24 June 2011

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී...

හදිසි තරුවක් ලෙසක දිනකදි සිහිනයක් තුල දුටුව ඔය රුව..
සිතුවමක් ලෙස ජීවමානව මගේ නෙතු අද්දර රැඳී අද..
පැතුව මුත් එක් දිනක් රහසින් ලොවට නෑසෙන ලෙසින් ගයමින..
නුඹේ සිත් අහසේ තරුව ලෙස පායලා සේ දැනේ අද මට...

දහසකුත් ඇති මුත් අපට ලොව රැඳුන බාධක මග හරස් කොට..
සිහිනයන් ‍පිරි හදවතින් ඔබ එක් වරක් හෝ පතයි නම් අද..
සියළු බැමි සිඳ බිඳ පසෙක ලා මරණයෙන් මුත් නැවත අවදිව..
ඔබේ සිහිනයේ තරුව වන්නට එන්න අවසර දෙන් ළදේ අද...

මරණයෙන් පසු බැන්ද දෙවොලේ දෙවිඳු වීලා කිසි පලක් නැත..
ඉන්න දා ගිලිහෙන මුවින් ඔය එකම වදනින් සිතට වේ සුව..
ලංව ඉන්නට නොහැකි විලසට බැන්ද බාදක දුරින් දුරු කොට..
එක්ව ඉන්නට මෙලොව දවසක් හෙට දිනේ නැති වේද අප හට..

14 comments:

  1. අප්පට සිරි මාරයියේ.. එන පොට හොද නැති වග පෙනේ... අර විසාල ඇදේ හිස්තැන පිරවේද ?

    ReplyDelete
  2. මාරයියේ......දැන් ලියන කවි හ්ම් එච්චර අල්ලනේ නෑ.......මමත් අහන්න ......පුරවන්න හිතන්ද ඉන්නේ අර ඇදෙ හිස්තැන

    ReplyDelete
  3. වෙඩිම ළඟයි........ :D

    ReplyDelete
  4. හ්ම්ම් දැන්නම් ඉතින් ආසන්නෙටම ඇවිත් වගේ. විදින්න ඔන්න මෙන්න කියල ඉන්නේ ..

    ReplyDelete
  5. කවි සිතුවිලි පහල වෙනවා වැඩියි වගේ... ම්ම්ම්ම්

    ReplyDelete
  6. මාත් හිරේ වැටෙන්න කිට්‍ටුව ඔය වගේ විකාර කල්පනා උනා නොවැ.....

    ReplyDelete
  7. රැකියාවක් සොයා ගන්නට කීවා අනේ එයත් කලා
    ලැබෙනා සොච්චම මදි කී කල අමතර ඉපයීමත් කලා
    ඇඳ ඉඩ මදියි කී කල ඇඳ ලොකුත් කලා
    රෝද දෙක මදි ඇති හතරක් අරගෙනවත් බලපල්ලා

    ReplyDelete
  8. හත් ඉලව්වේ..මං දැන් හැරුනත් වැරදියි..මේකලාට පේන්නේම වැරදියට..:D

    (දැන් අහයි "මේකලා" කව්ද කියලා..)

    ReplyDelete
  9. හො හෝ......

    අර ගිය ගමන සාර්ථක වෙලා වගේ නේද ?...... කාමරෙත් අළුත්..... අර ඇඳත් අළුත්...... දැන් ඉතින්

    ඇත්තටම මාරයියේ කවුද අර " මේකලා " කිව්වේ ?

    අරයද ? අර මං කිව්වේ ඔයා මට අර කියපු කෙනාද ? ලැජ්ජ වෙන්න එපා ඉතින්...මට විත......රක් හොරෙන් කියන්න.........

    ReplyDelete
  10. මලකෙලියයි මෙච්චර කාලයක් බෝතලේට විතරක් ඔලුව පහත්කරපු මාරයා මේ පාර මාර දෙවගනකට අහුවෙලා තත්වය බයානකයි.. මාරයගෙ පෝස්ටුත් එන්න එන්න කොට වෙනවා... වහා මූ ගලවා ගනිමු..

    ReplyDelete
  11. ඒයි මාරයො කෝ මම දාපු කොමෙන්ට් එක.

    ReplyDelete
  12. හැන්ද කරයේ දැක්ක ඒ රුව සිතේ පැල පදියම් වෙලා
    ඉන්න හින්දා ලියමි කවි මම කවි සිතම ගිනියම් වෙලා
    තනිකඩව හිටි ජොලිය ඇතිවී හිරේ යන්නට සිත් වෙලා
    අපොයි මාරය නිදහසේ අවසාන දවසට ලංවෙලා

    ReplyDelete
  13. මට නම් කිසිම තේරුමක් නැහැ ටික දවසක ඉඳලා කියන්න හදන්නෙ මොකක්ද කියලා .......

    ReplyDelete