28 June 2011

සුභ රාත්‍රියක් වේවා...!

ඔන්න අද මං හොඳ ළමයෙක් උනා...
උදෙන්ම බලය ජවය ශක්තිය ගැන කියල හෙම පටන් ගත්ත දවස බොහෝම සාර්ථකයි..පහු ගිය දවස්වලටත් එක්ක හරියන්න අද හොඳටම වැඩ කලා... හෙටට කරන්න කියලා ප්ලෑන් කරගෙන හිටිය වැඩත් අදම ඉවර කරලා දාන්න ඇහැකි උනා නෙව...

පහු ගිය දවස්වල මං හිතුවේ මේ බ්ලොග් එක ලියන එකයි අනිත් පිස්සු වැඩයි අඩුම කරලා වැඩම කරනවා කියලා..එහෙම කරලා විවේකයක් හම්බ උනාම විතරක් මේක ලියනවාකියලා..ඒත් ඒ ක්‍රමයේ මොනවද මංදා අවුලක් තිබුනා..ඇත්තටම දැන් මට බ්ලොග් එක ලියන එකත් කනවා බොනවා නිදියනවා වගේම දෙයක් වෙලා වගේ..

කොටින්ම බලාගෙන ගියහම මේක ලිව්වම තමා මට අමුතු පණක් එන්නේ..මට ඕක හිතුන හින්දම අද උදේම අර පරණ ක්‍රමේටම පටන් ගත්තා මගේ හෑලි ලියන ක්‍රමේටම ලියන්න.ලිපියේ දෙයක් ඇතා නැතා මං ලියවෙන අතේ ලියන්න ගත්තා..කොහොම හරි උදේම එක පෝස්ට් එකක් දාලා දාන්න ඇහැකි උනා...

අන්තිමට ඒ කරලා ඉවර වෙලා වැඩ පොලෙන් ඇවිත් මං මගේ කාර්යාලයට ඇවිත් වැඩ පටන් ගත්තා..යකඩෝ මෙන්න වැඩ කෙරෙනවා එකසිය ගාණට..අදට මං බෙදලා දාං හිටිය වැඩයි හෙටට දාපුවයි ඔක්කෝමත් කරලා අන්තිමට පහු ගිය දවස්වල මට මග ඇරිච්ච ලොකුම දෙයක් කරන්නත් හම්බ උනා..ඒ තමා මගේ බොලොගෙට වැටෙන කොමෙන්ට් වලට උත්තර බදින එකයි...හීනියට මඩක් එහෙම ගහන එකයි..

දෙයියනේ කියලා ඒකත් කෙරුනා..පහු ගිය දවස්වල ඔය වැඩේ බොහෝම කැත විදියට මට මග ඇරුනනේ..අද ඒ අතිනුත් දවස හොඳයි..කොහොම හරි අද ඔය විදියට වැඩ ටික පිළිවෙලක් කරලා අහවර උනාම මට හිතුනා තව වෙනසක් කරන්න...

ඒ තමා අද මං රෑට දොයියන්නේ මගේ කාර්යාලෙම තමා ඕං..හවස 5ට මේක වහලා මගේ කාමර පොජ්ජට මංදො කොරලා නාලා කොරලා ආපහු මේ අහට ගෑටුවා..නිකං නෙවෙයි කන්න බොන්න දේවළුයි මදුරු කොයිල් එහෙකුත් අරගෙන..මොකද මෙතන මදුරුවෝ ඉන්නවද නැද්ද කියලවත් මං දන්නේ නැහැනේ තාම..හැබැයි එකක් අඩුයි අද..? ඒ තමා මගේ හුලං පෙත්ත..මට හුළං පොදක් නොවැදී නිදා ගන්ට හරි අමාරුයි බොලල්ලා... දාඩිය දැම්මොත් නං දවස කම්මුතුයි..නිදා ගෙනත් අහවරයි..

ඒත් ඕන වෙඩිමක් කියලා අද මං මෙහෙ ඉන්නවා..මොකද තව වැඩක් ටිකක් කරලා දාන්ටත් ඇහැකි මෙහෙම හිටියම...අනිත් එක මෙහෙට හොදට සිග්නල් කාරිය එහෙම තියෙන හින්දා නෙට් එකෙත් ටිකක් කරදරයක් නැතිව එල්ලිලා හිටිය හැකි..අනිත් දේ තමා මං හිතං ඉන්නේ මෙතනම පදිංචියට එන්න නෙව..ඉතිං මෙතන තත්වේ කොහොමද කියලා තීරණය කොරන්ටත් එක්ක අද රෑ මෙතන ඉඳලා බලන්න ඕන...

බස් හෝල්ට් ගානේ බුදියපු එකාට මේක මොන කජ්ජක්ද..? දාඩිය දැම්මොත් පැදුරක් එළාගෙන නිදියනවා පිටිපස්සේ තියෙන කොරිඩෝ එකේ..එච්චරයි විසඳුම...

ඉතිං ඔන්න ඕකයි අද මේ වෙනකොට තත්වේ...
හෙට උදේට බලමු ඉතිරි විස්තරේ..

එහෙනං හැමෝටම සුභ රාත්‍රියක් වේවා කිව්වා..!

35 comments:

  1. ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සැතපිලා....
    (මීයෝ කැරපොත්තෝ නැති යැයි සිතමි!)

    ReplyDelete
  2. ඉහ ඉද්දර මම ..ඉන්නම්..
    පවන්..සලසලා..

    ආහ්..ඒත් බෑනෙ..අම්මා මාව..සොයයි

    ReplyDelete
  3. @කතන්දර...

    හම්මේ ඔව්..මෙච්චර දවසක් හිටිය තැන් හැම එකකම උන් අඩු නැතිව හිටියා..ඒත් තාම මෙතන නං හූනෙක්වත් දකින්න නැහැ..මං හිතන්නේ මනුස්ස වාසයක් වෙලා ටික දවසක් ගියාම තමෘ උනුත් ඇදෙන්නේ..දැනටනං නැහැ..බලමු ඉස්සරහට..

    ReplyDelete
  4. අනේ බන් අපේ අර සංවේදී ආඩම්බරකාර තාත්තට කියපන්කෝ අර සද්දේ දාලා පටන් ගත්තු බී ටී අයි ගහලා මදුරු කරදරේ නැති කරලා දන්න කියලා . . .

    සංවෙදී ආඩම්බරකාර තාත්තගේ දරුවන්ට නිදහසේ නිදාගන්න ඉඩ සලස්සලා දෙන්න කියලා . . හික් හික් හික්

    ReplyDelete
  5. @Gimhani...

    හික් හික්..අම්ම ගහයි බැට් එකෙන් කිව්වළු...

    ReplyDelete
  6. @දුකා...

    මගුලක් කියනවා..එතකොට මම කලින් වැඩ කල තැන හත් අට සීයක් බඩගින්නේ..උන්ගේ ළමයින්ට කන්න දෙන්නත් අපේ මාමට කියන්න කියයි උඹ ඊ ගාවට..අනේ පලයං..මමනං අහුවෙයි ඒවට..හැක් හැක්...

    ReplyDelete
  7. අර නිලධාරීන්ගේ දේශප්‍රේමී වැඩ වගේ මෙන්න මේකත් නිලධාරීන්ගේ දේශද්‍රෝහී වැඩක්ලු . .

    මදුරු මර්දනයට එරෙහි නිලධාරී මාෆියාවක්‌, කියුබා බීටීඅයි බැක්‌ටීරියා ලීටර් 15,000 ක්‌ ගබඩාවල

    ReplyDelete
  8. අඩේ ඇත්ත තමයි ඔය සීයක් දෙසීයක් ඩෙංගු වගේ සුලු අසනීපයක් හැදිල මැරෙන එක වගේද හත් අටසීයකට රස්සා නැති වෙන එක . . .

    අනේ අම්මපා මගේ ගොං මොලේ . . . ශිහ්

    ReplyDelete
  9. උඹ කියයි..එහෙම එකෙක් බඩ ගින්නේ මැරිච්ච දවසටත් උඹ උස්සගෙන එයි රටේ තියෙන තර ලියුං කරදහි මාව කන්න..මං දන්නේ නැද්ද උඹේ තරම..:D

    ReplyDelete
  10. හා..හා..එසේම වේවා...

    අර බිම ගෙනාවේ මදුරුවන්ටද?

    ReplyDelete
  11. උඹල වගේ රටට "ආදරය" කරන දේසප්‍රේමීන් සියල්ලෝටම සියළු දෙවි දේවතාන්ගේ පිහිටයි ආ ආ ආ .රස්සාවයි . . .

    ReplyDelete
  12. @Niroshan...

    ඇහ්..උඹ කොහොමයි ඒක දැක්කේ..?

    @දුකා...

    අනේ දැන් අපි ඔන නැහැ බං උඹලා ඉන්නවනේ මේක සුර පුරේ කරන්න.අපි චන්දේ දවසට විතරක් ගෙහුං කතිරේ කෙලලා ආවම ඇති..:D

    ReplyDelete
  13. හුටා බිම නිදාගෙන අර සඳරු දැක්කා වගේ හීනයක් දකීද දන්ණේ නෑ.... :D

    ReplyDelete
  14. මාරය්යා සුබ රත්‍රියක් කියල නිදා ගන්න හැදුවට
    අද මේ කට්ටිය එක්ක නිදා ගන්න බැරිවේයි වගේ.
    හිටපු තැන හිටියනම් හොඳයි මම හිතන්නේ

    ReplyDelete
  15. @දුකා...

    :D

    @පූසා...

    අ‍නේ බං මං මේ පුරුදු වෙන්න බිම නිදා ගන්නවැයි..කොහොමටත් මං දැනටත් දවසක් අර දවසක් දොයියන්නේ බිම තමා...

    @Gimhani...

    මදෑ කොලා නේද..?

    ReplyDelete
  16. මාර අයියා ඔන්න ඔහේ අද නිදිමරාන තව ලිපියක් ලියලා දාන්න.400 වෙනි කඩ ඉම පහු කොරොනවා කියන්නේත් එසේ මෙසේ වැඩක්ද?

    තව තවත් වැඩියෙන් ලිපි ලියන්න වාසනව ලැබේවායි පතනවා.

    ReplyDelete
  17. බ්ලොග් එකත් ජීවිතේ කොටසක් වෙලා වගේ .. හොදම දේ ඔක්කොම වැඩ කොරන්ඩ කලින් බ්ලොග් 1 කට ලිපියක් දාලා කොමෙන්ට් 3 - 4 ක් කියෝලා එන එක එතකොට අර මොනවද බොන්න ඕනෙ නැති වෙයි ( දවසේ ශක්ති ජනක් පානය )

    මාරයා තුමා ඇනො කමෙන්ට් දාන්න අවසර දෙනවද දැන් ....................................

    ReplyDelete
  18. කැරපොත්තන් ගෙන තොර සුව නින්දක් ලැබේවා.

    ReplyDelete
  19. එහෙනම් ඉතින් ගෙම්බා පොලේ ගැවුවා වාගේ බුදියගන්න වාසනාව සහ හයිය හත්තිය මාරේ අයියට ලැබේවා ..

    ඉතිපිසෝ ගාථාව කියලා නිදාගන්න ..

    ReplyDelete
  20. සියළු වැඩ හොදින් කරන්න.බ්ලොග් එකත් කොහොම හරි ලියන්න.බස් පළුවන්ගෙ කතාව වගේ කතා තව ලියන්න.මම ඒවට හරි ආසයි.

    ReplyDelete
  21. මාරයා....400 ගහන වෙලාවෙ පාටියක් දාන්න අදහසක් නැද්ද?

    ReplyDelete
  22. හිටගෙන උනත් මොකෝ හොඳට නින්ද යනවනං ......

    ReplyDelete
  23. policiyen miss call ekak diila maraya ayyage sapa nindata baada karannath hithenawa :D :D oya wayasata ehema nidi maranna honda nathi nisa onna ehema karanne na

    ReplyDelete
  24. කමෙන්ට් වලට රිප්ලයි කොරන්න පටන්ගත්ත එකනම් හොද වැඩේ....

    ReplyDelete
  25. "ඔන්න අද මං හොඳ ළමයෙක් උනා..."
    ඈ බං මාරයෝ.. මේක උඹ මීට අවුරුදු තිහ හතලිහකට කලින් කියන්ඩ ඕන කතාවක්නේ....

    මදුරුවන්ට උස්සගෙන යන්ඩ නොදී අල්ලගන්ඩ මකුණො ටිකක් ඇති කරා නම් නේ හොඳ.....

    ReplyDelete
  26. දවස පටන් ගන්නේ බ්ලොග් එකෙන්,,මට නම් බෑ ඒ වැඩේ

    ReplyDelete
  27. කැරපොත්තෝ මීයෝ ඇති බියකරු රාත්‍රියක් නොවෙන කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  28. මන් මේක දකිද්දී උදේ වෙලානේ ..ඉතින්හොන්දට නින්ද ගියැයි

    ReplyDelete
  29. මාරයියේ මාරයියේ.. නැගිටින්න නැගිටින්න......... :D

    ReplyDelete
  30. දැන් නැගිටහං 400 පෝස්ට් එක ලියහං.

    ReplyDelete
  31. හප්පට සිරි කොඩ්රබල් සෙන්චරිය ගහන්න ඔන්න මෙන්න නේද බොලේ, ඔන්න ගහන්න ඉස්සෙල්ලම අප්පුඩි සහ විසිල් පාර

    ReplyDelete
  32. මේ වෙනකොට නම් මාරයිය කොරිඩෝවේ හරි නිදාගෙන නැගිටලා. අද ලියන 400 වෙනි පොස්ට් එක ටයිප් කරනවාදෝ කියලත් හිතෙනවා. මොනවා උනත් අද සතුටු දවසක් නොව.....

    ReplyDelete