01 July 2011

මාර සැලසුම් අංක 1...

අනේ අම්මේ..වෙලාව දෙකත් වෙලා... අදත් මං හොඳ ළමයෙක් උනා නෙව. උදේ ඉඳලා එක හුස්මට වැඩ කරගෙන ගියා..දැන් තමා අද ටාගට් එක කවර් කලේ.

පෙරේදා වැඩට ආපු මට ඊයේ දවල් වරුවත් ඇදලා තමා ආයේ ඕෆ් වෙන්න උනේ...මගේ අනිත් සගයාගේ ගෙදර වැඩක් වැටිලා කියලා ඊයේ දවාලත් ඇදල දෙන්න බැරිද කියලා ඇහැවුවා.. මිනිහ තේ පැල වගයක් කාගෙන්ද මන්දා ඉල්ලලා තියේ කියලා මීට ටික දොහකට ඉස්සෙල්ලා මාත් එක්ක කියල තිබ්බ නෙව.

කොහොම හරි ඊයේ උදේම ඒක ලැබෙනවා කියලා මෑන්ට පණිවිඩේ හම්බු වෙලා..ඒ පාර මගෙන් ඇහැව්වා මොකදෑ කොරන්නේ කියලා..මොනව උනත් ඒ දේවළුත් කෙරෙන්ට එපැයි.. ඒ ගමන් මං දවල් කාලෙත් ඉන්ට බාර ගත්තා..කොහොම හරි ඊයේ හවස ගෙදර ගෙහුන් වැඩි වෙලා ඉන්ට උනේ නැහැ මං දන්නෙම නැතිව මට දොයිය ගෙහුන්.. මොනවා හරි භාවිතා නොකර ඔහොම නින්ද යනවා අඩුයි නේ..එහෙම බැළුවහමනං ඊයේ මං එහෙම නින්ද ගිය එකත් ලොකු දෙයක්..ඒත් ඉතිං කරුමෙට කකුල් හතරයි කියන්නැහේ..මොනවා කොලත් අයේ රෑ දොළහ විතර වෙද්දි මාව ඇහැරුනා නෙව..එතැන ඉඳලා ඔහෙ හිටියා එහෙ මෙහෙ පෙරලි පෙරලි සෑහෙන වෙලාවක්..කොහොමින් හරි ආයෙම වංගියක් පාන්දර දොහේ නින්ද ගෙහුන් තිබුනා..

දෙවෙනි වතාවෙනං හය හමාර විතර වෙද්දී ඇහැ ඇරුනා...

ඊයේ හවස ඔෆ් උනත් අද උදෑහැනැක්කෙන්ම ආයෙම ආවා වැඩට..මොකද අද දවල් වරුව ඊයෙට අහු වෙන්න නිවාඩු ගත්තහැකි උනත් ඒක පස්සේ ගන්ට තියා ගත්තා.. මාසේ මැදට වෙන්ට කොරන්ට කියලා හිතාගෙන උන්න වැඩ දෙක තුනක් තිබ්බ හින්දා තව ටිකක් පහු වෙලා ඒක ගන්නවා..

පහු ගිය ටිකේ කොච්චරවත් හිතන් උන්න දැන් ඉන්න කඩ කෑල්ලේ ඉතිරි වැඩ ටිකත් පිළීවෙලක් කොරගෙන ජූලි මුල ඉඳලම ඒකෙම පදිංචියට එනවා කියලා..මොකද දැන් මං කඩේ කුලියයි..කාමරේ කුලියයි..වැඩට ඉන්න ළමයගේ පඩි නඩියි..මගේ කෑම බීමයි..තව එතනින් ගියහම..පැස්ටෝල්..ෆෝන් කාඩ්..ඉන්ටර් නැට් බිල් එහෙම එක්කාසු වෙලා එනකොට මාසෙකට හොද ගානක් වියදං.. මේ ලගදී අර පරන තැනට වැඩට ගිය වෙලාවේ ඔය විය හියදං ගැන කිය කිය ඉන්න අතරෙ අපේ ඇල් ඇස් ඕ කෙනෙක් කියනවා අර එකවුන්ටන් මහත්තයා යෑ බෙල්ලෙ වැල දාගන්ට ඕන අපේ සී ඇස් ඕ මහත්තයනේ කියලා... (එදාම තමා අර ළමයා එල්ලිලා කියලා ආරංචිය ඇවිත් තිබුනේ..) කාරණාව ඇත්ත තමා..ආයේ මට කෙල උනොත් බෙල්ලෙ වැල නෙවෙයි වහ ටිකක් කලා ගගේ මූදේ පැනලා නැවකට බෙල්ල තියන්න වෙනවා...

මගේ තනිකඩ වියදම උන්දලාගේ හතර දෙනෙක් ඉන්න පවුලේ මාසික වියදමට බොහොම සමානයි.. ඒ හින්දා මං හිතං උන්නේ වියදං කපා හැරීම යටතේ කාමරයෙන් කඩේටම සේන්දු වෙන්ට..ඒත් එතන හුගක් වැඩ තියෙ තව කර ගන්ට...

පහල තියෙන වැසිකිලි පේලියෙන් කවුරුවත් පාවිච්චි නොකරන එකක් තියේ..ඒක ඇතුල අදුරු වැඩියි..දොරවල් එහෙම ගැලවිලා..ඒ හින්දා මං ඉන්න තට්ටුවේ ඉඳලා ඒකට වයර් ඇදලා බලුප් එකක එහෙම දාලා..දොරවල් අළුත් වැඩියා කොරලා..ඒකට වෙනම ටැප් ලයින් එකක් දාලා සුද්ද පවිත්‍ර කොරලා ලෑස්ති කොරන්ට ඕන. ඒ අංක එක..

දෙවැනුව උඩ තට්ටුවේ පිටිපස්සේ මගේ කෑල්ලට සමාන්තරව තියෙන කොරිඩෝ එක දෙපැත්තෙන් බිත්ති දෙකක් වගේ හිටින්ට මොනවා හරි හොඳ විදියකට වෙන් කරලා ඒක ඇතුලේ නාන්ට කරන්ට ඇහැකි විදියට හදා ගන්ට ඕන..එතන පලල අඩි 3 ක් විතර තියේ දිගත් අඩි 8ක් විතර තියේ ඒ ඇති හොදටම... වතුර ලයින් එකනං උඩින් යනවා..කරන්ට තියෙන්නේ ටී සොකට් එහෙකින් කඩලා ලයින් එකක් අරගෙන ෂවර් එකක් ටැප් එකක් එහෙම හදා ගන්ටයි..

ඒ වගේම වතුර බහින්න අගල් දෙකක හරි දෙක හමාරක හරි පයිප්ප ලයින් එකක් දාන්ට ඕන..ඒකට අර කොරිඩෝවේ බිත්තිය හිල් කොරලා පහලට බට අදින්ටයි..සිමෙන්තියෙන් ඒ බට වටේ හොදට සීල් වෙන්ට බදින්ටයි..කොරිඩෝ එක ඇතුලේ වතුර දෙපැත්තට නොයන්ට පුංචි බැමි දෙකක් දාන්ටයි..බිත්තිවල වතුරට ඔරොත්තු දෙන පේන්ට් එකක් ගාන්ටයි..වැඩ කන්දරාවක් තියේ..

ඊට අමතරව බිත්තිය හිල් කොරලා කාමරේ ඇතුලටත් ටැප් ලයින් එකක් අරං පුංචි සින්ක් කෑල්ලක් හයි කොරන්ට ඕන...

ඒ විතරක්යෑ..කඩ කාමරේ අඩි අටක් පලලයි අඩි තිහක් දිගයි..ඔකෙන් මං දැනට අඩි දහයක් වගේ තමා වෙන්කොරලා තියෙන්නේ ඉස්සරහ මගේ වියාපාරේ සඳහා..
ඉතිරි අඩි විස්ස ඇතුලේ ආයෙමත් ගානට වෙන් කොරන්ට ඕන පුංචි කාමරයකුයි..අවසානම හරියේ හිමිහිට උයන්ට ඇහැකි වෙන විදියට කෑල්ලකුයි එන විදියට...

එතනින් නවතීද..නැහැනේ... දැනට අපේ ගොඩ නැගිල්ලේ වතුර මෝටරය ක්‍රියාත්මක කොරන්නේ පහල තට්ටුවේ ඉන්න ෆාමසියේ මහත්තයා නෙව..උන්දැත් එක්ක සාම සාකච්ඡාවක් තියලා ඔය මෝටරේ සුවිච් එක එළියට දා ගන්ට ඕන..මොකද උන්නැහේ නැති වෙලාවට මට මෝටරය දා ගන්ට තියෙන්ට එපැයි..එහෙම කරලා එක්කෝ ලයිට් බිලට වැඩි පුර එන ගාන මම ගෙවන්ට හරි..එහෙමත් නැත්තං කෙලින්ම මගේ කෑල්ලෙන් ලයින් එකක් ඇඳලා මොටරේට කෙලින්ම දෙන්ට හරි යොදා ගන්ට ඕන... අර ඔක්කෝමත් හරි මට හෙන අවුල ඕක කතා කොරන්ට යන්ට තමා...

මොකද මෙතන හිටියට මං තාම උන්නැහේ එක්ක වචනයක් දොඩාලා නැහැ. කොහොමටත් මං පදිංචි වෙලා ඉන්න තැන්වල අහල පහල උදවිය එක්ක හරි අඩුවෙන් බජනෙට යන්නේ.. ඒක උන්දලට විතරක් නෙවෙයි මටත් හිරි හැරයක් හින්දා. ඒ හින්දා මෙච්චර දවසක් මං හිටිය ඔය හැම තැනකින්ම මට මේ වෙනකල් නරකක් කිව්ව කවුරුවත් නැහැ..සමහරු මං කියලා එකෙක් හිටියද කියලා දන්නෙත් නැහැ.

ඉතිං ඔය වැඩ ටිකට අමතරව තව හිතං ඉන්නවා වැඩක් ඒ තමා තාම මං මේ වැඩ පටන් ගත්තට කඩ කාමරේ ඉස්සරහ හායි ගාලා ඇරලා දාපු ගමන්..ඕක හින්දා ඉස්සරහ පැත්ත වීදුරු දාලා ඇළුමීනියම් වලින් පාටිෂන් කරලා දොරක් එහෙම දා ගන්ට ඕන..අනිත් වැඩනං ඔක්කෝම මං දන්න කියන කරුමාන්ත..මට තවම ඔය ඇළුමීනියම් පාටිෂන් වැඩක් කොරන්ට අහු වෙලාම නැති හින්දා ඕකනං වෙන කාට හරි පවරන්ට වෙනවා..මොකද වෙන එකක් බලාගෙන කොරන්ට උනත් මං ගාව ඒකට හරියන ආයුධ නැති හින්දා..පොප් රිවට් ගන් එකක්නං හොයා ගන්ටත් බැරි නැහැ... ඒත් වීදුරු කැපිල්ල කොරන්ට වෙන්නේ නැහැ..ෆ්‍රේම් එක ගහලා ඒ ගානට වීදුරු කපාගෙන එන්ට ඇහැකි උනත් පොඩි හරි වෙනසක් උනොත් හෙන කට්ටක් කන්ට වෙනවා..ඊට මීට හොදයි ඒක වෙන කාට හරි බාර කොරනවා කියලා හිතා ගත්තා..

කොහොමත් එතන පදිංචියට එනවනං ඒ දේත් කර ගන්න වෙනවා..නැත්තං හැම වෙලාවෙම අර උස්සන්න පහත් කොරන්න තියෙන මහ දොර වහන්න ඇහැකියෑ...

ඉතිං ඔය හැම දේම කොරගෙන එන්න හිතං උන්නත් එහෙම එහෙකටවත් කෝ මට වෙලාවක්...
ඒ හින්දා වියදං කපා හැරීමේ යෝජනා යටතේ තියෙන පළමු යෝජනාව වෙච්ච බෝඩිං කාමරයෙන් පිටමං වීම තාවකාලිකව ඉස්සරහට කල් දාන්න උනා...

ඒ හින්දා අද උදහැනැක්කෙන්ම මගේ පර්ස් පොජ්ජේ පිළීවෙලකට නවලා අහුරලා තිබුන ‍බෝඩිං ගාස්තු සඳහා වෙන් කල මුදල ගෙදර අයිති මලයා ඉන්න කඩේට ගෙහුන් දීලා දැම්මා... පලවෙනිද උදේම මුදල් අතට හම්බ වෙන කොට මිනිස්සුන්ගේ මුහුණේ ඇදෙන හිනාව බලන්න මං බොහෝම මනාපයි...

සමහරු පළවෙනිදට මුදලක් වියදං කොරන්ට වෙනවට කැමති නැහැ..ඒත් මං කරන්නේ හැමදාම දෙන්ට තියෙන මුදල් පලවෙනිදට දීලා උන්දලගේ මුහුනේ පිපෙන හිනාව බලන එක තමා...

ඒත් අනිත් මුදල් ගෙවන්ට අද වෙලාව මදි උනා..ඒ හින්දා අදත් වැඩට ආපි..දැන් හෙට උදේම කඩ අයිතිකාර උන්නැහේට මාසේ කුලිය දීලා උන්දැගේ ආශිර්වාදෙත් අරගෙන එන්ට ඕන...

ඒ කරලා ලබන මාසේවත් මෙතන ස්ථීර පදිංචියට එන්න කටයුතු යොදා ගන්නයි මට ඕන...
ඊට අමතරව ආදායං තත්වය ස්ථීරව පවත්වාගෙන යාම හරහා ගානකට පීල්ලට වැටිලා හැකි ඉක්මනට මගේ රස්සාවටත් ආයුබෝං කියලා අතනටම පැන්නනං ආයෙමත් මට උයා පිහාගෙන කාලා නිවිහැනහිල්ලේ මගේ වියාපාරේ කටයුතුත් කොරගෙන මාසෙකට සැරයක් නිවාඩුවක් දාලා රට තොට ඇවිදින්ට යන්ටත් ඇහැකි...

ඔය තමා මගේ අනාගත සැලසුම් අංක එක...
හා ඔව් ඔව්..අංක දෙකකුත් තියේ...

(දැන් කියහල්ලා කට කැඩිච්ච කතා...ෂිහ්...)

35 comments:

  1. මාරේ අයියා මේ පිළිවෙලට හැඩ වෙන්නේ මොකද කියලා කාට කාටත් හිතා ගන්න අමාරු නැතැයි කියා සිතමි !!!!

    ReplyDelete
  2. නියම ප්ලැන් එක...

    ReplyDelete
  3. kata kadichcha kathawak nokimata wagabala ganimi.:D :D niyama plan eka marayye.help ekak one nam kiyanna honde :p

    (mama mis call dunna policiya :D)

    ReplyDelete
  4. ඔය ටික ඉවර වෙන කොට අර කෙලි පොඩිත්තත් ඉස්සරහ පැත්තෙන් පිටිපස්සට යයි ද දන්නෙ නෑ.................................:)

    මොකෝ කියන්නෙ අපි එකතු වෙලා ශ්‍රමදානයක් වත් දාන්නද සැලසුම් අංක එක සම්පූර්න කොරන්න

    ReplyDelete
  5. කාලෙකට කලින් මගේ අතින් ලියවුන කවියක්. මාරයාගේ මාර සිහින සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ජීවිතය

    ගෙවෙන තරමට තවත් අලුත් වන
    අලුත් වන තරමට ම රස පිරෙන
    පිරෙන තරමට හිතෙන් තලු මරන
    තලු මරනවා විනා
    රස විඳින්නට ඉඩක් නොම ලැබෙන
    අනාගත සැළසුම්කරණයකි නො නවතින

    ReplyDelete
  6. eee marayye oya oya kiyapu adi gaana athule dennekuta ida thiyeida manda :D

    ReplyDelete
  7. @මධුරංග...

    ඔව් ඔව් මල්ලි තේරු ගත්තෑකිනේ..මට රට වටේ ඇවිදින්න යන්නනේ...

    @ශ්‍රී...

    තැන්කූ කිව්වා...

    @පොලිසියේ ඇනෝ...

    පුදුමයි කට කැඩිච්ච කතාවක් නොකිව්වා..මං හිතන්නේ අද කටට මොනවාම හරි අව්ලක් වෙලා ඇති..නැත්තං මං නොදන්නවද නගාගේ තරම...

    තැන්කූ තැන්කූ..ඉන්ටකෝ මං කියන්න වෙලාවක ලෑස්ති වෙලා ඉන්ට බෝට්ටුවකුයි හබලකුයි හදාගෙන මෙහෙ ඇවිත් මට හෙලුප් කොරන්ට..:D:D:D

    @නිශ්...

    ඔය කිව්වේ ඉඳලා ඉඳලා ඇවිල්ලා..අනේ අම්මපා බොලා වගේ එව්වෝ...

    අනේ වරෙං මචං... මට වෙනම ශ්‍රමදානයක් දාන්ට වෙයි උඹලා කඩලා බිඳලා යන ඒවා හරි ගස්සන්ට..හික්...

    @සුජීව...

    ස්තූතියි යාළුවා...
    කතාව ඇත්ත මේක ඉවර වෙන මගුලක් නෙවෙයි..ඒත් මං මගේ දෙවෙනි සැලසුම කිව්වේ නැහැනේ..ඒක තියෙන්නේ ඔයිට වඩා වෙනස් මට්ටමක..හැබැයි ඒකත් එක සැලසුමක් තමා..ඔයිට වඩා අවශ්‍යතාවයන් අඩු..සරල එකක්.

    @ඇනෝ...

    මේ පළවෙනි ඇනෝමද මංදා..ඉන්න බැරිම තැන කට කැඩිලාද කොහේද..ෂිහ්..:D

    ReplyDelete
  8. deweni selasuma parasthaawada?

    ReplyDelete
  9. සේරම හොඳයි මාරයො...අර ගෑණු දරුවා කැමති වෙයිද ?.....
    -
    -
    -
    මම කිව්වෙ මාරයා කාර්යාලෙම පදිංචි වෙනවට...
    කොහොම වුනත් සැලසුම් සියල්ලම සාර්තක වේවා..

    ReplyDelete
  10. mee maraiye ara wedata inna genulamaya ge padiya issarahata nodena thenata weda karanam harine? :-D

    ReplyDelete
  11. චීත්තෙක ඇති බලය..... !!!!

    ReplyDelete
  12. අනුන්ගෙ කේන්දර ගලප ගලප හිටිය මදෑ ඉතින්. තමුන්ගෙ කේන්දරේට ගැලපෙන එකකුත් හොයාගත්තනං..

    ReplyDelete
  13. හොඳ ප්ලෑන් එකක්, වැඩ ටික හිතන විදියටම වෙන්න කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා ......

    ඔබට ජය .........

    ReplyDelete
  14. @mahima...

    අම්ම ගහයි බැට් එකෙන්..:D
    ඒ ළමයව මං කොහෙමත් වැඩට ගත්තේ මාස තුනක කාලෙකට කියලා තමා... ඊට පස්සේ පඩි ගෙවන්න මං ගාව වැඩ කරන්න එපැයි...එයැයිට මෙයිට වඩා හොඳ තැනක ජොබක් අල්ලලා දෙන්ට ඇහැකි.

    @Luckey...

    අවුලක් නැහැ ලොක්කා මොකද මං ඉන්න දවසට ඒ ළමයා නිවාඩු..ඒ ළමයා වැඩ කරන දවසට මං යනවා මගේ පුරුදු රස්සාවට..ඔය මේ අපේ එවුන් කට කැඩිච්ච කතා කිව්වට මං හරි හොඳයි අප්පා...තැන්කූ ඈ...

    @සපතේරු උන්නැහේ...

    ෂිහ්...:D

    @පිණිබිඳු...

    අපොයි නැහැ නගේ මේ යන විදිය හොඳටම හොඳා...ආයේ මොකටද මගේ ප්ලෑන් ඔක්කොම චක බ්ලාස් කොර ගන්නේ..හැකිස්...

    @පන්සල් හංදිය...

    අන්න කැතක් නැතිව හිතන උදවිය..තැන්කූ මස්සිනා...

    ReplyDelete
  15. 01. මෙහෙ නං ව්‍යාපාරයක තැනක් කුලියට ගත්තාම එතන පදිංචි වෙන්න දෙන්නැනේ බං. උඔලට වාසියි ඒ අතිං.

    02.හැබැයි මාරයා රිවට් ගන් එකක් අරං උඔම වැඩේ කරගත්තොත් සෑහෙන වාසියි. ඔය පාටීශන් කෙරුවාවට හිතනවට වැඩිය මාර වියදමක් යනවා.

    03.අනිත් එක පාමසි මාමා එක්ක කතාව. ඒකට පොඩි කෙමක් කියන්නං. මම නං ඔය වගේ අමාරු අවස්ථාවක කරන්නෙ කුරුලු හමුදාවේ ඹපිසඅයිසීගෙන් නිවාඩු ඉල්ලපු හැටි මතක් කර ගන්න එක. ඒ වගේ රැස් විහිදෙන රූම් එකක රැස් විහිදෙන පොරකට වැදගත් විදිහට පොඩි බොරුවක් කියලා, වැදගත් විදිහට තැන්කු සර් කියලා නිවාඩු ගන්න පුලුවන්නම් පාමසියේ මාමා කව්ද කියලා හිතපං එච්චරයි.

    ඕං මං ගියා

    ReplyDelete
  16. මාරයියගේ ළඟ වැඩ කරනවා කියන ගෑනු ළමය ළඟදීම පරස්තාවක් කරගන්ට වගේ .... සුභ අනාගතයක්.

    ReplyDelete
  17. ඔය ප්‍රොජෙක්ට් එකට විදේශ ආධාර එහෙමත් හම්බ වෙනවද?
    කොහොමහරි වැඩ ටිකනං නියමයි. දැන් සැලසුම් අංක දෙකත් කිවුවනං.
    (ඔතන ගෑනු ළමයට ඕන හැටියට හදහං. නැත්තං ආය කඩල හදන්න වෙයි.)

    ReplyDelete
  18. හි හී අපි නොදන්න අංක 2 :D

    ReplyDelete
  19. කොනක ඉඳං පිළීවෙලක් වෙන්න හදන්නෙ නේද? ඈ බං අයියෙ, කඩ කාමරේ අයිතිකාරය ඔච්චර කෙළියක් කොරන්න දෙයිද ඕකෙ ඇතුලෙ ?

    ReplyDelete
  20. ඔය සැලසුම් ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වේවා කියලු පතනව .

    ReplyDelete
  21. මම ටිකක් අලුත්..මාරයියගේ සප් එක අපටත් ඕනේ..

    http://mothagamanaya.blogspot.com/

    -මොතා

    ReplyDelete
  22. nee nee mama kiwe padiya vitharak nodena vidiyata wede karamu kiyala ne

    ReplyDelete
  23. ගින්දරයි පුළුනුයි එක ලඟ තියන්න හොඳ නෑලු

    ReplyDelete
  24. සැලසුම් අංක 3 නැතුව, අංක එක අනුමත කොරන්න බැහැ. අර නගාට කීවානං, අංක තුන විගහට ඉදිරිපත් කොරන්න කියලා...

    ReplyDelete
  25. කඩ අයිති කාරය වහ කයිද දන්නෙ නෑ.....!

    ReplyDelete
  26. සැලසුම දෙක ප්‍රස්තාව....
    සැලසුම තුන ප්‍රම්පරාව...

    මේවටට්ද කට කැඩිච්ච කතා කිවුවෙ ?? :D

    ReplyDelete
  27. මාරේ අයියගේ සැළසුම් ඒ විදිහටම හරියන්න කියලා පතනවා.. අර වීදුරු ගහන වැඩෙත් මාරයියම කරන්න.. මොකද ඒකට යන වියදම වැඩියි.. සැළසුම දෙක ඉතින් එක කියෙව්වම හිතාගන්න පුළුවන්...

    ReplyDelete
  28. මාරේ අය්යාගෙත් තියෙන්නේ මාර ප්ලෑන් නේ..:D

    ReplyDelete
  29. 1 ප්ලෑන හෝ 2 ප්ලෑන හැර වෙනත් ප්ලෑන් තිබේද ?.

    හික් හික්.

    හරි හරි ඔන්න ආයේ කට කැඩිච්ච කථා කියන්නේ නෑ. දැන් එන්න එන්න ප්ලෑන් වැඩි වීමේ රහස විතරක් කිව්වානම් ඇති.

    ReplyDelete
  30. මේ ප්ලෑන්වල හැටියට..... සැළසුම 3, සැළසුම 2 ට ඉස්සර වෙන්නට ඉඩ ඇති නිසා ඊට පෙර සැළසුම 2 කඩිනම් කිරීම වැදගත්.

    ReplyDelete
  31. සැලසුම් 2,3 යයි වගේ ඒත් මුගේ වෙනස් කම් නම් සක්කරයගේ පුතා වයිමටවත් හිතා ගන්න බෑ,, මම නම් ඔය එකා දෙකා වෙන්න යන කතාව කීම නවත්තලා තියෙන්නේ,,,

    ReplyDelete
  32. දැන් එතකොට අර ඩබල් ඇඳ කාර්යාලෙට ගේන එක වැටෙන්නෙ සැලසුම් 1ටද 2ටද 3ටද ? :D

    ReplyDelete
  33. මාරයෝ, හැම දෙයක්ම ඉතාමත් හොඳින් සැලසුමක් ඇතිව පටන් ගන්න යන එක ගැන ඉතා සන්තෝසයි. හැම දෙනෙක්ම තමන්ගේ ජීවිතයේ වැදගත් දේවල් උඹ ඔය කරනවා වගේ හොඳ ඉදිරි සැලස්මක් එක්ක කරගෙන ගියොත් වරදින්නේ නෑ.

    උඹ මේ ආදර්ශය කාට කාටත් ලබා දෙන ආකාරය මම හුඟක් අගය කරනවා.

    උඹේ සැලසුම් අති සාර්ථක වේවා !

    ReplyDelete
  34. මාරයා, කඩ කාමරේ අයිති කාරය කොහොම කෙනෙක්ද? ඔක්කොම මොඩිෆිකේෂන් අතේ වියදමෙන් කොලාට පස්සෙ බූට් එක දෙන්න ට්‍රය් කොරය්ද?

    ReplyDelete