28 June 2011

දවස පටන් ගන්න..බලය ජවය..ශක්තිය සමඟින්...මාරයාගේ රහස්...

වෙලාව හතට කාලක් විතර ඇති...
මං දවස පටන් ගන්නයි හදන්නේ..මූණ කට හෝදලා තේ එකක් එහෙමත් හදාගෙන බිව්වා..මං සාමාන්‍යයෙන් තේ බොනවා අඩුයි..විශේෂයෙන්ම උදේ පාන්දරම...ඒත් සමහර දවස්වලට හිතුනම බොනවා..ඒත් කිරි තේනං බොන්නෙම නැහැ. එක්කෝ කෝපි..නැත්තං සීනි ටිකක් වැඩි කරලා ප්ලේන්ටි..බඩගිනි වැඩියි වගේනං අර දවස පටන් ගන්න කියන මොකක්ද එක..ඒත් ඒක දැන් ඉස්සර වගේ රසත් නැහැ..සුවඳත් නැහැ..

අදනං ගහලා ඇරියේ සීනි ටිකක් වැඩි ප්ලේන්ටියක්..උදේම හිස් බඩට බොන ප්ලේන්ටියට සීනි චුට්ටක් වැඩි කරන්න මං පුරුදු වෙලා ඉන්නේ..නැත්තං කහට ගතියට බඩේ දැවිල්ලක් වගේ අල්ලන්න පුළුවන් හින්දයි...එතකොට බඩේ අවුලක් නැහැ...

තව ටිකකින් ඒ කිව්වේ අටට විතර මෙතනින් ඕෆ් වෙලා ගිහින් මේ ළග තියෙන රජරට කඩෙන් උදේට බත් පිගානක් නෙලලා ඇරියම තමා ඕන්න දවස දුවන්න හයිය හම්බ වෙන්නේ..නැතිව ඔය කිරි පිටි ගහලානං මට හරියන්නේම නැහැ...

අර කිරිවල ඌරු තෙල් කතාවනං මං දන්නේ නැහැ..ඒත් මේ පැතිවල කිරි එකතු කරන තැන්වලිනුත් කිරිවල යොදය ටිකක් හරි අහක් කර ගන්නවා...මං ඕක හොඳටම දන්නේ මොකද ඒ එකතු කරන අයගේ පවුල්වල උදවියව මං ටිකක් දන්නවා..ඉතිං එහෙම යොදය අහක් කරන කිරිවලට කිරි එකතු කර ගන්නා සමාගම් මොනවා එකතු කරනවද කියලා මම දන්නේ නැහැ. සමහර විට ඔය කියන්නේ අපේ රටේ කිරි පිටි ගැන නෙවෙයි වෙන්නත් ඇහැකි..

හැබැයි මං එකක් දන්නවා දැන් තියෙන කිරි පිටි වලනං මොකක්ද මංදා ලොකු අවුලක් තියෙනවා..ඉස්සර තිබුන කිරි සුවඳ දැන් අඩුයි කියන එකනං කවුරුත් දන්න දෙයක්නේ.. ඒත් මං දැකපු තව දෙයක් තමා කිරි එකක් හදලා තියලා පැයක් විතර ගියාම ඒක උඩ යොදය මිදෙනවා...ඒක ඉස්සරත් මං දැකලා තියෙනවා..ඒත් දැන් තියෙන කිරිවල උඩ මිදෙන තට්ටුවනං අර ඉස්සර කිරි යොදයට සමාන කරන්න බැහැ..ඕනනං කරලා බලන්න..කිරි වීදුරුවක් අහක ගියාට ලොකු පාඩුවක් වෙන එකක් නැහැ.

මං කලින් වැඩ කරපු තැන උදේට හැමදාම ඉන්න හතර දෙනාට කිරි හදන්නේ මම..මොකද මට අනිත් අය හදන පදිමට බොන්න අමාරු හින්දා..එක්කෝ කිරි වැඩියි..එක්කො කහට වැඩියි..නැත්තං අඩියා..සීනි කවදාමත් එක පදමකට නැහැ..ඔය අවුල හින්දා මං ලොකුකම පැත්තක තියලා හැමෝටම කිරි තේ එක හදනවා... අනිත් සෙට් එකතු ඕකට බොහොම කැමතියි මොකද පදම හැමදාම එක ගානට හින්දා...

පන්සලක අවුරුද්දක් හිටියත් ඔය කිරි..කිරි කහට..ප්ලේන්ටි..කහට..ඔය හැම එකකම පදම නි‍යමෙට අල්ල ගන්න ඇහැකි. මොකද ඔය අපේ ලොකු හාමුදුවරුන්ට තේ හදන එක තරං අමාරු වැඩක් තවත් නැහැ..උන්නාන්සෙලට තියෙන අසනීප තත්ව හින්දා ඒ ඒ අයට තේ එක පවා හදන්න ඕන ඒ ඒ අනුවයි..මට ඉතින් ඉස්සර පලාතේ හිටිය ඔය කොයි හාමුදුරුවන්ගේ පදමට උනත් තේ එක හදන එක හොඳට පුරුදුයි..ඊට අමතරව වැඩි දෙනාට හරියන පොදු පදමත් වෙනමම දැන ගන්න ඕන මගේ පල පුරුද්ද ඉතිං අවුරුදු 6ක්නේ...


ඉතිං සමහර දවස්වල උදේට ඔය කිරි එක හදලා ඒ ඒ අයගේ කොප්ප වලට දානවා..අස් පස් කිරීම භාජන හේදීම ගොල බාලයෝ ටික කරනවා...

ඒත් සමහර දවස්වලට කට්ටියටම තේ හැදුවට සමහරුන්ට බොන්න වෙන්නේ නැහැ..එක්කෝ ලයිට් ඔෆ් කරන්න ගිය හාදයා එහෙමම නාගෙන කරගෙන එන්නේ..නැත්තං වෙන කතාවකට අහුවෙනවා..ඔහොම උනහම උන්දැගේ තේඑක හීතල වෙලා මේස උඩම තියෙනවා..මගෙ අප්පේ ඔන්න ඔහොම උන වෙලාවට බලන්න එපැයි අර තේ එකේ උඩ මිදෙන ඝණ තෙල් තට්ටුව..ඒ මදිවට වහුකුණු ගඳ... ඔන්න මට කිරි එපා වීමට මුල...දවසක් දෙකක්ම මේ දේ දැක්කට පස්සේ මම කිරි භාවිතය අත ඇරලා දාලා නිකං හිටියා..අදටත් ඉතිං කිරි අරහං...

එහෙමයි කියලා මට ඔය ‍කොළ කැඳ වැඩෙත් කරන්න අමාරුයි...නැත්තං මං ඉන්න මේ ලගම වගේ හොද පිරිසිදුවට කොළ කැඳ හදන අය ඉන්නවා..ඒත් කොල කැඳ බොන්න මං ඒ හැ‍ටි ආස නැහැ..ඒ හින්දා දැන් මං කරන එකම දේ උදේම බඩ පිරෙන්න බත් කන එකයි...ඉස්සර කුරුළු හමුදාවේ ඉද්දි උදේ හයට බත් කාපු මට ඕක මොකක්ද..ඇත්තටම උදෙන්ම බත් මිටක් පොල් සම්බෝලයක් එක්ක හරි බඩට වැටුනම දැනෙන සනීපේ...

ඉතිං දැන් දන්නවනේ ඔයාලා මගේ මේ යෝධ බල යෝධ හයියේ රහස...

ඔව් ඔව්..මං දන්නවා අදින් පස්සේ මේක බලන එකෙක්වත් උදේට බත් කන්නේ නැහැ කියලා...

(ඒත් ගණන් ගන්න එපා..මාත් දවස ගානේ බත් කන්නේ නැහැ උදේට..සතියකට දවසක් තියේ උදේට බිත්තර රොටී දෙකයි පරාට තුනයි නෙලන...කිරි පිටි කෙසේ වෙතත් පාන් පිටි දිනේවා..!)

45 comments:

  1. පිස්සුද ඕයි .. පාන් පිටි කියන්නෙ ත්‍රස්තවාදියෙක් :D.

    ඔය කිරි උඩ මිදෙන තෙල් තට්ටුව නිසා මටත් කිරි අප්පිරියා වෙලා තිබුනේ . ඔය තත්වය වැඩි ගොඩ දෙනෙක් හොඳම පිටි කිරි වරගය කියල හිතාන ඉන්න සමාගමේ . දෙවෙනියට ඉන්න සමාගමේ මිලෙන් අඩු ලංකාවේ කිරිවලින් හදනවාය කියන කිරිපිටි ජාතියක් තිය්නව . අන්න ඒකෙ නම් ඔය තෙල් තට්ටු මිදිල්ල අඩුයි

    ReplyDelete
  2. හැක් හැක් මාරයා දවස පටන්ගන්න ජවය ලබාගන්න උදේට කරන දේ කියලා තිබ්බට කලින් දවසේ රෑට කරන දේ කියලා ‍නෑ නෙ.... රෑට කරන මෙව්වා එකට මාරයාට ජවය විතරක්යැ කවි සිතුවිලිත් පහලවෙන බව කට්ටිය දන්නවානේ... හි හි.. එහෙම දවස්වලට කවිවල තේරුම හොයන්න යන අපට තමා කෙලවෙන්නේ මොකද ඒවගේ තේරුම දන්නේ ලියපු කෙනා විතරනේ....

    ReplyDelete
  3. මට උදේ තේකට නම් කිරි එකක් අනිවාර්යෙන්ම ඕනේ....හැබැයි ඊට කලින් ලොකු වතුර වීදුරුවක් බොනවා..එත‍කොට දවසේ අනෙක් කටයුතු වලට සෑහෙන්න ලොකු පහසුවක්....

    ReplyDelete
  4. හ්ම්ම් මටත් උදෑසනින්ම කහට පදමට දාපු කිරි තේ එකනම්
    ඕනමයි . නිවෙන්න කලින් බොන්නත් ඕන කට දිව පිච්චි පිච්චි.
    ඒත් දැන් හවසට බොන ටී එක නම් අත්හර දම්මා අපේ වෙදගෙදර කිරිපිටි ලිපිය දුටුවට පස්සේ. උදේට ටී එක බොන්නම වෙනවා තාම විකල්පයක් සොයා ගන්න බැරි උනා.
    උදේ ආහාරයට දවල්ට උයන බත් එකෙන්ම සප්පායම් වෙනවා.

    ReplyDelete
  5. උදේ පාන්දරම නැගිට්ට ගමන් හොද වතුර වීදුරුවක් බිව්වම නම් දවස පටන් ගන්න පුදුම ශක්තියක් ලැබෙනවා..නැද්ද මං අහන්නේ

    ReplyDelete
  6. මගේ කිරි පිටි ලිපිය තමයි ඔබ සැමගේ අවධානයට ලක් වූ මගේ පලමු ලිපිය වුනේ. මම ඒක ලියුවේ ඇත්තම කරුණු හා මගේ අත්දැකීම උඩ සහ මම ඉගෙන ගෙන තියන දෙවල් අනුව.
    මල්ලී ඒත් පොඩි කොස්සක් තියනවා. ඔය උදේට සීනි වැඩියෙන් බොන එක නම් එච්චර ඇගට ගුන වෙන එකක් නැහැ. මොකද උදේට අපි ඉන්නේ පැය 12 විතර නිරාහාරව. එතකොට අපි ගන්න පලමු ආහාරය ඉක්මනට අවශෝෂනය වෙනවා වැඩී. විශේෂයෙන්ම සීනි වගේ දේවල්. ඒ නිසා බත් කන එක නම් හරියටම හරි. උදේට යහමින් බත් කන එක මගේත් පුරුද්දක් ( ඒත් අපේ වෙද හාමිනේ මට කන්න දෙන්නේ ගානට වැඩක් කරන් නැතුව නිකම්ම කොම්පියුටර් එකට කොට කොටා ඉන්න මට වැඩිය බත් වුනත් හොද නැහැ.)
    මම දවල්ට කන්නේ නැති තරම්. ඒත් හවස 5ට 6ට විතර ආයිත් කනවා. මේ නිසා හැමදාම මගේ සීනි, තෙල් ගානට. එහෙම කන්න පුරුදු වෙන්න. හැබැයි මේවා තම තමාට ගැලපෙන විදියට සකසා ගන්නව නම් වැදගත්.

    ReplyDelete
  7. නරකද ජ්‍යේතිෂ්‍ය කාර්යාලෙ ළගින් තේ කඩේකුත් දාගත්තනං.

    ReplyDelete
  8. මම නං කිරිඑක හදාගෙන(හදලා ලගට දුන්නම) ඕක මිදෙනකං ඉන්නෙ නෑ. පිච්චි පිච්චිම ගහලා දානවා.
    "හයට බත් කාපු මට"? මට නං බත් නැතුවම බෑ. කොලඹ දිහා එන දවසට මම කන්නෙ උදේ 4.00ට අම්මාපල්ල!

    ReplyDelete
  9. මමත් උදේට කිරි තේ බොන එක අත අරින්න හේතුවුනේ අර එනවා කියපු වහතු ගඳයි ඉස්සර තිබුනෙ නැති මහ කාලකණ්නි රහකුයි එන නිසා,දැන් නං උදේ නැගිට්ට ගමන් ගහනවා හොඳ වතුර එකක්,ඉස්සර නං තේ එක නැතුව හැරෙන්නවත් බෑ උදේට ,දැන් කිසි අවුලක් නෑ....ඊට පස්සෙ බත් කනවා, මම නං උදේ පහමාරට ගෙදරින් එලියට බහින්නෙත් බත් කාල, ආයෙ කියන්න දෙයක් නෑ දවසම ෆිට්........

    ReplyDelete
  10. අවුරුද්දකට සැරයක් ගෙදර ඇවිල්ලා දෙයියනේ කියලා අම්මා හදලා දීපු තේකත් අරගෙන දවසේ ඉස්සෙල්ලාම කියෙව්වෙ උඹේ බ්ලොග් එක. දැන් ඉතින් බීපන්කෝ තේක....! මේවා ඇවිල්ල ජාත්‍යාන්තර කුමන්ත්‍රණ.... නෑ නෑ... සොරි සොරි...කිරි පිටි එන්නෙ ජාත්‍යාන්තරෙන් නිසා මේවා ඇවිල්ලා ජෙප්පන්ගේ කුමන්ත්‍රණ.... අරෙහෙන් බත් කන්න එපාලු.... ඒකට කවුද මන්දන්නෙ නෑ ආසනික් කවලං කරලාලු..... මෙහෙන් පාං කන්න එපාලු... සෞඛ්‍යටයි පොකට් එකටයි අන්තරාවයි කියලා.......දැන් ඉතින් කන්න ඉතිරි වෙලා හියෙන්නෙ අක්කපාන දළුයි, කුප්පමේණියා මැල්ලුණුයි තමයි.....!

    ReplyDelete
  11. හපොයි..ගෙදර ඉන්නකොට නම් අපිත් උදේට බත් කනවා තමයි...ඒත් දැන් අපට කොහෙන්ද බූලෝ උදේට බත්...මම දන්න වැඩි දෙනෙක් උදේට නොකා කිරි තේ සහ බිස්කට් වලින් දවල් වෙන තුරු සිටින්නන්ය.දැන් ඉතින් ඒ කිරි එකටත් මාරයා ගැහුවනෙ...

    මාරයා ටිකක් ප්‍රවේසමෙන්...බහු ජාතික සමාගම් වලත් මාරයො වගේ උන් ඉන්නවා...

    ReplyDelete
  12. 01.මමත් කිරි බීම සම්පූර්ණයෙන් අත්හැරියා. කාලෙක ඉදං වස කියලා දැනගෙන හිටියත් අර ලිපිය කියෙව්වට පස්සෙ ඒක ඉක්මන් උනා.

    02.කුරුලු හමුදාවේ ඉද්දි උදේ 6ට, දවල් 12.30 ට, හවස6.30 ට කෑම ටික බිලට් වලටම එනවා. වේලාවට කාලා පුරුදු වෙලා දැනුත් මට නං ඒ වෙලාවට කන්න ඕනෙ.

    අර උඔ කියනවා වගේ කැකුලු හාල් බතුයි, කරෝල තෙල් දාලයි, සම්බෝලයි එක්ක එන උදේ කෑම වේල නං කවදාවත් අමතක වෙන්නැ බං. ගෙදර දී මොන වැඩකාරයෙක් ඉව්වත් ඒ ගතිය ගන්නත් බෑ මං හිතන්නෙ

    ReplyDelete
  13. මෙන්න ඒ පාර මාරයා ත්‍රස්තවාදියෙක් වෙලා. අයියන්ඩි, මහින්ද අයියට කතිරේ ගැහුවට ඔය වගේ පාන් පිටි දිනේවා සටන් පාට දවස දෙක තුනක් කිව්වොත් සුදු වැන් එකක් අනිවා බෝඩිම ඉස්සරහින් නවත්තල තියේවි. ලොල්ය...

    මටනම් උදේ පාන්දර කිරි එක නැති උනොත් දවසම ඉවරයි.. එකක් එක ජෝන්ටො පුරුදු වෙලා තියන හැටි තමා... බලන්නකෝ ඊකෙත් හැටි. හිකි හිකි...

    ReplyDelete
  14. පොළ සම්බෝලෙයි සුදු කැකුළු හාලේ බතුයි කරෝල බැදුමයි උදේට කන්න තිබ්බ ආසාවෙන්.. හැබැයි කෑවා වගේ නෙවෙයි බඩ ගෙඩිය එනකොට !!

    ReplyDelete
  15. මාරයා, කෑම බීම ගැන ලියවිල්ල නැවත්තුවනන්.... ....ඔය කරෝල බැදුන්, පොල් සම්බෝල, කිරි හොදි එහෙම උයාගන්න එහෙමත් නැත්තන් ඒවට අවශ්‍ය කළමනා හොයා ගන්න බැරි පළාත් වල ඉන්න වුන් ගැන පව් කියල හිතෙන් නැද්ද?

    ReplyDelete
  16. මම කිරි බොන එක සම්පූර්ණයෙන්ම වගේ අතෑරලා දාලා දැන් අවුරුදු හතරකටත් වැඩී.ඒ හින්දා උදේට තේ තමයි බොන්නේ.උදේට
    සාමාන්‍යෙයන් බත් හොඳට කනවා.දවල්ට සාමාන්‍ය ගානට සහ රෑට අඩුවෙන්...

    ReplyDelete
  17. ඇත්තටම අය්යේ , මේ පොල්සම්බලක කරවල බැදුමක තියන රස නේද? ලෝකෙ කොහේ ගිහින් ආවත් ගෙදර ඇවිත් කන්න හිතෙන්නෙ මේ කෑම නේද? පිට රට ඉන්න අය ෆුල් ගේමක් දෙන්න ඕන කරවල බැදුම හදාගන්න. ඇයි ඉතින් ගඳ එනවනේ.

    ReplyDelete
  18. මටනම් නෑගිටලා ටික වෙලාවක් යනකම් තේ හා කෑම අරහං......

    ReplyDelete
  19. milk powder terrarisom.

    ReplyDelete
  20. "වහුකුණු ගඳ" කියන්නෙ මොකද්ද?

    ReplyDelete
  21. @ නදී..

    දවසේ ප්‍රශ්ණය...

    @ මාරයා

    උත්තර ඕන...

    ReplyDelete
  22. @buwa...

    අනේ මංදා..ඔය මං කිව්ව කිරි එකතු කරන්නෙත් ඔය කියන ලිකාවේ ඒවාට තමා..ඒවයේත් අපෙ උන්දලා යොදය මෙහෙදිම පන්නනවා..හැබැයි තෙල් හා සෙම ගතියනං අඩුයි..ඒත් ඉතිං මෙලො ගුණයක් නැහැ නෙව

    @කිඩෝ...

    හික් හික්...

    @මකුළුවා...

    මටනං එහෙම අවුලක් නැහැ..රෑට නිදා ගන්න කලින් හොඳ වතුර එකක් බොනවා..ආයේ රෑ දෙකට විතර ටැකිය අසු කරලා ආයේ හොඳ වතුර එකක් බොනවා...අන්න..එතකොට උදේට කිසි අපහසුවක් නැතිව අවශ්‍ය කටයුතු කෙරෙනවා...

    @Gimhani...

    මටත් ඔය පිච්චි පිච්චි බොන ලෙඩේනං තිබ්බා...තිබ්බා නෙවෙයි දැනටත් තේ එකක් බොන වෙලාවට එහෙමම තමා... නිවිලා බීලා වැඩක් ඇත...(ඔන්න දැන් රස්නෙන් බොන එක ගැනත් වෛද්‍ය උපදේසයක් හම්බ වෙයි..ෂුවර් බනිනවා..)

    @ChammA...

    ඒක ඇත්ත..පහු ගිය දවස්වල ඉඳලම මාත් ඒක කරනවා..

    @වෙද ගෙදර මහ වෙදනා...

    ඇත්ත තමා ලොකු අයියේ...ඒත් මගේ තව අවුලක් තියෙනේ..කොහොම කලත් මං ඔය මොනවට හරි ලේ චෙක් කරන්න ගිය වෙලාවට හැමදාම සීනි 90 ට පහළින් තියෙන්නේ..මක් කරලවත් සීනි ඉහල යන්නේ නැහැ..ඒකත් ලෙඩක් කියලා මට එක වංගියක් දොස්තර උන්නැහේ කෙනෙක් සීනි ටිකක් මදිය කියලා කිව්වනේ...

    සමහර දවස්වලට එක දිගට වැඩ කොරගෙන යන වෙලාවට මහ මලානික ගතියක් එනවා..එතකොට ඉතිං ආනමාළු හරි ඇංබුං හරි හොයාගෙන දුවනවා..කෙසෙල් ගෙඩි දෙකක් කාලා වැඩි සීනි ප්ලේන්ටියක් ගහපු ගමන් මෙන්න නැවතත් සුපුරුදු ජවය..

    @Praසන්ன...

    ඒකත් නරක නැහැ...හැබැයි මේකට කඩ තුන හතරක් එහායින් බාර් එකනං තියේ...හික් හික්...

    @රාජ්...


    අපොයි එහෙම වාසනාවක්...නැති කොම හින්දා මිසක් පාන්දරම කන්න තියෙන තරමට මම කැමතියි...

    @harshana1985...

    මේ මොනවා කියනවද..කික්ම තමා...

    @දුමී...

    අඩේ මේ.."උඹයි" අර "ඔබයි" එක්කනං මේ කෙලිය හරියන්නේ නැහැ..ඇයි වදේ මුං එක්ක බත් කටක් කන්නවත් නිදහසක් නැහැනේ...
    (හරි හරි මං දන්නවා උඹ ලංකාවට ආවේ අක්කපානයි කුප්පමේණියයි හොයාගෙන නෙවෙයි කියලා..අන්න පූසා වවපු පෙනෙල ගාලක් ඇති..අරං පලයං තුන් වරුවේ කන්ට..හැක් හැක්...

    @Luckey...

    ඇත්තටම ඔය නරකම දේ තමා උදේට කිරි එක බීලා වේල ෂේප් කරන එක..අර වෙදන කිව්වා වගේ..දවල්ටනං තව කමකුත් නැහැ..ඒත් උදේට කන එක හරියට කන්න ඕන..නැත්තං අපේ උන් මහ සෝමාරියෝ ටිකක් වෙනවා...

    @බුද්ධි...

    අඩේ උඹට මතකද ඒ බත් වේල..බුදු අම්මේ..අර කුනු කරෝල ටිකේ තියෙන රහ...කොහොමද පරිප්පු හොද්ද නිකං පිගාන වටේ කරකවලා බෙදනකොට තියෙන ෂනීපේ..කල්දේරං බත සිහි වෙනකොටනං මගෙත් බඩ පපුව හෝස් ගාලා දාලා යනවා...

    @ADK කොලුවා...

    ඔය මෙලෝ රහක් ගුනක් නැති එක බොන එක නවත්තලා බයියං කටක් උණු උණුවේ හරි..හීල් බත් මිටක් රස්නේ හොද්දක් එක්ක කන්ට පුරුදු වෙයං බාං...

    @සරත් ලංකාප්‍රිය...

    අපොයි ඒක ඇත්ත..ඒත් ඉතිං ඒකට හරියන්ට මහන්සි වෙන්ට ඕන...ඉස්සර මං වැඩ කල බාසුන්නැහැලා උදේට කන්නේ හීල් බත් පිගානට උඩින් බාන් කාලක් පොඩි කෑලිවලට කඩලා දාලා..පිගාන වැක්කෙරෙන්න කරවල හොදි බෙදාගෙන..ඒකට කියන්නේ කොන්ක්‍රීට් ගහනවා කියලා..ඒ කෑමේ රසත් එහෙමයි..හයියත් එහෙමයි..ආයේ ඉතින් හවස තුන හතර වෙනකං යකා වගේ වැඩ කලෑකි...

    @Observer...

    අහ්..නොකිය ඉන්න ගොයියෝ..එහෙනං අර සතියක් තිස්සේ තියාගෙන ගහන ජාතියේ වයින් බෝතලයක්වත් එවන්ට වෙයි පගාව හැටියට...හැකිස්...

    @තීර්ථ යාත්‍රිකයා...

    අන්න හොඳ පුරුදු...

    @Gimhani...

    අප්පා කරවලවල කොහේද ගඳ..ඕනනං ඔය බොම්බිලි දුමී ගෙන් අහන්ටකෝ..හික්...

    @Kiri...

    ඇහ්...ඒ ටික වෙලාවෙදි එතකොට මොකද වෙන්නේ..?

    @Ano...

    ඔව් ඔව්...ඒකත් එහෙම එකක් තමා...
    (යකෝ අපේ වීරවංස ඇමැති තුමත් මට කොමෙන්ට් කොරනවද..?)

    ReplyDelete
  23. @නදී..&Luckey...

    හපෝ දෙන්නං..

    වහු කියලා අපි ගමේ ගොඩේ කියන්නේ එළ හරක්ටනේ..වස්සා..වහු පැටියා..අහලා නැද්ද..ඉතිං උන්ගේ මල කුණෙන් එන්නේ මොන ගඳද..?අන්න වහු කුනු ගඳ...දැන් මේකට හොඳටම ගැල පෙනවා නේද...

    ReplyDelete
  24. හරි දැනගත්ත

    ReplyDelete
  25. අය්යෝ ඔව් අය්යේ මේකට දැන් අඩු දත් දොස්තර කෙනෙක් විතරයි. හිට්යනම් බැනුම් අහනවා පිච්චි පිචිචි බොනව කිව්වම .
    කියයි දත් වලට අගුනයි කියලා.

    ReplyDelete
  26. අභියගෙ පොඩිකාලෙ පිංතූරයක් ඉල්ලගෙන ඇඳ ඉස්සරහ බිත්තියෙ එල්ලගනින් රාමුකරල ලොකුවට . . . . . උදේම නැගිට්ට හැටියෙ ඒ මූන මුලිච්චි උනාට පස්සෙ ආයෙ දවසම කන්න තියා වතුර වීදුරුවක් වත් නොබී ඇද්දෑකි . . . .

    ReplyDelete
  27. @Gimhani...

    ෂ් ෂ්...නගේ අර අ‍බේ පාල මාමට ඇහුනොත්..

    @ඕනයා...

    මොකද මේ ගිම්හානියි ඕනයයි දෙන්නම දොස්තරට නෙලන්නේ..?

    ReplyDelete
  28. "බිත්තර රොටී දෙකයි පරාට තුනයි නෙලන.."
    ඊරිසියයි බන්.

    ReplyDelete
  29. උදේම වතුර එකක් බීල, එසැනින් වැසිකිලියටත් ගිහින්, ඉන් පස්සේ බත් එක ලිපේ තියල, නාගෙන ඇවිත් උණු බත් පිගානක් ගිලල වැඩට යන තරම් සොමියක් ලොවෙත් නැහැ බොලල්ලා......
    කිරි තේ බීම නම් බොහොම අඩුයි තමයි...(නැතිකමටද මන්ද..හික්)

    ReplyDelete
  30. මමත් හිත හිතා ඉන්නව හැමදාම බෙඩ් ටී එක නවත්තන්න ඕනෙ කියල. ඒත් කරුම් කියන්න තවම බැරි උනා. මට ඕක නැත්නං උදේ රාජකාරිය කොරන්ට බෑ නෙව [හිත තමා] වහාම විකල්පයක් හොයාගන්න ඕන. ඒත් උදේ පාන්දර ගෙදර වැඩත් එක්ක කොළකැඳ ගැන නම් හිතන්න බෑ.

    ReplyDelete
  31. නෑ . . . . මං කීවෙ උදේම දකින්න ඕනෙ ඒ වගේ රත්තරං මනුස්සයෙක් ගෙ සිරියාවන්ත මූනක් නිසා . . . .

    ReplyDelete
  32. @Ano...

    අනේ මගෙ දුප්පත් කෑම වේල ‍බොලේ...

    @Heeniyata...

    ෂෙහ් මේ මොනවා කියනවද..පහු ගිය අවුරුදු දෙකක් තිස්සෙම මාත් කොලේ ඔය වගේමනේ..

    දැන්නං ඉතිං උයන්නේ නැති හින්ද ඒ ආතල් නැත..
    තිබ්බත් බොන්න එපා බං... ෂිහ්..ඊට වඩා බොන්න කොයි තරංනං ගුන ජාති තියේද..දැන් බලහං මේ පැත්තට හවස් වෙලා හිටං...

    @nawammawatha...

    මචං තන්තං නිවිච්ච උණු වතරු එකක් ගහපං..එකම දේ වෙන්නේ...ප්‍රතිඵල වෙනදටත් වඩා හොඳයි...වඩාත් සෞම්‍යයි..

    @ඕනයා...

    ඇත්ත මචං ඇත්ත... උදෙන්ම දැක්කත් ඇති -රි උතුරනවා...

    ReplyDelete
  33. අපිත් ලංකාවෙ ඉන්න කාලෙ තුන් වේලටම බත් කාපු උදවිය හරිය.. දැන් ඉතිං මෙහෙම වේලුනාට, උදේට කාපු කාලයක් මතක නෑ බං, දෙකටම හරියන්න කියලා දවල්ට කෙලලා අරිනවා.. :)

    අඩේ අර බත් එක උඩිං පාන් කඩලා දාලා, කරවල හරි හාල්මැස්සො හරි හොද්දක් එක්ක කන්න තිබුනනං අමුර්තෙ පරාදයි ඕයි.. ඕවා මතක් කොරාන්ට එපා බොල, චැහ් මක් කොරන්නද කරුමේ කරුමේ..

    ReplyDelete
  34. ඕනය , දුමියට ගහන්න අරන් ගිය මඩ බාල්දියක් වැරදිල ඔලුවෙ හැලිල මේ දවස් වල පිස්සු කෙලිනවා, කෙහෙල් කොටුවේ චුටි එකාව ඕකට ගාව ගන්න ට්‍රය් එකක් දුන්න මං හිතන්නෙ, ඒක ඊට වඩා කපටිය, විදෙස් ශිල්පියෙකුගෙන් චිත්‍රයක් ඇඳල දෙන්නං කියල ශේප් වුනා.

    ReplyDelete
  35. පාන්පිටි දිනේවා කියලා උඹ දේසදොරෝහියෙක් වෙන්නද යන්නේ . .

    අර උඹේ ඌරු වන්ස මහත්තයා දැක්කනම් උඹ "පාන් පිටි දිනේවා..!" කියලා ලියලා තියෙනවා උඹට එහෙනම් බඩුම තමයි ගොයියෝ . . .

    ReplyDelete
  36. @ බුරා,
    ආ, මේ බුරාද? දැන්නෙ දන්නෙ බුරා ඉන්නෙ ලංකාවෙ නෙමේ කියල

    චුටි උපදේසයක්- හාල් පිටි නුඩ්ල්ස් එක්කත් ඔය ටේස්ට් එකම ගත්තාකි කරෝල හොදි එක්ක- කරෝල හොයාගන්න හරි, හදාගන්න හරි ඔබ තුමා කොය් සක්කල හිටියත් ලේසි විදියකට කියල දෙන්නං, ගුරු මුට්ටි නැතුව

    ReplyDelete
  37. @Buratheno...

    අන්න සද්ගුණවත් "ඔබා" අයියා බුරාගේ දුක නිවීම පිණිස ඉිදිරිපත් වෙලා ඉන්නවා...
    (එක්කො බුරා ඉවරයි..නැත්තං මෙදා පොටේ ඔබා ඉවරයි..:D)
    හැබැයි පුතේ අර හීල් බතුයි පානුයි කරවල හොදි බොරෙයි..තියේනං පොල් සම්බෝලෙකුයි කනවා වගේනං ඔය නූඩ්ල්ස් ලගින්වත් යන්නේ නැහැ...

    @Observer...

    මේ දවස්වල "ඔබා අයියා" නෙලනවා නේද හතර වටේටම..එළ එළ..කැලේ ගහක් නහන්ට කැලේ ගහක්ම ඕනළු..ඕනයා වගේ වල් වරත්තුවෙක් නහන්ටනං ඉතිං...හැක් හැක්...

    @දුකා...

    පොඩ්ඩක් හිටිං අපි මේ දවස්වල තිරිඟු ලංකාවේ වගා කරන ව්‍යාපෘතියකට අත ගහලා තියෙන්නේ..ඒ හින්දා තව දුරටත් තිරිඟු පිටි ත්‍රස්ථවාදියෙක් නොවේ...

    ReplyDelete
  38. කිරි බීම මමත් සම්පූර්ණයෙන්ම අත් හැරියා මීට වසර දෙකකට විතර කලින් ඔය නෑදෑ ගෙදරක මල ගෙදරක ගියාම දැනෙන තිබහට මහන්සියට ඔය හම්බවෙන එක ඇදලා දැම්මට මමත් උදේට කිරි බොන්නෑ .

    හකුරු කෑල්ලක් එක්ක කහට පාරක් හරි කෝපි පාරක් හරි ඇදලා අරිනවා ඒක නම් මට ඕනමයි ..

    ReplyDelete
  39. අපිටත් ඉතින් උදේ තේ එක නම් ඕන. හැබැයි මෙහෙ පිටි ජනප්‍රිය නැහැ. මමත් ඔය දියර කිරි වලට ඇබ්බැහි වුනා . මොකද මෙයාල කිරියි තේයි එකට බොන්නේ නැහැ. තේ වලිනුත් ග්‍රීන් ටි තමයි වැඩියම බොන්නේ..තව පිච්ච ..නෙලුම් ....ආටිචෝක්...ඔය ඕන උලව්වක් වේලලා තේයි කියා බොනවා. කිරි නම් කිරි විතරයි. ඔන්න මට පෝස්ට් එකක් ලියන්න පුළුවන්නේ..තේ ..කෝපි ගැන . ළමයින්ට නම් සමහර දාට උදේට බත් කවනවා. ඉන්දියන් චායි තේ බිල තියේද .ඕන නම් හදන හැටි කියන්නම්

    ReplyDelete
  40. එහෙනම් අපිට බින්දිගෙන් තේ ගැනත් දැන ගන්න පුලුවන් වෙයි වගේ..මමත් දන්නවා මලබාරි කඩවල් වල තේ හදන හැටි..අර එක පාරක් පාවිච්චි කරලා විසි කරන(Disposable) කෝප්පෙකට සීනී හැන්දක් දාලා, ඒකට ටී බෑග් එකක් දානවා. ඊට පස්සෙ ඒක පිරෙන්න උණු වතුර දානවා...වැදගත්ම දේ තමයි ඕක සර්ව් කරන්න ඕන ටී බෑග් එක තියෙද්දිමයි..බොන මනුස්සයා ටී බෑග් එක විසි කරන්න තැනක් නැත්නම් ඒක මේසෙ උඩින් තියලා තේ එක බොනවා...
    බින්දි ඉන්දියන් චායි කිව්වෙ මසාලා ටී වලටද / එහෙනම් ඊ ළඟ පොස්ට් එක ඒ ගැන නේ.....

    ReplyDelete
  41. උදේට බත් කන එකනං හොඳ පුරුද්දක්, මට නං ඉතිං හුඟක් වෙලාවට කන්නෙ බත් තමා තුන් වේලටම .......

    ReplyDelete
  42. කාලෙකට පස්සේ මේ පැත්තේ ආවේ. මං කරන රස්සාව අනුව දවල්ට කන වෙලාවක් හරියටම කියන්න බැහැ. ඒක නිසා මං කරන්නේ උදේට හොද කොන්ක්‍රීට් ටිකක් බඩට දාගන්න එකයි. එහෙම කිව්වම කට්ටිය බලයි මොනාද කොන්ක්‍රීට් කියන්නේ කියල.

    *කැකුළු හාලේ බතුයි
    *කරවල තෙල් දාලා හෝ බිත්තර ඔම්ලට්
    *පරිප්පු
    *පොල් (කුඩු) සම්බෝල
    *රතු ඉදිආප්ප
    *ඇති පමනට කිරි හොදි

    ඔන්න ඔය මෙනු එකට තමයි කොන්ක්‍රීට් කියන්නේ.

    ගොඩක් කඩ වලින් උදේට දෙන බත් එකනම් මට මදි. එකයි ඒකටම ඉදිආප්පත් එකතු කර ගත්තේ. හැබැයි මේක කාපු දවස් වලටනම් දවල්ට නොකා හිටිය හැකියි 3,4 වෙනකල්වත්. කැමති කස්ටිය උත්සහ කරල බලන්න. අත්දු‍ටුයි, ප්‍රත්‍යක්ශයි.

    ReplyDelete
  43. අඩේ කට්ටිය වැඩියෙ කිරි බොන්නෙ නෑනෙ.... මම උදේට 2ක් නැත්ත්නම් තුනක් බොනවමනෙ.... හැබැයි අර දව්සේ ප්‍රබෝදය එන ඒවා... 11 විතර බත් කනවා බුරිය උල් වෙන්න... ආයෙ 3ට විතර.. 6ට විතර චූන් පාන් කරත්තෙ එනවනෙ.... ආයෙ රෑ ට.. ඔය මොන වෙදා කිවුවත් රෑට අඩුවෙන් කන්න කියල උදේ වෙනකොට යක්ස බඩගිනි අප්පා හර්යට කෑවෙ නැත්නම්... රෑටත් කන්වා බුරිය කනපිට ගැහෙනන.. කාල මේකෙ එල්ලිලල ඉන්නවා 2ක 3 වෙනම... මොකද කාපු ගමන් බඩ තැලෙන නිසා නිදාගන්න බෑ...

    ReplyDelete
  44. නැහැ නැහැ ..ඊළඟට වෙන දෙයක් ලියන්න ඕන . වියට්නාමයෙන් පිට . අනික තේ ගැන තව පොඩ්ඩක් හොයන්න ඕන

    ReplyDelete
  45. ඔබා අයියා,
    අපිලා ගැන ඒමයි හිතා ඉන්නෙ නේද!චුටි එකාට දඩයක් වැටුනානෙ..... නැත්තං ඕනෙයවත් ගොඩ දාන්ට තිබ්බා.

    ReplyDelete