02 June 2011

පිරිකරක කථාව...

පෙරේදා ලියපු මෙන්න මේ කතාවට අදාලවම තමයි අද මේ ලිපියත් ලියන්නේ...ඇත්තටම ඊයේ ලිව්වේ මේ ලිපියට ආරම්භයක් ගැනීම සඳහා වූ සටහනක්...

දන් දීමත්..දන් පිළීගැනීමත් අද ඊයේ සිට නොව බොහෝ පුරාතනයේ සිට පැවත එන්නාවූ කාර්යයන් දෙකකි...එය බුදු රජාණන් වහන්සේගෙන් ඇරඹියක් නොවේ...කල්ප ගණන් පෙර සිට දානයත් එය පිළි ගැනීමත් එක්ව බැඳී පැමිණ ඇත..එය ඒ ඒ කාල වලදී විවිධ ස්වරූපයන් ගෙන ඇති බව සිතිය හැක..අද වන විට පවතින තත්වය පිළීබඳව විනා අතීතය ගැන කතා කිරීමට මෙයින් බලා පොරොත්තු නොවූවත් යම් යම් ස්ථාන වලදී පමණක් අතීත සිදුවීම්ද පැටලෙන්නට ඉඩ නැතිවාම නොවේ...

දාන වර්ග බොහෝ ඇත...දානයේ ප්‍රභේද ලියන්නට මා උගෙන තිබෙන ප්‍රමානය මදිය...ඒ පිළීබඳව සුළුවෙන් හෝ දැන ගැනීමට ඇවසිනම් කරුණාකර "අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල" හිමියන් විසින් රචිත පාරමිතා ප්‍රකරණය සොයාගෙන එහි පළමුවෙන්ම ඇති දාන පාරමිතාව කොටස කියවීම ඔබට බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.
...................................................
වර්ථමාන සමාජයේ දන් දෙන ආකාරය මඳක් විමසා බැලීම කියන කාරණය මත පමණක් පිහිටා මෙය ලිවීම අති දීර්ඝ ලියවිල්ලකට නොයා සිටීමට හොඳම මාර්ගය බැවින් අපි ඒ පිළීබඳව අවධානය යොමු කරමු.

මිනිසුන් දන් දෙති..විවිධ අරමුණු උදෙසා දන් දෙති... දීමට නම් යම් දෙයක් තිබිය යුතුය...දිය යුත්තේ තිබෙනා සැටියට විනා අන් අය දෙන හැටියට නොවන බව දැන ගත යුතුම කාරණයකි...

රුපියලක් දෙන එකද රුපියල් දාහක් දෙන එකද වැඩිය පින් සිද්ධ වෙන කාරණාව යන පැනය කිසිවෙකුගෙන් විමසුව හොත් එයට විවිධ පිළීතුරු ලැබෙන්නට හැක...නමුත් සරලම කාරණය වන්නේ..එසේ මුදලේ හෝ වස්තුවේ වටිනාකම පිනෙහි උස්පහත් කමට හේතු නොවනා වගය..

උදාහරණයක් ලෙස දුගී අසරණ මිනිසකු තමා සතු එකම රුපියල සැදැහැ සිතින් යුතුව යම් අවස්ථාවකදී දන් දෙනු ලබයි නම් එය ‍මහත්සේ වස්තු සම්පත් ඇති අයකු සිය ධනයෙන් අල්ප කොටසක් වන රුපියල් දහසක් දන් දෙනවාට වඩා මහත් ඵල මහානිසංශ ලද හැකි පුණ්‍ය කර්මයකි.(මෙහිදී ප්‍රතිග්‍රාහකයාගේ තත්වය අනුව දානයේ උස් මහත් කම වැඩි වීම යන කාරණය මවිසින් ඉවත හෙලා ඇත..සරලව පැහැදිලි කිරීමට ඇවසි වීම යන හේතුව මත..)

දානයක් දීමේදී සිත බලවත් වේ...සිත බලවත් නොවූ දානය බොහෝ දුර්වල ආනිසංශ මිස අන් යමක් ලගා නොකරයි...

පූර්ව..මුඤ්චන..අපර... වශයෙන් සිත් තුනකි...

පූර්ව යනු දානයක් දීමට පෙර..එනම් දිය යුතුය යන සිතිවිල්ල සිතේ පහළ වූ අවස්ථාවේ පටන් එය ක්‍රියාවට නගන මොහොත දක්වාම ඒ පිළීබඳව සිතේ ඇති වී නැති වීයන සිතුවිලි දාමය වේ..සමහරක් අය තමුන්ගේ ඥාතියකු මිය ගිය විට ඒ අය වෙනුවෙන් දානයක් දීමට සිතති..නමුත් සමහර විට එය ඉටුකරගැනීමට වන්නේ වසර දහයක් පමණ ගිය පසුව විය හැක..එසේ වූ කල අර මුල්ම සිතිවිල්ල පහල වූ අවස්ථෘවේ සිට ගතවූ දස වසර තුලදීම එම දානය පිළිබඳව සිහිවී ඒ වෙනුවෙන් යම් දෙයක් කරයි නම්..(උදා හරණ ලෙස..යම් බඩුවක් මුට්ටුවක් ඒ සඳහා මිලදී ගැනීම..මුදලක් වෙන් කර තැබීම..කිසිවකු හා ඒ පිළීබඳව සාකච්ඡා කිරීම..ආදී වශයෙනි..) එම සෑම දේම සිදුවන්නේ පූර්ව සිතට අනුවය..එසේ එම පින්කම වෙනුවෙන් සිතන්නා වූ සිතිවිලි පිරිසිදුව තබා ගත යුතුය..එම දානය දෙන තෙක්ම සිතේ සතුටින් ඒ පිළීබඳව කල්පනා කල යුතුය...එය වදයක් හිරිහැරයක් ලෙස සිතාගෙන මනසින් දුක් වේ නම් පූර්ව චේතනාවට හානි පැමිණේ...

මුඤ්චන හෙවත් දානය දෙනු ලබන අවස්ථෘවේදී සිත පිරිසිදුව සතුටෙන් යුතුව එය කල යුතුය...දානයක අරමුණ පින් රැස් කර ගැනීම..අනුමෝදන් කරවීම ආදිය විනා කැපී පෙනීම...ලෝක චාරිත්‍ර ඉෂ්ඨ කිරීම වැනි දෙයක් නොවිය යුතුය..එසේ සිතා දෙනු ලබන දානයේ මුඤ්චන චේතනාව දුර්වල වේ...එසේම දානය දෙනු ලබන අවස්ථාවේ ඇති වන සුළු අඩු පාඩුවක් ගැන හෝ සිතා සිත දුර්වල කර ගැනීම සුදුසු නැත...

අවසාන අවස්ථාව අපර සිතයි...

මිනිසුන්ට ලිං කපන්නටත් හැක..ලිදෙන් දිය අදින්නටත් හැක..එහෙත් අවසානයේ දිය ඇදි කලය බිඳ දමන්නේ නම් ඒ ගෙන ආ දිය අපතේ යනු විනා එයින් පලක් ප්‍රයෝජනයක් ලද හැකි නොවේ...
දානයක් දී අවසානයේ තම මරණය දක්වාම ඒ දුන් දානය පිළීබඳව සිතා සතුටු වීමට හැකියාව මිනිසාට තිබිය යුතුය...
"අනේ මම දුන්න දානය ඔයිට වඩා හොඳට දෙන්න තිබුණා.."
"අහවලා මට වඩා හොඳ දානයක් දුන්නා..මගේ දානය ඒ තරම් නැහැනේ.."
"අපරාදේ ඔය දානය දුන්නේ ඊට වඩා හොදා ඒ මුදලින් අපි කෑවානම්.."
"අහවලාට දානය දුන්නේ අපරාදේ..එයාට නැතිව අසුවලාට දුන්න නම් මීට වඩා හොඳයි.."
"අපෝ මං දුන්න දේ විකුණනයිද..?"

මෙවැනි දේ සිත් තුල පහළ වීම අරුමයක් නොවේ..එහෙත් එයින් වන්නේ දිය ඇදි කලය බිඳ දැමීමක් පමණි..මන්ද ඒ වන විටත් තමන් දුන් දේ දී අවසානය...එය සිහිපත් කර සතුටු වනවා හැර පසුතැවීම යනු කල කිසිම දේකින් පලයක් නැති වී යාම පමණි...

"පුබ්බේ ව දානා සුමනෝ..
දදං චිත්තං පසාදයේ..
දත්වා අත්ථ මනො හොතී..
ඒසායං යස්ස සම්පදා.."

-දානයක් දීමේදී පෙර සිතත්..දෙනු ලබන අවස්ථාවේ සිතත්..දන් දී අවසානයේදී සිතත් ප්‍රසාදයට පත් වන්නේ නම් එයින් මහත් ඵල මහානිසංස ගෙන දෙනු ඇත...

.........................................
අද වැඩිපුරම වෙන්නේ කුමක්ද..?

කිසිවකු මිය යයි..ඔහුගේ ඥාතීන් හඩා වැටේ..ඔහු වෙනුවෙන් දන් දීම ලෝක චාරිත්‍රයක් ලෙස සලකා කිරීමට සැරසේ..නමුත් ඒ සඳහා සිත පහදවා ගත නොහැක... නමුත් කල හැකි වෙන යමක් නැත..දෙන දානය අනිත් අයට පේන්නට දිය යුතුවත් ඇත...කිසිවකුට දෙවැනි වන්නට නොහැක..දානයේ ලොකුකම පේන්නට නම් වැඩි පිරිසකට එය දිය යුතුය..පස් නමක්..මදි මදි..හත් නමක්..අපෝ මිනිස්සු අපිවත් පොඩි මිනිස්සු හැටියට සලකාවී..දහනමක්.ම්හ්හ්..තව මදි වගේ.. පහලොස් නමක්..විසිනමක්...පනස් නමක්..සියක් නමක්...මගෙ අම්මෝ..ඒක නම් හොදයි..ඒත් වියදම..කන්න දෙන ටිකනං කොහොම හරි කරන්න බැරියෑ..ඒත් පිරිකර...?

මේ වන විට දානය හා පිරිකර එකටම බැඳී ඇත..එය නැතිවම බැරි අංගයක් වී ඇත...මුල් කාලයේ කෙසේ වෙතත් අද වන විට එය ගාස්තුවක් බවට පත් වී ඇත...

දානයක් සඳහා ස්වාමීන් වහන්සේලා සොයා ගැනීම අද වන විට ලෙහෙසි කරුණක් නොවේ... බොහෝ පන්සල්වල වැඩ ඉන්නේ නමක් හෝ දෙනමක් පමණී..පිරිවනක් හෝ තරමක් ප්‍රසිද්ධ පන්සල් වල පමණක් වැඩි ප්‍රමාණයක් වැඩ සිටිනු දක්නට ලැබේ.. එහෙත් දායකයින් ගොස් දානය සඳහා දහ දොළොස් නමක් ඉල්ලනු ලබයි... ඉතින් පන්සලේ හිමියන් වට වන්දනාවේ යා යුතුය...අවට පන්සල් වල හිමිවරුන් කතා කර ගත යුතුය..තවත් ගැටළුවක් වන්නේ සෑම දෙනාම දාන මාන දෙන්නට සැරසෙන්නේ සති අන්තයේ වීමයි..ඉරිදා..සෙනසුරාදා..හෝ පොහොය නිවාඩුව මේ සඳහා සකස් කර ගනී...එහෙත් සෑම පන්සලකටම එම දිනවලදී ආරාධනා බොහෝමයක් ලැබීම සාමාන්‍ය තත්වය වේ...

මෙවන් අවස්ථාවලදී කිසිසේත්ම ලග පාත පන්සලකින් හාමුදුරුවරුන් සොයා ගැනීමට නොහැකිනම් පන්සලේ හිමියන් පත්වන්නේ අතිශයින් බැරෑරුම් ගැටළුවකටය..බොහෝ දායකයින් නම්‍යශීලී නැත... මොන විදියකින් හරි තමුන් ඉල්ලූ ප්‍රමාණයම දානයට අවශ්‍යය...එක්නමක් හෝ අඩු වූවහොත් මුහුණු කළු කර ගනිති...එහෙයින් කෙසේ හෝ ඉල්ලුම සැපයිය යුතුය... එවැනි විටක කල හැකි එකම දේ පිට පළාතකින් හෝ හිමිවරුන් වැඩමවීමයි...මේ සදහා සමහර විටක දායකයා ගමන් පහසුකම් සලසයි..නමුත් සමහර විටකදී ඈත යෑම සඳහා රථවාහන ලබාදීමට මදක් පසුබසී...

එවැනි වේලාවකදී පන්සලේ හිමියන් අතින් වියදම් කොට හෝ දුර සිට වඩින හිමිවරුන්ට ප්‍රවාහන පහසුකම් සැලසිය යුතුය... බොහෝම අමාරුවෙන් දගලා කෙසේ හෝ ඉල්ලූ ප්‍රමාණයට අඩු නොවන්නට හිමිවරුන් දානයට ඉදිරිපත් කල විට විහාරාධිපති හිමියන්ට ඇති වන්නේ මහා යුද්ධයක් දිනුවාක් වැනි හැගීමකි..මෙම තත්වය කෙතරම් දුෂ්කරතාවයක්දැයි දිනකට හෝ පන්සලක් පාලනය කර බලාම දත යුතුය...

අවසානයේදී කෙසේ හෝ දානය පිළිගැන්වෙයි..ඒ අවසන පිරිකර පූජාවක්ද සිදුකෙරෙයි...ඊ ළග ගැටළුව මතුවන්නේ මෙතනදීය...රටට අණබෙරගසා විසිතිස් නමක් වඩමවා දන් දුන්නද පිරිකර දීමේදී ඒ සඳහා වියදම් කර ඇත්තේ බොහෝ සුළු මුදලකි...අර ඈත සිට බොහෝම අමාරුවෙන් වඩමවාලන්නට යෙදුණ හිමිවරුනට එසේ කුඩා පිරිකරක් දී යැවූ පසුව ඊ ළග අවස්ථාවකදී දානයක් සඳහා එම පන්සල්වලින් හිමිවරුන් වඩමවා ගැනීම කල නොහැක...

මෙතනදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත...

"ඇත්තටම දෙන දේ කුමක් වූවත් බාරගන්නා කෙනා එය සතුටින් බාර ගත යුතුයි නේද..?"
"බුදු හාමුදුරුවෝ කිව්වද පිරිකර දෙන්න කියලා..?"
"හාමුදුරුවරු දානෙට එන්නේ පිරිකර ගැන බලාපොරොත්තුවෙන්ද..?"
"ඇත්තටම මේ හාමුදුරුවරු බුද්ධාගමේද..?"

මිනිසුන්ට මෙම කාරණාව විවේචනයට ඕනෑ තරම් ඉඩ ඇත..නමුත් සිහියේ තබාගත යුතු දේ බොහෝය...

කණගාටුවෙන් වූවද කිව යුත්තේ අද ඇත්තේ බුදුන් දවස තිබූ සාසනය හෝ..එදා වැඩ සිටි රහතන් වහන්සේලා හෝ... අද තිබෙන්නේ එදා පැවති සමජ ක්‍රමය හෝ නොවන වගයි...

සෑම දේම ඒ ඒ කාලයේ හැටියට අනුවර්ථනය වී ඇත...අප සෑම දෙයක්ම වාණිජකරණයට ලක් වී ඇතැයි කියන්නේ මෙම තත්වයටමය..ඒ අනුව පන්සල හා සාසනය යනු සමාජයේම කොටසක් විනා එයින් පරිබාහිර දෙයක් නොවන වග තේරුම් ගත යුතුය.. අද සිටින්නේ සම්මුති මහා සංඝ රත්නයය යන්න නිතර සිහි තබා ගත යුතුය...

බුදු දහම නොව ලොව පවතින සෑම දහමක්ම මේ තත්වයට පත්ව ඇත...

ආගම් දහම් කොතරම් ලොව තිබුනද..එයින් නියම පලය ලබන්නේ අල්පයක් පිරිස පමණකි..නමුත් එසේ එක් අයකු හෝ එයින් පලයක් ලබයි නම් එම දහමට විනාශ වී යානොදී ආරක්ෂා කර ගැන්ම වටී... සම්බුද්ධ ශාසනයට ඇතුලත් වන සියල්ලෝම සසර කල කිරුනවුන් නොවේ..කුඩා කලම සිවුරට ආසා කල අය මෙන්ම..දිළිඳු කම නිසා පැවිදි වූවෝද බොහෝය..නමුත් වැදගත්ම දේ අනාගතයේ හෝ ධර්මාව බෝධය ලබා ගැනීමට තරම් පින් කර ඇති අය වෙත මෙම දහම රැගෙන යාමයි..ගිරවුන් සේ කට පාඩම් කොට හරි බණ දහම් ඉදිරියට ගෙන යන විට අනාගතයේ දවසක එම දහම උපකාරී කරගෙන එක් අයකු හෝ නිවන් දකී නම් ඒ වෙනුවෙන් දහම ආරක්ෂා කර ගත් අය කර ඇත්තේ සේවයකි.

ඒ ආකාරයෙන් බලනා කල අප දානයක් දෙන්නේ සම්බුද්ධ සාසනයේ චිරස්ථීතියට මිස.. අන් යමකට නොවිය යුතුය.අදටත් දහමින් පල ලබන අය බොහෝ ඇත..හෙටත් බිහිවනු ඇත..එසේ නම් ඔවුන් සදහා දහම ආරක්ෂා කර ගැනීමේ කටයුත්තට සුළුවෙන් හෝ සම්බන්ධ වන පැවිද්දෙකුට යමක් දීම අපතේ යාමක් නොවේ...ලබන තැනැත්තාගේ ගති ගුණ සිතුම් පැතුම් කෙසේ වූවත් ඔබ පුදන්නේ සසුනේ ආරක්ෂාවටය...

සමහර විට මෙසේ සිතිවිල්ලක් කෙනෙකුට පහළ විය හැක..වියදං කරලා කන්නත් දුන්නනං තව මොන පිරිකරද..? ඒ මදෑ..?

ඇත්ත.. අද කාලයේ කන්න වේලක් දෙන එක ලේහෙසි නැත..ඊටත් දානයකදී එය කොහොමවත්ම ලෙහෙසි නැත...

නමුත් අද වන විට පන්සල්වල ඉන්නේ හිමිවරුන් බොහෝ අල්ප ප්‍රමාණයකි..සමහර පන්සල්වල බංගලිදේසයෙන් වැඩම කල හිමිවරුන් පිරී ඇත..ඒ දාන මාන සඳහාම එකතු කරගෙන යාමට මිස ඔවුන් මෙහි ලබන දහම් අධ්‍යාපනයක් නැත. ඒ තරමටම අද වන විට සාසනයට ඇතුලත් වන පිරිස අවම වී ඇත..එහෙයින් ස්වාමීන් වහන්සේ නමකට දානාරාධනා ඕනෑ තරම් ඇත... කන්න ටික නැතිව දානයට එනවා නොවේ...බොහෝමයක් හිමිවරුන් වඩින්නේ පිරිකර පිළීබඳ බලාපොරොත්තුවෙනි..

වටේ යන්නට උවමනා නැත..මෙය සැබෑ තත්වයයි. එයට දොස් කියන්න ට ප්‍රථමව කල්පනා කර යුතු බොහෝ දේ ඇත.

අද හාමුදුරුනමකට කියා බස්වල නිකං යන්නට දෙන්නේ නැත..ෆාමසියෙන් බෙහෙත් ටික ලැබෙන්නේවත් පොතක් පතක් නොමිලේ ලැබෙන්නේත් නැත.. මේ සරල කාරණාය..නමුත් තත්වය මීට වඩා බරපතළය..ඊට පෙර මා පවසන්නම් වැඩි දෙනා අහන්න කැමති දෙයක්...

පිරිකර විකිණිම වරදක්ද..උත්තරය පැහැදිලිවම ඔව්..එය මා කලත් වෙන අයකු කලත්..මොන දේ වෙනුවෙන් කලත් එය වරදකි. මා කල නිසා අත සෝදා ගැනීමට බොරු කියන්නට මට උවමනාවක් නැත.

පිරිකර විකිණීම තබා වැඩිපුර පිරිකර තබා ගැනීමත් විනයට අනුව වරදකි.විනය නීතිවලට අනුවනම් භික්ෂුවක් සතුව පැවතිය හැක්කේ තමා පරිහරණය කරනා භාණ්ඩ පමණකි.

මෙතනදී තවත් කරුණක් කිව යුතුය..විනය පිටකයේ මෙම කරුණු සඳහන් තැන් මාගෙන් ඉල්ලා සිටින්නට නම් සූදානම් නොවන්න..මන්ද මා කියවන දේ සිතට ගන්නවා විනා ඒවා කට පාඩම් කිරීම හෝ තිබූ තැන් වනපොත් කිරීමට කිසිදිනක උත්සහ නොකරන අයකු බැවිනි.

මාගේ මතකයේ තරමින් භික්ෂුවකට තබා ගත හැක්කේ තමන් පාවිච්චි කරන සිවුරට අමතරව එක සිවුරක් පමණි. අමතරව ගැබෙන සෑම දෙයක්ම පිරිකරවල අඩුවක් ඇති භික්ෂූන්ට බෙදා දිය යුතුය..එවැනි කෙනෙක් නොමැතිනම් විහාරයක ඇති පොදු කාමරයක එසේ ඇවසි කෙනෙකුට ගැනීම සඳහා තැන්පත් කර තැබිය යුතුය.

විනයට අනුව අද කාලයේ ජීවත් වන භික්ෂුවක් සොයා ගැනීමට උත්සහ කිරීම උපමාවකින්වත් පැහැදිලි කිරීමට උත්සහ කිරීම අර්ථ විරහිත කාරණාවකි. මොන තරම් ප්‍රසිද්ධ වූවත්..ත්‍රිපිටකය අතැඹුලක් සේ දැන විවිධ අරුතින් පැහැදිලි කරන්නා වූ අයකු වූවත්..මොන විදියේ ආශ්‍රම ගොඩ නංවාගෙන..මහා පිරිවරක් ඇතිව සිටින්නා වූ අය අතර එසේ අය සෙමීමත් විහිළුවකි.

එසේම වනගත ආරණ්‍යවලට එවැනි අය සොයා ඇදෙන අයටත් මා හට කියන්නට සිදු වන්නේ එම කරුණම පමණකි.

නමුත් මෙහිදී බුදුන් විසින් වදාළ යැයි සැලකෙන එක් කරුණක් පිළීබඳව අවධානය යොමු කල යුතුය..
එය නම් කාලානූරුපව හා ප්‍රදේශයට අනුව කුඩා සහ අනු කුඩා ශික්ෂාපදයන්හී සංශෝදන සහිතව (බහුතරයක් භික්ෂූන්ගේ අනුමැතිය ඇතිව) පිළීපැදීම උන්වහන්සේ අනුදැන වඳාල වග පැවසේ..

නමුත් එම කුඩා සහ අනුකුඩා ශික්ෂාපද සඳහා අයත් වන්නේ කුමන ශික්ෂාපදද යන්න එය අසා සිටි ආනන්ද හිමියන් හට වැටහී නොමැති අතර..ඒ පිළීබඳව බුදුන්ගෙන් යම් පැහැදිලි කිරීමක් කර නොගැනීම නිසා ආනන්ද හිමියන් හට පළමුවන ධර්ම සංඝායනාවේදී යම් අරුබුධයකට මුහුණ දීමට වූ බවද යම් තැනකදී මා විසින් දක්නා ලදි...

මෙවැනි අර්බුධකාරී ගැටළු නිසා..අද වන විට වෙනස් කරගෙන පිළීපැදිය යුත්තේ කුමන ශික්ෂා පදද යන්න ගැන භික්ෂූන් අතර ඇත්තේ විවිධාකාර වූ මතවාදයන්ය..එබැවින් අද කරන දේ හරිද වැරදිද යන්න පිළීබඳව තීන්දුවක් දීමට ඔබටවත් මටවත් අයිතියක් නොමැති අතර...ඒ සඳහා අපහට ඇති සුදුසු කමක්වත් නැත.

එහෙයින් සමහරක් විට කාලයේ තාලයට අනුව සාසනික නීති රීති පද්ධතියේ යම් ‍යම් වෙනස්කම් විය යුතුව තිබුණද..එය නියමාකාරව ක්‍රියාවට නැගීමේ වැඩ පිළිවෙලක් නොමැති හෙයින් අදටත් භික්ෂූන්ට සිදුව ඇත්තේ පෙර බුදු රජානන්වහන්සේ වැඩ සිටි සමයේ තිබූ නීති රීති පද්ධතිය තුලම පිහිටා කටයුතු කිරීමටය..

එය පහසු නැත...ගිහියන් සෑම විටම භික්ෂුන් වහන්සේලා අතරින් රහතන් වහන්සේලා සොයයි..එම වතුපිළීවෙත් සොයයි.කාලානූරුපව වෙනස්වීමක් අපේක්ෂා නොකරති.

භික්ෂුන්ද කාලයත් පරිසරයත්..සමාජ රටාවත් අතර දෝලනය වෙමින් මහත් වූ අර්බුධකාරී තත්වයකට පත්ව ඇත.එක් එක් අය ඒ ඒ අයට උවමනා පරිදි වෙසෙති... තමන් කරනා දෙය හරියැයි තම දායකයින්ට පවසයි..

මෙවැනි වූ විෂම අදහස් නිසා දායකයින් විමතියට පත්ව ඇත...මේ අද තිබෙන සැබෑ තත්වයයි.

බොහෝ දෙනා කලින් ලිපියේ කමෙන්ට් තීරය යටතේ ඇසූ දේ හරහා පැහැදිලිවන යම් තත්වයක් ඇත..

එනම්..වෙන්නේ වැරදි දෙයක් යැයි වැඩි පිරිසක් සිතනා අතරම...සමහරු එය සාසනයේ කෙසේ හෝ ඉදිරියට යායුතු නිසා ඉවසා දරා ගනී..සමහරු හාමුදුරුවරුනුත් මනුෂ්‍ය කොටසක් නේද යැයි සිතා අනුකම්පාවෙන් බලති..
ඒ අතරම අනිත් පිරිසක් මස් රාත්තලම බලාපොරොත්තු වෙති.ඔවුන්ට අනුව අපි දෙන දේ කනවා නම් ඒ විදියට ඉන්නට ඕන යැයි සිතති..බැරි නම් සිවුර දාලා යන එකයි යැයි සිතති.ඔවුන්ට අනුව කටයුතු කලා නම් අද වන විට සාසනයක් මේ ලෙසින් හෝ ඉතිරි නොවන බව නම් පැහැදිලිය...

කාලයට හා පරිසර තත්වයට අනුගත වන්නට බැරි ඒනෑම දෙයක් ලෝකයෙන් වඳ වී යෑම සාමාන්‍ය තත්වයයි. ඒ අනුව අදවන විට කාලයට ගැලපෙන සේ සාධාරණ ‍වන ලෙසට විනය පද්ධතිය වෙනස් කර ගැනීමට නොහැකි වූ භික්ෂූන් වැඩි දෙනා අසරනය..ඒ අතරම සාසනය වෙළඳාමක් බවට හරවාගෙන කටයුතු කරනු ලබන පිරිසක්ද සිටිති. ඔව්න් නිසා බොහෝ භික්ෂූන් සමාජයේ ගර්හාවට පාත්‍ර වෙති.

..................................................
අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කොහොම කලත් පිරිකර විකිණීම වැරදි ක්‍රියාවක් බවය...එසේම පවතින තත්වය යටතේ එයට දොස් කීමට අපට සාධාරණ අයිතියක් නැති වගත් මතක් කර දීමට කැමැත්තෙමි...

...................................................

මෙම ලිපියත් මේ වන විටත් අති දීර්ඝ වෙමින් පවතින හෙයින් ඊ ලග ලිපියෙන්වත් පෙරදී මතු කල ගැටළුවලට පිළිතුරු සහ...ඇයි භික්ෂූන්ට දොස් කීමට අපට අයිතියක් නැත්තේ යන කාරණාවත් කතා කිරීමට බලාපොරොත්තු වෙමි. මෙම ලිපිය ලියන්නට ගත් මොහෝතේ සිටි නොයෙක් නොයෙක් කරුණු නිසා අතර මගදී එය අත හැර දමන්නට සිදු උනි..විසි වතාවක් පමණ වරින් වර පැමිණ එකතු කල කොටස් නිසා යම් අසමතුලිත බවක්ද මෙහි ඇති විය හැක...සාමාන්‍යයෙන් මා ලිවිමේදී කරන්නේ එක දිගට පැයක් ඇතුලත ලියා ලිපිය අවසන් කිරීමයි..නමුත් මෙයට එම සාධාරණය ඉටු කිරීමට මා හට නොහැකි උනි. එබැවින් අපැහැදිලි තැන් හා මාර්ගය වෙනස්වීම් ඇතොත් සමා වෙන්න..මී ළග ලිපියවත් පිළිවෙලකට ලිමීමට සිතා සිටිමි..එහෙත් එයට අවස්ථාව ලැබේදැයි දැන්ම කිව නොහැක...


28 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක් මාරයාඅයියා සරලව පැහැදිලි කරලා තියනවා හොදට හිතට වදිනවා....

    ReplyDelete
  2. ගොඩක් වැදගත් ලිපියක් මාරේ අයියේ.

    ReplyDelete
  3. පිරිකර විකිණීම වෙලඳාමක් කරගන්න එක නම් වැරදියි. ඒත් පිරිකරක් විකුණලා පන්සලට අවශ්‍ය දෙයක් ගන්න එකේ නම් වැරැද්දක් දකින්නෙ නෑ මම. දායකයන්ට හැම වෙලේම උදව් කරන්න බැරි අවස්ථාවන් එනවනෙ.

    ReplyDelete
  4. හරිම වැදගත් කතාවක්....

    පින් තකා දෙනවානම් එය හොඳ හිතින් මිසක් හිතේ යම් යම් දේ තියාගන් දන්දීමෙන් පලක් නෑ කියලා මම විශ්වාස කරනවා...

    අපි දුන් දෙය යහපත් සිතින් බුදුන් වෙනුවෙන් පින් සිහිපත් කොට දුන් පසුව එයට කුමක් වේදැයි සිතීම අනුවණ ක්‍රියාවක් නේද ?

    ReplyDelete
  5. ඇත්තෙන්ම ගොඩක් වැදගත් ලිපියක්. හොදින්ම පැහැදිලි කරල තියෙනවා.

    ReplyDelete
  6. අනේ අනේ මේ ඔයා කියන විදියට අසමතුලිත ගලා යෑමක් නම් මට පේන්නේ නෑ... සෑහෙන හොඳ වටින ලිපියක් වෙලා කියලයි මට හිතෙන්නේ.. සමහර විට දැන් රැකියා බැඳීම නැති නිසා වෙන්නත් පුළුවන්..

    අපැහැදිලි තැනක් නම් මට නෑ මලේ.... ඔය විකුණාගෙන කෑමට අකමැති නම් මුදලින් පිරිකර දෙන්න බැරියැ... ඒක අකැප නෑ නේද?

    ඒකත් කරන්නෙ නැතිව සමහර අය බොරුවට කෑ ගහන්නෙ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන්ම පිරිකර අඩු ගානකට අරගෙන ආයෙම පූජා කරද්දි ලැබෙන ලාභය නිසා වෙන්නැති...

    හාමුදුරුවො රෑට වළදනවද කියලා හොරෙන් බලන්න යන උදවිය උන්නාන්සෙට දාන වේලක් වැරදිච්ච මොහොතක් ගැන සලකා නොබලන්නෙ ඇයි? උන්නාන්සෙට අනවශ්‍ය දේම පූජා කරලා ඒක විකුණගත්තයි කියලා වැරදි කියන්නෙ ඇයි?

    අපේ පන්සලේ හාමුදුරුවන්ගෙන් කෙළින්ම අහනවා අපි මොනාද ඔබ වහන්සෙට අඩුපාඩු කියලා... කවදාවත් උන්නාන්සෙගෙ අඩුපාඩුවක් කියන්නෙ නෑ.. එක්කො පන්සලට, එක්කෝ දහම් පාසලට උවමනා දෙයක්මයි කියන්නේ... මේ සැරේ පිරිවෙනට පුංචි හාමුදුරුගොල්ලක් තමා හොයාගන්න පුළුවන් වෙලා තිබ්බෙ.. ඒක නිසා උන්නාන්සෙ කිව්වා පොත්පත් ගන්න උවමනා නිසා මුදල්මය පිරිකරක් දෙමු කියලා... වැරැක්දක් නෙමේ නේද මල්ලි ඒක?

    කොහොම උනත් මේ ලිපිය ලියල තියෙද විදිය වගේම අන්තර්ගතයත් ගොඩක් වටිනවා... (සමහර හාමුදුරුවන්ගෙ සමහර ක්‍රියා කලාප වලට කේන්ති ආවත් ඔයාගෙ අදහස් වලින් ඒ කේන්ති නිවාගෙන උන්නාන්සේලා දිහා උපේක්‍ෂාවෙන් බලන්න අපව පුරුදු වෙලා...)

    ReplyDelete
  7. හ්ම්.....දානයක් යනු කුමක්ද.....වැදගත් ලිපියක්....

    ReplyDelete
  8. සෑහෙන වැදගත් ලිපියක් මාර අයියේ.... ඊළඟ එකත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම හිතන් හිටපු සමහර දේවල් වෙනස් උනා මේක කියවල....

    ReplyDelete
  9. ඔබ හරි. මම අහලා තියනවා දීපන්කර බුදුන් වහන්සේගේ කාලෙදි, ලංකාවේ රුහුනේ වාසය කල කුමාරිකාවක් සළුවක් වියලා අහසින් ගෙනිච්ච කියලා පූජා කරන්න. මේකත් මහා දානයක්. ඒ කියන්නේ ඉතාම ඈත අතීත කාලේ අපි නොදන්න කාලෙක ඉදලා ලංකාව දානය කියන සංසිද්ධියට ප්‍රසිද්ධයි.

    ReplyDelete
  10. ඇත්තටම මාරයියේ අර දිලුම් වෙනුවෙන් එකතුකරපු සල්ලි වලට මොනවද උනේ කියල පුක උඩදාගෙන හොය එකාලන්ව කනෙන් ඇදන් හරි ඇවිත් පෙන්නන්න පුලුවන් උනානම්...
    ඔය අනිත් අයගෙ උසිගැන්විලි වලට බොරුවට කුලප්පි වෙලා ඉන්න අය ටිකවත් හැදේවි...

    අනිත් කාරනේ තමයි ගොඩක් අය තමන්ගෙ පැත්තෙන් විතරයිනෙ මේ දිහා බලන්නෙ.. ඒකයි ඒවගේ අයට හාමුදුරවන්ගෙ පැත්තෙන් තියෙන අපහසුකම් පේන්නෙ නැත්තෙ.. මාරයියට ඔය දෙපැත්තෙම අත්දැකීම් තියෙන නිසයි මේ වගේ දෙයක් ඉදිරිපත් කරන්න පුලුවන් උනේ...ගොඩක් වැදගත් මාරයියේ....

    ReplyDelete
  11. සිවුරු දාගත්තට මනුස්සයො නේ.. පුද්ගල අවශ්‍යත පොදුයි. ගොඩ ගහගෙන ඉන්නවට වඩා දෙන එකේ හරි. විකුනන එකේ හරි කිසිම වැරද්දක් නෑ. අපේ බෞද්ධයො හිතන්නෙ අපි තරම් දන් දෙන අය ළෝකෙම නැතෙයි කියල. ඔය පොරොසිද්ද හාමුදුරුවොත් හැම තිස්සෙම දෙසන්නෙ. ඉන්දියාවෙදියි,ඊශ්‍රාලයෙදියි හැමදාම දෙන දන්සල් මගේ ඇස් දෙකෙන් දැකල තියෙනව. මුස්ලිම් මිනිස්සු දන්දෙන්නේ කොහොමද කියල බලාගන්න ඕනෙමනම් සිකුරාදා 2-3 ට විතර දවටගහ පල්ලිය ගාවට යන්න. දැන් අහයි හොහේද තියෙන්නෙ කියට. ටවුන් හෝල් තියෙන ඔඩෙල් එක ඉස්සරහ පල්ලිය.

    ReplyDelete
  12. දානය ගැනත් බුදු දහමේ සමහර කාරණා ගැනත් හොදින් පැහැදිලි කරල තියෙනවා.
    වැදගත් ලිපියක් මාරයෝ.
    උඹ හිතුවට මේ පෝස්ට් එකේ කිසිම අසමතුළිත කමක් නෑ. ඊළග එකත් ලියන්න.

    ReplyDelete
  13. ගොඩක් වටින මාතෘකාවක් ගෑන කතා කරලා තියනවා,දානය කියන දේ ගොඩක්ම සිත මුලික කොරන් තියනවා කියලා තමයි මාත් අහලා තියෙන්නේ,දෙන දේ ගොඩක් ශ්‍රද්දාවේන් දෙනවා නම් ඒකේ ගොඩක් ආනිසන්ස වෑඩී.

    ReplyDelete
  14. හැම දෙයක්ම වෙනස් වෙලා වෙනස් කරලා!

    ReplyDelete
  15. දානය ගැන විවිධ කෝණවලින් බලා ඉතාම සාධාරනව ලිව්ව ලිපියක්. වැඩියෙන්ම මගේ සිත ගත්තෙ මේ කොටස:

    "ඒ ආකාරයෙන් බලනා කල අප දානයක් දෙන්නේ සම්බුද්ධ සාසනයේ චිරස්ථීතියට මිස.. අන් යමකට නොවිය යුතුය.අදටත් දහමින් පල ලබන අය බොහෝ ඇත..හෙටත් බිහිවනු ඇත..එසේ නම් ඔවුන් සදහා දහම ආරක්ෂා කර ගැනීමේ කටයුත්තට සුළුවෙන් හෝ සම්බන්ධ වන පැවිද්දෙකුට යමක් දීම අපතේ යාමක් නොවේ...ලබන තැනැත්තාගේ ගති ගුණ සිතුම් පැතුම් කෙසේ වූවත් ඔබ පුදන්නේ සසුනේ ආරක්ෂාවටය..."

    ඔන්න ඔය විදිහට කල්පනා කරනවනම්, වත්මන් හාමුදුරුවරුන්ගෙ ක්‍රියාකලාපය ගැන පැහැදීමක් නැති කෙනෙකුට වුණත් තමන්ගෙ හිත පිරිසිදුව තියාගෙන දානයක් දෙන්නට පුළුවනි.

    ReplyDelete
  16. හුටා . . . මාරෙ වැරදි කොමෙන්ට් එක . . . . අනේ මචෝ පබිලිස් කරන්න එපා වැරදිලාවත් . . .

    ReplyDelete
  17. හොද ලිපියක්.හැමෝම කියවන්න වටිනවා.වැරදි වැටහීමක් ඉවත්වුනා.කලින් කමෙන්ටුවේ අහපු ප්‍රශ්නෙට උත්තරේ යන් තරමකට මේකෙන් ලැබුනා.අපි හැමෝම හාමුදුරුවන්ගේ වැරදිම හෙව්වට දැක්කට ඒ අය පැත්තෙන් සලකා බලන්නේ නැහැ.සංශයා වහන්සේ වෙනුවෙන් දානයක් දෙන විට උන් වහන්සේලාගේත් සිත් සතුටුවන අයුරින් දෙන දානය හොද බව මේ ලිපිය කියවීමෙන් වැටහුනා.

    ReplyDelete
  18. අද වෙනකොට හොද පෙනුමට තියෙන පන්සල් තව තව ධනපතියන්ගේ ආධාරවලින් වැජබෙන කොට හුදකලාවෙලා තියෙන දුෂ්කර ගම්බද පන්සල් ජරාවාස වෙන තත්වයක් තමයි තියෙන්නේ.
    තව දෙයක් මේක මේ ලිපියට අදාල දෙයක් නම් නෙමෙයි. ඔයාගේ Power supply fan noise එකක් ගැන මගේ මතක අඩවියේ අහල තිබුනා නේද? ඒක මටත් ආපු ගැටළුවක් හැබැයි ඒකට විසදුමක් මට ලැබුනා. අකමැත්තක් නැත්නම් dguruge@gmail.com එකට ඔයාගේ email address එක එවන්න. මම විසදුම email කරන්නම්)...

    ReplyDelete
  19. @කිඩෝ...

    තැන්කූ මල්ලියා..තව ටිකක් ලියන්න ඉතිරි වෙලා තියේ...

    @මධුරංග...

    මල්ලිටත් තැන්කූ කිව්වා...

    @පිණීබිඳු...

    වෙළදාම කියන එකට දෙන්න වෙන වචනයක් නැහැ ඔතනදී නංගි..ඒක ඇත්තටම වෙළදාමක්...අරමුණ කොහොම උනත් ඒකයි ඇත්ත..ඒත් ඕක සාධාරණීය කරන්න හේතු නැතිවා නෙවේ..

    @දිල්...

    හරියටම හරි..එහෙම දුන්න දේ ගැන නැවත සොයා බලනවනං ඒක දීලා නැහැ..කොනකින් අල්ලගෙන තමයි දීලා තියෙන්නේ..එතන පිනක් නැහැ

    ReplyDelete
  20. @මගේ කතා...

    ස්තූතියි බොහෝම..

    @තනෝජා අක්කා...

    මං දන්නවා අක්කා බොහෝම සිරු මාරුවට මේ ටික කියවනවා කියලා..එහෙම හින්දම තමයි මටත් ආවට ගියාට ලියන්න බැරි..මොකද එයාලා වගේ ප්‍රායෝගිකව කටයුතු කරන අයට අගතියක් වෙනවා මං උඩින් පල්ලෙන් ලිව්වොත්..
    ඒත් මං මේක ලිව්වේ ටිකක් බාධා වෙවී..ඒ හින්දයි මට හිතුනේ අවුලක් වෙලාවත්දෝ කියලා..එහෙම නැහැ කියලා අක්කා කියනවනං ඒක ඇත්තම වෙන්න ඕන..මට මං ලියන ඒවා ගැන හිතනවට වඩා පිටින් ඉඳන් බලන අක්කලා වගේ අයට තමා ඒක හරියටම පේන්නේ..ස්තූතියි අක්කණ්ඩි...

    @සීනි...

    ස්තූතියි ළමයා...

    @කො.ජී....

    එකම එක අංශුමාත්‍රයක් හරි කෙනෙකුගේ ආකල්ප වලට හොඳ පැත්තේ නැඹුරුවක් දෙන්න පුළුවන් උනානම් මට ඒ දේ තමා අනිත් හැම දේටම වඩා වටින්නේ..ස්තූතියි නංගි...

    @වෙද මහත්තයා...

    ඇත්ත ඒ වගේ කතා අපේ සාසන ඉතිහාසයේ ඒන තරම්..ජාතක පොත අරං බලමුකෝ දාන මාන ගැන ලිය වෙච්ච කයි කතන්දර..එහ්නං...

    @පොඩි මෑන්...

    ඇත්ත මල්ලි..දෙපැත්තෙන්ම දකින්න හම්බ වීම හරහා මට සෑහෙන වාසියක් තියෙනවා ඔය කාරණාව ගැන කතා කරන්න.
    දිළුම්ගේ කාරණෞදී වගේම තමයි මල්ලි..හුගාක් හාමුදුරුවරුන්ගෙයි සසනෙයි වැරදි හොය හොය ඉව අල්ලන්නේ පනසලකට ඉඳිකට්ටක දෙයක් දීලා නවැති උදවිය..ඒ අය නොදෙනවා විතරක් නෙවෙයි දෙන කෙනා අධෛර්ය කරන්න උත්සහත් ගන්නවා..

    දෙන කෙනාටත් ගරහනවා..ඒ අයගේ හිත් වලට විෂ බීජ දානවා..ඕකයි වෙන්නේ අන්තිමට තමුන් විතරක් නෙවෙයි අර හොදට හිටි අයටත් අපායේ දොර ඇරලා දෙනවා...

    @මාතලන්...

    අන්න අළුත්ම කාරණාවක් කට්ටියට කතා කරනවනං...

    ReplyDelete
  21. @ප්‍රසන්න...

    ස්තූතියි කිව්වා හැමදාමත් වගේ දෙන හයියට...මට හිතට ෆිට් එකක් තිබුනේ නැහැ හරියටම ලියඋනාද කියලා ඒකයි එහෙම කිව්වේ..තනෝජා අක්කා වගේ උඹත් කියනවනං මේක අවුලක් නැහැ කියලා..ආයේ ඉතිං අවුලක් නැහැම තමා...

    @අස0ක...

    ඇත්ත සිත තමා හැම දේටම මුල් වෙන්නේ..."මනෝ පුබ්බංගමා ධම්මා..." දානයට කියලා ආයේ ඒකේ වෙනදක් නැහැ නෙව..ස්තූතියි...

    @පූසා...

    ඉතිං පූස් එකනේ වෙනස් නොවන එකම දෙය.."වෙනස්වීම" අපි කොච්චර හිතුවත් අපිට බැහැ වෙනස් වෙන දේ වලක්වාලන්න..ඒක තමයි ලොකේ ස්වභාවය..ආයේ සම්බුද්ධ සාසනෙත් ඒකෙම කොටසක්නේ..

    ReplyDelete
  22. @දොස්තර නෝනා...

    බොහෝම ස්තූතියි...ඇත්තටම අපිට වෙලා තියෙන්නේ කරන්න යන දේ ගැන හරි අවබෝධයක් නැති කම..අපි දෙන්නේ කාටද කියන එක අමතක වෙන එක හරහා තමා අවුල හදා ගන්නේ...

    @ඕනයා...

    මේකා අමු කාලාදෑ..හික්...

    @JHOTHISHALANKA...

    මේ ලිපිය ඊ ළග කොටසකට ගෙනියන්න වෙන්නේ ඒ කිව්ව ප්‍රශ්න හින්දා තමා..ඒවට කෙලින් උත්තර නොදී වටෙන් යන්න මට බැහැ..ඒ හින්දාම තව ලිපියක් ලියන්න හිතා ගත්තා..අර කඨීන පිංකම ගැන නොකියා කොහොමද..?

    @දිනේෂ්...

    ඇත්ත ඒත් අපි ධනපති පන්තියේ කියලා හිතෙන පන්සල් වලටත් ගැටළු තියෙනවා..පරිසරයේ හැටියට ස්වරූපය වෙනස් උනාට ඒ පන්සල්වගටත් ඒවාටම ආවේණීක ප්‍රශෟන නැතිවාම නොවේ...

    අර කිව්ව ෆෑන් එකේ ප්‍රශ්නේ මට ඇති වෙච්ච එකක් නෙවෙයි..මං ඒ ගැටළුවට මුහුණ පෑවේ කාලයකට කලින් මගේ මැෂීම තියෙද්දී..දැන් ඒක නැහැ මා ළග..බොහෝම ස්තූතියි හොයා බලා උදව් කරන්න මෙච්චර දුරක් ආව එකට....

    ReplyDelete
  23. තාත්තා වෙනුවෙන් හැම මාසෙකම අපි පන්සලට දානේ දුන්නා . ඒතරේ මම නිකමට හිතුවා . අපි මේ දෙන දේවල් හාමුදුරුවරු විකුනනවා නේද කියලා ..

    ආයේ කවදාකවත් මම එහෙම හිතන්නේ නෑ .

    ReplyDelete
  24. මම හිතන්නෙ ඩර්මය ඩන ගමිමට හොඩම පොත් කට්ටලය ලියා ආත්තෙ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමියන් තමයි ඔබට මෙතනිනි සියලු පොත් නොමිලෙ ගතහකි.
    http://www.savanatasisilasa.org/Dhamma_Books/most-ven-rerukane-chandawimala-maha-thero.html

    Thilina

    ReplyDelete
  25. මෙච්චර විස‍්තරාතමකව සංයමයෙන් කරන විවරණයක් ගැන අදහ්ස් දක්වන්න තරම් තේරුමක් නෑ... ඒත් හැම විස්තරයක්ම හැමදාම කියවනව...කියවල මගේ අදහස් ගැන මම ම හිතනව ආයෙම...

    ReplyDelete
  26. @මාරයාගේ හෝරාව,
    හම්මේ ඇති යන්තං පිරිකර ගැන ඔයාගේ ලිපි දෙකයි අනික් පිරිකර ලිපියයි කියවලා ඉවර කලා ...........

    "ස්වාමීන් වහන්සේ නමකට දානාරාධනා ඕනෑ තරම් ඇත... කන්න ටික නැතිව දානයට එනවා නොවේ...බොහෝමයක් හිමිවරුන් වඩින්නේ පිරිකර පිළීබඳ බලාපොරොත්තුවෙනි.."

    එහෙම කියන්න බැහැ අපේ පන්සල දුප්පත් පන්සලක් එදිනෙදා දානෙත් දෙන්න බැහැ සමහර මිනිස්සුන්ට, මේ වගේ පන්සලුත් තියනවා, ඒ අය පිරිකර ගන්නම විතරක් නෙමේ දානෙට වඩින්නෙ .........

    මම නම් හිතන්නෙ,

    මට කරන්න බැහැනේ අඩුම ගානෙ සිවුරක් දාගෙන පන්සලකට වෙලා ඉන්නවත්, ඒ වුනාට පිරිකර විකුණ විකුණ, ගෑනු පස්සෙ යන ගමන්, අරක්කු බොන ගමන් හරි දැන් ඉන්න හාමුදුරු ගොල්ල (හැමෝම නෙවේ, සිල්වත් හාමුදුරුවරුද සිටිති) සිවුර දගෙන සාසනේ කියන දේ රැකගෙන ඉන්නවනේ. මම හිතන්නේ ඒ කරන කැපවීමම ඇති කියලා. අපිට කරන්න බැරි කැප වීමක් ඒ අය කරනවනේ.

    අනිත් එක දැන් බුද්ධ වර්ෂ 2600 යන්නෙ. තව 2400 කින් කාඨාසණ්ටක කියන අන්තිම ශ්‍රාවකය ඉපදෙනවා පොත පතේ තියන විදියට,කොයි දේකත් අවසානයක් තියනවා. ඒක බුද්ධාගමටත් පොදුයි ........

    ReplyDelete
  27. කියන්න දෙයක් ඉතුරු වෙලා නැත, පෝස්ට් එකෙන් සහ කොමෙන්ට් වලින් සියලුම දේ කියවී අත. ඕනයගේ කොමෙන්ට් එක බලන්න ලැබුන නං අගෙය් ...

    ReplyDelete
  28. සුපිරියි......දැණුවත් කොරනවට පිO ඕO....

    ReplyDelete