19 May 2011

නිවන් දක්නා තුරා...

ඉපදී මෙසිරි ලක මාතලයට ................නුදුරේ
අප හමු උනා සයිබර් ලෝකය ............අතරේ
සසරක අරුම පහදා දී භව ................කතරේ
යළි වෙන් උනා නොවේදෝ ඔබ මා .....මිතුරේ

යළි කිසි දිනක හමු නූවත් භව ..............කතර
තරහක් හිතේ රැදිලා නැහැ අප ..............අතර
දිනයක නැවත හමු වේවා මැද ..............සසර
මෙ අයුරකින් නොම යේවා අප ...........අතැර

උප නූපන් සසරේ ඔබ මතු .................දිනක
මෙවන් දුකක් නොම වේවා කිසි ........කලෙක
ජාතිය ජරාවක් නොදකින සුර ..........ලොවක
සැප සම්පත් විඳ යනු නිවනට ...........කලෙක


18 comments:

  1. උප නූපන් සසරේ ඔබ මතු .................දිනක
    මෙවන් දුකක් නොම වේවා කිසි ......කලෙක
    ජාතිය ජරාවක් නොදකින සුර .........ලොවක
    සැප සම්පත් විඳ යනු නිවනට ...........කලෙක

    හ්ම්ම්ම්...... දිලුම් අයියට නිවනට යන අතර මතු ආත්ම වලදි මෙවන් අකල් වියෝවක් සිදු නොවේවා කියලා පතනවා....!!!!

    ReplyDelete
  2. නිවන් සුව ඔබට!!

    ReplyDelete
  3. හම්ම්ම්... දිලුම්ට නිවන් සුව ලැබේවා....

    ReplyDelete
  4. වෙන්වීම යනු දුකක් යන වග ඔබ පසක් කොට දී හමාරය.....දයාබර දිලුම් සොයුර....ඔබට නිවන් සුව අත්වේවා !!

    ReplyDelete
  5. කතා බස් කොට නොමැත කිසි දිනක මුන ගැසී
    ඇතිවීය මිතුදමක් නව ලොවක තෙද බලෙන්
    නික්ම යා යුතුය ඔබ කැඳවීම ළද හෙයින්
    නමුදු නොමැකේ දිලුම්, "ඉලංදාරිය" හදවතින්

    ඔබ පැතු ළොව ඔබට ලැබේවා....!!!!

    ReplyDelete
  6. ඉලන්දාරි වදනින්
    නෑ සුවත් ඔබ දෙකනින්
    අකුරු කල පිටුවෙන්
    දිනුවේ හදවත් දහසින්

    මිලින වූ ඔබ අකලට
    මතු භවේ බුධුන් දැක
    නිවන් දැකපන් මිතුර
    හදවතේ මතක ඉතිරි කර අප

    ReplyDelete
  7. ඔබට නිවන් සුව දිළුම් අයියේ .............

    ReplyDelete
  8. ලොවේ අනියත ජීවිතෙන්
    දිනක පිටවිය යුතු බව දනින්
    එහෙත් ගල් තව ගල් වෙමින්
    කිම්ද මල් පමණක් ඉතින්?

    ReplyDelete
  9. ඉලංදාරියා විලස ඇවිත් සයිබර් අවකාෂායේ එකිනෙකා යාකර දිලුම් වටා තැනුන පවුර ලෝක සත්‍යය විසින් යටපත් වූවා. එහෙත් දිලුම් හැම දා ඉලංදාරියා සේ අප සිත්වල රැඳේවි.

    දිලුම් මල්ලියේ ඔබට නිවන් සුව පතන්නෙමු.

    ReplyDelete
  10. නොසිතු දේ සිදුවෙයි.
    ඔබට නිවන් සුව සොයුරාණෙනි..

    ReplyDelete
  11. දිලුම් සොයුර ඔබට නිවන් සුව .........!

    ReplyDelete
  12. දිලුම් සොයුර ඔබට නිවන් සුව !

    ReplyDelete
  13. මම මේකට කමෙන්ට් නොකර ඉන්නවා. මොකද පොතක් අරගෙන පෑනක් අරගෙන අපි එක්ක කතා බහ කරන ඉලංදාරිය තාමත් හිතේ ඉන්න නිසා.

    ReplyDelete
  14. ජාති ජාතිවත් මෙවන් අකල් මරණයක් ඔබට නොවේවා අයියේ...ඔබට නිවන්සුව !!!!!!!!!!!!

    ReplyDelete
  15. නිවන් සුව ඔබට සොහොයුර........

    මොකක්දෝ කියාගන්න බැරි අපහසුවක් දැනෙනව බO......

    ReplyDelete
  16. දෑසින් නොදැකපු මිතුරකු ගේ වෙන්වයාමක් වෙනුවෙන් කදුලු කඩා වැටුනේ අදයි .,

    ReplyDelete
  17. දයාබර දිලුම් මිතුර නුඹට නිවන් සුව ලැබේවා !

    ReplyDelete