02 July 2011

මෙන්න අංක 2...මාරයා රට වටේ...

කලින් වංගියේ මං මගේ සැලසුම් අංක 1 ගැන කියලා..අහන්ට තියෙන තරං නරක කයි කතන්දර සෑහෙන්න අහ ගත්තා නෙව..

ඒත් ඉතිං මේ දෙවෙනි සැලසුමත් කෙටියෙන් නමුත් ලියලා දාන්ට ඕන.. මේක මං දැන් සෑහෙන කාලෙක ඉඳලා ටික ටික හිත හිත ඉන්න වැඩක්... එක අතකින් අවදානම් පැත්තකුත් තියේ අනිත් අතින් හරි සැහැල්ලුවකුත් තියේ..ඒත් මං කවදත් ආස කල මගේ හීනයේ ආසාම පැත්ත...

මොකද හිතන්නේ සංචාරක ජීවිතයක් ගැන... හරියට අහිකුණ්ටිකයෙක් වගේ..එහෙමත් නැත්තං අර හිපියොද මොක්කුද කියන්නැහේ... (අපේ බ්ලොග් ලියන හිපියා මෙව්වා දැකලා වහ බොන එකක් නැහැ මගේ හිතේ...)

මේක ටිකක් එක විදියක් තමා..ඒත් මට දැන් හුග කාලෙක ඉදන් රට වටේ ඇවිදින්න තියෙන්නේ ලොකු ආසාවක්..ඒත් ඇත්තම කාරණය දන්නවනේ... රස්සාව කරන්නයි..රට තොට බලන්න ඇවිදින්න යන්නයි කියන දෙකම එක විඩේ කරන්න හරි අමාරුයි..

රස්සාව අත ඇරලානං ඕක කලහැකි...ඒත් එතකොට කන්න බොන්න දෙන්නේ පොලිසියෙන්යෑ... ඒ හින්දා ඕක හිතන තරං ලේසි වැඩක් නෙවෙයි...ඒත් අපි බලමු මගේ සැලසුම් අංක දෙක යටතේ ඕක සාර්තක කර ගන්න තියෙන ඉඩ කඩ ගැන...

මුල්ම දේ බර සැහැල්ලු කර ගන්න එක...දැනට තියෙන සීමිත උනත් බඩු භාන්ඩ ටික අත ඇරීම...

මං ළග ලොකු දෙයක් නැහැ අත අරින්න කියලා...ගෘහ භාණ්ඩ හැටියට තියෙන ඔය මේස කෑලි..එතකොට මගේ ඇඳන් පොජ්ජ එහෙම මංම අටෝපු මගේම නිර්මාණ..ඒවා මුදලේ වටිනාකම අතින් ගත්තොත් බොහෝම අඩු අගයක් ගන්නේ... මං ඔය හැම දේම හදද්දි වැඩි වියදමක් නැතිව මගේ මහන්සිය විතරක් යොදලා හදපුවා..වැඩි වටිනාකමක් නොදී ඕවා හදන්න හේතුව උනෙත් මගේ මේ මහා සංචාරේ ගැන හැමදාම මයෙ හිතේ කොනක තිබුන හින්දම තමා.

කවදා හරි දාලා යන්න වෙන බව දැන දැන මොකටද ස්ථීර දේවල් සහ වටින දේවල්..අනික වටිනාකම වැඩි උනහම මගේ හිතෙත් සමහර විට තණ්හාව වැඩි වෙලා ඕවා දාලා යන්න බැරි උනොත් එහෙම කියන හේතුව හින්දම ඒ දේවල් ඕන වෙලාවක අත අරින එක අවුලක් නැහැ...

මගේ බෙඩ් කබඩ් එක..ෆෑන් එක..උයන පිහන බඩු ටික.. ‍පොත් පත් ටික...

ඔය ටිකෙන්මල්ලිට වාහනේ අරන් ඇවිත් අරන් පල කියලා පොත් ටික ඇර ඔක්කෝම දීලා දැම්ම හැකි. ඌට පොත් දීලා වැඩක් නැහැ.. අනිත් දේවල් ටිකනං ඕන මගුලක් කර ගන්නේ නැතෑ..ඌට එපානං ඒවා ඔය තියෙන තැන්වලම තියලා ඒ තැන්වල අයිතිකාරයින්ටම ගන්න කියලා යන එකත් ඒ හැටිම අවුලක් නෙවෙයි...ඒ දේ ඔය පිළීවෙලවල් දෙකටම කලහැකි.

පොත් ටික...

මං මෙයිට කලින් අවුරුදු දෙහෙකට විතර කලින් මං කලින් වැඩ කරපු තැන සරත් අයියා කියලා මනුස්සයෙක් හිටියා... උන්දෑ මගේ වග විස්තර දන්නවා..ඔය කතාව මං උන්දැට කිව්ව වෙලාවේ කිව්වේ සර්ට ඕනනං අපේ ගෙදර තියන්න මං ගාව රට ගිහින් එනකොට ගෙනාව යකඩ පෙට්ටි තියෙනවා..එයින් එහෙක දාලා ලොක් කරලා යන්න ඕන දවසක ඇවිත් ආපහු ගන්න කියලා...

ඒක ඇත්තටම හොඳ වැඩක්.. මොකද මිනිහා මට හිටිය හොදම විස්වාසවන්ත මනුස්සයෙක්.ඒ වගේ කෙනෙකුට මේ ටික බාර දුන්නට කමක් නැහැ..මට ආපහු එන්න හිතුනොත් හරි..ආවොත් හරි ආයෙම ගන්නත් පුළුවන්..එහෙම නැති උනොත් මිනිහාගේ දරුවෝ දෙන්නෙක් ඉන්නවා හොදට මොලේ තියෙන.. කවදා හරි දවසක එයින් එක්කෙනෙක් ඒ පොත් වලින් ප්‍රයෝජනේ ගනී..

ඔන්න එහෙම කලාට පස්සේ තියෙන බර ඉවරයි...

මං මේක ලියන ගමනුත් කල්පනා කලේ මේ ඩිංග දවසටත් මං හදාගෙන තියෙන බැඳීම් ටිකත් ලේසි පාසු නැහැනේ නේද කියලා... මිනිස්සු මැරෙන්න උනහම ඔහොමද දාලා යන්නේ...

හැබැයි ඉති ඒ කැමත්තෙන්ම දාලා යනවා නෙවෙයිනේ..මේ නං කැමැත්තෙන් යන ගමනක්.

එතකොට ඉතිරි වෙන්නේ කෑලි දෙක තුනයි..මොටෝ සයිකලේ... ඒක මගේ ගමනට...
ලැප් එක... ඒක මගේ මඩ වියත රැක ගන්න...

මෙහෙමයි සැලැස්ම...

බයික් එකේ පිටිපස්සේ සයිඩ් දෙකෙන් අර පොලිස් බයික් වල තියෙනවා වගේ පෙට්ටි ‍දෙකක් හයි කර ගන්ට ඔන.. ඒක ඒ හැටිම දෙයක් වෙන එකක් නැහැ..මොකද දැන් හුග දෙනෙක් එහෙම ඒවා පාවිච්චි කරනවා මම දැකලා තියෙන හින්දා..මට එහෙම පෙස්ටි දෙකක් හොයා ගන්ට බැරි වෙන එකක් නැහැ කීයකට හරි.. එතකොට ඔය පෙස්ඩි දෙකේ තමා මගේ සීමිත බඩු භාණ්ඩ ගෙනියන්නේ...

ඇදුම් කෑලි දෙක තුනක්..
දත් මදින රැවුල කපන බඩු ටික..(රැවුල ගැන තව අදහසකුත් තියේ)
රබර් සෙරෙප්පු දෙකක් වගේ දේවල්..

ඔය ගැන කිසි අවුලක් නැහැ..ඉස්සර අපි ට්‍රේනින් කරන කොට පිටේ එල්ලගෙන යන කිලෝ 25හේ පැක් එක ඇතුලේ මනුස්සයෙකුට ජීවත් වෙන්න ඕන හැම දේම තියෙනවා..දවස් දෙක තුනකට කෑමත් එක්ක..මං කෑම උස්සන් යන්න ඕන නැති හින්දා අර එක පෙට්ටියකට මගේ සියළුම අවශ්‍ය කරන දේවල් දාතහැකි.

අනිකට මගේ ලැප් එක ආරක්ෂිතව ගෙනියන්න පුළුවන් විදියටත් සීමිත පොත් කිහිපයකුත් පෑන් පැන්සල් වගේ මගේ රස්සාවට ඕන කරන දේවළුත් තව ස්ක්‍රීන් ප්‍රින්ට් කරපු රෝල් කරපු පොඩි බැනර් එහෙකුත් ඔබන්නයි තියෙන්නේ...

ආ ලැප් එකේ දැන් තියෙන අස්පට් බැටරිය වෙනුවට හොඳ බැටරියක්නං මාරු කර ගන්න ඕන...

ඔය ටික කර ගත්තම මං ගමනට සූදානං...මුල්ම කාලේ ටිකක් ගැටළු එයි ඒත් දැන් රටේ ආරස්සාව එහෙම හොද හින්දා එච්චරම අවුලක් වෙන එකක් නැහැ...

ඔළුව හැරිච්ච අතක ගමන් කරන එකයි ඇත්තේ...

සිද්ධස්ථාන...දිය ඇළි...කඳු..පර්වත.. මුහුදු වෙරළවල්.. විවිධ පළාත්.. සුන්දර දර්ශන.. විවිධාකාර දේවල්..අපේ රටේ බලන්න තියෙන හැම අගලක්ම බලන්න යන්න මට ඇහැකි ඊට පස්සේ...

වියදම හොයා ගන්න එකනේ ප්‍රශ්නේ..ඒක කරන්නේ මෙහෙමයි...

ඔය යන ගමන අතර මගදී ටිකක් සෙනග ගැවසෙන තැනක් අහු උනහම සහ මට මගේ වැඩේට හරියනවා කියලා හිතුන තැනකදී හෙවනක් අල්ලලා බයික් එක නවත්තලා මගේ ලැප එහෙම එලියට අරගෙන..අර මං කිව්ව බැනර් එක අරගෙන බයික් එකේ පැත්තකින් එල්ලනවා කාටත් පේන විදියට..ඒක ඒ හැටි ලොකු එකක් නෙවෙයි..ඒකේ මෙච්චරයි තියෙන්නේ..

"විනාඩි දහයයි..රුපියල් සීයයි..ජීවන පලාඵල"

හොඳයි නේද..?

ඔය පොලක් අයිනේ නවත්ත ගත්තත් මට මගේ වැඩේ කරගෙන ගියහැකි.පොළවල් අයිනේ..මහ පාරේ අත්ට්‍රැක්ටර්වල ගෙහුන් පොල්..මඤ්ඤොක්කා කෙහෙල් මුහ වික්ක මට ඕක මහ දෙයක් නෙවෙයිනේ.

බැනර් එක දාලා ලැප් එකත් දිග අරගෙන පුංචි නෝට් බුක් එහෙකුයි පෑනකුයි පවතින අවුරුද්දේ පංචාංග ලිතයි තියා ගත්තම මට බයික් එකේ පැත්තකට වාඩි වෙලාම ඔය දේ කලෑකි. කිසි ගින්නක් නැතිව.

ආයේ පිටු ගණන් ලිය ලිය ඉන්නේ නැහැ.. පැය ගණන් කාලේ කන්නේ නැහැ..පට පට ගාලා කිව්වා සල්ලි ගත්තා... පොඩි සද්දයක් එහෙම දාලා කස්ටිය ගෙන්න ගන්න එකත් මට ඒ හැටිම අමාරු නැහැ...

දවසකට හොද තැනක් අල්ලලා ටික වෙලාවක් හිටියහම මට දවසකට දෙහෙකට වියදම හොයා ගතෑකි...ඊට පස්සේ ගමනේ යා..රෑ වෙනකොට පුංචි නවාතැන් පොලක් අල්ලලා කාමරයක් ගත්තහම නාලා කාලා නින්දක් දාලා ‍ලැප් එකේ බැටරිය එහෙමත් පණ ගන්වගෙන ආයෙමත් පහුවදාට යන එකයි ඇත්තේ.. වැඩිය ජනාකිර්ණ නැති පැති වලදී ඔය පන්සල් වල උනත් මට නවතින්ට ඇහැකි.

මේක ටිකක් පිස්සු වගේ උනත් ප්‍රායෝගිතව කරන්ට ඇහැකි..මොකද මං පන්සලෙන් ආව මුල්ම දවස්වල වැඩ කලේ ලංකාවේ තියෙන ටිකක් ප්‍රසිද්ද සමීක්ෂණ ආයතනයක.. මං ඒකේ වැඩ කල කාලේ හුගක් තැන්වල ඇවිද්දා නෙව.. ඒ යනකොටත් මං නිකමට වගේ පංචාංග ලිත අරගෙන ගියා අර සමීක්ෂණ පත්‍රිකා වලට අමතරව...

සමීක්ෂණ වැඩ අස්සෙම ගෙවල්වල උදවිය පංචාංගේ දැක්ක ගමන් විස්තර අහලා සමීක්ෂනේ පැත්තකින් තියලා කෙන්දර බලා ගන්නවා..ඒ දවස්වල ඉතිං දවසේ කෑම බීම වියදම හොයා ගත්තේ ඒකෙන්..මං ඒකටම උනත් බහිනවා..ඒත් ප්‍රායෝගික ගැටළු තිබුනා..

ඒ තමයි හදාපු කේන්දරයක් බලනවා ඇර..එවෙලේ කේන්දරයක් හදලා බලලා දෙන්න බැරිකම..මොකද එහෙමනංමං හැම අවුරුද්දෙම පංචාංග ලිත් ටික අරං ඇවිදින්න ඕන..ඒක රකන්න බැහැනේ..

ඒත් දැන් මං ගාව සාමාන්‍ය මට්ටමේ හොද මෘදුකාංග කිහිපයක්ම තියේ...කේන්දරයක් හදා ගන්න එක ඒ හැටිම අමාරුවක් නැහැ... තත්පර ගාණකින් දළ කේන්දරයක් හදාගෙන ඒකට අනුව විනාඩි ගාණකදි පලාපල කියලා අහන ප්‍රශ්න දෙක තුනකට උත්තර දුන්නා ගන්දෙනුව ඉවරයි..මං පැයකදී සෑහෙන හරියක් කලෑකි..කොහොමටත් ඔය ලියන්න යනවට වඩා මං එහෙම විස්තර කරන්න කැමතියි. ලියන එක මහ එපා වෙන කාරියක්...දැනටත් ඔය මගේන් කේන්දර බලා ගත්ත අය දන්නවා ඇතිනේ අච්චර දිග හෑල්ලක් ලියන්න ගියහම කොහොමද අමාරුව කියලා...ඒ හැම එකක්ම වචන හයසීයකට එහා ගිය රචනා වගේ ඒවා..

අර වගේ කරද්දි මටත් හොද ෆිට් එකක් එනවා හිතට..වැඩෙත් කෙරෙනවා..මට මුදළුත් ලැබෙනවා වියදමට..මගෙ ගමනත් කෙරෙනවා... වැඩි පුර ලැබෙන දෙයක් ඉතිරි කර ගන්නත් ඇහැකි.කැමරාවකුත් තිබ්නනං පස්ට පොටෝ කෑලි ටිකක් එහෙමත් අල්ලන්ට තිබ්බා...ඒ යන ගමන් රෑට නවතින තැන් වලදී මට මගේ සංචාරක සටහන් ලියන්නත් තිබ්බා..

කොච්චර ෂෝක්ද නේද ඈ..?හොඳ නවාතැන් පොලක් හම්බ උනහම දවසක් දෙකක් හරි නැවතිලා ඒ අවට බලලා විවේකයෙන් හිටලා..ආයෙමත් ගමන යනවා...දෙයියනේ කියලා ලෙඩක් දුකක් කරදරයක් නැති තාක් කල් රට තොට බලලා ඇවිදලා එන්න මේක තමා ක්‍රමේ...අනික සැහැල්ලුව..නිදහස...ඇයි වටිනම දේ අත්දැකීම්...

මෙකේ ප්‍රායෝගික ගැටළු එන්න පුළුවන්... ඒත් ඉතිං මං හිතන විදියටනං මේ දේ කරන්න බැරිම වෙන්නේ නැහැ...

ඔය තමා මගේ සැලසුම් අංක දෙක සහ මගේ කැමතිම සැලසුම... අර පලවෙනි එක තමා මං අකමැතිම සැලසුම...

තුන් වෙනි සැලසුම නං හරිම ලේසියි..ඒත් ඒක මෙලෝ රහක් නැහැ...

හරි මං දන්නවා මේකටනං අර කලින් වතාවේ කිව්වා වගේ කටවල් වල ගැටි කැඩෙන කතා කියන්නේ නැහැ කියලා...කස්ටිය මොකද හිතන්නේ මේ ගැන...? මට මේකෙදි එන ගැටළු මොනවද..?

ආ තව එකක් එතකොට මට රට වටේම ඉන්න බ්ලොග් ලියන අයවත් විනාඩි ගානකට හරි හම්බ වෙලා යන්නත් පුළුවන් වෙයි...මාරයා එයි ඔබ සොයා...

53 comments:

  1. නියම වැඩක්... වියදමට ගතමන්ට් එක හොයාගන්න හැ‍ටි සැලසුම් ‍කරල තියෙන හින්ද ලොකු ප්‍රශ්න නැතුව ගමනේ යන්න පුළුවන්...

    ReplyDelete
  2. එතකොට අයියේ උඹ ලඟදි පටංගත්ත ව්‍යාපාරෙට මක්කැයි වෙන්නෙ?

    මට නං හිතෙන්නෙ මේක හෙන පිස්සු අදහසක් කියලා. ඔය කියන තරම් ලේසි වෙන්නෙ නෑ බං ඕක. හිතපං උඹේ බයිසිකලේ කැඩුනා කියලා මගදි. මක්කැයි වෙන්නෙ එතකොට?

    ReplyDelete
  3. හලෙ මට බෑනෙව් ඔහොම කරන්න ඊරිසියයි හෆ්ෆා...මරු ප්ලැන..

    ReplyDelete
  4. එනවනම් එන්න අයියන්ඩි පිස්සන් කොටුව පැත්තේ, මම ඉන්නේ ඒ ලගම තමා... ඕනයත් හම්බ වෙලා ඔය සිංහයෙක් ඉන්න පොඩි දිය ඇල්ලක් ලගට ගිහින් තොල කට තෙමාගෙන කාරිය යන්න පුළුවන්.. ලොල්ය...

    කොරනවා නම් හොද වැඩක් තමා කියල තියෙන්නේ. නමුත් වැඩේ කියන්නේ ප්ලැනෙ ඔක්කොම තියෙන්නේ හැපී පාත් එක විතරයි. බයික් එක කැඩුනොත්, පොලේ පලා පල කියල පොලිසියේ රයක් පහන කරන්න උනොත්, මගදී අසනීපයක් හැදුනොත්, වැස්සකට සෙට් වෙලා තියන ලපටත් කෙල උනොත් මොකෑ තමා වෙනවා???

    ReplyDelete
  5. අදහස නරකම නෑ.. එත් ප්‍රවීන් අයියා කියනවා වගේ ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා... බලමු බලමු විසදුම් හම්බවෙයි ඒවාටත් :)

    ReplyDelete
  6. දෙවෙනි ප්ලෑන් එකනං මරු මාරයො.
    අපේ පැත්තෙත් වරෙං. අපිටත් බැරියැයි එතකොට සාස්තරයක් අහගන්න.

    ReplyDelete
  7. මම නම් මේකේ ඒ තරම් ප්‍රායොගික අමාරු කමක් නම් පෙන්නේ නැ මාර අය්යේ... එත් සැලසුම් අංක එක වෙනුවෙන් මහන්සි වෙන එක අපරාදයක් සැලසුම් අංක 2ත් එක්ක බලනකොට... ඉතින් සැලසුම් අංක 3 බලලා තමා 2 ගැන කියන්න වෙන්නේ

    මම වැරදිද මන්දා.....

    එත් ඔහොම කරන්න බැරි එක ගැන ඉතින් මටත් දුකයි....
    එත් කුරුනැගල ආවහම නම් අනිවා හම්බ වෙලාම යන්න හොදේ

    ReplyDelete
  8. මේ උබ අර යනවා කිවා ට්‍රිප් එකද ? මටත් එන්න කිවේ ? අනේ අම්මෙ.. මට බැ.. :D

    මේ මරයියේ.. ලංකාවේ හැටියට.. මෙක ටිකක් අල වගේ. කරගන්න බැ බැ කියලායි මටනම් හිතෙන්නෙ.. මොටසයිකල් ඩයරි කියලා ෆිල්ම් එකක් තියෙනවා.. එක හොයාගෙන බලන්න.. ඔහොම දෙන්නෙක් ගිහින් විදින දුක ගැන තමා එකේ තියෙන්නෙ.. නමුත් මාරම ෆන් :D

    රට වටෙ ගිහින් එන්න මාරයියේ.. එත් හැමදාම පාරෙ ඉන්න හදන්න එපා.. ඔය පටන් ගත්ත වියාපාරෙ කරන් යන්න..
    මං දන්නැ මාරයියා වගේ පොරකට අවවාද දෙන්න අපි මොක්කුද :D

    ReplyDelete
  9. අඩේ . . . මරුනෙ බං . . . . මම උඹට මෙහෙම උදවුවක් කරන්නං . . . මම උඹට දෙන්නං "පවර් ඉන්වර්ටරයක්" ඒක 12V ලයිටර් ප්ලග් එකකට ගැහුවාම 220V, 200W output එකක් දෙනව. උඹේ බයික් එකට පොඩි මොඩි‍ෆිකේශන් පාරක් දුන්නම ඒ ගැජමන්ට් එක බයික් එකටම හයි කරගෙන ගමන යන අතරමගදි උඹට පුලුවං නෝමල් ප්ලග් එකෙං ලැපයි, ෆෝන් එකයි චාජ් කරගන්න (තව ඕනෙනං 12W CFL බලුප් 10ක් විතරත් පත්තු කරගන්න පුලුවං ඇංජිම ස්ටාට් එකේ තියෙද්දි). . .මම තාම ඒ ගැජට් එක බයික් එකට හයිකරල නෑ . . . හැබැයි බැරිවෙන එකකුත් නෑ . . .
    තව දෙයක් . . . . ඔය ගමනට බයික් එකට පෙට්ටි දෙකක් නෙමේ තුනක්ම හයිකරගනින් (තුන්වෙනි එක ලැගිජ් එකට). එතකොට බයික් එකේ ස්ටේබල් ගතිය වැඩි වෙනව. අලුතින්ම ගන්නවනං පෙට්ටියක් රු.1500 - 1750 අතර ගානකට ගන්න පුලුවං

    ReplyDelete
  10. අමු කොහිල අමු කහ දියෙන් අඹරා කුප්පමේනිය සුවල්පයක් මුසු කොට දිනකට හත් වතවාවක් බි දවසකට දෙවරක් ස්නානය කරනු. මොලේ මංඥං නිට්ටවට සුව වනු ඇත.

    ReplyDelete
  11. මට පේන් විදියට මාරයියායි මමයි කොහෙදි හරි හම්බුවෙයි වගේ. මම නම් සංචාරේ පටන් ගත්තා වෙසක් පෝයට. මට ඉතිං දවසගානේ යන්න බෑ... මාසෙකට පාරක් දෙපාරක් නම් අනිවා යැවෙනවා. ලබන සතියේ දිහාවේ අවාරේ සිරිපාදේ යනවා. ඊට පස්සේ ආයෙමත් නුවර පැත්තේ රවුමක් දාන්න හිතන් ඉන්නවා.

    ReplyDelete
  12. ඒපාර මොකක්ද නටන්න හදන නැටුම? ඒත් වැඩේනම් හොදයි.
    රට තොට බලාගන්න යන එක. අපේ රටේ ලස්සන දකින්න ගොඩාක් වෙලාවට අපි නෙමේ විදේශිකයෝ. බලන්න කොච්චර ලස්සන තැන් තියෙනෙවද අපේ රටේ. මිනිසුන්ට එක්කෝ වත්කමක් නෑ එක්කෝ උවමනාවක් නෑ. අපිත් වෙලාවකට ඉබාගතේ ට්‍රිප් යනව නියමයි.

    ReplyDelete
  13. මාරයියා නම් මාරයෙක්ම තමයි.. මාර සැලසුමක්.. පට්ට.. මාර විදිහට හිතට ඇල්ලුවා.. ඇත්තටම බැඳීම් නැති වුනාම ජීවිතේ කොයිතරම් සැහැල්ලුද..
    -කාංචන

    ReplyDelete
  14. මාරයියේ මම කියන්නේ නං එපා කියලා.බලපං හදිසියේ උඹ අසනීප උනොත් මොකද වෙන්නේ කියලා.රෑ හොර හතුරු කරදරයක් ආවොත් මොකද වෙන්නේ.නොදන්නා පැතිවල ඇවිදිද්දී නාදුනන මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දී තියන ප්‍රශ්න ගැන උඹට ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑ නේ.අනින හදිස්සියක් උනොත් මොන දෙයියන්ට කියන්නද? මේ මම කියන්නං වියාපාරේ දියුණු කරගන ඉන්න ගමන් සතියක් විතර රවුමක් ගහලා ආයෙ ඇවිල්ලා වැඩ කරගන යමන්.ඊට පස්සේ ආයෙ ටික කාලෙකින් ආයේ පොඩි රවුමක්..අමතක කරන්න එපා මිනිස්සු වයසට යනවා කැමති වුනත් අකමැති වුනත්.තරුණ කාලෙ කෙලි එතකොට කරන්න බෑ.ඒ හින්දා ඒ දේ වෙනුවෙන් ස්ථාවරත්වයක් ගොඩනගාගන්න එක නේද හොඳ මාරයියේ.මම ලොකු අත්දැකීම් තියන එකෙක් නෙවෙයි.ඒත් මම මේ මට දැනෙන දේයි කියලා දැම්මේ....

    ReplyDelete
  15. ඔක්කොටම කලින් හොඳ කැමරාවක් ගනිං. උඔ මොනා කලත් කොහේ ගියත් අන්තිමට ඉතුරු වෙන්නෙ පින්තූර ටික විතරයි. ඒ ටික හොඳ තත්වයෙ තිබුනනං උඔගේ මහන්සියෙන් ගොඩක් උන්ට සතුටු උනැකි.

    ReplyDelete
  16. මටනම් හිතෙන්නේ මේක කාලය කාදමන වැඩක් විදිහට.මීට වඩා හොඳ නැද්ද ජෝතිෂ්‍ය කාර්යාලය දියුණු කරගෙන පුළුවන් තරම් සල්ලි හෙවුවනම්.
    මෙච්චර ජීවිත අත්දැකීම් තිබිලත් මාරයියා වටිනා කාලය නාස්තිකරගන්න හිතන එක ගැනනම් පුදුමයි.

    -මොතා

    http://mothagamanaya.blogspot.com/

    ReplyDelete
  17. කියනකොට ඉතිං කොහොම බැරිද? කරනකොටනේ කෙල වෙන්නේ ...

    දැන් කේන්දර බලලා වචන 600 ලියන්න වෙනවාට නහයෙන් අඩලා, ඔය විදිහට ගමනේ යනකොට පැච් එකක් ගිහින්, එක දානකොට අහල පහළ එකෙක් ඔය පෙට්ටියක් ගල් කරලා, එක හොයන්න ගිහින් එනකොට සයිකලේ උස්සලා තිබුනහම....දැනෙන සනීපෙ අර වචන 600 කෙටුවා වගේද?

    තව පාරක් හිතල බලපං මලේ...

    ReplyDelete
  18. එත්කොට මාර අයියාගෙ බිස්නස් වලට මොකද වෙන්නෙ

    ReplyDelete
  19. in to the wild film eka balanna.thawath adahas ganna puluwan wevi.

    ReplyDelete
  20. චේ ගුවේරගෙ මෝටර් සයිකල් දිනපොත මතක් වුනා. ඔහුගේ මහා විප්ලව වලට අඩිතාලම වැටුනෙ මේ වගේ මෝටර් සයිකලයකින් ඇමරිකාව පුරා ගියපු සංචාරයක්ලු.
    ඔය වගේ ගමනකට නියම වාහනයක් තියෙනව, කැරවෑන් ද මොකක්ද කියල. නරකද ඒකක් හොයාගත්තොත්? නවාතැන් ගාස්තුත් ඉතිරියි. වැස්සකට හරි, රෑ වෙනකොට හරි, මිනිස්සු අඩු පලාතකට ගියොත් හරි නවාතැනක් හොයාගන්න බැරිවෙයි කියල බයකුත් නෑ. අර ඕනයගෙ කෑල්ල හයි කරගත්තම බැටරි චාජ් කරගන්නත් පුළුවන්. හට්ටියකුයි, මුට්ටියකුයි දාගත්තම මගින් ගල් තුනකුයි කෝටු ටිකකුයි හොයාගෙන මොනව හරි රත් කර ගන්නත් බැරි වෙන එකක් නෑ

    ReplyDelete
  21. මාරයා, මේක නියම ප්ලෑනක්. හැමෝටම කොරන්න පුළුවන් වැඩක් නෙමේ. හුඟාක්ම වයසින් අඩු කෙනෙකුට හරි අත පය දුබල කෙනෙකුට හරි කරන්න පුළුවන් වැඩක් නෙමේ. අනිත් එක බැඳීම් තියෙන කෙනෙකුට කොහෙත්ම කරන්න බැහැ. මේ වැඩේ කොරන්න පුළුවන් මං දන්න එකම පුද්ගලයා මාරය. ෆුල් සප් එකක් දෙන්නං, දිනපොත ලියන එකත් හෙන වැදගත්.

    ReplyDelete
  22. අයාලේ යෑමත් මාර ජොලි නේද එක අතකට.

    ReplyDelete
  23. මමත් කැමතියි මාරයිගේ ප්ලැනට නියමයි නමුත් මාර අයියා මාරයාව පරාද කරන්න උත්සාහ කරනවා නම් මම කැමතියි මොකද අයියාට ‍ඵහි පදනම තියෙන නිසා ඵය ඔබට මේ දිර්ඝ සංසාරයෙන් ඵතෙර කරවයි,

    ReplyDelete
  24. මේක ටිකක් ප්‍රායෝගිකව අමාරු බව ඇත්ත. ඒත් කල හැකි වැඩක්. මට නම් පුදුම ඊරිසියාවක් ඇති වුනා මාරය ගැන. මගේ ආසම වැඩේ ඇවිදින එක. ඒත් දැන් නොකරනම වැඩේ ඕක තමයි. ඕනයාගේ ගැජට් එක අනිවාර්යයෙන්ම ගන්න. පෙට්ටි තුනක් ඕනමයි. තව කෙන්දර වැඩේ මගදි කරන්න පුළුවන්. නියම වැඩක්. අපි ෆුල් සප් දෙමු වැඩේ. මඟදි හදිසියකට අපි ඉන්නවා. කරන්න පුළුවන් උදව් අප්‍රමානයි.

    ප/ලි.
    ඔය ගමනෙදිම සහකාරියත් ලැබේවා!!!

    ReplyDelete
  25. ඔන්න ඔන්න සහකාරියක් මගදී ලැබුනොත් ඉතින් මාරය්යාගේ ඉබාගාතේ ට්‍රිප් එක හබක් වෙන වැඩක් තමා,ට්‍රිප් යැවිල්ල කෙසේවෙතත් මෑන් එතන ප්ලග් වෙයි.මාරය්යේ පහු වෙලානම්
    ඔය ගමන් බොරු හොඳේ දැන්ම යන්න යන තැනක.

    ReplyDelete
  26. pissu hadila ayeth hadenawa.ethakota mal kadanne piliciyen wennathi neda ? :D eeka gana mukuth sadahanak naha ne ?

    ReplyDelete
  27. මාරයා..

    ඕක සැලසුම් කරද්දි මේ වැඩේ අවුරුද්දකටය, නැත්නම් දෙකකටය කියල සැලසුම් කරල පටන් ගන්න... නැතුව ඔහේ යන්න ගන්න එපා... ඕක ඉතාම තදින් ඇබ්බැහි විය හැකි ජීවිතයක්...
    තව පොඩි ඇඩ්වයිස් එකක්...
    ඔය දැනට කරන දේවල් කරන ගමන්ම ඈත පලාතකට දවසක් දෙකක් ගිහිල්ල... අර බැනර් එක දාල වැඩේ ට්‍රයි කරල රෙස්පොන්ස් එක කොහොමද කියල බලල ඉන්න....

    කොහොමටත් මගෙ චන්දෙ නම් සැලසුම් අංක 1 ට. ඒක හරියට කරගත්තොත් ඕනෙනම් මාස තුන හතරකට සැරයක් නිවාඩු දාල( මයි කාර් මයි පැට්‍රෝල් )සුමානයක් දෙකක් ඇවිදල ආපහු එන්න ඇහක්නෙව..

    ReplyDelete
  28. සැලසුම් 1 තමයි හොඳ . හැබැයි ඉතින් හිතුවොත් කරන්න බැරි දේකුත් නැ . මාරයා එයි ඔබ සොයා කියල කිව්වාම නම් බය හිතෙනව :D

    ReplyDelete
  29. මම නම් හිතන්නෙ කරන්න බෑරෙ වෙන එකක් නෑහ් මරයා ඔබට සුබ ගමනකට අසිරි මම සිමා මගෙ කමෙන්ට් 1 මරයාගෙ හොරව නම්න්

    ReplyDelete
  30. "ඔය දැනට කරන දේවල් කරන ගමන්ම ඈත පලාතකට දවසක් දෙකක් ගිහිල්ල... අර බැනර් එක දාල වැඩේ ට්‍රයි කරල රෙස්පොන්ස් එක කොහොමද කියල බලල ඉන්න...."


    මාරය මල්ලි, සපතේරු උන්නැහේගෙන් මං උපුටල දක්කපු එක ගැනත් පොඩ්ඩක් හිතල බලහං, දුමිය හරි කෙහෙල් කොටුවෙ පොඩ්ඩ හරි මතක් කොරල තිබ්බ කැමරාවක් ගැනත්, දිනපොත වගේම ඒකත් වැදගත්, ඕව පරිස්සං කොරගන්න එකත් අමාරු වැඩක් තමා ඒ වුනත් කැමරාවත් ඔය දිග ගමනට හරිම වැදගත්. කැරවාන් අදහස නං නියමය්, වැඩේ තියෙන්නෙ උඹට අමාරු බව තේරෙනවා එච්චර දේකට යන්න.

    ReplyDelete
  31. මට ආපු තව චුටි අදහසක් ඊමේල් කොලා

    ReplyDelete
  32. අඩේ මම නම් දැකලා තියනවා ඒ වගේ පොරවල් ඕනා තරම්,,හැබැයි උන් ඉන්නේ හාලි ඩේවිඩ්සන් කියන බයික් වල,,පච්චා ගහගෙන ලෝකේ වටේ ඇවිදිනවා...
    උබත් එහෙනම් ලංකාවේ වටේ ඇවිදින්න යන්නේ...අදහස නම් මරු,,මම හිතන්නේ කරන්න ලොකු අමාරුවක් වෙන එකක් නෑ..

    ReplyDelete
  33. මරු මාරම අදහසක්.... පට්ටයි ඈ මාරයියේ මෙහෙත් එන්න අපිත් බලන් ඉන්නවා..

    ReplyDelete
  34. හරියටම plan කරල කරගත්තොත් මාරයියට ඔය වැඩේ කරගන්න බැරිවෙන එකක් නෑ.මොකද අනිත් අයට සාපේක්ෂව මම දන්න තරමට මාරයියට බැදීම් අඩුයි.

    ReplyDelete
  35. සැළසුම් දෙකම හොඳයි..දෙවන එක ගැන නම් පොඩි පොඩි ගැටලු තියනවා. ඒත් සැළසුම් අංක තුන ගැන නොදැන ඒ ගැන කියලා වැඩක් නැහැ කියලා හිතුනා...

    මාරයා කියන්නෙ කෙනෙක්ට කළාතුරකින් ලැබෙන අත්දැකීම් මහ ගොඩක් තියන පුද්ගලයෙක්. ඒ වගෙම ජීවිතෙ දිහා වෙනස් විදියකට බලන කෙනෙක්. ජීවිතේ සාර්ථකත්වය කියන එක විවිධ අය විවිධ විදියට නිර්වචනය කරලා ඒ ඉලක්ක පස්සෙන් යනවා.මාරයා හිතන්නෙ ජීවිතේ සාර්තකත්වය සතුට තියෙන්නෙ ඔය සැළසුම් වල කියලා නම් අපි ඒ ගැන මොන තර්ක කලත් තේරුමක් නැහැ..
    ඒත් මාරයෝ....අපි කවුරුත් මැරෙන මිනිස්සු..ඒත් අපි හෙට මැරෙනවා කියල හිතලා කෙටි කාලීන සැළසුම් මත ජීවත් වෙන්න හැදුවොත් වෙන්නෙ මැරෙන්නම තමයි.
    ඒ නිසා මගේ අදහස නම් ,දීර්ඝ කාලීන සැළසුමක් මත හදාගත්ත කෙටි කාලීන සැළසුම් හා විකල්ප ගැන හිතලා ජීවත් වෙනව නම් තමයි හොඳ .....
    අවසාන වතාවට මම කියන්නෙ සියලු දේ අත හැරලා කරන්න හදන මේ සංචාරේ උඹ දැනටමත් කරලයි තියෙන්නෙ. ඊ ළඟ සංචාරය කරන්න ඕන ඔය විදියට නෙවෙයි...

    ReplyDelete
  36. මාරයියේ කොමෙන්ට කියෙව්වම කියන්ට ඕනෙ හැම දෙයක්ම කියවිලා තියෙනවා වගේ...මගෙත් ඉතින් මාරයියාට දෙන්න තියෙන්නෙ සුබ පැතුම් තමයි..කවුරු මොනවා කිවුවත් තම තමන්ගෙ හිතට ගැලපෙන ජීවන රටාව දැනෙන්නෙ තමන්ට..කරන්න පුලුවන්ය කියලා හිතෙන තරම් ප්‍රායෝගික විදිහට මේ වැඩේ ප්ලෑන් කරලත් තියෙන එකේ....ජය වේවා...!!

    ReplyDelete
  37. සුභ ගමන්. මළාක් මෙන් සියක් වසරක් ජීවත් වෙනවාට වඩා එක් දිනක් හෝ සැබෑවටම ජීවත් වීම යහපති.

    බාධක ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි: ඒවා තියෙන්නෙ හැම එකාම ඔහොම යන එක වළක්වන්න. මොකද, ඔක්කොම ඔහොම යන්න ගත්තොත් ඔයාගෙන් සාත්තර අහන්න, නවාතැන් දෙන්න එහෙම කවුරුත් ඉතුරු වෙන්නෙ නෑ; පාරවල්වල ඉඩ මදි වෙනවා; සෙනග පිරිලා ලස්සන තැන්වල ලස්සන වනසන්නට ඉඩ තියෙනවා. ඒ හින්දා බාධක තියෙන එක හොඳයි. අනික් කවුරුත් නොයන හින්දා ඔයාට පාඩුවෙ ගියහැකි.

    ReplyDelete
  38. http://www.longwayround.com/
    මේකත් බලලම යන්න :D මේකයි, Don't tell my mother ටීවී සිරිස් එකයි බැලුවයින් පස්සේ ලංකාව වටේ හරි ලෝකේ වටේ හරි රවුමක් දාන්න ආස හිතුන. ඒවුනාට ඒ මොක කරන්නත් කලින් කියක් හරි හොයාගන්න එපැයි :-) මං නම් හිතන්නේ මේ අයිඩියා එක නරකම නෑ :D

    ReplyDelete
  39. අනේ මන්ද බං . මාඅරේ අයියේ . උඹ ඉතින් අපි එපා කීවට අහන එකෙක් නෙවෙයිනේ. . . පරෙස්සමට රවුමක් ගහලා එන්ඩකෝ ! රට වටේ යන ගමනේදී අපේ ගමටත් ආවොත් දෙන්නම් ෆුල් සංග්‍රහයක් .. අමතක නොවෙන්නම .

    සුබ පැතුම් මාරේ අයියේ !!. අපිට දෙන්න ඇහැකි ඔච්චරයි .

    ReplyDelete
  40. අපට එහෙනං නුදුරේම Motorcycle Diaries Part II බලාන්ට පුළුවන් වේවි වගේ.. :)

    පලි: උඹත් චේ වගේ රැවුල වවන්ටද යන්නෙ..??

    ReplyDelete
  41. Mara puthage adahasa hodai.eith prayogika paththa adui wage mata peenne.kendara, hadahan balanna enne stheera padinchiyak thiyena namagiya ayagen bawai mage hagiima.thaman danna kiyana palatheth oyawage wadakata athagahanna kaalayak yana eke sancharaya karamin gathamanawa hoyaganima hithaluwak pamanak wennath puluwan.

    Apee rupavahini nalikawalin oyawadeeta udauwak ganna puluwannam apisamadenatama thamange rata gana danaganna godak deewal labeewi.ehema udauwak karanna puluwan kenekgen udauw aran meya kramawathwa karanawanam obatath apatath ratatath loku prayojanayak weewi...

    Suba anagathayak!!

    ReplyDelete
  42. ආව් අප්පා මට නම් කියනකොටත් ආසයි. ඕක කරන්න බැරි දෙයක් නම් නෙමෙයි.හැබැයි මගෙ අදහස නම් ඔය විදියට ස්තිර තැනක් නැතිව ජෝතිශ්ය වැඩ කරනවානම් වඩාත් සුදුසු අත බලා ශාස්ත්‍ර කීම.කොහෙ නැවතුනත් කමක් නැහැ එදාට එදාට ඒ දවසේ සිදුවීම් ලියන එකනම් අමතක කරන්න එපා.යන අතර මග තියන පොලක් ඇල්ලුවානම් රුපියල් දෙතුන් දාහක් හොයගන්න අමාරුවෙන්නෙ නැහැ.

    ReplyDelete
  43. මරු අදහසක් මාරයියේ.....හොඳ අත්දැකීමක් වේවි....පරිස්සමෙන් ගිහින් එන්න....ඊට පස්සේ චාරිකාව ගැන අපිටත් කියන්නකෝ.....

    ReplyDelete
  44. නියම වැඩකි....ඔය පංචාංග ලිත් පරිගණක වැඩසටහන් විදියට නැත්ද හැබෑටම ? මගෙත් පොඩි අදහසක් තියෙනවා සොෆ්ට්වෙයා එකක් හදන්න ,හඳහන් බලන්න.

    ReplyDelete
  45. ප/ලි: රැවුල කොන්ඩෙ නම් කපන් නැතිව ඉන්න පුලුවන් මාත් කොන්ඩෙ කපන්නෙ මාස අටකට දහයකට සැරයක් විතරයි.

    ReplyDelete
  46. පිස්සු හැදෙනවනෙ...

    ReplyDelete
  47. මචං උඹට කියන්න ඕක තමයි අද තාලෙට ගැලපෙන වැඩේ. අපිට‍ මිනිස්සු ලඟට යන්න පුළුවන්නං අපි දිනුං. මට නිකං මැවිලා පේනවා උඹ බයික් එකේ යන හැටි. මිනිස්සු කියයි අන්න අර කේනදරමාස්ටර් /කේන්දරපුතා/ කේන්දරඅයියා/ කේන්දරමල්ලී/ කේන්දරඑක්කෙනා/ කේන්දරමහත්තයා යනවා කියලා. :-) පට්ට ඈ...

    ReplyDelete
  48. අංක එක ඔය වැඩේට උඹේ බයිසිමොටෝ එක හරියන්නෙ නෑ. වන්නියව අමතල ඕකට හරියන විදිහෙ එකක් හොයා ගනින්.

    අංක දෙක පොඩි කූඩාරමක් ඔය වැඩේට ඕන කරනවා. එතකොට උයාපිහාගන්න ආම්පන්න සුලුවෙන් වත්.

    කොහොම කිව්වත් ඔය වැඩේ ලේසි නැහැ. ටික දවසකින් කොන්දට පත්තු බඳින්න වෙනවා. ඒක හින්දා ඔය වැඩේ කරනව නම් මේක තමා හොඳම කාලේ. දැන්ම පටන් අරන් අවුරුදු තිස්පහ විතර වෙද්දි ඉවර කරලා පවුලක් පන්සලක් වෙයන්.

    ඇත්තම කිව්වොත් මමත් හැකියාව තිබ්බනම් අනිවා කොරන වැඩක් තමා ඔය.
    සංචාරක ජීවිත වල අවසානය සුන්දර නෑ මාරයො ඒක හින්දා කරන වෙඩිමක් දැන්ම කරලා අනාගතේ ගැන හිතපන්. මොනව උනත් බැරි උන දවසට වතුර පොදක් ඉල්ලගන්න කවුරු හරි ඉන්න එක හොඳයි. අද මේ වටේ ඉන්න කවුරුත් එදාට ඉන්න එකක් නැහැ බන්. ඇත්තම කිව්වොත් ඉන්න ඕන උනත් ඒ අයට ඉන්න බැහැ.

    ReplyDelete
  49. ඔන්න ඔන්න මට මාරයා අයියත් එක්ක මාර ඉරිසියාවක් නෙව එන්නෙ, කාලෙකට ඉස්සෙල්ල ඉබගාතේ යන්න මට තිබිච්ච ලොකුම ලොකු ආසාව අළුයට ගිණි වගේ තවම තියෙනෙව කියල දැනුනෙ මේ පෝස්ට් එක කියෙවම. ඒත් දැං ඉතිං ඒ කෙළි කොහේ කරන්නද.......

    ReplyDelete
  50. හෆොයි !!! මේක කියවන්නේ පරක්කු වෙලා නොවැ. අම්මපා මාරම වැඩේ. මම නම් මාරම ආසයි. හැබැයි ඕකෙන් ඔයාට වගේම ඔයාගේ වටේ ඉන්න කියවන්නෝ ටිකටත් හොඳ ෆන් එකක් ගන්න පුළුවන් වෙයි. බ්ලොග් එකේ හිටිස් ඩබල් කරන්නත් පුළුවන් වෙයි. ඔය උඩ කියලා තියෙනවා වගේ බාධක නම් එමට තියෙයි. ඒත් ඉතින් මාරයා අයියට ඕවා එච්චර කේස් නෙවෙයි. මම ඔයාගේ තැන හිටිය නම් මම කරන්නෙත් ඕකම තමයි. ඕනයගේ ගැජට් එක ගන්න. පුළුවන් නම් පොඩි කැම්පින් ටෙන්ට් එකකුත් ගන්න. එදිනෙදා යන තැන් ගැන කියලා පෝස්ට් දාන්න. අපිටත් යන එන තැන් කියන්න. බයවෙන්න එපා. හදිස්සියක් වුනොත් දහස් ගානක කියවන්නෝ සමග හාරසිය ගානක හඹාඑන්නොත් උදව්වට ඉන්නවා. හොරණ පාරේ (120) පිලියන්දල පැත්තෙන් එනවා නම් කියන්න. අපිත් ආසයි හම්බවෙන්න. ඔයා යන තැන් කලින් කිව්වොත් බ්ලොගේ බලන අයට පුළුවන් ඔයාට බලන්න යන්න තියෙන තැන් ගැන දැනුවත් කරන්න. අනිවා ෆොටෝ ටිකක් නම් ගන්න. ඕවා වටින්නේ දැන්ම නෙවෙයි. තව අවුරුදු 5-6 ක් ගියාම.

    එහෙනම් ගමනට ජයවේවා... හොඳ නැකතක් බලලා පටන්ගමු.

    ප/ලි : සැලසුම් අංක 03 ත් දාන්නකෝ බලන්න.

    ReplyDelete
  51. මට නම් හිතෙන්නෙ ඔය වැඩේට වඩා හොඳ නැද්ද මාරයියගේ ජෝතිෂ්‍ය කාර්යාලේ දියුණුවෙන් දියුණුවට පත් කොරගෙන, පස්සෙ සල්ලි කීයක් හරි එකතු කරගෙන ඉන්දියාවෙ වගේ ගියොත්, බුදුන්ගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම වගේ දේවල් වෙච්ච තැන් එහෙමත් බලාගෙන බුද්ධාලම්බන ප්‍රීතියත් ඇති කරගෙන එන්න පුලුවන් නෙව .......

    ReplyDelete
  52. මාර අය්යේ එක නම් නියම ප්ලෑන් එකක්... ඔයා ඔය ගමන යන්න.ගියාම එන ප්‍රශ්න ගැන දැන්ම හිතන්න එපා.ප්‍රශ්නයක් ආවොත් ඒක ඒ වෙලාවට බලා ගන්න.අනේ අපිටත් යන්න තියෙනවනම්....එත් අය්යේ ප්‍රශ්නයක් තියෙනවා, ඔයාට දාලා යන්න බැරි මොනවත් නැද්ද?බැදීම් එහෙම.....කොච්චර නිදහස් ද නේද..යන්න යන්න.හිත හිත ඉන්න එපා.කොතනින් හරි පටන් ගන්න.
    -සුළග

    ReplyDelete