04 June 2011

අවසානයක් නැති තවත් .............කතාවක්ද..?

කොන්ක්‍රීට් ඇතිරූ පටු මාවත ඔස්සේ යතුරු පැදිය ඉදිරියට ඇදී යයි...
වෙනදාට වේගය වැඩි කිරීමටම උත්සහ කරනා අත අද එයට ඉඩ නොදෙයි..

තව දුරටත් ඉදිරියට ගමන් කල නොහැක..
"ඕන එකක්"..
"මේකේ දෙකින් එකක් තියෙන්න ඕන"...

ඉදිරියේ ඇති තරමක් පාර පුළුල් ස්ථානයේදී එකතැනම කරකවා හැරඋන යතුරු පැදිය නැවත ආ මාවත ඔස්සේම වේගයෙන් ඇදී යයි...

විනාඩි දෙකක ගමනින් නැවතත් ‍මීට කලින් නවතා තිබූ තැනටම විත් යතුරු පැදිය නැවතිණි. ඒ ඇගේ නිවසේ ඉදිරිපස ගේට්ටුව අසලයි...එය විවෘතව ඇත..මෙයට විනාඩි කිහිපයකට කලින් දෙදෙනා කතා කරමින් හුන් තැනම නැවතත් යතුරු පැදිය නවතා ඇත...

පීක්..ක්‍රීක්..ඒ ශබ්දය කුමන ආකාරයදැයි හරියටම කිව නොහැක..ඒත් ඒ යතුරු පැදියේ නලාවේ නාදයයි... මෙයට පෙර පැයකට පමණ කලින් මෙම ස්ථානයේදීම මෙම නලාව හැඩවිණී..නමුත් එවර ඈ එන්නට ප්‍රමාද වූවාය..ඇත්තෙන්ම ඇයට පෙර පැමිණියේ කුඩා දරුවෙකි..ඒ ඇගේ සහෝදරයකුගේ දරුවකු විය යුතුය..දරුවාගේ හඩ නැගීමක් සමඟින්ම එවර ඇය ගෙතුලින් එළියට පැමිණියාය..

නමුත් මෙවර ඒ තරම් වේලාවක් එයට ගත නොවිණි..සුළු මොහොතකින් ඇය නිවසින් පිටතට පැමිණියාය..ඒ පෙර වතාවේ මෙන් ඉඳුල් අත පිටිපසට කරගෙන
"ආ ඕ අයි සී මහත්තයා" යැයි කියමින් නම් නොවේ..

එවර අත පිටිපසට කරගෙන සිටිනා නිසා ඒ පිළීබඳව විමසිලිමත් වීමේදී අතේ ඇති ඉඳුල් දැක..

"කකාද හිටියේ..?"

"ඔව්.."

"අනේ එහෙනං ගිහින් කාලා ඉන්න මං ඉන්නම්"

"නැහැ නැහැ මං කාලා ඉවරයි ඒකට කමක් නැහැ.." ඇයි සුපුරුදු සිනහවෙන් යුතුවම පැවසීය..අවසානයේ පැයකට ආසන්න කාලයක් එසේම කතා කිරීමට දෙදෙනාට සිදු උනි..

මෙවර ඇය පැමිණියේ ඉඳුල් සහිත අත සඟවාගෙන නොවේ..

ඒත්..

"ඇයි ඕ අයි සී මහත්තයා..?" සුපුරුදු ආමණ්ත්‍රණය නම් එසේම විය..

"මට ටිකක් කතා කරන්න ඕන.."

"හා කමක් නැහැ"

"පොඩි කාරණයක් කියන්න කමක් නැද්ද..?"

ඇගේ ඇස් කුඩා වනු මට පෙනේ..ඒවා ලස්සනය..දඩබ්බර මුහුණට ඇත්තෙන්ම ඒවා ලස්සනය...

"කමක් නැහැ කියන්න.."

ඒත් සමගින්ම ඇගේ මව ගෙතුලින් එළියට පැමිණියාය..ඇගේ මුහුනේ කුතුහලයත් සමග රැදි බැල්ම දුරු වූයේ..

"ආ කොහොමද..?" යනුවෙන් ඇසීමත් සමඟින් ඇති වූ හඳුනා ගැනීමත් සමඟය..ඇය සිනා සෙමින්ම බරාඳයේ තබා තිබූ පුටුවක අසුන් ගත්තාය..ඇයත් අපත් අතර ඇත්තේ අඩි දහයක දොලහක දුරකි.

"හ්ම්ම් අම්මා ආවානේ දැන් කියන්න වෙන්නේ නැහැ" හඩ බාල කරමින් පැවසීමි.

"කමක් නැහැ කියන්න අම්මා හිටියට කමක් නැහැ..ඇහෙන එකකුත් නැහැ..ඇහුනත් කමකුත් නැහැ.."

"හ්ම්ම්...මම මේක කියන්න හිතුවේ නැහැ..ඒත් මගට ගිහිල්ලත් මට යන්න හිත හදාගන්න බැරි උනා...ආයේ කවදාවත්ම අපි දෙන්නට හම්බ වෙන්න බැරි වෙයි කියලා හිතුනම මට මේක නොකියා ඉන්න එක හරි නැහැ කියලා හිතුනා ඒකයි ආපහු හරවගෙන ආවේ..."

ඇය දෑස් පුංචි කරගෙන බලා හිදී..ඒ බැල්මේ ඇති දේ මට කියවිය නොහැක..නමුත් ඇය එයින් පුදුමයක් වූ බවක් නොපෙණීන..

"ඔයා දන්නවනේ..ඔයා වැඩට ආව දවස්වලත් මං ඔයත් එක්ක හුගාක් හිතවත් කමින් හිටියේ..ඒත් ඒ වෙනකොට තිබුන තත්වයත් එක්ක මට ඔයාට යෝජනාවක් කරන්න පුළුවන් කමක් තිබුනේ නැහැ..පස්සේ ඔයා xxxx එක්ක සම්බන්ධ උනාට පස්සේ මම ඒ ගැන සතුටු උනා මොකද මිනිහා හොඳ මනුස්සයෙක් හින්දා..ඒත් දැන් එය දෙන්නා වෙන් වෙලා කියලා කිව්වට පස්සෙත්..හැම බැඳීමක්ම අත ඇරලා මහණ වෙන්න හදනවා කියලා දැන ගත්තමත් මට හිතුනා මේ දේ නොකියා යන්න හොඳ නැහැ කියන එක.."

ඇය මහණ වීමට යන වග මා දැන ගත්තේ වෙනත් අයකුගෙනි..අහම්බෙන් මෙන් හදිසියේ ගමේ ගිය මා නැවත ආවේ පෙර මා සේවය කල ආයතනය අසලිනි..ඒ අතර මගදී හමු වූ මැදිවියේ පුද්ගලයා අමුතුම චරිතයකි..මිනී මැරුමකට හිරේ පවා ගොස් නිදහස්ව ආ ඔහු කාලයක් තිස්සේ මාගේ හිතවතෙකි..නමුත් මාගේ පදිංචියේ වෙනස්වීම ඔහු හට කියා එන්නට මට නොහැකි විණී...එහෙයින් ඔහුගේ කුඩා නිවස ඇති තැනට ගොස් මා යන වග කියා

"XXXX මිස්ටත් කියන්න මං ගියා කියලා..මට එයාට විතරයි කියන්න බැරි උනේ...මං කියන්න එනකොට එයා අස් වෙලා.."

"ආ දන්නේ නැද්ද මිස් මහණ වෙන්න යනවනේ..?"

"ඇහ්..මං දන්නේ නැහැනේ XX අයියේ..?"

"දැන් ටික දවසක ඉඳලා ගෙදර කට්ටියත් කැමති නැහැ ඒත් ඕනමයි කියලා දැන් සෑහෙන දවසක ඉඳන් ඔන්න ඔහේ කුරුණෑගල පැත්තේ යනවා භාවනා පුහුණුවකට..හැබැයි අද සෑහෙන දවසකින් ගෙදර ආවා ආයෙමත් හෙට යනවා..ඔහොමම ගිහින් කියලම යන්න..ගේ දන්නවනේ..?"

"ඔව් ගේ දන්නවා ඒත්..?"

"නැහැ නැහැ කමක් නැහැ..කොහොමද දැන ගත්තේ කියලා ඇහැවුවොත් මං කිව්වා කියන්න.."

එම හෝඩුවාව ඔස්සේ ඇයගේ නිවස බලා ගියෙමි..ඇය කකා සිටි ගමන්ම පැමිණ කතාවට වැටුනේ එලෙසිනි...

පැවති සම්බන්ධය හොඳින්ම කතා බස් කර අවසන් කරගෙන තිබුණි....ඔහුත් මාගේම වයසේ අයෙකි...එමෙන්ම මාගේ හිතවතෙකි.නිහඩ සන්සුන් හොඳම මනුස්සයෙකි...නමුත් පවුල් පරම්පරාව වංශවත්ය..නැති බැරි කමකට රැකියාව කරනවාත් නොවේ..අප ඒ වග හොඳින්ම දැන සිටියෙමු.ඇයට එම පවුලට පෑහීමට නොහැකි වගත් දැන හුන් මුත් පුද්ගලයාගේ ඇති අවංකභාවය මත එම ගැටළු ඔහු විසින් නිරාකරණය කර ගනු ඇතැයි මෙම සම්බන්ධය දැන හුන් අප සෑම දෙනාම සිතා සිටියෙමු..නමුත් අවසන එය එසේ වී නොමැත...

"මං කොහොමත් හිටියේ මහණ වෙන්න කියලා..ඒක අද ඊයේ තීරණයක් නෙවී ඕ අයි සී මහත්තයා..ඒක මං එයාටත් කියලා තිබුනේ ඔයාලා දන්නේ නැති උනාට...ඒ හින්දා එයාට වෙන දෙයක් කර ගන්න කිව්වා.."

සිනහවට යටින් නොකියනා කතාවක් ඇති වග හැගුනි..නමුත් තුවාලයට ලුණු දැමිය යුතු නොවේ...

"හ්ම්ම්.." මම හූමිටි දෙමි...

"එයානං කෙනෙක්ව හොයා ගන්න කෙනෙක් නෙවෙයි ගෙදරින් කතා කරලා කරලා දෙන දෙයක් තමයි..."

මම අසා සිටිමි..ඇය කියවාගෙන යයි..ඒ දෑසේ වේදනාවක සලකුණු සෙව්වෙමි..නමුත් එම ලකුණු තදින් මතු නොවේ..ඉඳහිට ඇ‍ඳෙන සිහින් රේඛාවක් එය දුකක සලකුණක් යැයි සිතීමට මා සිත පොළඹවයි...නමුත් එය එසේමදැයි මට කිව නොහැක..මා ඇගේ දෙනෙත් දෙස බලා හිඳිමි...

"දැන් ඇත්තටම මහණ වෙනවද..?"

"එහෙම තමයි හිතාගෙන හිටියේ..ඒත් එතන හැම කෙනාවම මහණ කරන්නේ නැහැ..දැන් භාවනා පුහුණුවට යන්නේ..මොනවා වෙයිද කියලා කියන්න බැහැ..මහණ කරනොගත්තොත් ඉතින් ආයෙමත් කසාඳයක් බඳින්න වෙනවා..එහෙම නැතිව ඉන්නත් බැහැ.."

ඇය බොහෝ විවෘත චරිතයකි..සිතේ එකක් තියාගෙන තව එකක් නොකියන අන්දමේ අයෙකි..මා සේවය කල තැන ආයතන හයකම ගබඩා භාරකාරිණිය වී සිටියේ ඇයයි..ඇගේ කටේ සැර කමට ආයතන ප්‍රධානීන්ද බිය වග අප දැන හුන්නෙමු..සැර මෙන්ම වැඩද කෙලින්ය..ආයේ ඒවායේ ඇදක් සෙවීමට නොතබයි..එහෙ මෙහෙ දුව පැන වැඩ කරන්නේ පිරිමින් පරාද කරවමිනි...

ඇය මා හා රාජකාරියේදී බොහෝ සෙයින් සමීපව කටයුතු කලාය..ආයතනයේ තිබූ සොරකම් දුරු කිරීමේ වැඩ පිළිවෙලේදී ඇයත් මාත් බොහෝ දුරට එක මතයක හිටි අතර නිතරම තොරතුරු හුවමාරු කර ගනිමින් රාජකාරීන් හී නිරත උණෙමු...දුටු තැන කට පුරා සිනාසෙමින් "ඕ අයි සී මහත්තයා" යනුවෙන් ඈ මටත්.."ආ ලොකු මැඩම්"..යනුවෙන් මා ඇයටත් ආමණ්ත්‍රණය කලෙමු...

ඇය තරමක් මාගේ මවගේ ස්වරූපයට සමාන විය...කැරළි ගැසුණ හිස කෙස්...මිටි පුංචි පෙනුමෙන් යුතු විය..

ගමේ ඇයට ඇය "බට්ටී" විය..ඇත්තෙන්ම ඇය බට්ටියකි...

කතාව අතරේම මගේ මහණ දිවිය පිළිබඳවත් කියවිණි... ඒ ඇයට යන ගමනට උපකාරී වේයැයි හිතුන කරුණූ කාරණා කිහිපයක් කියා දීම වෙනුවෙනි..ඇය ඒ බවක් දැන නොසිටි බව කියවිණි..එහෙත් ඇගේ පෙම්වතා වූ මගේ හිතවතාට මා ඒ වග කියා තිබිණි..ඔහු එය ඇයට කියා නොමැති ආකාරයකි...

අවසානයේදී මාගේ තත්වයත් විමසිනි.සුළුවෙන් නමුත් මා සිටිනා තත්වයත් විස්තර කරදීමට හැකි උනි...

"ඔහොම ඉඳලා බැහැනේ..දැන් මොනවා හරි කර ගනිමු..මං බලන්නද එකක්"..

ඇය පෙර සේම ලෙන්ගතුය...

"හා හා බලනවාකෝ..දැන් ඒ පාර මට කපුකං කරන්නද හදන්නේ..?"

"නැහැ අතනට ඇවිත් ඉන්න අය හුගාක් ඉන්නවා...මහණ වෙන්න බලාගෙන ආපු..ඒත් ඒ හැම කෙනෙක්වම මහණ කරන්නේ නැහැ..ඒ හින්දා දැන් ඔහො එතන ඉන්නවා..එහෙම ඉන්න පුළුවන් උනාට එහෙන් කියන්නේ මහණ වෙන්න වෙන්නේ නැති හින්දා කසාඳ බඳින්න කියලා..ඉතිං එහෙම කෙනෙක් නරකද..?"

"ඒ ගැන පස්සේ බලමු..දැන් ඔයා එතකොට මොකද කරන්නේ..දැන් ෂුවර් එකට මහණ වෙන්න දෙයිද..?"

"දැන්නං කියන්න බැහැ...ලේසියෙන් ගන්න පාටක් නැහැ.."

"හ්ම්ම්...කමක් නැහැ කොහොම උනත් කෙරෙනවානං එහෙමයි..නොකෙරෙනවානං එහෙමයි..ඔයා ළග මගේ නම්බර් එක තියෙනවා නේද..? ඕන උනොත් මට කතා කරන්න.."

තවත් බොහෝ දේ දොඩා අවසානයේ මා පිටත්ව ආවෙමි..එහෙත් ඒ වන විට හැගුන දේ නම් මහණ වීම ඇත්තේ තාමත් කොට උඩ බවය...

එන්නට පිටත් වූවද එයට සිත ඉඩ නොදේ...ඇගේ නිවසින් මෑත්ව කුඩා පටු පාරක් දිගේ මා ගමන් කරමින් සිටියෙමි...

36 comments:

  1. ඔන්න පලෙවනි ෙකාෙමන්ටුව මගෙන්

    ReplyDelete
  2. මාරයියගෙ පොස්ටුවකට මුල්ම ෙකාමෙන්ටුව දානව කියන්නෙ ලෙසි වැඩක් නෙමෙයිනෙ. තරහ වෙන්න ඒපා ඒහෙම දැම්මට.

    මාරයියා අනාගතය කියන්න වත් පටන් අරගෙනද?
    දැං වියාපාරෙත් ඒකනෙ නෙද? :-)

    මෙ තරං හිතට වදින්න ලියන්න පුළුවන් ඔයා අැයි පොතක් ලියන්න පටං ගන්නෙ නැත්තෙ?
    හොද ප්‍රසිද්ද ලෙඛකයෙක් වෙන්න පුළුවන්!

    ReplyDelete
  3. ලේසි පහසු වැඩක් නෙමේ නේ මාරයියේ

    ReplyDelete
  4. කෝ කෝ ඉතුරු ටික? කුතුහලය ඉතුරු කළාම පාඨකයටයි අමාරු

    ReplyDelete
  5. මේ සැරේ නම් තෙරෙන්නේම නැහැ... ආයේ ආයේ කියවන්න වෙනවා...මට ටියුබ්...

    ReplyDelete
  6. මටත් කතාව ටිකක් තෙරෙනවා හොරයි. ඒ නිසා ආයෙම කියවලා බලන්න ඕනේ.

    ReplyDelete
  7. meka kathawak nevi nee
    aeththatama unu deyak ne?

    ReplyDelete
  8. @Aruna...

    අම්මේ දැක්ක කල්...කොහොම දැම්මාම මොකෝ..පොත්..මේ මං..හපොයි..කවුද දැන් පොත් කියවන්නේ..?මේ හොඳා..හප්පච්චියේ...

    ReplyDelete
  9. @රත්ගමයා...

    කිසිසේත්ම ලේසි නැහැ...

    ReplyDelete
  10. @පූසා...

    ඉතුරු ටික..සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්නයක් බං ඒක...

    ReplyDelete
  11. @නිම්ශා...& මධුරංග...

    තැනක් ඇති වට රවුම බි‍ඳෙන එතන හොයා ගන්න...

    ReplyDelete
  12. බොන්න වෙන ප්‍රශ්නයක් නං ඉතුරු ටික නොකිව්වට කමක් නෑ.... මාරය බිව්වොත් ආපහු අපට සින්දුවල තේරුම් හොයන්න වේවි....

    ReplyDelete
  13. @mahima...

    නම බලලයි බොන්න ඕන කිව්වා වගේ..ලේබලය බලලයි කියවන්න ඕන..හික්...තේරුණා නේද..?

    ReplyDelete
  14. අනාවැකි කියන්නෙ නම් නැහැ,....ඒත් සුභ පැතුම් මාර මහතාට...


    මාරයා කියන්නෙ එහෙම වැටෙන කෙනෙක් නෙවෙයි,,මොන දේ වුනත් බාර ගන්න ශක්තියක් තියන එළ පොරක්...

    ReplyDelete
  15. නියමයි මචං කතාව . . . . ලියමු ලියමු දිගටම . . . . .

    ReplyDelete
  16. "..ඕන උනොත් මට කතා කරන්න.."
    ඕන වෙන්නේ මහණ වුණේ නැත්නම්නේ... එහෙනං මේ දවස්වල උඹේ එකම ප්‍රාර්තනාව ඒකම වෙයිද...? කෝකටත් තේරුණු නොතේරුණු හැමෝම දතකට මැදගෙන ඉන්න එක හොඳයි...

    ReplyDelete
  17. බට්ටි, මාර බට්ටියෙක් වේවා...!!!

    ReplyDelete
  18. ඉතුරු ටික ඕන..............................................................................

    ReplyDelete
  19. මාර ආදර කතාවක නැවත ආරම්භය එසේ සිදුවිය.
    ඉතුරු ටිකත් දැම්මොත් හොදයි....

    ReplyDelete
  20. මාරයාට ලියන්නට ඇත්තේ මාර හැකියාවකි . මාර අත්දැකීම් ගොඩක් ඇති නිසා ලියන කතාද මාරය. අපි ඒවා කියවන්නේද මාර ආසාවකිනි.

    ReplyDelete
  21. අම්මට සිරි කිව්වලු.. මාරයිය "බට්ටිගෙන්" ගොඩ යන පාටයි.

    හැබයි දුකින් පටන් ගන්න කතාවක් සතුටින් ඉවර කරන්නේ සුජීව ප්‍රසන්න ආරච්චි වගේ අය තමා.

    මම ගෙස් කරන්නම් කතාව.

    බට්ටිට මහන වෙන්න නම් බැරි වෙනවා සුවර්. හැබැයි ඔය කසාදෙත් ලේසියෙන් වෙන්නේ නෑ. කතාවේ එන තුන වෙනි චරිතය වන කලින් පෙම්වතා ආයෙත් කරලියට එවි කියල හිතෙනවා. මොකද පොඩි ඉගියක්‌ දීලා තියෙනවා.
    "එයානං කෙනෙක්ව හොයා ගන්න කෙනෙක් නෙවෙයි ගෙදරින් කතා කරලා කරලා දෙන දෙයක් තමයි..."
    ප්‍රධාන චරිත 3 කින් (දැනට දෙකයි) කතාවක් අදින්න අමාරු නිසා තවත් චරිතයක් කරලියට එනවා කියලනම් කියන්න පුළුවන්. ඒ චරිතය කලිසම් කමිස අදින එකක් නෙමේ කියල කියල තමයි හිතෙන්නේ.

    අනේ මන්ද මගේ සිගිති මොලේට ඕව ගැබුරු වැඩිද මන්ද..

    ReplyDelete
  22. නියමයි...ඉතුරු ටිකත් ලියමු ඉක්මනට....

    ReplyDelete
  23. අය්යාගේ ගොඩාක් කතාවල එන හිත නිකම් කීන් ගාල රිදවන
    ගතිය මෙකෙත් තියෙනවා.
    විරහව තමා ලස්සන...
    අවසානය වෙනෙකම් ලියන්න පාඨකයන්
    අතරමන් කරන්නෙ නතුව හොඳේ

    ReplyDelete
  24. පදිංචිය වෙනස් උනේ මේ ඊයෙ පෙරේදනෙ, ඒ කියන්නෙ මේක හොට් හොට් ස්ටෝරි එකක්.....ඔහොම යං ඔහොම යං (හැබැයි කට පොඩ්ඩක් සැරයි කිව්ව නේද)

    බැරි වෙයිද ඔය ළමයව අර කාර්යාලයෙ වැඩට ගෙන්න ගන්න ? ඕනම නං උඹ ඉන්න දවස් 15 භාවනාවක් කාරිය උගන්නන බැරුවයැ ?

    ReplyDelete
  25. මොකක් නමුත් නැවතත් විශාල පෙරලියකට නිමිත්තක් වගේ

    ReplyDelete
  26. අනේ මන්දන්නෙ නෑ බං.... උඹ පොඩ්ඩක් උඹේම කේන්දර රාජයාව බලා ගත්තනං හොඳයි වගේ .....! සිකුරා මොකද උඹැහේට මෙච්චර අරියාදු කරන්නෙ කියලා....!

    ReplyDelete
  27. ඕක හැබෑටම වෙච්චි දෙයක් ද ? වෙමින් පවතින දෙයක් ද ?

    නරකද හැබෑට ලේඛකයෙක් උනොත්.............

    ReplyDelete
  28. අමාරුවෙන් හරි කරගත්තොත් කාටද ඉතිං.....

    මාර බට්ටි ප්‍රේම ව්‍රතාන්තය....

    ReplyDelete
  29. හි.. හී.....

    අපි නං ඉතිං හැමදාම ඒනවා. කොමෙන්ටු දාන්න ටිකක් හොරයි. ලොගින් වෙන්ට කම්මැලිකම.. :-D

    අනික මෙ යුනිකොඩ් හුරැ මදි. සිංහල Font වලින් ටයිප් කරලා පුරැද්දට රැවිතෙටමයි ලියවෙන්නෙ.

    විහිළුවට කියපු කතාවක් නෙවෙයි ඔයාට හොදට ලියන්ට පුළුහං.

    ඒක නෙවෙයි මාරයියෙ ඔය වගෙ කතාවක් විනාඩි 5-6 ක කෙටි ටෙලියකට හරියන්ට තිරරචනයක් ලියල දෙන්ට බැරිද. අපෙ ඉන්නවා ටෙලි උණකාර කොල්ලො ටිකක්. ඔයාට රෑප මවලා පෙන්නනවා වගෙ ලියන්න පුළුවන්. (අදහසක් විතරයි ඔන්න තරහ ගන්ට නං ඔට්ටු නෑ ඕං... ) :-)

    ReplyDelete
  30. මුළ හරිය කියවනකොට හිතුණෙ කෙටිකතාවක් කියලා. නම් ගම් වෙනුවට xx තියෙනකොට තමයි මීටර් වුණේ. කලින් පෝස්ට් එකේ කමෙන්ට් එකක් දැක්කහම තමයි...

    කතාව කෙලෙස ගලාගෙන යයිද දන්නෙ නැහැ. ජීවිතය අවිනිශ්චිතයිනෙ කොහොමත්. නමුත් එකක් කියන්නට ඕන. ඇස් පනාපිට දසුන මැවී පෙනෙන ආකාරයට ලස්සනට කතාව ලියා තියෙනවා.

    ජයම වේවා.

    ReplyDelete
  31. මේක ඇත්ත කතාවක්ද අයියා.

    ReplyDelete
  32. ඉතුරු ටිකත් ලියමු නේද මාරයියා..

    ReplyDelete
  33. අර රත්ගමයා කිව්ව වගේ මේක ලෙහෙසි වැඩක් නෙවෙයි.මේක බ්ලොග් එකේ දාන්න තිබුනේ ටිකක් පහුවෙලා.කොහොමත් ඉදිරියට යහපතක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  34. සිරාවටම ලියලා තියෙන්නේ... ඔය සිද්දිය වෙලා ඉවර එකක්ද... තාමත් වෙන දෙයක්ද... මට හිතෙන්නේ මාරයියගේ හිතේ ලොකු ඩෙයක් තියනවා.. කියලා දැම්මනම් ඉවරයිනේ.. වෙන දෙයක් වෙන්න කියලා...
    එතකොට පුලුවන් වෙයි හොද අවසානයක යන්න... හිත හිතා හිටියොත් නම් පුතෝ පෙරහැර ගිහින් තියේවි..

    ReplyDelete
  35. දුර ඉදලා හොයාගෙන ඇවිත් කියවලා cmnt එකක් දාන්න මටත් පුලුවන් කියලා හිතුනෙ මේකට තමයි. බට්ටිගෙ කතාවෙ ඉතුරු ටික බලන්න මාත් ඉන්නවා.

    ReplyDelete
  36. දැන් කෝල් එකක් එනකන් ෆොන් එකට තනි රකිනවා ඇති නේද??

    අපායට ගියත් ඉක්මනට යන්න ඕනේ නේ
    ...

    ReplyDelete