03 June 2011

පුත නොබලන් හෙළ ගැඹුරුයි...බැන්දා නම් ගහපිය...

ඔන්න කාලෙකින් පරණ විදියට මොනවා හරි කුරුටු ගාන්න හිතුවා..පහු ගිය ටිකේම මාගල් ලිව්වා..අදනං එහෙම බැහැ..ටිකක් කෙටියෙන් නවත්තන්ට ඕන...

මගේ ජීවිතේ වෙනස්කම් කිහිපයක් සිද්ද වෙච්ච දවස් ටිකක් තමා මේ ගෙවිලා ගියේ...පහුගිය මැයි මාසේ 12 වැනිදා මගේ උපන් දිනේ යෙදිලා තිබුනා නෙව..ඉතිං ඊට දවස් ගාණකට කලින් එක පාරටම මට හිතුන හින්දා අළුත් වැඩකට හිටි හැටියේ අත ගැහැවුවා...ඒ තමා මගේ ජෝතිෂ්‍ය කාර්යාලයේ වැඩේ...කාලයක් තිස්සේ පහු කර කර හිටියට මට හිටි හැටියෙම හිතට ආව හින්දා මං ඒක ක්‍රියාත්මක කලා...

මුලින්ම ඕන උනේ හොඳ තැනක්...කීප දෙනෙකුට කියලා බැළුවට වැඩේ සාර්ථක උනේ නැහැ. හරි මල්ලි..හරි මහත්තයෝ..හරි පුතේ කියලා වැඩේ බාර ගත්තට ඒ එකක්වත් කෙරෙන පාටක් නැහැ..දැන් ටික ටික 12 වෙනිදට කිට්ටු වේගනත් එනවා..අන්තිමට බැරිම තැන මමම පාරට බැහැලා පැය දෙක තුනක් රස්තියාදු ගහනකොට පොටක් පෑදුනා...තැනක් හම්බ උනා...ඒකත් කඩ පේළීයක උඩ තට්ටුවක්..අළුත්ම කඩයක්..තැන්පත් මුදල ටිකක් වැඩියි..අතේ තිබ්බ ගානෙන් වැඩේ කරන්න අපහසු ගතියක් තමා තිබුනේ..ඒත් අත ගැහැවුවා..

කඩේ අත්තිකාරම් බැඳලා දැන් මාසයක් ගානේ කුලී ගෙවන්න ඕන...ඒ විතරක්යෑ..අවශ්‍ය කරන විදියට එතන සකස් කර ගන්න මේසයක් පුටුවක් එහෙම දා ගන්න නාම පූවරු ගහන්න..ඔය වගේ එකී නොකී වැඩ ඔක්කෝම මට පුළුවන් විදියට පිරි මැසුම්දායක ක්‍රම වලටම කර ගත්තා...ඒත් අන්තිම වෙනකොට මට තේරුනා වැඩේ හිර වේගන එන්නේ කියලා...

ඒ පාර කෝකටත් කියලා කතා කලා දන්න අඳුරන "මනුස්සයෙකුට" ඒත් මේ බ්ලොග් අවකාශේම ඇති වෙච්ච හිතවත් කමක් තමයි... මට තත්වය පැහැදිලි කරන්න උනෙත් නැහැ..

"මල්ලියේ කීයක්ද ඕන..?" කියලා විතරයි ඇහැවුවේ..මං කල්පනා කරලා මට අවශ්‍ය මුදල කිව්වා.සෙනසුරාදා කතා කරලා සඳුදා උදේ වෙනකොට මට මුදල් එවලත් ඉවරයි...මේක මෙහෙමවත් ලිව්ව එක ගැනනං ඔය යෝධයා මට අම්බානකට බනිනවා කියලා මං දන්නවා..ඒත් නොලියා බැහැ..මොකද ඒක මට සුවිශේෂී අවස්ථාවක් නිසා..ඒ තමා මම පළමු වතාවට මං වෙනුවෙන් කියලා ණයක් ගත්ත අවස්ථාව...ඉතිං නොකියා කොහොමද..?මෙතන නම දැම්මොත් මට හෙට ඉඳලා බ්ලොග් එක ලියන්න වෙන එකකුත් නැහැ ඔය යෝදයා මට ඒ තරමට පතුරු යන්න බනිනවා..ඒ හින්දා නම නොදා ඉන්නේ...

ඒත් එක්කම කරන්න යන වැඩේ දැනගෙන කීප දෙනෙක්ම කතා කරලා උදව් වෙන්නත් අහැවුවා..විශේෂයෙන්ම අපේ ඔබ්සවර් අයියා..එතකොට රන්දිකා නංගි..ආ ඒ විතරක්ද අපේ බුල්ටෝ මලයා එහෙමත් කර ගහලා උදව්වට එන්න දැගළුව අය තමා...

ඒත් ඉතිං ඒ අයට ස්තූතිවන්ත වෙන අතරෙම මම වැඩ ටික තනියම වගේ කර ගත්තා...ඇත්තටම ඒ වෙලාවේ ඒ වචන ටිකත් මට ලොකු හයියක් උනා.ඒ හැමෝටමත්..අළුත් කාර්යය ගැන නිතරම සොයා බැලූ කතා බස් කල හැම දෙනාටමත් බොහෝම පිං..කාත් කවුරුවත් නැතිව තනිවම හැම දේම කරගන්න පුරුදු වෙලා ඉද්දී එහෙම හරි කෙනෙක් ඉන්නවා කියලා දැනුනත් ඒක හිතට මාරම හයියක්.

අවසානයේදී 12 වෙනිදා මං කොහොම හරි කාර්යාලේ ඇරලා දැම්මා..උත්සව අනන් මනන් මොකුත් නැහැ..ආරාධිත අමුත්තෝ නැහැ.නිකංම ඇරලා දැම්මා..ඒ මගේ ක්‍රමය නෙව...

හැබැයි ඉතිං ලාවට නැකතක් බැළුවා...උපන් දිනේටම කරන්න ඒන නිසා එදාට හරියන නැකතක් හදලා ගත්තා..නැත්තං ඔය වගේ වැඩකට හොඳ නැකතක් එහෙම ආවට ගියාට බලන්නත් බැහැ..

ඔයිට කලින් මම චෛත්‍යය බඳින වැඩේට නැකත් හැදුවේ ඒ වගේ..නැකත හින්දාම මාස තුනක් මං බලන් හිටියා...ඒ දවස මට ඕන කියලා කිව්වහම ලොකු හාමුදුරුවෝ වෙන කෙනෙකුට නැකත් බලන්න දුන්නා..හොඳ වෙලාවට ඒ හදපු නැකත තිබ්නේ මගේ නැකත් වලට පස්සේ..ඒ පාර මම කලේ මගේ නැකතට අනුව අත්තිවාරම කලින් කැප්පෙව්වා..මුල් ගල තියන්න අර පිටින් බලපු නැකතට උත්සව දාගත්තා...ඒත් එදාට කලින් දවසේ මහ රෑ මමයි තව කොල්ලේ දෙන්නෙකුයි චෛත්‍යය හදන්න ගත්ත බාස්ගේ ගොලයෙකුයි මහ රෑම නැකතකට අත්තිවාරම් කපපු තැන මැද්දේ ආයෙම කපලා මගේ නැකතට මුල් ගල තිබ්බා..තියලා යන්තම් පසු තට්ටුවක් උඩින් දාලා වහලා තිව්වා..පහුවදා නැකතට කට්ටිය ඇවිත් මුල් ගල් තියලා ගියා...ඒ ඉවර උනාට පස්සේ ආයෙමත් බාසුන්නැහෙගේ ගෝලයා ඒ සෝබන ගල් ටික ආයෙමත් පැත්තකින් තියලා අර පස් තට්ටුව අහක් කරලා ඒතන ඉඳලා අත්තිවාරම බැන්දා...(ඔන්න හාමුදුරුවන්ගේ හොර වැඩ එළියට එනවා...)

කොහොම හරි හරියටම මාස දහයක් ඇතුලත චෛත්‍යය කොත් පළඳවලා වැඩ කටයුතු අවසානත් කලා..එක දවසක්වත් එක තත්පරයක්වත් කිසිම දෙයකින් අඩුවක් උනෙත් නැහැ...අවසානෙට තව ලක්ෂයක් අරමුදලේ ඉතිරිත් උනා...
...................................
දැන් ඉතිං ඊ ළග ගැටළුව..රස්සාව එක පාරට අත අරින්නත් බැහැ..මොකද මේවා දියුණු වෙලා එන්න මාස හත අටක් යනවා අඩුම ගානේ..ඒක තමයි මේවායේ හැටි..ඒ වෙනකල් අතින් කාලා අනුන්ගේ හරක් බලනවා වගේ කඩ කුලී ගෙවාගෙන අමාරුවෙන් ඇදගෙන යන්න ඕන...ඒක දැනගෙනම තමා අත ගැහැවුවේ...

දැන් රස්සාවයි මේකයි දෙකම එකට කරගෙන යන්න වෙලා..ඒ හින්දා හැමදාම දවල්ට කාර්යාලේ ඇරලා එතනට වෙලා ඉන්නවා..සවසට ඒක වහලා දාලා යනවා ගෙදර..ගිහින් නාලා කරලා ආයෙමත් යනවා වැඩට..පහුවදා උදේට ආපහු ගෙදර..නෑවා කෑවා..ආපහු කාර්යාලෙට...

ඔන්න වැඩේ යන හැටි.

මගේ කාර්යාලෙයි..වැඩ පොලයි තියෙන්නේ මීටර් පන්සීයක වගේ දුරක..ඒත් නැවතිලා හිටිය ගේ තියෙන්නේ මේ දෙකටම කිලෝ මීටර හතක විතර දුර..ඉතිං එහාටයි මෙහාටයි බයිසිකලේපැදලම ඇති උනා..ඒ විතරක්යෑ..ගේ තිබුනට මොකද ගෙදර නිදා ගන්න වෙලාවක් මට නැහැනේ..ඒ හින්දා අවසානයේ මං තීරණය කලා ස්ථාන මාරුවක් කරන්න ඕන කියලා...

ඒ තීරණය ක්‍රියාත්මක කරන්න ආයෙමත් මං නවතින්න තැන් හෙව්වා...කලින් හිටිය තැනනං ෂෝක්...තනි උඩ තට්ටුව..සම්පූර්ණ ගෙයක්..මට ඕන හැටියට පාඩුවේ ඉන්ට ඇහැකි..ඔය අභීත..වැප්...පසන් එහෙම පොට් එක දන්නවා...

කොහොම හරි පහුගිය 31 වෙනිදා හවස් වරුවේ..අවුරුදු දෙකක් තිස්සේ මම නිවී හැනහිල්ලේ හිටිය මගේ වාස භවන අත ඇරලා දාලා අළුත් නවාතැනකට ආවා...
ඒකනං තනි ගෙයක් නෙවෙයි කාමරයක් විතරයි...මොකද මේ වෙලාවේ මට ඊට වඩා වියදමක් දරන්න බැරි හින්දා..කලින් හිටිය අච්චර අර කාමර තුනයි කුස්සියයි නාන කාමරයයි එක්කම ගෙදරට 3000 ක් ගෙව්ව මට මේ තනි කාමරයට විතරක් 2500 ක් ගෙවන්න වෙලා..මොනවා කරන්නද ආයෝජන කලාපේ ආසන්නයේ නෙව...ඉතිං ගාන වැඩියි..ආසන්නයේ කිව්වට ආසන්නයේමත් නෙවෙයි මෙතන ඉඳන් කිලෝ මීටරයක් විතර ඇතුලේ..

දුක්ඛිතම සංසිද්දිය තමා එහෙට මොබිටෙල් සිග්නල් අඩුයි..ඒ විතරක්ද මගේ ඩයලොග් ඩොන්ගලේටත් සිග්නල් කලින් තරං නැහැ..හනේ මෙවන් විපතක්...

ඒත් තව තවත් බලං ඉන්න බැරි හින්දා ඒන දෙයක් කියලා ආවා..එතන නිදහස් තැනක්..ඒත් හැකි ඉක්මනටම මේ ළගටම එන්න බලන්න ඕන...ඒක ලොකු පහසුවක් මට...

ඉතිං දැන් මේ දවස්වල මගේ රාජකාරි ස්ථානයේ අනිත් සගයටත් මං හින්දාම පැය 12න් 12හට වැඩට එන්න වෙච්ච හින්දා බස් වියදම වැඩියි..ඒ හින්දා මංම කතා කරලා මිනිහාගේ තනිකරම බස් වියදම බාර ගත්තා..එතනත් 1500ක් විතර යන වැඩක්...

ඔය හැම දෙයින්ම උනේ මාව හැම පැත්තෙන්ම හිර උන එක තමා...

එක පැත්තකින් මට විවේකයක් නැහැ..එක්කෝ වැඩ පොලේ..නැත්තං මගේ කාර්යාලේ...කාමරේට යන්නේ නාගන්නයි රෙදි ටික හෝදන්නයි විතරයි..ආයේ මට උයාගෙන කන්න වෙන එකක් නැහැ. හැම දාම කෑම කඩෙන්..ඒ මදිවට මුත්‍රාශයේ ගල් කේස් එකක් ඇවිත් එතනටත් බර වියදමක් වගේම දැඩි වේදනාවක් විඳින්න උනා...

අනිත් පැත්තේන් ආර්ථීක අතින් නප්පියටම හිර උනා...

කාමරයට කුලී ගෙවන්න..
කඩේට කුලී ගෙවන්න..ඒකේ ලයිට් බිල් ගෙවන්න...
ඩොන්ගලේ බිල ගෙවන්න..
ෆෝන් එකට කාඩ් දාන්න..
බයික් එකට පැස්ටෝල් ගහන්න..
තුන් වේලම කඩෙන් කන්න...
මගේ රාජකාරි සගයාගේ ගමන් වියදම් දරන්න...
තව ඉතිං අමතර වියදං කොච්චරක් කියලද..හොඳ වෙලාවට බොන එකට තිත තිබ්බේ..නැත්තං මට වහ තමා බොන්න වෙන්නේ..හික්...

කොහොමද ගේම..යකෝ පවුල් කාරයෙකුටවත් නැතිව ඇති මට තියෙන කෙලි...ඒත් ඉතිං කොල්ලා කෙලින්...

එය අතරෙම මට වැඩ ටිකකුත් යහමින් හම්බ උනා..පහු ගිය දවස්වල ඒ හින්දා යන්තං රෝල ගහ ගන්න ඇහැකි උනා... නැත්තං බබිත් සුං බබීගේ මමීත් සුං තමා...ඒත් ඉතිං වැඩ වැඩියි කියන්නේ මට මානසිකවවත් ඉවරයක් නැහැ කියන එකයි..එහෙම බැළුවහම

ආර්ථිකෙත් හිර වෙලා...
විවේකයත් නැති වෙලා...
හරි හමන් විදියට කන්න ටිකත් නැති වෙලා..
ලෙඩත් වෙලා...
ඔන්න කේස් ටික..ඒත් පහුගිය කාලේ තැලිලා තිබ්බ තැලිල්ලේ හැටියට මට ඔහොම තියෙද්දිත් මං ගැනම හිනා යනවා..මටත් තියෙන පිස්සුවේ තරමක් කියලා...මොනවා හරි කරන්න ඕන උනහම දත කාගෙන..කෑල්ලෙන් කෑල්ල ගියත් ඒ හිතුව දේ කරන්නම ඕන ලෙඩේ තාමත් ඉස්සර වගේම තියෙනවා නේද කියලා හිතන කොට තමා තේරෙන්නේ තාමත් අර ඉස්සර හිටිය පිස්සු යකා වෙනස් වෙලා නැහැ කියලා...

ඔන්න එහොම ඉන්න ගමන් යාන්තං දැන් මේ වෙන කොට පහු ගිය දිගේ එක දිගට ආව වැඩ ටික පිළිවෙලක් කරලා යාන්තං හුස්මක් ගන්න පුළුවන් තරමකට අද උදේ වෙනකොට ආවා..ඒ කියන්නේ බාර ගත්ත වැඩ වලින් තුන හතරක් ඇර අනිත් හැම එකම ඉවරයක් කරලා දැම්මා...ඒකනේ අද‍ මේ බ්ලොග් එක ලියන්නේ ලෝබ නැතිව..

දැන් තත්වය සාමානයයි..එහෙං මෙහෙං වදින වැඩක් දෙකක් කරගෙන ටිකක් නිවී හැනහිල්ලේ යන්න පුළුවන් වෙයි වගේ..ඒ විතරක් නෙවේ හැමදාම එකම වගේ නහින්න බැරි හින්දා දැන් ටික ටික ඒවට පිළියම් හොයනවා..ඒ අනුව පළවෙනි එක තමා කාර්යාලේ නවත්තලා තියන්න ගෑනු දරුවෙක්ව හොයා ගන්න එක..දැන් දවස් හත අටක ඉඳලා ඒකට දැගළුවා..ගෑනු දරුවෝ කීප දෙනෙක්ම හම්බ උනත් ඒ අයට මාත් එක්ක වැඩ කරන්න පුළුවන් කමක් නැහැ කියලා මට තේරන හින්දාම ඒවා අතෑරලා දැම්මා.

එ‍ක්කෝ දන්නවා වැඩියි..නැත්තං දන්නෙම නැහැ...සමහරුන්ට හෙන දාංගලේ...එයාලව ගත්තොත් මට සතියකින් කසාදේ රෙජිස්ටර් කරන්න වෙනවා...

ඔය වගේ ප්‍රශ්න හින්දා එහෙං මෙහෙං හම්බ උන ළමයි දෙතුන් දෙනෙක්ම පැත්තකට දාලා වයසක ගෑනු උන්දෑ කෙනෙක් ගැන අවධානය යොමු කොලා..අප්පේ ඒක පිස්සු හොද එක...ඒකත් අල්ලලා දැම්මා..අන්තිමට යන්තං අද උදේනං මේ ළග කඩේක අක්කා කෙනෙක්ගේ මාර්ගයෙන් ගෑණු ළමයෙක් හම්බ උනා...ටිකක් විතර හොඳයි වගේ...දැගළිලි පාටක් නැහැ...කියන දේවල් තෙරුම් ගන්නවා...තැනක් බැර දීලා යන්න පුළුවන් ගතියක් තියෙනවා..හැබැයි පස්සේ තොරතුරු අහලා බැළුවම කෙල්ලගේ තාත්තා කලින් මම වැඩ කල තැන මගේ යටතේ හිටිය ස්ථානභාර නිලධාරී වරයෙක්...

ඒ පාර මම කිව්වා ගිහිල්ලා තාත්තගෙන් මං ගැන අහලා බලලා හෙට උදේට එනවනං එන්න කියලා...මොකද මම රාජකාරි කරන වෙලාවට බොහෝම තදින් ඉන්න කෙනෙක්..අම්මා තාත්තා ආවත් ආයතනයේ නීති වලට පිටින් වැඩ කරන්න මට බැහැ..එහෙම උනහම අනිත් නිලධාරීන් එක්ක වැඩ කරද්දී මොන වගේ තත්වයක්ද ඇති වෙන්නේ කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕන නැහැනේ...ඒ හින්දයි කිව්වේ තාත්තගෙන් අහලම එන්න කියලා..කොහොම උනත් ‍ඒ ළමයානං මේ වැඩේ බාර දීලා යන්න පුළුවන් මට්ටමේ කෙනෙක්..ඒත් එයිද නැද්ද කියලා තීරණය වෙන්නේ හෙට උදේට තමා...

හැබැයි ආවොත් නං මට ආයෙමත් දවසක් ඇර දවසක් විදියට වැඩට ගියෑකි..අනිත් දවසේ දවල්ට මෙතනට ආවැකි..රෑට කාමරේට ගිහින් සැපට නින්දක් දාතහැකි...ටිකක් විතර ජීවිතේ සැහැල්ලු වෙනවා..

ඉතිං ඔන්න ඔය වගේ තත්වයක් තමා මේ දවස්වල මට ලබලා තියෙන්නේ...කොහොමටත් මේ වගේ වැඩක් පළවෙනි මාස හය විතර ඇදගෙන යන්න වෙන්නේ පාඩු පිටම තමා...ඒත් කාලයත් එක්ක තත්වය හොඳ අතට හැරෙනවා..ඉතිං ඒ හොඳ කාලය එනකල් මේ අමාරු කාලය දිරියෙන් ඉදිරියට යන එක තමා ඔන්න මං දැන් කොරමින් පවතින්නේ...

ආයේ ඉතින් කොයි තරං අමාරු උනත් දැන් බැඳ ගත්ත බෙරේ ගහන්නත් එපෑ...



49 comments:

  1. අයිය‍ගේ හි‍තේ තියන හයියට ඕවත් වැඩද.......
    අයියට ඔය හිතා‍ගෙන ඉන්න විදියටම වැඩ ටික සාර්ථකව කරගන්න පුලුවන් ‍වෙන්න කියලා මුළු හදින්ම පතනවා......!!!!

    තනියම ‍නෙ‍මෙයි අර නඩු‍වේ විත්තිකාරයත් එක්කම.

    ReplyDelete
  2. කොච්චර අමාරු උණත් වැඩේ කරගෙන යන්න මාර අයියා සුභ පැතුම් .........! "ගමන දුරයි මග කටුකයි".

    ReplyDelete
  3. මාරයා අයියගේ කාර්යාලයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා එක සිතින්ම පතනවා.

    ReplyDelete
  4. මගෙනුත් සුභ පැතුම් මාර අයියේ !!! වැඩ වැඩි වුනාමත් පොඩි ගතියක් තියෙනවා, මුකුත්ම නැතුවට වඩා... සැලෙන්න එපා... ඔයාට ඉතින් කියන්න දෙයක් නෑනෙ. අපිට වඩා සද්දන්තයෙක් නොවැ !!!

    ජයෙන් ජයම වේවා !!!

    ReplyDelete
  5. මෙන්න මගෙනුත් සුභපැතුම්.... පටන්ගත්ත වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා... !!!!!

    ReplyDelete
  6. අප්පේ මාරය මාර කට්ටක්නෙ කාල තියෙන්නෙ.
    කොහොම උනත් අමාරුවෙන් මෙච්චර දුරක් ආපු එකේ ඉස්සරහට වරදින්න විදියක් නෑ.
    දිගටම යන්න ජය පතනව.

    ඒකනෙමේ අර උඩ 'මාර වර්‍ගය...' කියල දාල තියෙන එකේ තේරුම මොකක්ද?

    ReplyDelete
  7. පටන් ගත්තු වැඩේ ගොඩයන්න කියල සුභ පතනව...

    අර වැඩට එන්නම් කිව්ව ගෑණු ළමය වෙලාව බලෝගෙනම ආවොත් හොඳවෙයි නේද?.. ;) මොකද සාතන්ගෙ අයිය කිව්ව සාතන් ඉන්න තැනට කෙල්ලෙක් ගන්නව නම් ගන්නෙ ඉන්ටව්කරල නෙමෙයි හදහන බලලයි කියල... මාරෙ අයියටත් එහෙමද දන්නෙ නෑ නෙ..

    ReplyDelete
  8. ජය වේවා!! අපි ජනතාවට සහන සලසන ආණ්ඩුවක් පිහිටවමු.. :))

    ReplyDelete
  9. සුට්ට සුට්ට හරි වැඩේ ගොඩදාගමු ඔබට ජය.....

    ReplyDelete
  10. මාරේ මමයි ඕනයයි කියපු දේවල් මේකේ දාන්න ඕනද මචන්..... මොනවා උනත් හොඳ වැඩක් මචන්... සියළු වැඩ සාර්ථක වේවා මචන්....

    ReplyDelete
  11. සියලු බාධක මැඩගෙන අයියගෙ සියලුම වැඩ ඉතාමත් හොදින්, හිතාගෙන ඉන්න අයුරින්ම ඉටුවෙන්න කියල මම සුබ පතනව..!!

    ReplyDelete
  12. ජ්‍යෝතිශ්‍ය ස්ථානයේ ලිපිනය එවන්න.
    දන්න අයට කියන්නං අවශ්‍ය වුනාම එන්න කියලා.

    ReplyDelete
  13. අර ගෑණු ළමයා හෙට උදේ ඒවා කියලා ප්‍රාර්තනා කරනවා මුළින්ම. මට පේන හැටියට ඔබ වගකීම්, වැඩකටයුතු බහුල වෙන තරමට, වඩාත් හොඳින් වැඩ කරන කෙනෙක්. ඒ නිසා ඉදිරි ගමන අපහසු වුණත් බෙහෙවින් සාර්ථක එකක් වෙයි. ඇරඹූ කටයුත්ත ජයෙන් ජයම වේවා.

    ReplyDelete
  14. මාස හය ඉක්මනට ගිහිල්ලා අනිත් ටික ඉක්මනට උදා වෙන්න කියල පතනවා...

    ReplyDelete
  15. මග සළකුනක් කිව්වනම් අපිත් හැකි විදියට සප් එක්ක දෙනවා...උපන් ගම වෙච්චිකොට, හදිසියකට බෙහෙතක් ගන්න යන පලාත වෙච්චි කොට, උදව්ව්වක් නොකලොත් හිතට මදි වගේ...

    ReplyDelete
  16. බොන එකට තිත තිබ්බ එකනම් හොදයි.ඔය විහාරස්ථාන වල මුල්ගල තැබීම් වලට කලින් සුභ දවසක නිධන් ගල තබන එක තමයි හොදම ක්‍රමේ.විහාරස්ථානයක ඉදිකිරීම් කල යුත්තේ එහි වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට සුභ වන අයුරින්(මේක මාරයා දන්නවා.ඒත් ලියන්නේ අනිත් අයට).නිවාඩු දවස්වලට ඇමතිට මන්ත්‍රීට විවේක පාඩු දවසක බොරුවට පේන්න උත්සවේ ගන්නවා.මේකේ කිසිම වරදක් නැහැ.ඒක කරන්නේ ප්‍රභූ වරුන්ගේ උදවු ලබා ගන්න.ඒකේ කිසිම වංචාවක් නැහැ.පවකුත් නැහැ.හැබැයි දැන්නම් ඇමතිගොල්ලත් මේ වැඩේ දන්නවා.

    ReplyDelete
  17. සුභ පැතුම් මාරය්යේ. ඔයාට ජය! (කොහොමටත් මාර පරාජය කරන්න තරම් කෙනෙක් දැනට පහල වෙලා නැති එකේ, ඔයාගෙ වැඩ ටික පිලිවෙලට කරගෙන යන එක අමාරු වැඩැක් නෙමේ නෙ.) ඔන්න මගෙනුත් සුභ පැතුම්.

    ReplyDelete
  18. මටත් කියන්න තියෙන්නෙ ඔබ්සවර් මලයගෙ එකම තමයි..
    '' ජයවේවා.''

    ReplyDelete
  19. ශා . . . ගෙදරත් අලුත් වෙලා . . . . බිස්නස් එකත් අලුත් වෙලා . . . . . ****ත් අලුත් වෙලා . . . . මල් හතයි ඈ . . . . .

    (ඔන්න මචෝ මම කිසිම කටකැඩිච්ච කතාවක් කීවෙ නෑ)

    ReplyDelete
  20. අළුත් ව්‍යාපාරෙට ජයෙන් ජය පතනවා...

    අර කීපදෙනෙක්ම කිව්ව වගෙ ස්ථානෙ ගැන විස්තරයක් දාමුෙකා අපිත් දන්න දන්න කාට හරි ෙපාඩි AD පාරක් දෙන්නං...
    :-)

    ReplyDelete
  21. මගෙනුත් සුබ පැතුම් .........
    ඇතුල හොඳ නම් වරදින්නෙ නැහැ ........
    හැමෝටම නරක කාලවල් වගේම හොඳ කාලවලුත් තියනවා ....

    ReplyDelete
  22. මටනම් හිතෙන්න දැන් මාරයියට සහයට සහකාරියක් හිටියනම්
    හොඳයි කියල.නරකද ඒගැන සිතා බැලුවොත්.??

    ReplyDelete
  23. මාරෙ උඔට එසේම වේවා.....!

    ReplyDelete
  24. අපි වගේ මිනිස්සුන්ට ඉර පායන්න ටිකක් වෙලා යනවනෙ අයියෙ..... එහෙම මිනිස්සුන්ට ලේසියෙන් වට්ටන්න බෑ.... යමු ඉස්සරහට....

    ReplyDelete
  25. ඔබ නම් පුදුම මිනිසෙක්

    ReplyDelete
  26. ...(ඔන්න හාමුදුරුවන්ගේ හොර වැඩ එළියට එනවා...)...
    ඕවා ඉතිං උඹ ගැන කවුරුත් නොදන්න දේවල් යෑ...

    කිව්වට ඉතිං තරහ ගන්ඩ කාරි නැහැ.... උඩ කොමෙන්ට් එකේ වගේ සහ නැතත් නිකං කාරියක් හරි හොයා ගනින් ලොක්කෝ... තියෙන කෙස් ටිකත් හැලිලා ගියාම මොකෑ කරන්නේ... ඔය බලන්ඩ එන කේන්දර වලින් ගැලපෙන එකක් ති‍බුණොත් වෙන් කරලා තියලා සලකා බලපං....

    ReplyDelete
  27. ආ... තව දෙයක්... මාතෘකාව බාගෙටද දාලා තියෙන්නේ... සම්පූර්ණයෙන්ම දාලා නං මට මුකුත් තේරෙන්නේ නෑ වගේ... (බෙරයක් වගේ දෙයක් එහෙම නෙමෙයිනේ...)

    ReplyDelete
  28. මාරෙ,

    තිස්සල අපි වගේ රට ඉන්න උන්ට විස්වාසයක් ඇතිව කේනදරේ බලා ගන්න ක්‍රමයක් ඇතිකරොත් නරකද? මට පොඩි එකාට නමක් දා ගන්න වෙලාව එස් එම් එස් කරොත් ඇතිද? පොඩ්ඩක් බිස්නස් වැඩි කරගන්න සහ අපිටත් උදව්වක් වෙන විදියක් හිතහං සහෝ.

    ReplyDelete
  29. අයියෙ එකම ප්‍රශ්නයක් හිතට ආව...

    "එහෙං මෙහෙං හම්බ උන ළමයි දෙතුන් දෙනෙක්ම පැත්තකට දාලා"

    කිව්වෙ?

    :P

    ReplyDelete
  30. ඔහොම තමා දියුණු වෙන මිනිස්සු. මුලින් රස්සාව හදාගෙන ඊට පස්සේ පරස්තාව :))

    ReplyDelete
  31. අයියා හිත ඇත්නම් පත කුඩාද කියලා කියනවනේ...අයියගේ අත්දැකීම් ගැන කියලා තියෙන විදියට නම් අයියගේ හිත නොම්මර එකයි.අයේ ඒකෙ කියන්න දෙයක් නෑ.ඒ හින්දා අයියේ පත ගැන බය වෙන්න එපා.කළු ගලකට අත ගැහුවත් ඒක රත්තන් කරගන්න අයියට පුළුවන් වෙයි....
    අළුත් වැඩේට සුභපැතුම්...අපේ කේන්දරෙත් බලාගන්න පුළුවන් වෙයිනේ...(නොමිලේ නෙමේ... :) )

    ReplyDelete
  32. ලඟපාතක උන්නා නම් අපිත් එනවා උදවුවට .ගෑනුළමයෙක් වැඩට ගත්තාට මගෙන් සුබ පැතුම් ..

    ReplyDelete
  33. මාර මල්ලී වැඩේ නියමයි. පාර කිවුවා නම් කේන්දර කෑල්ල බලා ගන්නත් තිබුනා. (නිකන් නම් නෙමෙයි අදාල සියලු පඬුරු පාක්කුඩම් සහිතව හොඳේ.)

    මොකද හෙට අනිද්දා ශනි මාරු වෙනව කියන නිසා සහ ඔය පැත්තේ ඉන්න ග්‍රහයො ටික මාරයගේ භවනට යවන්න පුලුවන් නිසා.

    බල කරන්නෙ නම් නෑ. කැමති නම් පමනක් දෙන්න

    මිගාර

    ReplyDelete
  34. ලේකම්තුමීව හොයාගෙන වගේ උන්දැටත් බ්ලොග්,බස් පුරුදු කරන්නත් වෙයිද?
    කොහොම උනත් වැඩ ටික සාර්තකව සිදු වෙයි හිතු විදිහට...

    ReplyDelete
  35. හ්ම්ම්ම්...අයියාගේ කතාවේ මට ගන්න හුගක් දේවල් තිබ්බා...දැන්ම නම් මුකුත් කියන්න නේ නැහැ හොදේ...පස්සේ කියන්නම්... හෙට අර ලමයා ආවොත් හොදා...නැත්නම් වදේ තමයි.... ඔයාට වරදින් නැ අයියා...

    ReplyDelete
  36. ෂා කොල්ල බිසී වගේ නේ.. ඈ බං, දැං එතකොට උඹේ බොලොග් එකත් ලියන්නෙ ඒ කෙල්ලද මීටපස්සෙ.. මං අහන්නෙ නිතරම නෙමේ, නිකං හදිසියකට එහෙම.. ;)

    ReplyDelete
  37. හැමදේම හොදින් කරගන්න ලැබේවා... ඉක්මනින් සනීප වෙන්න අයියේ... බුදු සරණයි...!

    ReplyDelete
  38. සන්තානම් මෑණියනේ කිව්වලු...

    ඔය දාගෙන තියන නම ඔයාට හරියටම ගැලපෙනවා. මට මේක කියවල වැඩ ගොඩ දැකලත් නිකන් පිස්සු වගේ. යකෙක්ට ඇරෙන්න මිනිහෙක්ට නම් ඔය වැඩ ගොඩ කොරන්න බෑ ඔන්.

    කොහොමෙන් කොහොමෙන් හරි අර කෙල්ල හෙට වැඩට පැමිණේවා, නිදහසේ කාමරේ නින්දක් දාන්න ලැබේව, ලෙඩ රෝග දුරුවේවා, ආර්ථික තත්වය දියුණු වේවා කියල ප්‍රර්ථනා කරනවා එක සිතින්..

    ReplyDelete
  39. ඕනම ව්‍යාපාරයක් මුලදි ඔහොම තමයි. ඒත් මේක ඔයා තනියම කරන නිසා ඔයාට සෑහෙන්න කට්ටක් කන්න වෙලා. ඒත් අයියේ අත අරින්න එපා. ඉස්සරහට තියපු පය තියලා කෙලින්ම යන්න. වරදින්නේ නැහැ. තව මාස දෙක තුනකින් ව්‍යාපාරය හොඳට සාර්ථක වෙයි. එතකන්නේ ඉතින් ඔය කට්ට කන්න වෙන්නේ.

    ඔයාගේ ව්‍යාපාරය උපරිම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. උදව්වක් ඕන නම් කියන්න. පුලුවන් දෙයක් පුලුවන් උපරිමෙන්ම කරන්න ලෑස්තියි.... :)

    ReplyDelete
  40. පටන් ගත්තා වගේ ඔය ටිකත් හෙමීට කරගෙන යමු.ටික දවසක් යනකොට මිනිස්සුන්ට තැන හුරු උනාම වැඩ වැඩි වෙයි.
    ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා කියල ප්‍රර්ථනා කරනවා.....

    ReplyDelete
  41. අමාරුවෙන් කොරන දෙයක් නොවෑ ඉතින් අගේ වැඩි...
    ඔන්න අපෙනුත් හද පිරි සුබ පැතුම්....

    හය මාසයක් යන්න කලියෙන්ම ගොඩ එන්න ලැබේවා...
    (තියෙන තැන කීවනම් ඉතින් අපිටත් ඇහැකි වෙයි වැඩක්, දෙකක් එවන්න..)

    ReplyDelete
  42. අසනීප තත්වෙ ගැනත් පොඩ්ඩක් වැඩිපුර සැලකිලිමත් වෙයං, කොයි දේ කරන්නත් සනීපෙන් ඉන්න එපැයි....ලඟදීම රස්සාවෙන් නවතින්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව !

    ReplyDelete
  43. සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! සුබ පැතුම්!

    ReplyDelete
  44. අර ගෑනු ළමයා වැඩට ආවද?අනේ මන්ද මමනම් තුන් දෙනෙක් විතර එකතු වෙලා කරන්න ඕන වැඩ තනියෙන් කරනවා.

    ReplyDelete
  45. බොක්කෙන්ම ජයෙන් ජය කිව්වා ඕO හීනියටම....

    ReplyDelete
  46. හප්පේ සුභ පැතුම් කන්දරාව...හැමෝටම බොහෝම පිං හොදේ...
    අර ගෑනු ළමයා අද ආවා..වැඩ බාර දීලා මම දවල් අපේ ගෙදර ගිහින් එන්න ගියා..ඒ අතරේ පළමු වෙනි වැඩේ හොඳ ලස්සනට බාර අරගෙනත් තිබුනා..කෙල්ල හොඳයි...යාන්තං හිතේ තිබුණ එක බරක් නිදහස් උනා වගේ..

    දැන් ඊළග වැඩේ ජාලෙ ඉන්න යාළුවන්ගේ වැඩ පල කරලා දෙන ක්‍රමයක් පිළිවෙලකට හදන එක..ඒකත් හෙටයි අනිද්දයි අතරදී කරනවා..ඉල්ලීම් කල හැමෝටම බොහෝම ස්තූතියි...ඉක්මනටම ඒ ගැන දන්වන්නං...

    ඒ ඔක්කෝමත් අතරේ මම අද කෙනෙක්ට විවහා යෝජනාවකින් දමලා ගැහැවුවානේ..ඒක ඇති ඊ ළග පෝස්ට් එකේ..

    ReplyDelete
  47. සුබ පැතුම්... සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙන්න කියලා සුබ පතනවා..!

    ReplyDelete