හුග දවසක ඉඳන් කරන්න කියලා හිතං ඉන්න වැඩක් තියෙනවා..ඒ තමයි අපේ අනිත් බ්ලොග් සගයන්ට තල්ලුවක් දෙන්න ඕන කියන එක...
ඇත්තටම දැන්නං ඉස්සරට වඩා සිංහල බ්ලොග් සෑහෙන ප්‍රමානයක් අපිට දකින්න තියෙනවා..ඉතින් ඒක එහෙමම වෙන්න එපැයි..ඒකට සමානව අද වෙනකොට සිංහල බ්ලොග් වෙනුවෙන් බිහි උන සින්ඩිකේටරුත් සෑහෙන ප්‍රමානයක් තියේ..
මම බ්ලොග් එක පටන් ගන්නකොට තිබුනේ මම දන්න සින්ඩි දෙකයි..එකක්
අනික කොත්තු නමින් හදුන්වන සින්ඩිය..හැබැයි ඉතිං අදටත් මම ඔය කොත්තුවේ නැහැ..මොකද මට ඒකට මගේ බ්ලොග් එක දාගන්න ඒ දවස්වල තෙරුනේ නැහැ..ඉතිං දගලලා දගලලා අන්තිමට මම ඒක අත ඇරලා දැම්මා. ඒත් සිංහල බ්ලොග් කියවනයේ මම යාන්තං එල්ලුනා...
එහෙම කාලයක් යනකොට තමයි ලාංකීය සිතිවිලි සින්ඩිකේටරය බිහි උනේ..මම ඒකෙත් එල්ලුනා...
ඊට පස්සේ හත් මාළුව වගේ සින්ඩිත් අඹ ගහයට වගේ බ්ලොග් ආකාරයේ කියවනයනුත් ආවා..අද වෙනකොටනං මං හිතන විදියට සින්ඩි කේටර් දහයක් ඉක්මවලා තියෙනවා අපි වෙනුවෙන්..ඒත් මං ඕවා හුගක ලියා පදිංචි වෙලා නැහැ..ඒත් හුගාක් සින්ඩිවල අය හොයලා බලලා මගේ එකත් ඒවායේ ඇතුලට අරං තියෙනවා..ඒක හොඳ දෙයක්...
මම ඔය ටික කිව්වේ මං බ්ලොග් එක පටන් ගත්ත කාලේ අපිට බ්ලොග් එක මිනිසුන් අතරට ගෙනියන්න තිබුන ප්‍රධාන මාර්ග ගැන කියන්නයි.
ඊට අමතරව තිබුන මාර්ගයක් තමා අනිත් අයගේ බ්ලොග්වල කොමෙන්ට් කිරීම..හැබැයි ඒක මට මුල දවස්වලදී තේරුනේ නැහැ..ඒත් කාලයක් යනකොට මට තේරුනා මේ අය මාව හොයාගෙන තිබුනේ මම අනිත් අයගේ බ්ලොග් වල දාපු කමෙන්ට් හරහා තමා කියලා...
කොහොම උනත් අපි හැමෝම කැමතියි අපි ලියන දෙයක් අනිත් අය කියවනවා දකින්න..ඒකනේ මේ හිට් කවුන්ටර් හයි කරගෙන දගලන්නේ...
ඒ වගේමයි කොමෙන්ට් කිරීමත් හොඳ උත්තේජනයක්..හැබැයි මුලින්ම මම ඇත්තම කාරණාවක් කියන්නං..මට මුල්ම දවස්වල එහෙම දෙයක් ඔළුවේ තිබුනේ නැහැ..ඒ වෙන දෙයක් නිසා නෙවෙයි මං ඒ දවස්වල හිටියේ පිස්සෙක් ගානට වැටිලා වීම නිසයි. ආදරයක් හින්දා ජීවිතේම අල්ලලා දාලා ඔහේ හිටිය කාලයක් ඒක..මට කතා කරන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඉන්න අයත් එක්කත් මට මගේ හිතේ පුපුරු ගහන දේවල් එළියට දාලා කතා කරන්න පුළුවන් තරං අය හිටියේ නැහැ..ඉතිං ඇත්තටම මට මේක හොද තැනක් උනා මගේ විකාර කියවන්න.
ඒත් ටික දවසක් යනකොට එක්කෙනා දෙන්නා මෙතනට එකතු වෙනවා මං දැක්කා..මම බලාගෙන හිටියා ඒ දිහා..ඒත් එක්කම මම හුරු උනා ඒ එන අයත් එක්ක මගේ අත්දැකීම් බෙදා ගන්න..
ඒ වගේම දන්න අය දන්නවා ඒ දවස්වල මම වැඩි හරියක් වෙලාවට හිටියේ බීගත්ත ගමන්..කන පැලෙන්නම නෙවෙයි..ඒත් නිතරම මත්වීම මගේ ඇගේ තියාගෙනයි මම හිටියේ..ලිමිට් එක අඩු වෙනකොට ආයෙමත් බොනවා..ගානකට ඉන්න පුළුවන් කියලා තේරෙනකොට ඒ මත් වීමත් එක්ක මම ලියන්න පටන් ගන්නවා.ඇත්තටම ඒක මගේ ලිවීමට හුගාක් උදව් උන කාරණාවක් අද වෙනකොට මම කවි ලියනවා අඩුයි කියලා සමහර විට ඔයාලට තේරෙනවා ඇති..ඒකට හේතුව බොන එක නැවැත්වීමම තමයි...
ඉතිං මම කියන්න ආවේ ඒක නෙවෙයි..ඔහොම කාලයක් යනකොට මම ලියන්නේ හිතේ දුකට..කාන්සියට විතරක් නෙවෙයි කියවන අය වෙනුවෙනුත් බව මට ටික ටික තේරුනා.ඉතිං මං ලිව්වා..දිගටම ලිව්වා...එක දිගටම ලිව්වා..මං ලියන්න ලියන්න ඒවා කියවන අයත් එන්න එන්නම වැඩි උනා...කමෙන්ට් වැඩි උනා...ෆලොවර්ස්ලා වැඩි උනා...හිට්ස් වැඩි උනා...
ඇත්තටම අද වෙන කොට මං තෘප්තිමත්... හෙට මං මලත් මං මට අයිති තැනක් හොයා ගත්තා කියලා මට තේරෙනවා..අදින් පස්සේ එකම ලිපියක්වත් නොලිව්වත් මං මේ ලියපු ටිකත් ඇති..ඒ වගේම බ්ලොගර්ස්ලා පිස්සුවක් නොකෙලියහොත් මේ ලිපි ටික සෑහෙන කාලයක් මේ බ්ලොග් අවකාශයේ තියේවී..අළුත් අයත් කවදා හරි මේවා බලාවී..ඒ අයටත් පොඩි හරි තල්ලුවක් ලැබෙයි බ්ලොග් එකක් ලියන්න ඕන කියලා..
කවදා හරි දවසක සිංහල බ්ලොග් අවකාශය දැනට තියෙන අනිකුත් මාධ්‍ය වලට වඩා ඉදිරියට ඇවිත් මුල් තැන ලබන දවසක් තියෙනවා..ආන්න එදාට මේකේ මුල්ම සාමාජිකයෝ නොවුනත් මැද්දෙන් ඇවිල්ලා හරි මොනවා හරි මතක සටහනක් තියලා යන්න පුළුවන් උන කෙනෙක් හැටියට මටත් සතුටු වෙන්න පුළුවන් දවසක් එයි..ඇත්තටම අවසානෙට අපිට ඉතිරි වෙන්නේ අන්න ඒ හිතේ සතුට විතරයි...
ඒ සතුටට හේතුව මං ලියපු දේවල්වල වගේම බ්ලොග් එකේ ෆලොවර්ස්ලා අතෙත් කමෙන්ට් අතරෙත් තියෙනවා...හිටිස් වලත් ඒ සතුට තැවරිලා තියෙනවා...මුකුත්ම නැතිවට වඩා ඒක හොඳයි කියලා මට හිතෙනවා...
ඇත්තටම මේ ගානකට බ්ලොග් එකක් කරගෙන එන එක ලේසි නැහැ...අර මං මුලින් කිව්වා වගේ එක්කෙනා එක්කෙනා එකතු වෙලා කියවන්නන් කමෙන්ට් කරන්නන් වැඩි කරගෙන මේ ගමන එන්නත් සෑහෙන කාලයක් යනවා. විශේෂයෙන්ම ලංකාව වගේ පුංචි රටක..ලොකේ වෙන තැනක භාවිතා වෙන්නේ නැති භාෂාවක් උපයෝගී කරගෙන බ්ලොග් එකක් කරද්දී අපිට ලොකු වටපිටාවක් නැහැ බ්ලොග් එක ප්‍රචලිත කරවන්න..සින්ඩි..හරහා කමෙන්ට් කරපු ලින්ක් හරහා..මුල් කාලයේදී ප්‍රචාරය වෙලා..දැන්නං මූනු පොත..ටුවිටරේ..වගේම ගූගල් බස් හරහාත් ඒ ප්‍රචාරය ලබා ගන්න පුළුවන් කම තියෙනවා..
මෙතනදී බස් එක හරි වැදගත්..මේ ලගකදී බස් කරුවන් අතර සාකච්ඡා කෙරුනු කාරණාවක් උනේ..අද වෙනකොට බ්ලොග් එකක් ඉස්සරට වඩා කියවන්නන් අතරට ගෙනියන්න පහසුයි කියන එක..ඇත්තටම අද බ්ලොග් එකක් හදාගෙන ඒක බස් එකකට ගෙනාවනං පැයක් ඇතුලතදී කමෙන්ට් විස්සයි ෆලෝවර්ස්ලා විස්සයි හදා දෙන්න තරං අපේ බස් සංගමේ කාරුණිකයි...
ඒ වගේ ආව බ්ලොග් කිහිපයක්ම පහුගිය දවස්වල කල එළි බැස්සා...ඒක ඒ අයට හොඳ තල්ලුවක්..හැබැයි ඒ වගේම ඒකේ ලොකු අභියෝගයකුත් තියෙනවා..ඒ තමයි අපි පටන් ගත්ත දවස්වල අපිට කමෙන්ට් වැටුනේ ෆලෝවර්ස්ලා එකතු උනේ බොහෝම හිමින් නිසා අපි බොහෝම ඉවසීමෙන් ඒ දේ බාර ගන්න පුරුදු උනා..ඒ වගේම එන්න එන්න වැඩි උනා මිසක් අඩු වීමක් කඩා වැටීමක් උනේ නැහැ..
ඒත් අර වගේ මුලින් එන දවසින් කමෙන්ට් බර ගානක් ලැබිලා ෆලොවර්ස්ලා සැලකිය යුතු පිරිසක් එකතු උන අයට ඊට වඩා අභියෝගයක් තියෙනවා..ඒ තමයි මුලින් ලද තල්ලුව එක දිගටම ලබා ගැනීම සම්බන්ධව...
අද කොමෙන්ට් විස්සක් ලැබෙන කෙනොට හෙට කමෙන්ට් දහයකට බැහැලා අනිද්දට පහකට බහින්නත් පුවවන් ඒ ක්‍රමයට අනුව..ඒ තත්වෙන් මිදෙන්නනං ඒ අය තමන්ගේ උපරිමය යොදාගෙන ලියන්න ඕන..එහෙම නැතිව මුල් දවසේ ලැබුන දේ නැතිව යද්දී ටිකක් කලකිරෙන්න ඉඩ තියෙනවා...
ඒත් හොඳට ලියන කෙනෙකුට එහෙම වෙන්නේ නැහැ.එයාලට පුළුවන් කියවන්නන්ගේ අවධානය හැමදාම තමා වෙත රඳවාගන්න...
අනිත් කාරනාව තමයි කියවන්නන්ගේ අරමුණු විවිධයි..රුචිකත්වය විවිධයි...කියවන්න තියෙන කාල වේලාවේ අඩු වැඩිකම් තියෙනවා..ඒ හින්දා කොහොම උනත් අන්තිමට ඉතිරි වෙන්නේ අපේ රටාවට කැමති අය විතරයි..අනිත් අය අපේ පැත්තට එනවා අඩු වෙනවා..ඒක වලක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි.
ඒත් කාලයක් යනකොට තමාටම ආවේණික රටාවකට ලියන අයට ඒ රටාවට හිත ගිය කියවන්නන් සමාජයක් බිහි කරගන්න පුළුවන්...ඒ අය බොහෝ දුරට ස්ථාවරයි...එතකොට තමන්ට හිතේ විශ්වාසයෙන් මෙන්ම සතුටින් ලියන්න පුළුවන් පරිසරයක් සකස් වෙනවා..එහෙම ලියනකොට අළුත් අළුත් දේවල් උනත් වරින් වර කරලා බලන්න අත්හදා බැළීම් වලට උනත් ඉඩක් එනවා...
මං ඔය කිව්වේ අද වෙනකොට බ්ලොග් ලියන අයට තියෙන සුවිශේෂී තත්වයන් සහ වාසි අවාසි ගැන බොහෝම කෙටියෙන්..ඒත් අද වෙනකොටත් අර ඉස්සර අපි පටන් ගත්ත දවස්වල වගේ සද්ද නැතිව ගමනක් යන බ්ලොග් අනන්තවත් තියෙනවා...ඉතිං ඒහෙම එකක් දැක්කම එතනට ගිහිල්ලා ලිපියක් කියවලා කමෙන්ට් එකක් දාලා ඒ බ්ලොග් එක ෆලෝ කරන්න පටන් ගන්න එක මං වගේම හුගාක් අයගේ පුරුද්දක්..ඔය හොද පුරුද්ද අපිට කියා දුන්නේ දුකා..සහ බිගුවා...අද ඊයේම නැති චුට්ටක් හරි පරන බ්ලොග් එකක් අරං බැළුවහම ඒවායේ මුලින්ම ෆලෝවර්ස්ලා අතර වගේම කමෙන්ට් කරපු අය අතර ඔය මං කිව්ව ඩබල ඉන්නවාම තමා.
බිගුවනං දැන් ටිකක් දකින්න අඩු උනත් මං හිතන්නේ දුකානං තාමත් එහෙමම තමා.ඇත්තටම දුකයි බිගුවයි ඒ කාලේ ඒ කරපු දේ ලොකු සේවයක්..ඒ හරහා හුගාක් ලියන්නන්ට ලොකු තල්ලුවක් ලැබුන බවත් කියන්න ඕන...
ඒත් එක්කම මතක තියාගන්න අකමැත්තෙන් උනත් මේකත් කියන්න ඕන..දුකාලා බිගුවලා එහෙම කරද්දී..තවත් අය ඉන්නවා අළුත් කෙනෙක් ආවම ගිහින් ඒ අයව වට්ටන්න උත්සහ කරන..ඒක වෙන්නේ ඒ අය ටිකක් ගානකට ලියාගෙන එද්දී... නමක් හදාගනිද්දී වගේ තමා...එහෙම නැතිව මුලින්මනං නෙවෙයි.
ඒ මට්ටමට ආවා කියන්නේ ලියන කෙනා තේරුං ගන්න ඕන දැන් මම ගානකට ඇවිත් තියෙනවා කියන දේ...
ඒ අතරේ තවත් අහන්න ලැබෙන දෙයක් තමා.. තමන් විසින්ම කමෙන්ට් දාගන්න එක..ඒ තමන් දාගන්න කමෙන්ට් වලින් කරන්නේ බොහෝ විටම බ්ලොග් එකේ අවුලක් හදන එක..ඒ කිව්වේ කුණුහරප වලින් පුරවන එක..එතකොව ඒ වගේ බ්ලොග් වලටත් කෙටිකාලීනව හරි කට්ටිය ඇදෙනවා මොකද මෙතන වෙන්නේ කියලා බලන්න...ඒත් ඒ ප්‍රසිද්ධිය තාවකාලිකයි.
තවත් කට්ටියක් ඉන්නවා ටිකක් ප්‍රසිද්ධ බ්ලොග් වලට ගිහින් එකම කමෙන්ට් එක දාන ගමන් තමන්ගේ බ්ලොග් එකේ ලින්ක් එක ඒ කමෙන්ට් එකේ දානවා..ඇත්තටම ඒකත් එක විදියක හොද උත්සහයක් උනත් ඊට වඩා හොදා ලින්ක් දැමිල්ල පැත්තකින් තියලා ඒ ලිපියට අදාලව හොද කමෙන්ට් එකක් දැමීම..මොකද කමෙන්ට් එක කියවන අය ඒ කමෙන්ට් එක හොදයිනං ඒක ලියපු කෙනාව අනිවාර්යයෙන්ම හොයාගෙන එනවා. එහෙම නැතිව ලින්ක් එක දැම්ම පලියටනං හොයාගෙන එනවා හුගාක් අඩුයි. පෞද්ගලිකව මං උනත් එහෙම අමු අමුවේම ලින්ක් එක දාලා යන අයගේ බ්ලොග් වලට ගිහින් කමෙන්ට් දානවා අඩුයි..මොකද ඒක නරක පුරුද්දකට යන්න අපිත් සම්මාදන් වීමක් බවට පත් වෙන නිසා..එහෙම කලොත් හෙට අනිද්දා වෙනකොට අපේ හැමොගෙම බ්ලොග්වල අළුත් බ්ලොග්වල ලින්ක් විතරක් තියේවි..ඒකට කවුරුවත් සතුටු වෙයි කියලානං හිතන්න අමාරුයි.
කවුද කැමති තමන්ගේ බ්ලොග් එක දැන්වීම් පිටුවක් කරන්න..?ඇත්තම කිව්වොත් මමත් කැමති නැහැ.මං එහෙම ලින්ක් දාපු කිහිප දෙනෙකුටම ඒ බව කියලාත් තියෙනවා..ඒ වගේම කියන දේ නාහන කීප දෙනෙක් එහෙම දාපු ලින්ක් මකලත් තියෙනවා...
ඒක ටිකක් දැඩි තීරණයක් උනත් මගේ අවබෝධයේ හැටියට ඒක අනාගතය වෙනුවෙන් ගත්ත හොද තීරණයක් කියලා මං හිතනවා.බ්ලොග් එකක් කරන කෙනෙකුට හොද ඉවසීමක් තියෙන්න ඕන..ඒ වගේම අනිත් අයගේ මත ඉවසන්න ටිකක් හරි පුළුවන් වෙන්නත් ඕන..ඒත් ඒවාට විරුද්ධයිනං ඒ වෙනුවෙන් බය නැතිව කතා කරන්න පුළුවන් වෙන්නත් ඕන...
හරි මං මේ ටික ලියාගෙන ආවේ අද ඉඳලා ඉස්සරහට පුළු පුළුවන් විදියට කරන්න හිතාගෙන ඉන්න වැඩක් ගැන කියන්නයි..ඒ තමයි අළුත් බ්ලොග් වගේම පරණ බ්ලොග් ගැනත් යම් ප්‍රසිද්ධියක් දෙන්න.ගොඩාක් නැති උනත් මේ වෙන කොට මගේ බ්ලොග් එක කියවන අයත් සැලකිය යුතු පිරිසක් ඉන්නවා. අඩුම ගානේ ඒ අය අතරටවත් මං කියවන බ්ලොග් ගෙනියන්නයි මං හිතන් ඉන්නේ.
වතාවක් මෙහෙම තල්ලුවක් ටැබූ විසින් දුන්නා අපිට ඔයාලා හුග දෙනෙකුට මතක ඇති..ටැබූට තරං අපිට කියවන්නන් නැති උනාට දෙයක් කරන්න ඔය ඉන්න ටිකත් මදෑ..දැන් සාමාන්‍යයෙන් මං අළුත් ලිපියක් දාපුවාම පැය විසි හතරක් ඇතුලත ඒක පන්සීය දෙනෙක් වගේ පිරිසක් කියවනවා...මාසයක් යනකොට ඒක හත්සියක පිරිසක් අතරට යනවා...ඉතිං මට ඒ ඇති..මං මේකේ දාන බ්ලොග් හුග දෙනෙකුට අළුත් නැති උනත් එක්කෙනෙක් හරි අළුතින් ඒ බ්ලොග් එක දැක්කනං මට ඒත් මදෑ...
අනේ තව එකක් කියන්න ඕන..මෙතනදී මම දාන්නනේ මම කියවන සහ කියවපු බ්ලොග් විතරයි..මට මග ඇරුන බ්ලොග් හුගාක් ඇති...එතනිනුත් මට සුවිශේෂී කියලා හිතෙන බ්ලොග් තමා වැඩි පුර දැමෙන්නේ.
මේකත් හරියට දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්... එක්කෙනෙක් හරි තරහා වෙන්නත් ඉඩ තියේ..ඒත් හොඳ වැඩක් වෙනුවෙන් පොඩි අවධානමක් ගන්න එක නරක වැඩක් නෙවී කියලා හිතෙන හින්දා එන්න මං ඔන මගුලක් කියලා මේකටත් අත ගහනවා.
..................................
අද මුලින්ම මේ හදුන්වලා දෙන්න යන බ්ලොග් එක අද උදේම අපේ අභීත විසින් අපිට මතක් කල එකක්.(ස්තූතියි අභියා උඹට) මාත් ටික දවසක ඉදලා කියවන බ්ලොග් එකක් ඒත් මට අද අභිත මතක් කලාම තමා හිතුනේ මේකෙන් තමා මම පටන් ගන්න ඕන කියලා..ඒ තරම්ම සුවිශේෂී බ්ලොග් එකක් මේක...අළුත් බ්ලොග් එකක් කරන්න හිතන කෙනෙකුට ගන්න සෑහෙන දේවල් තියෙනවා මේ බ්ලොග් එක ඇතුලේ..මම තාම මේක ලියන කෙනාව ඒ තරං දැන අදුරන්නේ නැහැ..ඒත් ඒක බාධාවක් නෙවෙයි මේ හදුන්වා දීමට..තේරෙන හැටියටනං දොස්තර නෝනා කෙනෙක් වගෙයි...
හරි අපූරු භාෂා රටාවක් වගේම කට වහරක් උපයෝගී කරගන්නවා ලිවීම සඳහා..සරලයි..ඒත් හිතන්න දේවල් බොහෝමයි... ඇත්තටම කිව්වොත් ම හම්බ උන කාන්තා බ්ලොග් ලියන්නියන් අතර හොඳම ලියන්නිය කියලා උනත් කියන්න පුළුවන්... (ඔන්න මං බර ගාණක් එක වාක්කියෙන් තරහා කරගත්තා) ඒ තරං අපූරු ලියමනක් තියෙන බ්ලොග් එකක්..මං වැඩිය කියන්න ඕන නැහැ ඔයාලම ගිහින් බලන්න...
...................................
ආ තව එකක්..අද මේකට කවුරු හරි කමෙන්ට් එකක් දානවනං..කරුනාකරලා තමන්ගේ බ්ලොග් එකේ නමයි ලිපිනයයි එක්කම දානවනං හොදා..මොකද අද දැන්වීම් සඳහා විවෘතයි...එහෙම දැන්වීම් දාන්න ඕන නැහැ කියලා හිතලා නොදා ඉන්න එපා..මොකද එහෙම කලහම තව කෙනෙකුට තමන්ගේ එක දාන්න නිකං චකිතයක් වගේ ඇති වෙන්න පුළුවන්..ඒ හින්දා ලොකු පුංචි කවුරු උනත් කමක් නැහැ ලින්ක් එක දාන්න..එතකොට මටත් අත ඇරුන ඒවා තියෙනං කියවලා බලලා හොදයිනං ඊ ලග ලිපියකින් දාන්න බැරියෑ ඒ ගැනත්...
මම නම් ඉතින් වැඩියෙන්ම බුකි බස් වලින් තමයි කියවන්නේ
ReplyDeletehttp://blog-ishara.blogspot.com
"අපි පටන් ගත්ත දවස්වල අපිට කමෙන්ට් වැටුනේ ෆලෝවර්ස්ලා එකතු උනේ බොහෝම හිමින් නිසා අපි බොහෝම ඉවසීමෙන් ඒ දේ බාර ගන්න පුරුදු උනා."
ReplyDeleteමේකනම් සම්පූර්ණ ඇත්ත. අදටත් මගේ ලිපියකට හම්බ වෙන්න සාමාන්‍යයෙන් 10ක් 15ක් වගේ කොමෙන්ට් ප්‍රමාණයක්. ඒත් මම දන්නවා 500ක් 600ක් දෙනා ඇවිල්ලා කියවල යන විත්තිය.
බ්ලොග් අවකාශයේ තුන්වන වසර කරා පිය නඟන මකර අධිරාජයා
http://status-chanaka.blogspot.com/
1.හොඳ ලිපියක්
ReplyDelete2.හරි වැදගත්
3.ස්තූතියි
අපිවගේ අළුතින් බ්ලොග් පටන් ගත්ත අයට බොහෝම වැදගත් ලිපියක් මාරයියා. ආයේ කියන්න වචන නෑ. නියමයි. අපි ඔක්කොමල්ලා එකතු වෙලා මේ සිංහල බ්ලොග් අවකාශයට හොද දෙයක් දෙන්න ඕනා. මේක නියම කලාවක්. වල් වදින්න දෙන්න හොද නෑ. මගේ බ්ලොගේ තාම ඉතිං
ReplyDeleteමගේ සෙවනැල්ල
http://www.shaminda.info/
හොද පෝස්ට් එකක් මාරය අයියා...
ReplyDeleteමම දන්නෑ ඇයි කියලනං ඒත් අද මට මාරය අයියගෙ කතා විලාශේ මොකක් හරි වෙනසක් තේරෙනව ඒත් ඒ වෙනස මොකක්ද කියලනං හිතාගන්න අමාරුයි...
ඒකට අවුලක් නෑ කතා විලාසෙ කොහොම වුනත් මාරය මාරයමනේ.... ඔන්න මගේ බ්ලොග් ලිපිනෙ....
http://anything4every1.blogspot.com/
මම ලින්ක් දාන්න ඕනෙ නැහැනේද බං? මොනා උනත් හොඳ වැඩක්. මමත් වෙලාක මේ වැඩේ කරන්න ඕනෙ
ReplyDeleteතව දෙයක්. අද තියෙන බ්ලොග් වලට වඩා හොඳ බ්ලොග් ඉස්සරහට බිහි වේවි. පළවෙනි බ්ලොග් සම්මාන උළෙලෙදි හොඳම බ්ලොග් අඩවි ලෙස තේරිච්ච ඒවා සහ දෙවෙනි සම්මාන උළෙලේදී හොඳම බ්ලොග් ලෙස තේරිච්ච ඒවා සන්සන්දනය කරල බලන්න. මට මතක විදිහට පළවෙනි සම්මාන උළෙල කාලෙ එක්කෝ මාරයා හිටියෙ නෑ. හිටියනම් වැඩිය ප්‍රසිද්ධ නෑ
ReplyDeleteබ්ලොග් අවකාශයේ තුන්වන වසර කරා පිය නඟන මකර අධිරාජයා (2008 සිට 2011)
http://status-chanaka.blogspot.com/
This comment has been removed by the author.
ReplyDelete@ කිඩෝ
ReplyDeleteමාරයාගේ කතා විලාශයේ වෙනසට හේතුව මෙන්න
http://status-chanaka.blogspot.com/2011/05/blog-post_9854.html
මෙන්න මම
ReplyDeletehttp://nidhahasa.wordpress.com/
මම බැලුවේ මගේ නමත් කොහේහරි තියෙවි කියලා... නලිනි මට මොනා හරි තෑග්ගක්වත් එයිද දන්නේ නෑ මේ දුන්න තල්ලුවට..... :D
ReplyDeleteමෙන්න මගේ බ්ලොග්
http://tikakhinawenna.blogspot.com/
http://narabamusrilanka.blogspot.com/
http://explorelankainternational.blogspot.com/
ලිපිය කියවද්දී පරණ කතන්දර රාශියක්ම ඔලුවට මතක් වෙලා ආව බ්ලොග් අවකාශයේ සිද්ධ වෙච්චි.
ReplyDeleteසිංහල බ්ලොග් අවකාශයට ලොකූ ඉතිහාසයක් නැතත් ඒ පුංචි කාලයේදී පොතක් ලියන්න තරම් සිද්ධීන් සිද්ධ වෙලාතියනවා.
කොටින්ම එක එක කාල පරිච්ඡේද වලට පවා වෙන්කරන්න පුලුවන්.
මාරයියා අන්තිමට දාපු බ්ලොග් එක මම අද උදේම අහම්බෙන් දැකලා ඔක්කෝම කියෙව්වා.
http://www.tirthayathrava.blogspot.com/
(ඇඩ් එකකුත් දාන්න කියලා තියන එකේ අතහරින්න හොඳ නෑ :D)
ඇත්ත සිත් ආර හොඳ බ්ලොගයක් මේ වැඩෙත් හොඳයි අපෙ ප්‍රසිද්ද බ්ලොග් කරන අය කරනවා නම්.
ReplyDeleteමෙන්න මගේ බ්ලොගේ එක්කො ඕන නැහැ:D
ඔන්න ඉතිං අසේලයයි නිශ් ලොක්කයි වළව්වේ හාමුලා වෙන්ට හදනවා..දාපියව් කිව්වේ හොද හිතින් ලින්ක් දෙක..:D
ReplyDeleteනියමයි මාරයියේ..මමනම් මේ බ්ලොග් කෙරුවාවට අලුත්..දිලීප කිව්වහම දන්නේ නැතුව ඇති..:)
ReplyDeletehttp://dileepas.blogspot.com/
හිටු මම දාන්න, මෙන්න කුජීත කතා බලනව නම්
ReplyDeletehttp://r4ng4.blogspot.com/
මෙන්න මල් මිටක් ....
ReplyDeleteමාත් දැන් ඔය වැඩේ කරනවා හැබැයි බ්ලොග් වලට නෙමෙයි ... ලිපි වලට ..මං ලියන ලිපියට අදාලව හරි ඒ ...ඒ කාල සීමාව තුලදි මං දැක්ක හොඳම ලිපි වලට හරි බැඳියක් දෙන්න අමතක කරන්නේ නැහැ....
මෙන්න වැප්
මෙන්න මෙලෝ රහක් නැති බ්ලොගයක් බලනව නම්
ReplyDeletehttp://www.dilhannish.blogspot.com/
උඹලටත් ආදරෙයෙන්ම අමතන්න ඕන ලින්ක් එක දාන්න නේද..?
ReplyDeleteඇත්තටම හොඳ වැඩක් මාරයියේ.
ReplyDeletelakmisher.blogspot.com
නියමයි අයියා...!
ReplyDeleteහසිගේ සිතිවිලි
මාරයා අයියා අද අදුන්වලා දීපු බ්ලොග් එක ඇත්තටම හොදයි!
ReplyDeleteඔන්න මගේ බ්ලොග් එකට යන ඇඩ්‍රස් එක.....
http://annanmannan.blogspot.com/
එළකිරි පොස්ට් එක.. අපි වගේ අලුත් අයට හොඳ චාන්ස් එක.. තැන්කිවු කිවුවා....
ReplyDeletehttp://www.magetheeruwa.com/
ඔන්න ඇඩ් දාන්න චාන්ස් එකක් :P
ReplyDeletehttp://dayariya.dcreation.info/
දීලා තියන ලින්ක් දිගේ ගිහින් තව පොඩ්ඩෙන් මාරයාට කොමෙන්ට් කරන්න බැරි වෙනවා..මුල අමතක නොකිරීම මාරයා ලඟ වුනත් තියන හොඳ ගතියක්.
ReplyDeleteමමත් බ්ලොග් ලියන්න අලුත් ඒ නිසා මේ වැඩේ මාර වටිනව මට මුලින්ම මේ කතන්දරේ කියල දුන්නේ මගේ ලෝකය ලියන රංග. මේ වෙලාවේ එයාවත් මතක් කරන්න ඕන.
ReplyDeleteමම තාම බ්ලොග් වලට අලුත්
මගේ කතා බලනවනම් එන්න මේ පාරෙන්
http://magekatha.blogspot.com/
ඇත්තටම මගේ බ්ලොගේ බලල බ්ලොග් ලියන්න ගත්ත අය කීප දෙනෙක්ම ඉන්නව කියල දැන ගත්තම මට හරි සතුටුයි
ReplyDeleteඔන්න මාරයා බොට එපා වෙන්නම ඇඩ් දානවා.
Comment 1ක් දෙකක් දාලා තිබුන මම බ්ලොග් එකක් පටන් ගත්තත් පබ්ලිෂ් කරන්න මොකක්ද වගේ හිටියේ.එක්කෙනෙක් හරි Comment 1ක් දැම්මොත් දිගටම ලියනවා
ReplyDeleteමාරයාට බොහොම ස්තුතියි!
www.raj1st.blogspot.com
@මාරයා,
ReplyDelete"කවුද කැමති තමන්ගේ බ්ලොග් එක දැන්වීම් පිටුවක් කරන්න..?ඇත්තම කිව්වොත් මමත් කැමති නැහැ."
මාරයා මේ ලියලා තියන දේ මගේ හිතට හොඳට දැනුනා, මම දෙයක් කලා නම් ඒ දේ කලේ හදවතින්මයි, ඒක මගේ හිත දන්නවා, නැතුව කිසිම පබ්ලිසිටියක්වත්, කමෙන්ට් එකක්වත් බලාගෙන නෙමේ. මගෙන් උනේ වැරැද්දක් නම් මට සමාවෙන්න.
ආයිත් ඔය වගේ වැරදි මාරයට හෝ වෙන කිසිම කෙනෙකුට මගේ අතින් සිද්ධ වෙන්න දෙන්නෙ නෑ කියලා මම එක හිතින්ම හිතා ගත්තා.
කොහොම උනත් මේ දාලා තියන පෝස්ට් එක නම් සෑහෙන්න වටිනවා. ඔන්න මගේ ලින්ක් එකත් .....
http://pansalhandiya.blogspot.com/
ඔන්න මාරයියේ මාත් ආවා ඇඩ් එකක් දාන්න.. අද ලොකු වෙනසක් තියනව නං තමයි. මාරයියා හරි පිලිවෙන වෙලා නේ.. හොදයි හොදයි...
ReplyDeleteඅලුතින් ලියන්න ගත්ත අපි වගේ අයට කරන උදවු වලට ඉත්තූතියි....
http://nagaagesithuwili.blogspot.com/
මේක බොහොම වැදගත් වැඩක්,මම බ්ලොග් ලිව්වෙ නැතිවට කියවනව.
ReplyDeleteමාරයට මම මේල් එකක් එව්ව පුද්ගලික වැඩකට,තවම රිප්ලයි නෑ..
මමත් බ්ලොග් ලෝකයට ආවා , ඒ වෙනස්ම මාතෘකාවක් එක්ක ,
ReplyDeleteසිංහල බ්ලොග් කළාවේ ප්‍රමුඛයන් වන ඔබට මගේ ගෞරවය පුදන ගමන්ම මගේ බ්ලොග් එක ගැනත් කියනන්ම් ,
www.nursingschool.tk
මගේ අප්පේ ලොක්ක මාර ගේමකට නේ අත ගහල තියෙන්නෙ. නොමිලේ පබ්ලිසිටි.. හොඳ වැඩක් ගොයියෝ.. මගේ සුභ පැතුම්....
ReplyDeletehttp://maathalan.blogspot.com
මේක දැම්මෙ නැත්තං හිතයි ලොකු මිනිස්සු කියල....
ඉතාම හොද වැඩක්. මා බ්ලොග් කරුවෙක් වීමටද වඩාත් බලපෑවේ ඔබගේ බ්ලොග් අඩවියයි. ඒ අතරම මටද පළමු කමෙන්ටුව ලබාදුන්නේ දුකායි. ඔබ දෙපලට මගේ ප්‍රනාමය. මම කමෙන්ට් ගැන වැඩි තැකීමක් නැති වුනත් කියවන ගනන මට ඉතා වැදගත්ය. කෙසේ වුවත් පුහුදුන් අයෙක් ලෙස මමද කමෙන්ට් වලට කැමති බව ඒ ලැබෙන විට මට තේරුන දෙයක්. මම දැනට මගේ බ්ලොගය කියවන ගන ගැන ඉතාමත් තෘප්තිමත්. ඒ තරම් ගනනක් මා වෙතට පැමිණියේ ඔබ දෙපල වැනි අය නිසයි.
ReplyDeletewww.wedagedara.blogspot.com
බොහෝම කෙටියෙන් ලියලා තියනවා....
ReplyDeleteහොද වැඩක් මාරයියා...දිගටම කරගෙන යන්න....
http://nachepu.blogspot.com/
මාරයියගේ අතීතාවර්ජනය නම් නියමයි.හැමෝම ලියන බ්ලොග් කියවලා වචනයකින්වත් කොමෙන්ට් එකක් නොදැම්මොත් හිතට ගතියක් නෑ.
ReplyDeleteඔන්න මාත් දැම්මා
ReplyDeletehttp://akikaruhitha.blogspot.com/
කියන්න අමතක වුනා ..සිත් ආර බ්ලොග් එක මාරේ අයිය කිව්ව වගේම හරි අපුරුයි
ReplyDeleteඔන්න මාත් ඊයෙ පෙරේද බ්ලොග් කෙරුවාව පටන් ගත්ත. ඔබලාගේ සහයෝගය අවශයයි..
ReplyDeletewww.chaterkolla.blogspot.com
මාරයා තුමාගේ අලුත් වැඩේ ගැන ආඩම්බරයි, ඕං සුබ පැතුම් කිව්වා.
ReplyDeleteඅලුත් බ්ලොග් සහෘදයින්ට අපි අත දෙන්න ඕනේ, ඒක යුතුකමක්. අපිට ලැබුණ සහයෝගය තමා අපිව මොතරම් දුරට අරන් ආවේ.
අර කවි ලිවිල්ල ගැන; කවි නැතුවට කමක් නැහැ ලිපි ලියනවා නොවැ. මං ඉඳ හිට කොමන්ටුවක් ලියන නමුත් මාර තුමාගේ හැම පොස්ට් එකම පමා වෙලා හරි කියවනවා.
හොද ලිපියක් මචෝ.. අලුතෙන් එන එවුන්ට මේ වගේ තල්ලුවක් දෙන එක බොහොම වටින වැඩක්, විශේෂයෙන්ම සිංහල බ්ලොග් අවකාශයෙ ප්‍රවීනයො වෙච්ච උඹලා අතින්..
ReplyDelete@නිශ්,
තොගෙ බ්ලොගේ කුජීතයි නේන්නං බොල.. වෙන මොකවත් නිසා නෙවෙයි, තෝ ලියන්නෙ නැති නිසා.. බලපිය පට්ටාං අරන් කොයිකාලෙද, තවම පෝස්ට් 2යිද කොහෙද තියෙන්නෙ.. ඔය කම්මැලිකම පැත්තකට දාලා ලියපිය.. :)
පලි: අපිනං බ්ලොග් ලියන්නෙ නැතෝ..
සතුටුයි. බලමු
ReplyDelete'ඒ වෙන දෙයක් නිසා නෙවෙයි මං ඒ දවස්වල හිටියේ පිස්සෙක් ගානට වැටිලා වීම නිසයි.'
ReplyDeleteඒ පිස්සුව හින්ද කාටත් කියවන්න පුලුවං බ්ලොග් එකක් ආරම්භ වෙලා තියෙනව.
කොහොම උනත් උඹ අද කරල තියෙන දේනං වැදගත් දෙයක්.
සිත් ආර බ්ලොග් එකත් ලස්සනයි.
අනේ ඉතිං අපිට කොහෙද ඇඩ් දාන්න බ්ලොග් එකක්. :D
ආව්..හොඳ වැඩක්.මෙන්න මගෙනුත් ඇඩ් එකක්.මාත් තාම පොඩී
ReplyDeletehttp://jeevithayewassanayen.blogspot.com/
මාරයා අයියා ඔය බස් පෑදිල්ල ගෑන පොඩ්ඩක් පෑහෑදිලි කොරානම් මට තාම ඔක හරියට සෙට් වුන් නෑ නේ.....
ReplyDeleteමමත් මේකට අලුත්. තාම මාස 3ක වත් නෑ..:D :D :D
ReplyDeleteඉඩ ලැබුන ගමන් පබ්ලිසිටිය ගන්න එපැයි.. නැද්ද මාරෙ අයියා...
මෙන්න මගේ එක.. ඔයත් ඇවිල්ලා ෆලෝ එකක් දැම්මොත් මට ලොකු හයියක්...
http://superkolla.blogspot.com
This comment has been removed by the author.
ReplyDeleteමගේ බ්ලොග් එක කවුරුවත් දන්නේ නෑ නේ :(
ReplyDeleteමම උගන්වන ඉන්ස්ටිටියුට් එකේ IT පාඨමාලා හැම එකකම සිලබස් එකට බ්ලොග් ගැනත් එකතු කරන්න කියපු මගේ යෝජනාවක් බොසා විසින් පහුගිය සතියේ පිලිගත්තා
ReplyDelete. මම හිතන්නේ මගේ ගමෙන් වගේම මගේ පලාතෙනුත් හරියට බ්ලොග් එකක් කෙරෙන්නේ නැත්තේ ඒ ගැන තවම හරියට දන්නේ නැති නිසා .ඉස්සරහට මගේ ගමෙන් මගේ පලාතෙන් හෙන සේනාවක් බ්ලොග් ලියන්න එකතු වේවී මාරේ අයියේ එයාලවත් පිලිගන්න
සමහරු බ්ලොග් පටන් ගත්තට එයාලා සින්ඩි ගැන දන්නේ නෑ .. ඒ අතින් ඔයාගේ මේ ලිපිය වටිනාකම අතින් ඉහලයි මාරේ අයියේ !
ජය වේවා !!
http://hisahasa.blogspot.com
ඉස්සරනම් මමත් ඔය සිංහල බ්ලොග් කියවනයේ හිටියා... යෙදුන වැඩ රාජකාරි නිසා බ්ලොග් ලියන්න බැරුව ගියත කියවන එකනම් අත හැරියේ නෑ... දැන් නම් ඒ සින්ඩියේ නෑ. ආපහු එන්න ඉල්ලුවත් අවසර ලැබුනේ නෑ.. එපා වෙලා අතඇරලා දැම්මා...
ReplyDeletehttp://wadiya.wordpress.com/
හොද අදහසක් මාරයියෙ...
ReplyDeleteබිගූ කියද්දී මට මතක් උනේ මම බ්ලොග් ලියවිල්ලට ආපුම දවස්වල බිගූ මාව දිරිමත් කලා නිතරම.... ලැබෙන පුන්චි විරාමයේදී උනත් මගෙ බ්ලොග් පැත්තෙත් ඇවිත් ගියා..ඒක ඇත්තටම නවක බ්ලොග් කරුවන්නට අත දීමක් කියන්න පුළුවන්.,....
දැන් බිගූ තාත්තා කෙනෙක්. කාර්‍යබහුල කම නිසාම එන්න ඉඩක් නැතුව ඇති...
අද මම ගෙදර ඇවිත් බලනකොට මෙන්න බොලේ ආත්මෙට ඇවිත් නැති තරම් ගානක් ඇවිත් බ්ලොග් එකට. කමෙන්ට්ස් 32ක් මොඩරේට් කරන්න තියෙනවයි කියලා දැක්කම මම හිතුවෙ කවුරු හරි කැතකතා පෝළිමක් ලියලා ඇති කියලා. (මොකද, ගිය සතියෙ එක්කෙනෙක් ඇවිත් එහෙම කමෙන්ට්ස් දෙකක් දාලා ගිහින් තිබුණු පාර තමයි මොඩරේට් කරන්න ගත්තෙ.) බලනකොට එහෙම නෑ.
ReplyDeleteඉතින් මුළින්ම මාරයා සහෝදරයාටත් අභීත සහෝදරයාටත් මගේ අවංක ස්තුතිය පුද කරන්න ඕන. මොකද, මහන්සි වෙලා ගෙදර ආවහම, දවස පුරා අමිහිරි අත්දැකීම් ගොඩක් එකතු කරගෙන ගෙදර ආවහම, හිතට විශාල සතුටක් ඇති කරවන දෙයක් තමයි බ්ලොග් එකට ගොඩාක් ඇවිත් ගිහින් කියලා දකින එක. (චොක්ලට් පාර්සල් යථා කාලයේදී ලැබෙන්නට සලස්වමි. ;-))
ඒ වගේම මෙහෙම එක් එක්කෙනාගෙ බ්ලොග් හඳුන්වා දෙන එකත්, ඒවා මෙහෙම එක තැනක පළ කිරීමට ඉඩ සැළසීමත් ඉතාම හොඳයි. කම්මැළි වෙලාවට හිතට සරිලන විදිහෙ දෙයක් ලියලා තියෙන බ්ලොග්ස් හොය හොයා අවකාශය පීරනවා. හුඟක් වෙලාවට කරන්නෙ කවුරු හරි මම කැමති කෙනෙක්ගෙ බ්ලොගයක තියෙන ලින්ක් ඔස්සේ යන එක. මෙහෙම එක තැනක තියෙන එකත්, සාමාන්‍යයෙන් මොන වගේ දේවල්ද ඒකෙ ලියන්නෙ කියලත් තියෙනවනම් පහසුයි.
දැන් මේකත් ලිපියක් විතරම දිග්ගැස්සෙන නිසා මෙතනින් නවතින්නම්. නැවත වරක්, බොහොම ස්තුතියි අභීතටත් මාරයාටත්.
මගේ බ්ලොග් එක: (මේක තමයි මම මුළින්ම පටන් ගත්තෙ හර්ෂණත් එක්ක) http://muragala-lanka.blogspot.com/
මමනම් බ්ලොග් ලියන්නෙ ජොලියට, කාලෙ කන්න, අලුත් දෙයක් දැනගන්න/කියලදෙන්න. ඒත් ඉතින් කියවන අය කියවපුවාවෙ. නැති අය පාඩුවෙ ඇවිත් ගියාවෙ. කමෙන්ට්, අරව මේව ගැන නම් මට එච්චර ගානක් නැ. ලැබෙන දේ ලැබෙයි නොලැබෙන දේ මගඇරෙයි..
ReplyDelete/Geeth
fatta ලිපිය බන්. මන් අවරුදු ගානක් මේවා කියවලා මටත් ආස හිතුනා ලියන්න. ඕන් මගේ අඩවිය.
ReplyDeletehttp://aiddami.blogspot.com/
ජය වේවා...!!!
මං මෙහෙ චාටර් වෙච්ච එකා ,හැබැයි දැන් නම් හොද කොල්ලා
ReplyDeleteමෙන්න මගේ ප්ලේස් ඒක
http://www.sinhalamag.com/
http://www.sinhalamag.com/
එල එල! ඔන්න ඔහොම යමු! :D
ReplyDeleteමේං මම සහ මගේ බ්ලොග්ගය - http://buwagesithuvili.blogspot.com/
ReplyDeleteබස් එක භාවිතයකින් තොරව හැදුනු ෆලොවර්ස්ල 44 කුයි , සැහෙන ප්‍රමණයක(මගෙ හිතට ) කියවන්නන් පිරිසක් වගේම කමෙන්ට් දාන අයත් කිහිපදෙනෙක් ඉන්නව,ඇනෝ කමෙන්ටුත් එනව
ලොක්කා කොරන මේ සමාජ සේවෙට ඉතින් අපෙනුත් පොඩි හරි සහයෝගයක් දෙන්න එපායැ.... වෙලාවක මගේ ඒරියල් එකට එන්නකෝ බොස්.නාන්ටම කන්ටයි බොන්ටයි දීලා නවතින්න එලකිරි තැනකුත් දීල හොදට සලකන්නම්කෝ.. අම්මපා මේ ඇත්තයි කියන්නේ... ලඟදී ස්කන්ධ කුමාරයාගෙ පැත්තෙ එනව නම් මාව දැනුවත් කොරන්ටකෝ...
ReplyDeleteතව ඩිංගෙන් මගේ ඇඩ්‍රැස් එක දාන්නත් අමතක වෙනවනෙ. කොහොමත් ඉතින් අපේ ඇඩ්‍රස් නැති වෙලා හුඟක් කල්.
http://nasaraniya.blogspot.com/
මාරයියේ ඔබ ඉතාමත් නිහතමානී කෙනෙක්.ඔබ අනිත් සහෝදර
ReplyDeleteබ්ලොග් ලියන්නන්ට පුදුම ශක්තියක්...ආශිර්වාදයක්..
.(.ඒත් එක්කම මතක තියාගන්න අකමැත්තෙන් උනත් මේකත් කියන්න ඕන..දුකාලා බිගුවලා එහෙම කරද්දී..තවත් අය ඉන්නවා අළුත් කෙනෙක් ආවම ගිහින් ඒ අයව වට්ටන්න උත්සහ කරන..ඒක වෙන්නේ ඒ අය ටිකක් ගානකට ලියාගෙන එද්දී... නමක් හදාගනිද්දී වගේ තමා...එහෙම නැතිව මුලින්මනං නෙවෙයි.
ඒ මට්ටමට ආවා කියන්නේ ලියන කෙනා තේරුං ගන්න ඕන දැන් මම ගානකට ඇවිත් තියෙනවා කියන දේ...)
මටනම් බ්ලොග් නැති උනත් අනිත් අයගේ හරවත් ලිපි කියවනවා
ඉඩ ලදවිට comments දානවා.ඔබ අද අපට බ්ලොග් මැණික්
ආකරයේ තවත් මිණි කැටයක් සොයා දුන්නා.ස්තූතියි..
ඡය!!
මාත් මේ අවුරුද්දේ මුල ඉඳං තමයි ලියන්න පටන් ගත්තේ.තවම ලොකු Post ගොඩක් ලියල නෑ.. ඒත් අද උදේ අපි හැමෝම දන්න හසී සහ සිතුවිලි නිහඬයි ලියන අක්කල දෙන්න ඇවිත් තිබුන.මං ආයෙමත් ලියන්න ගන්නවා...මෙන්න මගේ බ්ලොග් එක..
ReplyDeletehttp://heenayak.blogspot.com/
කමෙන්ට් කරලා ඇඩ් එකක් දාන පළවෙනි වතාව මම...කැමැත්තෙන්ම දානව.මොකද මමත් ආසයි කෙනෙක් මගේ බ්ලොගේ කොහොමද දකින්නෙ කියන එක දැනගන්න.කොහොම උනත් වටින ලිපියක්...තැන්කිව් මාරයියා...
ReplyDeletehttp://www.kopikade.net
එළ වැඩේ මාරයියා. මාත් කියවන බ්ලොග් වගේම මෙච්චර කාලෙකට කියවන්න නොලැබුණු බ්ලොග් කීපයක් ගැනත් දැනගන්න ලැබුණා. නවකයන්ට අත දෙන ප්‍රවීණයන් අතින් වෙන්න ඕනේ එකක්.
ReplyDeleteජය වේවා..
http://aagiyakatha.blogspot.com
http://eatuwawa.blogspot.com
මගේ බ්ලොග් එක ජ්‍යොතිෂය ගැන.මගේ උත්සාහය ජ්‍යොතිෂය අන් අයට කියල දෙන්නවත් බ්ලොගය හරහා සේවා දායකයන් වැඩි කරගැනීමවත් නෙවෙයි.ජ්‍යොතිෂය නිවැරදිව භාවිතා කරන හැටි සයිබර් අවකාශය හරහා අන් අයට කියාදෙන්න.බ්ලොග් එකෙන් මට මානසික සතුටකුත් ලැබෙනවා.මාරයාගේ මේ පෝස්ට් එකෙන් අපිටත් වටිනා බ්ලොග් ගැන දැනගන්න ලැබේවි.
ReplyDeletehttp://lankajhothisha.blogspot.com/!
මම උපන් වෙලාවේ ළඟ ගෙදරක ආච්චියෙක් කිවලු තුන්වෙනියට ඉපදෙන දුව හරි වාසනාවන්තයි කියල . ආච්චිගේ කටේ සුකිරි කැල්ලක් දාන්න හිතෙන්නේ මේ වගේ වෙලාවකට තමයි. මමත් අද දවල් කමෙන්ට් එකක් දාන ගමන් හිතුවේ ලින්ක් එක දාන්න . දැම්ම නම් වහ කන්න නේ වෙන්නේ. ඇයි මේ කියන කම් දැනන් උන්නේ නැහැනේ මාරය තුමා ඒ වැඩේට කැමති නැති වග. දැන් ඉතින් මොකෝ නීතියෙන්ම අවසර දී ඇති එකේ ඉබ්බා දියට දාද්දි ඌ එපා කියයිද ..
ReplyDeleteකවුරුවත් නොලියන රටක සිට ලියන මම ..
nelumwila.blogspot.com
ප.ලි.
මේ කර ගත් පිනින් ළඟදීම වළලු දාපු අතකින් ඉවූ කෑම කෑමට ලැබේවායි පතමි.
මගේ බ්ලොග් එක දන්නෙ කීයෙන් කී දෙනාද කියලා තේරෙන්නෙ මේ කමෙන්ට් කියෝපුවාම.
ReplyDelete- මීට කෙහෙල්කොටුවේ චූටි මහත්තයා,ටිකිරි සමඟ කුරුළු හමුදාවේ හිටපු බුද්ධි.
http://www.cyberyaya.blogspot.com/
මාරෙ . . . නියම වැඩක් . . . .මගෙ දවස ආරම්බවෙන්නෙ උදේ නැගිටපු ගමන් ජාලෙට යන එකෙං. මම සයිට් ඕපන් කරන පිලිවෙලක් තියනව.
ReplyDelete1. බුකිය
2. ලාස්ට් රෝ එක
3. මගෙ බ්ලොග
4. රංගගෙ මගේ ලෝකය
5. පිණිබිඳු
6. ලකාප්‍රියගෙ සිතුවිලි
7. ගොඩයාගේ වංහුං
8. පිසාච අවදිය
(ඇඩ් ගොඩක් දැම්මද මන්ද). ඊටපස්සෙ තමා අනිත් ඕනෙම දෙයක්. මේ ලිස්ට් එකට අලුතෙං එකතු උනා මේ ඊයෙ පෙරේද ආපහු කොනක ඉඳල පටංගත්ත මගෙ ටෙක්නිකල් බ්ලොග.
ඇත්තටම උදේම කලිදාට වඩා සයිට් විසිට් ගාන වැඩිවෙලා තියෙද්දි, අලුති කොමෙන්ට් වැටිල තියෙද්දි, අලුතින් ෆලෝවර්ස්ල එකතු වෙලාතියෙද්දි . . . . දැනෙන ගැම්මෙන් "උදේම නෙට් යනවට " හාමිනේ බනින බැනිලි ඔක්කොම ඇහෙන්නැතුව යනව.
මෙන්න මගෙ බ්ලොග:
http://ornaya.blogspot.com/
පලවෙනි වතාවට දාන්නෙ . . . මෙන්න මගෙ අනිත් බ්ලොග:
http://fishedu.blogspot.com/ (මේකනං තාම අන්ඩර් ඩිවලොප්මන්ට් තියෙන්නෙ)
මීට අවුරුද්දකට කලින් මට ආයිබෝං කියපු මුල්ම කීප දෙනා අතර උඹත් හිටිය. ඒ වගේම කවි කියාගෙන සමහර මට ඇල්ලුවෙ නැති පෝස්ට් වලට උඹත් එක්ක වාද කිරීම වගේ දේවලුත් මට මේ කෙරුවාවට ඇදිල එන්න හේතුවකුත් උනා. අර පන්සල් කතාව ආයි ලිව්වොත් නරකද?
ReplyDeletehttp://bollywood-sinhala.blogspot.com/
ReplyDeleteබොලිවුඩ් තොරතුරු මුලින්ම සිංහල භාෂාවෙන් දැනගන්න , අපේ බ්ලොග් අඩ්වියට පිවිසෙන්න
මමත් බ්ලොග් ලිවිල්ලට අලුත්.මෙන්න මගේ බ්ලොග් ලිපිනය.
ReplyDeletewww.thinkland.net
පට්ටයි මාරයියේ....මට කියන්න හිරකරගෙන ඉදපු දෙයක් ඒ විදිහටම නොවුනත් වෙන විදිහකට එලියට පැනලා තියෙනවා...
ReplyDeleteඑදත් අදත් පට්ට රැඩිකල් මාධ්‍යවේදියා මාරේ මාමා :)
This comment has been removed by the author.
ReplyDeleteමමත් මුලින්ම දැක්කේ SBU එක තමා.ඒකත් ෆේස් බුකිය හරහා ටෙක් කතා එක දැනගෙන ඒකට join උනාට පස්සේ තමා.බලනකොට මටත් හොරා මාර වැඩනේ වෙලා තියෙන්නේ :P
ReplyDeletewww.dragonspacez.blogspot.com
මං මේ කල්පනා කලේ අයියගේ මාකටිං පාර. දැන් ඉතින් මෙතන ඇඩ් දාන්න කියලා දැනගත්තම ආපු නාපු හැමෝම එනවා. ඊට පස්සේ දිගටම මෙතන බලන්න එනවා. හැබෑට අයියට තියන මොළගෙඩියෙන් අරික්කාලක්වත් කාටවත් නෑනේ...... අර දත් රෝද ගලවන අභී මාමටවත් නෑනේ.
ReplyDeleteහික්ස්...... දන්නවනේ නඟා වීළුවක් කොලේ......
මගේ ඇඩ් එක දාලා වැඩක් නෑ. මේ දවස් වල ඒක දැකුළු මල් පිරුනු තැනක් කියලා දන්නවනේ අයියත්.
හිතවත් මාර අයියේ !,
ReplyDeleteදැන්වීමක් පළ කිරීමට ඔබේ අවකාශය ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමි.
මීට,
-චතූගේ කථා-
http://chathucn.blogspot.com
මාව බ්ලොග් කලාවට එක්කගෙන ආවේ මාරයා අයියා ඔයානේ....එකට මුලින්ම ස්තුති කරන්න ඕන.....අනික අපි වගේ නවකයන්ට ඉදිරියට යන්න පටන් ගත්ත මේ වැඩේටත් ගොඩක් ස්තුතියි.................
ReplyDeleteමේ මගේ බ්ලොග් ලිපිනය http://sdsithuvili.blogspot.com/
මාර වැඩක්. ස්තුතියි යාළු
ReplyDeletehttp://www.ayeshasenanayake.blogspot.com/
හොද වැඩක් අය්යේ... අපිටත් ආදර්ශයක්.. :)
ReplyDeleteස්තූතියි..
http://himakumari.blogspot.com
@ හා පැටික්කි (MS)
ReplyDeleteහොඳ හිතින් ලිංක් එක දාන්නයි කිවුවෙ. ඒ මකුළු දැල් ටික හරි බලන අය බලයිනෙ. ඉත්තෑවෙක් හින්දා හා ගුලකට වෙච්ච ජාතික අපරාධෙ හංගන්න හොඳ නෑ
ඉතාමත් හොද ලිපියක් අයියේ මමත් අද ලිපියක් ලියල කොමෙන්ට් නැති නිසා දුකෙන් හිටියේ. එත් ඔයාගේ මේ ලිපිය කියෙව්වම තේරුනා මේ වැඩේ කරන්න හොද ඉවසිමක් ඕන බව. බොහොම පින් මේවගේ ලිපියක් දැම්මට.
ReplyDeletehttp://gunegethippola.blogspot.com/
අයියගෙ බ්ලොග් එක හැමදාමත් කියවල යනව. ඒත් මං අද වෙන්ඩ ඇති ඉස්ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දාන්නෙ...
ReplyDeleteහැල්මෙ දිව්වාම හති වැටෙනව.. හෙමින්, කාටවත් කරදරයක් නොවී තමන්ගෙ ගමන යන්ඩ ඕනෙ කොහොමද කියල අයිය කියල තියෙන විදිය හරිම ඉස්තරම්!!!
සතුටුයි!!!
මම නම් බ්ලොග් අවකාශයට ගොඩාක් අලුත්. අදයි මුලින්ම අයියාගේ ලිපියක් කියෙව්වේ. මට නිතර ලියන්න වෙන්නෙ නෑ. ඒත් මම හුස්ම ගන්න හැම මොහොතකම බ්ලොග් එකේ ලියන්න වැදගත් දෙයක් හොයනවා. කාගෙවත් දෙයක් අරගෙන තමන්ගෙ වගේ ලියන අයත් දැකලා තියෙනවා. ඒත් මට ඕන මගේම දෙයක් ලියන්න. ඔයාගේ මේ පෝස්ට් එක ගොඩක් වැදගත් උනා.
ReplyDeleteමෙන්න මම http://kurullablog.blogspot.com/
එළකිරි මාරයා.....නියමම සේවයක්....
ReplyDeleteකෝ මේ අරුණි අක්කල, වත් ල, ක්තන්දරල...එහෙම)
ටැබූව අමතක කොරන්න බැහැ බ්ලොග් අවකාසෙන්, නේ බO....
මම බ්ලොග් කෙරුවාවට ආවේ මේ මාසේ.ඒත් හුගක් කලින් ඉදලා වගේ මාරයාගේ හෝරාව කියෙව්වා.අලුතෙන් බ්ලොග් ලියන්න එන අයට මේ වගේ ලොකු උදව්වක් කරනවට හුගක් ස්තුතියි.
ReplyDeleteමේ තියෙන්නෙ මගේ බ්ලොග් ලිපිනය.
http://himachathu.blogspot.com/
අද අලුතෙන් බ්ලොග් ගොඩක් රීඩරේට එකතු වුනා.
ReplyDeleteමාරෙ මාමට තැන්කූ...
මාරයා ඉතින් කලොත් කරන්නෙ ආයි එළකිරි වෑහෙන වැඩක් තමයි.... ගොඩක් හොඳයි මාරයෝ මේ වැඩේ නම්. උඹේ බ්ලොගයට එන යන අය එතකොට මේ බ්ලොග් ගැනත් දැනුවත් වෙනවා..... ඔන්න එහෙනම් මගේ බ්ලොගයටත් යන පාර,
ReplyDeleteදුමීගේ කට කහන කතා
http://dhumee.blogspot.com
This comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසුපිරි වැඩේ ලොකු අයියා... අපි වගේ හිම්ච්චියන්ට ලොකු අත්වැළක් අයියලගේ මේ උදව්....දිගටම කරගෙන යන්න ...
ReplyDeleteමෙන්න මම හිතුවක්කාරි...
http://hithuwakkari.blogspot.com/
හ්ම් මමත් ඔන්න ඇවිත් ගියා. මමත් මේ සිත් ආර කියවන්න අරන් දැන් ටික කලක් වෙනවා. කමෙන්ට් නොකලත් කියවන් ගියා. සරල රටාව තමා මගේ සිතටත් හොඳටම දැනුන වෙනස.
ReplyDeleteමාරයාගේ මේ වැඩෙත් හොඳයි.
මමත් බ්ලොග් එකක් ලියනවනේ මගේ මතක තියලා.
This comment has been removed by the author.
ReplyDeleteඅලුතින් බ්ලොග් ලියන අයට අයියගෙන් වෙන්නෙ ලොකූ සේවාවක් අයියේ, මමත් බ්ලොග් කලාවට අලුත්, මම බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ අප්‍රේල් මාසෙ, ඒත් බ්ලොග් කියවන එක නම් ඉස්සර ඉදන්ම කරා. හිතට හැගෙන හැම දෙයක්ම ලියන්න පුලුවන් තැනක් විදියටයි මම බ්ලොග් එකක් දකින්නේ, ඉතින් මගේ බ්ලොග් එකත් එක එක වල් පල් වලින් පිරිලා, ඒවා බලන්න කැමති අයට ඔන්න ලින්ක් එක..
ReplyDeletehttp://prarthana-nimnaya.blogspot.com/
@ Chanaka Aruna Munasinghe
ReplyDeleteමට බෑ බෑමයි. බෑ කිව්වොත් බෑම තමා......... එතන බලන්න මුකුත් නෑ මේ දවස් වල.
මෙන්න බෑ බෑ ගාන හාවියෙක්..යකෝ එළිච්චියෙක්ද මේකි..?
ReplyDeleteඅර දුකා මොකද කමෙන්ට් ටික මකලා..?
ReplyDeleteඉතින් අපි බෑ කීවම මක් වෙනවද අයියණ්ඩි.........
ReplyDeleteමම නම් කියවන්න එන්නේ කෙලින්ම සින්ඩිය බලලා එහෙමත් නැත්නම් බ්ලොග් බස් එකෙන්.
ReplyDeleteමම ගොඩක්ම ආස මාඅයා අයියා ලියන විදිහට.
මෙන්න මගේත් ලින්ක් එක
@එදිරි...
ReplyDeleteඔබේ ඇමතීම ලැබිලා තියෙන්නේ..මට තව දවස් කිහිපයක් දෙන්න මේ ටිකේ ටිකක් හිරවෙලා ඉන්නේ...අනිවාර්යයෙන් මං ඒ ගැන කතා කරන්නං..චුට්ටක් මේ වැඩ ටික එකලාසයක් කරගත්ත ගමන්...
@නලිනි...
ReplyDeleteඔයාගේ බ්ලොග් එක අගයන්න වටින හොඳම බ්ලොග් එකක්...දිගටම ලියන්න..මං හිතන්නේ ඔයා මට අක්කා කෙනෙක් වෙන්න ඕන කියලයි...ඒ හින්දා මං වැඩිය මුකුත් කියන්න ඕන නැහැ..ඒ වගේම අපූරූ අත්දැකීම් ගොන්නකුත් එක්ක ඒ දේවල් හිතන දකින මනසකුත් එක්ක ඔයා ලියන හින්දා පුදුම නැවුම් ගතියක් ඒ ලියවිලි තුල තියෙනවා...
බොහෝම ස්තූතියි කිව්වා ඇවිත් ගියාට...
චී..චී..අපිනං යටවෙයි පගාවට..ඒත් ඉතිං චොකලට්නං එහෙම නැහැනේ නේද..එහෙනං හාකෝ...
මාරයො මම මෙතන මීට කලකට ඉහත මම ආසාවෙන් කියෙව්ව ඒත් දැන් ලියවෙන්නෙ නැති බ්ලොග් තුන හතරක ලින්ක් දැම්මට කමක් නැද්ද
ReplyDeleteඅනිවාර්යයෙන් දාහං නිශ්..මේක ඒවටම වෙන් වෙච්ච තැනක් අද
ReplyDeleteහුඟක් වැදගත් දේවල් නැතිවුනත් මේක මගෙ බ්ලොග් එක :)
ReplyDeletepissigeloke.wordpress.com
මාත් අලුත්... එකක් දෙන්න
ReplyDeletewww.sabithl.blogspot.com
මෙන්න මේ බ්ලොග් එකත් හොද බ්ලොග් එකක්.මේක ලියන කෙනා කීයටවත් මෙතන ලින්ක් දාන එකක් නෑ කියල හිතිල තමයි මම එකේ ලින්ක් එක දාන්නේ.
ReplyDeletehttp://garayakek.blogspot.com/
http://www.haruprathap.blogspot.com/
ReplyDeletehttp://ilaadena.blogspot.com/
මේ දෙවනි එක තාම සි0හල බ්ලොග් කියවනය ඇතුලට අරන් නෑ. පුලුවන්නම් තල්ලුවක් දාන්න. ස්තුතියි
මලයා .. මම මේක දැක්කෙ අද රංග ගෙ එක කියෙව්වට පස්සේ .. දැන් නම් ඇඩ් දාන දිනේ පහුවෙලා. ඒත් ඉතින් මොනවා කරන්නද ..
ReplyDeleteඔන්න තරහ වුනත් කමක් නෑ කියලා මමත් මගෙ එක එබුවා මෙතන.
http://kumaraya-maligawa.blogspot.com
රංගයියාගේ පෝස්ට් එකට පස්සේ තමා මේක දැක්කේ. ඔන්න එහෙනං මමත් දැන්වීම පලකළා! ;)
ReplyDeletehttp://kombuwaonline.blogspot.com/
හරිම කාළකණ්ණි කතා
Actually a good work.
ReplyDeleteමගේ නම ජයශ්‍රී
මෙන්න මගේ වියුණු සටහනේ යොමුව
http://meeghaya.wordpress.com/
සිත් යාය බලමි. ස්තුතියි!
ReplyDeleteඅපි ආස වෙන බ්ලොග්ස්වල ඇඩ් දාන්න බැරිද දන්නෑ......( අහිංසක බැල්ම)
ReplyDelete@කතන්දර...
ReplyDelete"සිත් යාය" ආපෝ ඒකනං නොබලන තරමට හොඳයි..(කෝ මේ "ආන්ස් ලකී ශ්‍රී ජේ"..:D)
අපි කිව්වේ "සිත් ආර"
@නලිනි...
ඔය උඩ ඉන්න කතන්දර මහත්තයගෙන්ම අහලා බැළුවනං..:D
(අහිංසක බැල්ම නෙවෙයි ඔතනට ඕන "කෝල සිනා")
@ජයශ්‍රී...
ReplyDeleteබොහෝම සතුටින් කියවන්න තෝර ගත්තා..මට ඕක මග ඇරිලා තිබුනේ..
ස්තුතියි!
ReplyDelete- ජයශ්‍රී
අවංක ආදරය අදුනන හැමොටම මගෙ "ඇසි පියක මහිම" ඉඩක් වෙන් කරන්න තමයි මෙ සුදානම.....
ReplyDeleteඉතින් මගේ හිත හදන්නෙ, ඔයාලගෙ අදහස් තමයි ... ඔයාලගෙ නිර්මාණත් මගෙ ඇසි පිය තවත් ලස්සන කරවි...
http://asipiyakamahima.blogspot.com/
"ඔය ඇස් අමතක වෙන්න නම්...මගේ ඇස් පියවෙන්න වෙයි..."
~ Mahesh4ever ~
මෙතනින් මම ආස විදිහෙ බ්ලොග්ස් හුඟක් හොයාගත්තා. බොහොම ස්තුතියි.
ReplyDeleteමාර අයියගෙ මේ ලිපිය දැම්මටත් පස්සෙ මම බ්ලොග් එක පටන් ගත්තෙ මාරයාගෙ හෝරාව දිගටම කියෙවුවට... ඔන්න එහෙනම් මගේ බ්ලොග් එක
ReplyDeletehttp://mamaiarui.blogspot.com/
promotion
ReplyDeletehttp://oyeojaye.blogspot.com/
:D thanks ....
කතාව නම් ඇත්ත. ඉස්සර බ්ලොග් පෝස්ට් එකක් දැම්ම ම බලන්න එන හැමෝම වගේ මොනවා හරි ලියලා යනවා. ඒකෙන් තමයි තව ලියන්න පොඩි ගැම්මක් ලැබෙන්නෙ. ඒකට දැන් :(
ReplyDeletekawuluwa.blogspot.com
ස්තූතියි මාරයියේ උපදෙස් වලට. මාත් තවම බ්ලොග් ලෝකෙට පය තියලා වැඩි දවසක් නෑ. හිතුවටත් වඩා ඉක්මනින් සැලකිය යුතු පිරිසක් මගෙත් එක්ක එකතු වුනා. ඒක මට ලොකු සතුටක්.තැලිලා පොඩි වෙලා විසිරිලා ගිහින් තියෙන මේ හිතට බ්ලොග් ලෝකෙ ලොකු සෙවනක්.
ReplyDeletehttp://sugandi-batti.blogspot.com/
මමත් මේ ක්ෂේත්‍රයට තාම අලුත්.මේක ලොකු උදව්වක්
ReplyDeletehttp://rmpmcreation.blogspot.com/
මමත් හැමෝගෙම බ්ලොග් කියවල කමෙන්ට් කර කර ඉන්නකොට ආපු අදහසක් තමයි.. මමත් එකක් ලියන්න ඕනි.. දිගටම ලියන්න බලාගෙන කියල..මන් ගැනයි මගේ ගොන් කන් ගැනයි, මට වඩා දන්නෙ වෙන කවුද.. ඉතින් පොඩියට මමත් පටන් ගත්තා බ්ලොග් එක.. එච්චර ම කියවන්න දෙයක් නැතත්..ඇවිත් යන්න පුලුවන් නම්, පොඩි කමෙන්ට් කෑල්ලක් දමන්න පුලුවන් නම්..සතුටුයි..මෙන්න ලින්ක් එක
ReplyDeletehttp://liyanna-liyanna.blogspot.com/
This comment has been removed by the author.
ReplyDeleteලොකේ හැම එකාටම මේ වගේ මෝඩ කාලයක් තියනවා ද?
ReplyDelete"ආදරයක් හින්දා ජීවිතේම අල්ලලා දාලා ඔහේ හිටිය කාලයක් ඒක..මට කතා කරන්න කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඉන්න අයත් එක්කත් මට මගේ හිතේ පුපුරු ගහන දේවල් එළියට දාලා කතා කරන්න පුළුවන් තරං අය හිටියේ නැහැ..ඉතිං ඇත්තටම මට මේක හොද තැනක් උනා මගේ විකාර කියවන්න."
http://avenuescience.blogspot.com/
http://maheshdase.blogspot.com/
http://maheshslife-multiaxial.blogspot.com
අනික් හැමෝටමත් එක්ක දැනගන්න ගෝඩාක් දේවල් කියන්න .නිදහසේ ලියන්න මේ පුංචි හදවතත් වලිකනවා ඒත් තාම ස්කෝලේ යන පොඩි එකෙක් විදියට ජීවිතේ ගැන කියන කතා පොඩි එකෙක්ම වේවි..
මරයියාට ජය ... ඔන්න මගේ එකත් එබුවා
ReplyDeleteමරයාටත් වැඩ වරද්දන්න ඕනි නම් ඔන්න තියෙනවා පහලින් කොරමේ :)
http://tiraj.blogspot.com/2011_04_01_archive.html
මම නම් ඊයේ තමි පටන් ගත්තේ blog එකක් ලියන්න...තාම අලුත් පොස්ට් එක ලියාගෙන යනවා...මාගේ අත්දැකීම්, අනුදැකීම් බෙදා හදා ගන්න blog යාලුවෝ ඔක්කොටම ආරාධනා කරනවා !
ReplyDeletehttp://maayaa-araliya.blogspot.com/
මාරයාගේ හෝරාවට ස්තුති! :)