස්ථාවේදී හොඳ කරන්න ලේසි බව ඔයා දන්නවා නේද ..?

    මාරේ අයියේ බඩට ව්‍යායාම පාරක් දෙන්න ..ඩිප්ස් ගහන එකත් කරන්න ..ආමි එකේ හිටි පොරකට මම මොකට මේ ගැන කියනවද හිතුනා ඒත් ඔන්න ඔහේ කියලා දැම්මා .. එහෙනම් ඉතින් පරිස්සමින් ඉන්ඩ ජයම වේවා !!

    ReplyDelete
  22. ඕක ඉක්මනින්ම ඇරිලා යයි,,,හැබැයි අරවා පාවිච්චි කරලා හදිසියේ නැවැත්වීමෙන් මේවා වෙනවද මන්දා

    ReplyDelete
  23. මේ බෙහෙත් ටික හරියට කොරගන්න...

    ReplyDelete
  24. පරක්කු වෙන්නේ නැතුව බේත් ටික ගන්න අය්යේ... අය්යා කරන කියන වැඩ දැක්කහම අය්යට බෙත් ටික බොන්නවත් වෙලාවක් නැ වගේ.. එත් ඉතින් පස්සේ දුක් විදින්වට වඩා දැන්මම බෙහෙත් අරන් හොද කර ගන්න එක හොදානේ.. ජය

    ReplyDelete
  25. දැන් සියයට අනූවක් පුරුදු වෙලා තියෙන්නෙ ප්‍රයිවට් තැන් වලින් බේත් ගන්න ......... හුඟක් ඉස්පිරිතාලවල සර්විස් එක හොඳ නැහැනෙ .......

    ReplyDelete
  26. මේ මාරයා නිදාගන්න මාරයෙක් නෙමේද ?
    තව ප්‍රශ්නයක්, රොකට් සේලයින් ඇතුළු ප්‍රතිකාර වලට කීයක් විතර චාර්ජ් කලාද ප්‍රය්වෙට් පොට් එකේ?

    ReplyDelete
  27. සරීර සවුක්කිය අOක එක බොලO....අනිත් හැම දේම පස්සට......කල්පනාවෙන්

    ReplyDelete
  28. මට තියෙන ප්‍රස්නෙ උඹේ රාජකාරි ස්ථානයෙ ලොක්කො, රෑට නිදා ගන්නවට උඹට මොකට පඩි ගෙවනවද කියන එකයි....

    අලුත් ව්‍යාපාරෙට :
    බලන බලන පොරොන්දමුත් ගැලපේ වා
    කියන කියන පලාඵලත් හරි යේ වා
    ගණුදෙනුකාර භවතුන් ඔබෙ සැනසේ වා (කොර වේවා)
    ජෝතිෂ ලොවේ CT නම වැජඹේ වා

    ReplyDelete
  29. බෙහෙත් ටිකක් ගමු මාරයියේ ව්ගහටම,

    ඔය අලුත් වැඩෙත් ඉක්මනටම හරියයි,
    මටත් තියනවා නෙව සෑහෙන රාජකාරියක් කොර ගන්න

    ReplyDelete
  30. මසං... මට පොඩි ප්‍රස්නයක් තියේ. අර රොකට් එක ගැහැව්වේ කොයි පැත්තෙන්ද? අපේ දිහාවේ ජෙට් එකක් ගැහුවා කියලා කියන එකමද ඔය. හැබැයී මෙහේ නං ජෙට් ගහන්නේ ඇටෙන්ඩන් අයියයලා හරි අංකල්ලා හරි. අරක අරෙහෙම නං, එක අතකට උඹ වාසනාවන්තයි ;-)

    ReplyDelete
  31. @ මාතලං - පට්ටම කොමෙන්ටුවකි

    @ මාරයියා - ගෙට් වෙල් සූන්...

    ReplyDelete
  32. අමිල..

    ඔව් ඔව් එහෙම කොරන්ට ඕන තමා...

    සීනි...

    හම්මේ ඔව් පස්සට තමා කරදර..:)

    සාතන්...

    ගැහැවුවදත් අහනවා..හරී ෂනීපයි

    ReplyDelete
  33. @මදුෂාන්...

    අම්මේ ඔව්..

    @ගිම්හානි...

    කොච්චර තහනං කොලත් එහෙම කතා නොකර ඉන්ට ඇහැකිද "ගල්" ගැන..?

    @කිඩෝ...

    පිස්සුද මලයා අප්පමාදෝ අමත පදං කිව්වළු..

    @වෙද මහත්තයා...

    බලමු මං හෙට උදේ යනවා ඇක්ස් රේ එක ගන්ට..ඊට පස්සේ බලන්ට ඕන ඉතිරි හරිය ගැන..බොහෝම පින් සිද්ධ වෙනවා දෙන ගුරු හරුකං වලට

    ReplyDelete
  34. @දිමා...

    ආයෙත් අහලා රොකට් එකක් තමා...

    @තාරක...

    මොකක් කිව්වා..?

    @මාළුවා...

    අනේ නැහැ පොඩ්ඩෝ..මේ හොඳා..අන්තිමට මැසිම කැඩුනහම..?

    ReplyDelete
  35. @දුමී...

    මේල් එකක් දාහං අයියා...ඇත්තටම අහක් නොකර කොහොමද උඹ ඉන්නේ..එහෙම ඉන්ට ඇහැකිද..නැත්තං හැම දාම බෙහෙත් එක්කද..?

    ReplyDelete
  36. @මකරා...

    හප්පා ඒත් එකක් තමා...

    @රත්ගමයා...

    වැහුවට මොකෝ පිටිපස්සේ පැත්තේ බඩු තියේ..ටිකක් ගාන වැඩියට හරි...

    @කසුන්...

    එහෙමනං තමා මලේ..ඒත් මං දැන් අවුරුදු 3ක් විතර හොද නිවාඩු පිට හිටියනේ..ඒ හින්දා දැන් ටික දවසක් දුෂ්කරක්‍රියා කරන්න වෙනවා..නිකං ඉන්නකොට අතපය අකුලගෙන පිනා වගේ ඉන්න වගේම...වැඩකට බැස්සහම ආවේ අව්ව වැස්ස නොබලා රැයක් දවාලක් නොබලා තනියම උනත් ඕන මරාලයක් ඇදගෙන යන්න මට හොද පුරුද්දක් තියේ.

    ReplyDelete
  37. @නවම්...

    හපෝයි..මුතුමිණගේ ජාතියේ නෙවේ මං...පහුර තියෙන්නේ එතෙර වෙන්න මිස කර පිට තියාගෙන ඇවිදින්න නෙවෙයි නෙව..හික් හික්...

    @ජේ...

    තැන්කූ...

    @හරී අක්කා...

    යක්කල බෙහෙත් ටිකක් ආයේ ගන්ට කියලද ඔය අක්කණ්ඩි මට ඒ වංගියේ කියන්නේ..?කෑමනං කොහොම හරි නෙලනවා නෙව...

    ReplyDelete
  38. @මාතලන්...

    නෙවෙයි මූ තලන්..හැයි යකෝ අපුලක් දැනෙන්නේ කොහොමද බෙහෙත් වතුරවල..මං බොඤ්ඤං කිසි අවුලක් නැතිව..සෝඩා එපා...

    500ක්..ඇහ්..?

    ReplyDelete
  39. @දිල්...

    අනේ හැමදාම වෙසක් වෙයං...

    @සමීර...

    ඔව් ඔව්...බොහෝම පරිස්සමට බත් පිගන් දෙකක් විතර කනවා මං දැන් වේලකට..:D

    @දුකා...

    ඔව් බං..ඒක තමා..මං ඉතිං මාව බලාගන්න එපැයි...

    ReplyDelete
  40. @ජොතිෂ්‍ය ලංකා...

    සෑහෙන්න ස්තූතියි වෘත්තීය අත්දැකීම් ගැන සඳහන් කිරීම සම්බන්ධව..ඔය තිව්ව කරුණු හැම දේම වගේ හරි...හුගාක් වෙලාවට පැන්ෂන් ගියාට පස්සේ මේ වැඩේට මාස කිහිපයක් පංති ගිහිල්ලා ඉගෙන ගත්තා උනත් එහෙම වයසක උදවිය ගාවට සෙනග ඇදෙන්න හේතුවත් ඕකම තමා.

    @සඳරු...

    ආ ස්තූතියි මලයා ...

    @ඩිලා...

    අම්මපා..ඒකනං එහෙම තමා..අර කිව්වත් වගේ ම් දවස්වලනං ඉහෙන් බහින ලෙඩක් හැදුනේ නැහැ...

    @කුරුං ගුරුං...

    ඔව් ඔව්..එහෙම තමා හිතාන ඉන්නේ...

    ReplyDelete
  41. @දේවා...

    මොකද මේ නම වෙනස් කොරගෙන..පරණ නමට තමා මමනං හුරු වෙලා තිබ්බේ...කොහොම උනත් ස්තූතියි...

    @කල්හාර...

    හොඳ නැතිවම නෙවෙයි මල්‍ලියේ...ඇත්තටම අපේ ගමේ ග්‍රාමීය රෝහල එහෙම මල් මසුරං..පිටින් ගන්න වෙන බෙහෙත් ප්‍රමාණය උනත් සෑහෙන අඩුයි..ඒ වගේම හොද සායන සේවාවක් එහෙම පවත්වාගෙන යනවා..ඒත් මං හිටියේ තනියම ගිහින් පෝලිමේ ටික වෙලාවක්වත් ඉවසන් ඉන්න පුළුවන් තත්වෙක නෙවෙයි..මට සාමාන්‍යයෙන් අතක් පයක් කැපුනා උනත් ඒක උහුලගෙන ඉන්න පුළුවන් කමක් තියෙනවා... ඒ හින්දා මම මේකත් සෑමෙන්න ඉවසලා බැරිම තැනට ඇවිත් හිටිය හින්දයි ගියේ..එහෙම වෙලාවට තව දුරටත් අල්ලන් ඉන්න අමාරුයි පෝලිමකට වෙලා..නැත්තං මං රජයේ රෝහල්වලට කැමතියි..මොකද ඇත්තටම වගකීමක් තියෙන හින්දා...ඒ වගේම අපි හිතනවට වඩා හොඳ සේවාවක් දැන් ඒවායෙන් වෙනවා.

    @ඔබ්සවර්...

    වැඩිය නැහැ..සේලයින් එකයි..රොකට් එකයි..පස්සේ බොන්න දීපු බෙහෙත් වර්ග 5යි..පරීක්ෂා කිරීමයි ඔක්කෝටම රුපියල් 622/=යි...පාඩුද..?

    හම්මෝ නිදා ගන්නවා..දවසකට පැය 4ක් විතර උපරිමයකට යටත්ව..ඒකත් කඩින් කඩ..ඊට වඩා නිදාගන්න අවස්ථාව තිබුනට මේ නෙට් භාවිතය ඒකට හරස් වෙලා නෙව...හැබැයි ඉතිං මාරයා නිතරම අවදියෙන් වග කවුරුත් දැන ගන්නට ඕන...

    ReplyDelete
  42. @හීනියට...

    ඔව් ඔව්.."ආරෝග්‍යා පරමා ලාභා" කිව්වළු...

    @දිනිත්...

    සුභ පැතුමට ස්තූතියි...

    අනේ බං අපේ බොසා ඒ අතින් අදහන්න වටින මනුස්සයා...හවස 7ට විතර කෝල් එකක් දීලා අහනවා..කොහොමද කට්ටියම ගියාද..මුකුත් අවුලක් නැහැ නේද..?හා හා එහෙනං පරිස්සමෙන් බලා කියාගෙන නිදා ගන්ට කියලා...

    අන්න බොස්ලා...මල් තියලා වදින්ට ඕන...

    ReplyDelete
  43. @අමිල...

    බෙහෙත් ගන්නවා මලේ දැනටත්..හෙට ඉඳලා ආයෙමත් වෙන මොනවා හරි කරන්නත් වෙයි...

    @කුශාන්...

    උඹ හිතු ජෙට් එක = මා කියූ රොකටයට..සහ හිතා ගනින්කෝ මම වාසනාවන්තයා කියලා...හෙහ්...

    @අළුත් කොල්ලා...

    තැන්කූ මලයා...

    ReplyDelete
  44. මාරයගෙ වැඩවල හැටියට ගලත් කජ්ජක්ද?
    හැබැයි ඉතිං බෙහෙත් ටික සාක්කුවෙ දාගෙන හිටියට ලෙඩේ සනීප වෙන්නෙ නෑ ගොයියො.
    (ගල් කාලක් ගැසීමෙන් ගල් දියවිය හැක. අතුරු ආබාධ සහිතයි. ප්‍රවේශමෙන් පරිහරණය කරන්න.)

    ReplyDelete
  45. Well done, maarayaa. Sorry Ven. Maarayaa Thero

    ReplyDelete