29 June 2011

මාරයාගේ 400...කොමෙන්ට්..ෆලෝවර්ස්ලා සහ හිට්ස්...

ආයේ ඉතිං අටුවා ටීකා ටිප්පණී අනවශ්‍යයි...
කාරණේ මෙච්චරයි...
අවුරුද්දයි මාස අටක්..එහෙම නැත්තං මාස විස්සක් විතර වෙන මගේ මේ බ්ලොග් රාජයාගේ 400 වෙනි ලිපිය තමා මේ...

මුලදී පටන් ගත්තේ මෙන්න මෙහෙමයි...

"ඉතින් අද ඉදලා මාරයා වන මම මටම වෙන් වූ හෝරාවෙ මෙ විදියට ඔබ හමුවට එනවා. මෙ අවස්ථාව සලසා දුන් කාලිංග මහත්මා ඇතුළු සිංහල බ්ලොග් කරුවන්ට මගේ ප්‍රණාමය...
ඇත්තටම මම තාම කල්පනා කරලා නැහැ මෙ සටහන මොන විදියට ලියනවද කියලා. කොහොම උනත් කාටවත් කරදරයක් නැතිව මෙය කරගෙන යාමට හිතාගෙන හිටියත් මම හරියි කියලා හිතන දෙවල් පිළිබදව දිගින් දිගට වාද විවාද කරනන් මම කැමතියි. ඒ කියන්නෙ මම කියන හැම දේම මමම හරියි කියනවා නෙවෙයි. මම වැරදි නම් එ වැරද්ද නියම විදියට ඔප්පු කලොත් එ වරද හදා ගන්නත්, මම නිවැරදි නම් එ දෙ අනුන්ටත් විශ්වාස කරවීමත් තමයි මගේ කාර්යය. කොහොම උනත් එදිනෙදා සමාජයේ ගැටළු පිළිබඳව මාත් සංවෙදී පුද්ගලයෙක්. ඒ වගෙමයි මට මම විශ්වාස කරන දේශපාලන මතයක් තියෙනවා. ඒ වෙනුවෙන් මම පෙනී ඉන්නවා.සමහරු කියන්නා වගේ මම කිසිම දෙශපාලන පක්ෂයකට නැහැ කියලා බොරු කියන්න මට ඔන නැහැ. හැබැයි මම අන්ධ භක්තිකයෙක් නෙවෙයි.අපි කවුරුත් දේශපාලනික සත්වයිනේ...නැද්ද?"

ඔහොම පටන් ගත්ත බ්ලොග් එකේ පලමු කමෙන්ටුව පෝස්ට් එක වැටිලා දවසකට පස්සේ පල උනා මෙන්න මෙහෙම

"

කිසිම භයානක ගතියක් නෑ. හැබෑටම මාරයාමද? එහෙනම් බලමුකො මාරයා මොන පක්ෂෙද කියල.



අනේ මේ verification එක අයින් කරමු

98 comments:

  1. ඔන්න එහෙනම් මාරයා අයියට බ්ලොග් කළාවේ දිගු ගමනක් යන්න සුබ පතනවා. මාරේ අයියා බ්ලොග් ලියනකොට අපි බ්ලොග් කළාවට ඇවිල්ලත් නෑ. මම බ්ලොග් ගැන දන්නෙත් නෑ. :(

    ReplyDelete
  2. දිගු කලක් ලියන්න වාසනාව ලැබෙන්න කියල ඔන්න මාත් විශ් කරනවා

    ReplyDelete
  3. එහෙනම් ඔන්න අපෙනුත් සුභ පැතුම්...තවම පොස්ට් එක කියෙව්වෙත් නැහැ...කියවලා ඉතුරු ටික කොටන්නම්...

    ReplyDelete
  4. මාරයෝ, සෝඩ බෝතලේ වගේ උඩට එන සමහර අය ඒ වේගෙංම ආපහු පහල බහිනවා. ඒත් හෙමිං හෙමිං උඩට එන අය දිග කාලයක් ඒ තත්වෙ තියාගෙන ඉන්නවා. (මේ කතාව හැමෝටම අදාල නොවෙන්න පුලුවං)
    ඔය පොර ටෝක් අපිට ඕන නැහැනෙ.

    කොහොම උනත් මම හැමදාම බලන බ්ලොග් වලින් උඩම තැන තියෙන්නෙ මේක තමයි.

    තව දිගු කාලයක් මේ බ්ලොග් එක පවත්වාගෙන යන්න මාරයාට හැකියාව ලැබෙන්න මගේ සුබ පැතුම් !

    ප.ලි. අද ඉතිං අර කාර්යාලෙට කඩ දෙකකට එහායින් තියෙන බාර් එක පැත්තෙ යන්නෙ නැතෙයි.

    ReplyDelete
  5. හදවතින්ම අයියට සුභ පැතුම්....නෑ නෑ මගෙන් විතරක් නෙවේ අපි දෙන්නාගෙන්ම..... හික් හික්

    දිගටම ලියන්න අයියා... ඉස්සර නම් අපි මේවයේ හැමදාම කරක්ගහපු අය.... ඒත් දැන් ඒ හොද පුරුදු මඟ ඇරිලා නෙවැ.....

    දිගටම ලියන්න ශක්තිය ධෛර්යය වගේම ලියන්න දේවල් ගලාගෙන එන්න කියලත් ප්‍රාර්ථනා කරනවා අපේ ලොකු අයියාට....

    ReplyDelete
  6. බොහොම සංතෝසයි.දිගු ගමනකට ආසිරි!!!

    ReplyDelete
  7. මාරයා....මේක නිකම්ම අතෑරලා දාන්න පුලුවන් එකක් නෙවේ..සමරන්න ඕන අවස්තාවක්..මොකද කියන්නෙ?

    ReplyDelete
  8. මගෙන් සුභ පැතුම්!!!!!!
    ඔබ සිංහල බ්ලොග් අවකාශයේ සුවිශේෂී අයෙක්. ඔබගේ භාෂා හැසිරවීමේ හැකියාව විශිෂ්ටයි. ඒ වගේම කියවන කොට දැනෙන්නේ තමන්ගේ අත්දැකීමක වගේ කියලා. සිංහල බ්ලොග් කියවන්න ආව ගමන් කියවපු පලමු බ්ලොග් අතර ඔබගේ අඩවියත් එකක්. මම ඒක කියව වූයේ පලාමල්ල ලියන පිස්සාගේ හරහා මට මතක හැටියට. කොහොමත් පස්සේ ඔබ අඩවිය මම දිනපතා කියවන්න ගත්තා. ඒ අනුව තමයි හිතුනේ මටත් ලියන්න. මාස ගානක් උත්සාහ ගත්තා. පස්සේ කීපයක්ම අඩවි හදලා බැලුවා. අන්තිමට වෙදගෙදර හදා ගත්තා.
    ඔබට ජය!!!!!
    ඔබ සිංහල බ්ලොග් අවකාශේ පුරෝගාමී මෙහෙවරක් කල අයෙක්. ජය!!!!!

    ReplyDelete
  9. තවත් කාලායක් බ්ලොග් කලාවේ උන්නතිය වෙනුවෙන් දිගු ගමනක් යන්න මාරයියාට ශක්තිය හා දෛර්ය ලැබේවා.

    බුල්ටෝ / බුල්ටී.

    ReplyDelete
  10. ජය වේවා. හිත හොඳ මාරයියට වරදින්නේ නැහැ.

    ReplyDelete
  11. හුඟක් සතුටුයි අයියේ.. සුභපැතුම්..

    ReplyDelete
  12. ජයෙන් ජය........... :D

    ReplyDelete
  13. mage subapathum.

    ReplyDelete
  14. මන් නම් බොහොම පස්සේ බ්ලොග් කෙරුවාවට ආපු කෙනෙක්. එත් ඔබ මගේ බ්ලොග් එකටත් එබුනානේ.. ඔබේ ගමනට මගේ උණුසුම් සුබපැතුම් !

    ReplyDelete
  15. මාරයා අයියා ජයවේවා එහෙනං...
    මමත් දැකලා තියන දෙයක් තමයි සමහර බ්ලොග් ක්ෂණිකව පිම්බිලා ඇවිල්ලා ටික කාලෙකින් වෙච්චි කෙරිච්චි දෙයක් නැතිව යනවා.සමහර බ්ලොග් තියනවා බොහොම හිමින් ලොකු ගමනක් යනවා....
    ජයෙන් ජය

    ReplyDelete
  16. උණුසුම් සුබ පැතුම් අයියේ...:)

    ReplyDelete
  17. තවත් හොදට ලියන්න සුබ ආයු කාලයක් පතම් අපි සැම
    රෙස්ලින්.lk team

    ReplyDelete
  18. මාරයා අයියාට තව තවත් ඉස්සරහට යන්න කියලා ඔන්න එහෙනම් මමත් සුභ ප්‍රාර්ථනා කරනවා..ජය වේවා !!

    ReplyDelete
  19. මාරයියේ 400ට සුබ පැතුම්. 1400 ලියන්නත් හයිය හත්තිය ලැබේවා !!!!!

    ReplyDelete
  20. දිගු ගමනකට ආසිරි!!!

    ReplyDelete
  21. මාරයියේ තවත් දිගු ගමනක් යන්න මගෙනුත් උනුසුම් සුභ පැතුම්..!

    ReplyDelete
  22. ජය වේවා කිව්වා...ඔහොම ය0...මේ name/URL කමෙන්ට් ඔප්ශන් එක කලින් තාවකාලිකව අයින් කරලා තිබ්බ හින්දා මාරයට 300 දි විශ් කරන්න බැරි උනා..ඔන්න ඒකටත් එක්ක 400 දිම ජය වෙවා කිව්වා ඔන්න.

    ReplyDelete
  23. මෙන්න මගෙන් මල් මිටක්....

    ReplyDelete
  24. අනං මනං නැති ආසාවෙන් කියවන බ්ලොග් එකක් තමා මාරයියාගේ බ්ලොග් එක.ඉතින් 400 ට මගෙනුත් උනුසුම් සුබ පැතුම්.!!!!!!!!

    ReplyDelete
  25. මේ දවස් වල බ්ලොග් කියවන්නෙ නැහැ වැඩිය. ඒත් බස් එකේ දැකල දුවං ආවෙ සුබ පතල යන්ඩ. ජය වේවා මාර තුමා.. චිරං ජයතු.... දිගටම ලියමු..

    ReplyDelete
  26. ලියමු ලියමු ලියමු දිගටම ලියමු

    ReplyDelete
  27. එළ එළ දිගටම ලියන්න මෙන්න මගෙනුත් උණුසුම් සුභපැතුම්...!!!!

    ReplyDelete
  28. බ්ලොග් අවකාශයේ නම් උඹට අමුතුවෙන් තව දිනා ගන්න දෙයක් නැහැ, හිනි පෙත්තෙම ඉන්න නිසා....පුද්ගලික ජීවිතයේ සියලු බලාපොරොත්තු ඉ‍ටුවේවා, පෝස්ට් 400ක් කොටපු අත් දෙකට තව තවත් වැඩියෙන් කොටන්නට ශක්තිය සහ අවශ්‍ය නිදහස ඉක්මනින්ම ලඟාවේවා...:D

    ReplyDelete
  29. 4000 වෙනි ලිපියටත් සුභ පතන්න හැකිවේවා කියල ප්‍රාර්ථනා කරනව

    ReplyDelete
  30. මාරෙ,
    400ට සුබ පතනව තව බොහෝ කාලයක් බ්ලොග් ලෝකයේ යෙහෙන් වැජඹෙන්න ලැබේව කියන ගමන්..!!!
    මම පුන්චියට බ්ලොග් කොටයක් අටෝගත්ත වෙලේ ඒකෙ පලවෙනි පොස්ට් එකටම ඇවිත් ඔබ දාපු කොමෙන්ට් එකට මම දාපු පිලිතුර ආයි මෙතන දානව ඔබ අලුතින් එන අයට දෙන සහයෝගය අගය කරන ගමන්..

    //මාරයා: මම දුමීගෙ බ්ලොග් එක හරහ ගිහිල්ල සිංහල බ්ලොග් කියවන්න ගත්තහම හිතා ගත්ත එක දෙයක් තමා මේකෙ ඉන්න කට්ටිය හුඟක් සමානකම් තියන අය බව. IT professionals ල එතකොට විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයො නැත්නම් ඒ වගේ තැන්වල උගන්වන අය.. මේ වගේ.. ඒ අතරෙ මම දැකපු වෙනස්ම කෙනෙක් ඔබ..ඇත්තෙන්ම ඔබ වගේ කෙනෙක් මෙතන නොහිටින්න වෙළෙන්දෙක් ( Retailer ) වෙච්ච මම මේ වැඩෙට අත නොගහන්න තිබුණ…ඉතින් ඒ ගැන ඔබට ස්තුතියි. ( බලන්න අපි නොදන්නව උණාට අපි කරන දේවල් අනිත් අයගෙ ජීවිත වලට බලපාන හැටි…)//

    ජය !!!

    ReplyDelete
  31. මගෙනුත් උණුසුම් සුභ පැතුම් ,,,,,,,,,

    ReplyDelete
  32. niyamai mara ayiye..thawa liyamu...karana kiyana hamadema hodin sidda wenna kiyala prarthana karanawa...:D :D

    ReplyDelete
  33. මාරේ අයියේ 400 වෙනි ලිපියට මුලින්ම සුබපතන ගමන්ම මම මේකත් කියනවා . මම කැමතිම බ්ලොග් අතරේ ඉහළින්ම තියෙන්නේ මේ බ්ලොග් එක ..

    ඉස්සර මම මාස ගාණක් බ්ලොග් කියෙවුවා මේ බ්ලොග් එකත් පැල් බැඳගෙන කියෙවුවා . ඔහොම කාලයක් ගිහින් මමත් බ්ලොගක් පටන්ගත්තා . ඔන්න එතකොට මාරයා පුදුමාකාර විදිහට ඇවිදින් මට කමෙන්ට් එකක් තෑගිකරලා ගියා . වචන 10ක කමෙන්ට් එකක් වුණත් එදයින් පස්සේ මට බ්ලොග් එක දිගටම ලියන්න හිතුණා .ඒ උදවුව මතක තියනකම් මම හැමදාමත් උඹට ස්තූති කරනවා අමතක වෙන්නෙත් නෑ කවදාකවත්

    හිට්ස් කමෙන්ට් ගැන නොහිතා බ්ලොග් ලියන්න කීවත් අපේ හිත අපිට එහෙම කරන්න දෙන්නේ නෑ . කවුරුවත් දිගටම බ්ලොග් එක නොබලද්දී අපිට බ්ලොග් එක එපාවීම නවත්වන්න බෑ . මාරේ අයියා කීව එක හරි දැන් බොහොම ඉක්මනට හිට්ස් සහ ෆලෝ කරන අල හොයාගන්න ගොඩක් ලේසියි ඒක සිංහල බ්ලොග් ලියන අපේ වාසනාවක් ..

    සුබපැතුම් මාරේ හදවතින්ම සුබපැතුම් ..
    මාරයා උඹව ගෙනියන්න එනතුරු
    ඇහිලි වල පණ තියන තුරු
    ලිවිල්ල නම් නවත්වන්න එපා !!

    ReplyDelete
  34. ඔන්න මගෙනුත් සුබ පැතුම් ......

    තවත් දිගු කාලයක් බ්ලොග් අවකාශයේ වැජඹේවා කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා .....

    ඒ වගේම නවක බ්ලොග් වලට තව තවත් රුකුලක් වීමට ධෛර්යය හා ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා ...

    ඔබට ජය .....

    ReplyDelete
  35. මමත් උඹට හදවතින්ම සුභ පතනවා මාරයෝ . . .

    එදා සංජීවනීගේ ලිපියෙන් පටන් අරගෙන මාරයා හා එක්ව මමත් දැන් සෑහෙන කාලයක් ගතවෙලා . . .

    හිට්ස් අනම් මනම් මොකටද බන් . .

    උඹ ලියන එවයින් උඹට සතුටක් ලැබෙනවනම් . . අනිත් උන්ට ගන්න දෙයක් තියෙනවනම් . . එච්චරයි . .

    උඹට ජය . . .

    ReplyDelete
  36. මම බ්ලොග් බලන්න පටන් ගත්තෙ සිංඩියකින් නෙවේ, ගූගල් සර්ච් කරලා එහෙ මෙහෙ තියන බ්ලොග් තමයි බැලුවෙ. පස්සෙ දවසක් sbu එකෙන් "මාරයාගෙ හෝරාව"ට ආවෙ අහම්බෙන්. මම ඉස්සෙල්ලම මේකෙ, පරණ පෝස්ට් අස්සෙ තිබිච්ච පන්සල් කතාටික කියවන්න ඔපිස් ටයිම් එනකන් පස්සෙ පැය දෙකක් වැයකලා. එදා ඉදලා මේකෙ හැම පෝස්ට් එකක්ම මම කියවලා තියනවා.(දේශපාලන ලිපි නං නැති තරමට තමයි මං කැමති. මාරයාට විවේචනයක් එල්ලවුනානං ඒ දේශපාලන ලිපි වලට විතරයි).පස්සෙ කාලෙක බ්ලොග් කරුවන්ට තල්ලුවක් දෙන්න දාපු පෝස්ට් එකෙන් තමයි මාත් පුංචි තල්ලුවක් ගත්තෙ.(මගේ බ්ලොගේට මාරයා කොමෙන්ටුවකුත් දාලා තිබුනා).ජයවේවා!ආ..ඉදලා හිටලා හරි "මාර විචාරය"ටත් වෙලාවක් වෙන්කරපන්. ඒක මරු.එහෙනං මෙන්න මමත් මහපටැගිල්ල ඉස්සුවා.

    ReplyDelete
  37. හදවතින්ම සුබ පැතුම්!

    මම බ්ලොග් ලියන කෙනෙක් නෙමෙයි, බ්ලොග් කියවන කෙනෙක්. හැමදාම ඉඩ ලැබුණු විගසම කියවන බ්ලොග් එක ඉතිං මේක තමයි.

    එක එක අය එක එක විදිහට තම සාර්ථකත්වය මැන ගන්නවා, ඒවා ඒ ඒ අයට අවේනික මිමි. තමන් කරන දෙය ගැන තෘප්තිමත් නං එක තමයි වඩාම වැදගත්.

    ඉතිං, තව තවත් ලියන්න ශක්තිය හැකියාව ලැබේවා!

    ReplyDelete
  38. නියමයි මාරයෝ, උණුසුම් සුභ පැතුම්....!

    400 ට 800ක් පෝස්ට් කරන්න වාසනාව ලැබේවා....!

    ReplyDelete
  39. මට කලින් කල්දේරං බත කාපු එකාට විශ් කරන්න වැල් වටාරං මොකටද?

    "ගෙඩි පිටින් සුබ පැතුම්.....!"

    ReplyDelete
  40. "මාරයාගේ හෝරාව" මම මෙක මුලින්ම දැක්කේ සින්ඩ්යකින් තමයි...බ්ලොග් අතරේ හිතට වදින topic එකක් නිසා බැලුවා"ඇයි යකෝ දැන් මාරයොත් බ්ලොග් ලියනවද?" කියලා.එ දවස් වල බ්ලොග් කියා යසට ලියලා තියෙන බ්ලොග් එකකට කමෙන්ට් එකක් වත් දාන්න දන්නෑ මම.පස්සේ කාලේක මාත් ලියුවා.දැනට එකත් එක්ක කිහිපදෙනෙක් රැදිලා ඉන්නවා.එයාලත් නැති වුණ දවසක මමත් බ්ලොග් ලියවිල්ල අවසන් කරනවා.එත් ඔයාලත් එක්ක හැමදාමත් ඉන්නවා.මොකද ඔයාලාගේ ලිපි වලින් මම ඉගනගත් දේ බොහොමයි.ඉගනගන්න දේ බොහෝමයි.අවසාන වශයෙන් ආධුනිකයෙක් ගෙන් ප්‍රවිනයකුට උණුසුම් සුභ පැතුම්...

    ReplyDelete
  41. එම්බා මාරය තොපට ජය !
    JH

    ReplyDelete
  42. මගේ බ්ලොගයට දවසට එන්නේ 100 වගේ 2000 කතාවනම් තව හිට්ස් ගන්න ගහපු ටොන් පචයක්.

    සුභ පැතුම් ඔයාට දිගටම ලියන්න ලැබේවා.

    ReplyDelete
  43. එළකිරි මාරයියෙ! දිගටම ඔය විදියටම ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථන කරනව. මාරය අයියට තියන අත්දැකීම් එක්ක අපිට මාරය අයියගෙ පෝස්ට් වල හැමතිස්සෙම ගන්න දෙයක් තියනව. කමෙන්ට් කලත් නොකලත් හැමදාම කියවනව.

    ReplyDelete
  44. එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා!

    මෙන්න මගෙනුත් සුභපැතුම්!

    ReplyDelete
  45. මාරයා අයියේ... මගෙනුත් සුභ පැතුම් ඔන්න. මේ වගේ පෝස්ට් එකකට කමෙන්ට් කරන්න ලැබෙන එකත් වාසනාවක් ! ඔයා හිට්ස් ගැන සලකන්නැතුව ලියන එක නම් මම ගොඩාක් අගය කරනවා. හිතේ සතුටට බ්ලොග් කරනවා මිසක් අපි බිස්නස් එකක් රන් කරනවා නෙවෙයිනේ. අනික ඉතින් පෝස්ට් එකක් 500 ක් බැලුවයි, 700 ක් බැලුවයි, 1000 ක් බැලුයයි කියන එකේ ලොකු වෙනසකුත් නෑ. කොහොම හරි ඉතින් එච්චර හිට්ස් ගියා කියන්නේ තමන්ගේ පෝස්ට් එක ජනප්‍රිය වුනා තමා...

    අපිට හිට්ස් අනවශ්‍යයි... හොඳ හොඳ පෝස්ට් වැඩි වැඩියෙන් අවශ්‍යයි. ජය වේවා.

    ReplyDelete
  46. අද ඔක්කොමලා මම ගැන කතා කරලා වගේ තැන්කු තැන්කු

    එන්න මගේ වැඩ බලන්න.
    http://sadaru-world.blogspot.com

    ReplyDelete
  47. මාරයා අයියාට ජය වේවා.. සුබ පැතුම් අයියේ..

    ReplyDelete
  48. මාරයා... තමන් පුංචියි කියල හිතන එකා හැබෑවටම ලොකුයි බං. වෙන වෙන කෙහෙල්මල් මම දන්නෙ නෑ බ්ලොග්වල උඹ ලොකු මිනිහෙක්. උඹට අපි වගේම අපිට උඹවත් යා කරන්නෙ බ්ලොග් මිසක් රස්සාව, අධ්‍යාපනය, වතුපිටි, සල්ලි නෙමෙයිනෙ.

    තව කෙනෙක්ගෙ මතයක් සාවධානව අහගෙන ඉඳල තමන්ට අදාල නැත්නම් අමතක කරල දාන්න බැරිව උඹට කොච්චර මිනිස්සු බනිනවද, ඒ තරමටම උඹ තව තවත් ලොකු වෙනව මිසක් මුල් ඉදිරිලා වැ‍ටුනෙ නෑ නෙව. උඹේ දේශපාලන දැක්ම උඹට, මගේ දැක්ම මට. මිනිස්සු විවිධාකාර වෙන තරමටයි ලෝකෙ ලස්සන. උඹ මේ ලෝකෙට සුළු වශයෙන් හෝ සුන්දරත්වයක් එකතුකරපු, තව තවත් එකතුකරන මනුස්සයෙක්. එච්චරයි මට කියන්න තියෙන්නෙ.

    දිගටම ලියන්න, කියන්න දේවල් තියෙනකන්......

    ReplyDelete
  49. ජය වේවා මාරෙ අයියා...

    ReplyDelete
  50. මාර සහෝ උඹට ජයෙන් ජය මචං......අවOකවම නොදන්න දේවල් දැනගත්ත උඹෙන්, හිතන්නේ නැති පැති ගැන හිතන්න ගත්ත.....එළම කිරි....

    තව එකක් උඹම තමයි හැමදාම පළමුකොටම බල බලා හිටපු බ්ලොගය. ඒත්.....උඹම හදුන්වල දුන්නු සිත් ආරට හිත ගිහින් තියෙන්නේ දැන්. මොන දේ කොහොම උනත් හැම දවසෙම මේ පැත්තෙ නෑවිත්නම් බැහැයි කියහන්කො ඉතිං....

    ReplyDelete
  51. ජය වේවා මාරයා අයියේ.. දිගටම ලියන්න.... මාරයාගේ හෝරාව දිගටම පවතීවි

    ReplyDelete
  52. ජය මාරයා, හිට්ස් බලාගෙන ලියන්න ඕනේ නෑ. හිට්ස් වලින් බ්ලොග් සාර්තකයි කියන්න බෑ.
    මට හිතෙන විධිහට මේ මාර බ්ලොග් එක මාරයි.
    ඉක්මනටම 500 ගහන්න.

    ReplyDelete
  53. මාරයා තුමාගේ 400 මගෙන් සුබ පැතුම් . මුලින්ම මාරයගෙ හෝරවට ගොඩ උනේ දුමී ගෙ බ්ලොග් 1 ක හරහා , මුලදි මට මාරයාගෙ ලිපි අල්ලලා නොගියත් පන්සල් කතා මාලාවත් බස් ජීවිතයත් කියෙව්වට පස්සෙ අපි කවුද කියල හිතුනා .

    ReplyDelete
  54. සුභ පැතුම් අයියේ!
    ලියමු ලියමු දිගටම ලියමු :)

    ReplyDelete
  55. ජය වේවා මාරයියේ.....!!! මගෙනුත් සුභ පැතුම්...

    ReplyDelete
  56. 400 ලිපියට මගෙනුත් සුභ පැතුම්.තවත් ලිවීමට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  57. 400ට සුබපැතුම්...!!! දිගටම ලියන්න තව තවත් දිරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  58. මාරේ අයියට මගෙනුත් උණුසුම් සුභ පැතුම්.. 401වෙනි පොස්ට් එක දාද්දී ෆලෝවර්ස්ලාත් 401 වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.. ඉදිරිය මීටත් වඩා සුභ වෙන්න කියලා මම සුභ පතනවා...

    ReplyDelete
  59. මමත් මුල් කාලේ ඉදන්ම සුභපතනවා,,දන්නෙම නැතුව අද 400 ට සුභපතනවා,,,ජයවේවා මාරයියා,, ආයෙත් ඉක්මනින්ම 500 සුභපතන්න ඕනා

    ReplyDelete
  60. දිගටම ලියන්න කියල මාත් සුබ පතනවා.

    ReplyDelete
  61. මාරයාගේ හෝරාව බ්ලොග් එක තනි වාක්‍යයකට ගන්න පුළුවන්...

    "Life goes on....!"

    සුභ පැතුම් මචං... උඹට මාරයා හම්බවෙනකල් ලියපන්... මට මාරයා හම්බවෙනකල් කියවන්නම්...

    ReplyDelete
  62. සුභ පැතුම්!

    මං මේ බ්ලොග් එක කියවන්නේ මුල් දිනවල ඉඳලමයි. මං කියවපු මුල් ලිපි දැන් මෙතන නෑ මගෙ හිතේ.

    ඔය හිට්ස් ගැන සහ එක ලිපියක් කියවපු ගාන ගැන ලියල තියෙන කතා නිවරදිම නෑ. නමුත් වෙනත් නිර්ණායකයක් නැතිනම් වෙන මොනවා කරන්නද?

    මං නං හිතෙන තාක් කල් ලියනවා. එපා වුනොත් නිකං ඉන්නවා.

    හැබැයි අගෝස්තුව වෙනකං කතා ලියලා පෝස්ට් කරලත් ඉවරයි දැන්.

    මාරයා ගේ හෝරාව කොයි මොහෙතේ එයිද කවුද දන්නේ. වෙලාව ආපුවාම යන්න වෙනවා!

    ReplyDelete
  63. හෙන දිග කොමෙන්ට් එකක් ලිව්වා, එක චුටි අත් වැරද්දකින් මැකුන, ආය ලියන්න කම්මලිය්, අර සතියක් පාවිච්චි කොරන ලීටර් දෙකෙන් චුට්ටක් විතර අනුමත වෙලත් ඉන්නෙ. කොඩ්රබල් සෙන්චරිය ගහන්නත් ඉස්සෙල්ල, ඒ කියන්නෙ ස්කෝර් එක 399 තියෙද්දි අප්පුඩි ගහල විසිල් ගහල චියර් කොරල මහන්සිය්.Wish you all the best කියල දැනට නවතින්නන්

    ReplyDelete
  64. මේ මොනවා කියනවද. ''මාරයා කියා කෙනෙක් බ්ලොග් එකක් ලියනවා . හරිම අවංක නිර්ව්‍යාජ ...බ්ලොග් එකක් '' ඔන්න ඔහොම අපේ බනිලගේ තාත්ත ඕක විස්තර කලේ. මට මග අරුණත් එයා අදත් මුලින්ම බලන බ්ලොග් එකක්. ඒ කාලේ බ්ලොග් කියන්නේ මොනවද ...සිංහල ටයිප් කරන්නේ කොහොමද කියලවත් දැන හිටපු දවස් නොවේ. කතන්දර වගේම මාරයා මගේ බ්ලොග් එකේ කමෙන්ට් එකක් දාපු දවස හරිම සතුටුදායක දවසක් වුනා .
    නවක අයට කරපු උදව්වත් අමතක නැහැ. සුබ පැතුම්!!!!!!

    ReplyDelete
  65. මාරයට ජයවේවා.....!!!!!!
    :D :D :D :D

    ReplyDelete
  66. මාරයියේ.. කසාදයක් බැදගත්තොත් නරකද ? :D :D

    ReplyDelete
  67. මගෙන් සුබ පැතුම් !

    ReplyDelete
  68. අපෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  69. ගොඩාක් ලොකු ගමනක් යන්න මාරයා අය්යාට ශක්තිය තියනවා....
    මේ බ්ලොග් ‍ෆිල්ඩ් එකට එන අලුත් අයට ඔයාගෙන් ලොකු ශක්තියක් ලැබෙන්නේ අය්යේ..
    හැමදාමත් මේ වගේ දේවල් වලින් බ්ලොග් පොස්ට් 400 වගේ 40000 කටත් එහා ලියන්න ශක්තිය ඔයාට ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා...

    පොඩි දෙයක් කියන්න තියනවා උඩ මගේ නමින් දාලා තියන කමෙන්ට් එක නම් මගේ නෙමේ.. කාගේ වැඩක්ද කියලා නම් මම දන්නේ නැ.. සමහර විට අතේ කොට් වෙන්න ඇති

    ReplyDelete
  70. ඔන්න මමත් උඹට සුබ පැතුවා... ඔෆිස් එකේ කැමරා කවර් කරන් හැමදාම උදේට උඹේ පෝස්ට් තියෙනවද කියලා බලන්නේ... ඒ වෙලාවට කොමෙන්ට්ස් දාන එක බොරු..... එහෙම නැතත් හැමදාම උඹේ බ්ලොගේ මම බලනවා...

    ReplyDelete
  71. 400 කඩඉමට උණුසුම් සුභ පැතුම්. 4000ත් ඉක්මණට සපුරන්න හැකිවේවා. ජය!

    ReplyDelete
  72. ඇති කියලා හිතෙනකම්ම ලියන්න.
    එච්චරයි.

    ජය වේවා...

    ReplyDelete
  73. මාරයා අයියේ ,post 400 යට මගෙන් උණුසුම් සුබ පැතුම්...

    ReplyDelete
  74. ''හාලොන්ග් බේ '' ගැන ලිව්ව ලිපිය කියවන්න බැරි වුණා නේද. අදහස් නැතුවට කමක් නැහැ . කියවල යන්න . අපරාදේ පින්තුර ටික මග අරුනොත්
    http://nelumwila.blogspot.com/2011/06/blog-post_26.html#comments
    [ඇඩ් එකක් නෙමේ ].

    ReplyDelete
  75. මගෙනුත් උණූසුම් සුබ පැතුම් ....

    ReplyDelete
  76. 400ta 800k post boo weewa....

    ReplyDelete
  77. මේ පොස්ට් ගාන 400-->4000-->40000----->40000000000000 දක්වා හෝ වයසට ගිහිල්ල අත වෙවුලනන කොට ටයිප් කරන්න බැරි වෙන දවසක් දක්වා, මොනවා හරි කියන්න ලැබේවා... අපි හැමදාම ඔය එක්ක ඉන්නවා... සමහර දවස්වල කොමෙන්ටුවක් දාන්න වෙන්නේ නා.. හැබැයි අනිවා ඇවිල්ල මොනවද මේකේ තියන බහුබූත කියල කියවල යනවා.. ඔයාගේ බ්ලොග් ජීවිතය මෙන්ම ඇත්ත ජීවිතයත් සර්වප්ප කාරයෙන්ම සාර්ථක වේවා...

    ReplyDelete
  78. මම තමයි හැමෝටම මඩ ගහන දේවක

    ReplyDelete
  79. මුලින්ම සුබ පැතුම් මාරයෝ.

    ගොඩ කලකට පස්සෙ මෙතන කොමෙන්ට් එකක් දාන්නෙ. ඔය ඔක්කොමට වඩා වැදගත් දේ තමා උඹ සමහර පොස්ට් හරහා ලබා දෙන දැනුම ඒවා හරහා ඉතිරි කරන හිතන්නට ඉතුරු කරන දේවල්.
    මමත් මේක කියවලා
    හිනාවෙලා තියෙනවා
    දුක් වෙලා තියෙනවා
    ජීවිතෙ ගැන පැය ගනන් හිතලා තියෙනවා
    හිතුනු දේවල් මෙතන කොටලා තියෙනවා ( එක් වතාවක් හැර ඒක වෙනුවෙන් හිතුනු දේවල් ගොඩක් තිබ්බත් කාර්යබහුලත්වය ඒ ගැන ලියනා තිබ්බ අවස්තාව මග හැරෙව්වා)

    ඉතින් ජය වේවා

    ReplyDelete
  80. මගෙනුත් උනුසුම් සුබ පැතුම්.!!

    ReplyDelete
  81. ලස්සන නිර්මාණ තව තවත් බිහිවේවා.
    මමනම් ගොඩාක් ආස මාරය්යා අපිව අඬවලා ලියන ලිපි වලට.
    අපේ හිතේ සමහර වෙලාවට ඇති වෙන හැගීම් ඒ විදියටම ලියනවා. මමනම් අඬලත් තියෙනෙවා ඒවා කියවලා එතරම් සමීපයි.
    ස්තූතියි අයියෙ.
    Gimhani

    ReplyDelete
  82. මාරයෝ, මාරාවේශයෙන් තව බොහෝ ලියවිලි හදන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමි...

    ReplyDelete
  83. තවත් දිගු කලක් මේ විදිහටම ලියන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියා....

    ReplyDelete
  84. මාරයියාට තවත් චිරාත් කාලයකට මේ බ්ලොග් එක ලියන්න ලැබේවා...!
    මම ලගදි තමා මේවා කියවන්න පුරුදු උනේ. ඇත්තටම මීට මාසෙකට කලින් මම බ්ලොග් එකක් බලලා තියා සින්හල අකුරක් වත් හරියට ටයිප් කරන හැටි දැනන් උන්නේ නෑ.මම බැලුව ඒවයින් 4 වැනි බ්ලොග් එක තමා මේක. මම තාම මේ බ්ලොග් බලන නිහඬ ආගන්තුකයෙක් පමනයි. ඒත් කවදාහරි මගේම බ්ලොග් එකක් පටන් ගන්න තියන මගේ අදහසට මේ මාරයාගේ හෝරාවෙන් ලැබෙන ගුරුහරුකම් වලට ගොඩක් වටිනවා.
    ඔබට ජය....!!!

    ReplyDelete
  85. මාරයෝ;

    බ්ලොග්කරණයේ අවුරුදු ගානක් මාත් හිටියේ හිට්ස් ගැන නම් හිතාගෙන නොවේ. ලියන්නට ඇති ආසාව නිසාවෙනි. එය ඔබටත් නො අඩුව ඇති බවයි මට පෙනෙන්නේ. බ්ලොග් කරණයේ ඉන්න බහුතරයක් අය ලියන්නට ඇති ආසාව නිසා බැලුවත් නොබැලුවත් ලියන්නන්.

    මාරයා සිංහල බ්ලෝග් ලෝකේ අමතක නොවෙන සලකුණක්, අයිකොනයක් ලෙස හැමෝම සලකනවා. ඔබට හිමි ඒ තැන ද රැක ගෙන, අර්ථ භාව රස තවත් වැඩි දියුණු කරගෙන 400 800 ක් වෙනවාටත් වඩා, මේ 400 ටත් වඩා ඔබ ලේඛකයෙකු ලෙස තවත් තෘප්තිමත් කරන සිය දහස් ගණනක් සටහන් ලියන්නට ඔබට සුබ පතමි.

    ජය.

    ReplyDelete
  86. පරක්කු වුණාට සොරි වේවි මාරයියේ. ඔන්න එහෙනං අපෙනුත් උණුසුම් සුභපැතුම්. තවත් චිරාත් කාලයක් බ්ලොග්කරණයේ යෙදෙන්න හැකිවේවා...!!!

    ReplyDelete
  87. ඔයාට සුබපතනවා මාරයො.... දිගටම ලියන්න...
    Prasanga

    ReplyDelete
  88. සුබ පැතුම් මාරයියේ... දිගු ගමනකට ආසිරි...

    ReplyDelete
  89. මරයගෙ හොරව මමත් කියවනව ගොඩක් අපි නොදන්න දෑ දන ගතතා ඔබගෙ බ්ලොග් කියවිම්මෙන් මම කමෙන්ට් කරන 1දවස අද මගෙන්නුත් උනුසුම් සුබ පෙතුම් බ්ලොග් අවකසයෙ ඔබ ඉහලින්ම ඉනනව ඔබ ලියන සෑම අකුරක්ම සි0හල අපේකම ගෑ විල එකම තම ඔබට මෙ තරමට කමෙන්ට් කරන්නෙ ඔබට ජයන් ජයම වෙව

    ReplyDelete
  90. හැම දෙනාටම වෙන වෙනම අමතන්න නොහැකි වීම ගැන අමනාපනං වෙන්ට එපා...මෙතන තියෙන කොමෙන්ට් ටික කියවලා ඉවර කරගත්තෙත් බොහෝම අමාරුවෙන්... කොමෙන්ට් 95ක්..ලේසීයෑ..ඒවත් වැඩි හරියක් අත දිග ඇරලා ලියපු ඒවා...


    ඇත්තටම හැමෝටම බොහෝම ස්තූතියි..මේ තරමට මට දක්වපු ප්‍රතිචාර වලට..ඒ වගේම පෝස්ට් එක දානකොට හිටිය ෆලෝවර්ස්ලා ගනන 393ක් උනත් දැන් ඒක 400ත් පන්නලා...නිකමට ගණන් හදලා බැළුවත් එක ලිපියකට එක්කෙනා ගානේ වගේ ඉන්නවා..

    මෙච්චර කලයක් මගල් වගේ ලිපි ලිව්වට ණය නැහැ කියලා හිතෙන්නේ මෙවා දැක්කම තමා..

    මේ තරමට හයියක් දෙන ඔබ සියළු දෙනාටම බොහෝමමත්ම ස්තූතියි.. ඊ ළග ලිපියත් පෝස්ට් කරලයි මං මෙතනට ආවේ.. මොකද ලියනවා හැර වෙන දෙයක් ඔබට දෙන්න මා ලග නැති නිසා...

    ඒ නිසා නැවතත් කියමි..ස්තූතියි හිතවතුනි..හිතවතියනි...

    ReplyDelete
  91. හප්පේ දා ගත්ත මාරම මාර දුකක් දීල....දැන් හරි....ඔහොම යමු....

    ReplyDelete
  92. මචං ඇත්තටම සංතෝසය! සිරා කියන්නේ. අපේ එකෙක් 400 ක් ගැහුවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි!

    "ඒත් ඊට වඩා හිතේ සතුටක් ඇති වෙනවා අමාරුවෙන් පොස්ට් එක එක ලිය ලිය..කමෙන්ට් දෙක තුන වැටිලා..විටින් විට ෆලෝවර්ස්ලා එකතු වෙලා ..හිමිහිට ආපු ගමන දිහා හැරිලා බලද්දී..."

    ඔන්න ඔය කතාවට මම හරිම කැමතියි. ඒ බලනකොට දැනෙන ආඩම්බරය වචන වලින් විස්තර කරන්න බෑ බං.

    තව දෙයක්. උඹ හිට්ස් ගැන ගොඩක් කතා කරේ ඇයි බං. මට නං හිතා ගන්න බෑ ඒ ඇයි කියලා. ඇත්තටම උඹ හිටස් සෑහෙන්න බලා පොරොත්තු වෙමින්ද බ්ලොග් ලියන්නේ? නෑ නේද? සමහර විට උඹ අනික් අයට බ්ලොග් එකේ තත්ත්වේ තේරුං කරලා දෙන්න ඕනවට හිට්ස් ගැන ලියන්න ඇති. එහෙම නැත්තං මට තේරුං යන්න ඇත්තේ වැරදියට :)

    හැබැයි හිට්ස් ගැන වොරි වෙන අයට උඹේ බ්ලොග් එක තර්ජනයක්. මොකද උන් හැමෝටම වඩා උඹට හිට්ස් තියෙනවා.
    හිට්ස් බලාගෙන බ්ලොග් ලියන්නේ නැති කෙනෙක්ට එච්චර හිට්ස් තියෙනවා කියන්නේ මට නං අම්බානක සංතෝසයක් :-)

    හිට්ස් ඕන නෑ බං. හිත හෑල්ලු වෙන්නනේ අපි බ්ලොග් ලියන්නේ :) උඹට ජය!!!

    ReplyDelete