03 June 2011

මෙන්න මේ දැන් ලැබුනු පුවතක් මාර පුවත් සේවය තුළින්...

වතුපිටිවල ආයෝජන කලාපයේ සේවකයින් අතර මේ වන විට තරමක නොසන්සුන් තාවයක් හට ගෙන ඇති අතර..වතුපිටිවල හන්දියේ සිට ආයෝජන ප්‍රවර්ධන කලාපය වෙත ඇති මාර්ගය බස් රථ හරස්කර මගී ගමනාගමනයට බාධා පමුණුවා ඇත...

දැනට ඇති තත්වය අනුව පෙර දින කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය තුලදී පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයාගේ මරණයට එරෙහිව කරනු ලබන උද්ඝෝෂණයක් ලෙසින් මෙම තත්වය ඇති වී ඇත...

සිද්ධිය ඒතරම් බරපතල අතට ගමන් නොකරන තත්වයක් බලාපොරොත්තු විය හැක...

පසු සටහන පෙරවරු 10.00 පැයට...

මෙන්න නවතම තත්වය..උද්ඝෝෂණය හමාරයි..තත්වය සාමකාමීයි..
උදෑසන 8ට පමණ ආරම්භ වූ උද්ඝෝෂණයට සේවක සේවිකාවන් පන් දහසකට වැඩි ප්‍රමාණයක් එක් වූ අතර..ඔවුන් සටන් පාඨ කියමින් පේලි ගැසී ඉතාමත් පිළිවෙලකින් යුක්තව පාරේ එක් පසක් පමණක් භාවිතා කරමින් විරෝධතාවයේ යෙදුණු අතර පැයක පමන පා ගමනකින් අනතුරුව උද්ඝෝෂණය නිමා කර නැවතත් පිටත්ව යන ලදි..

අද දින කර්මාන්තශාලා බොහෝමයක් නිවාඩු දිනයක් බවට පත් කර ඇති හෙයින් සියළු දෙනාම සාමකාමීව විසිර යන ලදි..පිටස්තර බලවේගයන්ට උද්ඝෝෂණයේ පාලනය අතට ගැනීමට නොහැකි වීම නිසා කිසිදු ගැටුමකින් තොරව මෙම තත්වය ඇති වූ අතර..වතුපිටිවල තිබෙන පොලිස් ස්ථානය (නිට්ටඹුව පොලිසියේ අනු ශාඛාවක්) අද පාන්දර සිටම වසා දමා නිලධාරීන් පිටත්ව ගොස් තිබිණී. උද්ඝෝෂණය පුරාවටම කිසිදු ආරක්ෂක අංශ සාමාජිකයකු හෝ අවට ප්‍රදේශයේ දක්නට නොවීය...

ටිං ටොං..ප්‍රවෘත්ති හමාරයි...

16 comments:

  1. මේ පැත්තෙ ඉන්න බත් කන හරකුන්ට පිස්සු...

    ReplyDelete
  2. තවත් එකෙක් දෙන්නෙක් මැරෙන්න හදනවා වගේ....

    ReplyDelete
  3. මේ සම්බන්ධයෙන් රජය ගන්න ක්‍රියාමාර්ගය නම් වැරදියි කියලා තමා හිතෙන්නේ. කවුරුත් මිනිස්සු නේ. ඒ නිසා පොඩ්ඩක් මානුෂික පත්තෙනුත් බලන්න ඕනේ.

    ReplyDelete
  4. හැමදාමත් ජනතාව නිහඬව ඉන්නේ නැහැ... රජය ඒක බලාපොරොත්තු වෙන්න ඕනේගග

    ReplyDelete
  5. මාර බ්‍රේකිං නිවුස්.

    ReplyDelete
  6. හ්ම්ම් කොහෙන් ඉවර වේවිද මන්දා මේවා...කැම්පස් අය පෙන්නෑ

    ReplyDelete
  7. හරි තව කාට හරි ඉල්ලා අස් වෙන්න ඕනේ වෙලා වගේ....ඒකත් මරු වැඩේ නේ....කොහෙමවුනත් දැන් නම් මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සුම තමා

    ReplyDelete
  8. පසු සටහන පෙරවරු 10.00 පැයට...

    මෙන්න නවතම තත්වය..උද්ඝෝෂණය හමාරයි..තත්වය සාමකාමීයි..
    උදෑසන 8ට පමණ ආරම්භ වූ උද්ඝෝෂණයට සේවක සේවිකාවන් පන් දහසකට වැඩි ප්‍රමාණයක් එක් වූ අතර..ඔවුන් සටන් පාඨ කියමින් පේලි ගැසී ඉතාමත් පිළිවෙලකින් යුක්තව පාරේ එක් පසක් පමණක් භාවිතා කරමින් විරෝධතාවයේ යෙදුණු අතර පැයක පමන පා ගමනකින් අනතුරුව උද්ඝෝෂණය නිමා කර නැවතත් පිටත්ව යන ලදි..

    අද දින කර්මාන්තශාලා බොහෝමයක් නිවාඩු දිනයක් බවට පත් කර ඇති හෙයින් සියළු දෙනාම සාමකාමීව විසිර යන ලදි..පිටස්තර බලවේගයන්ට උද්ඝෝෂණයේ පාලනය අතට ගැනීමට නොහැකි වීම නිසා කිසිදු ගැටුමකින් තොරව මෙම තත්වය ඇති වූ අතර..වතුපිටිවල තිබෙන පොලිස් ස්ථානය (නිට්ටඹුව පොලිසියේ අනු ශාඛාවක්) අද පාන්දර සිටම වසා දමා නිලධාරීන් පිටත්ව ගොස් තිබිණී. උද්ඝෝෂණය පුරාවටම කිසිදු ආරක්ෂක අංශ සාමාජිකයකු හෝ අවට ප්‍රදේශයේ දක්නට නොවීය...

    ටිං ටොං..ප්‍රවෘත්ති හමාරයි...

    ReplyDelete
  9. කොහේද..අඩෝ...
    වතුපිටිවල මැප් එක ගනින්...කඩු ටික ලොරි වලට දාපන්...
    නැගපියව්....වලියක් තියනවා...

    ReplyDelete
  10. හපොයි උඹ මාව බය කලා මාරයො.....තත්වය සාමකාමියි කිව්වවම තමයි කූල් වුනේ

    මීට පසු ප්‍රාදේශිය පුවත් සඳහා ගුවන් විදුලි , රූපවාහිනි වෙනුවට මාර බ්ලොග් එකට පිවිසෙමි.

    ReplyDelete
  11. අනේ මංදා? මෙහෙම ගියොත්නම් මේ දේවල් කොහෙන් කෙලවර වෙයිද මංදා.

    ReplyDelete
  12. "පොලිස් ස්ථානය (නිට්ටඹුව පොලිසියේ අනු ශාඛාවක්) අද පාන්දර සිටම වසා දමා නිලධාරීන් පිටත්ව ගොස් තිබිණී. උද්ඝෝෂණය පුරාවටම කිසිදු ආරක්ෂක අංශ සාමාජිකයකු හෝ අවට ප්‍රදේශයේ දක්නට නොවීය... "

    පව් නේ!

    ReplyDelete
  13. ඔන්න දවස් දෙක තුනකට පස්සෙ දැන් තමා වෙලාවක් හම්බ උනේ කියවන්නයි කමෙන්ට් කරන්නයි........

    මොකද මාරයට බ්ලොග් ලියවිල්ල ඇති වෙලාද .....
    ඔය මාර පුවත් වලට ගියොත් නම් වැඩි කල් යන්නෙ නැතුව වාරණයක් දා ගන්නවා ෂුවර් ..........

    ReplyDelete
  14. අOක එකේ විශ්වාසනීය මාර පුවත්.....එළ එළ...

    ReplyDelete