16 June 2011

හදවතේ හිස්තැනට...

නුඹ නැති අඩුව මට දැනුනා මිතුර අද...
යළි එක් දිනක් හෝ එනු මැන මෙදුක සිඳ...
වෙන්වී ටික කලක් ගෙවුනත් අප දෙදෙන..
අදටත් එදා වාගෙම නුඹ මතක ඇත..

පෙරදී හමු වෙලා සැම දිනකම වාගේ..
නුඹ මා සනසවා දුක නිවුවා මාගේ..
අද නුඹ නැතිව මගේ හදවත හිස් වාගේ..
නුඹ යළි දකින්නට මට පිහිටද කාගේ..

පාළුව දුරු කරන්නට පෙර දිනෙහි ළග..
හිටියා නොවෙද නුඹ මාගේ තුරුලෙ රැඳ..
ගිනි ගත් සිතේ ගිනි දළු නුඹ නිවා සොඳ..
මට දුන් සහන සිතිවිලි තව මතක ඇත..

ගන්නට නුඹව මා අසලට යළි කැන්දා..
ආසා උනත් ඒකත් වෙන් නැති හින්දා..
ඒ ඉඩ පුරවන්න කවුරුත් නැති හින්දා..
තාමත් අසරණයි මා ඉමි දුක රන්ඳා..

සවසට අවර දිග අහසේ හිරු මියැදී..
යන විට එදෙස බලමින් මම යළී හඩමී..
නුඹ නැති අඩුව සිහිනෙන් මෙන් හද දවතී..
ඒ මුත් යළිත් නුඹ හට එන්නට නොහැකී...

පෙරදා මෙන්ම අදටත් තොටුපල අයිනේ..
හිඳිමින් ගයයි වික්ටරයන් ගී පෙරසේ..
ඒ මුත් ගයන ඒ ගීතයෙ රස පෙර සේ..
විඳිනට නොහැක නුඹ නැතිවම මට සිතුසේ..

ඇයගෙන් මිදුන සිත රැඳි පාළුව මකලා..
ඒ හිස් තැනට නුඹ ඇවිඳින් දුක නිවලා..
දුන් මට නව ලොවක් ඉන්නට නුඹ මවලා..
අද නුඹ නැතිව ඒ හිස්කම යළි මැවිලා..

නුඹගේ නමින් වෙන් වී තිබු තැන මහදේ..
දෙන්නට කෙනෙක් මෙතුවක් සෙව්වෙමි නිබ‍ඳේ..
දැන් කළු වලා පහවී ගොස් හිස් අහසේ..
නැවතත් ඉරක් පායයිදෝ මා සිතුසේ...

26 comments:

  1. ගන්නට ඔබේ තිබෙනා පාළුව සින්දා
    එපා ගන්න ඒ මිතුරා යළි කැන්දා
    ඉන්නේ කුමට ආයාසෙන් දුක රන්දා
    ගෙනෙමුකො ළඳක් ඔබෙ මනමාළිය කරලා


    පලි:
    "දැන් කළු වලා පහවී ගොස් හිස් අහසේ.."
    "නැවතත් ඉරක් පායයිදෝ මා සිතුසේ..."
    ඔය පද දෙකේ මහා ගුප්ත ගතියක් මට දැනෙනවා ;)

    ReplyDelete
  2. මිතුරෙක් නැති උන එකේ දුක මටත් දැනිලා තියෙනවා. මාත් එක්කම හිටිය හොද යාලුවෙක් නැති උනා.

    මාරයා අයියගේ කවි ටික සුපිරි.

    ReplyDelete
  3. මොකක් නමුත් හොඳ දෙයක් වේගෙන එනවා වගේ...

    ReplyDelete
  4. හපොයි හපොයි ඒ මිතුරා නම් නැති එකමයි කාරිය....
    ඔය ඕනෑ තරම් වෙන යාලුවෝ ඉන්නේ බොට...!!!

    ReplyDelete
  5. ඔය ගිනි වතුර යාලුවා නම් නැති තරමට හොඳා.

    ReplyDelete
  6. මම දන්නවා එන්නේ කුමකටද කියා.....
    ඒ යාළුවා නැතිකම ඇත්තටම හොඳා.....
    දහවල් වරුවේ තනියට ඉන්නා ළමයා.....
    ලඟදිම තනිකමත් පන්නාවිද මන්දා.....

    ඒ පොඩි දැරිවි ගුණ යහපත් යැයි කීවේ.....
    තනිකම ගැන ගොඩක් කවි මේ ටිකෙ ලීවේ....
    කෙහෙල් පැලේටද මූ හිස හැරෙව්වේ........
    ඕනයො වරෙන් මම වැරදිද කියන්නේ.......

    ReplyDelete
  7. ඔයාට දැන් ඔනෙ අය්යෙ මිතුරියක්... දුක සෑප බෙදාගන්න.
    ලග ඉන්න .ඔයාව බලාගන්න.

    ReplyDelete
  8. ශූන්‍යතාවය තමයි සත්‍යය. ඉතින් ඒ හිස්කම පිළිගන්නවා හැර වෙන දේ වලින් වසන්න යන එක තමයි අපි හැමෝගෙම වැ‍රැද්ද.
    මැණික්

    ReplyDelete
  9. මේ ලියා ඇත්තේ හොඳ ඉන්ටර්නෙට් සම්බන්ධයක් ගැන . සින්දු අහන්න ..පුරුදු විදියට ලියන්න දැන් බැරි සම්බන්ධතාවය හොඳ නැති නිසා. හරි නේද

    ReplyDelete
  10. මාරයාගේ දුක නිවීම සදහා රහමෙර වෙනුවට විකල්පයක් අවශ්‍යව ඇත.

    ReplyDelete
  11. තනිකම කිය කියා මේ මග "මරුවා" . .. .
    හැරෙන්නෙ කුමට දැයි මා හොඳ හැටි සිතුවා . . . .
    ඉදිරියෙ නාකියෙක් මද කිපිලා සිටිනා . . . .
    අද අසරනයි අභියෝ මේ කෙලි පැටියා .. .. .

    වලඳා සුදු ලූනු හොඳ හැටි ගිතෙලෙන් තම්බා . . . .
    මෝරා තෙල් මන්ද ඇඟ අත පය පුම්බා . . . .
    ඉදිරියෙ තිරිහනට තතනන කෙලතොල්ලා . . . .
    අද අසරනයි අභියෝ මේ කෙලි පැටියා .. .. .

    ReplyDelete
  12. මාරයියා ගොඩ යන්නයි හදන්නේ
    ගෝලයාට අබ සරනයි බොලන්නේ
    ගෝලයෙක් කියල හෙවුවත් යකුන්නේ
    මාරය බාරි හොයාගෙනය තියෙන්නේ

    ReplyDelete
  13. ඔය කියන මිතුරා නැති එකම ගොඩක් හොදයි...........

    ReplyDelete
  14. බි පෙ සි... මේකෙ මහා ගුප්ත ගතියක් නම් තියනව තමයි... සන්දුක්කේ... :)

    ReplyDelete
  15. හැරගිය දුක ඇය නුඹව කාලා
    ඉන්නට බැරිම නම් ඉවසාලා
    ළඳක් ලෙස ඇති හැඩ දාලා
    බීපිය නහින තුරු කොකා කෝලා

    ReplyDelete
  16. අර යටලීයේ නාරිලතා ........... නෑ එක්කෝ නොකියාම ඉන්නම්.

    හික් හික්

    ReplyDelete
  17. මට මේ ලිපියෙන් දැනුන දේ තමයි උඩ කමෙන්ට් එකේ තියෙන්නේ... ඒත් කමෙන්ට් වලින් දැනුන දේ තමයි දැන් ලියන්න හදන්නේ.....

    අර ගෑණු ලමයට බැල්ම දාලා ඒ වැඩේ සිද්ධ වුනාට පස්සේ මූ ඒකටත් වැරැද්ද දාන්නේ අපිටමයි... චතූශ මල්ලිගේ වචනවලින්ම කියනවානම් මෙන්න මෙහෙමයි...

    "යකෝ.. මම ඒ කෙල්ලගෙන් රාජකාරි වැඩ විතරක් අරගෙන පාඩුවේ පැත්තකට වෙලා හිටියා... තොපි තමයි මගේ බ්ලොග් එකේ අනන්මනන් කමෙන්ට් දාලා මගේ හිත ඒ පැත්තට නැඹුරු කලේ..."

    මාරයා මල්ලී... ඔන්න මේ බයිලානම් අපිට කියන්න එන්න එපා....

    ReplyDelete
  18. අභියගෙ කොමෙන්‍ටුවට මගෙං එක. . . . . . කතාව ෆට්ට ෆල් ඇත්ත . . . .

    ReplyDelete
  19. එක එක විදියට හිතන්න පුලුවන් කවි සෙට් එකක්නෙ ....
    මට නම් අඤ්ඤකොරොස් ........

    ReplyDelete
  20. අනේ වාසනවන්......අභියා හූන කියන්න වගේ අනාවැකියක් දොඩල තියෙන්නේ ඔය....

    ReplyDelete
  21. මාරයා තමයි මාරයා ! .. අපිත් බලාන ඉන්නේ .. රටම බලාන ඉන්නේ .එලම කිරි

    ReplyDelete
  22. මං ඒත් කල්පනා කරා ඇයි කාර්යාල වැඩට ගෑණු ළමයෙක්ම හෙව්වෙ, කීප දෙනෙක්ම ආවට හොඳ එක්කෙනෙක් හම්බුණේ නෑ කිව්වෙ..... :P

    ReplyDelete
  23. ඕනය කියන්නේ ඌට කවි ලියන්නම බහ කියල..අදත් මගේ බ්ලොගේ එහෙම ලියු එකා මේ හොඳට එලිසමයත් දල කවි ලිවුවේ කොහොමද ? මාරයාගේ මාර කවි ඕනය වගේ ඕන්නැති එකෙකුත් කවියෙක් කළා වගේ මට පෙනෙන්නේ !

    ReplyDelete
  24. ශා.... ලස්සනයි මාරයෝ...

    ReplyDelete
  25. මාරයා මල්ලි උඹට ලෙඩක් දැම්මොත්, ඔය කේන්දර එහෙම බලාගන්න කොළඹ පැත්තෙ ඉඳන් ත්‍රී වීල් වල එහෙම එන යාලුවොම තමා, වෙනින් කව්රුවත් නෙමේ ඕන්......

    ReplyDelete