27 May 2011

අහෝ..මෙසේ සිදු වූයේ ඇයි මිතුර..?

පෙරදින මා ගතේ සිටියා දැවටීලා..
මතකයි අද වගේ ඒ උණුසුම් ලීලා..
අද ඔබ නොමැත මා සිටිනෙමි තනි වීලා..
ඔබ මා නොමැති යහනේ ඇත සැතපීලා..

උණුසුම ඇවසි විට එය මට ගෙන ආව..
සිසිලක අඩුව සැම විටකම පිරි මැසුව..
සුසිනිදු මුදු මොලොක් සුවයක් පිරි නැමුව..
අද ඔබ නැතිව මා ඉන්නෙමි සෝ බරව..

දිනයක් ඇර දිනක් මා ගත දැවටීලා..
එක්වී විසුව ඒ කාලය නැවතීලා..
යළි කෙදිනකද අප එක්වන්නේ කියලා..
මම දින ගනිමි ඔබ සුව ලබනට වෙලිලා..

තනි යහනේ ඔබ සිටිනා අයුරු දැක..
මේ කව ලියන්නේ රැඳි හදවතිනි දුක..
හෙට දින රැයේ හෝ ඔබගේ රුව නොදැක..
ඉන්නේ කෙලෙස වාවාගෙන සිතේ දුක..

නුඹ හා වෙලී ඉන්නට පෙර කල සිටිසේ..
හෙට දින හැකි වේද කියනට බැහැ පෙරසේ..
ඒ මුත් පතන්නෙමි නුදුරෙම දිනක එසේ..
ඉන්නට වරම් ලැබියන් මට මා සිතුසේ..

කැතටනං හිතන්න එපා ඕං...

47 comments:

  1. කැතටමයි හිතෙන්නේ අප්පා............................:D

    ReplyDelete
  2. නොදෝමකින්..කාරණාව දැනගෙනත් කියන කැත කතාව..ෂික්...

    ReplyDelete
  3. ඒක මතක් වෙනවා අර අන්තිමට දාලා තියෙනඑක නොතිබුනානම් .........................:D

    ReplyDelete
  4. එක්කො කැතට හිතන්න එපා කියලා කවියෙ මුලින්ම දාන්න ඕන. ඔක්කොම හිතාගෙන ආවට පස්සෙ අන්තිමට ඒක දැක්කම අපි ඉතින් මොනා ක‍රන්නද? :D

    ReplyDelete
  5. ......

    ගතින් ඔබ ලග නොවුනද කිසිදින..
    සිතින් නුඹ ලග සිටිනෙමි සැමදින ..
    හදින් මා පතන පැතුම් ඔබ නොදකින...
    සෙනහසින් වෙන් වුන අප එක්වේද මතුදින...

    පෙර කල පින් මදි වෙන්න ඇති...
    ඉර සද පැතු සිතුම් නොදකින්න ඇති..
    නුඹ දුර ගිහින් අප වෙන් වෙන්න ඇති...
    ලඟට ලංව තුරුල් වෙන්න පතනවා ඇති..

    හිතින් මෙන් ගතින් වෙන්වුනද...
    ආදරය හිත් පතුලේ රැදෙන්නද..
    නුඹ දුන් පෙම සාගරයක කිමිදෙන්නද..
    මේ පැතුම් මට ඇති නුඹ හන්දා ජිවිත් වෙන්නට...

    ReplyDelete
  6. මටත් කැතටමයි හිතුනේ

    ReplyDelete
  7. සිරියහනේ ලනු ඉහිරී සුසුම් හෙලන රෑ
    මකුළු දැලෙන් සිරි සිරියේ වියන් බඳින රෑ
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ . .
    යට ලීයෙන් නාරිලතා මල් පූදින්නේ . .

    ReplyDelete
  8. චී..චී..චී...දුකාලා හිතන්නෙම කැතට..ෂැහ්..අනිච්චේ..දුක්ඛේ අනාත්මේ...

    ReplyDelete
  9. නිම්ශටත් අද අහුවෙලා නැති හැටියක් මං කියාපු දේ..ඒත් පද පේලි ටිකනං අතිවිශිෂ්ඨයි නගේ..

    ReplyDelete
  10. අනුවා..උඹට ඉතිං ඕක ඔහොම නෙවෙයි කොහොම දැම්මත් පේන්නේ කැතට තමා..ෂෙහ්..අන්තිම කැතයි අන්තිම කැතයි...අනේ අම්මපා මේකලා වගේ ජාතියක්...

    ReplyDelete
  11. මේ නම් ලියලා තියෙන්නේ ගෑණු පරානයක් ගැන නම් නෙමේ. මට නම් හිතෙන්නේ " බෝතලය " ගැන වගේ. මොකද ඉතින් මාරයියා කාලයක් තිස්සෙ තුරුල් කරගෙනම උන්නේ එයාව විතරනෙ...හික්ස්...නේද මාරයියෙ...

    ReplyDelete
  12. යකෝ මෙච්චර එකේ ඩිලාටවත් මේක කැතට නොහිතා ඉන්න බැරි උනානේ...

    ReplyDelete
  13. අපෝ...මේ බුල්ටෝ පැටියට වෙන හිතන්න විදියක් ඇත්තෙම නැද්ද..?

    ReplyDelete
  14. සොරි වෙන්න ඕනෙ...මට නම් හිතෙන්නේ මේ ලියලා තියෙන්නේ " සරම ගැන වෙන්න ඕනෙ.....පහු ගිය දවස්වල වැස්සට හෝදලා දාල වේලගන්න බැරුව ඉන්න ඇති...අනේ පව් ඉතින්...සරම නැතුව මෙච්චර දුකක්....

    :p : p : p

    ReplyDelete
  15. දිල්..අපෝ දිල්..ඔය ඉතිං ආයේ මට බෝතලේ හොයාගෙන යන්න හිතෙන කතා නෙව කියන්නේ..ඇයි දෙයියනේ බෝතල් කවදද සිරි යහනේ සතපලා තිබ්බේ..සීකේයියා...එයත් සුපුරුදු විදියටම කෙතට ඉතුවා..

    ReplyDelete
  16. ෂික් විතරක් ඇයි මම අර දෙවෙනි කෝල් එක ගත්තේ මෙයාට..???

    ReplyDelete
  17. උඹ කොට්ටෙත් එක්ක වෙන සෙල්ලං දාන්නේ නෑ නේද.. අද කාළේ කොට්ටයක් බේරගන්නත් හරි අමාරුයි...

    ReplyDelete
  18. සීකේයියා..මෙන්න මාතලන් මා තලන්න ඇවිත්...ඒ හිතලා තියෙන්නෙත් කෙතටම නෙව..

    ReplyDelete
  19. "ඔබ මා නොමැති යහනේ ඇත සැතපීලා.."

    සදාකාලිකව මේක එහෙමම වේවි...

    ReplyDelete
  20. මාරයගෙ බෙඩ් ෂීට් එක වේලිලා නැහැල්ලු තවම...

    ReplyDelete
  21. මුලින් නම් මට හිතුනෙ ගෑණු පරානයක් ගැන කියලා ඒත් මේ කියලා තියන කතාත් එක්ක මට නම් ඇත්තටම හිතා ගන්න බැහැ ලියලා තියෙන්නෙ මොකක් ගැනද කියලා .....

    ඇත්තටම සරමක් ගැනද ........

    නැත්නම් බෝතලයක් ගැනද .......

    එත් නැත්නම් බෙඩ්ෂීට් එකක් ගැනද ......

    කොහොම උනත් එලටම ලියලා තියනවා ......

    ReplyDelete
  22. හරිම කැතයි මාරෙ අයියා... කැතටම නොවැ හිතෙන්නෙ... කැත නැතුව හිතන්න ගියහම ලිව්වෙ මොකක් ගැනද කියල තේරෙන්නෙ නැතුව යනවනෙ... :(

    ReplyDelete
  23. පෙළවහක් නොකරගන්න හේතුව අදද මන්දා එළිවුනේ.....

    ReplyDelete
  24. ඔන්න මාරයියෙ කැතට හිතන්න එපා කියපු නිසා මොනවත් හිතුවෙ නෑ.

    ReplyDelete
  25. ම්ටනම් හිතෙන්නෙ මෙ කොට්ටෙ ගැන වෙන්ට ඕන. එත් ඉතින් දිනයක් ඇර දිනක් ???

    ReplyDelete
  26. මේ බෙඩ්ෂීට් එක ගැන නේද කියන්නෙ.

    ReplyDelete
  27. මට ඉතින් ස්ංවරව හිතන්න පුරුදු කරලා නෑ නේ..කැතටමයි හිතෙන්නේ...
    ඔන්න ලංකාවේ නම් බෑ මාරයියේ.....

    ReplyDelete
  28. ඉස්සර ඇඳේ තියා ගත්තු පුස් පැටියට හරි බලු පැටියට හරි නිදා ගන්න වෙනම ඇඳක් හැදුවද . වඩු වැඩත් කරන එකේ. දවසක් ඇර කිව්වේ නයිට් ඩියුටි නිසා නේද?

    ReplyDelete
  29. අනේ මන්දා..කැතට හිතන්න එපාලුනෙ,,,ඒ වුනාට සින්දුවක් මතක් වුනා...

    මලේ......මටත් හිතයි කරන්න ආදරේ.........

    ReplyDelete
  30. මේකේ මුල පටන් ගන්නකොටම දාන්න ඕන අර අන්තිමට දාපු දේ...කියවල ඉවර වෙනකොට..හිතෙන දේවල් හිතුනට පස්සේ මෙන්න කියනවා එහෙම හිතන්න එපා කියල................ඇත්තටම කවුරු ගැනද අයියේ...............

    ReplyDelete
  31. අනේ බොල සෝරෝවෝ..කොච්චර කැතද බොලාගේ හිතුවිල්ල..ඈ..?

    ඒ පාර ප්‍රසන්න ගොයියත් කිව්වා කතාවක්..චී විතරක්..

    අන්න කල්හාර මල්ලි විතරක් ටිකක් ලස්සනට හිතන්න හදලා තියේ..ඒකටත් එක්ක අපේ අනිත් කස්ටිය..හනේ සංසාරේ...

    අකීකරු හිත කැත හිතක් ඇති කරගන්නේ නැතිව ඇහැවුව එකම මදෑ..?

    ඈ සාතන් කොළුවෝ අන්තිමට බලහංකෝ කැතට හිතන්න එපා කිව්වේ ඇයි කියලා..?

    තූ විතරක් මේ අබේ මාමා කිව්වොත් ඔහොම කැත කතාවක්ම තමා...

    කසුන් මලයා හොද කොළුවා..

    ReplyDelete
  32. ඈ ගිම්හානි ළමයෝ..කොට්ටෙන් හීතල මැකෙනවද..? සිසිලක් දැනෙනවද රස්නේ වෙලාවට..?

    පිණිබිඳුත් තව ටිකක් හිතුවා මදි ළමයා..

    රත්ගමයෝ අනේ බොල මේකටනං ඉතිං ලංකාවේ මිස වෙන තැන්වල කොහෙත්ම හරියන්නේ නැහැ..

    බළු පැටවු..ඇඳ උඩ..හිපේයියා..බින්දි ඔහොමනං කොහොමවත් හිතන්න එපා දෙයියනේ..අප්පරසන්නයි මටනං...

    ලකීඊඊඊ අනේ..ඒ කොළු සෙල්ලං මේ කොළු ගාව නැතිවා...

    ශානු හිතුවෙම කැතට නේද..?

    සීනි..එහෙම තමා අප්පා දාන කොට දාන්න ඕන...නැත්තං කියවලා ඉවර වෙලා කැතට හිතුවොත් එහෙම..?

    ReplyDelete
  33. හා හා දැන් මදෑ අගේ කෙරුවා..

    ඔන්න ඉතිං ඊයේ මං හවස ‍මගේ ජොතිෂ්‍ය කාරියාලේ වහලා දාලා ගෙදර දිවුවා..ඒ ගෙහුන් දඩි බිඩි ගාලා නාලා ආයෙමත් ලෑස්ති වෙලා රාත්‍රී රාජකාරියට යන්ට හදනකොට මගේ ඇස් දෙක නැවතුනේ දවස් ගානකින් ආසාවටවත් නිදාගන්න හම්බ උනේ නැති ඇඳ දිහා..ඒ විතරක්නං මදෑ..ඇද උඩ තිබ්බා නෙව මගේ සරමක් නවලා පැත්තකින් තියලා..ඒක දැක්කම මගේ බඩ පපුව හෝස් ගාලා දාලා ගියා.. ඔන්න ඔය වෙලාවේ තමා මට ඔය මාතෘකා පදේ හිතට ආවේ..ඒ පාර වැඩට ගොහින් රෑ වෙලා තමා ඔය පද ටික ගැට ගහලා දැම්මේ..දැන් දවස් ගානකින් ආසාවට සරමකට බහින්න උනේ නැහැ නෙව..
    හැබැයි අදනං රෑට වැඩට යන්නේ නැහැ..ඒ හින්දා මං හිතන්නේ දවස් 15කට විතර පස්සේ අදනං ගෙදර තමා ඉන්න කල්පනාව..දැන් තව ටිකකින් බියර් එකකුත් අරන් යන්ට ඕන ගෙවල් පැත්තේ..නාලා කොරලා අර සරමටත් බැහැලා හාන්සියක් දාගෙන බියර් උගුරක් බීලා මේ දවස් ටිකේ මහන්සි ඇර ගන්ට... ඔන්න කතාව..

    ReplyDelete
  34. ඒකෙත් හොඳම වැඩේ මට කොලේ අර "දිල්" කියන ආච්චි අම්මා..අද උදේ පාන්දරම පලවෙනි කොමෙන්ට් එක දාලා මට කතා කරලා ෆෝන් එක තිබ්බට පස්සේ මං ආයෙමත් කොල් එකක් අරං කිව්වා උත්තරය වැරදියි කියලා..ඒ විතරක් නෙවෙයි මගේ මෝඩ කමට ඇත්තම කිව්වා..මෙන්න බොලේ මට ෆෝන් එක කට් කරන්න උනේ නැහැ මෙයා ඒක දාලා හිනා වෙවී ඉන්නවා ඔලොක්කුවට වගේ...

    ReplyDelete
  35. උනුසුමට සීතලට දෙකෙටම මටනම් කොට්ටෙ තමා එකනෙ මම එහෙම කීවෙ .

    ReplyDelete
  36. ම්හ්.... කිසිත් නොතේරේ...

    ReplyDelete
  37. මේකනේ ගිම්හානි ළමයා..රෑකට හීතල උනහම අපි කරන්නේ සරම ඇතුලට ගුලි වෙලා නිදා ගන්න එක..ඒ හීතලට..ඒ වගේම තමා ඔය දවල් කාලෙක රස්නේ වෙලාවට සරමක් ඇදගෙන ඉන්නකොට නිකං ඒසී එකේ ඉන්නවා වගෙනේ..:D

    ReplyDelete
  38. කරුමෙක මහත...මට කවි සිතුවිලි පහල වෙන්නෙ නැහැනෙ..නැත්නම් සරම දෙන උත්තරේ මම ලියනවා

    ReplyDelete
  39. තාරාට මොනවද නොතේරුනේ..?

    හොඳ වෙළාවට ලකීඊඊඊට එහෙම බැරි උනේ..නැත්තං මං විනාසයි අද..හික්...

    ReplyDelete
  40. අය්ය සරමට ඔච්චර ආදරෙනම් නෝනට කොහොම ආදරෙ වෙද
    නෙද

    ReplyDelete
  41. අනේ නංගි නෝනා වගේද සරම... සරම කියන්නේ නංගි මගේ ගෞරවේ ආරස්සා කරලා දෙන දෙයක්..ඒත් නොනලා එහෙමද..?

    ReplyDelete
  42. කැතටමයිනෙ හිතෙන්නෙ... කැත හිත පැත්තකට දාල හිතුවොත් මේ අර අබේපාල මාමගෙ ලේන් පැටිය ගැන රංගයියා ලියපුපෝස්ට් එකට ගහපු ශෝක ගීතයක් වගේ පේන්නේ

    ReplyDelete
  43. ඔය ලියලා තියෙන්නේ මාරේ අයියාගේ අමුඩ ලේන්සුව ගැන !

    ReplyDelete
  44. අයියගෙ ජොතිෂ්‍ය කාරියාලේ තියෙන්නෙ යක්කල අලුතින් හදපු සණස බිල්ඩිමේ එහෙම නෙමෙයි නේද?... (මෙතන දාන්න හොඳද මන්ද... ඊතලේ ඇඩ්රස් එක නෑ නොවැ මන් ලඟ)

    ReplyDelete
  45. කලින් මොනා කරන්න ඇතිද කියලා හිතුනා...

    ඒ මුත් පතන්නෙමි නුදුරෙම දිනක එසේ..
    ඉන්නට වරම් ලැබියන් මට මා සිතුසේ..

    ReplyDelete