27 May 2011

අවසර කල් රහස් තැන...

මන දොල සනසවා වියළුනු කතර මැද..
තුනු විල කළඹවා නුඹ සියොළග ගැවස..
හද මන මත් කරයි නම් කිති කවා සොඳ..
නුඹ හිමි නැති දිනේ මා තනි නොවේ අද..

අකලට ඇද හැළුන පොද මල් වැසි සේමා..
වියළුන දෙතොල් පොගවා මුව රස කළතා..
නුඹ ගත සනසවා දෙවමින් ගත වෙහෙසා..
අද පමණක්ය හෙට හිමි නැත මෙම සැපතා..

හෙට හිරු නැග එද්දි දිව සැප අවසන්ද..
යළි කෙදිනකදී හෝ අප මෙහි හමුවෙද..
ඒ දින තෙක්ම නුඹ මේ දුක ඉවසාද..
අනියම් නිසා නුඹ මට හිමි නැතිවේද..

51 comments:

  1. ඉස්සර හිටි බෙස්ට් ප්‍රෙන්ඩ් ගැන වගේ......... :)

    ReplyDelete
  2. @ හා පැටික්කි

    මටත් හිතෙන්නේ ඒ වගේ..... මම උදේ පාන්දරම මතක් කලානෙ .... :P

    ReplyDelete
  3. ඒ පාර සරමද කවි කියන්නෙ.....මේ පොද මල් වැසි ගැන කියන නිසයි හිතුවෙ....

    ReplyDelete
  4. නුරා නුඹේ නෙත මොහොතක හිනියම් වේවි
    සිනා පිරුණ වත වැහි කළු අහසක් වේවී
    හාද වදන් හමනා සැඩ සුළඟක් වේවී
    හිමි නැති පෙම සිහිනෙන් ගෑ සුවඳක් වේවි....

    පරිස්සමෙන් පුතෝ..... :)

    ReplyDelete
  5. උදේ පාන්දරම අර මොනාදෝ බොන්න ඕනෙත් නම් කිව්වා වගේ මතකයි.... අනේ මාරයියෙ......මට කෝල් එකක් දීල උත්තරය කියන්නකො...... හික්ස්

    ReplyDelete
  6. එන පොට නම් හොඳ නෑ මාරයෝ..

    ReplyDelete
  7. කෝල්..හපෝ..කෝල් නෙවෙයි නෝකොල්වත් දෙන්නේ නැහැ..හප්පා...

    ReplyDelete
  8. අනී....මයේ කට පොපියනවා....

    ReplyDelete
  9. ඒ උනාට ලයින් එක නම් එන්ගේජ්..... මලක් කඩනවා වගේ කවි ලිය ලිය...

    බොරු නෙමේ නේද ? .

    ඒක නෙමේ...මේ පාර මොකක් ගැනද මේ.... සරමටත් වඩා.......... කිට්ටු කෙනෙක් ගැනද ?

    hiks

    ReplyDelete
  10. "නුඹ හිමි නැති දිනේ මා තනි නොවේ අද.."

    සිහිකර ඒ සුවේ දෙනවා අතට වද...

    ReplyDelete
  11. රතා පොපියැව්වට කමක් නැහැ ඔය කට අරිනවා එහෙම නෙවී..

    අපෝ මේ උප විතරයි..මොන සාන්තයක්වත් නැහැ මේකලා ළග..කිව්වොත් ඔහොම එකක් තමා..

    අඩේ පිණිස් බිඳුස්..පොටනං හොඳම නැහැ..

    ReplyDelete
  12. අඩේ ඇත්තටම මිස් කොල් එකක් තියෙනවා නේන්නං..විනාසයි...

    ReplyDelete
  13. කයිය ගහන්නෙ නැතුව කියනවද මේක මොකදද කියලා.......

    මේ...බියර් ගැන නේද.....?

    ReplyDelete
  14. අම්මෝ ඒ පාර චීන පටස්...

    ReplyDelete
  15. ඔන්න ආයිත් සාටර් කාතාවක් කියලා .........
    මොනාද මේ ඩබල් මීනිං කතා ..........
    ඔය නම් ෂුවර් එකටම අරක්කු බෝතලේ .......

    කොහොම උනත් මාර කොලිටියක් තියනවා ........

    ReplyDelete
  16. රස කවි පෙලකි පෙර එක මෙන් මේ එක ද
    උත්තර බඳිති තරගෙට මෙන් එකා ලෙ ද
    නිවැරදි නොවේ පල කරනා මතවා ද
    .. .. න් නැතුව මොකක්ද මේ කියනව ද..?

    ReplyDelete
  17. මචං මගෙත් අත පොපියනෝ.....
    ඔන්න අතින් පැන්නා මේ ලියන්නෙ ජොකෙක් ගැන... (ඉරුනුද මන්දා)

    ReplyDelete
  18. වැතිරී හිදින නුබ යහනේ උඩු මැලිව..
    අදුරෙන් පෙනෙනවා නුබ ඇග සලු නැතුව...
    කෙතරම් කලක් පෙම් කෙරුවත් අප එක්ව...
    කෙදිනකවත් නැතේ දුටුවේ උනුසුම්ව....

    ReplyDelete
  19. මල්ලි, මොකද ඒ පාර උඹ හොරා කන්න හදනවද ?

    ReplyDelete
  20. මට නම් තේරුනේ නෑ මේ මොකද්ද කියලා. මම නම් සිරාම කොයිල් එකක්. තනිකරම බට ලයිට් එකක්.

    ආයෙම පාරක් කියවලා බලන්න ඕනේ.

    ReplyDelete
  21. කාලක් බාගයක් සප්පායම් වෙන්නම ඕනේ මේ වගේ කවියක් අහ ගන්න

    ReplyDelete
  22. කාලෙකින් කවියක්!
    ආයේ කවදා ලියයිද මන්දා :D

    ReplyDelete
  23. මටත් හිතෙන්නෙ මේ බියර් එකක් ගැන කියල.

    ReplyDelete
  24. "නුඹ හිමි නැති දිනේ මා තනි නොවේ අද"
    මේ පදයෙ 'හිමි' යන්නට මොන අරුත දුන්නත් ගැලපෙනවා වගේ. (එයාගෙ හිමි නැති දවසට මෙයාට තනි නෑ; එයාව අහිමි වුණත් අද මෙයා තනි වෙලා නෑ.) ;-)
    හොඳ වචන හරඹයක්.

    ReplyDelete
  25. චිකේ.. මෙන්න මාරයා කුණුහරුප කවි ලියනවා.

    ReplyDelete
  26. මුණු පොතේ හිටන් පරණ යාලුවෙක් මතක් කරලා තිවුන හන්දා එ යාලුවවද මන්දා අද ලඟට අරන් තියෙන්නේ..ඕන් ඔහේ....මොකො හැමදැමයැ.... ;)

    හෙහෙහෙහෙ..මාව දැන් මරනවා වෙන මිනිස්සු එකතු වෙලා....ලොකු අයියේ අතේ ගානට...පදමේ තරමට..

    ReplyDelete
  27. බීපං බීපං..... ආයෙමත් පටන් ගනින් බොන්ඩ.... අනේ අම්මපා මෙහෙමත් එකෙක්...

    ReplyDelete
  28. මාරයා එනපොට හොඳ නෑ අරූගේ ගෑනි ගට ගන් කියන්ට වෙයි වගේ . . .

    ReplyDelete
  29. අනියම් කිව්වේ ''දන්කොටුව ඇති විශේස'' වත් ද

    ReplyDelete
  30. @ දුකා
    අනෙ...දුක නැදද දුකා අයියෙ මූණ බලාගෙන ඔය වගෙ කතා කියන්න...මෙච්චර සි..ල්..වත්...ගුණ වත් අපේ මාරයියට...... හික්ස්

    මේ අර පරණ....අර පරණම..නෑ නෑ..මෙයාගෙ තනි නොතනියට පපුව ලඟ නැතුව කට ලඟ.....ටම වෙලා උන්න එක්කෙනා ගැනනෙ ...ඔයාට මතක නැද්ද දුකා අයියෙ...හි හී

    ReplyDelete
  31. ඇති වෙනවා ... නැති වෙනවා... තනි වෙනවා....

    ReplyDelete
  32. දෑන් තමයි මාරයා අයියේ ජන්ජාලෙට ගොඩ වෑදුනේ,ඊයේ හවස කතා වුනා වගේමි බොක්කටම වදින කවිපද ටිකක් අමුනලා තියෙන්නේ,සිරාවටම ලියලා තියන්වා,ජන්ජාලෙම දෑකපු පද හතරක් මතක් වුනා....
    මා ඔබේම විය,
    ඔබ මගේම විය,
    ඔබ අන්සතු විය,
    මට කෙලවිය...........

    ReplyDelete
  33. හරි හරි මට තේරුනා..
    මේ කාන්තාරෙකට වෙලා බියර් බොනහැටි නෙව ..
    (මන දොල සනසවා වියළුනු කතර මැද..)

    ReplyDelete
  34. මූ බීල ලියන කවි වල තේරුම හොයන්න අපිටත් දෙකක් දාගන්න වෙනව.

    ReplyDelete
  35. අදත් කට්ටිය පද පෙරළි හොයනවද..? :D

    ReplyDelete
  36. " අනියම් නිසා නුඹ මට හිමි නැතිවේද.."

    මෙන්න මේ පදෙන් තමයි මට මුකුත්ම හිතා ගන්න බැරි...මාරයෝ.

    ReplyDelete
  37. අදත් අහන්නේ ඊයේ අහපු ප්‍රශ්නෙමයි....?

    ReplyDelete
  38. කමෙන්ට් එක ලියලා ගොඩක් වෙලා දාගන්න බැරි උනා. අද හරි බිසි.
    මල්ලි උබ නම් මාරයම තමයි. අපිව "මාර" වටයක්නේ දැන් දවස් දෙකක් තිස්සේ යවන්නේ.

    ReplyDelete
  39. මෙන්න මෙයා බොනවලු.ඉකේයියා...

    ReplyDelete
  40. මාරයයගේ heading එක දැක්කම මයෙ ඇඟ ගැහෙන්න ගත්ත
    අනිත් පද දෙක මතක් වෙලා.අද ඉතින් අහිංසක ගෑනු අපි තමයි
    අද බයිට් එක කියලා..

    ඔයින් ගියා මදෑ..

    ReplyDelete
  41. හ්ම්ම් දැන් මදෑ නේද බලං උන්නා..ප්‍රතිචාර දැක්වූ හැමෝටම බොහෝම ස්තූතියි...
    ඊයේ අර "සරමේ" කවි ටික ලිව්ව වෙලාවේ කට්ටිය ඒකට බෝතලයක් ඇදලා ගත්තා නෙව..ඊට පස්සේ මං හිතුවේ මං මොනවා ලිව්වත් යාළුවෝ ටික නවතින්නේම බෝතලේ ගාව කියලා තමයි.ඒ පාර තමා රෑ දෙකක් ඇනගෙන තව එකක් ලියන්න ඕන කියලා හිතුවේ..ඒත් ඔය "දෙකක් ඇනගෙන" කියන වචනේ සිහියට එද්දිම මට ආව අනිත් අදහසට තමයි මං කවිය ලිව්වේ...

    බස් පැද පැද මුණු පොතෙත් චැට් කර කරම ඔය ටික අමුණන්න ඒ හැටි වෙලාවක් ගියේ නැහැ ඒ ඉතිං එක විදියකින් මං දෙකක් ඇනගෙන හිටිය හින්දාම තමා.

    ඇත්තටම මට ඕන උනේ බෝතලේ පැත්තට කට්ටිය යවන ගමන් අනියම් ඇසුරක ඇති ආශාව තණ්හාව ඒ තුලත් සැගවී ඇති ආදරය වගේම ඒ තුළින් උපදින වේදනවාත් මතු කරලා දක්වන්න...

    ඒ කියන්නේ මේ ලියලා තියෙන්නේ කෙලින්ම කුණු හරප ටිකක් කියලා හිතුවත් වැරදි නැහැ..ඒත් ඒ තමුන් හිතන විදිය අනුව තමයි.

    විශේෂයෙන්ම මාතෘකාවත්
    "නුඹ හිමි නැති දිනේ මා තනි නොවේ අද.."
    කියන පදයත්
    "අනියම් නිසා නුඹ මට හිමි නැතිවේද.." පදයත් සැලකිල්ලෙන් බලන්න පුළුවන් උනානං නියම මාර්ගය පැහැදිලි වෙන්න තිබුණා...

    අර නලිනි තිව්වා වගේ ඔය "හිමි" කියන පදය හයිලයිට් කරලා දාන්නත් ගිහිල්ලා මම නිකං හිටියා එහෙම උනොත් හිතන්න දෙයක් නැති වෙයි කියලා හිතුන නිසාම..ඒත් සතුටුයි නලිනිට එතන අහු උන එක ගැන...

    හා දැන් අන්තිමට...මෙහෙම වෙලාවට හැමෝම අහන එකම ප්‍රශ්නය.. "ඇත්ත කියහං මේ උඹගේ අත්දැකීමක් නේද කිව්වේ..?"

    එහෙම අහන්නනං ලෑස්ති වෙන්න එපා... මොකද ඒකට උත්තර දෙන එක සංකීර්ණ කාරණාවක්.

    ReplyDelete
  42. මේක කියවපු හැටියේ මට මතක උනේ. මම කාලෙකට කලින් ලියපු නිසදැසක මුල් පද පේලි දෙක.

    අනුන්ගේ වත්තක පිපි.. අනුන්ගේ දෑතින් නෙලාගත්..
    මට අහිමි මල නුබ....
    සිබින්නට ඉඩ දෙන්න.. සිතම සිත රැක..
    අසම්මත උවත් අප පෙම....

    ReplyDelete
  43. 1. කරන කලට පව් මිහිරිය මී සේ

    2. කොතන වුනත් නැත මරුහට බාදා

    3. කෙලෙසද හෙට මරු නේති සිතන්නේ?

    ReplyDelete
  44. ම් ..ඒකත් එහෙමද
    "අනියම් පෙම"

    ReplyDelete
  45. කොහොම උනත් කවිය නම් මරු අප්පා....

    ReplyDelete
  46. මේ මොකද මේ වෙන්නේ... හැබැයි පද ටිකනම් ලස්සනට ගලපල තියෙනවා....

    ReplyDelete
  47. ලොවෙත් නෑ මාරෙ අයියා... කීප පාරක්ම කියෙව්වා හරියටම තේරෙන්න...:D :D :D

    ReplyDelete
  48. කවුරු හරි දීපු එකක් කන එකට වෑඩියෙ හොරෙන් කන එක රසයිනේ!

    ReplyDelete
  49. මරු මරු අයියා.මාත් (අ)නියම ගැන ලියපු නිසදැසක් තියනවා..
    www.sabithl.blogspot.com ගිහින් බලන්න...මාත් අලුත්...කට්ටියත් එක්ක එකතු වෙලා සප් එකක් දෙන්න...ජයවෙවා....!

    ReplyDelete
  50. @මාරයාගේ හෝරාව

    "විශේෂයෙන්ම මාතෘකාවත්
    "නුඹ හිමි නැති දිනේ මා තනි නොවේ අද.."
    කියන පදයත්
    "අනියම් නිසා නුඹ මට හිමි නැතිවේද.." පදයත් සැලකිල්ලෙන් බලන්න පුළුවන් උනානං නියම මාර්ගය පැහැදිලි වෙන්න තිබුණා..."

    ෂිහ් ඔය උත්තරේ ඔය විදියටම මගේ බිරින්දෑ කිව්වනේ ......
    ඒත් මම ඇහුවා, පිස්සුද ඔය කියන්නෙ බෝතලේ ගැන කියලා ..

    ReplyDelete
  51. හහ් හහ් හා..කල්හාර ලොක්කා ඔබගේ බිරින්දෑට මාගේ ශීර්ෂ ප්‍රණාමය පල කල බව පවසනු මැනව...

    අන්න නියම සිහි කල්පනාව...

    ReplyDelete