06 June 2011

පට්ට ඩොටේ සිට ලියනෙමි දුක්බරව...

හම්මේ...හුග දවසකින් ඔන්න යාන්තං මං නිදහසේ රැයක් දොයිය ගන්න කියලා මගේ අළුත් බෝඩිමට කඩන් පාත් උනා.පැය තිස් හයක ඩියුටියක් එහෙම ඇදලා අද උදේ ඔ‍ෆ් වෙලා කෙලින්ම මගේ ජෝතිෂ්‍ය කාර්යාලයට ගියා..අදනං වැඩ කීපයක්ම පිළිවෙලකට අහවර කලා...හවස පහට විතර බාර දෙන්න වැඩක් තිබුන හින්දා මගේ පාරිභෝගික මහත්මා එනකල් හිටියා..ඒ ආවට පස්සේ ඒ වැඩෙත් කරලා දීලා..පහ මාරට විතර මගේ පොට් එක අස් පස් කරලා වහලා කරලා ගියා දැන්වීම් පූවර් හදන තැනකට. දැනට මගේ තියෙන ප්‍රධාන නාම පූවරුවට අමතරව පාර අයිනට පේන්ට සයිඩ් බෝඩ් එකක් හදවන්ට දෙන්ට..ඒ ගිහින් මගේ අවශ්‍යතාවයට වැඩේ කියලා බාර දීලා ඇඩ්වාන්ස් පාරකුත් දීලා එන්න ආවා...


එන ගමන්ම රෑට බත් එකත් බත් කඩෙන් අරගෙනම ආවා...තව ටිකකින් කාලා නින්දක් දාන්ටයි තියෙන්නේ...ඒ අස්සේ තව කෙලියක්..මං මේ ඉන්න බෝඩිං කාමරේ තියෙන තැන එක අවුලක් තියේ..ඒක පොඩි අවුලකුත් නෙවෙයි මගේ මට්ටමෙන් බැළුවහම..ඒ තමා මේ ෆෝන් වලට සිග්නල් නැති එක..මං පාවිච්චි කරන්නේ ඉතිං මොබිටෙල් නෙව..ඒකට සිග්නල් ඇත්තෙම නැති තරං මේ ඊයේ පෙරේදා අපේ දිල් නගා කතා කරද්දී සිග්නල් නැති විත්තිය තේරිලා මට දැම්මා නෙව රජ නෝන්ඩියක්..මං විනාසයි..මෙච්චර කාලයක් ඔය දිල් නගා ඉන්නේ පට්ට ඩොටේ කියලා නෝන්ඩි කර කර හිටි එකට මේකි දුන්නේ නැද්ද එක පාරෙන්ම රිටන් එක..මං කම්මුතුයි.


දැන් එකේ අනිත් එක..මගේ මේ ඩයලොග් ඩොන්ගලේටත් ඒ සන්තෑසියම වෙලා නෙව..ඒකෙත් සිග්නල් එනවා යනවා..කාලා වරෙංකෝ..මෙව්වා කොහොමද කටක් ඇරලා කියන්නේ මං මිනිහෙකුට..කොහොම හිටිය මටද මෙහෙම උනේ..වෙනදා මං බෝඩිමක් හොයනකොට මුලින්ම කරන්නේ මං ගාව තියෙන සිම් හත අටක්ම මාරු කර කර සිග්නල් චෙක් කරන එක..ඒත් මෙදා පාර එහෙම කරේ නැහැ..ඇයි යකෝ නිට්ටඹුවට කිලෝ මීටර් 4ක් වගේ තියෙන්නේ...වතුපිටිවලට කිලෝමීටරයයි..හතර වටේම සිග්නල් උතුරනවා..එහෙවු එකේ මෙතන මොනවා බලන්නද කියලා ඕක චැක් කොලේ නැහැ..කෙලලා තියෙන්නේ තාප්පෙටම...


හොඳ වෙලාවට මේ ඕෆ් ලයින් ලියන්න පුළුවන් ගැජට් එකක් මේ ඊයේ පෙරේදා කොහෙන්ද මන්දා අහු වෙලා එල්ලලා තිබ්බ හින්දා මේක ලියන්ට ගත්තා..ලියලා ඉවර වෙලා කොහොම හරි සිග්නල් එකක් දෙකක් එනකල් ඉදලා පබිලික් කොරලා දාන්ට බලන්ට ඕන..හපොයි දෙයියනේ..ඉක්මනටම කඩ කෑල්ලේ වතුර ප්‍රශ්නය විසඳගෙන එතන මනුස්ස වාසයක් කොරගෙන ඒකෙම දපන්ට යන්ට ඕන..නැත්තංනං මං විනාසයි..මෙහෙම කොහොමද වැඩ කොරන්නේ..මං ආවේ නිදහසේ මොනවා හරි ලියලා රෑ වෙනකල් නෙට් එකේ නිදහසේ සැරිසරන්ට බලාගෙන..දැන් මේ කොරල තියෙන්නේ..


හ්ම්ම්..වැඩිය වැදගත් ඒවා ලියන්න යන්ට බැහැ..මෙහෙම ලිව්වට කවුද දන්නේ මේක අතුරු ආන්තරාවක් නැතිව පබිලික් කොරන්ට ඇහැක් වෙයිද කියලා..වැරදිලාවත් මේ ලියන එකට කෙල උනොත් ලියන අකුරක් ගානේ අපලාදේ..ඒ හින්දා දැනට මේ තත්ව වාර්ථාව ඇති...මේක අවුලක් නැතිව පබිලික් උනොත් බැරියෑ රෑ වෙලා හරි තව එකක් ලියනවද කියලා තීරණය කොරන්ට...


හුම් බඩගින්නකුත් එනවා කාලා ඉන්ටත් ඕන... ආහ් හොඳ වෙලාවට බාපු ෆිල්ම් දෙක තුනක් ඇති තව ඉතිරි වෙලා..අද තමයි දවස ඒවා බලන්න...මොනවා කොරන්නද පෙරළුන පිට හොඳයි කියනවා ඇර...

29 comments:

  1. අන්දරෙත් දවස්ක් ඔහොම කිව්වලු, කොහොම හිටිය මටද මෙහෙම උනේ කියල...

    ReplyDelete
  2. ඉතින් ඔය ඇවිත් තියෙන්නේ,, දැං ඉතින් නාඬ ඉන්න.....:D

    ReplyDelete
  3. මදැයි. ඊලඟට පදිංචිය වෙනස් කරන්ට යනකොට මතක ඇතුව මොබිටෙල් නැකත සුද්ද කරගෙන යන්ට.

    ReplyDelete
  4. ඔන්න එහෙනම් කවුරු කවුරුත් දැන ගන්න නිට්ටඹුව තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ නිසා පට්ට ඩොටේ තියෙන ටවුමක් නෙමේ හොදද ??? වතුපිටිවල කියලා කියන්නේ ඒ ටවුමට ගොඩක්ම ලගින් තියෙන පොඩි ටවුමක්. ඒ නිසා ඒකත් පට්ට ඩොටේ නෙමෙයි.

    ReplyDelete
  5. ඕක ඔමොකද මාරේ අයියේ . මම හැමදාම ලිපි පබිලිශ් කරන්නේ සිග්නල් දෙකකින් . මටනම් සිග්නල් තුනක් කියන්නේ නිකම් දෙයියෝ දැක්කා වැනි !

    ReplyDelete
  6. මාර වැඩේ නේද සිග්නල් නැතුව රෑට දත් මැදගන්න බැරි වෙයිද? :D ;)

    ReplyDelete
  7. මගෙ බුදු අම්මෙ සිග්නල් නතුව මෙහෙම මාගල් ලියනවනම්
    සිග්නල් තිබ්බොත් අපිට නිවාඩු දාන්න වෙයි මේවා බලන්න..

    ReplyDelete
  8. මමත් පෝස්ට් ලියන්නෙ වෙනම තැනක තමා. ඩයලොග් සිග්නල් මෙච්චර ටවුමේ වෙච්ච අපිටත් හිරවෙවී එද්දි උඔ ගැන මොන කතාද මාරෙ!

    ඕෆ් ලයින් ලියන්න ගැජට් ඕන්නැ. සිංහල කිට් එක දාලා නං තියෙන්නෙ සිංහල සිලෙක්ට් කරලා වර්ඩ් වලම ටයිප් කලැකි. පස්සෙ කොපි කරලා පේස්ට් කලා. එච්චරයි.

    ReplyDelete
  9. ඔය තියෙන්නේ යස අගේට පබිලිශ් වෙලා...මෙකට වැටෙන කොමෙන්ට් කියෙව්වාම ඔය අමාරුකම් ඔක්කොම නැති වෙලා යාවි.....

    ReplyDelete
  10. සුපර් මාරියෝගෙද කොහෙ පෝස්ට් එකක (කමෙන්ටුවකද කොහෙ) දැක්කා සිග්නල් අඩු පැත්තක එකෙක් මැසේජ් යවන්න මැසේජ් එක ටයිප් කරලා සෙන්ඩ් දීලා ෆෝන් එක උඩ දාලා කියලා.... ලැපියට එහෙම කරන්න බෑ නෙ.... අපරාදෙ පුලුවන් නං ට්‍රයි කරලා බලන්න ලැපිය අල්ලගන්න බැරිවුනා කියලා මට බයිනවා එහෙම නෙවේ.....

    ReplyDelete
  11. මේකක් හදලා බෑලුවොත්...

    http://blog.electronicinside.com/2010/09/hsdpa.html

    ReplyDelete
  12. මටත් ඔය සිගිනොල් ප්‍රස්නෙ තියනව . . . මගෙ ගෙදරට මොබිටෙල් කට්ට දෙකයි තියෙන්නෙ . . . ජාලෙට නං අවුලක් නෑ . . . ටෙලිකොම් නෙව . . . මට නං සිගිනොල් නෑ කියන එක දෙයියො දුන්න වගේ . . . ගෙදරදි කෝල් ආවට ආන්සර් කරන්න බෑ නෙ

    ReplyDelete
  13. පත්තරේක දැක්ක ඔන්න ඔය කොහේද උස ගලක් තියෙනවලු.. ඒකට කියන්නෙ මෝබිටෙල් ගලලු.. ටේක් කේයා..
    එහෙනම් මං බහින්නම්.. කතාව දන්නවනේ...

    ReplyDelete
  14. අනේ පව් ඉතින්...අපේ මාරයියට සිග්නල් නැත්තම් ඉතින් ක්ලෝගාඩ් වත් අරන් දෙන්න වෙයි..මොකද මම කතා කොලාම එකම වචනය මට 10ක් අහන්න වෙනවනෙ...ඇයි හැම වචනෙම ඇහෙන්නෙ බාගයයි.... හික්ස්

    ReplyDelete
  15. නිට්ටඹුව තියෙන්නෙ පට්ට් ඩොටේ වත් වතුපිටිවල තියෙන්නෙ ඊටත් වඩා පට්ට ඩොටක වත් නොවේ..මෙය මාරයා සිටින ස්ථානයට සුවිශේෂ වු මාර වාසනාවකි.
    කෙසේ වුවත් මාරයා විසින් ප්‍රදේශයට මේ කරන ලද අපහාසය හෙතුවෙන් ප්‍රදේශ වාසි මාර කැල , මාර කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක් සැලසුම් කරමින් සිටියි.

    Huh....මේවා අධිරාජ්‍යය වාදි කුමන්ත්‍රණ..

    ReplyDelete
  16. @ Luckey

    මෙන්න දොටේ තව එක්කෙනක්.... හික්ස්

    ReplyDelete
  17. අයියේ ඔය ගෙදර වහලක් නැද්ද?තියෙනම් ආං ඒක උඩ නැගල බලන්න සිංගල් තියේද කියලා...
    :P

    ReplyDelete
  18. අප්පා...... ‍ඩො‍ටේ..........
    පව් අප්පා........ ‍කො‍හොම හිටිය අ‍පේ අයියද........ :)

    ReplyDelete
  19. ආපු වෙලාවට ටක් ගාලා අල්ලලා තියා ගනින්... යන්ට දෙන්ට එපා....

    ReplyDelete
  20. හේ..හ්..පෙරලුන පිට හොදයි කියනවා...වෙන මොනාම කියන්නද ඉතින්...දාමුද නඩු...

    ReplyDelete
  21. වතුපිටිවල ගොඩේ නෙමේ නං කොහෙද බොලේ ගොඩේ....

    ReplyDelete
  22. ඔන් ඇවිල්ල.. නොට් පෑඩ් එකක හරි කියල දාන්න අයියන්ඩි.. හැබැයි ඉතින් ඔය කියන විදියටනම් ඩොටේම තමා.. හිකි හිකි

    ReplyDelete
  23. වරෙන්කො මෙහේ. අපි දෙන්නං සිග්නල්, ක්ලෝගාඩ් ඔක්කොම.
    'වී කෙයා අනාගතය අදයි ඕල්වේස්'

    ReplyDelete
  24. සිග්නල් නැත්තම් සුපිරිවිකී හරි යන එකක් නැද්ද

    ReplyDelete
  25. අනේ පවු වැඩේ......මාරයියටත් ඔහොම වෙනවනේ

    ReplyDelete
  26. හද්ද ගොඩේ පලාතක් නෙව ඔය කියන්නෙ, හන්දියෙ ඉඳල ඉටිපන්දං කීයක විතර දුරද හැබෑටම ඔය බෝඩිමට ?

    ReplyDelete