16 June 2011

මාරයා පරාදයි... ඔන්න මහතුනේ ඔබලා දිනුම්...

අද තව පෝස්ට් එකක් ලියන්න තියා හීනෙන්වත් හිතුවේ නැහැ.ඒත් මේ දැන් වැඩ රාජකාරි අස්සෙම හදිසියේ බ්ලොග් එකක් බැළුවම දැක්ක ටික හින්දා ඔන්න ඔහේ පොඩ්ඩක් හරි ලියන්න ඕන කියලා හිතුනා..මොකද නැත්තං ඒක ඒ ලිපිය ලියපු කෙනාට හරි නැහැනේ.

මගේ මේ දෙකයි පණහේ බ්ලොග් එක කියවන අය දන්නවානේ ඔය පහු ගිය දවසක මං දාපු ලිපි දෙකක්..එකක් තමා රටට කඩේ යන්න කියලා දාපු එක..අනික අර ආසනික් කතාව ගැන දාපු එක...

ඒත් ඔය දෙක දාපු වෙලේ ඉදලා කට්ටියක් හරි උනන්දුවෙන් ඒ ගැන අවධානය යොමු කලා.හැබැයි ඒ ‍මොන අරමුණින්ද කියලනං මං දන්නේ නැහැ..ඒත් ඒ පළවෙනි ලිපියේ මං ලියලා තිබුන මං කෙලින්ම මහින්දට පක්ෂයි කියන එකටනං සෑහෙන පිරිසකට රිදිලා තිබුන විත්තියක් මට තේරුනා...ඒ අතර මෙච්චර දවසක් මගේ බ්ලොග් එකේ නිතරම කමෙන්ට් කල අය වගේම වැරදිලාවත් කමෙන්ට් නොකරන අයත් හිටියා.

ඒත් දැන් දැන් තත්වය බොහෝම දරුණුයි. මොකද මං කිව්ව කාරණාව ගැන තියෙන උනන්දුවටත් වඩා දැන් පිරිසකට ඕන ඒ හරහා මට නෙලන්න..ඒකටනං කමක් නැහැ මොකද මං කොහොමත් දන්නවා මිනිස්සුන්ගේ තරම.

මං මේ බ්ලොග් එකේ ලියන්නේ මට හිතෙන දේ..මට දැනෙන දේ..එහෙම නැතිව කාටවත් ඕන දේවත් කාටවත් හිතෙන දේවත් නෙවෙයි..ඒ වගේම මේක එක පැත්තකට කොටු කරගෙන හිටියෙත් නැහැ..මගේ හිත යන්නේ කොහේද ඒ ඒ අතට මම ලියනවා..මගේ තියෙන එකම රටාව ඒකයි..ඒ හැර රාමුවක් ඇතුගේ ලියන්න මං කවදාවත් උත්සහ කලේ නැහැ.

එතනදී දේශපාලනය කියන්නෙත් එක්තරා පැත්තක් විතරයි.ඉතිං ඒ ඒ අවස්ථාවලදී මං මට දැනෙන දේ මේකේ ලිව්වා කියලා කාටවත්ම ඒක ලොකුවට අමනාප වෙන්න ඕන කාරණාවක් කියලා මං හිතන්නේ නැහැ. කොහොම උනත් දැන්නං මට පේන්නේ ඒක සෑහෙන පිරිසකට රිදුන කාරණාවක් වෙලා. සමහර විට මං හිතන්නේ මං මහින්දට පක්ෂයි කියන එකට හුග දෙනෙකුට හිත රිදෙන්න ඇති කියලා මට හිතෙනවා. මොකද ඕක හුග දෙනෙක් කියන්න කැමති නැහැනේ. දේශපාලනේ ගැන අද සිංහල බ්ලොග් අවකාශේ තියෙන තරමක් තියෙන්නේ මහින්දට බනින ඒවා මිස පක්ෂ ඒවා නෙවෙයිනේ. ඒත් ඒ බනින ඒවාට කවුරුවත් කචල් දාන්නේ නැහැ..සමහර විට බ්ලොග් ලියන පිරිස අතර වැඩිපුර ඉන්නේ මහින්ද චින්තනයට විරුද්ධ අය නිසා වෙන්න පුළුවන්.

මොකද හුගාක් දුරට වැඩිපුර අන්තර්ජාලය පාවිච්චි කරන්න ලැබෙන්නේ කවුරු කොහොම කිව්වත් යමක් කමක් තියෙන පිරිසට තමා ඒ අතරේ ඔය රැකියාව නිසා ජාල පහසුකම් ලැබුන අය අතරේ ඉන්න අතලොස්සක් පිරිස තමා එහෙම නැති ගොඩට වැටුනොත්... ඒත් මං හිතන්නේ මෙතන ඉන්න පිරිසගෙන් මගේ තත්වය ඔය හැම එකටම වඩා ටිකක් වෙනස්..මොකද මං රැකියාව හරහා ජාලෙට ආව එකෙක් නෙවෙයි..ඒ වගේම අම්මා තාත්ත‍ගේ ඇති හැකි කම නිසා ආවත් නෙවෙයි..එහෙමත් නැත්තං උසස් අධ්‍යාපන ආයතන හරහා ජාලපහසුකම් ලබාගත් කෙනෙක්ද නෙවෙයි.

මුර රස්සාවක් කරන ගමන් අතේ තියෙන තුට්ටු දෙක වියදං කරගෙන ලැපක් අරං.. මාසේ ගානේ ගන්න පඩියෙන් සීයට විස්සක් විතර වියදං කරං බිලක් ගෙවාගෙන ජාලෙට එන එකෙක්... ඔය කිව්ව ටිකටත් කතා කියන අයට ඕන පදං දේවල් කියන්න බැරියෑ..ඒත් කතාව ඔච්චරයි.

එහෙම ඇවිත් කට පියාගෙන ඉන්නේ නැතිව තව මහින්දට කඩේ යන එක දිරවන්නේ නැතිවට මට කරන්න දෙයක් නැහැ. මොකද ඒ කියන්නෙත් මං මට හිතෙන දේ... පොඩි මිනිහෙක් හැටියට මගේ පංතියේ මිනිස්සු විස්වාස කරන දේ... මං ඉන්නේ මේ රටේ දුප්පත් නූගත් මිනිස්සුන්ගේ පන්තියේ..ඉතිං එහෙම එකෙක් මෙතන ඇවිත් මෙහෙම කතා කියන කොට උගත් බුද්ධිමත් යමක් කමක් තියෙන සහ ලබාගත් උසස් අධ්‍යාපන තත්වයක් හරහා ඒ ඇති හැකි ගොඩට එකතු වෙන්නට දුවන ළමයින්ට එහෙමත් මගේ කතාවලට ඇගේ මාව නටනවා ඇති..ඒත් කරන්න දෙයක් නැහැ මොන ගොන් කතාව හරි මං මට හිතෙන හින්දා ලියනවා...

හැබැයි තව එකක්..මං කෙලින්ම පටන් ගත්තේ මහින්දට පක්ෂයි කියාගෙන.හැබැයි ඔය කේන්ති අරන් මට විරුද්ධව ආඩපාලි කියන අය කවුරුවත්ම පැහැදිලිව කියන්නේ නැහැ ඒ අය කොහාටද පක්ෂ කියලා..ඒ හැමෝම නිර්පාක්ෂිකයි.. මධ්‍යස්ථයි.. කාටවත් කඩේ යන්නේ නැහැ. ඒ අයගේ උගත් බුද්ධිය හින්දා ඒ අයට පක්ෂයක් ගෑවිලාවත් නැහැ. ඒක ඉතිං දන්නෝ දනිති. මොකද මටනං එහෙම අමාරුයි..මොකද මං පොඩි තර්ඩ් ක්ලාස් බුවා. මට එහෙම නිර්පාක්ෂිකව ඉන්න බැහැ. එහෙම ඉන්න තරං මට මොලයක් නැහැ.ඒ හින්දා මං මහින්දට පක්ෂයි..මේ රටේ සද්ද නැතිව ඉදලා පහුගිය චන්ද වලදී ගිහින් ‍සැකක් නැතිව මහින්දට මනාපය ගහලා ආව අර තුන්වෙනි පංතියේම මාත් එක කොටසක්.හැබැයි ඒ මංවගේම මෝඩ තුන්වැනි පන්තියේ බුවාලා හින්දා තාමත් මහින්ද මේ රටේ ජනාධිපති. ඒ කියන්නේ මේ රට මෝඩයින්ගෙන් පිරිලා වෙන්න ඇති. ඒකනං ප්‍රශ්නයක් තමා..ඒ මොඩයෙක් නොවෙන අයට..ඒත් මට ඒකත් අවුලක් නැහැනේ..මොකද මාත් මෝඩයා හින්දා මට මේ මෝඩයොත් එක්ක එකට කාලා එකට වැටිලා මේ රටේම නිදා ගන්න ඇහැකි.

මටත් පිස්සු..මං මොකටද රට හදන්න යන්නේ..ඔය රටේ වැරදි..කිය කිය කෑගහන අයටත් ඒක හදන්න නෙවෙයි ඕන බොරුවට කෑගහන්නයි කොහොම හරි තමන්ට ඕන නායකයෙක් බලයට එනකල් මහින්දව පතුරු ගහන්නයි විතරයි උවමනා කියලා මට තේරුනේ නැහැනේ අම්මපා.නිතං මොකටද අවංක හිතිං ටික ටික හරි වැරදි හොයලා මහින්දවත් කොහොම හරි බේරගෙන තත්වය වෙනස් කරන්න දගලන්නේ..ඔන්න ඔහේ මහින්ද ඔය ඉන්න විදියට උන්නාවේ... අනිත් උනුත් කරන දෙයක් කොලාවේ ඔව්වා වෙනස් කොරන්න ගෙහුන් තව වචනයකින් හරි මහින්දට පාරක් ගහන්න ඕනයෑ... ඔන්න මාත් කට පියා ගත්තා...

ආ තව එකක්..ඔන්න ආසනික් ගැන කියන්න ගිහින් මං නෑවා..මං අනා ගත්තා..මට වැරදුනා... දැන් හරිද එතකොට කට්ටියට සනීපද..? ඇත්තටම මට මොකටද නේද ඕවා..? කොහේද මං හිතුවේ ඕක හැමෝටම බලපාන එකක් කියලනේ..බලාගෙන ගියහම ඒක බලපාලා තියෙන්නේ මටම විතරයි. නැත්තං ඒ වෙනුවෙන් හොයා බලන එක තියෙද්දී මේ ඕන නැති මගුලක් ඇද ගත්ත මට නෙලන්න සෙට් වෙන්නේ නැහැනේ අර දැනුවත් පුද්ගලයෝ.. මං පව් අප්පා...හැබැයි මටත් තිබුනා ඕක පටන් ගද්දීම මහින්දටත් බැනලාම පටන් ගන්න ආන්න එහෙමනං මෙලහකට මට කිසි අවුලක් නැතිව ඉන්න තිබුනා.

ෂික් මගේ මේ මෝඩ මොලේට ඕවා එක පාරට එන්නේ නැති හැටි...

කොහොම උනත් ඔන්න මං හින්දා වේලි වෙලී හිටිය කිහිපදෙනෙකුටනං මේ දවස්වල රජ මගුල්... බ්ලොග් එක වහලා දින නියමයක් නැතිව නිවාඩු ගිය අයත් ගේමට ඇවිත්...
සමහර තාක්ෂණීක බ්ලොග් ලිය ලිය ඉදලා අතරින් පතර එය මොනවා හරි කෙනෙක්ව පාරෙදි දැක්කම චූන් වෙලා බ්ලොග් ලියන.. උත්සවයකට ගියහම තමනු එකේ සංවිධායක කෙනෙක් කියලා අමතක වෙලා තමන්ට තැනක් නැති උනා කියලා අඩන.. පොඩි ප්‍රසිද්දියක් දෙන්න කියලා සමහරුන්ට කියලා ඇන ගත්ත මල්ලිලත් ආවානේ ආයෙමත් වැඩ අල්ලන්න... ඔහොම තමා...
ඇනෝලා වැහැ වැහැලා මේ ටිකේ සමහර කොමෙන්ට් දාන්නේ...මොනවා උනත් මගේ මෝඩ කතා හරහා යම් ආකාරයේ පිබිදීමකුත් සමහර බ්ලොග් වලට ලැබිලා තියේ...

හැබැයි පුතෝ මං එකක් දන්නවා හෙඩිමට මගේ නම දාගත්තම තව කීයක් හරි හිට්ස් ගන්න පුළුවන් කියලත් සමහරු හිතනවා... ඒකටත් මගේ මොකෝ.. කොහොම හරි කමක් නැහැ කාගෙ කාගේ හරි ලිපි කවුරු කවුරු හරි කියවනවනං ඒකත් ‍ලොකු දෙයක්නේ...දැන් ඉතිං මගේ පතුරු ඇර ඇර හරි කමක් නැහැ වැ‍ඩේ කරගෙන යන්න..අපි එහෙමයි අපේ බෙල්ල කැපුනත් අනිත් අයට හරියනවනං සංතෝසයි.

අනිත් කාරනාව තමා මේ බ්ලොග් ලියන අය අතර මම පොරක්ද කියන ගැටළුව..? ඕක සෑහෙන දෙනෙකුට තියෙන අවුලක්... ඇත්තටම මම පොරක්..ඒ මටම...? හැබැයි බ්ලොග් ලෝකෙට නෙවෙයි. මට මං ගැන හොද විස්වාසයක් තියෙනවා... ලියන එකෙන් මං හොද සතුටක් ලබනවා. ඒ අතරෙදි කාට හරි දෙයක් කියවන්න දෙන එක ගැන මම සංතෝස වෙනවා. හිට්ස් කියන දේ මට කවදාවත් ගැටළුවක් වෙලා නැහැ..හිටිස් ගැන බැළුවොත් අද මේ බ්ලොග් අවකාසේ ඉන්න දැවැන්තයා වෙන කවුරුවත් නෙවෙයි මගේ ලෝකය ලියන රංග නොහොත් අසේල...ආයේ ඒකේ කතා දෙකක් නැහැ...ඉතාම කෙටි කාලයක් ඇතුලත දැනට අරං තියෙන හිටිස් ගානත් එක්ක බැළුවම අනිත් හිට්ස් වැඩි අයගේ බ්ලොග් වල ආයු කාලයට සමාන කාලයක් යද්දී අපිට හිතාගන්නවත් බැරි තරං හිට්ස් ප්‍රමාණයක් රංගට ලැබෙනවා. එහෙම බැළුවාම මට මොන හිට්ස්ද..? යාන්තං තාම ලක්සේ පැන්නුවා විතරයිද කොහේද..?

ඒත් මං දන්නවා එක දෙයක්...මටත් මෙතන දෙයක් කරන්න හම්බ උනා කියලා... මං ඒ ගැන සතුටු වෙනවා... ඇත්තටම මේ වගේ උත්තේජනයක් ලැබුනම තව තවත් මාව ලියන්න පෙළඹෙනවා...නැත්තං අද මේක ලියන්න හිටිය ලිපියක් නෙවෙයි... මොකද අළුතින් පටන් ගත්ත ව්‍යාපාරයත් එක්කයි මගේ රස්සාව එක්කයි මං ලොකු සටනක් කරන්නේ... මගේ බෝඩිං කාමරෙට මං යන්නේ දවසක් ඇර දවසක් රෑට විතරයි..අදත් මේ කේන්දර බලන ගමන් අතරින් පතර ඔළුව දානකොටනේ මේක දැක්කේ... නැත්තං මං හිතං හිටියේ මාසෙකට යන්තං පෝස්ට් 10ක්වත් දාන්න විතරයි. ඒ විතරක් නෙවෙයි පෝස්ට් 500ක් ලිව්ව දවසට මේක වහලා දාලා නිකං ඉන්නයි. ඒත් මෙහෙම උත්තේජන හම්බ වෙද්දී ඒ කාරනාත් කැලේ යනවා.

මිනිහෙකුට පහර ගසන්න විතරක් ඉදිරිපත් වෙන... මිනිහෙකුට හිත ධෛර්යමත් වෙන්න කවදාවත් දෙයක් නොකියන... ඒ විතරක් නෙවෙයි බ්ලොග් එකකට හොදක් කියලා කොමෙන්ටුවක් දාන අයටත් බනින... තනිකරම ඊර්ෂ්‍යාව පමණක් වපුරන උගත් ණැනවත් මහතුනේ... ඔන්න මාරයා පරාද උනා... ආයෙමත් ආසනික් ගැන නෙවෙයි සයනයිඩ් ගැනවත් නොලියන්න තරමට මාරයා පරාද උනා.. ආයෙමත් මේ වගේ කතා අතරට නොපැටලෙන්නට තරමට මාරයා කුජීත උනා..දැන් ඔබලාට අවස්ථාව ඇත.. සතුටුවන්න.. මේ ඔබේ කාලයයි...

කැමති තරං බැන වදින්න... අපහාස කරන්න නෝන්ඩි දමන්න.. සාටර්ම කරලා දාන්න... ඔබට ඒ සඳහා ශුද්ධ වූ අයිතියක් ඇත...

85 comments:

  1. මාරයියා මේ පාර තමා නියම දේ කරලා තියෙන්නේ. ඇති යන්තම් ඔය කියපු එවුන්ගේ හිත හැදුවා. නැත්නම් ඇත්ත කියන කොට‍ හැමදාම උන්ට රිදෙනවනේ. දැන්වත් නින්ද යයි. මොනවා උනත් කර ගත්තේ ලොකුම කුසල කර්මයක්. නැත්නම් ලොවෙත් නෑ වගේ හිටපු උන්ව කෝම ගෙන්න ගන්නද ?. ගෙන්නලා දැන් හිතත් හදලා.

    මාරයි ඈ. හික් හික්.

    ReplyDelete
  2. ඒ බන් මාත් අර කියපු තුන්වෙනි පන්තියේ නොවැ :DDD

    [මාරයියා ඇනෝ කමෙන්ට් මකන්න එපා ඇ....]

    ReplyDelete
  3. @සුපර්...

    බොට පිස්සුද යකෝ ඔහොම කොමෙන්ට් දාන්නේ.. ඔහොම දාන අයට කියන්නේ ලාමක ටින් ටින් අයළු.. උඔ එහෙම වෙන්න එපා බං..

    @වැප්...

    එව්වටනං එන්න එපා වැප්..අඩුගානේ මට ඒ පංතියවත් තනියම නියෝජනය කරන්න දියං...ඇයි ‍යකෝ දෙයියනේ කියලා මට දැන් තියෙන්නේ එච්චරයි..:D
    අඩේ ඇනෝ කොමෙන්ට් වහලා තිබුනේ..ඒත් ඒකත් ඇරලා දැම්මානං හරි නේද..? ගන්න ආතල් එකක් හිතේ හැටියට අරගෙන යන්න..ඔහොම හිටිං..ඒකත් කරලා දාන්න..ඊයේ පොසොන් උනාට අද දන්සැල් දුන්නට කමක් නැහැනේ..?

    ReplyDelete
  4. අඩේ මම ලාමක ටින් ටින් ද බං.

    ReplyDelete
  5. ඇරූ ඇරූ .. ඇනෝ ආතල් එකක් ගත්තේ නැහැ හුඟ දවසකින්

    ReplyDelete
  6. @සුපර්...

    නැත්තං..උඹටත් එකෙන් ගැලවෙන්න ඕනනං දාහං බැනලා එකක්...

    @වැප්...

    ඇරියා ඇරියා..ඔන්න..දැන් උඹත් වරෙං ඇනෝ හැටියටම..:D

    ReplyDelete
  7. අනේ මං දන්නෙ නෑ බං . . . . තනි අලිය වෙච්චි මට උඹේ රාජපක්ෂ පක්ෂපාතීත්වය ගැන අවුලක් නෑ . . . . . අනික උඹ මොනව ලිවුවත් මොකද ??? මම කැමති නං කියවනව නැත්තං නිකං ඉන්නව . . . . .
    කොහොමත් බ්ලොග් කාරයො අතර මට නං උඹ "පොරක්"

    ReplyDelete
  8. චික්...මේ හදිස්සියේ බනින්න බෑ...ඇවිල්ලම බනින්නම්...ටටා හොදේ....

    ReplyDelete
  9. කිසි කෙනෙක් නොදන්න කිසි කෙනෙක්ට වැඩක් නැති කෙනෙක් තව කෙනෙක්ට හරි පක්ෂෙකට හරි කඩේ යාම කාටවත් කිසිම ප්‍රශ්නයක් නෑ බන්

    ඒත් සමාජයේ අනෙක් උන් අතරේ පිලිගැනීමක් තියෙන සමාජය ජීවත් වෙන අයට බලපෑමක් කරන්න පුලුවන් කෙනෙක් එක් පාර්ශවයක් වෙනුවෙන් කඩේ යෑමේ මහා බරපතල ප්‍රශ්නයක් තියෙනවා.

    මම කියන්නේ අත්දැකීමෙන්.

    රෝහන වීරසිංහ, වසන්ති චතුරානි ගේ එහෙම නිර්මාණ මම ඉස්සර බොක්කෙන්ම රසවින්ඳා. ඒ නිර්මාණ වල ජීවත් වෙන්න උත්සාහ කලා. ඒ නිර්මාණ වල චරිත වෙන්න උත්සාහ කලා.

    ඒත් බඩගෝස්තරය වෙනුවෙන් එක පක්ෂයක් වෙනුවෙන් කඩේ යන නිර්මාණශිල්පියො උනාට පස්සේ ඒ අයගේ නිර්මාණ දිහා බලන්න වත් හිත හදා ගන්නේ අමාරුවෙන්. බැලුවත් බලන්නේ හිතේ කහටක් තියාගෙන.

    මුන් මේ කියන තරම් සංවේදී නිර්මාණ ශිල්පියෝ නම් ඇයි මාධ්‍ය වලින් පෙන්නලා දෙන ආන්ඩුවේ ම ඉන්න කුඩු බිස්නස් කාරයින්ට එරෙහි වෙන්නේ නැත්තේ . . . නීතිය අතට අරන් රජයේ සේවකයෝ ගස් බැඳලා පස්සේ ඒ මිනිහා ලව්වා තමන්ම ගහේ බැඳගත්තා කියලා දිවුරුම් පෙස්සම් ගන්න ඇමති වරුන්ගේ ක්‍රියාවන්ට විරුද්දව කට හොල්ලන්නේ නැත්තේ . . . නීතිපති ඉල්ලා අස්කරගත්තු චන්දන කත්‍රී ආරච්චිගේ නඩුව වගේ දේවල් වලින් නීතිය ගැන මිනිස්සුන්ගේ විසාවසය බිඳෙනවා කියලා නොකියන්නේ . .

    සමාජයේ පිලිගැනීමක් තියෙන කෙනෙක් අවංකව කඩේ යනවා නම් බොහොම කෙලින් තමන් කඩේ යන පාර්ශවයේ වැරදි අසාධාරන ත් විවේචනය කරන්න ඕන. එහෙම නැති වුනොත් ඒ කෙනාට සමාජයේ මිනිසුන්ගෙන් එතෙක් ලැබුනු මල් නැතිවෙලා යනවා විතරක් නෙමෙයි ගල් ලැබෙන්නත් තියෙන ඉඩ කඩ බොහොමයි . .

    කවුරුවත් කිව්ව පලියට පරාජය භාර ගැනීම නෙමෙයි . .. තමන් කරන දේ කොන්ද කෙලින් තියාගෙන තමන්ට කරන්න පුලුවන්ද බැරිද කියලා තේරුම් අරගෙන උඩුගං බලා පීනන්න බෑ කියලා උත්සාහය අත්හරිනවා කියලා පරාජය භාර ගැනීමක් වෙනවා නම් ඒක එක්තරා ආකාරයක පිලිගත හැකි පරාජයක් වෙනවා . . .

    ජය

    ReplyDelete
  10. අනේ පල මාරයෝ.. උබ මහලොකු පොරක්ද ?
    රංගයා හිට්ස් වැඩි කරගත්තෙ කුකීස් වෙනස් කරලා :P උබත් එහෙම කරලා අපිට නිකං ෆිල්ම් එක පෙන්වනවා..
    අපි රැවටෙයි ඔව්වාට :P හාහාහාහාහා :D

    ReplyDelete
  11. අඩෝ මාරයා.. මං නම් ෆොන්සේකා මාමාට චන්දේ දෙන්නෙ උන්නා නම්..!

    බොට මතකනේ FB එකේ සාටර් උනා චින්තන ලොක්කා ගැන කතාකරලා :P
    හොද වැඩේ බොට. මාත් දානවා ඇනෝ කමෙන්ට් :P

    ReplyDelete
  12. වැරදි ඇසින් බලන කළ පෙනෙන්නේම වැරදිය. ගනන් ගන්න එපා. දිගටම ලියන්න.
    මැණික්

    ReplyDelete
  13. තමන්ගේ අදහස හරි වුනත් වැරදි වුනත් ඒක තමන්ට ලියන්න අයිතියක් තියනවා, ඒක තමන්ගේ මතේනෙ. ඒකට අනිත් අයට කැමති නම් එකඟ වෙන්න පුලුවන් අකමැති නම් නිකං ඉන්න පුලුවන්.

    මම දකින විදියට මාරයා කියන්නෙ සිංහල බ්ලොග් ලියන අයට හුඟක් උදව් තියන කෙනෙක්. ඒක අලුතින් බ්ලොගකරණයට ආපු අය දන්නවා.

    කල්හාර දිසානායක

    ReplyDelete
  14. මාරයියා, ගණන් ගන්න එපා ඔන්න ඔහේ ඕන එකෙක් ඕනම දෙයක් කියපුවාවේ. ඔයාගේ සිතට එන හැමදේම ලියල දාන්න. එපා එවුන් කියවන්නේ නැතුව ඉදිවි.

    බ්ලොග් අවකාශය තුල පොඩි කූඹියෙක් උන මට අර ඕනයා කියන විදිහට රංග සහ ඔබතුමා පොරවල් දෙකක්.

    ReplyDelete
  15. දැන් මේකනෙ වෙලා තියෙන්නෙ.. මාර අයියා ඉස්සර එකසිය ගානට ලියල දැන් මාසෙට පෝස්ට් 10 විතරක් දාන්න් හිත හදාගෙන 500 මේක නවත්තල දාන්න හදන එක එයාලට බලන් ඉන්න බැරි වෙන්න ඇති.. ඔය මොනව මොනව හරි කියල මාරයියට කියල ලියවන්න හදන්නෙ... ඉස්සර මම මොන්ඩිසෝරි යන්න බෑ කියල අඩනකොට අපේ සීය ලේස්ති වෙනවා මම යනව මොන්ඩිසෝරියට කියල මගේ බෝතලෙත් අරගෙන...ඔන්න මමත් ගොනා වගේ ලේස්තිවෙලා යනව සීය මොන්ඩිසෝරියාවි කියල බයේ... ඕව කුමන්ත්‍රන මාර අයියේ... අහුවෙන්න එපා ඕවට..
    මාර අයියා පොර නිසා නේන්නම් ඕකුන් ලියවන්න හදන්නෙ මාර අයියට කියල... අහුවෙන්න එපා.. හික් හික් :D

    ReplyDelete
  16. ඕවා ගණන් ගන්න එපා මාරයියේ.
    එක එක අයට තියෙන්නේ එක එක අදහස්. සමහරු තමන්ගේ මතේට විරුද්ධ වෙන අය දිහා බලන්නේ හරිම ක්‍රෝධයෙන්. කෙනෙක් තමන් දරන මතයට විරුද්ද මතයක ලිපියක් ලිව්වොත්, ඒ පිළිබඳව තමන් දරන මතය හා ඒ මතය කොච්චර දුරට නිවැරදිද කියලා කරුණු දක්වනව වෙනුවට කරන්නේ ලිපිය ලියපු කෙනාට පළු යනකම් බණින එකයි. පිස්සෝ!
    බල්ලෝ බිරුවට කඳුපාත් වෙනවයැ!

    ReplyDelete
  17. මගේ දේශපාලනේ නම් ඔයාගේ දේශපාලනේට වඩා ගොඩක් වෙනස්. හැබැයි මමත් ඔය කියපු තුන්වෙනි පන්තියේම එකෙක්... ඕනය කිව්වා වගේ අපේ දේශපාලනේ මොකක් උනත්.. කොහොම උනත්, කවුරු මොනවා කිව්වත්, අර පටන්ගත්ත වැඩේ නවත්තපු එක නම් ජාතික අපරාදයක්. මහින්දට කඩේ යාම = තමන්ගේ රට වෙනුවෙන් කඩේ යාම නොවුනත් තමන්ගේ රටේ දුෂණ වංචා ගැන වචනයක් හරි ලියන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.

    ReplyDelete
  18. දුකා කියන යම් දේ ගැන එකඟයි.

    ReplyDelete
  19. මාරයියේ,බ්ලොග් එකේ ඔයාට ඕන දෙයක් ලියන්න අයිතිය තියෙනවනේ.ඔයා ලියන්න.
    ඔයා ඒ ලියපුවයින් කෙනෙක්ගෙ හිත රිදිලනම් ඒ ඔයාව එයාට "පොරක්" නිසා.මොකද මේ වගේ පොරකුත් මහින්දට කඩේ යනවද කියල දැනගත්තහම එයාගේ මත වෙනස් වෙන නිසා...
    මෙතෙක් කාලෙකට ඔයාව "පොරක්"උන සමහරුන්ට ඔයාව දැන් පොරක් නොවෙන්න පුලුවන්.මොකද ඔයා මහින්දට කඩේ යන නිසා.පොරක් නොවෙච්ච ඔයා තවත් කෙනෙක්ට පොරක් වෙන්නත් පුලුවන්....
    කොහොම උනත් ලියන්න.කියවන්න අපි ඉන්නවා.

    ReplyDelete
  20. @දුකා...

    අද මං මේ ආතල් එකේ ඉන්න මිසක් මෙවට ඇගට අරන් උත්තර දෙන්න හිතුවේ නැහැ..ඒත් දුකා කියලා තියෙන දේ දැක්කම ආයේ හිතුනා වචනයක් හරි ලියන්න ඕන කියලා...

    ඇත්ත...
    උඹ කියන දේ ඇත්ත.අපි අදහන අපි පිළිගන්න කෙනෙක් එහෙම රැචි නැති දෙයක් කරන කොට අපිට එහෙම හිතෙනවා තමා.. මොකද ඕකට හොඳම උදාහරණය උඹ..මං මීට කලින් ලිපියකත් කිව්වේ..මටත් සමහර වෙලාවට උඹ සමහර අඩවි වල හුරේ දාලා දාපු කොමෙන්ට්දිරෙව්වේ නැහැ. මොකද මාත් උමව බොහෝම ඉහළින් තියාගෙන ඉන්න හින්දා.ඒත් මේ මෝඩයා දන්නවා ඒ උඹේ අයිතිය කියන එක..උඹ අදහන දේ කියන එක...

    එතනදී උඹ ජනප්‍රිය හින්දවත්..මට උඹ පොරක් උනා කියන එකවත් උඹේ අදහස දැක්වීමට බාධාවක් වෙන්න ඕන නැහැ කියලා මගේ මේ මෝඩ මොලේට තේරෙනවා... එහෙම වෙලාවට මම මොන තරම් උඹයි මමයි වෙන මතවල උන්නත් හිනාවෙලා ආපහු එනවා. මං හිතන්නේ උඹ මේක දන්නවා.

    තමන් කාටද කත් අදින්නේ කියලා කෙලින් කියන්නේ නැතිව තමන්ගේ ජාමෙත් බේරගෙන ගහන්න ඕන ගැහිල්ලත් ගහන්න හුගක් අය කැමති උනාට මට ඒ දේ කරන්න බැහැ.ඒත් මගේ මෝඩකම..නැත්තං මටත් පුළුවන් වෙන නමකින් හරි..ඇනෝ හරි ගිහින් එහෙම කමෙන්ට් කරන්න..

    ඒත් මං අද මේවෙනකල් එහෙමවත් කරලා නැහැ..මොකද මට ඇනෝ කමෙන්ට් එහෙකින් එහෙම කාට හරි බැනලා එනවා කියන්නේ මං විහින්ම නපුංසකයෙක් උනා වගේ කියලා මට හිතෙන්න පුළුවන් හින්දා...

    එතකොට වෙන්න ඕන මං කට වහගෙන ඉන්න එකද..? මගේ මතේ හංගන එකද..? ඇත්ත වහගෙන පරම පවිත්‍ර විදියට අනේ මං කාටවත් පක්ෂ නැහැ කියන තැන ඉඳගෙන වටේට වනන එකද..? මොකද මං දන්නවා එහෙම අපි වැනුවට වටේ ඉන්න උන් අපි මොකාටද කඩේ යන්නේ කියන එක පැහැදිලිව දකිනවා කියන එක...

    ලතා වල්පොල..ජෝතිපාල යූ එන් පී ස්ටේජ් එකට නැග්ගා කියලා මගේ හිතේ කහටක් අදටත් නැහැ..මං හිතන්නේ ඒ මගේ මෝඩ මොලේ හිනදා වෙන්න ඕන..ඒ මිනිස්සුන්ටත් තියෙන අයිතිය පිළි ගන්නේ මගේ මෝඩ කමට වෙන්න ඕන...

    එදා ජෝතිට තිබුන අයිතියම අද රෝහණ වීරසිංහට නැති වෙන්නේ ඇයි..එදා මාලනීගේ අයිතිය අද වසන්තිට අහිමි වෙන්නේ ඇයි..ආන්න ඒකයි මට තියෙන ගැටළුව දුකා..?
    ඇයි එහෙම වෙන්නේ..?

    උඹට තියෙන අයිතිය මට නැද්ද..?
    මමත් කරන්න ඕන මැදහත් කියාගෙන ආණ්ඩුවට කඩේ යන එකද..? මට කෙලින්ම කියන්න අයිතියක් නැද්ද..?

    ඔය ආණ්ඩුවට බනින මැදහත් කියන කට්ටිය හෙට චන්දෙදි වන්දේ කැන්සල් කරලා ගෙදර එයිද දුකා..? මොකද මහින්දට දෙන්නත් බැරිනං..අනිත් අයට දෙන්න හිතෙත් නැත්තං ඒකනේ කරන්න වෙන්නේ..

    අපි මැදහත් ඒත් මේක පෙරලන්න එෟන හින්දා අහවල් එකට දෙනවා ඒත් ඒ බැදීමකට නෙවෙයි කියලනං උත්තර දෙන්න පුළුවන් වෙයි.එහෙමනං අඩුම ගානේ ඔය මහින්දට බනිනකොට මීට වඩා අරකා හොදා කියලවත් කියන්න පුළුවන් නේද..?
    නැත්තං කියන්න පුළුවන් මං ඔය කාටවත් චන්දේ දෙන්නේ නැහැ කියලා..මොකද ඒක තමා ලේසිම උත්තරය ගැලවිජ්ජාවට...

    හා ඔය මදෑ..මේක දිගට අදින්න මට උවමනාවක් නැහැ..නැත්තං අන්තිමට හිත් රිදෙන්නේ වෙන කාගෙවත්...

    ReplyDelete
  21. eka tamai ban mama kiwwe

    "සමාජයේ පිලිගැනීමක් තියෙන කෙනෙක් අවංකව කඩේ යනවා නම් බොහොම කෙලින් තමන් කඩේ යන පාර්ශවයේ වැරදි අසාධාරන ත් විවේචනය කරන්න ඕන. එහෙම නැති වුනොත් ඒ කෙනාට සමාජයේ මිනිසුන්ගෙන් එතෙක් ලැබුනු මල් නැතිවෙලා යනවා විතරක් නෙමෙයි ගල් ලැබෙන්නත් තියෙන ඉඩ කඩ බොහොමයි . . "

    kiyalaa

    ReplyDelete
  22. පට්ට උත්තරයක් බන්. නියමයි.
    හැබැයි ආසනික් කේස් එකේ ඇත්තම කතාව එලියට ආපු දවසක පොස්ට් එකක් දමල ඇත්ත පිලිගන්න පුලුවන් නම් ඒක වටිනව.
    මමත් ඔය comments ටික දැක්කා. මාර දුකක් බන් දැනුනෙ.
    මෙතන ආසනික් ගැන ගැටලුවක් නෙමෙයි වගේ තියෙන්නෙ. මාරයගෙ හිට්ස් වල ගැටලුවක්.
    සරල දේවල් ලියනව නම් වටිනව දේශපාලනේ ගැන නොලිය.
    ජය වේවා.

    ReplyDelete
  23. එල එල මාරෙ අයිය... ඔය උගත් බුද්ධිමත් අය හරි කරදරයක් අප්ප වෙලාවකට...

    ReplyDelete
  24. මාරයෝ..මම උඹගෙ බ්ලොග් එකට ගොඩවුන මුල් දවස් වල උඹ පෙන්නුවෙ සම්භාව්‍යය පස්වෙනි මණ්ඩලයේ චිත්‍රපටියක්නෙ..ඒක නැගලා ගිය නිසානෙ මමත් මේ පැත්තෙ නිතර ආවෙ. ඊටපස්සෙ ඔන්න පොඩි පොඩි සිංදු, මල් කඩන සීන් එක්ක වාණිජ චිත්‍රපටි පටන් ගත්තා. මම හිතන්නෙ එක ෆයිට් එකකුත් තිබුනා..

    ඊට පස්සෙ ඉන්ටවල්...ඒ වෙලාවෙනෙ අර ඇඩ් දාන්න දුන්නෙ...හැබැයි ඒ වැඩේ නම් නියමයි.
    ඔන්න ඉන්ටවල් ඉවර වෙලා..විරහ ගීයක් ගියා...මෙන්න ආයෙත් ෆයිට් එකක් ...උද්වේගකර අවස්ථාවක්...මේ බ්ලොග් එකට මේ තරම් හිට් තියන එක පුදුමයක්ද බං.?

    කොමෙන්ට් එක දිග වැඩියි මාරයො...ඉතුරු ටික පස්සෙ කොටන්නම්.
    එතකන් මේ ටික විතරක් මම මතක් කරන්නම්
    මග හොඳට තිබේ නම්, දෑසත් පෙනේ නම්, කිම මේ මං මුලාවුවකු සේ

    ReplyDelete
  25. තමන්ගේ බ්ලොග් එකේ තමන්ගේ අදහසක් කිව්වම ( කුණුහරුපයක් නොවන දෙයක් )එකේ තියෙන වැරැද්ද මොකද්ද කියලා මයිය ටත් තේරෙන්නේ නැ...හරක් මඩුවක උම්ඹැ කියනවද, සිOහ ලෙනේ සිOහනාද කරනවාද කියලා තීරනය කරන එක, කියවන එක්කෙනාට සාපේක්ශයි නෙව...තමුන්ගේ හදවතින් එන්නැති දෙයක් , අන් අයගේ බලපෑමට වෙනස් කරලා ලියනව නම් ,අන්න ඒක තමයි වැරැද්ද..

    ReplyDelete
  26. මේ පෝස්ට් එකෙන් තමයි සෑර් ඇදගෙනම නෑවේ!

    below the belt ගහන එක වැරදියි නේ බොස්!

    අනික තමන් බිල ගෙවාගෙන නෙට් එන්නෙ නැති අයට කට වහන් ඉන්න කියන එක මිහිඳු ප්‍රජාතන්ත්‍රවාදයද සෑර්??

    ReplyDelete
  27. අනේ බං උඹට ඕන දෙයක් ලියපං අපි වගේ ලාමක ටිං ටිං ල ඉන්නවනේ ඕව කියවල කොමෙන්ට් දාන්න.

    ReplyDelete
  28. දේශපාලන කාරයනක් කියනකොට ඒ ගැන විවේචන එල්ල වෙන්න පුලුවන් කියන එක ඉතාම සාමන්‍යයි . මාරයා හෝ වෙනත් ප්‍රසිද්ධ බ්ලොග් කරුවෙකු තරම් බලපැමක් කරන්න බැරි උනත් . දෙතුන් වතාවකදි මගෙන් ලියවුණු දේ ගැනත් එහ්ම තත්වයන් ඇති වුනා , වෙන අය තමන්ගෙ බ්ලොග් හර්හා විවේචනය කලා . ඒවට පිලිතුරු දෙන්නේ නැතුව මං පරාදයි ,මම මෝඩය , මං නූගතා කියල කියා ගන්න එක දේශපාලනිකව අසාර්ථක කාරනයක් . මේ ලෝකේ කිසිම කෙනෙක් අපක්ෂපාතී නැ , මාත් එහෙමම තමයි . වෙනස ඔබතුමා අපේ රටේ එක් දේශපාලන නායකයෙක් අදහත්දි මං අදහන්නේ එක් දේශපාලන ප්‍රතිපත්තියක් . ලංකාවෙදි ප්‍රධාන පක්ෂ දෙකම ඒ ප්‍රතිපත්තියට අනුගත වෙන නොවෙන අවස්ථා තියනව . ඒනිසා එක් පුද්ගලයෙක් හෝ පක්ෂයක්ම බදා ඉන්න මට හේතුවක් නැ . ඒ වගේම මම ඡන්දෙ දුන්න කෙනා උනත් කරන වැරැද්දක් විවේඡනය කරන්න බැරි කමකුත් මට නැහැ . කොහොම උනත් ආසනික් සිද්දියෙදි ඔබතුමා සමස්ථ සිද්දිය කියෙව්වා වැරදිය කියලයි මම එදා ඔබතුමාගෙ ලිපියට යටින් ලිව්වේ , ඒකට ඔබතුමා දුන්න ප්‍රතිචාරයත් එක්ක මම ඊයෙ ලියපු ජාතියේ ලිපියක් ලියන්න ලැබේයි කියල මට හිතුනෙ එදාමයි . එහෙම නැතුව ඔබතුමා දේශපාලනිකව පක්ෂ කාටද කියන එක නෙවෙයි ප්‍රශ්න කරන්නේ , ඒ පක්ෂපතී කමත් එක්ක මේ සිද්දිය පටලවා ගත්ත එක ගැනයි මම කථා කරන්නෙ

    මට ඔබතුමා එක්ක පෞද්ගලික තරහක් නැ , අපි කාටවත් නැති ජීවන අත්දැකීමක් ඔබතුමා අතින් ලියවෙනකොට ඒකට එකතු වෙන්නත් , මේ වගෙ දේශපාලන කරනයකදි විවාද කරන්නත් මම හෙටත් සූදානම් . මේ ප්‍රශ්නයම උනත් කණපිට හැරෙන්න උනත් බැරි නැ , මොකද් මේ ලංකාව

    ReplyDelete
  29. අපි මාරයියා සමගයි......

    ReplyDelete
  30. ගා ගත්ත නේද හත් පොලේම. උඹ වගේ හරකෙක්.

    ReplyDelete
  31. මාරයා මල්ලී,
    මම මේ ලෝකෙ දකිනවා උගතුන් තුන් ගොල්ලක්.
    1. පොත පත ඇසුරු කරන් පොත් කට පාඩම් කරන් විභාග විතරක් අරමුණු කර ගත්ත කොටස.

    2. පොත පත ඇසුරු කරත් විභාග සමත් කලත් ප්‍රායෝගිකත්වයට මුල් තැන දෙන අය.

    3 මෙලෝ විභාගයක් සමත් නැති නමුත් මහා දැණුමක් සහිත ප්‍රායෝගික මිනිසුන්. පොත් පත් වැඩියෙන් ලියලා තියන්නේ මේ අය. මම ඔබට ඉතා වටිනා චරිත කීපයක් නම් දෙන්නම් සොයා බලන්න මේ අයගේ මූලික සුදුසුකම් මොනවද කියලා.
    1. මාචාර්ය්‍යය සෙනරත් පරණවිතාන
    2. මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්
    3. ආචාර්ය්‍යය ඒ. එන්. එස්. කුලසිංහයන්
    තව දෙන්න පුළුවන් මේ මිනිස්සු ලෝකයේ සම්භාවනාවට පත් වුනේ මූලික විභාග නිසා නෙමෙයි. තමන්ගේ කල්පනාව හොද නිසා. කාටත් නැති දක්ෂකමක් තිබ්බ නිසා. හැමදේ ගැනම හරි විදියට හිතපු නිසා.
    ඉතිං දේශපාලනය නැත්තේ කාටද?
    ඒක අපේ පෞද්ගලික දෙයක්. මගේ භාර්යාවගේ කැමැත්තවත් මට නම් වැඩක් නැහැ. ඒක එයාගේ තේරීම.
    ඒ නිසා තවලම යන්න ඕනේ නේද???
    ගල් ගැහුවට වැඩක් වේද???

    ReplyDelete
  32. හිතවත් මාරය,

    කරුණාකර බ්ලඔග් ලියන විට ප්‍රතිචාර වලට හිත රිදේ නම් ප්‍රතිචාර වසා දමා (comments off) ලිවීමේ හැකියාව ඇත. අපි ඉහත ලිපියෙහි කථා කල කාරණය දේශපාලනික එකකි.

    නිලධාරීන් තමන්ගේ එදිනෙදා රාජකාරිය හරියට කිරීමට ජනාධිපති මැදිහත් වීමක් අවශ්‍ය වීමට තරම් ද , නලින් ගෙ පිස්සු විකාර නැටිල්ලෙන් පිම්බෙන්නට යාමද ඇතුලත් වූ කාරණාවකි.

    අනික ඔබ කිවූ තරම් රටේ නායකයා බබෙක් ද යන කාරණාවත් කියවූ අප තුල සිතට නැගුනේ ඔබ දමා තිබූ ප්‍රතිචාර කියවීමෙනි.

    බවුන්සර් වලට ගහන්නට බැරි නම් බැට් කරන්න මැදට යන්නෙ මොකටද ?

    ReplyDelete
  33. බං උඹ කියන විදියට තුන්වෙනි පංතියේ මිනිස්සු ඔක්කොම මහින්දව බලයට පත්කලා කියන එක වැරැදියි. මහින්ද වෙනුවෙන් අද උඹ වගේම එදා කඩේ ගියේ තුන්වෙනි පංතියේ මිනිස්සු නෙවෙයි. මේ රටේ ඉහළම කෙරුම්කාරයෝ ටික කියන එක මතක තියාගනින්. අද මහින්දව වහකදුරු වෙලා ඉන්න ආචාර්ය මහචාර්ය වරු තමයි ඒ පෙළපාලියේ ඉදිරියෙන්ම හිටියෙ. ඊළඟට රටේ ඉහළම තනතුරු දරණ නිළධාරී. ඊළඟට ජනප්‍රියම කලාකාරයෝ, මාධ්‍යවේදියෝ ටික. මේ කියපු කණ්ඩායම් වලින් මහින්දට විරුද්ධ පිලේ හිටියෙ කලාතුරකින් එකෙක් විතරයි.
    ඉතින් තුන්වෙනි පංතියේ මිනිස්සුන්ගෙ උදව්වෙන් නෙවෙයි මහින්ද ඔතැන ඉන්නෙ. ඔය කට්ටියම එදා අනෙක් කෙනාට කඩේ ගියානම් එයා තමයි අද එතැන ඉන්නෙ. ජනමතය හදන්නෙ මේ පාර්ශ්ව තමයි.
    ඉතින් පක්ෂපාතී ඇස් වලින් දකිද්දි ගොඩක් දේවල් පේන්නෙ නෑ. ඉතින් මේ දේශපාලකයො කරන දේවල් දිහා කිසිම පක්ෂපාතී බවක් නැතිව පොඩි ළමයි සෙල්ලම් කරන හැටි වැඩිහිටියෙක් බලන් ඉන්නව වගේ බලන් හිටියොත් විතරයි ඇත්ත තත්වය තේරුම් ගන්න පුඵවන්.
    උඹටත් වඩා පහත් තැනක ඉන්න එකෙක් මම. ඒක නිසා අද මේක ලියන්න පුඵවන් වුණා ඇනෝ තීරුවක් දාල නිසා. නැත්නම් මෙහෙමවත් ලියන්න විදියක් මට ලැබෙන්නෙ නෑ. ඉතින් මම දන්න එක දෙයක් තමයි මම ඉන්න පංතිය වෙනුවෙන්නම් මහින්දවත් අද ඉන්න කිසිම දේශපාලකයෙක්වත් කවදාවත් කරල ඇති දෙයක් නැති බව. එච්චරයි කියන්න තියෙන්නෙ.
    මාව හතරවෙනි පංතියට දාපං ඒක නිසා.
    උඹට ජය.

    ReplyDelete
  34. ඇති යන්තම් රාජපක්ෂ කියන එක තහනම් වචනය කොරගෙන දූෂණ වංචා ගැන ලියන්න මහින්ද අබේසුන්දරට පුළුවන් වුනාට මාරයට බැරි බව යන්තම් හරි තේරුම් ගත්තා. ඔන්න මාරයෝ ඔය ලොකු ලොකු රාජපස්සලට පාඩුවෙ ඉන්ඩ දීල අපි බ්ලොගක් ලියාගෙන බසක් පැදගෙන ඉමු.

    ReplyDelete
  35. මාරයියේ උබ නේ වරද්දගත්තේ,,මේ නංගිලා මල්ලිලා පොඩි උන් පිරිවරාගෙන බනක් ,ජාතක කතාවක් කියලා දීලා ඉන්නේ නැතුව උබ ගියා ලොක්කන්ට ලොකු කතා ලියන්න,,,අපි පොඩිඋන්ව දාලා ගියාට හොද පාඩම් උබට... ඔන්න ඔහේ ඉක්මනින් වරෙන් අපි මේ පොඩි උන් ටික උබ එනකන් බලන් ඉන්නවා ආයෙත්...

    ReplyDelete
  36. නියමයි මාරයියෙ එහම නං ඉතිං මාත් තර්ඩ් ක්ලස් නෙව, හැබැයි බං මට රෑට හොඳට නින්ද යනවනෙ.

    කලබල නොවී ඉඳහං, ගොඩක් දෙනා ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ එවුන්. ඒ අතින් තර්ඩ් ක්ලාස් උඹ සෑහෙන්න හොඳයි.

    ReplyDelete
  37. අනේ මන්දා බන් මාරයා අයියා මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්ලුනේ ඉතින් තමන්ට කැමති පක්ෂෙකට ඡන්දෙ දෙන්න කඩේ යන්න බෑලු පාලක පක්ෂෙ මොකක් වුනත් කරන්න ඕනෙ ඒකට බනින එකලු ඒකට පක්ෂව කතාකරන එක නෙවෙයිලු ඒකෙ මොන හොද තිබුනත් අඩුපාඩුවක් අල්ලගන්නම ඕනෙලු ඊට පස්සේ ඒ අඩුපාඩුව ගැනම දොස් කියන්න ඕනෙලු පුලුවන්නං ජාත්‍යන්තරෙත් ඕකට සහය ගත්තොත් තවත් නියමයිලු... පුලුවන්නං ලංකාවත් ලිබියාව වගේ කරන්න ඕනෙලු... ඒවුනාට ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් මැරුනත් කටක් හොල්ලන්න බෑලු... බ්ලා බ්ලා බ්ලාලු...

    ReplyDelete
  38. මම මාරට විරුද්දව ලියපු බ්ලොග් එකකට කොමන්ට් කලා...මාරට විරුද්ද පැත්තට තමා ඒ...
    මම කිව්වෙ මාර ය ජනප්‍රියයි...සුජීව ප්‍රසන්නත් ජනප්‍රියයි..අපි මාරයගෙ බොළඳ බ්ලොග් කලාව වෙනුවට අලුත් එකක් හදමු..අලුත් ට්‍රෙන්ඩ් එකක් හදමු කියල....

    ඒත් ඒකට වෙන කෙනෙක් දාපු කමෙන්ට් එකක තිබුනෙ...මාරයා නොවේ ජනප්‍රිය වෙනත් කෙනෙක් කියාලත්..සුජීවට තියෙන මාකට් එක මාරට නෑ කියලත් තමා...

    මම ත් ආසනික් ගැන ලිව්ව ඒත් කිසි කෙනෙක්(100ක් වත්) බලල තිබුනෙ නෑ...ඒක මම ලීවෙ මාර තුමෘගෙ පෝස්ට් එක දැකල..ඒත් මම මේ වාගෙ බ්ලොග් එකක් දැක්ක කියලවත් කිවුවෙ නෑ...මට ආසනික් හා එලෝලු ගැන හිතෙන දේ තමා ලිව්වෙ...

    මම කියන්නෙ මේකයි..මාර වැරදි හෝ හරි එයාගෙ පෝස්ට් එකේ අන්තර්ගත දේට ගහන්නෙ නැතුව එයාට ගහන්න යන එක වැරදියි...

    අපි රනිල්ට චන්දෙ නොදී ඉන්න ඕනි එයාගෙ ප්‍රතිපත්ති වැරදි නිසා මිසක් ඒ මනුස්සයට ලමයි නැති නිසා නෙමෙ...
    ළමයි හදන්න ගන්න කෑල්ල රාජ්‍ය පාලනය කරන්න ඕනි නෑ නෙව..

    ReplyDelete
  39. @ මාරයා

    මේක නං අවුට් ඔප් ටොපික් නේද බොස්?බ්ලොග් ලියන එක අත්හැරල උන්න අය කොමෙන්ට කොරනවය කිව්වෙ පුලස්තිට වෙන්න ඇති මයෙ හිතේ.බොලොග් නොලීවට බොලොග් කියවන එක අපි නතර කරල නැහැ නෙව.ඉස්සෙල්ලා ලිපියෙද තමුන්නැහේ දේසපාලනය ගැන කතාකරල තිබුන.ඒ කරුනු දේසපාලනයෙන්ම අපි පුරස්න කලා.ඒකෙද තමුන්නැහේ ඉගෙන ගෙන තියෙනවද,රස්සාව මොකක්ද කියල ජීවිතේට අපි කතා කලේ නැහැනෙ.එහෙම මානසික අමාරුවකුත් අපිට නැහැ.පන්තිය ගැන කියනව නං අපි කවුරු කවුරුත් එක පන්තියෙ තමයි.අපි එදත් අදත් හෙටත් තුන්වෙනි පංතියෙ.මහින්දලා රනිල්ලා කවදත් හිටියෙ පලවෙනි පංතියෙ.පලවෙනි පංතියෙ ඉන්න මහින්ද මාමලා ට කහින් නැතිව අපි කවුරු කවුරුත් එක්කාසු වෙලා දේසපාලනයක් නොකරනකං හැමදාම අපිට තුනේ පංතියෙම තමයි ඉන්න වෙන්නෙ.මහින්ද වටේ ඉන්න අයයි නරක මහින්ද නෙමෙයි කියල තමුන්නැහෙ කියද්දී ඒක එහෙම නෙමෙයි කියල පෙන්නන්න උදාහරණ ගොඩක් මම ලිව්ව.ඒව එකකටවත් ඔබතුමා උත්තර ලියල නැහැ.ඒ වෙනුවට පංතියකුයි උගත්කමකුයි ගැන අපි මතු නොකරපු එකක් අරන් අනුකම්පාව ගන්න යනව.තමුන් ගේ ස්ථාවරේ පුරස්න වෙනකොට ඒ කරුනු කාරනා වල ඇත්තක් නැත්තක් තියෙනවද කියල පොඩ්ඩක් කල්පනා කොරන එක තමා නිහතමානීකම.ඒ නිහතමානිකමට ඇකඩමික් සුදුසුකම් ඕනෙ නැහැ සඕදරයා.

    ජයවේවා!මේ ලියන අපිත් ඇකඩමික් බුවාල නෙමෙයි.නෝමල් මිනිස්සු.

    ReplyDelete
  40. මට කියන්න තීන්නෙත් දුකා කිව්ව දේ තමයි. කඩේ පලයං, ඒත් කොන්දක් තියං.

    අනික රජා හොඳ මිනිහ ගෝලයො නං නරක මෙන්න මේ ටිකත් කියහං..

    1. ඇයි සිල්වව ආරක්ෂක අමාත්‍යංශෙ ඇමතියෙක්ගානට පත් කරේ(ඇමති නියොජ්‍ය ඇමති නැති එකේ අධීකක්ෂන මන්ත්‍රීටත් ඉතිං යමක් කමක් කොලෑකිනෙ )

    2. ඇයි කත්‍රිආරචිගෙ නඩුව සහ අස්වර්ගෙ නඩුව අස් කරගත්තෙ ?

    3. බෑණට නීත්‍යානුකූල්ව දුන්න ටෙන්ඩරේට ෆොන්සේකව හිරේ දැම්ම නීතිගරුක මිනිහ ඇයි මාවිල් ආරු වන්දි ගසා කාපු එකා ඇමති කරල ?

    මේ ලිස්ට් එක තව දිගයි. ඒත් දරුවො ඉන්න තාත්තකෙනෙක් හැටියට තව කල් ජීවත් වෙන්න ඕන.

    ReplyDelete
  41. පිස්සුද මාරයියා...

    ඕනෙම දෙයක් කරන්න යනකොට එන පලවෙනි බාධකය තමයි විවේචනය. මාරයියා පැරදිලා කොහොමද..?
    ගහන බයිලාවක් ගහන එකෙකුට ගහගන්න කියලා හිතට එකඟ දේ කරන්න. අපි ඉන්නවනේ.

    ReplyDelete
  42. තම තමන්ගෙ බ්ලොග්වල තම තමන් කැමති දේවල් පළ කරන්න පුළුවන්නෙ. තමන් කැමති දේවල් පළ කරන බ්ලොගයන්ට ගිහින් ඒවා කියවන්න පුළුවන් හැමෝටම, අකමැති දේවල් කියවන්නට නොගිහින්.
    අර කිව්වත් වගේ වැඩිය කවුරුත් නොහඳුනන, නොබලන කෙනෙක් ඔය වගේ පෝස්ට් එකක් දැම්මනම් කවුරුත් කලබල වෙන එකක් නෑ තමයි.

    ReplyDelete
  43. "මොකද හුගාක් දුරට වැඩිපුර අන්තර්ජාලය පාවිච්චි කරන්න ලැබෙන්නේ කවුරු කොහොම කිව්වත් යමක් කමක් තියෙන පිරිසට තමා ඒ අතරේ ඔය රැකියාව නිසා ජාල පහසුකම් ලැබුන අය අතරේ ඉන්න අතලොස්සක් පිරිස තමා එහෙම නැති ගොඩට වැටුනොත්... "


    මේ පෝස්ටුවෙන් මම තේරුම් ගත්ත දෙයක් තමයි ලංකාව දැනට වැටිල තියෙන අන්තිම අවාසනාවන්ත තත්වයෙන් ගොඩ ගන්නනම් ලංකාවෙ පුළුවන්තරම් දෙනාට හැකි ඉක්මනින් අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න ඕනෙ කියන එක. මොකද කියන්නෙ සැමට සෙවණ වගේ සැමට අන්තර්ජාල පහසුකම් ව්‍යාපෘතියක් පටන් ගමුද ??

    ReplyDelete
  44. මාරය පොරක්ද? ඔව් මාරය පොරක්.... හැබැයි දේශපලනය වගේ මඩ ගොහොරුවකට නෙමයි.....

    ReplyDelete
  45. කලින්ම කියන්න ඕනා මට නම් ඇත්තටම මාරයා කියන්නේ පොරක්.. ඔයා ඔයාටම විතරක් පොරක් කියන එක වැරද්යි ඕන්...
    අනිත් එක බලනකොට අපි ඔක්කොම 3 පන්තියේ තමා..
    කාට රිදුනත් කවුරු කොහොම කිවත් මාරයා කිවේ ඇත්ත කියලා අපි දන්නවා..
    මාරයා පරාද වෙන්නේ නැ කාටවත්

    ReplyDelete
  46. මාරයා අයිගගේ බ්ලොග් එකට මම ආවේ ලගදී.. අද තමයි මුල්ම කමෙන්ට් එක දාන්නේ..

    අයියා ලියපු දේ දැක්කම හිතෙනවා අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටකද කියලා.. අයියා අයියගේ අදහස් නිදහස්ව නිවැරදිව ප්‍රකාශ කලා.. ඒත් එකට විරුද්ධ මත තිබුනා කියලා ඔය තරම් ඒක ලොකු කරන් බඩ ගහන්න ඕන දෙයක්ද?

    ReplyDelete
  47. දේශපාලන මතයක් දැරීම මිනිස් අයිතියක්. ඒ මතය වෙනුවෙන් පෙනී සිටීම ඒ සමගම එනවා.

    පුද්ගල වන්දනාව තමයි වැරදි. ඔය මරා ගේ අයයි ෆොනී ගේ අයටයි දෙගොල්ලන්ටම තියෙන ලෙඩක්. රනී ගේ අයට ටිකක් අඩුයි.

    කතන්දර කිව්වට මටත් මතවාදයක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් හැබැයි මං නං මගේ මතවාදය වෙනුවෙන් පෙනී සිටීම වෙනස් කරන්නේ නෑ, මේ වගේ පසු බහින ලිපි දාන්නෙත් නෑ.

    ඒ පරාජිතකමක්.

    මාර පරාජය!

    ReplyDelete
  48. @කතන්දර

    අර ආසනික් ගැන සී නිවුස් වල දාල තිබ්බ , මාරයා ප්‍රචාරය දීපු පළවෙනි ලිපියෙ පොල්ගෙඩි අකුරෙන් බෝල්ඩ් කරල තිබ්බා නෙ
    ජනාධිපති තුමා, ජනාධිපති තුමා කිය කිය. ඒකයි ඒක ප්‍රචාරය කළේ. ඊට පස්සෙ ඒ කන්ටේනර් නිදහස් කරපු එක ගැන ලිපිවල ජනාධිපති තුමා කෑල්ලක් නැහැනෙ. ඒකයි මේ තාවකාලික පසු බැසීම. ආයෙ තව ටික කාලෙකින් ආසනික් ගැන වැරදි මතයක් පතුරවල ජනතාව කලබල කිරීම ගැන අදාල රේගු නිළධාරීන්ට විරුද්ධව තදින්ම කටයුතු කරන්න කියල ජනාධිපති තුමා උපදෙස් දුන්නා කියල ලිපියක් පළ වුනාම ආයෙමත් පෙරට පයක් තියන්න පුළුවන්.

    මේක මාර පරාජයක් නෙවෙයි Strategic Withdrawal එකක්

    ReplyDelete
  49. අපි දැකලා තියෙනවා දේශපාලන රැස්වීම් වල මෙලෝ විචාර බුද්ධියක් නැතුව‍ මොකෙක්ට හරි හෝයියා කියන බුවාලා. TV වලත් ඉන්නේ.. උංගෙයි උබෙයි වෙනසක් මම නම් දකින්නෙ නැ. :D

    ReplyDelete
  50. මාරයියේ, මුලින්ම කියන්න ඕනෙ මම එකෙන්ම උඹේ දේශපාලන මතයට වඩා ප්‍රතිවිරුද්ධ මතයක ඉන්නේ. ඒත් මම උඹේ භාෂණයේ නිදහසට ගරු කරනවා. උඹ බ්ලොග් එකක් තියාගෙන ඉන්නෙ අයියෙ උඹට කැමති අදහසක් පලකරන්න. ඒක විවේචනය කිරීමේ අයිතිය තියෙන්නෙ පාඨකයන්ට. කොහොම උනත් දේශපාලනික කරුනු වලින් අපි දෙන්නා අන්ත දෙකක ඉන්න නිසා ඒ ගැන උඹත් එක්ක තර්ක කරන්න මම මෝඩ නැහැ.

    හැබැයි මේ දේ නොකිය බැහැ. මෙතැන පුලස්ති කියල තියෙන එක දෙයක් ඇත්ත. උඹේ කලින් ලිපි විවේචනය කරපු මිනිස්සු දේශපාලන මතවාදීව උඹට විවේචනය කලා මිසක් උඹේ රැකියාව උගත්කම වගේ දේවල් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. අයියෙ උඹයි මෙතන ඒක ගැටලුවක් කරගෙන තියෙන්නෙ.

    ඔය විකාර නවත්තලා, කරන්න ආපු වැඩේ දිගට කරගෙන පලයන් අයියේ. විවේචන වලට කරුණු කාරණා එක්ක උත්තර දීපන්. පරාජය පිලිගන්න එක විසඳුමක් නොවෙයි. සුබපතනවා ඉස්සරහටත් ලියන්න.

    ReplyDelete
  51. චානක, පුක දෙනව කියල ඔහොමත් පුක දෙන්න එපා බන්. උඹට අමාරු මේකට ජනාදිපති සෙට් වෙච්ච එකටනේ? උඹේ පොනී බුවා සෙට් නොවුණු එකටනේ? ඔය දෙන පුක පාරෙ අයිනේ ඉඳන් දුන්න නම් ගාණක් හරි හොයාගන්න පුලුවනි

    ReplyDelete
  52. මාරයෝ නරකද සම්පූර්න ලිපිය වෙනුවට ලිපියෙන් කොටසක් පමනක් මුල් පිටුවෙ වැටෙන්න රීඩ් මෝ ඇඩ් කලොත්? බ්ලොග් එක ටිකක් දිග වැඩිවගේ දැනුනු නිසා කිවුවෙ

    ReplyDelete
  53. ඕන් ඕකයි මාරෙ මම කිව්වෙ දේශපාලනෙයි ආගමයි පොඩ්ඩක් මේ බ්ලොග් ලිවිල්ලෙන් පැත්තකට කරල තියෙන එක හොඳයි කියල.....

    මොකද ඕව ගැන ලියනවනම් ගේමට ෆේස් කරන්න බලාගෙන ලියන්න ඕනෙ....

    කොමෙන්ට් දාපු උන්ට බැනල වැඩක් නෑ.... උඹ හිතුවට බ්ලොග් එක උඹේ කියල... ඇත්තනම්.. පෝස්ට් එක උඹේ...

    උඹ ලොක් කලේ නැත්නම් කොමෙන්ට් දාන එක කියවන උන්ගෙ අයිතිය...

    උන් උඹට ඕනෙ ඒව ලියන්නෙ නෑ....

    උන්ගෙ ලිවීමට විරුද්ධව පස් පඩංගුවෙ බැනල වැඩක් නෑ.... උන් ලියල තියෙන කරුනු වැරදි නම් ඒවට බැනපන්....ගේමට ගේම දීපන්.... ලියපු උන්ට බහිස්‍රාවය වෙන්න....

    එහෙම නැත්නම් කියපන්.." ඔව් උඹල කියන ඒව ඇත්ත ඒත් මම කඩේ යනව " කියල... ඒක උඹේ අයිතිය... උඹ කාටවත් හේතු කියන්න බැඳිල නෑ.......

    මම මෙතනදි දේශපාලනයක් කතා කරන්නෙ නෑ....මම මේ කියන්නෙ වෙච්ච සිද්ධියට උඹේ රිඇක්ෂන් ගැන.....

    එකක් උඹ මතක තියාගනින් උඹ පොරක්....හාල් වෙන්න එපා....

    - ලිව්වෙ කාටද කියල මතක් වුනේ පස්සෙ ඕං...අද ඊයෙ ආපු එකා කියල නෙලන්ඩ හෙම එපා ඕං....ඔය කඩේ යෑමට සම්බන්ධ පෝස්ට් දෙකෙන්ම ඈත් වෙලා හිටියෙ හිතලමයි... අද නම් කට කැපුවත් නොකිය බෑ....

    ReplyDelete
  54. අනේ මන්ද ඔය දේශපාලනය ගැවුනොත් ලෙඩක් තමයි. අන්න අරෙහෙ වීඩියෝ හදාගෙන ලංකාව කන්න බලන් ඉන්නවා කට්ටිය .කවුරු මොනවා කිව්වත් අඩු ගානේ රට ලිබියාවක් ...ඇෆ්ගනිස්ථානයක් ...ඉරාකයක් නොවී බේරගන්න පුළුවන් නම් හොඳයි . එහෙම එකක් වෙච්ච දාට තේරෙයි අර අලුත් විලේ හිටිය ගෙම්බන්ට වගේ .නේටෝ තුවක්කු දන්නේ නැහැ මේ සිංහලද දෙමළද ..නිලද කොලද රතුද කියල.

    ReplyDelete
  55. අලුත් විල නෙමේ නිකන්ම විල . ප්‍රින්ටින් මිස්ටේක් එකක්

    ReplyDelete
  56. අනේ අපි නොදනී මාරයියේ දේශපාලනේ ගැන නම්, මම නම් එක පක්ශෙකටවත් නෑ :D

    ReplyDelete
  57. අනේ මන්දා.... එහෙම බලනකොට මාත් තුන් වෙනි පන්තියේ කෙනෙක්. එත් මට නම් ඒ ගැන ආඩම්බරයි.....

    ReplyDelete
  58. මමත් යූ.එන්.පී කාරයෙක් තමයි.ඇයි ලොක්කා ගේමද?.කපනවා හරිය.....මිනී තුනයි,පෙට්ටි දෙකයි.මල් වඩම් අනවශ්‍යයි . :)

    නෑ.අයියේ මෙහෙමයි.මමත් පරම්පරාවෙන්ම යූ.එන්.පී කාරයා බව ඇත්ත.ඒත් අපිට යම් අවස්ථා එනවා අපි දරන දේශපාලන මතය වෙනස්කරගතයුතු.අපේ රටේ මිනිස්සුන්ට දුයුණු වෙන්න බැරි ප‍ටු විදිහට හිතන නිසා තමයි.සම්ප්‍රදායික දේශපාලන මතවල එල්බ ගෙන ඉන්නේ නැතුව රටට අද දවසට ගැලපෙන දේශපාලන රටාවට අනුගත වෙන්න අපේ රටේ මිනිස්සුන්ට තාම බැරි ඇයි?.

    ජනාධිපතිතුමා රට බේරගත්තා.ඒකට හැමෝම කැමතියි.කොටියට ගහන කාලේ මහින්දව "මහරජා" කොරගත්තු කට්ටියම තමයි අද මහින්දගේ පතුරු ගලවන්නේ.සමහරු කියනවා අද රටේ තියෙන්නේ හමුදා පාලනයක් ය කියලා.රටේ තියෙන නීති රීති තදයි කියලා.හැබැයි ඒ මිනිස්සු නොදන්න කාරනයක් තමයි මහතීර් මොහොමඩ්.ලී ක්වාන් යූ ඇතුලු ශ්‍රේෂ්ඨ නායකයෝ රටවල් සන්වර්ධනය කලේ දරදඩු නීති පනවලා.එහෙම නැතුව උම්මා දීලා කිව්වට රටේ මිනිස්සු හොද වෙලා නීතිගරුක වෙයිද?

    සමහරු ෆොන්සේකා ගැන මහ ලොකු දේවල් හිතන් ඉන්නවා.රට බේරගන්න එතුමා කරපු කැපකීරිම් අගය කරනවා.එතුමා නොහිටිය නම් මේ යුද්ධේ අදටත් තියෙනවා කියන කතාවත් පිලිගන්නවා.ඒත් සරත් ෆොන්සේකා කියන්නේ දේශපාලනයට සුදුසු පුද්ගලයෙක් නෙමේ.එයාගේ කැ‍රැට්‍ටුව පිලිබදව මුලු රටම දන්නවා.ජනාධිපතිවරණෙදි සරත් ෆොන්සේකා බලයට නාවේ රටේ මිනිස්සුන්ගේ වාසනාවට.කොච්චර කලත් මේ රටේ මිනිස්සු කලෙහි ගුණ දන්නවා.ඊටත් වඩා හොද ,නරක තේරුම් ගන්න පුලුවන්.යුද්දේ කරගෙන යන වෙලාවේ මොනතරම් ආර්ථික ප්‍රශ්න ආවත් යුද්දෙට සහයෝගය දුන්නේ මහින්ද ගැන තියෙන විශ්වාසෙට.තුනෙන් දෙකක් ලැබුනේ මිනිස්සු ආණ්ඩුව රට හදයි කියලා තිබුණ විශ්වාසෙට.නැතුව කොම්පියුටර් ජිල්මාට් දාලා නෙමෙයි.

    මම ඇමති මන්ඩලේ ගැන කෙසේ වෙතත් ජනාධිපතිතුමා ගැන ලොකු විශ්වාසෙකින් ඉන්නේ එතුමා මේ රට හදයි කියලා.ජනාධිපතිවරනේ වෙලාවේ එකෙන්ම ගිහිල්ලා බුලත් කොලේට ගැහුවේ ඒකයි.දෙවන ලෝක යුද්දෙන් පස්සෙ වින්ස්ටන් චර්චිල්ට මහා බ්‍රිතාන්‍ය නැවත ගොඩනගන්නත් අවුරුදු 5 ක් විතර ගියා.තාම යුද්දේ ඉවර වෙලා අවුරුදු දෙකයි.තව ටික කාලයක් ඉවසමු.දිගුකාලීන යහපතක් උදෙසා කෙටි කාලයක් දුක් වින්දට ඒක ප්‍රශ්නයක් නැහැ.මේ රටේ තාමත් යුද්දයක් තියෙනවා.ත්‍රස්තවාදී යුද්දේ ඉවරයි දැන් තියෙන්නේ සන්වර්ධන යුද්දේ...............................

    ReplyDelete
  59. ඇරත් මහින්දව පන්නලා කාවද ගේන්නේ?.රට බාරගන්න පුලුවන් එකෙක් අහලකවත් ඉන්නවද?.මහින්දව පන්නලා සෝමේ මාමව ගේන්නද?.චුයින්ගම් රනිල්ව ගේන්නද?

    ආයේ රනිල් මහපු‍ටුවේ ඉන්න කම් යූ.එන්.පියට නැගිටීමක් නෑ.සජිත් කවදහරි නායකත්වයට එනකම් දිගටම චන්ද පරදිනවා.ඒක සිකුරුයි.අද බිම් මට්ටමේ ඉන්න ගොඩක් යූ.එන්.පී කාරයන්ට පක්ශේ එපාවෙලා ඉවරයි.

    ප.ලි-
    මෙහෙමයි.අපි දේශපාලනය ගැන කතාකරන්න ගිහිල්ලා මරාගන්න ඕනේ නෑ.අපි ඔය එක එකාට කඩේ ගියාට අපිට මොනවත් ලැබෙන්නේ නෑ.එහෙත් මෙහෙම දෙයක් තියෙනවා.දැන් රටේ රජයක් පත්වෙලා ඉවරයි.කවුරු මොනවා කරන්න හැදුවත් ඉදිරි අවුරුදු කිහිපය රට පාලනය කරන්නේ මහින්ද ඇතුලු සන්ධානේ.අපි මොන දේශපාලන මත දැ‍රැවත් දැන් මේක රටේ ආණ්ඩුව,ශ්‍රී ලන්කා වේවා යූ.එන්.පී වේවා ජේ.වී.පී වේවා හැමෝටම පොදුයි.බුද්ධිමත් මිනිස්සු විදිහට අපි කරන්න ඕනේ පක්ශ භේදයකින් තොරව රටේ පවතින රජයට සහය දෙන එක.ඒකයි මහත්මා දේශපාලනය කියන්නේ.

    ReplyDelete
  60. @පාල සහෝදරය ඔබතුමා පාරම්පරික යුඇන්පී කාරයෙක් කීවත් සන්ධාන කාරයෙකුටත් වඩා හොඳට කඩෙ යන බව පේනව .රනිල්ගේ ප්‍රතිපත්ති හෝ වටිනා කම යුඇන්පී කාරයෝ තේරුම් අරන් නැය කියන එකෙන් ඔබතුමා ගේ කථාවෙන් පේනව .මහින්ද ගේ ප්‍රතිපත්තියට විකල්පයක් මිසක් ආදේශකයක් යුඇන්පියෙන් අවශ්‍ය නැ .අනිත් අතට මෙලෝ දේශපාලන අත්දැකිමක් නැති , ප්‍රායෝගික ප්‍රතිපත්තියක් නැති . තම්න් යෝජනා කරල ගෙනාපු ව්‍යවස්ථාවෙන් රනිල්ව වත් එලව ගන්න බැරි උන සජිත් රටට වැඩක් වෙයි කියලද හිතන්නේ . මහින්ද එක්ක හැප්පෙන්න තරම් හැකියාවක් තියෙයිද ඔය කියන "චුයින්ගම් රනිල්" වත් එලවගන්න බැරි සජිත්ට . මිනීමරි ප්‍රේමදාස යුගය ආයි ගේන්න හදන දේශපාලන ගොබ්බයෙකුට වඩා ගව් ගානක් ඉදිරියෙන් මහින්ද ඉන්නෙ . එනිසා සජිත්ට වඩා නම් මහින්ද 1000%ක් හොඳයි . අනික මහින්ද ඔය බූරු අන්තවාදියො ටිකත් , ඒ මතවාදත් අත්හැරල දානව(මහින්ද මහත්තයගෙ සමහර ගල්යුගේට හරි යන අදහසුත් ) නම් කාරනා කිහිපයක් ඇරුනාම ඉතිරි දේවල් යුඇන්පි ක්‍රමයම තමයි . මන්ත්‍රි ,ඇමති,විපක්ෂ නායක , අගමැති , ජනපති වගේ පිලිවෙලට ආපු කෙනෙක් එක්ක හැප්පෙන්න අර වගෙ ගොබ්බ සේනයෙක් දැම්මොත් ෆොන්සේකා මහත්තය තරම් වත් ඡන්ද ගන්න බැ . ඒ ටයර් සැය වල් වල උණුසුම තාම තියනව සහෝ පන්සල් ගානෙ සල්ලි බෙදුවාය කියල ඒ පව මකන්න බැ

    ReplyDelete
  61. @ පාල

    "දෙවන ලෝක යුද්දෙන් පස්සෙ වින්ස්ටන් චර්චිල්ට මහා බ්‍රිතාන්‍ය නැවත ගොඩනගන්නත් අවුරුදු 5 ක් විතර ගියා"

    මේක පට්ටපල් බොරුවක්නෙ. දෙවෙනි ලෝක යුද්ධෙන් පස්සෙ තිබ්බ මැතිවරණෙන් චර්චිල් පැරදුනා. මිනිස්සු චර්චිල්ව ගෙදර යැවුවා. චර්චිල් යුධමය කාලෙකට ගැලපෙන නායකයෙක් වුණාට රට ගොඩනඟන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියල එංගලන්තෙ මිනිස්සු විශ්වාස කළා.

    චර්චිල්ගෙ ජීවිත කතාව කියෙවුවම එංගලන්තෙ මිනිස්සු නිවැරදියි කියල මට හිතෙන්නෙ. චර්චිල් දිගටම බලයේ හිටියනම් චර්චිලුත් , චර්චිල්ගෙ සමකාලීනව දෙවෙනි ලෝක යුද්ධය සඳහා රුසියාව මෙහෙයවූ, ඒත් ඊට පස්සෙ බලයෙන් අන්ධ වෙලා අති දරුණු ඒකාධිපතියෙක් වෙච්ච ජෝෂප් ස්ටාලින් වගේ කෙනෙක් වෙන්න ඉඩ තිබ්බාකියලයි මට හිතෙන්නෙ. අමතක කරන්න එපා හැම ඒකාධිපතියෙක්ම පටන් ගත්තෙ දේශප්‍රේමියෙක් විදිහට, හිට්ලර්, මුසෝලිනි,ස්ටාලින්. මෑත කාලයේ රොබට් මුගාබේ, හොස්නි මුබාරක්, ගඩාෆි. ඔය ඔක්කොමල්ල කාලයක් ජාතික වීරයො වෙලා හිටපු අය.

    ================

    "ඇරත් මහින්දව පන්නලා කාවද ගේන්නේ? "

    මහින්දව පන්නල මාරයව ජනාධිපති කරමු! සටනට අපි සූදානම් !!!

    ReplyDelete
  62. අනේ බං උඹගෙනේ බ්ලොග් එක. කැමති දෙයක් ලියපං. මගේ නම් තියරි එක මම කැමති දේ ලියනව. බලන එකෙක් ඉන්නව නම් බලයි. නැත්නම් නිකා ඉඳී.

    ReplyDelete
  63. @පාල අනේ මන්ද අහක යන කුණු ගොඩකට පැනල ඔයත් නානවනේ. නොදන්න චර්චිලෙක් ගැන කියන්න වැඩෙ වර්චස් උනා නේ . :D

    සජිත් උන්නැහේ රනිල් උන්නැහේගෙ අහලකින්වත් තියන්න පුලුවන් කෙනෙක් නෙවෙයි .අඩුපාඩු කම් තිබුනත් හොඳ දේශපාලන දැක්මක් තියන ,ඔලුවක් තියන පොරක් රනිල් කියන්නේ .සල්ලි බෙදුවට , තාත්තා ජනප්‍රිය ජනාධිපති කෙනෙක් උනාට , ගිරිය පුප්පගෙන් කැගැහුවට ඒක රට කරවන්න සුදුසු කමක් නෙවෙයි . මහින්ද වෙනුවට සජිත් ගේන්න කිසිම ඕනිකමක් නැ (ඉඟුරු දීල නියඟලා ගත්ත වගෙ තමා ). මොන ක්‍රමේකින් හරි මහින්ද - සජිත් ගේමක් සෙට් උනොත් මමත් මාරයත් එක්ක මහින්දට කඩේ යනව (සජිත් ඔය දාන ගොං පාට් වෙනස් නොකලොත් )

    @මකරා - එල උත්තරේ

    @රංග - අපි කියන්නේ මාරයට ඕනි දේ ලියන්න එපා කියල නෙවෙය් නෙ රංග සහෝ, ඒ දේවල් වලට විවේචන එල්ල වෙනකොට ඒවට මූණදෙන්නත් සූදානම් වෙන්න කියලනේ

    ReplyDelete
  64. @ පාල

    "මහතීර් මොහොමඩ්.ලී ක්වාන් යූ ඇතුලු ශ්‍රේෂ්ඨ නායකයෝ රටවල් සන්වර්ධනය කලේ දරදඩු නීති පනවලා"

    මේක ඇත්ත. හැබැයි ඒ දරදඬු නීති හැම කෙනාටම සමානව ක්‍රියාත්මක වෙලා තියෙනවා. සිංගප්පූරු ඉතිහාසය ගත්තොත් දූෂණ වංචා අහු වෙච්ච හින්දා හිරේ යන්න වෙච්ච ඇමතිවරු, සංස්ථා ප්‍රධානීන් රාශියක් ඉන්නවා. ලී ක්වාන් යූගේ ඥාතීන්ට පවා හිරේ යන්න වෙලා තියෙනවා.

    එහෙම නැතුව ආණ්ඩුවට සම්බන්ධ වුනාම , එහෙම නැත්තන් පගාවක් දුන්නම නීතිපති නඩු ඉල්ලා අස් කර ගන්න දරදඬු නීති නෙවෙයි සිංගප්පූරුවෙ තියෙන්නෙ

    ReplyDelete
  65. @ පාල

    "මම ඇමති මන්ඩලේ ගැන කෙසේ වෙතත් ජනාධිපතිතුමා ගැන ලොකු විශ්වාසෙකින් ඉන්නේ"

    මේක කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම බිඳ දැමීමක්. කරන්න තියෙන හොඳම වැඩේ කැබිනට් මණ්ඩලය විසිරුවා හැරල රටේ හැම දේකම පාලනය මහින්දගෙ අතට ගන එක. මොකද කියන්නෙ උද්ඝෝෂණයක් කරමු ?

    කැබිනට් මණ්ඩලය ( බැසිල් සහ මර්වින් හැර )විසිරුවා හරිනු !!!

    ReplyDelete
  66. එංගලන්තේ මිනිස්සු කරපු වැඩේ ලංකාවේ මිනිස්සුන්ට කරන්න බැරි වෙච්ච එකේ විපාකේ තමයි මේ ..... මහින්ද යුධමය කාලෙකට ගැලපෙන නායකයෙක් වුණාට රට ගොඩනඟන්න සුදුසු කෙනෙක් නෙවෙයි කියල දැන් හොදටම ඔප්පු වෙලා ඉවරයි... ඒත් ලංකාවේ ඉන්න මැටි හරක් ඔය ටික කවද තේරුම ගනීද කියන ඒක තමයි ප්‍රශ්නේ... මගේ පුද්ගලික විස්වාසේ නම් යුද්දේ නැති මේ රට ගොඩනගන්න සුදුසුම නායකයා මහින්ද වත්, සොමවන්ශවත්, සජිත්වත් නෙමේ රනිල්. ඒත් රනිල්ගේ දේශපාලනේ ලංකාවේ මිනිස්සුන්ට නොතේරෙන ඒක රනිල්ගේ කරුමෙද අපේ කරුමෙද කියන්න නම් මම දන්නේ නෑ... වැඩි උදාහරණ ඕන නෑ පුළුවන් නම් බෑන් කී මුන්ගේ වාර්තාව මුල ඉදල අගට කියවල බලන්න එතකොට තේරෙයි මහින්ද කිවතාවක් හත්පොලේ ම ගාගෙනද කියල....

    ReplyDelete
  67. යක්කන්ඩ්යේ ඕන එකෙක්ට ඕන පක්ෂයකට බොක්ක දෙන්න පුළුවන්. ඒක මිනිහෙක්ගේ අයිතියක්. ඕක තේරෙන්නේ නැති ගොන්නු අනන්තවත් ඉන්නවා.

    අයියන්ඩි, මහින්දට සප් එක දෙනවා. මම අලියට බොක්කෙන්ම දෙනවා. ඒ උනාට මම හැමදාම මේ බ්ලොග් ඒක බලනවා. කොමෙන්ට් දානවා. තරහකින් නෙමේ. බොක්කෙන්. මට වැඩක් නෑ ඔයා කාට සප් කරත්. මට කියවන්න දෙයක් තියනවනම් මම කියවනවා.

    අපි අතරේ ඉන්න මෝඩ හරක් ටිකක් නිසා සැලෙන්න එපා. (කොහොමත් ඔය සැලෙන්නේ නෑ කියල මම දන්නවා) ඔය බුරුවො මොනවා කිව්වත් අපි ඔයා එක්ක ඉන්නවා.

    අපි කාට පන්දම් ඇල්ලුවත් අපිට අන්තිමට ඉතුරුවෙන්නේ අපි විතරයි අයිය. ඔය ඒක ලොක්කෙක්වත් අපේ මිනියට කරගහන්නේ නෑ. අපිව මැරුවොත් ඇරෙන්න. අපේ යාලුවෝ මිත්‍රයෝ විතරයි රෑට නයිටක්‌ හරි ගහන්න ඉන්නේ.

    ඔයාට ජයෙන් ජය. මේ වගේ පොස්ට් එකක් දාල කොන්ද පන නැති මුසලයොන්ට ඔයා උන් වගේ පො****ක් නෙමේ කියල පෙන්නපු එකට මගේ උත්තමාචාරය.

    ReplyDelete
  68. අනේ බන් බොලාට මහින්දව ඔච්චරට එපාවෙලා නම් මහින්ද පන්නලා මාව ජනාධිපති කරහල්ලකෝ.ආසයි නේ. :)

    @buwa,chanaka-හරි බන්.චර්චිල්ව පැත්තකට දාපන්.මම කියපු කතාව වැරදිවෙන්න පුලුවන්.(ගුරුන්ටත් වරදිනව නේ.) :)මම කිව්වේ අවුරුදු ගානක් රටේ තිබිච්ච යුද්ධයක් අවසන් වෙලා අවුරුද්දක්, දෙකක් තුල රටක් සන්වර්ධනය කරන්න බෑ කියලා.ඒකට සාධාරණ කාලයක් අවශ්‍යයි.තව ටික කාලයක් ඉවසලා බලමු.

    ලොක්කා රට වලට අරන් යන ගමනක් සිද්ධවෙනවා නම් මමත් පාට පක්ශ බලන්නේ නෑ.

    ReplyDelete
  69. අනේ බොල තොපි මහ මීහරක් ‍රැලක්.උබලා හිතනවද බ්ලොග් වලට ඇවිල්ලා මහලොකු බුවා ටෝක් දීලා ගියා කියලා මහින්ද දේශපාලනෙන් සමුගනී කියලා.උබලා ගිරිය කඩාගෙන යටිගිරියෙන් කෑගැහුවත් ශුවර් එකට 2017 දක්වා බලයේ ඉන්නේ මේ ආණ්ඩුව තමයි.ෆේක්බුක් කැරලි ලoකාවට හරියන්නේ නෑ බොල.ගමේ මිනිහා තාමත් මහින්දට සලකන්නේ දෙවියෙකුට වගේ.රනිල් පො**යා හිටියා නම් මෙලෙහකට තොපි එකෙක් දෙන්නෙක් බස් බෝම්බයකින් බෑවිලා.තොපි තමයි එන්.ජී.ඕ කාරයන්ගේ සල්ලි වලට අනුන්ගේ පු*වල් හෝදන මෝඩ හිවල්ලු.බලපල්ලා ගමට ගිහිල්ලා අද ගමේ මිනිස්සුන්ට කොච්චර දේවල් මේ ආණ්ඩුවෙන් කරලා තියෙනවද?

    බඩු මිල වැඩියි තමයි.ඒත් අද තොපිට බයනැතුව පාරක බැහැලා වේසකමේ යන්න පුලුවන් රටේ බෝම්බ පිපිරෙන්නේ නැති නිසා.රට බේරගත්තු නායකයට බනින තොපේ කටවල් වලට මිලි මීටර් 60 මෝටාර් එකක් දාලා පත්තු කරන්න ඕනේ.

    ගොන් බූරූ චානක අරුන මුනසිoහට හා බුවාට කියන්නේ තොපි දෙන්නා පරිස්සමෙන් හිටහල්ලා.ලගදිම තොපි දෙන්නව සුදුවැන් එකකින් අරන් ගිහිල්ලා කද බො‍රැල්ලේ බොඩිය නුගේගොඩ වෙන්න වැඩේ සිද්ද වෙයි.

    ReplyDelete
  70. @පාල-තාම එහෙම ක්‍රමානුකූල වැඩපිලිවෙලක් නැ පේන්න නම් . මට නම් එහෙම මහින්ද එපා විමක් නැහැ කොහෙත්ම . වැරදියි කියල මම මොකක් හරි දැක්කොත් ඒ ගැන ලියනව එච්චරයි

    @ඇනෝ - අන්න නියම පාක්ෂිකයෙක් වනචර විදිහට කඩේ යන හැටි හොඳට ප්‍රගුන කරල තියෙන්නෙ . සුදු වැන් ගැන උඹට ඔච්චරටම ශුවර් උඹේ බාප්පොච්චද ඒවා ඒවන්නෙ ? බ්ලොග් වල ලියන එව්ව පස්සෙත් පන්නන්න තරමට ආණ්ඩුව හාන්සිද ? මම නම් හිතන්නෙ එහෙම නැ . ඒ නිසා ඔය සුදුවැන් එක හෝදල අරන් තියාගන්න ඒ වගෙ කාලෙකදි වැඩක් ගන්න .බ්ලොග් එකක් ලියන්නෙ ආණ්ඩු පෙරලන්න නෙවේය කියන එක වත් ඔහෙට තේරෙන්නෙ නැති එකයි දුක . ඒ වගේම ඔහෙගෙ අන්තිම ඡේදෙන් පේන්නෙ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියල දෙයක් ඇත්තෙම නැය කියලයි ඔහෙ හිතාන ඉන්නේ කියන එක.ඒ අතින් උඹ අපිටත් වඩා දරුණු විදිහට ආණ්ඩුවට බැනලයි තියෙන්නෙ .අමුතුවෙන් ගම් හොයන්න ඕනි නැ . මේ ලිය්න මොහොතෙත් මම ඉන්නෙ ගමක තමයි .

    ReplyDelete
  71. @ පාල

    අනේ බන් බොලාට මහින්දව ඔච්චරට එපාවෙලා නම් මහින්ද පන්නලා මාව ජනාධිපති කරහල්ලකෝ.ආසයි නේ. :)

    බෑ බෑ. මහින්දව පන්නලා මාරයව ජනාධිපති කරන්න අපි තීරණය කරල ඉවරයි. කැමතිනම් සංස්ථා සභාපති කමක් දෙන්නම්
    ==

    හරි චර්චිල් අමතක කළා. මේ දෙකටත් මම උත්තර දුන්නා, ඒ දෙකත් අමතක කරන්නද

    1. "මහතීර් මොහොමඩ්.ලී ක්වාන් යූ ඇතුලු ශ්‍රේෂ්ඨ නායකයෝ රටවල් සන්වර්ධනය කලේ දරදඩු නීති පනවලා"

    උත්තරය:

    http://ctkumara.blogspot.com/2011/06/blog-post_7914.html?showComment=1308293747444#c2899750706101127791

    2. "මම ඇමති මන්ඩලේ ගැන කෙසේ වෙතත් ජනාධිපතිතුමා ගැන ලොකු විශ්වාසෙකින් ඉන්නේ"

    උත්තරය:

    http://ctkumara.blogspot.com/2011/06/blog-post_7914.html?showComment=1308294371382#c2332236778951389258

    ==
    හරි කමක් නෑ , ඒ දෙකත් අමතක කරමු චර්චිල් වගේ. ඕවා පැත්තක දාලා මාරයා ජනාධිපති කරන සටනට අපි සැම එක්වෙමු !!!

    ReplyDelete
  72. එළකිරි : බනින්න පටන් ගමු ...

    මම නම් ඉතින් කෙලින්ම මහින්ද මාමට ...
    පොන්න රනිල් හිටියනම් ඉතින් මේ වෙද්දී කොලබම contorl කරන්නෙත් කොටි තමා ..
    ෆොන්සේකා යුධ්ධේ ට මහන්ස්හි උනා .. හැබැයි ෆොන්සේකා විතරක් නෙමෙ තිවිධ හමුධව කියන්නේ කියල මන් නම් හිතන්නේ .
    ඉතින් අයි පොන්සේකා විතරක් උධතියාගෙන දගලන්නේ ? පොන්සේකා සහ ගෝලයන්ට අයි කොන්දක් තිබ්බ නම් යුද්ධේ කාලේ
    කියපු කතා අහගෙන උන්ගේ පස්සේ ගියේ අයි ? පොන්සේකා මහලොකු වීරයා ජෑන්ස් නිසා ලංකාවේම නම කෙලවෙනකන් හිටිය ..
    චන්දෙන් පස්සේ ජෑන්ස් ඇවිත් දෙයි කියල ..

    අසනික් :
    කතාව ඇත්ත වෙන්න පුළුවන්..
    හැබැයි ඒවගේ එකක් නිකක් soda බෝතලේ කඩුව වගේ එලියට දාන්න හෝදනේ .. එකෙන් තියන හානියට වැඩිය හානියක් වෙනවා කියල හිතෙනවා ..

    මාරයා:බ්ලොග් එක නිතරම බලනවා.. හිතන්න දේවල් තියනවා ...


    මට ඉතින් කියන්න තියෙන්නේ අපේ රටේ ඉන්න හරක් දන්නේ නේ අපිට රටේ තියන නිදහස වැඩි කියල...
    මේ කියන මමත් හරකෙක් තමා, හරිය ? hikiz ..

    ( magei anolagei wenasak nathi wei.. hariya? )

    ReplyDelete
  73. @jay - රනිල්ගෙ පොන්න කම ගැන ඔබතුමා දන්නෙ කොහොමද ?? අනික ඒක රාජ්‍ය පාලනයට අත්‍යාවශ්‍ය දෙයක්ද ?

    "පොන්න රනිල් හිටියනම් ඉතින් මේ වෙද්දී කොලබම contorl කරන්නෙත් කොටි තමා "

    ඔබතුමාගෙ විචාර බුද්ධිය ගැන කණගාටුයි (ලංකාවෙ බහුතරයක් හිතන්නෙ ඔහොම තමා ). රනිල්ට කොටියා කියන්න කලින් සටන් විරාමය ගැන හොන්දට අධ්‍යනය කරල ඉන්න . ඇයි සටන් විරාමයක් ගැහුවේ , ඒ කාලෙදි කලේ මොනාද ? ඇයි ජාත්‍ය්න්තර නිරීක්ෂකයො ගෙනාවේ . මේ කාලෙදි එල්ටිටියට මොකද උනේ , ඇයි 2005 දී එල්ටිටිය රනිල්ව පැරැද්දුවේ කියන දේවල් ගැන අවංකව කල්පනා කරන්න (මම හෝ මාද්‍ය හෝ වෙනත් අය කිය්න දේ නෙවෙයි ) .ජාත්‍ය්න්තර යුධ නිරීක්ෂකයින්මේ ගැන ලිපි ලියල තියනව , ඒව සිංහල පත්තරවල පවා පල වුනා .ඒවායින් හොඳ අදහසකට එල්බෙන්න පුලුවන් . එකපාරටම සටන් විරාමය පවා දීමක් , ඒ කාලෙ කොටිය හැදුන විතරයි වගේ තීරන වලට එන්න එපා . රනිල් ගියේ රනිල්ට ආවෙණික ක්‍රමයකට ,ඒක මහින්දට බැරි නිසා මහින්ද තමන්ට පුලුවන් ක්‍රමය තෝර ගත්ත හරියට ඒ දේ කලා . රනිල්ට ලැබුනෙ අවුරුදු 2යි , බලහත්කාරයෙන් ආණ්ඩුව වැට්ටුවා . ඒ නිසා ඔහුගේ සාර්ථකත්වය හරියට දකින්න ලැබුනෙ නැ

    ReplyDelete
  74. මම සාමාන්යෙන් බ්ලොග් බැලුවට කමන්ට් දාන කෙනෙක් නම් නොවේ. එත් අද මේකේ දැකල දාන්න හිතුන.
    මුලින්ම කියන්න ඕන මාරයා ඕව එක එක කතා අහල තමන් කරන්න ගිය වැඩේ මග නතර කරන්න එපා. මොකද වැඩක් කරන්න අමාරුයි. කරන මිනිහට බනින්න ලේසියි. එක ඔයාම දන්නවනේ (පන්සල් ජීවිත්න්).
    හැබැයි පරිස්සෙම්න්. මොකද වැඩේ කරන් යද්දී බැනුම් අහනවට වඩා බාදා එන්න පුලුවන්.

    ReplyDelete
  75. @buwa :
    "රනිල්ට ලැබුනෙ අවුරුදු 2යි , බලහත්කාරයෙන් ආණ්ඩුව වැට්ටුවා ." මෙ ඉතින් රනිල් ගේ පොන්න කම නෙමේද? නිකන් හම්බවෙච්ච එක තියගන්න බරුව.. අර එද කොටිය අද ජතික සන්විදයක කොටි කරුනනයක ම කීවෙ? චන්ද්‍රිකාට ටොක්ක අනින්න තිබ්බ එක මෙයාට කරගන්න බරුව කියල අරගත්ත කියල..

    රජ්ය පලනයට පොන්න්න්කම ඔනේ නැ.. මොකද ඊකට කොල්ලොයි ,කෙල්ලොයි ,බල්ලොයි ඔක්කොම අවිත් අරිනවවනේ..

    හිකිෂ්.
    රජා වරදි වෙන්න පුලුවන්, හබැයි ඊට යටින් රජ වෙන්න හදන්නේ පොන්නයෙකුයි.. හිලකට කඩෙ ගිය හමුදා නයකයෙකුයි නම් ඉතින් අපිට xක දෙන්න තියෙන්නෙ රජාට තම..

    කීව වැඩ්ද මන්ද...

    ReplyDelete
  76. අවුලක් නැ..
    අද මාරයගේ මෙ ලිපිය අපි කොහොම හරි ටොපේ ටොප් හිට්ස් කරන්න ඔනේ..
    එන්න බලන්න චන්ඩි ඉන්නවනම්...
    ( අවිත් බලන් ඉන්න, මන් නම් නිදන්න යනව. හොදේ )

    ReplyDelete
  77. මේ ඒකක් වත් ඔය කියන ප්‍රශ්න වලට විසදුම් නෙවෙයි.

    දේශපාලකයො කියන්නෙ මේ රටේ ඉන්න සමාජ පන්තියක්.

    ඒකට අැතුළු වෙන්න ලොකු සටනකින් මිසක් ඒකෙ ඉන්න අය ඉඩ දෙන්නෙ නෑ ඒ වගේම පක්ෂ විපක්ෂ කවුරු උනත් දේශපාලක පන්තියෙ අයට පහලට වැටෙන්නත් අනිත් අය ඉඩ තියන්නෙත් නෑ. ඒක හින්දා තමයි චන්දෙන් පරදින අයට විවිධ තනතුරු අාදිය ලැබෙන්නෙ.

    පොන්ෙස්කා මහත්තයාට වුනේ ඒයාගෙ ජනප්‍රියත්වය වෙන අය ගොඩ යන්න පාවිච්චි කරපු ඒක. මහින්ද මහත්තයට වෙලා තියෙන්නෙ වටේ ඉන්න අයගෙ අවශ්‍යතා වෙනුවෙන් වැඩකරන්න වුණ ඒක.

    පොන්සේකා මහත්තයා අාවනම් මහින්ද මහත්තයටත් ඔය වගේම පලිගැනීමක් තමයි අත්වෙන්නෙ.

    මොනවා කරන්නද හැමෝම මිනිස්සුනෙ. වයිරය ඉරිසියාව තරහ අාදරය කරුණාව ලොකුකම (උඩගු කම) ඔය හැම දෙයක්ම මිනිස්සු හැමෝම ලග තියෙනවා. පාලකයොත් පාලක බලය නැති අයත් අතර සටන ලෝකෙ හැමදාම තියෙනවා. සාමාන්‍ය මිනිස්සු දේශෙප්‍රේමය, දේශපාලන ප්‍රතිපත්ති වර්ගවාදය ජාති, කුල අාදි භේද අර අයගෙ උවමනාවට ඔළුවට අරන් නිකම් මරාගන්නවා. හැමදාමත් වුණේ මේකයි...

    අැයි අපිට වෙනස් වෙන්න බැරි ....?

    අැයි අපි අපේම උන් ඒක්ක කාගෙවත් වුවමනාවට මරාගන්නෙ...?

    Aruna
    (I felt lazy to login that is why I came ano)

    ReplyDelete
  78. @jay - චන්ද්‍රිකා විධායක බලය පාවිච්චි කරල ආණ්ඩුව වැට්ටුවාම ඒකට පලි රනිල් ද ?

    "රජ්ය පලනයට පොන්න්න්කම ඔනේ නැ.. මොකද ඊකට කොල්ලොයි ,කෙල්ලොයි ,බල්ලොයි ඔක්කොම අවිත් අරිනවවනේ.. "

    මෙහෙම අදහස් වල ඉන්න කෙනෙක් එක්ක වැඩකට ඇති සංවාදයක් ගෙනියන්න බැ . උඹලට හරි යන්නෙ අහවල් එක එලියට පෙන්න සරම් උස්සන් කැගහන චණ්ඩි තමයි . බලාන හිටපල්ල ඔය වීරයින් ඉන්දියාවට , චීනෙට දෙන අපූරුව .

    තමුසේ කඩේ යන කැත බැලුවාම මාරයා හොඳයිනෙ ඕයි . උබලගෙ ලිං මැඩි චින්තනේට මහින්ද හොඳ වැඩිත් එක්ක

    මම එක උදාහරනයක් කියන්නම් . රනිල් මිට අවුරුදු 30 කට විතර කලින් තමයි පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න යෝජනාව ගෙනාවෙ . එදා විරුද්ධ උන මහින්ද ඇතුලු නිදහස් පක්ෂය අද පෞද්ගලික විශ්ව විද්‍යාල දාන්න හදනව (ඒ කියන්නෙ උසස් අධ්‍යාපන ක්ශේත්‍රයේදී මෙ අය අවුරුදු 30 ක් පිටිපස්සෙන් ) . 13 වෙනි සංශෝධනයට විරුද්ධ ව හඬ නගපු මහින්ද මහත්තය ගේ රජය 13 ට එහා විසඳුම් ගැනයි කථාව .

    ReplyDelete
  79. Heeniyata said...
    මාරය පොරක්ද? ඔව් මාරය පොරක්.... හැබැයි දේශපලනය වගේ මඩ ගොහොරුවකට නෙමයි.....
    100% ettha

    ReplyDelete
  80. දසුන් මම දැන් දැක්කේ..මම දැන් දැක්කේ මේක..මට මේ අපේ අයියා කෙනෙක් කෝල් කරලා කිව්වේ..ඒ අයියා උඹව දන්නේ නැහැ..මං දැන් කෝල් එකක් ගත්තා..මොකද මල්ලි අවුල..බලහං ෆෝන් එකේ අගට 605 තියෙන නම්බර් එහෙකින් කෝල් එකක් ඇවිත් ඇති..ඒකට කතා කරහං...මම උඹ දාපු කමෙන්ට් එක මකනවා..නැත්තං අද උඹට ඉන්න වෙන එකක් නැහැ..නංගිලාගෙන් කෝල් ැවිල්ලා..

    ReplyDelete
  81. මේ මහිංද රනිල් පක්ස ඕන්නෑ, උබ දාපන් අපි කියවන්නන්, උබ මහිංදගෙ ෆිට් එක මම සජිත්ගෙ ෆිට් එක(පවු බං රනිල්) හරිය, එහෙව් එකේ වලි මක්කටැයි බං, අපි සුහදව ඉමු!

    ජය වේවා!

    ReplyDelete
  82. ලැජ්ජයි බොලල්ලා... මං නම් මේවට අළුත්.. බොහොම ලඟදි තමයි බ්ලොගේ පටන් ගත්තේ.. මේ පැත්තේ ආවේ මාරයගෙන් උපදෙස් ටිකක් ගන්න.. බ්ලොගේ පැත්තේ ඇවිල්ලා බලන්න කියන්න.. මේක හෙන මඩවලක් නේ...
    අන්තිමට කියන්න තියෙන්නේත් එකම දෙයයි...
    ලැජ්ජියි බොලල්ලා...
    සරම උස්සලා මුණ වහගන්න හිතෙනවා...
    http://jbasnayaka.blogspot.com/

    ReplyDelete
  83. මාරයා මගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්නැත්තෙ බයටද ? අඩෝ මාරයා.. වර පෙස්ටු පෙස්ට් :P

    ReplyDelete