24 June 2011

කැරපොත්තන් සමඟ බියකරු රැයක්... තවත් අද්භූත කතාවක්

ඒ මා ගෙවල් දොරවල් හැර දමා පියා ගොස් පන්සලේ ජීවත් වූ යුගයයි...

ඒ වන විට මා පැවිදිව සිටියේ නැත.පන්සලේ අතු පතු ගෑමේ සිට..ඉවුම් පිහුම් වැඩත්..වත්ත පිටිය සුද්ද කිරීමත් කරමින් කාලය ගත කල අවදියයි.

පන්සලේ වැඩ සිටි හිමිවරුන් පැවිදි දිවියට සමු දීමට ඈත මෑත බලමින් සිටින ලදි..ඒ අනුව පළමු කොටම වැඩ සිටි පන්සල භාර හිමිනම අපගෙන් වෙන්ව ඔහුගේ සිහිනය කරා නික්ම යන ලදි..අනිකුත් පිටතින් වැඩම කල හිමිවරුන්ද අප හැර දමා ගොස් මාත් කුඩා හිමි නමකුත් පමණක් අවසානයේ ඉතිරි වූ වකවානුවයි...

තත්වය මෙසේ තිබියදී..දිනක් එම වැඩ සිටි කුඩා හිමියන්ද මා පන්සලේ රඳවා තබා උන්වහන්සේගේ හිතවත් හිමිවරුන් රැඳී සිටි පන්සල් වල ඇවිඳින්නට පටන් ගත් අතර..බොහෝ වේලාවට මා පන්සලේ තනි වී සිටියෙමි.

මෙම සිදුවීම සිදු වූයේත් එවන් දිනක මහ රාත්‍රියේදීය...

ඒ වන විට මා පරිහරනය කරනු ලැබුවේ පන්සලේ ආවාසයේ තිබු ඉදිරිපසම වූ කාමරයයි.එය කුඩා කාමරයකි..එහි දෙපස ගරා වැටුන ඇඳන් දෙකක් තිබූ අතර ඒ දෙක මැද ඇති හිස් ඉඩෙහි බිම මා පැදුරක් එළාගෙන නිදා ගනෑමට පුරුදුව සිටියෙමි...දෙපස වූ ඇඳන් දෙකටම සිවුරු එළා තිබූ හෙයින් ඒවාට අතක්වත් නොවැදීමට මා වග බලා ගතිමි.

කාමරයේ ඉහලින් සිවිලිම වෙනුවට පැරණි සිවුරු දෙකක් උපයෝගී කොටගෙන සිවිලිමක් වැනි ආවරනයක් යොදා තිබුනු අතර එම සිවුරු දෙකෙහි තැනින් තැන මැහුම් ලිහී කුඩා හිස් තැන් සිදුරු ආදිය ඇති වී තිබිණී...

සුපුරුදු ලෙසින්ම එදිනත් මා පන්සලේ අස්පස් කිරීම් අහවර කොට රාත්‍රී නවය පමණ වන විට ආවාසයේ පිටතට ඇති දොරටු වසා විදුලි පහන් නිවා දමා මා සිටි කාමරයේ බිම ඇල උනේ කුමක් හෝ පැරණි පත්තරයක් කියවන්නටය...කාමරයේ විදුලි පහන තිබුනේ කාමරයේ හරි මැදටම නොව තරමක් පැත්තකින්ය..සිවුරු රෙද්දට අස්සෙන් කුඩා සිදුරක් තනා ඒ තුලින් එළියට ගත් වයරයකට සවි කල හෝල්ඩරයකට බල්බය සවි වී තිබිණි..

මා එලෙස පැයක් හෝ එක හමාරක් පමණ කාලයක් කියවමින් සිටි අතර..මඳින් මඳ නිදිමත දැනෙමින් තිබූ අතර වෙනත් වෙනසක් නොතිබුණී...

එහෙත් මෙසේ සිටින අතරම කිසියම් වෙනස් වීමක් කාමරයේ සිදු වෙමින් තිබිණි...

කාමරයේ ඉහළ සිවුරු රෙද්ද අතරින් කැරපොත්තන් කිහිප දෙනෙක් විත් කාමරය පුරා ඉගිලෙන්නට විය..උන් මා අසලටම නාවත්..වරින් වර ඇගට ඉහලින්ද පියඹ යන්නට විය..ඒ පියඹා යෑමේ අමුත්තක් මට දැනෙමින් තිබිණි..උන්ගේ ශබ්දය සාමාන්‍ය කැරපොත්තෙකු පියාඹා යාමේදී ඇතිවන ශබ්දයට වඩා වෙනසක් තිබිණී..එපමණක් නොවේ...උන් පියඹා ගොස් කොතැන හෝ නැවතුනත් උන්ගේ තටු සොලවමින් අමුතු සර සර නදක් නගන්නට විය...මුලින් එකෙක් පැමිණි අතර..පසුව දෙදෙනෙක් බවට පත් විය...මඳ වේලාවකදී..සිවුරු රෙද්ද ‍ෙ ඉහළින් වහළයෙහි තවත් කිහිප දෙනෙක් ඉන්නා වග තටු ගසන ශබ්දයෙන් මට වැටහිණ..

මට සිදු වූ ලොකුම වරද සිදු වූයේ මේ අතරේය..මෙතෙක් වේලා එහාට මෙහාට පියාඹමින් සිටි කැරපොත්තන්ට මගේ අවධානය හොදින් යොමු වී තිබිණී..මන්ද මා උන්ට ආසා නැති බැවින්..කොයි වේලේ හෝ උන්ගෙන් එකෙක් මාගේ ඇගට වැටෙන්නට හැකියයි මට ඇති වූ සිතිවිල්ලය....

අවසානයේ එය සිදු විය...

එහෙ මෙහෙ පියාඹා ගොස් සිටි එකෙක් අමුතුම වියරුවකින් මෙන් මගේ ඇගට වැටුනි..ඒත් සමඟින්ම මා තදින් ප්‍රතික්‍රියා දැක්වීමි..මා අත එතෙක් තිබු පත්තරයෙන් ගසා කැර පොත්තා ඇගෙන් ඉවතට විසි කලෙමි...මා අසල සිමෙන්ති පොලොවේ තරමක් ඈතට වැටුන සතා..නැවතත් හැරී මා වෙතට වේගයෙන් ඇඳී එන්නට විය..මා නැවතත් පත්තරයෙන් උ්ව ඈතට තල්ලු කලත් කැරපොත්තා වියරු වැටුන ආකාරයෙන් මා සොයාම එන්නට වූ අතර..එවන් අවස්ථාවකදී මා පත්තරය නවා එල්ල කල තද පහරකින් උගේ අවසන් ගමන් යාම සිද්ද විය..ඇත්තටම මරන්නටත් වඩා..මේ වන විට මා හ‍ට මෙය පුදුම තරමේ කරදරයක් මෙන්ම හිරිහැරයක් වෙමින් තිබිණි...

තත්වය භයානක වූයේ මෙයින් අනතුරුවය..කැර පොත්තන් එකා දෙන්නා සිවිලිමේ සිවුරු රෙදි අස්සෙන් ඈත් මෑත් වෙමින් කාමරය පුරා පියඹන්නට විය..

කරන්නට දෙයක් නැත..අද මෙම කාමරයේ නිදා ගැන්මට නොවන බව නම් මා හට පැහැදිලිය..මා කලේ පැදුරත් කොට්ටයත් ගෙන කාමරයෙන් ඉවතට ගොස් සාලයේ නිදා ගැනීමට උත්සහ කිරීමයි..එහෙත් සුව වේලාවකින් සාලයේත් කැර පොත්තන් පියඹා යෑම ඇරඹින...එය මහා අමුතුම තත්වයකි.

අවසානයේ මා කලේ නැවතත් පැදුරත් කොට්ටයත් ගෙන කරඬුව තිබෙන කාමරයට ගොස් දොර වසා ගැනීමයි...එම කාමරය ආරක්ෂීතය..ආවාසයේ තිබූ හොඳම කාමරයයි..එහි තරමක් ඉඩ පාඩු තිබිණි...සිවිලිම හොදින් ගසා තිබිණී..ජනෙල් දොරවල් වැසූ පසු එයට පිටතින් සුළං පොදක් හෝ එන්නේ නැත..ඒ සඳහා ඉඩක්වත් නැත...

කාමරය තුලට වී පැදුර එළා ගත්තද මට දැන් නින්ද නොයන්නා සේය...ඇස් පියා ගත්තද මට නොයෙක් ආකාරයේ ශබ්ද ඇසෙන්නට විය...මා සිතුවේ මේ මාගේ හිතළුවක් බවය..එහෙත් ඉවසා සිටිය නොහෙන තරමටම ශබ්ද වැඩි වන්නට වූ කල මා කලේ නැගිට ගොස් කාමරයේ විදුලි පහන දැල්වීමය...

විශ්වාස කරන්න...

කාමරයේ වසා තිබු දොරට යටින් වූ මිලි මීටර් දෙකක් පමණ සිහින් විවරයෙන් කාමරය තුලට කැරපොත්තන්ගේ හිසේ ඇති අඩු දහස් ගණනක් පැමිණ තිබුණි..උන් කාමරයට එන්නට පොර කමින් සිටියෝය...

එහෙත් ඒ සඳහා දොර යට වූ විවරය නොසෑහිනි...මා බියපත්‍ නොවූවාය කිවහොත් එය පට්ටපල් බොරුවකි..එහෙත් නිරවුල්ව සිතිය හැකි තරමට මනස සකස් කර ගන්නට බැරි කමක් නොවීය...මෙයට පෙර දිනක් කනත්තක මිනී වලක් මුර කරන්නට මා හට සිදු විණී..එදාවත් බියක් නැතිව පැදුරු කඩමාල්ලක් එලාගෙන කනත්තේ අළුත කැපූ වලක් තුල පාන්දර ජාමයේ සැනසිල්ලේ නිදා ගත් මා හට එම සිදුවීම හරහා විශාල සිතේ සවියක් ඇතිව තිබිණ..

මේ මොහොතෙත් එම මතකය මා සවිමත් කරන ලදි... ඒ නොවුනේ නම් එදින රාත්‍රියේ කුමකින් කුමක් වේදැයි මා හට සිතා ගත නොහැක...

අවසානයේ සෑහෙන වේලාවක් මා අවදිව සිටි අතර නිදා ගන්නා විට පාන්දර 3ත් පසුව තිබිණ...පැය දෙකක් තුනක් පමණ කැරපොත්තන් එක සීරුවට කාමරයේ දොරට යටින් එන්නට තැත්ත කල අතර..අවසානයේ එකා දෙන්නා සිය අඩු ඉවතට ඇද ගන්නට විය.. එසේ කරදරය අඩු වන්නට වූ පසුව මා නින්දට වැටුනි..පසුවදා උදේ අවදි වී කාමරය විවෘත කලද කිසිදු අමුත්තක් නොවීය...

පසුව කාලයකදී මා පැවිදි වූ පසුව කාමරයේ සිවුරු වලින් ගසා තිබුන සිවිලිම ඉවත් කොට ලුණුමිදෙල්ල ලෑල්ලෙන් සිවිලිමක් ගසන ලදි..මා දිගටම භාවිතා කලේද එම කුඩා කාමරයම විය..

ඉහත සිදුවීම සිදු වී දින කිහිපයක් යන තෙක්ම සිතේ කිසියම් තිගැස්මක් තිබුනද..පසුව එය මග හැරී යන ලදි..එහෙත් එම රැය මගේ මරණය තුරාවටම මා හට අමතක නොවන බව කිව යුතුමය...

39 comments:

  1. X - Files කථාවක් වගේ

    ReplyDelete
  2. අඩේ මාරයියේ මේක සිරාවටම ඇත්ත කතාවක්ද? ඇඟත් හිරි වැටිලා ගියා.ඒක නෙවෙයි මාරයියා මොකටද කනත්තේ මිනීවලවල් මුර කරන්න ගියේ...? මල මිනියක් උස්සයි කියලවත්ද?

    ReplyDelete
  3. මාරය අයිය මල මිනීත් මුර කරනවද? :ඔ
    අපිත් බ්ලොග් කෙරුවාවට අලුත්...කැමතිනම් බලල ෆලෝ පාරක් දාමු
    http://chaterkolla.blogspot.com/

    ReplyDelete
  4. @බුවා...

    ඒ වගේ තමා...

    @තීර්ථ යාත්‍රිකයා...

    මේක ඇත්තම කතාවක් මල්ලි..ආයේ එක වචනයක්වත් බොරු නෙවෙයි..
    මිනී වලේ කතාව ඒ හැටි ලොකු එකක් නෙවෙයි..

    රෑ වල කපන උන්ට කසිප්පු කෑන් එකයි කෑමත් අරං බයික් එහෙක මං ගියා අයියා කෙනෙක් එක්ක..එතකොට වල කපලා ඉවර හින්දා එතන හිටිය එකෙක්ට ආපහු එන්න ඕන කිව්වා..ඒ පාර ඌට එන්න ඇරලා මං නැවතුනා අර සෙට් එකත් එක්ක බයිල ගගහා ඉන්න..මොකද එතන හිටියා කතා ඔස්තාර්ලා කීප දෙනෙක්.

    අන්තිමට පාන්ද වෙන්න කසිප්පු ඉවරයි..අරන්ට ත බොන්න ඕන උනා..එකා දෙන්නා කනත්තේ එහා පැත්තෙන් පල්ලං බැස්සා..පොට් එහෙකට..අනිත්මට මාත් එක්ක හිටිය අනිකටත් යන්න උවමනාව..ඒත් මාව දාලා යන්නත් බැහැ..වල තනිකරලා අපි දෙන්නටම යන්නත් බැහැ..ඒ හින්දා ඌව ඇරියා..මං හිටියා..ඒකත් මොලයක් ඇති එකෙක් නෙවෙයි..මටත් ඒ හැටි ගානක් නැහැ ඒ කාලේ..15ක් 16ක් විතර ඇති..

    ඒත් කනත්තේ හුලං පාර සැරයි..හෙන හීතලයි..පස්සේ කට්ටිය පැත්තක දාගෙන හිටිය පැදුර වලේ එළාගෙන මම නිදා ගත්තා..අළුත් වලනේ..ඒක ඇතුල හොදට රස්නෙයි..අරුන් ටික ආවේ එළිය වැටිලා..ඔච්චරයි කතාව..එහෙම නැතිව ලොකු එකක් නෙවෙයි.

    ReplyDelete
  5. එය මාරයාට සිදුවූ මාර සිදුවීමකි . මටත් සිතාගත නොහැකි තරමේ මාර සිදුවීමකි . එදින එවැනි දෙයක් සිදුවීමට ආසන්නතම හේතුව කවරක් වීමට හැකිද ? කිසියම් අදුෂයමාන බලයක් මාරයව පන්සලෙන් නෙරපා හැරීම සදහා ක්‍රියත්මක උනිද ?

    ReplyDelete
  6. අපිට හිතාගන්නවත් බැරි සමහර සිදුවීම ඉස්සර කාලේ පාළු පලාත් වල ක්‍රියාත්මක වුණා . ඔය ඉස්සර කාලේ . හවස හයෙන් පස්සේ වැසිකිලි වලක් . සොහොන් බිමක් වගේ ස්ථාන වල අම්බානෙට අමනුස්ස බලවේග ක්‍රියාත්මක වුණා

    අපි කොයි තරම් වෙන්නේ නෑ නෑ නෑ කියලා හිතුවත් . අපි නොදන්න නොපෙනෙන ගොඩක් දේවල් අපේ වටේ තියනවා .මම නම් ඕව අත්විඳලත් තියනවා .

    අහලා තියේද මාරේ අයියා "සොඳරි" ගැන . මම මුහුනදීපු සිදුවීමක්. පුලුවන් වුණොත් සඳුදාට ඒක මම ලියන්න හිතුවා .මේ පෝස්ට් එක දැක්කට පස්සේ තමයි මට ඒක මතකෙට ආවේ

    කැරපොත්තෝ නම් මට පේන්න බෑ .. අප්පිරියාවයි .

    ReplyDelete
  7. හි හි මාරයා කැරපොත්තන්ට සෙකන්ඩ් වෙයි... මාරයා අයියට ශුවර්ද උන් කැරපොත්තෝමයි කියලා.... කතාව නිකං අර එක්ස් ෆයිල් කතාවත් වගේනෙ...

    ReplyDelete
  8. ඊ මටත් පේන්න බැරි ජාතියක්.

    ReplyDelete
  9. මාරයත් බය වුනා කිව්වම ඉතින් තවත් මොකක්ද. අම්මෝ මම හිටිය නම් බයට මැරුල.

    ReplyDelete
  10. හෆොයි මමත් බයයි කරපොත්තන්නට...... අනේ මන්දා එකනම් X - Files කතාවක් වගේමයි.

    ReplyDelete
  11. කාමරේ දොරට යටින් අඟලක විතර ඉඩක් තිබ්බනම් කැරපොත්තො එහෙම හැසිරුණේ ඇයි කියල ඇත්තටම දැන ගන්න ඉඩ තිබ්බා.

    කැරපොත්තො මී පැණි හරි බඹර පැණි හරි බිවුවම ඔහොම හැසිරෙනවලු

    ReplyDelete
  12. මාරයියා... ඒ දවස් වල මාසෙකට දවස් කීයක් විතර නානවද.. මං මේ නිකමට වගේ අහන්නේ..

    ReplyDelete
  13. අපොයි නරක වෙලාවක කියවන්න ගත්තේ . 12 ටත් ලඟයි. ත්‍රාසය රැගත් කරපොතු කතාවක් . A /L කාලේ කීපදෙනෙක් පරලොව යවන්න දායක වුනත් එක්ක. අපේ ගෙදරත් කැරපොත්තෙක් ආවොත් එක ලතෝනියයි. මන් නම් නෙමේ.

    ReplyDelete
  14. අපොයි දෙයියනේ සමනලීත් හරිම බයයි කැරපොත්තන්ට නම්... දුටු තැන පණ එපෝ කියලා දුවන තත්ත්වයක් තියෙන්නේ. ඊට හපන් සද්දේ.... අපේ ගෙදර මහා කලබගෑනියක් වෙන්නේ කැරපොත්තේක් ආවොත්... දැන් ඔන්න මේක හපනි වගේ කියවන් ගියාට මොකෝ සමනලීට බයයිත් වගේ....

    ReplyDelete
  15. දහස් හෝ සිය ගණනින් නැති උනත් මෙවැනි කැරපොතු ආක්‍රමණ මමද දැක ඇත්තෙමි. එසේම කැරපොත්තන් මිනිසුන් පිටුපස එලව අගේ වහන්නට ට්‍රය් කරනවාද දැක ඇත්තෙමි. විශේශේය්න්ම එක කරපොත්තෙක් තැලු පසු උන් රංචු පිටින් ඒම ද සිදුව තිබේ. මා සිතන ආකාරයට මෙය උන්ගේ වර්ගය බෝ කිරීමට කැදවීමට බාවිතා කරන ෆෙරමොන මෙයට හේතු විය හැක.

    ReplyDelete
  16. ඇත්තටම මාරයියා මොකද හිතන්නේ මේ ගැන...මම හිතන්නෙත් අර උඩ ඇනෝ කියන කතාව හරි වගේ

    ReplyDelete
  17. චානක කියන කතාව මාත් අහල තියෙනව... බඹර පැනි හරි මී පැනි හරි බීවුවාම කැරපොත්තො ඔහොම හැසිරෙනව කියල...

    දැනට අවුරුදු 6 විතර කලින් අපේ ගෙදර හදන්න කාලෙ... කුස්සියේ තිබුනා ලී ගොඩක්... ඕක අස් කරද්දි මම කැරපොත්තො 176 මැරුවා... ජීවිතේ කරපු ලොකුම පව මම හිතන්නෙ...

    පස්සෙ දවසක් අපේ පන්සලට වැඩිය හාමුදුරු නමක් පට්ට බනක් කිවුවා.. ප්‍රානගාතෙ ගැන... දන්නම් ලේබොන මදුරුවෙක්වත් මරන්නෙ නෑ....

    ReplyDelete
  18. honda welawata mehe karapoththo na.nathnam meka kiyawala ada ninda yanneth na :D

    ReplyDelete
  19. "The Mummy" movie එකේ scarabs ල මතුවෙල එනව මතක් වුනා මේක කියවනකොට. මාරයත් බය වුනා එහෙනම්.
    JH

    ReplyDelete
  20. මේ කතාවෙන් නියම හොරර් මූවි එකක් ගහන්න තිබුණ.

    ඕකනං බහුජාතික කුමන්ත්‍රණයක් වගෙයි මාරය පංසලෙන් එලවගන්න කරපු.

    ReplyDelete
  21. හපොයි.. මම එහෙම හිටියා නම් බයටම පණ ගිහින්.. ඊයා ඔය කැරපොත්තෙක් දැක්කොත් මම කෑගහගෙන ගිහින් උඩකට නගිනවා,, පියාඹන එකෙක් නම් ඌට පාඩුවේ පියාඹගන්න දීලා කාමරේ දොර වහලා මම එළියේ ඉන්නවා.. ඊයා....

    ReplyDelete
  22. ශා මරු කතාව... අදත් අපේ දිහා කැරපොතු සංහාරයක් උනා...උන් නම් හොදට හැදිලා හිටපු නාම්බ සයිස් කැරපොතු..මම හිතන්නේ පදිංචියට ආපු උන්ද මන්දා...දැන් නම් අනවසර පදිංචි කාරයින්ව එලවලා දැම්මා... ආයේ බෙහෙතකටවත් නැ..චැක් ...

    ReplyDelete
  23. අර ෆෙරමෝන සීන් එක හරි කියලයි මටත් හිතෙන්නේ.. (රහසින්.. ඈ එතකොට මාරයියට කොහෙන්ද කැරපොතු ෆෙරමෝන නිකුත් කරන්න පුලුවන් වුනේ ? :D )
    මාරයියේ මම බුකියේ මාරයියට ෆොටෝ ඇල්බම් එකක් ෂෙයාර් කරලා ඇති.ඒකෙ තියෙන්නේ මමත් තව යාලුවො කීපදෙනෙක් දැක්ක දේවල් ටිකක්.බලලා පුලුවන් නම් ඒ මොනවද කියල අදහසක් දෙන්න බලන්න.විස්වාස නොකරයි කියලා මම දෙතුන් දෙනෙකුට ඇරෙන්න වෙන කාටවත් පෙන්නුවේ නෑ..

    ReplyDelete
  24. හැමෝම x ෆයිල්ස් ගැන කතා කරන නිසයි මතක් වුනේ... ඒකෙ season 6 එකේ episode එකක් තියෙනව field trip කියල.ඒකෙදි අර දෙන්නට පුස් වගයක් අඝ්‍රාණය වෙලා නොයක් විකාර පේනව..ඇත්තම වගේ එයාලට දැනෙන්නෙ... මාරයත් පන්සල කියල බලන්නැතුව මොකුත් අඝ්‍රාණය කරලවත් ද හිටියෙ ?

    ReplyDelete
  25. මාර කැරපොත්තො ටිකක් නෙ.

    ReplyDelete
  26. The Reaping ෆිල්ම් එකෙත් ඔය වගෙ සිද්ධියක් තිබුන
    මම කියනවට බලන්න
    ඒක නෙවෙයි මාරයට ෂුවර්ද කැරපොත්තෙක් පෑගුනෙ හරි නිදා ගන ඉද්දි පොඩි වුනෙ නෑ කියල එහෙම වුනානමි ෆෙරමොන තමයි හේතුව.

    ReplyDelete
  27. අම්මෙ, බ්ලොග් පැත්තේ කරක් ගැහුවේ සෑහෙන කාලෙකින්, සති 2-3 කින් විතර, කියවන්න ගොඩක් තියනව, අලුත් රස්සවත් එක්ක නෙට් වානා.
    ගෙඩර ආපු වෙලාවක තමා.
    මාරයා අයියගෙ කියවන්න බැරි වුන හැම ලිපියම කියෙව්ව, ඔක්කොටම එක්ක මෙතන කොමෙන්ට් කරනව.
    මාරයාගේ හෝරා වෙන් තමයි ලිපි බලන්න පටන් ගත්තෙ,
    හොඩට ලියනව අයිය, මාර අත්දැකීම් ගොඩක් තම තියෙන්නෙ.
    අලුත් වැඩේට සුඹ්හ පතනව

    ReplyDelete
  28. මාත් බයා...යි... මාරයියාත් මාර කතානෙ කියන්නෙ.. අම්මියෝ...

    ReplyDelete
  29. හම්මෙ.. බය හිතෙනවනෙව..

    ReplyDelete
  30. මේක හරිම බියකරු කතාවක්නෙ මාරයියේ... :O..අපෝ අද මගේ කාමරේ දොර යටින් පාපිස්සක් හිරකරලා තියන්න ඕනෙ..නැත්තන් මට නින්ද යන එකකුත් නෑ... :O

    ReplyDelete
  31. හප්පටසිරි අති බිහිසුනුයි නොවැ.......

    ReplyDelete
  32. හ්ම් එකෙක් මැරුණම තව උන් සිය ගාණක් එන සීන් එක නං මාත් අත්විඳල තියනවා. දවසක් මොකක් හරි මැතිවරණයක් දවසක රෑ. ටොයිලට් එකට ගියාම කැරපොත්තෝ දෙතුන් දෙනෙක් හිටිය. ඒ දවස්වල අපේ ගෙදර කැරපොත්තන්ට ගහන මෝටීන් එකක් තිබ්බ. ඒකෙන් උන්ට ගහල දාල මං ටොලට් එකෙන් එළියට එන්න ඉස්සෙල්ල උන් හෙන ගොඩක් වතුර බහින තැනින් එලියට ආව. ඒකට පියනක් තිබුනෙ නෑ. ආපු ආපු හැම එකාටම මෝටීන් ගහල මැරුව මම කරපු ලොකුම පව ඒක වෙන්න අති 50-60ක් විතර මරල දැම්මා. අම්මෝ මතක් වෙනකොටත් අප්පිරියයි.

    ReplyDelete
  33. ෆෙරමෝන කේස් එකක් වගේ තමා.

    ReplyDelete
  34. මල් පැණි ටිකක් ගැහුවම, කැරපොත්තො නෙමෙය් මනුස්සයො කියන සත්ව කොට්ඨාසයත් එක එක අමුතු විධි වලට හැසිරෙනව කියල අහල තියෙනව

    ReplyDelete
  35. මං හිතුවේ මාරයා අනිත් අයට වින කරනවා මිසක් ඔය කැරපොත්තෝ වගේ අවසේස සත්තු මාරයට බයයි කියලනේ !

    ReplyDelete
  36. බය කරන්න එපා ඕයී... :P

    ReplyDelete
  37. හිතා ගන්න බෑ... මාරයත් භය උණා කියලන්ම් දැනගත්තා...

    ReplyDelete
  38. අදෘශ්‍යමාන බලවේගයක් වෙන්න ඇති.

    ReplyDelete
  39. ඇත්තටම ඕක දිහා විද්‍යාත්මකව විතරද අපිට බලන්න පුලුවන් ....

    ReplyDelete