26 June 2011

අනේ මංදා...

සීතල දැනෙනා ලොකු වීදුරුවක
පුරවා මීවිත මුවට ගෙනෙන සුව..
පාවෙන පදමට මසිත ඇදෙන විට..
ජීවිත ගමනේ රසය දැනේ මට..

පාළුව තනිකම පළවා හරිනා..
නුඹ හැර වෙන අය කොයින්ද මිතුරා..
ජීවිත ගමනේ විඩාව මකනා..
රන්වන් පානය නුඹමය සැමදා...

හදවත රිදවා පැන ගිය ඇය වෙත..
පෙර දින පිදු පෙම දැන් නැත හදවත..
දුක සොව විරහව ඉවසන තරමට
නුඹයි මගේ සිත තැනුවේ මෙලෙසට...



22 comments:

  1. සෑහෙන කාලෙකට පස්සෙ මටත් අද, ඔය යාළුව හිටියනං තනියට කියල හිතුන...

    ReplyDelete
  2. කිව්වට බණ පද රස කර සැමවිට
    බැහැ නොව ඉන්නට මීවිත තනිකොට
    ඒකයි අයියේ දැකුමට මිහිපිට
    සත්‍ය එය නම් බැහැ නොව මිදුමට

    හදවත රිදවා පැනගිය පළියට
    ඇයි ඔය දුක් කවි මීවිත ඇතිකොට
    ගෙන උස වීදුරු පිරෙන්න වක්කොට
    ගසපිය දුක් ගොඩ විසි වී යන්නට...:-D

    ReplyDelete
  3. විරහව විඳි සිත දුන්නත් සනසා
    රන් වන් පාටින් දිලුණත් සතොසා
    වකුගඩු අක්මා දමයිලු වනසා
    ''වේදනයි''''නලිනියි ''අහනුව විමසා

    ReplyDelete
  4. ඔච්චර දුක් දී පැනගිය සඳ වත
    මෙච්චර කල් කුමටද ඈ ගැන හිත
    කොච්චර බිව්වත් කිසිම පලක් නැත
    ඇගේ නොවෙයි නුඹගෙයි ඔය හදවත

    ReplyDelete
  5. යන්නට ගිය මුත් හදවත හැරදා
    ඔබෙ හද අැයටයි කියමින් සැමදා
    මීවිත පුරනට සිතුවොත් අද මෙන් හැමදා
    විදින්න වෙයි දුක් දැඩිසේ මතුදා

    සිතන්න මිතුරේ තව ඒක සැරයක්
    ගිය අැය පතනුද තව ඒක සැරයක්
    දිනන්න නොහැකිද තව ඒක සැරයක්
    අළුත් මලක් පතනුව ඒක සැරයක්

    ReplyDelete
  6. අද සියළු බැමි මුදා හැරලා මූ බීලා වගේ.....

    ReplyDelete
  7. පාළුව තනිකම පලවා හැරුමට
    නැතිවද මිතුරන් සිටිනා නුඹ වට
    බොන්න හේතු නම් පුලුවනි සෙවුමට
    බියර සිහිවෙලා වගෙයි මාරයට

    මාරයො දැන් නම් හොඳ නැහැ පොට
    පේනවා හොල්මන් පාලුව ඇති විට
    මෝහිනි ඇවිදින් ළමයෙක් දෙයි බොට
    කරන දෙයක් උඹ කරපන් හනිකට

    ReplyDelete
  8. ගිය කල දුක බැව් කියමින
    හිඳි කල සතුටැයි කියමින
    හේතු සොයන අමන දුදන
    නැළවිය නොයුතුය මෙලෙසින

    ඕනෑනම් බිය!
    කරගන් ගත දිය!
    බී යත්නම් මිය
    වරද නුඹේමය!

    කෙල්ලෙකු පලි නැත
    වරදට නුඹ සිත
    මෙල් මැදුරට මග
    ඕනද හිතවත? :P

    ReplyDelete
  9. මතකයිදෝ කලකට පෙර සිටි අයියා
    දිනපතා රෑට ගැසුවා නොවැ ඒ ගොයියා
    දැන් නම් අඩුයි අඩි ගහනවා මාරයියා
    ෂොට් නැතිමුත් කවි ලියනවා දැන් අයියා

    ReplyDelete
  10. අය්යේ මේවා අක්මාවට හොද නෑ නෙවෙද??
    කෙල්ලත් ඔබේ මේවට අකමති නෙවෙද??

    ReplyDelete
  11. බීර බීමෙන් සිද්ධ වෙන්නෙ බඩ පිරෙන එක පමණි, අඩු මුදලට වැඩි සොමියක් සඳහා, බල්ලන්ට දෙය්යන්ට ගහන ඒවා පාවිච්චිය යෙහෙකි.

    ReplyDelete
  12. ඔබා අයියා, ෂෙට් වෙමුද එහෙනං හීනියට වගේ.. :)

    ReplyDelete
  13. ගිනිගත් සුසුමන් දියකර දමනා
    පරණ හීනවල හැඩ යලි මැවෙනා
    අකමැති මතකත් එබිකම් කරනා
    වීදුරු අඩියේ නුඹ රුව මැවෙනා

    ReplyDelete
  14. එක්කෝ බෝතලයකි නැත්නම් හුටපටයකි ගෑණු...
    නැද්දෝ මාරයෝ තව..සුබ මංගල්ලෙක ලකුණු..

    ReplyDelete
  15. මාරයා අයියා ලියපු කවියක් කියවන මුල්ම අවස්ථාව. ලස්සන කවි ටිකක් මාරේ අයියේ.

    ReplyDelete
  16. බියර් බීල බඩේ පෙන පුරවගන්න එපා මා‍රයො.

    ReplyDelete
  17. බියර් එකක් බී
    කවියක් ලියුමට
    මටත් හිතක් ඇත
    ඔබ වාගේ

    එත් වදින කොට
    සිතේ දුකක් මිස
    සතුටක් නැහැ නොව
    කවිය ලියන්නට !

    පරණ බුට් ගැන
    කවි ලියලා මන්
    මොකටද කන්නේ
    අපේ නෝනගෙන් ?

    බියර් එකත් බී
    සොමියක් දාගෙන
    අයිනක් අල්ලා
    නින්දක් දාගමි !!

    ReplyDelete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. මාරයාගේ මුල් කාලෙ කතා මතක් වුනා. මාරයෝ ආයේ ලියමුද ජුංගෙ කතා ටිකක්?

    ReplyDelete
  20. මමනම් ඔය ජරාව මිට පස්සේ කටේ කියන්නේ නෑ කියල ලක්ස වෙනි වතාවටත් ඊයේ හිතාගත්ත. සති 3ක ඇතුලත ඔය ජරාවෙන් දෙසැරයක් මම කට් උනානෙව.. එකේයිය...

    ReplyDelete
  21. සෑන්ඩි නෑතිව අමුවෙන් බොන්න පුලුවන් විරහව එක උගුරටම....

    ReplyDelete
  22. අරක්කු

    දුකට සැපට දෙකටම හොඳ ෆිට් එකක්, ඒත් මාරයගේ හොඳ යාලුවෙක් ...........

    ReplyDelete