21 May 2011

මාතලේ බලා...

වැඩි දෙයක් ලිය ලිය ඉන්ට වෙලාවක් නැහැ..දැන් වෙලාව උදේ 7.25 යි..තව ටිකකින් ඒ කියන්නේ උදේ 08.00 ට මම ගෙදර යන්න ඕන..ඒ කියන්නේ තාමත් මේ රාජකාරි කොරන ගමන්..

ගෙදර ගියා නාලා කරලා බඩට මොනවා හරි දා ගත්තා..ලෑස්ති උනා නිට්ටඹුවට ආවා..දිමා නොහොත් තුසිත ජයසිංහ නැමැති ගොබිලාවත් සැට් කොරගත්තා..දෙන්නාම කන්ද පැත්තට බයිසි මොටෝ දෙකෙන්ම ගමනේ යා...

අපේ අනිත් සැට් එකනං මේ වෙනකොට බස් එකක එල්ලිලා මාතලේ පැත්ත බලා ධාවනයේ යෙදෙනවා තමා..ඒත් ඔය බස් එකේ යෑම මේ වෙලාවේ මට ‍කොරන්ට අමාරුයි මගේ අසනීප තත්වෙත් එක්ක...

ඒ හින්දා බයිසි මොටෝ එකෙන්ම ගමන යාම වඩා හොඳයි කියලා හිතුනා..ඒත් බලමු පස්සෙන් එළවලා හරි බස් එක අල්ලගෙන සමාන්තර ධාවනයේවත් යෙදෙන්ට...

මේ ගමන ගියා වගේ නෙවෙයි.. මගේ තත්වෙත් ඒ හැටිම හොඳ නැහැ... නිතරම ඇන්ජිම කූල් කරන්ට මගේ රේඩියේටරේට වතුර දාන්ට ඕන..එහෙම උනාම ආයෙත් ඉක්මනටම ඕෆ්ලෝ වෙන්ට බලනවා එතකොට පටස් ගාලා ඔය අයිනක් අල්ලලා ඇන්ජිමේ වතුර අහක් කොරලා යන්ට ඕන..කොහොමටත් ගෙදරින් යන්න කලින් වතුර බෝතලයක්වත් බීලා යන්ට ඕන..උදේ ඉඳලා මේ වෙනකොට වතුර බෝතල් දෙකක් බිව්වා..දැන් හොද ගණන්...

ආයේ බයිසි මොටෝ එකත් ලගකදී සර්විස් කරලා නැහැ..ඒ තියා හොදලත් නැතෝ..හපෝ..සංසාරේ..මගේ තත්වෙයි බයිසි මොටෝ එකේ තත්වෙයි දෙකම එකයි..ඒත් ඉතිං කොහොම හරි කන්ද තරණය කොරන්ට එපැයි..එහෙනං ගෙහුං එඤ්ඤං...

21 comments:

  1. පරිස්සමින් ගොහින් ඇවිත් අපටත් විත්තරේ කියන්ට..

    ReplyDelete
  2. හ්ම්ම්ම්...පරිස්සමෙන් ගොහින් එන්නකො......

    ReplyDelete
  3. පරිස්සමින් ගිහිං වරෙං මචෝ . . . . දුර ගමං සයිකලෙං යනව කියන්නෙ වෙනමම කට්ටක් . . . .

    ReplyDelete
  4. බයිසි මොටෝ එකේ ගැස්සෙනව නේද මාරයියේ නරකද බස්
    එකේ මැදකට වෙන්න වාඩි වෙලා ගියානම්..ඒත් ඉතින් ඔයාගෙ ඇන්ජිමේ වතුර අහක් කිරීමේ පුරස්නෙ නිසා ඒකත්
    කොරන්න බෑ නෙව.

    ReplyDelete
  5. බුදු සරණයි පරිස්සමින් ගිහිං එන්න .......

    ReplyDelete
  6. රෝද දෙකෙන් පරෙස්සමෙන් ගිහිං වරෙන්....

    ReplyDelete
  7. පරිස්සමෙන් ගිහින් එන්නකො.බස් එකේ ගියා නම් වැඩිය හොදා.

    ReplyDelete
  8. පරිස්සමට ගිහින් එන්න අයියේ.
    මං ඔය ලෙඩකාරිගැන දන්නැහැනොවැ. අනේ සමාවෙන්න ඒ ගැන. කොහොම උනත් බොහොම පරිස්සමට ගිහින් එන්න.
    බුදුසරණයි....!!!!

    ReplyDelete
  9. පරිස්සමින් ගිහින් එන්න.

    ReplyDelete
  10. පරිස්සමින් ගිහින් එන්න ලොක්කා ......... ,

    ReplyDelete
  11. පරිස්සමේන් ගිහින් එන්න අයියේ..

    ReplyDelete
  12. දිලුම් වෙනුවෙන් අපි හොඳ මිනිසුන් වෙමු!

    ReplyDelete
  13. එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්ඩකෝ !!

    ReplyDelete
  14. ගිහින් ආවෝ...
    අතුරු ආන්තරාවක් නංඋනේ නැතිවා..ඒත්අද වතුර බීලා මදි වෙලා..දැන් වැඩේ ලෙඩේ වෙලා තියෙන්නේ..දැන් වතුර බොනවා බීමක් ලොවෙත් නැති වෙන්න..

    ReplyDelete
  15. බොලා ගිය වේගෙට මම හිතුව සුවර් එකට මටත් වඩා කලින් ගෙදර එන්න ඇති කියල. ලබන පාර අයියා ෆොක්ස් හිල් එකට පදිමු ඈ???

    ReplyDelete
  16. හපොයි මාරයියේ... ඔය ලෙඩේ ගැනනම් කියලා වැඩක් නෑ.. මං අවුරුද්දක් තිස්සේ විඳවනවා. හරි හමන් විදිහකට බේතක් ඇරන් නිවී හැනහිල්ලේ ඉන්න බැහැනේ මේ උලව් රා‍‍ජකාරිය නිසා. අනිත් එක කොයිවෙලෙත් වතුර බොන කෙලිය අමතක වෙනවා.

    මොනා උනත් පරිස්සමින් ගිහිල්ලා ආව එකනම් ලොකු දෙයක්!

    ReplyDelete
  17. ඒ බස් එකේ ගියා නම් මාරයා තාම මග...

    ReplyDelete
  18. අප්පේ මෙයානම් ෆොක්ස් හිල්ම තමා යවන්න ඕන

    ReplyDelete
  19. මාරයා අපෙ ගම් පැත්තේ ඇවිත් වගේ. අපේ පැත්ත ගැනත් විචාරයක් කොරපන්කෝ නිවාඩු පාඩුවේ.

    ReplyDelete
  20. කේතලෙන් මල්ලකුත් අරං පුටුං බුම් එකේ පස්සෙ තියං වරෝ.....

    හෑව් එ නයිස් ජෝනී...!!!

    ReplyDelete
  21. අදයි බලන්නේ.... ඔය යහතින් ගිහින් ආවේ... පොඩි කොල්ලොත් එක්ක රේස් පැදලත් තිබුණේ.....

    ReplyDelete