19 June 2011

හේතුවක් නැති උනත්..ඒ මලට මං ලැදියි...

උඹත් එක මලක් විතරයි..
පිපි වැනෙන මල් ගොමුවේ..
නැවත නැවත හැරී බලා..
ඇයි මම නුඹ හා බැඳුනේ..

පොහොට්ටුවක් වගේ නුඹත්..
ඊයේ සිටියා මතකයි..
අද දින විකසිත වූ මුත්..
එහි වෙනසක් නෑ දැනුනේ...

පාටත් එක වාගේමයි..
සුව‍‍ඳෙත් නැහැ කිසි වෙනසක්..
නටුව දිගයි කොළ පැතළියි..
ඒ මුත් කටු හරිම විසයි...

නුඹ පමණක් නෙලා ගන්න..
තිබුණේ නැහැ මට කරුණක්..
ඒ මුත් නුඹ නෙලා ගන්න..
සිතුනේ ඇයි මට කියපන්...

36 comments:

  1. අර යාළුවත් නැතුවම කවි ලියවෙනවා කියන්නේ ළඟදිම වෙඩිමක් සෙට් වෙන පාටයි! :D

    ReplyDelete
  2. හක් හක් අර අහසටයි පොලවටයි මොනවද කරගෙන ජූලි 4 වෙනිදා එන්නෙ මාරයගෙ මගුලද දන්නෑ...

    ReplyDelete
  3. ඉඳලා හිටලා තමයි මාරෙ මලක නැත්තෙ කිසි සුවඳක්
    මට පෙනෙනා ව්දිහට බං උඹ නම් රන් සමණළයෙක්
    නටුවෙ කටුලු රෝස මලෙත් වන බමරට කොහෙද වගක්
    නියඟලා මල් නෙවේම නම් උඹට ඕන කෙහෙල් මලක්

    ReplyDelete
  4. මල් ගොමුවක ඇවිද යද්දි
    නුඹ හමු උනේ අහම්බයෙන්
    හිතුවේ නෑ මං ඒ මොහොතෙදි
    නුඹේ සුවද රැදේවියි හදේ..

    නෙලා ගන්නද නොගන්ද
    මගේ හිත අහයි මගෙන්
    දැක නුඹේ නටු අග විස කටු
    මගේ හිත හඩයි හොරෙන්..

    ReplyDelete
  5. අනේ මලේ නටු අඟ කටු තියන මල් ලස්සන වුනාට හරිම විසයි. බලාගෙන කොල්ලෝ, පරිස්සමින් කොරන දෙයක්.

    ReplyDelete
  6. බලා සිටියා හොදටම ඇති
    තවනම් එපා කල් ගන්නට
    මෙ'මලත් මුකුලුත වන්නට පෙර
    නෙලා ගත්තොත් හොදා නේද????????

    ඇත්තට කිව්ව එකක්නම් අනේ වාසනාවන්. :)
    මේ ඇත්තටම නේ?

    ReplyDelete
  7. මාරයියාට කැල්ලක සෙට් වී ඇති සෙයකි?

    ReplyDelete
  8. මලක ලස්සන හා පැවැත්ම එය ගසෙහි තිබෙන තෙක් පමණි!

    ReplyDelete
  9. අහේතුවට ලැදි වුණු මලක්ද? :D
    ඉන්දික කිව්වත් වගේ මල ලස්සන ගහේ තියෙනකම් විතරයි.

    ReplyDelete
  10. පිපී දිලෙන මල් ගොමුවේ
    ආපසු ඒ දෙස බලන්න
    කිසි වෙනසක් තිබුන්නැද්ද
    කවි පබැඳුම් ගොතා ලන්න

    පාට සුවඳ එක උනාට
    මල හරි හැටි අඳුර ගන්න
    පුලුවන් උන එකම මදිද
    සිත බැඳුනේ නෙලා ගන්න

    ReplyDelete
  11. ම්ම්ම්ම්..... මාරේ.....

    ReplyDelete
  12. කාලේ අළුත්...තාලෙ වෙනස්....... සැබෑවටම....

    ReplyDelete
  13. මල නෙලාගන්න කලින් හොඳට හොයල බලන්න අන්සතු මලක්ද කියලා...
    නැත්නම් මල ඡුලියයි...
    ඊටපස්සෙ විරහ කවි කිය කියා අපිවත් අඬවන්නෙ නැතුව...

    ReplyDelete
  14. සුවඳ ඇත්නම් හිතේ හැටියට

    සිතත් බැඳුණි ද මලේ පාටට

    දෙතොත් අවසර මලත් නුඹ හට

    නෙලාගත යුතු නොදා කල් හෙට

    කුමට බිය වනු රෝස මලකට

    ඇතැයි වස විස මලේ කටු වට

    අහම්බෙන් වත් ඇනුණු කටුවට

    කෙනෙක් මැරුණයි ....

    .......ඇසී නැහැ මට

    ReplyDelete
  15. මරු මරු කටුවකට බයේ ආදරේ හංගන්න එපා,අපි කේක් කමු :D

    ReplyDelete
  16. මල බලන්ඩ ගිහින් වගේ. සද්දයක් නැත්තෙ?

    ReplyDelete
  17. උඹට කවියකින් උත්තරයක් දෙන්ඩ ආසයි... ඒත් ඒක කොරන්ඩ ගියොත් අපිටත් පිස්සු හැදෙනවා....

    ReplyDelete
  18. thawa wedimak..ane manda ape wayasaka unclelata yana kala dannam terum gannama ba..:P

    ReplyDelete
  19. මාරේ අයියට ඊතල පාරක් වැදිලා වාගේ .. අපිටත් කාඩ් එකක් එවන්න . වෙඩිං කේක් කෑල්ලක් කන්න මටත් ආසාවේ බෑ ..

    ReplyDelete
  20. මේ වගේ කීප සැරයක්ම මම රැවටුනා,,,ඒක හින්දා මම හිතන්නේ නෑ එහෙම දෙයක් කියලා

    ReplyDelete
  21. මේ මොන වෙඩිමක්ද බොලේ මේ.... :O

    ReplyDelete
  22. ටික ටික පනිනවා බළලා මල්ලෙන් එළියට.... :D


    කමෝන් මාර්ස් .......:D

    ReplyDelete
  23. මාර දුතිකාවක් ද?

    ReplyDelete
  24. ඕව හොරෙන් එහෙම බෑ. මේ අපිටත් කාඩ් එකක් එවහං.

    ReplyDelete
  25. කොහොමින් කොහොම හරි මාරයියාට හොදක් වෙනවානම් එච්චරයි!!!!

    ReplyDelete
  26. ආ... මාරයියගෙන් සුභ ආරංචියක පෙරනිමිති වගේ...!!
    ජයෙන් ජය..

    මල ලස්සන බව සැබෑය
    නටුවේ කටු ඇන නොමනාය
    යහමින් දැන කරුනු කාරණාය
    පරෙස්සමට නෙලා ගන්නේය

    ReplyDelete
  27. පොහොට්‍ටුවක් වගේ නුඹත්
    ඊයේ සිටියා මතකයි
    අද දින විකසිත වූ මුත්......

    මූ බාල අපරාදයක්වත් කරන්න යනවද ????

    ReplyDelete
  28. හා හා....අපිටත් ලගදීම කේක් කැල්ලක් කන්න පුළුවන් වෙයි වගේ...නිකම් කේක් නෙමේ..............

    ReplyDelete
  29. ගොඩ ගොඩ මාරයා ගොඩ,

    ReplyDelete
  30. eda kiwwa wage adath kiyanna thiyenne mage suba pathum kiyala thamai ayye :D :D

    (mama miss call dunna policiya :p)

    ReplyDelete
  31. පොහොට්ටුවක් වගේ ඊයෙ හිටිය
    අද ලොකු ගෑනියක් වගේ පෙනුනනට
    මං තාමත් හිච්චි කෙල්ලෙකි අයියෙ
    හදවතින්


    බැලුවට කම් නැත
    නෙලාගන්නට හිතුනට කම් නැත
    කිට්ටු වෙන්නට නම් එපා අයියෙ
    ටිකක් ඉඩ දියන් මට වටපිට බලන්න

    ReplyDelete
  32. "හේතුවක් නැති උනත්..ඒ මලට මං ලැදියි..." මොනව උනත් ජයවේවා..!!

    ReplyDelete
  33. මමනම් මේ ගැන කිසිම දෙයක් කියන්නේ නෑ... ඕනයා උඹ කියන්නත් එපා... රංගයෝ උඹත් කට වහගෙනම හිටපන්...

    ReplyDelete
  34. අභියා . .. . මොකුත්ම කියන්නෙ නෑ බං . . . . මම මේ දවස්වල හොයනව ඔය බලලව දාපු මල්ලෙ කට ගැටගහපු එකාව . . . . හොඳවෑං දෙකක් කතා කරන්න

    ReplyDelete