22 June 2011

මරණයේ නොකිය උන පැත්ත...අවසන් ලිපි දෙක...

මාතෘකාව දැකලා ලොකු බලාපොරොත්තුවක් ඇති කර ගන්න එපා මේකේ මහා දෙයක් තියෙයි කියලා...

මේක බොහෝම කෙටි සටහනක්..ඇත්තටම කිව්වොත් කලින් ලියපු අද්භුත මරණයට හේතුවක් හෝ ඒ ගැන එතැනින් එහාට කිසිවක් සටහන් නොවීම කීප දෙනෙකුට ගැටළුවක් උනානේ..ඇත්ත ඒක එහෙම නවත්තන්න උනෙත් මේ වගේ මරණයකදී රට්ටු කොයි තරං කතා කියනවද කියන එක ඔබටම තේරුං ගන්නයි..ඒත් ඇත්තටම සිදු උන කතාවෙදි ඉතිරියත් දැන ගන්න ඕබට අයිතියක් තියෙනවා කියලා මං හිතන හින්දා ඒ ඉතිරි ඩිංග මෙහෙම ලියන්නං...

පාන්දර කළුවරේම මරණයට පත් වූ පුද්ගලයා හඳුනා ගන්න ලැබුනා...ඒ තමයි ඒසී සමන් කුමාර...අම්පාරේ ඉඳලා ආව බල ඝණයේ හිටිය වයස්ගතම සෙබළා..බොහෝම නිවිච්ච හාදයා...අහිංසක මනුස්සයා..කාටවත් වචනයකින්වත් වරදක් නොතිබුන කෙනා...මං මෙහෙම කියාගෙන යනකොට කට්ටියට හිතෙයි මං මේ අවමංගල සභාවේ කතාවක් කරනවාද කියලත්..මොකද අපේ ඉතිං කවුරු මලත් ඔය ටික කියන එකනේ පුරුද්ද..කොයි තරං වැරදි කල කෙනා උනත් එදාට සත්ගුණවත්..ඒකේ වරදක් නැහැ..මොකද මැරිච්ච මිනිස්සුන්ට අවමන් නොකරන්න අපේ සමාජය විසින් අපිව පුහුණු කරලා තියෙන හින්දා...

ඒත් ඇත්තම තත්වයනං අවමංගල සභාවේ වර්ණනාව යන අතරේ පිටි පස්සේ අහගෙන ඉන්න මිනිස්සු හිනා වෙන එක...සමහර විට මිනියටත් හිනා යන්න ඇහැකි ඒ කියන ඒවා අහං ඉඳලා..ඒ තරමට වනනවා වැනිල්ලක් අපේ කට්ටිය..

අහල තියෙනවද අර මයිකල් පීරීස් කියන

"ගුණ ගී වරුසා..පැසසුම් ඝෝෂා...රැව් දෙන්නේ මරණින් පස්සේ..
කී දොස් නැවතී..එතුවක් පැවතී..හොඳ මතු වේ මරණින් පස්සේ.."

කියන ගීතය...සමහර විට අහලා ඇති..හුගක් අයනං අහලා නැතිව ඇති..ටිකක් හොයලා අහලා බලන්න...තමන්ගේ මරණ ගේදර තත්වයත් හිතේ මවාගෙනම අහලා බලන්න..යම් තරමක දෙයක් ඕබටත් දැනේවී...

හොඳයි මං අර වගේ වචන වලින් වනාගෙන ගියාට කිසි වරදක් නැහැ..මොකද ඒක ලෝක චාරිත්තරේ හින්දා නෙවෙයි..ඇත්තටම ඔය කිව්ව වචන වලට ඒසී සමන් කුමාරට අයිතියක් හැබෑවටම තිබුණ හින්දා...

අවසානයේදී දන්වන්න ඕන තැන්වලට දන්වලා..ඒ තැන් වලින්තු ඇවිදින් පරීක්ෂා කරලා..ඒත් මිනිය බෑවේ දවල් වෙලා..අධීකරණ නිලධාරීන්..වෛද්‍යය නිලධාරීන් සිවිල් පොලිසිය එහෙම ආවට පස්සේ තමා ඒ කටයුතු සිද්ධ උනේ..

සමන් කුමාර එල්ලිලා මැරිලා තිබුනේ ඔහුගේම ඇඳ ඇතිරිල්ලෙන් හදා ගත්ත තොණ්ඩුවක් භාවිතා කරලා...මරණ පරීක්ෂණයෙන් කිය උනෙත් මේක සිය දිවි හානි කර ගැනීමක් කියලයි...ඒකට තවත් හේතුවක් තිබුනා..ඒ තමයි මැරෙන වෙලාවේ ඇඳගෙන හිටිය කොට කලිසමේ සාක්කු දෙකේ තිබුන ඔහු විසින්ම ලියපු ලිපි දෙක...

ඒක ලියලා තිබුනේ එදා රෑම තමා..ඒසී සමන් කුමාර නිදියන තැන මට පේන විදියට නෙවෙයි තිබුනේ..මොකද බිලටි එක කෙරවලේ තට්ටු ඇඳන් හතරක් දාන්න පුළුවන් කෙරවලේම ‍වූ බිත්තියකින් ආවරණය වූ කොටසේ තමයි ඔහු ඇතුළු සීනියර් සෙබළු ටික හිටියේ...එතන හිටිය එක සෙබළෙක් සාක්කි දුන්නා..අනිත්මට ඔහු නින්දට යද්දිත් සමන් කුමාර ඉටි පන්දමකුත් පත්තු කරගෙන ලිපියක් ලිය ලිය හිටි වග..කොහොමටත් ඔහුට අනිත් අයගේ තිබුණ ගෞරවය හින්දාම ඔහුගෙන් කවුරුවත් වැඩිය ප්‍රශ්න කරන්න යන්නේ නැහැ...ඉතිං ඔහු එදා රාත්‍රියේ මාත් එක්ක අවසන් වතාවට කතා කරලා..ගිහින් තමන්ගේ පාඩුවේ ලිපියක් ලිව්වා..එච්චරයි අපි දන්නේ....

දැන් ගැටළුව ඒ ලිපි දෙක නේද..?

ඔව් එයින් එකක් ඔහු සිය මෑණීයන්ට ලියලා තිබුනේ..අනිත් එක අට අවුරුද්දක් තිස්සේ ඔහු සමඟ ආදරෙන් බැඳිලා හිටිය ගමේ හිටිය පෙම්වතියට ලියලා තිබුනේ...ඒත් ඒවායේ ඔහු මැරෙන වගක් ලියලා නොතිබුණ බවත්..ඔහුට සමා වෙන්න පමණක් කියා ලියා තිබුණ බවත් සඳහන්..මොකද ඇත්තටම ඒ ලිපි මටවත් අපේ සගයෙකුටවත් කියවන්න හම්බ උනේ නැහැ...

අපේ බල ඝණය භාර සාජන් වරයා..ඔහුත් සමන් කුමාර කෙනෙක්..ඔහු තමා අපිට කිව්වේ..

"ඒ ලියුංවල දෙයක් නැහැ බං...උගේ කෙල්ලට වෙන කාව හරි බැඳලා සතුටෙන් ඉන්න කියලයි..මෙච්චර කාලයක් ලව් කරලත් බඳින්න බැරි වෙච්ච එකට සමා වෙන්න කියලයි..ඔන්න ඔහොම විකාර වගයක් බං.."

ඔන්න ඔහොමයි ඒ ලිපි ගැන කතාව නිම උනේ..පස්සේ දැන ගත්ත හැටැයට ප්‍රේම සම්බන්ධයේ කියන්න තරං අවුලක් තිබිලත් නැහැ..ඒත් ආර්ථීක අපහසුකම් සහ පවුලේ බර හින්දා මේ දෙන්නගේ කසාදේ දවසින් දවස පරක්කු උන කතාවක්නං කියඋනා..ඒ හැර වෙන දෙයක් නැහැ...

ඉතිං...ඒච්චරයි...මේක මෙලෝ රහක් ඇති කතාවක් නෙවෙයි...
ඒත් මේකත් එක කතාවක්...

31 comments:

  1. මොන මංගල්ලයක්ද.. ඌට පික්සුවක් ඇතැ මෙරෙන්න ?
    පෙට්ටි දෙකයි.. මිනී 3 යි .. මල් වඩම් අනවශ්‍යයි..!

    ReplyDelete
  2. අමුතුයි... උගේ මරනෙට හේතුව දන්නෙ එකයි ඒත් සමන් කුමාර එක්කම ඌත් මලා ඉතින් ඔය මරනෙට හේතුව කාටවත් හොයාගන්න බැරිවෙයි....

    ReplyDelete
  3. ඌ මැරෙන්න හේතුව ඌම විතරයි දන්නෙ බලන් ගියාම....

    ReplyDelete
  4. අපි නොදැන හිටියට ඒ මනුස්සයාට මොන මොන ප්‍රශ්න තිබුනද කියලා කවුද දන්නේ ?

    මොනවා හරි රහසක් තිබුනා නම් ඒ රහස ඒ මිනිහත් එක්කම වැලලිලා ගියා..

    අයියා දන්නවද අපේ ගමේ සමන් කුමාරලා වැහි වැහලා .මම දන්න සමන් කුමාරලාම ඉන්න 4 දෙනෙක් ...

    ReplyDelete
  5. අනේ මන්දා.......

    ReplyDelete
  6. මිනිහ ෆ්‍රන්ට් එකේ හෙම ඉදල තියෙනවද?
    එහෙමනම් මේ වගේ කෙස් එකක් වෙන්න පුලුවන්.

    http://www.lankaweb.com/news/items/2010/04/19/shell-shock-to-palaly-syndrome/

    http://www.lankaweb.com/news/items/2010/04/18/ptsd-sri-lankan-experience/

    http://www.lankaweb.com/news/items/category/dr-ruwan-m-jayatunge-m-d/

    හමුදා නිලදරීන්ට මුහුණ පාන්නට වන මානසික තත්ත්ව ගැන ලිපි පෙළක් මෙහි අඩංගුය.

    ReplyDelete
  7. නැහැ ඇනෝ ෆ්‍රන්ට් ලයින් යන්න වෙනවා තියා ට්‍රේඩ් ට්‍රේනින් එකවත් කම්ප්ලීට් නැහැ..කොහොමත් කාපෙන්ටර්ලා ෆ්‍රන්ට් එකට යවන්නේ නැහැ..ඒ හින්දා ඔය වගේ තත්වයන් අඳාළ වෙන්නේ නැහැ.

    ReplyDelete
  8. http://www.lankaweb.com/news/items/2011/03/31/%E0%B6%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A-%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA-%E0%B7%84%E0%B7%8F-%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%AF%E0%B7%94/

    තවත් හොද ලිපියකි. මෙවැනි දේ ගැන කතා නොකිරීම හමුදා නිලදාරීන්ට කරන අසාධාරණයකි.

    ReplyDelete
  9. ඉහත ලිපි ගැන, හිටපු හමුදා නිලදාරියකු ලෙස මම ඔබේ අදහස් විශේශේය්න්ම බලාපොරොතු වෙමි. එසේම එය අන් සියලු දෙනාටමත් විවුර්තයි.

    ReplyDelete
  10. මට නම් හිතෙන්නෙ මාරයා එදා සමන් කුමාර එක්ක හරියට කතා වෙලාව අරගෙන කතා කරා නම් ඔය දේ වෙන්නෙ නැහැ .....

    ReplyDelete
  11. ඔය ඉදිරිපත් කර ඇති ලිපි ගැන මගේ අදහස් කිහිපයක්ම ඇත..ඒ මා ඔය ලිපි ලියනු ලැබූ අය ගැන හරියාකාරව නොදන්නා බිවිනි..මන්ද පසුගිය කාලයේ ඔය වැනිම ලිපි මාලාවක් ඕස්සේ හමුදා සෙබළුන්ගේ මානසික තත්වය පහත හෙලීමට දැරූ උත්සහයක් මා හට යම් තාවකාලික රාජකාරියක් නිසා දැක ගන්නට ලැබුනි බැවිනි.

    යුද්දය යනු විනෝද කෙලියක් නොවන බව නොදන්නා එකෙකු නැත...එසේම යුද්ධයේ ප්‍රතිඵලවල අමඅහිරි බවත් බියකරු බවත් අඩුවක් නැතිවම ඇත.ඔබ ඔය පෙන්වා දුන් ලිපිවලට වඩා ඇතැම් දේ දරුණුවට තිබුණි...

    කිසිසේත්ම යුද්ධයකට අවස්ථෘවක් නොදිය හැකි මට්ටමකට රකට ආරක්ෂාව තරකොට තැබීමටත්..එවැනි තත්වයකට යන්නට සාමානය ජනයාට ‍අවස්ථාවක් නොවන ලෙස කටයුතු කිරීමත් වැදගත්ය..එහෙත් සමහර තැන් වලදී අපට යුද්ධය මග හැර යා නොහැක. පසු ගිය කාලයේදී අවසන් වූ යුද්ධයත් එවැනි යුද්ධයකි.

    දැන් යුද්ධය අවසන් වූවා කියා එයට මුහුණ දුන් අයගේ මානසික අවුල ලිහී ඇතැයි අනුමාන කිරීම යුතු නැත.එවැනි තත්වයකදී ඔබ ඉදිරිපත් කල ලිපි වල ඇති කරුණු බැහැර කල නොහික..එහෙත් මෙම කරුණු එළි දැක්වීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ කුමක්ද..?

    සැබවින්ම යුද්ධයෙන් හානි වූ මනස්වලට යම් සහනයක් ලබා දීමටද..නොඑසේනම් ඒ සඳහා අනෙකුත් අය මෙහෙයවීමද..? නොඑසේනම් යුද්ධයට සහභාගී වී හිත අවුල් කර නොගත් සෙබළුන්ගේ හිත්ද නැවත නැවතත් එයම මතක් කර දී බිඳුවීමද..? නොඑසේනම් වාර්ථාකරණයක් හරහා... තම අත්දැකීමක් බෙදා ගැනීමක් පමණක්ද..නැතහොත් ඒ මලින් ආදායමක් ඉපයීමද..මන්ද යත් මෙවැනි කතාවලට මිලක් නියම කරවා ගැනීම අපහසු නොවන හෙයිනි..

    එවැනි කල්පනාවන් රාශියක් හිතේ හට ගන්නා හෙයින් එක් වරම මගේ අදහස මෙයයැයි කියන්නට ඉස්සර වීමට මට හැකියාවක් නැත..අනිත් කාරණය ඔබ මේ කරුණු ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තුවන්නේ කුමක්දැයි යන්නවත් මා හරියාකාරව නොදන්නා නිසාවෙනි...වරදවා වටහා නොගන්න..සමහර විට මෙම ඉදිරිපත් කල ලිපිවල යම් සම්බන්ධයක් ඔබට ඇතිවා වෙන්නට පුළුවන..එසේත් නැතිනම් ඔබටත් මෙහි අගක් මුලක් නොතේරෙනවා හෝ..මේ ගැන අදහසක් නැති වෙන්නට පුළුවන...

    එසේත් නැතිනම් වෙනත් කුමන හෝ අරමුණක් ඇතිවා හෝ..අන් අය සමග තමා කියවූ දෙයක් බෙදා හදා ගැනීමට ගන්නා උත්සහයක් විය හැකිය..

    ඒ කෝක වූවත් එවන් ගැටළු රාශියක් මැදදී..එක් විටම ලිපියේ ඇති දේ ගැන මා සිතනා දේ කියන්නට පමණක් මා ඉක්මන් විය යුතුයැයි මා සිතන්නේ නැත...

    ReplyDelete
  12. පන්සල් හන්දිය...

    සමහර විට එහෙම වෙන්නත් තිබුනා..ඒත් ඒ ගැන හරියටම කියන්න බැහැ..මොකද වෙලාව ආවනං මට ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ..අනික ඒ කාලේ වෙනකොට ඔහුට උපදේසයක් දෙන්න තරං මං ලොක්කෙක් නෙවෙයි..ඊටත් වඩා කවුද හිතන්නේ ඔහොම දෙයක් වෙයි කියලා..මෙහෙම දෙයක් උනානං කල්හාර හිතනවද කල්හාර උනත් පස්සෙන් එළවාගෙන යයි කියලා කර උඩටම වැඩ හිර වෙලා ඉන්න වෙලාවක..?

    අනික පට්ට නිදිමත ඔළුවට ගහගෙන එන වෙලාවක...අඩුම ගානේ මම ඒ කිව්ව කතා ටික විහිළුවකට ගත්තේ නැතිව අහගෙන උන්නා...සමහර වෙලාවක එය ටික වෙන එකෙකුට කිව්වනං සමන් කුමාරට හිනා වෙන්න උනත් තිබුනා... මොකද හිතෙන්නේ ඒ ගැන..?

    ReplyDelete
  13. හිස් අහස...

    ඔව් බං මේකත් උඹලගේ ගම කිට්ටුවම තමා...

    ReplyDelete
  14. බනී...

    පිස්සුවක් ඇතා නැතා ඌ මලා බං...

    ReplyDelete
  15. ඌට මැරෙන්න හිතෙන්න ඇති,,ඉතින් ඌ මලා

    ReplyDelete
  16. එදා එය වැලකුනා වුනත් වෙන වෙලාවක ඔය දේ කර ගන්න තිබුනා. එක වරක් දිවි නසා ගන්න උත්සාහ කරන කෙනා තව වරක් එයටම පෙළඹෙන්න තියෙන ඉඩ වැඩියි කියලයි මම අසා තියෙන්නේ. ගොඩක් දේවල් කර්මය කියල හිතන්න මිනිස්සු පෙලබෙන්නේ විග්‍රහ කරන්න වෙන ක්‍රමයක් නැති නිසා.

    ReplyDelete
  17. මම දන්න සමන්ලගෙනුත් දෙන්නෙක්ම කුමාරලම තමය්.

    ReplyDelete
  18. "මරණයට හේතුව අභිරහසකි" ද ?

    ReplyDelete
  19. ඔය ප්‍රේම සම්බන්ධ කියන ඒව පරක්කු කරන්න එපා බං...

    ReplyDelete
  20. ඕක මර්ඩර් කෙස් එකක්. සර්ලොක් හෝම්ස් ගේන්න වෙනවා. අනිවාර්යෙන්ම ඕක මාරයාගේ වැඩක්. (ඔය මාරයා කලබල වෙන්න එපා. මම කිව්වේ අනිත් මාරයා ගැන. "ඔය මාරයා" සහ "අනිත් මාරයා" කවුරුද කියල තේරුම ගන්න එක ඔයාලට බාරයි.. ලොල්ය)

    ReplyDelete
  21. ආමි එකේ කන කට්ටත් ඉවසගෙන ඉන්න පුලුවන් උන මනුස්සයට මැරෙන්න තරම් හිතේ කොච්චර පීඩනයක් තියෙන්න ඇද්ද?

    ReplyDelete
  22. සමහර විට ලියුං වල ඊට වඩා දෙයක් තියෙන්නත් ඇති. මැරෙන්න තරම් බලපාන ප්‍රශ්නෙක් තිබුනද දන්නේ නෑනෙ. කාටවත් ඒක් දැනගන්න ලැබෙන්න නැතුව ඇති...

    ReplyDelete
  23. මිනිස්සුන්ගේ ජීවිතවලට සිද්දවෙන හැමදේටම හේතු හොයන්න හරි අම්මරුයි.. සමහර විට මතු පිටින් පෙනෙන හේතුවට වඩා වෙනස් දෙයක් තමයි ඔය වගේ මරණ වලට හේතු වෙන්නේ. කොහොමත් හොඳ යාලුවෙක් හිටි කෙනෙක් නම් මේ විදිහට යන්නේ නැහැ..

    ReplyDelete
  24. හිතට ආපු ක්ෂණික තීරණයක් ක්‍රියාත්මක කරන්න ඇති.

    ReplyDelete
  25. වටිනා කියන ජීවිතයක් .......අපරාදෙ......දෙමව්පියො, සහෝදර සහෝදරියො, බඳින්න හිටිය කෙල්ල, කොය් තරං විඳවන්න ඇත්ද?තාමත් කොය් තරං විඳවනව ඇත්ද?

    ReplyDelete
  26. නොකල යුතු වැඩක් යැයි එකපාරටම කිව්වට........
    සියදිවි හානි කරගන්නේ එක පාරටම හිතිල නෙමෙයිලු.....
    කාලයක් තිස්සේ ගොඩ නැගෙන රින මානසිකත්වයේ උපරිමයලු......
    නොයිවසිඳුන, හිතට වද දෙන පුරස්න නැත්තේ කාටද?????

    ReplyDelete
  27. අඩඩා මාර කේස් එකක් නේ. මට අදමයි මේ ලිපිය කියවන්න ලැබුනේ. පව් අහිංසක සෙබලා.

    මට හිතෙන්නේ ඒ මනුස්සයාට තවතවත් ප්‍රශ්න තියෙන්න ඇති.

    ReplyDelete
  28. මම දන්නවා අයියා මම කතාව මුල ඉඳලම බැලුවා ..මම වරෙං ඔරෝ තමා කීවේ

    ReplyDelete
  29. ඇත්තටම මේ මරණයට හේතුව මේකයි කියලා මටත් මේ වෙනකල් කියන්න පුළුවන් කමක් නැහැ..මං නෙවෙයි අපේ හිටිය එකෙක්වත් මේ ගැන අනුමාන කලේ නැහැ.

    මොකද මිනිහට ප්‍රශ්න තිබුනා උනත් අත ලගම පැසව පැසව තිවුන ප්‍රශ්නයක් කවුරුවත් දන්නේ නැහැ...

    පුහුණු කාල සීමාව අවසන් නොවීම විසා මූලික වැටුපට අමතරව එකතු වන දීමනා ආදිය නැති වීම නිසා වැටුපෙහි අඩුව ඔහුට පමණක් නෙවෙයි අප හැමටම තිබ්න ගැටළුවක්..

    සහෝදරයින්ට අම්මලා තාත්තලාට සලකන්න තිබුන අයත් පවුල් නඩත්තු කරන අයත් හුගාක් හිටියා.

    ඒ වගේ ප්‍රශ්නයක් තිබුනා කියලා හිතන්න බැහැ.

    ආදර ප්‍රශ්නයක් කියන්නත් අමාරුයි..මොකද අවුරුදු 8ක් තිස්සේ පැවති සම්බන්ධයක් සමන් කුමාරට තිබුනේ... විවාහය දවසින් දවස කල් යෑම තරමක් ගැටළුවක් වෙලා තිබ්නා..විශේෂයෙන්ම කෙල්ලගේ පැත්තෙන් ඒ ගැන ටිකක් තදියං කල කිසා..ඒත් 8ක් හිටිය දෙන්නට තව ටිකක් ඉන්න බැරි කමක්වත්..8ක් එකට හිටිය කෙනෙක්ව දාලා මෙහෙම යන්න හිත හදා ගන්න පුළුවන් කමක් තියේද කියලත් හිතන්න අමාරුයි...

    ඒ ඇරුන කොට වෙන දෙයක් අපි කවුරුවත් දැනගෙන උන්නේ නැහැ..ඔහු ලියූ ලිපි හරහාවත් එහෙම දෙයක් ගැන කිය උනේ නැහැ...

    ඇත්තටම මේ මරණය අදටත් අපි හැමෝටම ගැටළුවක් විතරයි...
    මාරයා එන වෙලාව ගැනවත්..ඒ එන ස්වරූපය ගැනවත් අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ..මේ ලියන මමත් හෙට උදේට මැරිලා තියෙන්න පුළුවන්..

    ඒක මේ ඉස්සරහ තියෙන අඹ ගහෙන් ඉවර වෙයිද..එහෙමත් නැත්තං වෙන විදියකටද කියන්න මං දන්නේ නැහැ..ඒත් මං එකක් දන්නවා..ඔහු එනවා..අද නැත්තං හෙට ඔහු එනවා...

    ඒ කවදා කොහොම ආවත් අපි යන්න ලෑස්ති නං එච්චරයි..අපි ලෑස්ති නොවුනත්..ඔහු ආව වෙලාවට නොයා ඉන්න බැහැ..ඒ හින්දා හැම වෙලේම අනිත් අයට සමු දෙන්න ලෑස්ති පිට ඉන්න...මොකද කිය කියනං යන්න වෙලාවක් හම්බ වෙන එකක් නැහැ...

    ReplyDelete
  30. ඔන්න දැන් තමා නිදහස් වෙලාවක් සෙට් වුනේ මාරයගේ ලිපි ටික කියවන්න, මොකද කලබලේට මේ දාන තුන් තේරවිලි කියවලා හරියන්නෙ නැහැ ඒකයි.

    "මොකද වෙලාව ආවනං මට ඒක නවත්තන්න පුළුවන් කමක් නැහැ.."

    ඔව් ඒ කතාවත් ඇත්ත, මිනිහත් එක්ක කතා කරන්න තරම් ඔයාට මානසිකත්වයක් නැති වෙච්ච එකත් මිනිහගෙම වෙලාව තමා.

    ReplyDelete