11 June 2011

මගේ බ්ලොග් කියවීමේ ඉතිහාසය...වර්ථමානය දක්වා...

අම්මේ දවස් දෙක තුනකට පස්සේ මේකෙ එල්ලෙන්ට ලැබුනේ...ඉතිං කල්පනා කොලේ අර මගේ සිංහල බ්ලොග් වලට දෙන තල්ලුව තව පාරක් දීලා දාන්ට කියලා.අමුතුවෙන් වැල් වටාරං ඕන නැහැ..ඔන්න පොල්ලෙන් ගැහැවුවා වගේ කියාගෙන යන්නංකෝ මං කියවන බ්ලොග් ගැන

මම දැන් බ්ලොග් කියවන්ට වෙලා අවුරුදු දෙකක් දෙකහමාරක් වගේ කාලයක් වෙනවා...ලියන්ට අරන්නං අවුරුදු දෙහෙකට තව මාස 5ක් හරියටම තියෙනවා..ඒ කියන්නේ අවුරුදු එකයි මාස හතයි වෙන්නේ මං ලියන්න පටන් අරන්..එහෙම නැතිව මාත් ඔය පරණ කියන ගොඩට වැටෙන බ්ලොග් කරුවෙක් නෙවෙයි...

මොකද තාමත් මට වඩා පරණ හුගාක් බ්ලොග් කරුවන් ඉන්නවා රාශියක්ම..ඒ අතරින් කිහිප දෙනෙක් තාමත් එදා වගේම ලියනවා ඒ අතරින් කාකා නොහොත් කතන්දර සුවිශේෂී බ්ලොග් කරුවෙක්...අදටත් ඔහුගේ ලිවීමේ වේගය ඔහු එදාටත් වැඩිය වේගයකින් පවත්වාගෙන යනවා.බ්ලොග් කරුවකුට ප්‍රසිද්ධ වෙන එක ඒ හැටිම අමාරු වැඩක් කියලා මං හිතන්නේ නැහැ..මොකද සමහරු කුණුහරප දෙකතුනක් හරහා උනත් දවසෙන් ප්‍රසිද්ධ වෙනවා මං දැකලා තියෙනවා.ඒත් ඒ ප්‍රසිද්ධීය ජනප්‍රිය කියන තැනට ගේන්න හුගාක් අමාරුයි...

ජනප්‍රිය කියන නාමය වැදුනට පස්සේ ඒ නම රැක ගන්න එක ඊටත් වඩා අමාරුයි..ඒ වෙනුවෙන් ඔහු හෝ ඇය සෑහෙන්න කැප වෙන්න ඕන...ඒ කැපවීම මං හොදටම දකින කෙනෙක් තමා කාකා... හැබැයි ඔහුත් පහුගිය කාලේ ටිකක් පසු බෑමකට ලක් වෙලා හිටියා කියලා මට හිතෙනවා. මං විතරක් නෙවෙයි කිහිප දෙනෙක්ම ඒ බව සටහන් තියලා තිබුණා..ඒත් කාකා ආයෙමත් මේ ඊයේ පෙරේදා ඉඳලා නැවත සටනට බැහැලයි ඉන්නේ...

දැන් නැවතත් ඔහු ඔහුගේ මුල් කාලයේ රිද්මයටම ඇවිත් ඉන්න වග කියන්න පුළුවන් බය නැතිව...ඔන්න අළුතෙන් බ්ලොග් ලියන අයට ආදරුසෙට ගන්න මනුස්සයා... මොකද හුග දෙනෙක් බ්ලොග් පටන් ගත්තට ටික දවසයි නවත්තලා දානවා. එහෙම නැතිව හැමදාම ඉන්නනං හැමදාම ලියන්න බලන්න ඕන...

දෙවැනියට කවුරුත් දන්න නාමය දුකා... මං බ්ලොග් එකක් ලියන්න හේතුව උනේ මේ යෝදයාගේ ලියමන් දැකීමයි කිව්වොත් හරි...ඒ දවස්වල මේ උන්නැහේ ලිව්වා හරි අපූරු කතාවක්..ඒක ඇත්තටම මෑන්ස්ගේම කතාව තමා...ඒකේ නම "එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට" පිස්සු හැ‍දිලා ආයෙමත් හැදෙන කතාව...ඒ වගේමයි දුකා ගැන කියන්න තව කතා බොහෝමයයි...ඒ තමා ඔය යෝධයා තරං අනිත් අයට අත දෙන එකෙක් තවත් නැහැ..මොකාද බ්ලොග් එකක් පටන් ගන්නේ මේකා ඇති එතැන..කොමෙන්ට් එකක් දාලා මුලින්ම ඒක ෆලෝ කරන්නෙත් උන්දැම තමා..ඔය අපි කාගෙත් බ්ලොග් වල ආරම්භකම යුගයේ මෑන්ස් ඉන්නවා සයිඩ් එහෙක...ඒ විතරක් නෙවෙයි දැන අදුරගෙන කතා කරලා බ්ලොග් අවකාශයේ වැඩිම යාළු මිත්තරයෝ පුමාණයකුත් ඉන්නේ මෑන්ස්ට තමා... දැන්නං ඉතිං ලියන්නේ අවාරෙට පොල් වැටෙනවා වගේ තමයි..ඒත් තාමත් අර ෆලෝ කරන එකයි කොමෙන්ට් කොරන එකයිනං එදා වගේමයි..කොහේ ගියත් උන්දෑ කොමෙන්ට් කොරලා ඇති...

සමහර වෙලාවට ඕය කොහේ හරි දේසපාලන ලිපියක් කියවලා මගේ ඇගේ මයිල් ඉස්මයිල් වෙලා පට පට ගාලා යනවා කොමෙන්ට් බොක්ස් එක හොයාගෙන දෙන්නං කොමෙන්ටුවක් කියලා..කොහේද ඒ යනකොට මෙන්න ඉන්නවා දුකාත්..අනේ මේකා පක්ෂව කොමෙන්ට් කොල තැනක ආයේ විරුද්ධව මුකුත් කියවන්ට බැහැනේ කියලා අර ගියාට වඩා වේගයෙන් ආපහු එනවා ඕං...තේරෙනවනේ අපි දෙන්නා කොයිතර මිත්තරයෝ උනත් අදහස් වෙනස් කියලා..ඒත් ඒ අදහස් අපේ මිත්තර කං මැද්දෙන් තාප්ප බැඳලා නැහැ අද මේ වෙන තුරාවට..ඒකයි දුකාගේ වෙනස...

ඊ ළගට ඔය වගේම තව පරණ හාදයෝ දෙන්නෙක් ගැන කියන්න ඕන..උන් දෙන්නා තමා මට ඒ දවස්වල බ්ලොග් ලියනකොට ඇති වෙච්ච තාක්ෂණීක ගැටළුවලට බොහෝම උදව් උපකාර කොලේ..උන්ටනං මතක දත් මංදා..ඒත් උදව් ගත්ත මට අමතක නැහැ..ඒ තමා ඉන්දරේ සහ සාකුන්තල ඩබල ඇත්තටම ඕකුන් දෙන්නා මට බොහෝම උදව්වක් උනා ඒ දවස්වල.

ඒ වගේමයි ඒ කාලේ හිටියා වල් හාවෙක් ඌනං අදටත් ඉන්නවා ඒත් පනහ ගැහැවුවෙත් මේ ඊයේ පෙරේදා...හිතා ගත්තෑකිනේ මෑන්ස්ගේ ලියන්න තියෙන උනන්දුව කොහොමද කියලා..ඒත් එදා ඉදලා මේ වෙනකල්ම මං කියවන එකෙක් තමා ඔය බනියගේ විකාරත්.

ඒ වගේමයි මලී සහ නීනුවා... ඔය ඩබලත් ඒ කාලේ ඉදන්ම අද වෙනකල්ම මං කියවනවා. මලීනං හාවා හඳ දකින්නැහේ ලියද්දී නීනුවානං අදටත් එදා වගේම බහුරු කෝළං ලිය ලිය ඉන්නවා...

ඒ අතරෙම හිටියා මහ බේබදු කෙල්ලෙක් ‍ඒකිගේ බ්ලොග් එකත් තාමත් කියවන්න වෙනවා ඉද හිට..මොකද ඒ තරමටම තාමත් ලියනවා ඒත් "ඉඳහිට"

ඔන්න ඔය වගේ කියවන ගමන් මටත් හිතුනා ලියන්න..ඉතිං මාත් ලිව්වා..ඒ ලියනකොටම වගේ මට අහු උනා මගේ සමකාලීන බ්ලොග් කරුවන් කිහිප දෙනෙක්...ඒ තමා

හද ගී පොත ලියන අපේ තිස්ස අයියා
සොඳුරු සිත ලියන වත්
අතීතයෙන් අහුලන මතක ලියන දිල් නගා
අතීතයෙන් ගඟ ගලා බසී ලියන රවා නොහොත් දැන් හුග දෙනෙක් දන්න වියත් රවා...

ඉතින් ඔහොම යන ගමන් හුගාක් බ්ලොග් වලට මාත් ආවා ගියා..කියෙව්වා..කමෙන්ට් කලා..ඒ අතරෙම මගේ එකත් මෙලෝ රහක් නැතිව හරි ලිව්වා.

ඒ දවස්වල මට ලියන්න වෙලාව තිබුනේ දවසක් ඇර දවසක්..එක දවසක් මගේ මුර රස්සාවට යන ගමන් අනිත් දවසේ උදේම ගෙදර ඇවිත් නාලා කාලා කරන්නේ ලියන එක තමා.

ඔහොම කාලය ගත වෙනකොට බොහෝම කට්ටියක් එකතු උනා...දැන් මෙතන ඔය හැම බ්ලොග් එකමනං ලිය වෙන්නේ නැහැ..මොකද එහෙම ලියන්න ගියොත් බ්ලොග් දාහකට එහා පැත්තේ සඳහන් කරන්න වෙනවා. ඔය දැන් කිව්වෙත් ඒ දවස්වල ඉදලා හිතේ නොමැකෙන මතකයේ ඇති ඒවා...

ඊට පස්සේ අතර මගදී මට අහු උනා හරි අපූරු බ්ලොග් දෙකක්...

ඒ තමා අර කට කහන එකා සහ කෙහෙල් කොටුවේ හිච්චි එකා...ඔය යෝදයෝ දෙන්නා ගැන කිව්වේ නැත්තං බ්ලොග් ලියලත් හමාරයි..ඒ තරං බඩු දෙක..දෙකම එකයි...

අවසානෙට මතක් කරන්ට ඕන සඳරුවා සහ මහාසේල ගැනත් ඔයිට අමතරව තව හුග දෙනෙක් ඉන්නවා..ඒත් ඔය මං දකින ආකාරයට බ්ලොග් කියවන අය පිළිවෙලකට කියවගෙන එන්න ඕන බ්ලොග් ටිකක්..මං හිතන විදියට ඔය එකක්වත් කාටවත් අත ඇරිලා තියෙන්න විදියක් නැහැ... වැරදිලා හරි කාටම හරි ඔයින් එකක් හරි මිස් වෙලා තිබුනනං අදවත් ඒ අඩුව හරිගැස්සෙයි නෙව...

මේ බ්ලොග් ගැන ලියන එක ලේසි වැඩක් නෙවේ..ඒත් ඔහොම හරි කියාගෙන එන්න වෙනවා...ඒ විතරක් නෙවෙයි අපේ බ්ලොග් ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි කට්ටියක් ඉන්නවා..ඒ තමයි මේ දිරි ගන්වන්නෝ...එහෙම අය හුගාක් ඉන්නවා..ඒත් ඒ අතුරිනුත් සුවිශේෂී අය කිහිපදෙනෙක් ඉන්නවා..මං ඒ අයට ගෞරවයක් විදියට ඒ ගැන වෙනමම ලියන්නං...

ආ ඒ විතරක් නෙවෙයි ඒං මං අද ඉඳලා බ්ලොග් රෝලක් ඇටෙව්වා මේ බ්ලොග් එකේ..ඔය දකුණු අත පැත්තේ උඩ ඉඳන් පහලට බලාගෙන එනකොට පහතම තියෙන්නේ ඒක තමා...(ආ උඩම තියෙන්නේ මොකක්ද කියලත් බැළුවනං...)

ඔතන බ්ලොග් රෝලට මං එකතු කලේ බ්ලොග් 20ක් විතරයි...ඒ බ්ලොග් ටිකත් එකක් දෙකක් හැරුන කොට හුගාක් අළුත් ඒවා...ඒ වගේම විශේෂයෙන්ම කියවන්න හොඳම බ්ලොග් කිහිපයක්...මං ඉතිං ඒ බ්ලොග් ගැන වැඩි විස්තරයක් කරන්ට යන්නේ නැහැ කියවලම බලන්ට විවේක පාඩු තියෙන හැටියට...

මේ බ්ලොග් වලට තල්ලු දෙන වැඩේදී අද මං කලේ පරණ බ්ලොග් වලටම තල්ලුවක් දෙන එකයි..ඇත්තටම මං තල්ලු දෙන්න ඕන ඒවා නෙවෙයි ඒවා..ඒ තරමටම පරණ බ්ලොග් ඔය...ඒත් අතීතයෙන් ගන්න තියෙන දේවළුත් අපි ගන්න එපැයි. තව ඔය අතරේ අද මං කතා නොකල තවත් සුවි‍ශේෂී බ්ලොග් සටහන් කිහිපයක් තියෙනවා..ඒවා යම් යම් වර්ගීකරනය කල තේමා යටතේ ගේන්නයි මං හිතාගෙන ඉන්නේ..අපි බලමු ඉස්සරහට ඒවා ගැන...

ඒ වගේම පහුගිය දවස්වල දුන්න තල්ලුවෙන් හුගක් අළුත් අය වැඩ ගත්තා කියලා මං දැක්කා...ඒක සතුටට කාරණාවක්..මේ වැඩේට මාත් එක්ක එකට අත්වැල් බැඳගෙන ඉන්න වැප්... රංග... අභීත... කියන මිත්තරයෝ තුන් දෙනාත් මෙකෙදී සැහෙන තල්ලුවක් දුන්නා අළුත් අයට...මගේ ඒ මිත්තරයෝ තුන්දෙනාටත් අම්බානක ස්තූතියි...

එහෙමනං අදත් විවෘතයි තවත් ඉතිරි වෙච්ච ඇඩ් තියෙනවනං දාගන්න... ආ මතක තියා ගන්න එය තමන්ගේ බ්ලොග්වල ලින්ක් දෙද්දී මුළු බ්ලොග් එකටම ලින්ක් එක දෙනවට වඩා තමා හිතන විදියට තමාගේ අතින් ලිය උන සාර්ථකම ලිපියක් සඳහා ලින්ක් එක දෙන එක සාර්ථකයි..මොකද කියවන පළවෙනි ලිපියම හේතුවක් වෙනවා කෙනෙකුට ඒ අඩවිය ගැන අදහසක් ඇති කරගන්න..ඒ හින්දා දෙන එක දෙන්න හොම්බ කට සමතලා වෙන්නම...උදාහරනයක් කිව්වොත් මං එහෙම දානවනං දාන්නේ මං හොම්බෙන් ගිය පෝස්ට් එකම තමයි..දන්නවැයි ඒ මොකක්දැ කියලා..හෙක් හෙක්...


42 comments:

  1. ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊයායායායා..... කවුද අප්පා අර බේබද්දි.. චාටර් බ්ලොග් එකක්. මං නං ඕවා කටේ තියනවා කියලා අප්පේ. ෂිහ් හිතනකොටත් ඈක්කා.. ඕක්...!
    මේ මාරයියා.. ඕං ඒ බේබද්දි බොහොම ඉස්තූතියි කියන්න කිව්වා බේබදු ඩයරිය ගැන සඳහන් කරාට.. හිකිස්..

    ReplyDelete
  2. ඔය කිව්ව ප්‍රවීනයන්ගෙ බ්ලොග්ස්වලින් දෙක තුනක් හැර අනෙක් හැම එකක්ම බලලා තියෙනවා. ඔවුන්ගෙන් ඉගෙන ගන්න දේ බොහොමයි.
    ඒ වගේම මේ ප්‍රවීනයන් හැම කෙනෙක්ම අප වැනි නවකයින්ගෙ ලිපි කියවලා නිරන්තරව දිරිමත් කරවීමත් අගය කරන්නට ඕන. ඔබේත් අභීත හා අනෙකුත් ප්‍රවීනයන්ගෙ හඳුන්වා දීම් නිසා මගේ බ්ලොග් එකට එන අයත් හුඟක් වැඩි වුණා. ඒ තුළින් සමාන අදහස් ඇති සහෘදයන් මෙන්ම, දැනුම, විනෝදය, මිතුරුකම පෝෂණය කෙරෙන අලුත් බ්ලොග් රාශියක් හඳුනාගැනීමටත් ඉඩ සැලසුණා.
    බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. මාරේ අයියේ මතකද 2010 ඔක්තොම්බර් 17 උඹ මගේ බ්ලොග් එකේ කමෙන්ට් එක දැම්ම දවස ? ඒ කමෙන්ට් එක නැත්තම් මම කවදාකවත් ලියන එකක් නෑ..

    "යකෝ මාරයත් මගේ බ්ලොග් එක බලන්න ඇවිල්ලා!" මම එහම හිතලා දිගටම ලිවුවා ..මම යන්තම් අඩිය තියලා යනකම් උඹ ඇවිල්ලා මුලින් ලීව හැම පෝස්ට් එකකම කමෙන්ට් කරා .ඊටපස්සේ මට තනියම යන්න පුලුවන් බව දැනගෙනද කොහෙද හොරෙන්ම ඇවිත් යන්න යනවා ..අයියේ උඹනම් හැබෑවටම මාරයෙක් බං ..

    මේ පහලින් තියෙන්නේ උඹ දාපු මුල්ම කමෙන්ට් එක සහිත මගේ දෙවනි පෝස්ට් එක ..මට තවම ආඩම්බරයි උඹ වගේ එකෙක් මගේ බ්ලොග් එකට ආපු එක ගැන

    http://hisahasa.blogspot.com/2010/10/blog-post_17.html#comments

    උඩ එක මැකුවට සමාවෙයල්ලා ..

    ReplyDelete
  4. මම දන්නවා. මාරයා අර සංජීවනී ගැන ලියපු එක නේද ?

    ReplyDelete
  5. වල් බනියගෙ වයස කීයදො මන්ද ගැහුවෙත් අද

    ReplyDelete
  6. ආ ඇඩ් එක දාන්න බැරි වුණානෙ. මෙන්න මම පහුගිය අවුරුදු 3ක් තිස්සෙ කාලීන මාතෘකා යටතේ ලියපු ලිපි 50ක එකතුව එකම වහලක් යටින්

    http://status-chanaka.blogspot.com/2011/05/blog-post_29.html

    ========

    ReplyDelete
  7. මටත් මෙතනින් එක බ්ලොග් එකක් මිස් වෙලානේ. මිස් වෙන්න ඇත්තේ ටෙක්නිකල් එකක් නිසා වෙන්ටැ. කමක් නෑ දැන් දන්නවනේ.
    මේං මගේ එක මෙතනින් යන්න

    ReplyDelete
  8. අලුතෙන් බ්ලොග් අවකාශෙට ආපු අයට දෙන තල්ලුව ගැන නම් කියන්න වදන් නැහැ .........

    මට මීට වඩා කියන්න දේවල් තියනවා .......

    ඒවා මම ලිපියකින්ම කියන්නම් ........

    මෙන්න මගේ බ්ලොග් එක http://www.pansalhandiya.blogspot.com/

    ReplyDelete
  9. අලුත් අයට පිටුවහලකි අත දීපූ
    මේ බ්ලොග් එක හොඳයි අපි හැමටම දාපූ
    කියවා බලමි ඉදිරියටත් ලිපි දාපූ
    අලුතෙන් කෙනෙකි මා මරු දැකුමට ආපූ

    http://nethupiya.blogspot.com/2011/06/blog-post_11.html

    මම දෙතුන් පාරක් කමෙන්ට් කලා එවෙලෙට යනවා පස්සෙ රීෆ්‍රෙෂ් කාලාම නැති වෙනවා, ඒකයි මේ තව පාරක් දැම්මෙ.

    ReplyDelete
  10. මාරයා....අර විස්සෙන් එකකට මෙච්චර ළඟදි ආපු මාවත් ඇතුල් කෙරුවට බොහොම ස්තුතියි...

    ලැබුණ වෙලාවෙ ඇඩ් කෑල්ලත් දා ගන්න ඕනෙ...

    http://matamathakahatiyata.wordpress.com/2011/05/31/68/

    -සපතේරු උන්නැහේ

    ReplyDelete
  11. කල්හාර අය්යා වගේම මටත් කියන්න තියෙන්නේ නම් අලුත් අය වෙනුවෙන් දෙන සහයොගයනම් මාරයි... ටෙක්නිකල් ලට පට ගැජට් කැලි විතරක් තිබුනු මගේ බ්ලොග් එකේ අමුතු කතා ලියන්න ඔයාලගෙන් මාර සහයක් ලැබෙන්නේ... ඇවිත් කමෙන්ට් නොකලත් හැමදාම කියන ඒවා දැනනවා බොක්කටම.. ටිකක් වෙනස් වෙලා අලුත් ඒවාත් එක්කම තියෙන මගේ බ්ලොග් එකත් බලන්නකෝ....

    http://sadaru-world.blogspot.com/

    ReplyDelete
  12. මාරයාගේ හෝරාව මකුළු පැංචිගේ බ්ලොගෙ පස්සෙනුත් වැටිලා ඉන්නවා දැකලා මකුළු පැංචිටත් දැනුනේ හරිම ලොකු සතුටක්..බොහෝම ස්තූතියි මාරයෝ...තව තවත් මරු පෝස්ට් දමන්නට ඔබට ශක්තිය ලැබේවා..මමනං තාම යාන්තන් මාසයක් වත් වුණේ නෑ බ්ලොග් කෙරුවාවට ඇවිදින්..ඒ නිසාම තවමත් අඩුපාඩු හදාගනිමින් තමා ඉන්නෙ...

    මකුළු පැංචිගෙ වියමන ගැනත් ඔන්න පුංචි ඇඩ් එකක් දානවා එහෙනම්... යාලුවො ඇවිදින් මකුළු පැංචිට අදහසක් කියලා අඩුපාඩු හෙම කියාදෙන්න වෙලාවක් තියේනම්... :))

    http://makulupanchi.blogspot.com/2011/05/blog-post_30.html

    ReplyDelete
  13. මේ මාරයියේ.. කවුද අර හාවා ? නොදොකිං ඌ නම් මහ වසකම්මැලියෙක් නේ ?


    (මේ මෙකේ මගේ නම වැටෙනවා ඒක හංගන්න බැද ?) :D:D:D:D

    ReplyDelete
  14. මෙහෙම වෙන අයට උදව් කරන 'මාරයෝ' වෙන කොයින්ද...

    ReplyDelete
  15. මාරයා අයියා , මගේ අලුත් බ්ලොග් එකට ඔබ දීපු උපකාරය , සරලව කියනවානම් මාරම මාර උදව්වක්. හිත හොඳ මාරයෙක් හඳුනා ගැනීම ලොකු සතුටක්.

    ReplyDelete
  16. මාරය්යා හෑමෝටම බොක්කෙන්ම උදව් කරන කෙනෙක් කියල මම තේරුම් අරගෙනෙ ගොඩාක් කල්.

    ReplyDelete
  17. අහක බලන් යන්නෙ මල්ලි ඇයි අපි කළුද...
    ඇයි අපි කළුද..... //
    මල්ලි ඇයි අපි කළුද....

    හෙහ් හෙහ්...

    එතකොට මේ අපි ගැන කතා කොරන්නෙ නැද්ද...?

    ටියාරා ගැන විතරද කතා කොරන්නේ...?

    ReplyDelete
  18. අපි ගැනත් නෑ නේ, මාරයා එනකන් අපි බලන් ඉන්නවා හිකිස් :P

    ReplyDelete
  19. බ්ලොග් නොලියන ඒත් කියවන කෙනෙක් විදියට මම මොනවද කියන්නෙ ...
    ම්ම්ම්ම් හරි මමත් කියවන්න පටන් ගත්තෙ නම් කතන්දර නිසා තමයි..ඒත් ඔය සින්ඩ් ගැනවත්, කොමෙන්ට් කිරිම ගැනවත් උනන්දුවක් නොතිබුන නිසා වෙනත් බ්ලොග් වලට යන්න ලැබුනෙම නැහැ.හැබැයි මේ ලඟකදි පාර වැරදිලා මාරයාගෙ බ්ලොග් එකට ආවා. මාරයාගෙ හෝරාව ගැන කියන්න ගියොත් කොමෙන්ට් එක දිග වැඩි වෙනවා. ඒත් මාරයා හරහා තමයි මම අනික් බ්ලොග් වලට ගියේ. ඒ නිසා ඔය කියලා තියන හැම බ්ලොග් එකක් ම මම කියවනවා. ඊට අමතරව මහ වෙදනා ගෙ බ්ලොග් එකත් නෙළුම් විලත් අමතක කරන්න හොඳ නැහැ, වැඩිය නොලීවත් shortකතා ඇතුලු සුජිත් ලියන බ්ලොග් වලත් හොඳ ලිපි එකතුවක් තියනවා.හිස් අහස ලියන ලියන සඳරුත් සරල විදියට ගොඩක් ලොකු දෙයක් අපට ලියනවා.ඔය හැමෝම විවිධාකර තල වල ඉඳලා තමන් සතු අත්දැකිම් සහ දැනුම මේ විදියට බෙදන්නෙ ආත්ම තෘප්තිය මිස වෙන කිසිම දෙයක් නිසා නෙවෙයිනෙ.ඒ නිසයි ඔවුන්ව අගය කරලා කොමෙන්ට් එකක් දාන්නෙ.ඒ නිසා සැඟවිලා තියන හොඳ දේවල් එලියට ගන්න මාරයා දරන උත්සාහය නම් හොඳ දෙයක්.
    ඒත් මාරයා තමන්ගෙ බ්ලොග් එකට නම් ළඟකදි සාධාරණයක් කරන්නෙ නැහැ කියලයි මට හිතෙන්නෙ,
    ළඟකදි ඉඳලා මාරයා තමන්ට වැටෙන කොමෙන්ට් හරියට කියවන්නෙත් නැහැ කියලා නම මට දැනිලා තියනවා .(මම අදහස් කරන්නෙ හැම කොමෙන්ට් එකකටම ස්තුති කරන එක ගැන නෙවෙයි)

    ReplyDelete
  20. උඹ මම ගැන ලියපු ටික කියවලා මගේ ඇහේ කඳුලු . . .විස්වාස කොරපන් . .

    ReplyDelete
  21. දුකා අයියෙ බලපං හොඳට . .. . . ඇහැට රොඩ්ඩක් වත් ගිහිංද කියල . . . ????

    ReplyDelete
  22. @ඕනයා !
    ඔව් බන් මාරයා ඇහැට රොඩ්ඩක් විසි කලා

    ReplyDelete
  23. තැන්කූ කීවා අපි වගේ බ්ලොග් නොලියන , කියවන්නන්ට මාරම මාර බ්ලොග් සෙට් 1ක් පෙන්නුවට .................

    ReplyDelete
  24. මාරයෝ,

    බොහොමත්ම ස්තූතියි මගේ බ්ලොග් කට්ට ගැනත් මතක් කරපු එකට. මම අර කලින් කිව්වැහේ උඹලනේ බං මේ බ්ලොග් අවකාසේ පෙර ගමන් කරුවෝ..... අපි හැමෝම උඹලවා ආදර්සෙට අරගෙන තමා ගමන පටාන් ගත්තෙ....!

    මේ හැබැයි උඹව නම් කවද හරි කොටියෙක් කනවා අර කෑම කතා සීරීස් එක දාපු එකට නම්. මෙච්චර කාලයක් ඩයට් පාරක් දාගෙන හිටපු මගෙ කෑම රුචියට අරව මේවා කොරලා, මගේ බර කොලෝ 10 කින් 12 කින් වැඩි වෙලා....

    ReplyDelete
  25. මටත් ලොකු ස්තුතියක් කරන්න ඕන මාරයට . මම බ්ලොග් එක පටන් අරන් දවස් කිපෙකින්ම තමයි මාරයා ඇඩ් දාන්න ඉඩක් දුන්නේ. ඒත් එක්කම රංග අභීත දෙන්නත් ඒ පිංකම කළා. රංග මගේ පෝස්ට් එකකට සමාන්තර ''වැඩ බැරිදාස'' ලිපියත් ලියුවනේ . ඔය සේරම නිසා මට බ්ලොග් කියවන අය...දැන් එහෙම කියන එකත් වැරදියි....හොඳ යාළුවො ටිකක් හමුවුනා .

    ReplyDelete
  26. මම නම් මගේ බ්ලොග් ලිවිල්ල පටන්ගත්තේ රංග අයියගේ මගේ ලෝකය තුලින්. එකේ ඒ දවස්වල තිබුනේ මාරයා කියල ජෝන්ටෙක් රංග අයියගේ ගුගල් අකවුන්ට් එක හැක් කොරපු එක ගැන කියපු කතාවක්, මට ඉතින් සිංහල බ්ලොග් ආස කරේ රංග අය්යනේ. ඉතින් රංග ගැනගැන පට්ට පැහැදීමක් සහ මාරයා කියන ජෝන්ට ගැන පට්ට මලක් ඒදවස්වල තිබුනේ. පස්සේ සතියක් විතර කියවනකොට තමා ඇත්ත තේරුනේ. සොරි වෙන්න ඕනේ ජෝන්ට කියපු එකට. බොක්කෙන්ම තිබුන හැගීම මම කිව්වේ.

    මෙතන ඇඩ් එකක් දානවනම් දවසක් ඇතුලත මට හිට්ස් 1500+ ආව මගේ හොදම පොස්ට් එක දාන්නම්..

    http://anjanakulasinghe.blogspot.com/2011/05/blog-post_28.html

    ReplyDelete
  27. බ්ලොග්කරණයට ආපු ජනවාරි වල ඉඳලම කියවන එක බ්ලොග් එකක් තමයි ඔබතුමාගේ බ්ලොග් එක. මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණවෙක් විදියට මේ උත්සාහය නිසා දියුණූ වෙන්නේ අපේ සිංහල බ්ලොග් අවකාශමයි. සහයෝගයට ගොඩාක් ස්තුතිය මාර අයියේ...

    මෙන්න මං ලියපු අළුත්ම ලිපිය... කියවලා අදහසක් දීලා යන්න...

    http://chathucn.blogspot.com/2011/06/sse-sinhala-search-engine.html

    ReplyDelete
  28. මමත් මේ බ්ලොග් අවකාශෙ මුලින්ම කියෙව්වේ ඉන්දරේ & ශාකුන්තල. ඊට පස්සෙ ධනික අයියගේ බ්ලොග් එක.. කියවපු පළවෙනි දවසෙම ඒකෙන් ඊමේල් සබ්ස්ක්‍රයිබ් වුනා. ඒ එකින් එකට පැනගෙන ගිහින් දැනට බ්ලොග් 372කට subscribe වෙලා...

    ReplyDelete
  29. @HOTHISHALANKA...

    හොඳම ලිපියක් ඔය දාලා තියෙන්නේ..අන්න එහෙමයි වැඩක් ගන්න දන්න අය..ස්තූතියි සහෝදරයා...

    ආ එකක් නෙවෙයි දෙකක්ම..බොහෝම හොඳයි...

    @ෆා...

    අනේ පව්..ඈක්කා නේද..?ඒකනේ ඔය ළමයා වගේ නෙවෙයි එ ළමයා කිසි අපුලක් නැතිව බෝතලේ කටේ තියාගෙන ගහනවානේ නේද..?

    අනේ ඉස්තූති නෙවේ නගේ ඒක ලියන එකීට කියහං තව ටිකක් වැඩි පුර ලියන්න බලන්න කියලා..එහෙම උනොත් ආයෙමත් වයිට් ඩයමන්ඩ් බාගයක් මං ගානේ හරි දෙනවා කිව්වා කියලත් කියන්ට..හික් හික්

    @නලිනි...

    මිතුරුකම කොයි තරං වටිනවද නේද..?අද තව අළුත් වැඩකට අත ගැහැවුවා කියලත් ආරංචියි..සුභ පැතුම්..!

    @හිස් අහස...

    සඳරු උඹ ගැන මං කියන්න යන්නේ නැහැ..එක දෙයයි කියන්නේ මං උඹ ගැන බලාගෙන ඉන්නේ...තව ඔයිට වඩා දෙයක් මට උඹේ බ්ලොග් එකෙන් ඕන මල්ලියේ..

    @මකරා...

    ඔය ඉන්නේ මාව දන්න එවුන්...උඹව අමතක කලා නෙවෙයි මකරාස්..උඹයි තව දෙතුන් දෙනෙක් ගැන වෙනමම ලියන්න මට දෙයක් තියෙනවා..ඒක ලිව්ව දවසට බලා ගමු...

    බනියානං ඔය මොනවා ගහනවාද කියලා ඌ දන්නෙත් නැහැ..

    කාලීන..?

    @පූසා...

    ෂුවර් එකට සාකුන්තලව වෙන්න ඇති..මොකද මලයලා එනකොට සාකුන්තල වැඩ නවත්තලා මං හිතන්නේ..ඒත් ඒ දවස්වල ඉන්දරෙයි සාකුන්තලයි ලොකු සේවයක් කලා බ්ලොග් වෙනුවෙන්...

    ReplyDelete
  30. බ්ලොග් රෝලක් දාපු එක සෑහෙන්න වැදගත් දෙයක්!

    ReplyDelete
  31. @කල්හාර...

    කල්හාර දැන් මට ඉස්සර තරං වෙලාව නැහැ.ඒ හින්දා හුගාක් දේවල් මට අත ඇරෙනවා..ඒත් යන්තං දැක්කත් සමහර දේවල් ඔළුවේ පැත්තක තියෙනවා...

    එහෙම තියෙන දේකට සාධාරණයක් කරන්න ලැබුන ගමන් ඒක මං කරනවා...මං ඔයාගේ මා වෙනුවෙන් දාලා තියෙන ලිපියත් දැක්කා..එයට බොහෝම ස්තූතියි...
    ඒ වගේම ඒකේ තිබුණ හැටියට අර SBU එකේ අවුල තාමත් තියේනං කියන්න මං දන්න කෙනෙකුට කියලා ඒක කරවලා දෙන්න බලන්නං.
    අනිත් දේවල් වලට මං ඉඩපාඩු තියෙන වෙලාවක ඇවිත් ඒ ලිපියෙම සඳහන් කරන්නං..ස්තූතියි

    @සජීවනී...

    බොහෝම ස්තූතියි කවියට...

    ඔව් ඔයාගේ කමෙන්ට් මගේ ස්පෑම් බොක්ස් එකට ගිහින් තිබුනා..ඒ ඇයි කියන්න මට තේරෙන්නෙත් නැහැ..පස්සේ මම ඒක හරි ගැස්සුවා...

    @matamathakahatiyata...

    අනිවාර්යයෙන් මං හිතනවා මගේ 20න් එකකට නෙවෙයි ඔබේ අත්දැකීම් උඩ ලිය වෙන ඉදිරි සටහන් වලින් ඔබ සිංහල බ්ලොග් අතරේ පළමු 10 දෙනා අතරටවත් එන විත්තියනං..එදාට මටනේ ආඩම්බර...මෙහෙම හරි දෙයක් කලා කියන්න ලැබෙන එක...

    @දේවා ගේ අඩවිය...

    ස්තූතියි මල්ලි..ඔයාගේ බ්ලොග් එක සම්බන්ධව තිබුන ගැටළුව විසදුනාද කියලා බලලා කියන්න.

    @මකුළු පැංචි...

    මකුළු පැංචිත් බොහෝම ලස්සනට ලියනවානේ..මට තාම සම්පූර්ණයෙන්ම කියවන්න බැරි උනා..කියවලාම වැඩි විස්තරයක් කියන්නංකෝ...

    @Bunny...

    ඔව් ඔව් ඌ ගැනනං කතා කරලා වැඩක් නැහැ..ඒක නෙවේ අපි වැඩක් ඇති දෙයක් ගැන කතා කරමු...

    "කෝ යකෝ කේක්..?"

    @Praසන්ன...

    බ්ලොගයකි ්ලියන්නටවත් නොහිතාම හැමදාම අනුන්ට තල්ලුදාන උඹ වගේ අය තව කොහේද කියලයි මට අහන්න තියෙන්නේ..?

    @ඉඳුනිල්...

    තව ලියහං මලයා ඒක අනිවාර්යයෙන්ම හොඳ බ්ලොග් එකක් වෙනවා කියලා පළවෙනි ලිපියෙන්ම තේරුණ හින්දයි මං බය නැතිව මෙතන දැම්මේ..ඒ විශෟවාසෙට සාධාරණයක් කරහං..

    ReplyDelete
  32. මා ගැන ලියා තියෙන නිසා මගේ පැත්තෙන් මේ ටික කියන්නම්.

    මං දවසකට පැය දෙකක් කෝච්චියේ වැඩට යනවා, එනවා. ඒ කාලය නැත්තං මේ බ්ලොග් කෙරුවාව කරන්න අමාරුයි.

    මං ලියන හැම දෙයක්ම වගේ මුලින් කපුටා dotcom වලින් ලියලා දෙතුන් පාර සංස්කරණය කරනවා.

    ඉන් පස්සේ ucsc කන්වර්ටර් එකෙන් හරිගස්සලා තමයි පල කරන්නේ.

    මේ වෙන කොට ජුනි අග දක්වා කතන්දර දවසක් ඇර දවසක් උදේ හයට පලවෙන්න සෙට් කරලායි තියෙන්නේ.

    ඊට අමතරව කපුටා වලින් තියෙන කතන්දර දහයක් තියෙනවා.

    වෙන්ඩ කතන්දර ගාන නං දැන් එකසිය පනහක්.

    හදිසියේ නොමලොත් තව අවුරුද්දක් දාන්න බඩු හෑව්!

    බ්ලොග් ලියන කියවන සැමට ජයවේවා!

    ReplyDelete
  33. @ගිම්හානි...

    ස්තූතියි නංගි ඒ වගේම මම දකිනවා ඔයත් දැන් හැම තැනම ගිහින් කමෙන්ට් දදා බ්ලොග් වගට සෑහෙන උදව්වක් කරනවා කියලා...

    @මාතලන්...

    ඔව් උඹ කළුයි නේන්නං..හෙහ් හෙහ්...

    "මේ බ්ලොග් ගැන ලියන එක ලේසි වැඩක් නෙවේ..ඒත් ඔහොම හරි කියාගෙන එන්න වෙනවා...ඒ විතරක් නෙවෙයි අපේ බ්ලොග් ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි කට්ටියක් ඉන්නවා..ඒ තමයි මේ දිරි ගන්වන්නෝ...එහෙම අය හුගාක් ඉන්නවා..ඒත් ඒ අතුරිනුත් සුවිශේෂී අය කිහිපදෙනෙක් ඉන්නවා..මං ඒ අයට ගෞරවයක් විදියට ඒ ගැන වෙනමම ලියන්නං..."

    නාඩ හිටිං බොල..මේ තාම මල් බයිසිකල්...

    @bckurera...

    නැතිව ඉතිං කවුරුත් බලාපොරොත්තු විය යුතු දේ තමා ඒක...:D

    @Luckey...

    ඔබ හොඳ ඇත්තක් කියලා තියෙන්නේ...ඇත්තටම කමෙන්ට් ගැන අවධානය අඩු උනා...මං ඉස්සර ඉඳලම පිළීවෙලකට කරගෙන ආපු දෙයක් තමා සෑම කමෙන්ටුවකටම වෙන වෙනමම පිළිතුරු දීම..අද මාත් එක්ක ඉන්න හුග දෙනෙක් එහෙම කතා බහ කරලා සුහද උන අය..ඒ නිසා එහි ඇති වැදගත්කම මම හොදටම දන්නවා..ඒත් ඹබත් දන්නා පරිදි දැන් ඉස්සරට වඩා මට ටිකක් වෙලාව මදි වීමේ ප්‍රශ්නයක් තියෙනවා නෙව..ඉතිං ලැබුන ගමන් කරන්නෙත් කමෙන්ට් වලට උත්තර බදිනවටත් වඩා ඊ ළග ලිපිය ලියන්නයි දගලන්නේ..

    සමා වෙන්ට ඕන..මොනවා කොරන්නද..?ඒ වගේම ස්තූතියි දීර්ඝ කොමෙන්ටුවට...

    @දුකා...

    ඔය ඕනයට කියහං බං ඇහැට පිඹින්නයි කියලා...

    @ඕනයා...

    පිඹහං බං ඔය දුකාගේ ඇහැට...

    @sameera...

    ඊ ළග දවසේ වෙනකොට ඔය බ්ලොග් නොලියන කියන ටයිටලේ හැලුනනං මරු...

    @දුමී...

    අනේ බං...අන්තිමට බොලාගේ බඩජාරිකමටත් මේ අහින්ෂක මං පළි නේද..?ඇහ්...

    බොහොම ස්තූතියි දුමියා...

    @Bindi...

    ස්තූතියි...තව ඉඩස්සරහටත් අපි බලන්නං ඒ දේ කරන්න...

    @ADK කොලුවා...

    හිනා ගියා බං මේක දැකලා..ජොන්ටෙක්..ඒකත් හරි කියමුකෝ..මං හැක් කොරන්ට රංගයගේ බ්ලොග් එක..හික් හික්...ඌට ඇහුනනං පපුව පැලිලා මැරෙනවා...හික් හික්...

    @

    ReplyDelete
  34. @චතුරංග පෙරේරා...

    අනිවාර්යයෙන්ම වෙලාව ලැබුන ගමන්ම කියවන්නං මල්ලි...
    ස්තූතියි ඇවිත් ගියාට...

    @තාරක Dilsh@n...

    372ක්...යකඩෝ පුංචි සින්ඩියක් වගේ ඇතිනේ...උඹලා හින්ද තමයි බං අපි දුවන්නෙත්...ස්තූතියි...

    @කාකා...

    බ්ලොග් රෝලක්නං වැදගත් තමයි..ඒත් මං පුළුවන් තරං බ්ලොග් එකේ බර අඩුවෙන් තියන්නයි උත්සහ කරන්නේ..දන්නවනේ බ්ලොග් එක ලිපිවලින් බර නොකර ගැජට් වලින් බර කලාම වෙන්නේ මොකක්ද කියලා..ඒත් මේ දේ කරන්නම ඒන කියලා හිතුන දෙයක් හින්දා ඒක කලා...

    ඔය කෝච්චියේ යන පැය දෙක කිව්වහමත් මට කාරනාවක් මතක් උනා..බලමු ඉස්සරහට ඒ ගැන ලියන්න.ස්තූතියි..

    ReplyDelete
  35. උඹල දෙන සප් එකට තැන්ක් යු වෙවා!

    ReplyDelete
  36. බොහොම ස්තුතියි මාරයියේ.... ලියන්න පටන් අරන් වැඩි දවසක් නෑ... ඔන්න එහෙනම් මාත් දැම්මා

    http://mamaiarui.blogspot.com/2011/06/blog-post.html

    ReplyDelete
  37. මං මේ ලෝකෙට අලුත් යකෙක්.. තාම වැටි වැටී දන ගානවා. එත් එහෙමත් බ්ලොගක් කරගෙන යන්න ජෝබත් එක්ක වෙලාවක් හොයාගන්න මාරුයි. වෙලාව තියෙනකොට කලාව එන්නෙත් නැහැ.. මොන ගොන් කමකට බ්ලොගක් පටන්ගත්තද ලියන්න බැරි එකා කියල හිතෙන්නේ මේ වගේ බ්ලොග් කියවන්න ගත්තමයි..කියවන්න තියෙන බ්ලොග් සංක්‍යාව ඉහල යනවා.. මේකත් තාම කියවල ඉවර නැහැනේද කියල හිතෙනවා.. රස්සාවෙන් නිවාඩු සතියක් විතර ගත්තොත් ..

    ReplyDelete
  38. මොකද කියන්නේ...කියන්න වචන නෑ මාරයියා...මන් බ්ලොග් ලියන්න හේතුවත් ඔයාමනේ....මතකද ඇහුවා..."ඇයි ඔයා බ්ලොග් එකක් පටන්ගන්නේ නැත්තේ" කියල.....ඉතින් එහෙම කියපු අයියේ ඔයා මන් බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉදන් මට ගොඩක් දේවල් කියල දුන්නා.....ඒකට ගොඩක් පින්.....ඒ වගේම අලුත් අයට දිරියක් වෙන්න පටන් ගත්ත වැඩෙත් බොහොම අපුරුයි.....මන් වෙනුවෙන් කරමු හැමදේකටම ගොඩක් ස්තුතියි කියලත් කියනවා................

    ReplyDelete
  39. අපූරු ලිපියක් සහෝ... විශේෂයෙන්ම දුකා ගැන කියපු ටික. මටත් දුකාව දැනෙන්නේ ඔය විදිහටම තමයි මයෙ හිතේ... දේශපාලන ලිපියකට කමෙන්ටුවක් දාන්න ගිහාම මට නම් ඔහොම ප්‍රශ්ණයක් වෙලා නෑ. මට වෙලා නෑ. වෙන එකකුත් නෑ මයෙ හිතේ... වුනොත් වෙන්නේ මං ලියන්න හිතපු දේ දුකා කලින්ම ලියලා තියෙන එක තමයි.

    ReplyDelete
  40. අලුතින් බ්ලොග් ලියන අපට මාරයියා ලොකු හෙල්ප් එකක් දීලා තියෙන්නේ. මම මාරම ආශාවක් තිබ්බා මාරෙ අයියගෙන් කමෙන්ට් එකක් මගේ බ්ලොග් පෝස්ට් එකකට ගන්න. ඒ ආශාවත් මගේ හීන ගැන ලියපු ලිපියෙන් ඉටු උනා.

    ReplyDelete