07 June 2011

කඩේ යන්නට තව විදියක්...පොරක් වන්නට නෙවේ...

හුගාක්ම හිත රිදුන වෙලාවක මේ ලියන්නේ.
මගේ හිත රිදෙනවා අඩුයි. තව විනාඩි පහකින් කොල් එකක් ඇවිත් මගේ කවුරු මලයි කිව්වත් ඒක ඒ හැටි ගානකට ගන්න එකෙක් නෙවෙයි මං...ඒ වගේමයි අම්මා මතක් කරලා මට කවුරු හරි බැන්නත් මට ඒකට පැහැදිලිව හිත එක තැනක තියාගෙන උත්තර දෙන්න පුළුවන් තරං හයිය හිතක් තියෙනවා.

හෙට උදේ වෙනකොට මට පිළිකාවක් හරි මොකක් හරි භයානක ලෙඩක් කියලා අහවල් දවසේ මැරෙනවා කිව්වත් ඒකත් මට බලපෑමක් කරන්නේ නැහැ.

ඒත් සමහර කාරණා වලදී තාමත් මගේ හිත රිදෙනවා. මේත් ඒ සුවිශේෂී කාරණා කිහිපයෙන් එකක්.

ඒ තමයි මං පය ගහලා ඉන්න පුංචි රට ගැන තියෙන කැක්කුම...එක අතකින් බැළුවහම ඒකත් ගණන් ගන්න දෙයක් නෙවේ නේද කියලා හිතුනත්..මොකක්දෝ කරුමෙකට මට තාමත් ඒ කාරණාවේදී හිතට දුකක් ඇති වෙනවා...

මේ ලිපියේ ලියන්න හිතාගෙන ඉන්න දේ ලියන්න කලින් මං තව එකක් කියලා ඉන්නං...

මගේ තාත්තා තද ශ්‍රී ලංකා කාරයා...අම්මා යූ ඇන් පී...
දෙන්නා එකට ඡන්ද පොලට ගිහින් දෙපැත්තට ඡන්දේ දාලා ආවා මට මතකයි.

මාත් තාත්තා එක්ක හැප්පි හැප්පි හරි අන්තිමට කලේ ශ්‍රී ලංකා එකට ඡන්දේ දුන්න එක...
එකම එක වතාවක් විතරක් වෙනත් පක්ෂයකට දුන්නා.

හැබැයි දැන්නං අවුරුදු 5 කින් විතර මට ඡන්දයක් දාන්න වෙලා නැහැ. ඒ අකමැත්තක් හින්දා නෙවෙයි මට ඡන්දේ දාන්න බැරි වෙන ප්‍රශ්න කිහිපයක් හින්දා.දාන්න පුළුවන් උනානං මං නොදා ඉන්නෙත් නැහැ.

මේ බ්ලොග් අවකාසේ මාව දන්න හුග දෙනෙක්නං දන්නවා ඒ කොයි පැත්තටද කියලා..ඒත් සමහරු දන්නේ නැහැනේ ඒ හින්දා මමම ඒකත් කියන්නං.

ආයේ දෙකක් නැහැ මහින්දට...

ශ්‍රී ලංකා එකට එහෙමත් නැත්තං පොදු පෙරමුණට නෙවෙයි මහින්දට... ඒ මගේ මොලේ තියෙන තරමට තමා...
මගේ තීරණය ගැන හුග දෙනෙකුට ප්‍රශ්න තියෙන්න පුළුවන්..ඒත් ඒ මගේ තීරණය...ආයේ බොරුවට මම නිර්පාක්ෂික..මං කාටවත් කඩේ යන්නේ නැහැ වගේ බොරු ටෝක් දෙන්න මට ඕන නැහැ... මං හදවතින්ම තාමත් මහින්දට කඩේ යනවා ඕන වෙලාවක.

හුගාක් අය දේශපාලනය ඇදලා ගත්ත ගමන් කියන දේ තමයි අනේ මංන ඔය කාටවත් කඩේ යන්නේ නැහැ කියලා..ඒත් ඒ අයගේ ඇත්ත මොකක්ද කියන එක ටිකක් වෙලා කතා කරනකොට නිකංම තේරෙනවා. ඊට වඩා මට හොදයි ඇත්ත කියලා පටන් ගන්නවා.

දැන් ලෑස්ති වෙන්න එපා...මගේ දේශපාලන මතය වෙනස් කරන්න උපදෙස් දෙන්න..මොකද ඒක මම එහෙම කාගෙවත් වචනයකට වෙනස් කරන්න ලෑස්ති නැහැ..මං විතරක් නෙවෙයි ඔය හුග දෙනෙක් එහෙම තමයි...

ඒ හින්දා මං මට මහින්ද හරියි කියලා සහ තවමත් මහින්ද හැර ඊට වඩා සුදුසු නායකයෙක් නැහැ කියලා මට හැගෙනා තෙක් ඒ කඩේ යාම ඒ විදියටම කෙරෙනවා.අනිත් අයත් තමන්ට කැමති දේශපාලනයක් කැමති විදියකට කරන්න..ඒ කිසිම දෙයක් වෙනස් කරන්නත් මට ඕන නැහැ.

ඒත් මං දරන දේශපාලන අදහස් වලට පක්ෂ උනත් විපක්ෂ උනත් ඒ හැම දෙනාගෙන්ම කරන්න ඉල්ලීමක් තියෙනවා..ඒකටයි මම මේ ලෑස්ති වෙන්නේ.ඒකට කරුනාකරලා පක්ෂ දේශපාලනයක් ගාව ගන්න හදන්න එපා.

.....................................................................
අද උදේ ඉඳලා මම ටිකක් නිදහස්..ඒ හින්දා පාඩුවේ බ්ලොග් ටික කියවන්න ගත්තා..බස් දිහා බලාගෙන හිටියා..පත්තර බලන්න ගත්තා...ඒ අස්සෙදී මට හම්බ උන ලිපි දෙකක් ගැන මගේ අවධානය යොමු උනා...ඇත්තටම ඒවා කියවලා මට හිතට දැනුනේ පුදුම දුකක්..විශේෂයෙන්ම ඔය දාලා තියෙන කෘෂිකර්මාන්තයට අයත් (දෙවන) ලිපිය කියවලා ඉවරවෙනකොට මට ඇඩෙන්න එනවා...


මොකක්ද මුන් අපේ රටට කරන්න හදන්නේ කියලා...දැන් මේක ගැන කියපු ගමන් කට්ටියක් පටන් ගන්නවා ආණ්ඩුවට බනින්න..තව කට්ටියක් පටන් ගන්නවා කලින් හිටිය ආණ්ඩුවලට බනින්න...

ඒත් අන්තිමට සිද්ධ වෙන මගුලක් නැහැ.දෙපැත්තෙම අය හිතයි හරි මම දුන්නා අරුන්ට රිදෙන්න කියලා..අනිත් අයත් එහෙමම හිතලා ස්වයං වින්දනයක් ලබන එක විතරයි වෙන්නේ..මේවා කරන එවුන් හැමදාමත් කිසිම බාධාවකින් තොරව උන්ගේ වැඩ කරගෙන යයි.එච්චරයි.

මට ඕන එතනින් එහාට යමක්..විවේචනය කර කරම ඉන්න තැනින් එහාට ගිය දෙයක් කරන්න.
ඇත්තටම මං පොඩි කාලේ ඉස්කෝලේ ගියේ පොදු මගී සේවා බස්වල..ඒත් සැරින් සැරේට වර්ජන හින්දා මහ පාරවල් වල අනාථ උන වාර ගාන අප්‍රමාණයි..ප්‍රයිවෙට් බස් තමා සුළු දේටත් වර්ජන පටන් ගන්නේ..ඒත් කමක් නැහැ කරගත්තදෙන්කෝ එහෙම කරන ගමන් එදාට දුවන සී‍ටීබී බස්වලටත් ගල් ගහන්න තරං බලු තත්වෙකට පත් වෙනවා..

ඒත් බලාගෙන ගියහම ඒ වර්ජනේට හේතුව මහා කරුණක් නෙවෙයි සුළු සිද්දියක්..සමහර විට බස් කාරයෙක්ම තවත් බස් කාරයෙකුට ගහපු සීන් එකක් තමා හේතුව..වැරැද්ද කාගෙවත් දඩුවම් විදින්නේ අසරන අපි..යාන්තං බස් එකට විතරක් අතේ සල්ලි ති‍යාගෙන එන වෙලාවක..එහෙමත් නැත්තං අතේ සතේ නැතිව සීසන් එකෙන් යන එන වෙලාවක ඔහොම තත්වෙකට පත් උනහම මොන තරං අපි අසරණ වෙනවද..?

ඒවට කවුරුවත් වග කියන්නේ නැහැ.ඒත් මිනිස්සුන්ට බස්කාරයෝ ගහපු වෙලාවට වර්ජනය කරන්න එකෙක් නැහැ.අඩුම ගානේ ඒ බස් එකේ යන අනිත් උනුත් පොට්ට වෙලා වගේ අහක බලං යනවා...

මට හිතුන දෙයක් තමා මොන විදියක හරි අපහසුතාවයන් පාඩු විදගෙන ඇයි මගීන්ටත් මේ ප්‍රයිවෙට් බස් කාරයින්ව වර්ජනය කරන්න බැරි කියලා..එක දවසකටවත් අඩුම ගානේ...අපිට රිදෙන තරමම උන්ටත් රිදෙනවා නේද කියලා බලා ගන්න...

......................................................................

මේ හැම දේකටම උත්තරේ ආණ්ඩුව මාරු කරන එකනං නෙවෙයි කියලා කාට උනත් තේරෙන්න ඕන දෙයක්..දැන් ඒ විදියට 1928 ඉඳලා කී පාරක්නං ආණ්ඩු මාරු කෙරුවද අපේ උදවිය..ඒත් යන්නේ වලටම මිස ගොඩට නෙවෙයි...

ඒ හින්දා උත්තරේ ඒකනං නෙවෙයි..කැමති කට්ටිය කැමති වෙලාවක ආණ්ඩුව මාරු කරගන්න මට ඒකට කමක් නැහැ..ඒත් හුගාක් ප්‍රශ්න වලට අපි ගාවම උත්තර තියෙනවා මට හිතෙනවා...ඕනම ජරා වැඩක් ඕනම හොරකමක් කරන්න පුළුවන් ඒක හැංගිලා තියෙනකොට..අනිත් අයට ඒ තොරතුරු නියම විදියට නොලැබෙන කොට...අපි ඒ ගැන දන්නේ නැහැ කියලා එයාලා දන්නකං ඒ වැඩ කවදාවත් නවතින්නේ නැහැ.

මං පුංචි මිනිහෙක්... සමාජයේ හැටියට ගත්තත් ශාරීරිකව ගත්තත්...
ඒත් මටත් මොනවම හරි මේ වෙනුවෙන් නොකර ඉන්න ඒක හේතුවක් නෙවෙයි කියලා හිතෙන හින්දයි මෙහෙමවත් දෙයක් පටන් ගන්න ඕන කියලා හිතුවේ..මට ලංකාවම හදන්න බැරි වෙයි..ඒත් කවදා හරි දවසක මට මැරෙන වෙලාවට මතක් කරගෙන මැරෙන්න තවත් එක හොද වැඩක් හරි ඉතිරි වෙයි..

ඒත් ඒකට මට තනියම අත ගහන්න බැරි මගේ ඇස් දෙක කන් දෙක සීමා වෙලා තියෙන්නේ හරිම පුංචි වටපිටාවකට වීම..

ඒත් එක අතකින් මං වාසනාවන්තයි..මට ඉන්නවා දන්න කියන කට්ටියක් ලොකේ පුරාම විසිරුණු..ඒ අය හුගාක් දේවල් දකිනවා අහනවා...ඒ අය ළග තොරතුරු තියෙනවා ඕන තරම්..ඒත් සමහරක් විට ඒ අයට තම තමන් දරන තනතුරු හින්දා හරි තමුන්ගේ තියෙන සම්බන්ධතා හරි නිසා ඒ දේවල් දැක දැක නිහඩව ඉන්න වෙලා ඇති..සමහර විට තමනුත් ඒ ක්‍රියාදාමයන්ටම සම්බන්ධ වෙලා ඇති. ඒකට කමක් නැහැ...

මට ඕන ඒ අයගෙන් තොරතුරු...උදාහරනයකට ඔය දීලා තියෙන ලින්ක් දෙකින් අර කෘෂිකාර්මික ලිපිය ගැන අවධානය යොමු කරන්න. එතන හැම දෙයක්ම සීයයට සීයයක් සත්‍යය තොරතුරු නොවන්න පුළුවන්..මොකද අද මුදලට ලියන ලේඛකයෝ වැඩි හරියක් මාධ්‍ය වල ඉන්නේ..මුදලට කිව්වේ ලියන රස්සාවට හම්බ වෙන වැටුප නෙවෙයි..වෙන වෙන අරමුණු වලින් වෙලෙන්දන්ගේ දේශපාලකයන්ගේ අරමුණු වලට ලියන අය ඉන්නේ.

සමහර විට ඔය ලිපිය උනත් එය සිද්දි වලට සම්බන්ධ කාට හෝ පහරක් ගහන්න හරි කාව හරි උස්සලා තියන්න හරි ලිව්වා වෙන්න පුළුවන්...

අනිත් ලිපිය ගත්තහම අර කිව්වත් වගේ සිරිසේන උන්නැහේට කොහෙන් හරි ආව කමිෂන් එකක් නැති වෙච්ච තරහට කරපු දෙයක් හරි වෙන්න ඇති..ඒත් ඒ කියන්නේ අද මේ වෙනකල් ඒ දේවල් ඒ විදියටම වෙලා තියෙනවා කියන එකයි. දූෂණ වංචා වෙනෝ කියලා කෑ ගහලා ආණ්ඩුවට බනිනවට වඩා මං හිතන්නේ ඒ හැම එකක්ම උළුප්පලා පෙන්නන්න..මිනිස්සු දැනුවත් කරන්න පුළුවන්නං ඔය දේවල් ඔය විදියටම දිගටම කරගෙන යන්න අමාරු වෙයි..

හැබැයි මේකෙදී ප්‍රශ්න එන්නේ නැතිව තියෙයි කියලා කියන්න බැහැ.මොකද අපි අතරෙම ඉන්නවා ඔය ආයතනවලට සම්බන්ධ උදවිය..ඔය යන චක්‍රයේ පුරුක්.. සමහරු ඒ ක්‍රමයෙන් පිට පැන්නොත් තමන්ට එල්ල වෙන තර්ජන වලට බයේ ඉන්නවා වෙන්න පුළුවන්... සමහරු ඒ ක්‍රමයට කැමැත්තෙන්ම ඉන්නවා වෙන්න පුළුවන්...

මං කතා කරන්නේ අර පළ‍වෙනි කොටසටයි.ඒ අයට පුළුවන්නං ඔය තොරතුරු අපිට දෙන්න.අපිට පුළුවන් ඒවා කාටවත් හානියක් නොවෙන හැටියට මිනිස්සුන්ට බෙදා දෙන්න..සමහර විට මේ බ්ලොග් එක හරහාම හරි..නැත්තං වෙනම ඒ සඳහා බ්ලොග් එකක ආරම්භ කරලාම හරි ඒ දේ කරන්න මට හිතෙනවා. ඒතරමටම මට මේ තියෙන සිස්ටම් එක එපා වෙලා ඉන්නේ...

පෞද්ගලිකව ගත්තොත් මට මේ රටේ මොන ආණ්ඩුව හිටියත් කරදරයක් නැහැ..මං රජයේ සේවකයෙක් නෙවෙයි..පෞද්ගලික අංශේ ‍සේවකයෙක් උනාට ඒ ජොබ් එකටත් කිසිම කෙනෙකුට බලපෑමක් කරන්න බැහැ..මොකද සිකුරිටි ජොබ් ඕන තරං තියෙනවා මේ රටේ..මගේ ව්‍යාපාරේ මට ඕන තැනක කරගෙන යන්න පුළුවන්..

මේ රටේ හොරකං වංචා උනා කියලා ඒවායින් මට ලොකු බලපෑමක් නැහැ..එකම දේ බඩු ගණන් යනකොට ඒකට සාපේක්ෂව මගේ වියදම ටිකක් වැඩි වෙන එකයි..ඒකත් මං තනිකඩයා හින්දා ඒ හැටි අවුලක් නැහැ.ඒ හින්දා මට නැති වෙන්න කියලා දෙයක් නැහැ...රටට හරි ගියා කියලා මට හම්බ වෙන මහ ලොකු දෙයකුත් නැහැ..

ඒ හින්දා මට මේ වගේ දේකට අතගහන එකේ මහා ගැටළුවක් නැහැ..මගේ උස්සගෙන යන්න දරුවෙක් මල්ලෙක් නැහැ...උදුරගන්න දෙයක් නැහැ.එකම දේ මට කෙලින එක විතරයි..ඒකෙත් අවුලක් නැහ..මොකද මගෙන යැපෙන එකෙක්වත් නැහැ..මං මලාට ඇති පාඩුවකුත් නැහැ.. ඒ හින්දා මං හිතන්නේ මට මේකට අත ගහන්නම පුළුවන් කියලයි..

මේක කොච්චර දුරකට මට කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ..ඒත් මේ රටේ සිද්ද වෙන නාස්තිය, දූෂණය, වංචාව ගැන ඇස් කන් පියාගෙන කාලකණ්නියෙක් වගේ ඉන්න එක මහා පව්කාරකමක් වගේ කියලා මට දැනෙන එක එතනින්වත් නවතී...

ඒ හින්දා මට ඕන නිවැරදි තොරතුරු...කවදාවත් පණ ගියත් මං ඒවා මට ලැබුනේ කොහෙන්ද කියලා එළි කරන්නේ නැහැ.මේක විහිළුවක් හැටියට ගණන් නොගෙන ඒකට පුළුවන්නං මට උදව් කරන්න..මට ඕන සුළු සිවිල් සංවිධානයක් හැටියට කෙරෙන දෙයක් කරන්න..මේක මහා පරිමාණ වැඩකට ගෙනියන්න ගත්තොත් ඒකටත් පැනලා සමහරු වාසි ගන්න හදන වග මම හොදාකාරවම දන්නවා..ඒ හින්දා රටට ආදරේ කරන..වංචාවට දූෂණයට විරුද්ධ හැමදෙනාගෙන්ම මම ඉල්ලන්නේ එක දෙයයි ඒ තමා මට තොරතුරු දෙන්න අපි ඒවා නියම ක්‍රමයකට ..ඒ කිව්වේ අපිට අපහාස නඩු ආදිය දාන්න බැරි විදියකට මිනිස්සුන්ට කියමු..අඩු ගානේ බ්ලොග් එක බලන දාහක් හමාරක්වත් දැනුවත් වෙයිනේ..ඒ අය හරහා තව එක්කෙනෙක් දෙන්නෙක් හරි දැනුවත් වෙනකොට සුළු පිරිසක් හරි දැනුවත් වෙයි...

මන් හිතන්නේ මේකත් හොඳ කඩේ යෑමක්..ඒ මහින්දටවත් රනිල්ටවත්..එහෙමත් නැත්තං වෙනත් තුන්වන පෙලේ පක්ෂ කීහිපය අතුරින් එහෙකටවත් නෙවෙයි උපන් රටට කඩේ යෑමක් වෙයි. ආරම්භයක් හැටියට ලංකාවේ කෘෂීකාරිමික ක්ෂේත්‍රයෙන්ම පටන් ගන්න අපට පුළුවනි... මොකද හුගාක් දේ පටල ගන්නවට වඩා එක දේකින් පටන් අරං ඒක වැඩි දියුණු කරන එක තමා සාර්ථක...

ඉපදුන රටේ හොඳට ගහකොල වැවෙන කොට පිට රට දේම කන්න වෙලා තියෙන කරුමක්කාරයෝ ටිකක් අපි... වැවෙන දේත් පිටරටවලට ලාබය යන විදියට කන්න උනහම අපි වගේ මහ පොලවට ණය කාරයෝ තවත් ඉන්නවද කියලා හිතෙන්නේ නැද්ද..?

ඒ හින්දා මං තව පැයක් ඇතුලත අළුතෙන්ම ඊමේල් එකවුන්ට් එකක් හදලා මේ ලිපියේම යටින් දාන්නං..පුළුවන් විදියට තම තමන් දන්නා තොරතුරු මට එවන්න. ඒවා කියවලා බලලා සුදුසු විදියකට මං ඒ දේවල් පල කරන්නං වෙනම බ්ලොග් එකක් අටවගෙන හරි...

පැහැදිලිවම මට ඕන දේශපාලන එදිරිවාදිකම් පිරිමහන තැනකට ගෙනියන්න නෙවෙයි...පවතින ක්‍රමයට විරුද්ධව දෙයක් කරන්න විතරයි. ඒ හින්දා සුළු දේත් වටින්න පුළුවන්...කෙනෙක් සුළු දෙයක් හොයලා දුන්නම ඒක ගැන දන්න අනිත් අය ඒ ගැන තව විස්තර හොයලා දෙන්න පුළුවන් නිසා සුළු දේත් අහක දාන්නේ නැතිව අපිට ඒ ගැන කතා කරන්න පුළුවන් වෙයි...

ආ තව එක කාරණයක්..කාට හරි හිතෙනවනං මේක බ්ලොග් එකක් ජනප්‍රිය කරන්න හරි හිටිස් වැඩි කරගන්න කරන දෙයක් හරි වෙන මොනවා හරි දෙකේ පන්තියේ අරමුණකින් කරන දෙයක් කියලා හරි ඒ අයට පුළුවන් මේක නොදැක්කා වගේ සද්ද නැතිව යන්න...ඒ ගැන අමනාපයක් නැහැ.මටත් මේක අළුත් දෙයක් ඒත් කරලා බලන්න ඕන...ඒ හින්දා මේකත් කරන්න උත්සහ කරලා බලමු හරි යන්න හෝ වරදින්න.

ඔන්න ලිපිය ඉවරයි...

පසු සටහන...
මෙන්න අළුත් ඊමේල් ලිපිනය

ratatakadeyannata@gmail.com

55 comments:

  1. Yapum arthika method ekak lankawa diyunu karanna hodai.eth me yugaye ekata yanna lesthi ke denek innawada kiyana ekak prb.

    marayaneni,
    jaya nemathi sarungalaya ihala yanne badaka godak madin tamai.wisammathika matayak haraha udugam bala yana obata wachanayakin ho suba pathami. samawenna sinhalen nolewata. lesiyatai liwe weda karana gaman.

    ReplyDelete
  2. මාරයා අලුත් වැඩකට අත ගහන්නද හදන්නෙ.....තමන්ට හොඳයි කියලා හිතෙන දේ කරන්න කාටවත් බය වෙන්න ඕන නැහැ...එත් මේක හොඳ කල්පනාවන් කරන්න ඕන වැඩක්...හැම තොරතුරක් ම publish කරන්න ඉස්සර හරියටම verify කරගන්න ඕන...

    ශ්‍රි ලංකන් විකිලීක්ස් ද?

    ReplyDelete
  3. මාරයියා වැඩේ නම් පංකාදුයි .. ඒත් ඉතින් ....

    ReplyDelete
  4. @Helping To People...

    බොහෝම ස්තූතියි වචනයෙන් හරි කරපු උදව්වට...
    ඇත්ත අපේ අය ලෑස්ති නැහැ ආපස්සට අඩියක් තියලා අඩි දෙකක් ඉස්සරහට යන්න..ඒ හින්දා හැමදාම අපි මෙතන...

    @Luckey...

    අප්පා එහෙම ලීක්ස් වගේ නමක් දාගත්තනං හරි නේද..?

    ඇත්ත හුගාක් වෙලාවට ලැබෙන තොරතුරු වැරදි වෙන්න පුළුවන්..ඒත් අපි බලමු ඒකටත් හරියන විදියට ගැටයක් ගහගෙන වැඩේ ඇදගෙන යන්න.

    @අයාලේ ගිය සිතක සටහන්...

    ස්තූතියි.

    @වැප්...

    මට තේරෙනවා බං..අපි බලමු.

    ReplyDelete
  5. ඔය කඩේ යාම තව උපරිම අවුරුදු 3ක් කරත හැකි. ඊට පස්සෙ ගෝඨාභය රාජපක්ෂට කඩේ යන්න ලෑස්ති වෙලා ඉන්න

    ReplyDelete
  6. @මකරා...

    ආ ඒකට තව කල් තියෙනවා...
    අයියා මොකද මල්ලි මොකද..ඕනනං බැසිල්ට හරි කමක් නැහැ.;D

    ReplyDelete
  7. රටට විපතක් වෙනකල් හරි කරනකල් හරි බලාගෙන ඉන්න කට්ටිය ගැන පහුගිය සතිය පුරාවටම ඇහුවනේ....අපේ උනුත් දෙයක් වෙනකල් බලාගෙන ඉන්නේ ඒකෙන් තමුන්ගේ පැත්තට මොන වාසියද ගන්ඩ පුළුවන් කියලා උත්සහ කරන්ඩ.... මේ කරන්ඩ යන දේට මාත් එකඟයි. පුළුවන් විදිහකට උදව් කරන්නම්....

    ReplyDelete
  8. මාරයා ඉල්ලපු ජාතියෙ තොරතුරු ටිකක් මගේ ගාවත් තියෙනවා. ඒත් ඉතින් ඒවා කතා කරන්න මේක සුදුසු වෙලාවක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ නැති වුණාට මේ වෙලාවෙ ලංකාවෙ ඉන්නවනම් හරි ලංකාවට එන්න අද්හසක් තියෙනවනම් හරි ඇත්ත කියන්න බය වෙන්න ඕනෙ. මම මේ කොමෙන්ටුවෙ ලිවුවෙත් පට්ටපල් බොරුවක්

    ReplyDelete
  9. @Jeew...

    ස්තූතියි මචං...

    @මකරා...

    අනේ අම්මපා මෙහෙමත් මකරෙක් දැන් මට තියෙන අවුල උඹ කියන ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා හොයාගන්න බැරි එක..ඒත් කමක් නැහැ එන්න මේල් එඩ්රස් එක ඇති එවලා බලහංකෝ

    ReplyDelete
  10. තොරතුරක් ලැබුණොත් කියන්නම්. නම මාරයා වුණාට කමක් නෑ, පරිස්සමෙන්.

    ReplyDelete
  11. @නලිනි චන්දිමා...

    එහෙමයි ලොකු මැඩම්...
    ඒ වගේම ස්තූතියි...

    ReplyDelete
  12. මම කිසිත් කියන්නේ නැත...
    හරි යන්න හරි වරදින්න හරි මම ජනාධිපතිවරනෙදි හරි මනුස්සයට ඡ්න්දේ දුන්නා කියලා මම හිතනවා....
    ඒ මනුස්සයට හිරේ යන්න වෙලා කරුනලා එලියේ ඉන්න එකට නම් මාර දුකයි.,..
    මොනවා කරන්නද,....
    දවසක් වීරයො
    අනිත් දවසේ බලූ වෙනවා...
    ඒ වගේමයි දවසක බල්ලෝ...අනිත් දවසේ වීරයෝ වෙනවා.....
    මේ මගේ රට නේ...ඉතින් ඒකේ පුදුමයක් නෑ

    ReplyDelete
  13. @ රත්ගමයා

    කට්ටියට කරුණාවමයි පෙනෙන්නෙ. ඇයි අපේ අලුත් බ්‍රිගේඩියර් තුමාව පෙනෙන්නෙ නැත්තෙ. KP එවපු ආයුධ වලින් තමයි ආමි එකේ කොල්ලො මැරුණ තරමක් මැරුණෙ , තුවාල වුණේ

    ReplyDelete
  14. @රත්ගමයා...

    නැහැ නැහැ රත්ගමයා කිසිවක්ම කියා නැත.

    ReplyDelete
  15. "මොකක්ද මුන් අපේ රටට කරන්න හදන්නේ කියලා...දැන් මේක ගැන කියපු ගමන් කට්ටියක් පටන් ගන්නවා ආණ්ඩුවට බනින්න..තව කට්ටියක් පටන් ගන්නවා කලින් හිටිය ආණ්ඩුවලට බනින්න...

    ඒත් අන්තිමට සිද්ධ වෙන මගුලක් නැහැ.දෙපැත්තෙම අය හිතයි හරි මම දුන්නා අරුන්ට රිදෙන්න කියලා..අනිත් අයත් එහෙමම හිතලා ස්වයං වින්දනයක් ලබන එක විතරයි වෙන්නේ..මේවා කරන එවුන් හැමදාමත් කිසිම බාධාවකින් තොරව උන්ගේ වැඩ කරගෙන යයි.එච්චරයි.

    මට ඕන එතනින් එහාට යමක්..විවේචනය කර කරම ඉන්න තැනින් එහාට ගිය දෙයක් කරන්න."

    ReplyDelete
  16. අද පටන් උතුරු අලුත්කුරු කෝරලයේ දුනාගහ පත්තුවේ සිදුවන සෑම හොඳ වැඩක්, වංචාවක්,මඩක් ඉහත සඳහන් ratatakadeyannata@gmail.com ලිපිනයට ඉන්බොක්ස් වනු ඇත. ජයෙන් ජය මාරයිය..

    ReplyDelete
  17. @තිශ්...

    එච්චරයි මල්ලි මටත් ඕන..ස්තූතියි බොහෝමත්ම...

    ReplyDelete
  18. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි මොකටද බය වෙන්නේ මාරයියා. Risk එකක් තියාගෙන වුනත් මේවා විය යුතු දේවල්. මමත් දුටු ඇසූ යමක් එවන්නම්..
    ජය..

    ReplyDelete
  19. මේකත් හොද නිමිතක් වේවි වැඩේ පටන්ගන්න. සිද්දිය ඇත්ත. තව විස්තර අවශ්‍ය නම් කොමෙන්ට් එකක් දන්නා අපැහැදිලි තැන අහල මුන් අපිට වහ කවන එක http://lankacnews.com/sinhala/main-news/%E0%B7%83%E0%B6%B8%E0%B7%96%E0%B6%BD-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96-%E0%B7%81%E0%B7%8A/

    ReplyDelete
  20. මාරයා, අමතක කරන්න එපා, ප්‍රශ්න වල හැම පැත්තම බලලා තමයි ලියන්න ඕනැ. පුලුවන් තරම් මධ්‍යස්තව හිතල බලලා ලියන්න. පක්ශ පාට අමතක කරලා ඔය හදවතට දැනෙන දේ ලියන්න.

    ReplyDelete
  21. නමුත් මෙම ලිපියේ දේශපාලනේ සම්බන්ධව තියන කොටස පිලිබදව මගේ ගරන්ටියක් නොමැත

    ReplyDelete
  22. ඔය ඊ මේල්ලුවට එවුවම සාක්ෂි හමස් පෙට්ටියට යන්න පුළුවන්. ඒක හින්දා මෙතනම සාක්ෂි දෙන්නම්

    1. http://www.youtube.com/watch?v=Pncm6H7tWgo

    මේ ඉන්නෙ KP . උතුරු පළාතෙ සංචාරයක යෙදිල ඉන්න අවස්ථාවක්. ඔය වීඩියෝවෙ හමුදා ඇඳුම් ඇඳගෙන ඉන්නෙ කොටි එහෙම නෙවෙයි. හමුදාවෙ නිලතල ගැන දන්නවනම් බලා ගන්න පුලුවන් මොන මට්ටමේ නිළධාරීන්ද ඔතන ඉන්නෙ කියල

    2 . http://www.youtube.com/watch?v=aeS7UXxxojk

    මේ වීඩියෝවෙ තියෙන්නෙ ගිය මාසේ ( මැයි ) ඉන්දියානු මාධ්‍යයකට දීපු සම්මුඛ සාකච්ඡාවක්. කියන්නෙ ආමි එකට ගහන්න ආයුධ ගෙනාපු කෙනා. එයාට ලැබෙන සැලකිල්ල ඔහොමයි. එතකොට ආමි එකට බැටරි කෑලි වගයක් ගත්තයි කියල හිරගත කරල තියෙන ජෙනරාල්ට වැලිකඩ ඉඳන් මෙහෙම සම්මුඛ සාකච්චා පවත්වන්න දෙනවද ? සම්මුඛ සාකච්චා කෙසේ වෙතත් අධිකරණයෙන් දීල තියෙන නියෝගයෙ හැටියට උණු වතුරවත් හරියට දෙනවද ?

    ඔන්න ප්‍රසිද්ධියේ සාක්ෂියක් දුන්නා. දැන් ලියන එකයි ඇත්තෙ. හැබැයි මහින්ද අබේසුන්දර ස්ටයිල් එකෙන් ලියන එක ඔට්ටු නෑ

    =====
    මාරයා කියන්නෙ අන්තර්ජාලය පාවිච්චි කරන මහජනතාව තමන් ගැන ඇත්ත තත්වය කොච්චර දුරට දන්නවද කියල ඔත්තු බලන්න මහින්ද රාජපක්ෂ පත් කරපු යටිකූට්ටු ඒජන්තයෙක්. මාරයා මේ විස්තර හොයන්නෙ ඒ ජොබ් එකට නේද ?

    ReplyDelete
  23. හ්ම්... හොඳ වැඩක් අයියා, ඒත් පරිස්සමෙන් කරන දෙයක්....

    ReplyDelete
  24. කොහොමත් පරිස්සම අංක එකේ තියෙන්න ඕන....මොකද අපිට උඹව ඕනේ, උඹේ දැණුම ඕනේ.....
    සහසුද්දෙන්ම දන්න දෙයක් අනිවා එවනව.....
    රාජ්ය සේවයෙ වෙන වැඩ නම් ඕනෙම නැහැ ඉතිO...අවුරුදු 7ක් සේවය කොලා නොවැ වැවිලි කර්මාන්ත අමාත්යන්ස්සෙට......

    ReplyDelete
  25. මාරේ අයියා අලුත් වැඩකට අත ගහලා වගේ. නියමයි මාරේ අයියා.

    ReplyDelete
  26. අළුත් වැඩක්..... පුලුවන් විදියට හොයලා බලන්නම් විස්තර ටික. :)

    ReplyDelete
  27. මාරෙ . . . . උත්සාහය නං නියමයි . . . . ඕනෙම වෙනසක් පටංගන්න ඕනෙ වෙනස්වියයුතු කුඩාම ඒකකයෙන් . . . . උඹ බලාපොරොත්තුවෙන වෙනස ආරම්භ වෙන්න ඕනෙ කුඩාම ඒකකය තමයි සමාජගත තනි පුද්ගලයා . . . . මම ඒ පුද්ගලයව දකිනව උඹෙං . . . . සතු‍ටුයි මචං පවතින ක්‍රමය විසින් ලේටෙක්ස් බවට හරවලා තියන මගෙ කෂේරුකාවෙ කැල්සියම් උඹේ කෂේරුකාවෙ වෙනස් නොවී තියනව . . . . . සුභ පැතුම් . . . .

    තව දෙයක් මචං . . . . සමහර අයට තමංගෙ පමනක් නෙමේ . . . තමන්ගෙ අඹු දරුවන්ගෙ පැවැත්ම උදෙසා කොන්ද ඒ ඒ අයට අවශ්්‍ය විදියට නමන්න වෙලා තියනව . . . . මම දන්න හොඳම උදාහරනය තමයි "මහින්ද අබේසුන්දර" කියන මනුස්සය . . . . රිද්මෙ පොඩි ඕපදූප කෑල්ලක් ලියාගෙන තමංගෙ පාඩ්ඩුවෙ හිටපු මහින්දව අද ඉන්න තත්වෙට පත්වෙන්න බලපෑ කරුනු කාරනා එක පාරක් සයිබර් අවකාශෙන් අතුරුදහන් උන බ්ලොග් කරුවෙක් ලියල තිබුන උඹ කියවන්න ඇති . . . . .

    මචං . . . අපේ රටේ "නිල් පාට" බලයට පත්වෙනව . . . . ඊට පස්සෙ "දූෂනය, භීශනය, වංචාව සහ මර්දනය" හේතුවක් කරගෙන "කොල පාට" බලයට පත්වෙනව . . . . . ඊට පස්සෙ ආයෙත් "නිල් පාට" . . . . . ඔය විදියට නැවත නැවතත් ඔය දේශපාලනයේ විෂම-චාර චක්‍රය කැරකෙනව. අපිට ඔය සිස්ටම් එක එකපාර කඩාබිඳ දාන්න බෑ . . . . . මොකද අපි ඔය සිස්ටම් එකට අනුගත වෙලා ඉවර නිසා . . . . සිස්ටම් එක එකපාර හොලවන්නෙ නැතුව ටිකෙන් ටික වෙනස් කරන්න ට්‍රයි කරන උඹේ උත්සාහය ඇක්ෂන් ප්ලෑන් එකකට සීමා උනත් මම සතු‍ටු වෙනව මචං . . . . . ඒ . . . . මේ ක්‍රමය "ග්‍රාස් රූට් ලෙවල් එකෙං" වෙනස් කිරීම අරඹන්න හිතපු එක මිනිහෙක් හරි හිටපු නිසා . . . .

    උඹට ජය . . . .

    රටට ජයෙන් ජය . . . .

    ReplyDelete
  28. නියමයි මාරයියේ.....නියමයි....ඕනෙම සප් එකක් දෙන්නම්....මමත් මාමට චන්දේ දීපු එකෙක්....හැබැයි දුන්නේ මාමාට විතරයි...වටේ ඉන්න උගේ පහනෙන් එළිය බලන එවුන්ට මම චන්දේ දුන්නේ නෑ....මම අදටත් විශ්වාස කරනවා මාමා හරි සැලුස්මකට වැඩ කරොත් අපේ රට සිංගප්පූරුවක් කරන්න බැරි නෑ කියලා.....
    මාරයියා ලියද්දී පොඩිඩක් කියවන අයට අපි ලාංකීයයි කියලා දැනෙන විදියට ලියන්න...අද රටේ දේශාභිමානය ගැන ජාත්‍යාලය ගැන කෑගහන එවුන් එකෙක් ළඟ වත් රට ගැන කැක්කුමක් නෑ....හැරී පොටර් කතා මාලාවේ දෙවෙනි පොතේ අවසානයේ හැරී විසින් ග්‍රිෆින්ඩෝර් විදුහලේ නිවාස සඳහා සිසුන් තෝරන තොප්පිය ඇතුලෙන් කඩුවක් හොයා ගන්නවා.පස්සේ ඩම්බල්ඩෝර්තුමා කියනවා ගොඩ්රික් ග්‍රිෆින්ඩෝර්ගේ කඩුව තොප්පියෙන් ඇදලා ගන්න ලැබෙන්නේ සැබෑ ග්‍රිෆින්ඩෝර් වරයෙකුට විතරයි කියලා....අන්න ඒ වගේ මාරයා අයියත් මම දකින විදියට සැබෑ ශ්‍රී ලාංකිකයෙක්...එහෙමවෙච්චි මනුස්සයෙකුට විතරයි ලංකාව ගැන කැක්කුමක් ඇතිවෙන්නේ....
    අපි දීන ජාතියක් නෙමේ...අපි එක එකාට කඩේ ගිය එවුන් නෙමේ....අපි ඉංගිරීසි අකුරු තුනේ බුරියානි කාලා ලොකු මහත්වෙච්චි එවුන් නෙමේ....කන්න පුළුවන් උපරිම කටු කාලා අල බතල වවලා කුඹුරු කොටලා මහන්සිවෙලා වැඩ කරපු මිනිස්සු....හැබැයි අද අවාසනාවට වගේ අනුන් මත යැපෙන්න පුරුදු වෙලා...කුඹුරු කොටන්න කැමති නෑ(ජිම් ගිහින් ඇඟ හදාගන්න ලේසි)ඔය වගේ මහ වල් බූරු අදහස් ගොඩක් අපේ උන්ගේ ඔළු වල ගබඩා වෙලා....අළුත් තාක්ෂණේ අපේ රටට එන්නේ පිටින් හැබැයි ඒකෙන් කියන්නේ නෑ.අපේ රටේ තාක්ෂණයක් නෑ කියලා.ඇයි අපි අපේ රටේ තියෙන සම්පත් උලුප්පන්න උත්සහ කරන්නේ නෑත්තේ.....බැරි කමද?නැත්තම් බයද?ඒත නැත්තම් ඒවා කරන්න දෙන්නේ නැද්ද?....විශේෂයෙන්ම ඔය දෙවෙනි ලිපියේ සඳහන් වෙලා තියෙන FMRC ආයතනය.කාලයක් රටේ ප්‍රමුඛ පෙළේ කෘෂි උපකරණ පිළිබඳව පරීක්ෂණ කරපු තැනක් නමුත් අද?
    ගොවියන්ට පොහොර සහනාධාරය දෙනවා හැබැයි ඒකෙන් ගසා කන ප්‍රමාණය?ඒ පොහොර මිටි ටික ගන්න ගොවියෝ විඳින දුක.?
    මේ වගේ දේවල් ගැන මිනිස්සුන්ගේ ඇස් ඇරවෙන විදියට ලියන්න මාරයියේ.මං කලින් කිව්වා වගේ "හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්" විදියට ලියන්න....
    ============================================
    කෝකටත් පරිස්සමෙන් අයියේ අර සිංදුවකත් තියෙන්නේ
    "එකෙක් නගින කොට ඉහලට ඇහේ කටු ඇනෙයි අනිකට" කියලා.....

    ReplyDelete
  29. සද්භාවයෙන් කරන දේකට අපි සපෝට් හැබැයි ඉතින් ඔය දේවල් ගැන අවංකව ලියන කොට ඔබතුමා ආදරයෙන් කඩේ යන කෙනා මඟ ඇරල ලියන්න පුලුවන්ද කියලයි මම කල්පනා කලේ . බලමුකො ඉස්සරහට . ඒ වගේම ඔය වගේ දේවල් ලියනකොට ගොඩක් පරිස්සම් වෙන්න කියල සහෘද බ්ලොග් කරුවෙක් විද්හට මතක් කරන්න කැමතියි . විශේෂයෙන්ම නම් ගම් සඳහන් කරනව නම් ඉතාම විශ්වාසවන්ත තහවුරු කරගත්ත තොරතුරු විතරක් යොදාගන්න .පොඩි තැනක් හරි වැරදුනොත් බැටරි හොරාගේ කාමරේට අල්ලපු කාමරේ ඉඳන් ජේලර් මහත්තුරුන්ගේ කේන්දර තමයි බලන්න වෙන්නෙ

    ReplyDelete
  30. මහින්ද රාජපක්ෂ යුද්ධය දිනුවේ තමන්ගේ හැකියාවකින් නෙමෙයි. යුධ හමුදාවේ හිටපු නිලධාරින්ගේ හැකියාවෙන්. මෙච්චර කාලයක් යුද්ධෙ විකුනුවා. දැං මොනවද විකුනන්න ඉතුරු වෙලා තියෙන්නේ? තමන්ගේ පවුලයි බඩයි වඩවාගන්නවා මිසක් රටට, රටේ මිනිස්සුන්ට ආදරයක් තියෙන මනුස්සයෙක් උනානම් අපේ රටට අද මෙහෙම වෙයිද? අන්තිමට ඔය මාරයා වගේ රස්සා කරන පුද්ගලික අංශයේ මිනිස්සු අමාරුවෙන් අනාගතේට ඉතුරු කරගත්තු සල්ලි වලටත් ෂොට් එක දෙන්න ගියා.. අන්ධයෝ වගේ කඩේ යන්න එපා. මම කියන්නෙ නැ රනිල් හොඳයි කියලා. ජෙනරාල් සරත් ෆොන්සේකාගේ හොඳක් නරකක් බලන්න වත් මිනිස්සුන්ට ඉඩක් ලැබුනේ නැ. නමුත් ඒ මනුස්සයා හමුදා නිලධාරියෙක් විදිහට තමන්ගෙ රටට සේවය කලා. දේශපාලඥයෙක් වෙන්න ගියපු එක එතනම ලොප් උනා. ඔය මොන හොරත් අන්තිමට තමන් කරන දේවල් වලට විපාක විදිනවා. එතකන් උබලා කඩේ පලයල්ලා. අපි බලං ඉන්නං :D

    ReplyDelete
  31. තමන්ට හිතෙනවනම් ඒ දේ හරි කියල.. හරි ඉතිං...

    ReplyDelete
  32. බයත් හිතෙනවානේ අය්යේ...

    ReplyDelete
  33. කඩේ යන එක ඇත්ත දේශප්‍රේමීන්ට අසාර්ථක ක්‍රමයක් කියල ඔප්පු වෙලා ඉවරයි. තවත් එක් අසාර්ථක දෙයක් කරනවට වඩා හොඳ නැද්ද තව ටිකක් හිතල බලල තමන්ගෙ කාලය හා අනුන්ගෙ කාලය නාස්ති නොවෙන සාර්ථක ක්‍රමයක් ගැන හිතන එක. මං හිතන්නෙ අපි අපි අපේ කාලය වැඩකට යොදවද්දී ඒ වැඩේ සාර්ථක වේවිද නැද්ද කියල හිතල බලන්න ඕන. අපි හැමෝම හිතන ආකාරය එක එක්කෙනාට වෙනස්. අපේ දැනුම හා තවත් මං නොදන්න කරනා මත ඒක තීරණය වෙනව ඇති. අපිට පුළුවන් අපි කරන්න ඕනෙ මොකක්ද කියල සාකච්චා කරන්න. එක එක්කෙනාගේ අදහස් ඒකෙන් දැන ගන්න පුළුවන්. අන්තර්ජාලයේ මං හිතන විදියට සිවිල් බලයක් හිමි මාරය වගේ පුද්ගලයෙකුට මේ වැඩේ පටනගන්න ඉස්සෙල්ල තව ටිකක් හිතන්න තිබුන කියන එකයි මගෙ අදහස.

    මේ වගේ වැඩක් කරද්දී ගොඩක් වගකීමෙන් ඇත්ත තොරතුරු බෙදා හැරීම අපේ වගකීමක්. අපිට ලැබෙන තොරතුරු වල සත්‍ය අසත්‍ය බව හරිහැටි නොදැන බෙදා හැරීම නිසා ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනව. හැබැයි තමන්ගෙ අදහස් ප්‍රකාශ කරනවනම් ඒකෙ ගැටළුවක් නෑ. හැබැයි එහෙම අදහස් ප්‍රකාශ කරන්නත් ඒ field එක ගැන expert කෙනෙක් වෙන්න ඕන.

    රටට‍ හොඳක් කරන්න අපි අනෙක් අය යන මාර්ග වලම යන්න ඕන නෑ. දුෂණ වංචා හෙළිදරව් කරල මේක තමයි දැන් රට යන හැටි, මේක කියවල බලල නිකං හිටපල්ල, උබලට කරන්න තියෙන්නෙ එච්චරයි කියන එක හෝ මේකට විරුද්දව නැගී හිටලා දේශප්‍රේමීන් විදියට මැරියල්ල කියන එකට වඩා දෙයක් මම නම් ඇත්ත දේශප්‍රේමීන්ගෙන් බලාපොරොත්තු වෙනව.

    මගේ පළමු comment එක පොරක් වීම සඳහා හෝ හුදෙක් මාරයට හා අනෙත් පිරිසට එරෙහි වී ඒත් පොරක් වීමට හෝ වෙනයම් කිසිම අයහපත් සිතුවිල්ලකින් තොරව, මගේ දැනුමේ තරමට බව කාරුණිකව සලකන්න :)

    ReplyDelete
  34. මේක හොද වැඩක්.ඒත් කරන්න පුළුවන්ද කියල සැකයි.මේ රටේ ජනතාවට දුෂණය අල්ලස නරක වැඩ පුරුදු කලේ දේශපාලඥයන්මයි.පසුගිය කාලේ "ජනසභා ලේකම්" තනතුරු ලබා දෙනවයි කියලා ගැසට් නිවේදනත් නිකුත් කරල අසරණ රැකියා විරහිත උපාධිදාරීන්ව එක් වරක්,දෙවරක්,තුන්වරක්,...ආදී හත් වතාවක් පමණ රවටමින් ඔවුන්ව ආණ්ඩුවේ දේශපාලන කටයුතු වලට කඩේ යැව්වා.මේව බොරු කියල මුලින්ම ජනාධිපතිතුමා දැනන් හිටියා.උපාධිදාරීන් අරලියගහ මන්දිරයට කැදවල කරපු කතාවෙදි ජනාධිපති තුමා කිසිම විදියට රැකියා ලබා දීමට පොරොන්දු වුනේ නැහැ."ජනසභා ලේකම්" තනතුර ගැන කිසිදු වචනයක් කිව්වෙත් නැහැ.ආණ්ඩුව උපාධිදාරීන් පත්වීම් දෙන්නේ පගාවට හා වෙනත් දේශපාලන අයුරින්.මේක තමයි අපිට වෙච්ච ලොකුම අසාධාරණය.ඒ ගැන කියන්න අමුතුවෙන් ඊමේල් ඕන නැහැ.ජනාධිපති තුමා නිසා අපි යුධ බියෙන් මිදුනා තමයි.ඒ වටිනාකම අපිට හොදින් දැනෙන්නේ කවදාහරි දවසක වෙනත් අයුරකින් අපි ජනවාර්ගික ප්‍රශ්නයකට මූණ දෙන්න වුනොත්.යුද්දෙ දිනපු දවස්වල අපිත් බෙර ගහල කස ගහල රතිඤ්ඤ පත්තු කරල සතුටු වුනා.අපිට ඒ වෙලාවෙ ජනාධිපතිතුමා පෙනුන ස්වරූපය රටබේරා ගත් දෙවි කෙනෙක් වගේ.මමනම් තාමත් එතුමට සලකන්නේ ඒ විදියටමයි.සරත් ෆොන්සේකා මහතාට කරන්න තිබුණේ තව අවුරුදු හයක් ඉවසන්න.නමුත් එයත් බලයට කෑදරවෙලා කලබල වුනා.ඒවයෙ ප්‍රති විපාක තමයි එයා විදවන්නේ.සමහර විට සරත් ෆොන්සේකාව හිර කරපු එක මානුෂිකයි.වැඩි අනතුර තිබුනේ ජනාධිපති තුමාට හා පවුලේ අයටයි.තමා ජනාධිපතිවරණයෙන් ජයගතහොත් කරන ක්‍රියා ගැන නරක විදියට කතා කලේ ෆොන්සේකා මහතායි.ෆොන්සේකා මහතා හොද කෙනෙක් වෙන්නත් පුළුවන් සමහර විට රාජපක්‍ෂ ජනාධිපතිටත් වඩා නරක වෙන්න පුළුවන්.
    ජනාධිපති තුමා රට බේරාදුන් එක ලොකු දෙයක්.රස්සාව,ඉගෙනීම,හාල්,පරිප්පු,ගෑස්,විදුලිය,ටෙලිෆෝන් ජීවත් වෙන්න අවශ්‍යයි තමයි.නමුත් නිදහස ඊට වටිනවා.නිදහස් රටේ ජනාධිපතිතුමා කළ යුත්තේ තමන් මැදිහත් වෙලා උපාධිදාරීන්ට රැකියා ලබා දීම,වැඩ කරන ජනතාවට සහන ලබා දීම හා වෙනත් සංවර්ධන කටයුතු සිදු කිරීමයි.නමුත් ජනාධිපති තුමාගේ පවුලේ උදවිය ඥතී හිතවතුන් සේරම දේවල් කොල්ලකනවා.ඒ අය ඒක කරන්නේ තමන්ගේ නූපන් අයටත් එක්කයි.ජනාධිපතිතුමාත් ඒවා වැලැක්වීමට කටයුතු කරන්නේ නැහැ.
    අනිත් ඒව කොහොම වුනත් ජනාධිපති තුමා මේ විදියට වැඩ කලොත් පාලනය කරන්නේ තව වසර දෙකයි.ඒක එහෙම වෙන්නෙ ශනි ඒරාශ්ඨකේ හින්ද නෙවෙයි.ඒකට හේතුව තමයි "සිංහලුන්ට ඉක්මනට දෙයක් අමතක වීම." අපේ අයට කොටිය බෙල්ල කෑවත් කමක් නෑ කන්න තියෙනවානම් කියල කතාවක් අහල නැද්ද.
    මාරයා කරන්න හදන වැඩේ ඥාණාන්විත නැහැයි කියලයි මට නම් හිතෙන්නේ.මොකද මාරයාව හැමෝම දන්නවා.අන්තිමට ඔය සේරම අයියල ටික හොද මිනිස්සු වෙලා අහක ඉන්න මාරයා නරක මිනිහ වෙන්න පුළුවන්.අපිට අපිව හදාගන්න පුළුවන් ඒත් රට හදන්න ටිකක් අමාරුයි.කරන්න පුළුවන් නම් හොද වැඩක්.
    මාගේ කමෙන්ටුව පිළිබදව කිසිවෙකුත් වැරදි වැටහීම් ඇතිකර නොගන්න.

    ReplyDelete
  35. බලාගෙනයි...

    අම්ම තාත්තා.. අපේ දැන් ළඟ ළඟ එයි..

    ළොක්ක කොරන්න ඕන වැඩක්නේ මාරය පටන් අරන් තියෙන්නෙ..

    මටත් ළොක්ක ඕන.. ඒත් 94 ඉඳල රට කාපු එවුන් නම් පෙන්නන්න බෑ.. උන් එක්ක ළොක්කට රට හදන්නත් බෑ. ඊ ළඟ ශෆ්ල් එකේවත් ඉතුරු උන් ටිකත් ජේෂ්ඨ කොරා නම් වැඩේ හරි. කරුණාකරල රාජපක්ෂල ඇර 94 ඉඳන් වැඩ කල එකෙක් කියන්න, එක වැඩක් කියන්න.

    ReplyDelete
  36. අද උන සිද්දියක් තියනවා...රත්ගම දි,,,
    ඒක මම වෙලාවක එවන්නම්...ලයිසම ගන්න ගිහිනුත් මරු ඒවා උනා..ඒවත් වෙලාවක් අරන් එවන්නම්

    ReplyDelete
  37. මටනම් ඡන්ද නැත තාම.කෙසේ උනත් මමත් ඔය ප්‍රධාන පක්ශ දෙකෙන් එකකට සපෝර්ට් එක දෙමි.
    ----------------------------------
    මාරයියා මුල් හරියේම කියපු දේ ගැන කියන්නට දෙයක් හිතේ..
    ඔව්.මේ අපේ උපන් රටයි.නොකා නොබී හරි අපට දැන් අපේ ය කියන්නට රටක් තිබේ.ඒ නිසා බඩගින්නට බය නැතිව පොළොවේ පස් හෝ කතහැකිය.මේ රටේ මමනම් අගය කරනා කාරණා දෙකකි.
    1.අපේ රට කියා බය නැතුව සිටිය හැකිය.
    2.මෙතරම් රමණීය පරිසරයක් වෙනත් කිසිම රටක නැත.
    එපමණය.අනෙක් කිසිම දෙයක් ගැන මගේ නම් පැහැදීමක් නැත.නමුත් මම මාගේ රටට ආදරය කරමි.

    ReplyDelete
  38. මාර අයියේ.. වැඩේ හොදයි. ඒත් සැකයි... මොකද මම දකින විදියට මේ වැඩේ ආණ්ඩු පෙරළන්න වත්, ප්‍රතිරෑප පුම්බන්න වත් යොදාගෙන වැඩක් නෑ. මමත් මහින්දට පුද්ගලිකව කැමතියි. නමුත් අන්ධ භක්තියෙන් නෙමෙයි. වැරදි වැඩේට අම්මට තාත්තට වුනත් විරුද්ධ වෙන්න ඕනෙ. මහින්ද කොච්චර හොද නායකයෙක් වුනත් එයාගෙත් වැරදි තියෙනවා. ඒවට විරුද්ධව කථා කරන්න පුළුවන් වෙන්න නම් තමන් හෘද සාක්ෂියට එකගව කථා කරන්න ඕනෙ. නැත්නම් තමන්ගේ වීරයා නිසා වැරදි වහන එක හොද නෑ නේද ?

    කොහොම වුනත් මම කියන්න ගියේ, අපිට පුළුවන් නම් පරාධීන මානසිකත්වයෙන් ගැලවිලා.. අපි පොඩි රටක්, සුළුතරයක් කියලා හිතන්නේ නැතිව ධනාත්මකව වැඩ කරන්න... එදාට අපේ රට ඉදිරියට යාවි.

    ReplyDelete
  39. වැඩේ නම් පංකාදුයි මාරයියේ... පුලුවන් හැම දෙයක්ම එවන්නම් මේලට...

    මේ කියන්නේ මගේ පැත්තෙන් මම හිතන දේ.. හොද වැඩක් කරන්න ගිහින් මැරුනත් කමක් නෑ බන්. ඒකට ළමයි, දරුවො, ජොබ් එක ගැන හිත හිතා ඉදලා බෑ. අපිට පුලුවන් විදියට කරමු.

    ඉදිරියටත් උබත් එක්ක ඉන්නවා ඕන දේකට.... ජය.!!!

    ReplyDelete
  40. මමත් ඕනම සප් එකක් දෙන්නම් මාරේ අයියේ .මගෙත් හිතේ දහසක් දේවල් හැංගිලා තියනවා ඒවා කොළවල ලියලා මම ඉන්න කාමරේ පුරාම විසිරිලත් තියනවා ..මේවා පළකරන්න මාර බලකුත් තියනවා .. මගේ ගැන නෙවේයි මගේ අම්මයි නංගියි ගැන හිතලා ..

    මම ඕන වෙලාවක මේ අදහසට එකඟයි .. ඕන සහයක් දෙන්නත් ලැහැත්තියි ..

    ජනාධිපති තුමා නොහිටින්න ඇත්තටම අද අපේ ගම කොටින්ට යටවෙලා ගොඩක් කල් . මීට කලින් මේ යුද්දේ අවසන් උනානම් අද මගේ පවුලත් සම්පූර්ණයි ඒකියන්නේ මගේ තාත්තත් අද ඉන්නවා ..ජනාධිපති තුමාට මම හිතෙන් අනන්ත පින් දෙන්න ඇති ..

    ඒත් මගේ පළාතේම මිනිස්සු මරන්න ප්ලෑන් ගහපු අණදෙන කොටියෙක් මගේම පළාතේ ආණ්ඩු කාරයා වෙලා ආවහම මට කියන්න දෙයක් තිබුණේ නෑ ..මම කාටවත් ජන්දේ දෙන්න ගියේ නෑ ඉදිරියටත් දෙන එකක් නෑ තාත්තා මරන්න යන්තමට හරි සම්මාදම් වෙච්ච එකාට ජන්දේ දෙන්නේ මොන හිතකින්ද ?

    මටත් මොන ආණ්ඩුව හිටියත් එකයි අයියේ ඔයාට වගේම තමයි

    මේ වැඩේට මමත් උපරිම සහාය දෙන්නම් ..

    ReplyDelete
  41. මාරයා තහනම් වචනය රාජපක්ෂ කියල දාගෙන වංචා හා දූෂණ ගැන ලියනවා බලන්න සෑහෙන නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ. මහින්ද අබේසුන්දරගෙ ජෝක් වලට දැන් හිනා යනවා මදි. ඒක හින්දා මාරයෝ ඉක්මනට වැඩේ පටන් ගමු. මම KP ගැන ඔය උඩින් දාල තියෙන සාක්ෂි හමස් පෙට්ටියට යවනව එහෙම නෙවෙයි

    ReplyDelete
  42. මගේ කුලුදුල් චන්දය ඉස්සෙල්ලම පාවිච්චි කලේ 2005 ජනාධිපතිවරනයට.එදා ඉදන් තාමත් පරදින්න චන්දය පාවිච්චි කලේ නෑ.මාරයියා අදහන දර්ශනය හරියටම හරි.පටන් ගත්ත වැඩේ දිගටම කරගෙන යන්න.අපි උපරිමයෙන් සපෝර්ට් එක දෙනවා.....

    ReplyDelete
  43. මාරයා සෑරුත් ඉඳලා හිටලා විහිලු කරන්න ගත්ත එක හොඳයි. දැන් බ්ලොග් අවකාශය තුල ජෝකර්ලාට වැඩි ඉල්ලුමක් තිබෙන්නේ සැපයුම මදි නිසායි. ඒ නිසාම සමහරු "ගෝටාබය මේ රටේ බිහිවුන විශිෂ්ඨතම රාජ්‍ය නිලධාරියා" වැනි සත පනහේ මෝඩ ජෝක් කරයි. සෑරුත් රටේ වාසනාවට ඒ වගේම විහිලු තහලු කතාවක් කීම අපේ භාග්‍යකි.

    විහිලුවට වගේ අහන්නෙ, මෙච්චර කල් විකල්ප පත්තර, වෙබ් අඩවි, බ්ලොග් වලින් එලිදරව් කරපුවාට මොකෑ වුනේ? දූෂන අල්ලස් කොමිසමට මොකෑ වුනේ? සෑර්ගෙ ඔය සිවිල් සංවිදානෙටත් ඒ සංගදියම වෙයිද, නැත්තම් සෑර්වත් හුදු වෑන් කට්ටකින් උස්සන් යයිද?

    ReplyDelete
  44. එවැනි දෙයකින් කුමන හෝ ලාබයක් අපෙක්ශා නොකරන්නේ නම්, අවංකව රටේ අභිවුර්දියම පතන්නේ නම් එය කල යුතුම දෙයක්. ඔබ ගසන පොලුවලින් බිමට වැටෙන අඹ වෙනකවුරුවත් අහුලාගත්තාට කම්පා නොවන්නේ නම් එය කල යුතුම දෙයක්.

    හැබැයි මාරතුමෝ පොඩ්ඩක් මතක තබාගන්න,

    ටිබෙට් ජාතික මහින්ද, ගන්ගොඩවිල සෝම හිමි, අනගාරික ධර්මපාල ආදීන් එලි පෙහෙලි මගින් ප්‍රයොජන ගන්නේ කවුරුද?

    ස්තීරවම රොශේන් ආදීන් නොවේ!

    ReplyDelete
  45. මාරයට සුදු වෑන් එකක යන්න ආස හිතිල වගේ.
    හැබැයි අර මකර කියල තියෙනව වගේ තහනම් වචනෙ රාජපක්ෂ කියල දාගෙනනං ඔය වැඩේ කරන්න බැරි වෙයි.

    ReplyDelete
  46. ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි..එකින් එක වෙන වෙනම උත්තර බදින්ට තරං වෙලාවක් නැති වෙන තරමටම වැඩ වැඩි වෙලා ඉන්නේ..ඒ අතරේ උදේ පැය බාගයක් අරගෙන මේ බ්ලොග් ටික කියවගෙන යන ගමන්...

    ප්‍රසන්න කියනවා වගේ තහනම් වචනේ රාජපක්ෂ විතරක් නෙවෙයි රනිල් චන්ද්‍රිකාත් වෙන්න ඕන..ඒ රාජපක්ෂ බේරා ගැනීමේ උපක්‍රමයක් හැටියට නෙවෙයි..එහෙම ඇදලා ගත්තොත් මේකත් තවත් ජරා ගොඩක් කරගන්න විතරයි වෙන්නේ..එහෙම දෙපැත්තට මඩ ගගහා කරන වැඩ දැනටමත් ඕන තරං තියෙනවනේ..ඒ අස්සට මට යන්න ඕන නැහැ.

    මට ඕන වැඩි හරියක්ම ප්‍රතිපත්තිමය වෙනසක් ගැන කතා කරන්නත් දැනට තියෙන ප්‍රතිපත්ති පිළිබඳ මං දැනුවත් වෙන ගමන්ම අනිත් අයට දැනුවත් වෙන්න අවස්ථාවක් හදලා දෙන්නයි..ඒත් එක්කම ඒවායේ අඩු පාඩු කම් ගැන කත කරලා පොදුවේ මුළු රටටම යහපත් ආකාරයට ඒවා සකස් විය යුතු ආකාරය ගැන සාකච්ඡා කරන්නයි..

    ඔතනදී දේශපාලකයින් කියන කොටස ඇගන්නේ නැතිව බැහැ තමා..මොකද මෙච්චර කාලයක් ප්‍රතිපත්ති හැදුවෙත්..ඒවා කැඩුවෙත්..උන්ම තමා.

    ඒ වගේම ඉස්සරහටත් ඒවා තියෙන්නේ උන්ගේම අතේ තමා..

    ඒත් අපිට පුළුවන් වෙන්න ඕන අපිට රටට හොද දෙයක් යොජනා කරලා ඒක ගැන ගැටළු සාකච්ඡා කරලා නිවැරදි තැනකට ආවට පස්සේ දේශපාලකයින් හරහා බලහත්කාරයෙන් හරි..(මොකද උන් ඕවට වැඩි කැමැත්තක් ඇති ජාතියක් නොවන වග හැමෝම දන්න නිසා..)ඒ නිවැරදි දේ ක්‍රියාත්මක කරවන එක..

    හරිනං රටේ මිනිස්සු ගැන හිතලා දේශපාකයින් මේ දේවල් උගතුන්ගේ සහය ඇතිව කරන්න ඕන උනත්..ඒක කරන්න තරං දක්ෂ අය නෙවෙයිනේ හැමදාමත් අපි ඕහේලා ඉහළට යැව්වේ...

    ඒ හින්දා කරුණාකරලා තවත් ‍එක දෙපැත්තට බැන ගැනීමක් බවට හරවා ගන්නේ නැතිව මේක කරන්න බලමු.

    @මකරා...

    ඔව් බං..මං උඹ කිව්ව වගේ එකෙක් තමා ඒ හින්දා ඔය ගැන කටේ කෙල බින්දුවක්වත් මං නෙවෙයි හලන්නේ..උඹත් ඕවා කාටවත් කියන්න යන්න එපා...හරිනේ..

    ReplyDelete
  47. මාරයාගේ දේශපාලන පසුබිම කියවන කොට මගේ දේශපාලන පසුබිම මතක් වුනා. මගේත් අම්මා චන්දේ දුන්නේ යූ. එන්. පී. එකට. තාත්තා චන්දේ දුන්නේ ශ්‍රී ලංකා එකට. මම චන්දේ දුන්නේ ඔය එකකටවත් නෙමේ. ඒ කොහොම වුනත් 2005දී මම තීරණය කලා මහින්දට චන්දේ දෙන්න. අවංකවම කියනවානම් මහින්ද ගැන තිබිච්ච විස්වාසයක් හින්දා නෙමේ මහින්දට චන්දේ දුන්නේ. ඒ වෙනකොට රනිල්ව පරද්දන්න පුළුවන් කෙනෙකුට චන්දය දිය යුතුයි කියන පදනමේ ඉඳලා තමයි මම මහින්දට චන්දේ පාවිච්චි කලේ. කියන්නත් පුදුමයි මහින්ද කෙරෙහි අවිශ්වාසයෙන් තියපු විස්වාසය ඔහු කඩ කලේ නැහැ. මහින්ද යුද්ද කරන්න එඩිතර තීන්දුවක් අරන් නිවැරදි මිනිස්සු දාලා ඒක සාර්ථක කර ගත්තා. ඒ සියළු කාරණා නිසා මමත් මහින්දට කඩේ යන්න කැමතියි. ඒ ඔහු මේ රටට අවශ්‍යයි කියලා මට හිතෙන තාක් කල්.

    මාරයා කරන්න යන වැඩේ හොඳයි. මහින්ද වෙනුවෙන් කලයුතු හොඳ දෙයක් ඔය වැඩේ. පරිස්සමින්. ඒ වගේම මගේ ශුභ පැතුම්!

    ReplyDelete
  48. දේශපාලන බුද්ධි අංශවල මිනිස්සුන්ව සමහර ආයතවලට පත් කරන්නේ ඒ දේශපාලන මතවාදය සමජයට එන්නත් කලින් කියලා මම අහලා තියෙනවා. මකරා කිව්ව වගේ මාරයාත් කාගේ හරි බළල් අතක්ද? දේශපාලනේදී අම්ම අප්පව උනත් පාවල දෙන සිදුවීම් දැකලා තියෙන නිසා හොඳම යාලුවෙක්ව වුනත් සැක කරන්න හිතෙන එක අසාධාරණයක්ද??

    ReplyDelete
  49. @ දුකා

    අපිට දැනට නිදහසේ තොරතුරු ලබාගත හැකි ජනමාධ්‍යයකට ඉතිරු වෙලා තියෙන්නෙ අන්තර්ජාලය විතරයි. පහුගිය කාලෙ වෙච්ච යම් යම් දේවල් දැක්කම අන්තර්ජාල මාධ්‍ය නිදහසටත් අත තියන්න උත්සාහ කරන බවට සැක කරන්න සාධාරණ හේතු තියෙනවා

    ReplyDelete
  50. @දුකා...

    එහෙම හිතන එකනං සාධාරණයි මචං...ඇත්තටම තියෙන තත්වයත් එක්කම අපිට බලන්න වෙන්නේ එහෙමම තමයි...

    දැන් බලහං මකරා..ඉන්නේ පිටරටක...ඉගෙන ගන්නවා කිව්වට අපි දන්නවද මොනවා කරනවාද කියලා...මුල් කාලේ ඉගෙන ගත්තා වෙන්නත් පුළුවන්..ඒත් දැන් කොයි වෙලෙත් බස් පදිනවා බ්ලොග් බලනවා...

    සමහර විට වෙන රටකදී මොල හෝදලා හරි..එහෙමත් නැත්තං උගතෙක් හින්දා රස්සාවක් හැටියටම ඒ රටක් වෙනුවෙන් රහස් හොයන්න හරි...ලොකු සල්ලියකට අල්ලාගත්තා හරි වෙන්නත් පුළුවන්...ඒ රටට අවශ්‍ය මතවාදයක් හරි දේශපාලන උවමනාවක් වෙනුවෙන් හරි යොදවගත්ත විදේශ නියෝජිතයෙක් වෙන්නත් පුළුවන්...

    ඔහොම තමා දැන් අපිට හැම එකා දිහාම බලන්න වෙලා තියෙන්නේ...

    මං ගැන උඹට එහෙම නොහිතුනානං තමා පුදුමේ...
    කරන්නේ සිකුරිටි රස්සාවක් කිව්වට හම්බෙන පුංචි පඩියෙන් කාලා ඇදලා ඉන්නේ නැතිව ඉන්ටනෙට් බිල් ගෙවාගෙන බ්ලොග් ලියන්නේ පිස්සුවටයෑ..අනිවාර්යයෙන්ම රජයේ දීමනාවක් ලබනවා වෙන්න පුළුවන්.නැත්තං රජයේ රහස් ඔත්තු සේවයක නියෝජිතයෙක් හැටියට බොරුවට රස්සාවක් කරනවා වෙන්නත් පුළුවන්...

    ආන්න එහෙම නිසා එහෙමම තමා බලන්න ඕන...

    ReplyDelete
  51. ලිපිය ගැනනම් ආයේ කියන්න දෙයක් නෑ මසුරන්. කමෙන්ට් දිහා බලනකොට නම් තේරෙන්නේ වදින තැන් වලට වැදිලා. බලාගෙන ඉන්න බැරි අය වෙන වෙන ඒවත් කරලා.

    හික් හික්.

    මාරයියා නියම්යි ඈ.

    දැන් ඔය කියන මාද්‍ය නිදහස නැති වෙලා තිබුණු කාලේ ගැන සමහරුන්ට මතක නෑ වගේ.

    ReplyDelete
  52. අන්න දැක්කද , බ්‍රිගේඩියර් KP ගැන සාක්ෂි දුන්නා විතරයි මටත් ටිකින් ටික දේශද්‍රෝහී බටහිර ඒජන්ත ලේබලේ වැදෙන හැටි.

    ඔව් මාරයා කියපු එක හරි. මම ඉගෙන ගන්න එක නවත්තල දැම්මා. මම දැන් නිදහස් හා සාධාරණ ශ්‍රීලංකාවක් උදෙසා වූ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති විදිහට පූර්ණකාලීනව වැඩ කරනවා. මාරයටත් කැමතිනම් පුළුවන් කඩේ යාම නවත්තලා අපිත් එක්ක එකතු වෙන්න

    ReplyDelete
  53. එහෙම තමා බං..මම මේවා කියන්න ගියාම මටත් කඩේ යන ලේබලේ ගහන්න කලින්ම තමා මමම ඒක ගහගත්තේ..මොකද නැත්තං අපි මධ්‍යස්ථයි කියලා පටන් ගත්ත ගමන් කවුද ආ ඔව් කියලා විශ්වාස කරන්නේ..එතන ඉඳන් බලන්නේ කොහොම හරි අහවලාට පක්ෂව වැඩේ යනවා කියලා ඔප්පු කරන්න. ඉතිං එහෙම කට්ටිය වටේ යවන්න ඕන නැති හින්දා ඒක මුලින්ම කියලා හිටියේ කට්ටිය පව්නේ.. ඒකයි...

    හා දැන් කියහංකෝ උඹේ ඔය මොකක් මූලස්ථානයේ වැඩ කටයුතු ගැන...ඕකට අරමුණු හරි වියවස්ථාවක් හරි තියේද?එහෙම එකක්නං නැති උනත් කාරි නැහැ..ගෙවීම් දීමනා එහෙම අවුලක් නැද්ද..? අඩේ කලිනුත් ඔය වගේ එකක නමක් මට අහලා පුරුදුයිනේ..අර නිමල්කා ප්‍රනාන්දුද කොහේද හිටියේ ඕකෙම නේද..? ඇහ්...

    ReplyDelete
  54. මේක අලුත් එකක් . අරමුණ නිදහස් හා සාධාරණ ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම. නිමල්කා ප්‍රනාන්දු මේකෙ නෑ. නිදහස් හා සාධාරණ ශ්‍රීලංකාවක් උදෙසා වූ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති තනතුර දරන්නේ මකර අධිරාජයා වන මමයි

    ReplyDelete