04 July 2011

හීන..ඒත් හරියටම මතක නැති ඒවත් තිබුනා

ඊයේ රාත්තිරියේ මොන මොනවද මංද හීන වැලක් දැක්කා වගේ මතකයි..ඒත් ඒ හැම එකක්ම හරියට මතකත් නැහැ..හීන පේනවා අඩු මට ඔහොම දවසට හෙනම අප්සෙට්...

ඒත් එකම එකක්නං මතකයි යන්තං..ඒ මොකද ඒකත් එක්ක මගේ නින්ද අහවර උනා පාන්දර 4ට විතර...

ටිකක් ලොකු කාමරයක්..මං හිතන්නේ ශීතාගාරයක්...

ඇළුමීනියම් වගේ දිග මේස කෑලි උඩ මල මිනී.. ඒ නිකනුත් නෙවෙයි හම ගහලා සුද්ද කරලා..හරියට අර කඩවල් වල විකුණන්න දාලා තියෙන සුද්ද කරපු කුකුල්ලු වගේ..සුදු මැලි වෙලා..ගල් ගැහිලා..තැනින් තැන වේළුනු රතු පාටකුත් තියේ..

ඒ අස්සේ කවුද මංදා එයින් එකක් හම ගහන හැටිත් මට කියා දුන්නා..මාත් බලන් හිටියා... ඊට පස්සේ තව කවුද ලොක්කෙක් වගේ කෙනෙක් ඇවිල්ලා මට දේශනයක් දුන්නා..හරි මට මතකයි.. ඒ අර මේ දවස්වල හැම තැනම තියෙන "හුචක්කුව" වීඩියෝ එකේ ඉන්න මහතැන් තමයි.. මං හිතන්නේ සරත් විජේසූරිය මහ ඇදුරුතුමා..

කාමරේටම උන්නේ මං විතරක් උනාට උන්දෑ හෙන දේසනයක් මහ හයියෙන් කියවගෙන ගියා හරියට බර ගානක් ඉන්න තැනක කරනවා වගේ.. සමහර විට මිනි ගොඩක් තිබුන හින්දා ඒවටත් එක්කද මංදා...උන්නැහේ කියා දුන්නේ මල මිනී කල් තියා ගන්න විදියක්ද කොහෙද..ඒකට ගන්න මොකක්ද සංයෝගෙකුත් කිව්වා..ඒත් ඒක මට මතක නැහැ..

පාඩම ඉවර වෙන්නේ නැතිවම උන්නැහේ ටික ටික ඈතට ගිහින් කාමරෙන් යන්න ගියා..මං තනියම අර හම ගහලා මස් ඉවත් කරලා වගේ තිබුන මිනී දිහා බල බල හිටියා... ඒවයේ එක එක ස්වරූප තිබුනා...

ඒත් එක්කම මං නින්දෙන් ඇහැරුනා... අත ගාව තියාගෙන හිටිය ෆෝන් එක අරගෙන බැළුවා වෙලාව..පාන්දර 03.56 යි... ආයෙමත් අනිත් පැත්ත හැරිලා නිදා ගන්න හැදුවා..ම්හූ..හරියන්නේ නැහැ..ඇයි මේ මිනී කාමරයක් පෙනුනේ..මට පේන්න වෙන දේවල් ඇත්තෙම නැද්ද කියලා කල්පනා කරන්න ගත්තේ ඇත්තටම ටිකක් කනගාටුවෙන්... මොකකටදෝ මංදා මට දුක හිතිලා තිබුනේ...

ඒත් එක්කම මට මතක් උනේ මේ ඊයේද පෙරේදද දැක්ක දිවයින පත්තරේ තිබුන ලිපියක් ගැන..ඒක හාල්මැස්සන්ගේ ඔළු කැඩීම ගැන කතාවක්..ඇත්තටම කිව්වොත් කමටහනක්..

ආරණ්‍ය සේනාසනයක වැඩ ඉන්න සාමණේර නමකට දානයේ ඇති අඩුපාඩුවක් සපුරාලන්න ලොකු හාමුදුරුවරු විසින් හාල්මැස්සන් බැදුමක් සකස් කරන්න බාර දුන්නොත් ඒ පොඩි හාමුදුරුවන්ට ඒ ගැන අහිතක් හිතන්න එපා කියන කාරණාව ලගින් තමයි ලිපියේ උපදේශය පටන් ගන්නේ...

තමන් නිර්මාංශික උනත්...මේ කරන්න ලැබුන වැඩේ ගැන අහිතක් හිතන්නේ නැතිව ඒ ඔළු කඩන හාල් මැස්සා ගානේ භාවනාවක් වඩන විදිය පිළිබඳවයි ඒ කමටහන..ඇත්තටම ඒක වටිනා ලිපියක්...

මේ හීන කතන්දර අස්සේ මගේ හිතට ආවේ ඒක... මාත් දකුණු ඇලයට හැරිලා දකුණු අත ඔළුවට යටින් තියාගෙන කකුල් දෙක වක ගහගෙන අනිත් අත කකුල් දෙක අස්සේන් දණහිස හරියට හිරකරගෙන නිදා ගන්න බල බල උන්නේ...

අර මලමිනියි..හාල්මැස්සන් කමටහන පිළිබඳ ලිපියයි..මං මේ ඉන්න ඉරියව්වයි ඔක්කෝම ගැන මට කල් පනා වෙන්න පටන් ගත්තා... එතන ඉඳලා පාන්දර පහ වෙනකල්ම සිහිය තියාගෙන මල මිනී එක්ක මගේ ශරීරය සමාන කරමින් මං මගේ වැඩේ පටන් ගත්තා... කොහොම හරි මට මගේ මිනියත් හම ගහ ගන්න සෑහෙන දුරට පුළුවන්කම ලැබුනා... කාලෙකින් ජීවිතේ සැහැල්ලුව අත් වින්ද පැයක්...ඒක නින්දක් නෙවෙයි..බාවනාවක්මත් නෙවෙයි... ඒත් හුස්ම ගන්න මල මිනියක් වගේ මට මගේ ශරීරය දැක ගන්න එක ඒ හැටි අමාරු උනේ නැහැ..

අවසානේ දවස පටන් ගත්තේ පිළිකුල වඩාගෙනම තමා... ඒත් දැන්නං ඒ ගැන ඇති වෙන්නේ බොහෝම පහන් හැගීමක්.. උදේ පාන්දරම අර වගේ හීනයක් දැකලා හිතට දුකක් ආවා උනාට ඒ දැක්ක හීනේ අපතේ ගියා කියලා මං හිතන්නේ නැහැ... ඇත්තටම මට මේ පහුගිය කාලේ අත හැරුන දේ බොහොමයි.. ඒ ගැන දුක් වෙනවට වඩා ආයෙමත් ඒ දේවල් ගොඩ නගා ගන්න එක වැදගත් වගේ...

බලමු..කොයි දේත් වෙන්නේ හොඳටම තමා...

26 comments:

  1. හැම නරක හීනෙකම හොඳකුත් තියෙනවලු....

    ReplyDelete
  2. හ්ම් මාරයියට කියනවනම් මටත් ගිය සතියේ මරනය ගැන නොයෙක් සිතුවිලි පහල උනා
    ජීවිතේ ගැන ගොඩාක් දේවල් කල්පනා උනා
    කලකිරීමකුත් ඇති උනා
    මා සොඳුරු අසපුවට ගොස් එතුමාගෙන් ඉල්ලීමකුත් කලා
    මෘතශරීරක් එම්බාම් කරන ආකාරය පිලිබඳව දැනුවත් කිරීමක්
    කරන්න කියා ඒතුමා ලඟදීම එම ලිපිය පලකරනවා කීවා

    ReplyDelete
  3. සීතලට වෙන්නැති බං මාරයියේ... :D

    ReplyDelete
  4. හුටා අර මැරිලා උන්නේ මේ අපි එහෙම නෙමෙයි නේද? :D

    ReplyDelete
  5. මමත් හීන දෙකක්ම දැක්ක දෙකම මරන ගැන...
    පලවෙනි එක නොදන්න කෙල්ලෙක් ගඟකට පැනල මැරිලා මිනිය ගෙනියන එකක්
    අනික මං නොදන්න කෙනෙක්.. ඒත් මං ලගින්ම හිටියා අන්තීමට අසනීප වෙලා එයත් මැරෙනව...

    ReplyDelete
  6. ඔය විදිහෙ හීන පේන්නෙ හොඳ කාලෙටළු..
    "ජීවිත‍ය" කියන එක හරියටම තේරුම් යන එක හොඳක් නේද?

    ReplyDelete
  7. අම්මෝ මිනිවලට ගහන ෆෝමලින් සුවදට ඔක්කාරෙට එනවා. ඒනිසා මම ඔයවගේ තැන් වලට නම් යන්නේ නෑ !!!

    මාරේ අයියගේ සෙම් කෝප වෙලා !!!! ඒක තමා ඔහොම හීන පේන්නේ !!!

    ReplyDelete
  8. මෙහෙ පන්සලේ හාමුදුරුවෝ මට බිත්තර දහයක් දීල කිවුව කුස්සියේ ඉන්නාක්කට දෙන්න බිත්තර ආප්ප්ප දාන්න කියල. දැන් කාටද පවු ? මටද උන්නාන්සේටද ?

    ReplyDelete
  9. මේ පැත්තෙනං මේ දවස්වල කට්ටිය රෑට නිදියන්නෙ නෑ 'ගෑනු භූතය' හින්ද

    ReplyDelete
  10. ratavate yana adahasa ath hariyada.

    ReplyDelete
  11. මාරයගෙ හීනෙ කියෙව්වම මතක් වුනේ, "ඕනය" ගෙ වැඩපොළ, ලඟදි අහම්බෙන්වත් ඒ පැත්තෙ ගියාද?

    ReplyDelete
  12. කවුරුහරි "ගෑනු භූතයා" ගැන ලිපියක් දාහල්ලකෝ බලන්න.පත්තර වල තියෙන ලිපි කියෙව්වට ඒ ගැන බ්ලොග් ලිපියක් දැක්කෙම නැහැ.

    ReplyDelete
  13. කසාදෙකට කාලෙ හරි බන්. සුදු ලස්සන ගෑනු පරානයක් පැත්තකින් හිටියනම් ඕව හරියනව.
    JH

    ReplyDelete
  14. අමුවෙන්ම නිදාගත්තම ඔහොම තමයි බං අයියේ..... මට නං හීන පේන්නෙ නැද්ද කොහෙද... බාගදා පේන ඒව ඇහැරෙනකොට අමතක වෙලා යනවද ඇති !

    ReplyDelete
  15. නින්දත් නොනින්දත් අතර තමා හොඳම වෙලාව. මම නම් කැමති ඒ වෙලාවට බොහොම සොෆ්ට් සින්දුවක් ඇහෙනවට. ඒක විඳලම බලන්න ඕනෙ.

    ReplyDelete
  16. මාරයිය දැන් මරණ ගැනමයි කතාව... මරණ ගැන පෝස්ට් දෙකක් ලිවුවා.. දැන් මරණයක් හමගහන හැටි.... ඒකත් මාර වැඩේ...

    ReplyDelete
  17. මම නම් දන්න විදයට නම් නරක දෑ දකින්න හොදට හොද දෑ දකින්න නරකට කියල හිනෙ හිනයක් හිතන්න

    ReplyDelete
  18. අසුභ හරි පිළිකුල් හරි හිතේ සැනසීමෙන් ඉන්න එකනේ වෙන්න ඕනේ.

    ReplyDelete
  19. කාටද හරියටම කියනන පුලුවන් අපේ හිත ගැන , එයා එයාට ඕනෙ තැන් වල ......... ,

    ReplyDelete
  20. මාර වැඩේනෙ...ඒකත් හොඳා ඒකාකාරී හීන වලට වඩා අලුත් ආරක සිහිනයක්..අගේ කලයුතුයි ඒක..දැන්කාලෙ බොහෝ අයට පේන්නෙ තවත් එකකුගෙ හීනයක්...කොතරම් සමානද කීවොත් ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර එකවගේ..පුදුමෙනුත් පුදුමයි ..පිස්සු බම්ප් වෙනව..අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු රාළේ කිව්වලු...

    ReplyDelete
  21. මටත් හිතෙන්නේ මාරේ අයියට තනි කන් දෝසේ කියලයි . තනිකම නැති කරගන්න ජීවිතේ දෙකඩ කරගන්න්න උත්සහ කරන්න .
    හීන වලින් පේන්නේ යටි හිතේ උපදින සිතුවිලි කියනවා නේ . කාව හරි මරන්න තරම් තරහක් හිතේ තියනවද මාරේ අයියේ ? මම හිතන්නේ ඒවගේ කැත සිතිවිල්ලක් එක්ක තමයි ඔය බුදියන්න ගිහිං තියෙන්නේ .

    ReplyDelete
  22. මාරයට ඕක පෙනිච්ච නිසා කමක් නැහැ . අපි දැක්කොත් ඉතින් ආයි එළිවෙනකම් නිදියනවා බොරු

    ReplyDelete
  23. @ඔබ්සර්වර්:
    අයියටත් එහෙම හීන පෙනුනද . . . මේ පැත්තෙ ඇවිල්ල ගියාට පස්සෙ ???

    @සඳරු:
    "තනි කං" දෝසෙ කීවෙ . . . ??? එක කනක් ඇහෙන්නෙ නැති එකක් වගේ ද ???

    ReplyDelete
  24. මට හීන නොපෙනෙන දවසක් නැහැ....හැමදාම මොකක් හරි අල ගෙඩියක් පේනව ඕං...

    ReplyDelete
  25. අනේ මන්ද මටත් හිටපු හැටියේ ඕවාගේ විකාර හීන පේනවා ඒත් මම නම් ඔය තරම් ගනන් ගන්නෙ නැහැ ....

    කොහොම උනත් හිත එක තැනක තියාගෙන ටික වෙලාවක් හරි හිටපු එක නම් ලොකු දෙයක් .......

    ඔහොම හැමදාම කරනවා නං කොච්චර හොඳද ....

    ReplyDelete
  26. මොකෝ බොසා පිළිකුල් භාවනාව පටන් ගත්තෙ? කළකිරිලවත්ද?

    ReplyDelete