05 July 2011

හැම දෙයක්ම හොඳින්...

ඊයේ දවස පටන් ගත්ත හැටි මං කිව්වනේ...

එහෙම පටන් ගත්ත දවස අන්තිමට ඉවර උනේ බොහෝම සාර්තක විදියට. මේ ටිකේම ඔළුව අවුල් කරමින් හිටි ගැටළු වලට සෑහෙන්න හොඳ උත්තර ටිකක් ඊයේ ලැබුනා.

දැනට ඉන්න තැන් දෙකම මට ඒ හැටි හිතට සහනයක් ගෙනාවේ නැහැ..බෝඩිම් කාමරයට සිග්නල් මදි..කෝල් එකක් ගන්න හිතන්නවත් බැහැ..නෙට් එකේ එල්ලෙන්නෙත් කැඩි කැඩි.. ඒ හින්දම මට රෑ වෙලා වැඩක් පලක් කරන්න විදියක් තිබුනෙම නැහැ..

කාර්යාලේ තිබුන තැන නවතින්න පහසුකම් නැහැ...එතන පහසුකම් මදි හින්දා එතනට එන්න විදියකුත් නැහැ...ඔය දෙකටම උත්තර හොය හොය ඉන්න අතරේ ඊයේ උදේ ඕන එකක් කියලා පාරට බැහැලා ඇවිද්දා. හැම තැනම රවුං ගහලා ගහලා..එක එක්කෙනාගෙන් අහ අහ ගිහිල්ලා අන්තිමට ලෝක අමාරුකාරයෙකුට මාට්ටු උනා..නියම බ්‍රෝකර් කෙනෙක්...රටේ වෙදෙක්...

ඒත් මගේ වැඩේ කෙරෙන්නත් එපැයි..ඔන්න ඔහේ පොරවත් දාගෙන හැම තැනම හක්කලං කොලා...තැන් හතරක් පහක්ම බලා අන්තිමට මට මගේ හිතේ තිබුන තැනට හරියනම තැනක් අහු උනා...

මුලින් මං හිතං හිටියේ නවතින්න තැනක් විතරක් හොයනවා කියලා උනත් එතනට ගියහම මම මීට කලින් හිතන් හිටිය විදියටම තැන සෙට් උනා..ඒත් තවම හැම දේම පිළිවෙල වෙලානං නැහැ..හෙට උදේ තමා අවසන් තීන්දු ටික..ඒ කිව්වේ මුදල් බැඳිලි.. ගිවිසුම් අත්සන් කිරිලි එහෙම ඒ වෙනකොට වෙනසක් උනේ නැත්තං මේ වැඩ ටිකනං නියම විදියට කෙරෙයි.එහෙම උනොත් මට ආයෙමත් සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙයි.

තැන තියෙන්නේ මේ ළග පාතම තමයි..හුගාක් සෙනග ගැවසෙන තැනක්..මං මීට කලිනුත් ඔය හරියේ තැනක් හෙව්වට හම්බ උනේම නැහැ... ඒත් මේ පාරනං වැඩේ ගොඩ..

එතන කලින් කමියුනිකේෂන් එකක් කරපු තැනක් නියමෙටම තියෙනවා.. අඩි 15*17 වගේ කාමරයක්.. ඒසී මැසිමක් හිට තියේ කියහංකෝ... ඒකත් හදලා දෙන්නං කිව්වා දැනට වැඩ නැහැ කියලා..මං ඒත් කිව්වා අනේ එපා කියලා..ඕවා වැඩි කරගත්තා වගේද ලයිට් බිල් එනකොට...

එක පිටි පස්සේ දිගට පිහිටන විදියට පොඩි කාමරයක්..පුංචියට හදපු අළුත් හුරුබුහුටි කුස්සියක් ඊට පස්සේ ලොකු නිදන කාමරයක් ඒකටම අල්ලලා හොඳ තත්වයේ තියෙන අපූරු නාන කාමරයක්..

කියලා වැඩක් නැහැ මල් හතයි... මට ඔයිට වඩා මොනවද ඕන... මගේ කාර්යාලයත් දාගන.. උයා පිහාගෙන..කාලා බීලා... සැපට නිදා ගන්නත් ඇහැකි.හිම දේම තිතට...

ඉතිං ඔය ටික කතාබස්කරගෙන ඇවිත් අනිත් ටික පිළිවෙලක් කලා...
ඒත් තවම මගේ කඩ අයිති උන්නැහේ හම්බ උනේ නැහැ..උන්දෑ ඊයේ කොහේද ගෙහුන්..උන්දැට දැනුම් දෙන්න ඕන ලබන මාසේ මං අහක් වෙනවා කියලා. එතකොට උන්දෑ ලග තියෙන මගේ අත්තිකාරම් මුදල එහෙමත් අර ගතෑකි නෙව.. අතනට එච්චරම අත්තිකාරමක් දෙන්න ඕන නැහැ..මං පොරොන්දු කර ගත්තේ මාස තුනකට සැරයක් එකපාර ගෙවනවා කියලා.මාසෙ කුලියනං දැන් ඉන්න තැන ගානමයි. ඒත් වෙනම නවතින්න කාමර හොයන්නවත් ඒවට ගෙවන්නවත් නැහැනේ.. ඒ හින්දා එතන ලාබයක් තියේ.. ඒ වාගෙම උයාගෙන කන්න ගත්තම මගේ ඇගටත් හොදයි..ආර්ථිකේටත් හොදයි...

ඊට පස්සේ ගැටළුව මගේ සේවිකාව... ඒකටත් සරලම උත්තරයක් තිබුනා...මං දන්න කියන ටේලර් ෂොප් එකක් කරන ළමයෙකුට අත් උදව්වට කෙනෙක් ඕන වෙලා හිටියේ... එයාට කතා කලාම ඒක හරි ගියා. මං මාස බාගෙට දුන්න ගාන දෙකෙන් වැඩි කලාම එන ගානට පොඩ්ඩක් අඩුවෙන් එයා පඩිය දෙන්න කැමති උනා මාසෙට.. ඊට පස්සේ ඒක කියන්න අර ළමයගේ ගේ හොයාගෙන ගියා..මොකද ළමයගේ ටැලිෆෝන් නොම්මරයක්වත් මං ලග තිබුනේ නැති හින්දා..එහෙම කරලා ගෙහුන් ළමයට මාස බාගෙක පඩියත් ගෙවලා..අර රස්සාවත් සැට්ල් කරලා දීලා... මං එන්න ආවා..

දැන් ඔක්කොම හරි... මට තියෙන්නේ සාමකාමී ජීවිතයක් ගෙවන ගමන් දෙයියනේ කියලා රවුමක් ගහලා හොදින් ජීවත් වෙන්නයි. ඔක්කෝම ගණන් හදලා බැළුවම ආර්ථික තත්වෙත් මං දැනට මාස දෙකකට කලින් මේක පටන් ගන්නකොට හිටිය මට්ටමට වඩා චුට්ටක් ඉස්සරහින් ඉන්නවා...

පහු ගිය දවස්වල ගිය වියදම්වල හැටියටයි. වෙච්ච නාස්තියයි වගේම කරපු වැඩකට ඇති වැඩයි එකක් බැළුවම මං සතුටු වෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා.

දැන් තියෙන්නේ හෙට දවස ඇතුලත අනිත් වැඩ ටික පිළිවෙලක් කරලා..මේ මාසෙත් ඔය ගෙවපු විදියටම ගෙවලා..මාසේ අන්තිමට අළුත් තැනට පියාඹන්න තමයි.. ඊට පස්සේ ලබන මාසේ මුල ඉඳලා මට ආයෙමත් නිදහසේ ජීවිතයක් ලැබේවා...

හෙටින් මේ කචල් ටික ඉවරයක් වෙලා මං හිතන විදියටම වැඩ ටික කෙරුනොත් අනිද්දා ඉඳලා අපි ආයෙමත් මගේ මතක පොත අවුස්සමු... ඒකේ තියෙන ලට්ට ලෙට්ට..කුණු ටික පෙරලගෙන හොයමු මොනවා හරි වැඩක් ඇති දෙයක් තියේද කියලා...අහ් ඒ කියන කොටම මතක් උනා එකක් දෙකක්..හැබැයි ඒවා මහ වල් කතාද මංදා.. මං වගේ ළපටි කැකුළු මලක් වගේ කොළුවෙකු එහෙම කතා කියන්න ගියාම මේ අය මං ගැන මොනවා නොහිතාවිද...?

47 comments:

  1. ඔය හිත්න් ඉන්න වැඩ ඒ විදිහටම කරගන්ට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා....

    මරු මරු! මම නම් මාර ආසයි මාරයියා ඉස්සර වගේ පරණ ලට්ට ලොට්ට අවුස්සනවට :)

    ReplyDelete
  2. ආව් මාරය බාත්රූම් එකෙන් නාල ඒසී පාරක් දාගෙන බ්ලොග් ලියන්න වගෙයි හදන්නෙ.
    හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල පතනවා.

    ආයි පරන කුනුකන්දල් අවුස්සන වැඩේ ඉක්මනින් පටන්ගන්න හැකිවේවා !

    ReplyDelete
  3. මාරේ අයියා හිතන් ඉන්න වැඩ ටික ඒ විදිහටම කරගන්න ලැබේවා !!!

    ReplyDelete
  4. හිතේ හැටියට වැඩ කටයුතු සියල්ල හොදින් සිද්ද වෙන්න කියල ප්‍රර්ථනා කරනවා අයියන්ඩි.. ඔබට ජයෙන් ජය...

    ReplyDelete
  5. පරන ලට්ට ලොට්ට අදිනකල් අපි සැදී පැහැදී ඉන්නවා හොඳේ..

    ReplyDelete
  6. බලා පොරොත්තු ඉටු වේවා....!

    ReplyDelete
  7. ජයෙන් ජය වෙන්න ඕන මාරයියේ... !!

    ReplyDelete
  8. උඹේ පරන කුනු කන්දල් අපිට කොයි තරම් ජීවිතය ගන දැනුමක් ලබා දුන්නාද . . .

    අපිට ආපහු ඒවා කියවන්න ඉක්මනට උඹේ වැඩ ටික පිලිවෙලක් වේවා කියලා පතනවා මමත්.

    ReplyDelete
  9. මාර මහතාට ජය වේවා..උඹේ කුණු ගොඩේ හරි වටින කියන දේවල් තියෙන්නෙ..
    මම දන්න වටිනාම කුණු ගොඩ වල් වලින් එකක්.

    ReplyDelete
  10. mr maraya obeta jaya.

    ReplyDelete
  11. හුරේ..........!!!



    P.S.
    අර මැෂින් එකක් තියෙනවා කිව්වෙ , ඒ මොන මැෂිමක්ද?
    (අතේ මහන එක නෙමේ කියල නං දන්නව, කොම්පීටරයක්ද, වතුර මෝටරයක්ද, මහන මැෂිමක්ද, මොකද්ද කියල ටියුබ් ලයිට්)

    ReplyDelete
  12. ආ...අහන්නම හිටි එකක් අමතක නැති වුනා...බ්‍රෝකර් ගාස්තුව කීයක් ගියාද?

    ReplyDelete
  13. කාමරයක් හොයන් ගිහින් ගේම අරගෙන වගෙයි..

    ReplyDelete
  14. මාරයා කියන්නෙ නිකන් ද? ගේම නම් ඉතින් ගේම තමා..

    ReplyDelete
  15. සුබ පැතුම් . මාරයාගේ මාරක කාලේ ගෙවිල වගේ .

    ReplyDelete
  16. නියමයි!!! නැවතත් මාර කතා සමඟ මාරයා කරලියට

    ReplyDelete
  17. බොලා නම් බොලේ මාර පොරක් !!

    සැම දේම හිතේ හැටියටම සිද්ධ වේවා...! අනේ පව් අර ගෑණු දැරිවි.... කොච්චර බලාපොරොත්තු ගොන්නක් තියාගෙන ඉන්න ඇතිද හැබෑටම.....!!

    ReplyDelete
  18. ළපටි කැකුළු මලක් කියන කථා මොන හිතකින් නොඅහා ඉන්නද? කියමු කියමු...ඔටුවෙක්‌ වගේ ඔලුව වන වනා හරි ඉන්න බැරියැ..

    ජයෙන් ජය..

    ReplyDelete
  19. වැඩ කටයුතු ඔක්කෝම එක පිළිවෙලකට ඇවිත් වගේ නේද මාරයියේ?සුභපැතුම්....

    ReplyDelete
  20. yantham athi :D danwath marayyawa fb eke kathawata allaganna puluwan wei wage :p
    siyalu salasum sarthaka weewa !!!!!!!!!!

    ReplyDelete
  21. අලුත් තැන සිග්නල් එහෙමත් අඩු නැතුව ඇති මං හිතන්නෙ....

    මේ මාසෙත් එහෙමම අදිනව නං ඇයි අර ලමයව හදිසියෙ අස් කරේ ? ඔන්න ඔන්න අපිට පොඩි සැකයක් ඇති වෙනව !!...:D :D

    ReplyDelete
  22. ඇත්තටම මොකද දැන්වත් පවුලක් පන්සලක් වුනොත්, අපි අවුරුදු 200 ක් ජීවත් වෙන්නෙ නැහැනෙ. ඔය ජීවත් වෙන ටික කාලෙටනෙ හැම දේම කරන්න තියෙන්නෙ ......

    මොකද බුදු හාමුදුරුවො බුදු වෙන්න කලිං කසාද බැන්ඳෙ නැතුවයැ ..........

    ReplyDelete
  23. අම්මප මරේ අයියගෙ වෙලාව තමයි වෙලාව. සන්තෝසයි බොහොම සන්තෝසයි. අලුත් නවාතැනේ චූන් එකේ ඉන්න අහැකි නෙව....

    ReplyDelete
  24. අහන්නත් සන්තෝසයි....,දැන් එහෙනම් පළවෙනි සැලසුම දිගටම කරගෙන යන්න වගේ හදන්නේ

    ReplyDelete
  25. ඈ බොල මාරයියේ.... ෆෝමලින් ගහලද බොල ලපටි කැකුළු ඔච්ච්ර කල් තියා ගත්තෙ

    ReplyDelete
  26. යන්තම් ඇති ... උඹේ ග්‍රහයෙක් මාරු වුනා මහිතෙ ...

    ReplyDelete
  27. කොහොමහරි දවස කරදරයක් නැතිව ගොඩ දාගන්න පුලුවන් තැනක් නම්...තවත් මොන බනිස්ද බන්.....
    උඹට ජය....

    ඒක් නෙමේ...මාලු මිරිස් තෙම්පරාදුව දානවද?

    ReplyDelete
  28. පළවෙනි සැලසුමට මුල් ගල තිබ්බා වගේ...එළ එළ පරණ කතා ටික ඉක්මනට අවුස්සමු එහනම්...
    උඹට ජය...

    ReplyDelete
  29. කොහොම හරි මාරයියාට ගැලපෙන තැනක් හම්බුනානේ.දැන් ඉතින් ඉතුරු වැඩ ටිකත් පිලිවෙලක් කරගෙන ඉන්න එකයි තියෙන්නේ.

    ReplyDelete
  30. අර අන්තිම අදහස නම් වැදගත්. මාර බ්ලොග් එක අපි අඳුනගත්තෙ ඔය කියපු 'වල්පල්' නිසානේ. ඉතිං ඒවට කැමති අයට මාස ගානකිං හරි හමං ආහාරයක් නෑ නොවැ.

    ReplyDelete
  31. සන්තොස වෙනවා ඔබ ගෑන නරකද අලුත් නවාතෑනට හොද ගෑනු ලමයෙක් එහෙම හීට්ය නම්........ ඔබගෙ සීහීන සෑබෙ වෙවා........

    ReplyDelete
  32. මාරයියගෙ කේන්දරේට තාම සිකුර ලබල නැද්ද මේ අහු මුලු වල ලගින්නෙ...මුද්දක් දාපු අතකින් ටොක්කක් කන්න

    ReplyDelete
  33. හිතේ හැටියටම තැනක් හම්බ වෙලා තියෙන්නෙ. ඉතිරි කටයුතුත් හිතේ හැටියටම කර ගන්නට ලැබේවා.

    ReplyDelete
  34. හිත හොඳ මාරයියට ජය වේවා.

    ReplyDelete
  35. හ්ම් දැන් ඉතින් ඒ වැඩෙත් හරි .දැන් තියෙන්නෙ අර විශාල
    ඇඳට බෙඩ් ශීට් එක දාන්න කෙනෙක් සොයා ගන්න එක.

    ReplyDelete
  36. @පූසා...

    තැන්කූ මල්ලියා..

    @ප්‍රසන්න...

    කොහොමද නිකං ෂැප කනේ නේද ආ..
    හිටිං අවුස්සන්න...

    @මධුරංග...

    තැන්කූ මලයටත්...

    @ADK කොළුවා...

    තැන්කූ කොළුවෝ...

    @තීර්ථ යාත්‍රිකයා...

    යාත්‍රිකයාටත් තැන්කූ කිලො බාගයක් මෙන්න...

    @පිණි බිඳු...

    අම්මෝ කුණු කිව්වොත් මෙයාලට..හික් හික්...

    @හරි-පිණිපලස...

    එසේම වේවා අක්කණ්ඩි...

    @එදිරි...

    තැන්කූ...

    @මගේ කතා...

    ආ මල්ලිත් ගන්ට මේ තැන්කූ කිලෝ බාගේ..:D

    @දුකා...

    හිටිං මචං කොහොම හරි කුණු බාල්දිය පෙරළමු..ඔකේ තිබිලා මොනව එළියට එයිද මංදා..

    ReplyDelete
  37. @LUCKEY...

    පිස්සාගේ පලා මල්ල...

    @ANO-1

    තැන්කූ...

    @ඔබාමාමා අයියා...

    අනේ බං අයියේ AC මැසිමක්..අර හීතල කොරන්නේ..ආන්න ඒකක්...
    බ්‍රෝකර් ගාස්තුව 4000යි...ඒත් ඒක දුන්නට පාඩු නැහැ..එකක් තමා මෑන්ස් වයසක මුනියා..බොරු පප්පා..ඒත් අනාගතේට මට ප්‍රයෝජනවත් ගොබිලෙක් වගේ..

    @සරත් ලංකාප්‍රිය...

    ආයෙත් අහලා..

    @LUCKEY...

    නැතිව නැතිව...

    @බින්දි...

    මට නරක කාල නැහැ අප්පා කවදාවත්..ඒ වෙලාවට ටිකක් අමාරු වගේ උනාට පස්සෙනේ ඒකේ තිබ්බ වාසි පේන්නේ...නැත්තං මට මේකේ ලියන්න කෝ කතා..මේ ඔක්කෝම ලියන තරමක් ඔය කිව්වා වගේ නරක කාලෙ කියලා මිනිස්සු හිතන කාල වලදී වෙච්ච ඒවා තමා...ස්තූතියි...

    @හසී...

    හුම් හුම් නගේ...

    @දුමී...

    නමට හරියන්න ඉන්න එපා බං...
    ඔව් මචං කොයි ළමයගෙත් අනාගත බලා පොරොත්තු තියේනේ..ඒත් දැන් ඒවා එයාට ඉස්ට කරගන්න බැරියෑ ඔය අණත් තැන රස්සාව කරලා කීයක් හරි හොයාගෙන නේද..:D

    @නිරොෂන්...

    උඹට විතරයි බොලේ මගේ ළපටිකම තේරුනේ මෙ එකෙක්වත් ඔය දේ ගැන කතා කරලා නැහැ..එහෙං පිටිං ඉරිසියාව..ඉරිසියාව..ඔව්...

    ReplyDelete
  38. @මකුළුවා...

    ඒ වගේනං තමා මලේ...

    @ANO-2...

    ඕං බලමුකෝ ඒකෙත් හැටි..එතනත් බැළුවේ පොලීසියේ වාසිය..:D

    @දිනිත්...

    අම්මේ ඔව් සිග්නල් නං කන පුරෝලා...

    මේකනේ වැඩේ..ළමයව ගත්තේ එතන වහලා තියන්න හොද නැති හින්දානේ..ඒ කිව්වේ මම නැති අතරේ එන වැඩ බාර ගන්න..දැන් පුළුවන් තරං මේ එතනට ටිකේ අළුත් වැඩ බාර ගැනීම අඩු කරනවා ඇර..අළුත් ඒවා පටලගෙන බැහැ..ඉතිං ළමයා තව දුරටත් තියා ගැනීම තේරුමක් නැහැ..අනික එයාට මෙයිට වඩා හොඳ තැනකට යන එක තව ටිකක් හරි පරක්කු කරවන්න ඕනත් නැහැනේ...

    @පන්සල් හන්දිය...

    කෙළලා තියේ තාප්පෙට... අනේ බං සිද්ධාර්ථ කුමාරයත් පස්සෙන් පහු හරි තේරුං අරගෙන හරි මාර්ගයේ ගියා නෙව...

    @නවම්...

    ආයෙත් අහලා..මේක විමලධර්ම සහෝදරයින්ගේ වෙලාව වගේ...

    @කළු මල්ලි...

    ස්තූතියි මලේ..මේක පළවෙනි එකමත් නෙවෙයි...ඒකට සමානයි..ඒත් ඕක ඇතුලේ තව හෙන ගැජමාටාක්ස් තියේ ඔහොම බලං ඉන්ටකෝ..

    @උපේන්ද්‍ර...

    ඕකට උත්තර දෙන්නනං ඇහැකි..ඒත් බං මල්ලියේ අදාළ තැන් වලින් සෝලි වැටෙන්ට බැරි නැහැ පොඩි එවුවෝ නරක් කොලා කියලා..මං ඒ හින්දා දැන් මටම වාරණයක් දාගෙන ඉන්නේ..හිත‍ගෙන්ටකෝ මොකක්ද රහස කියලා...

    @සපතේරු උන්නැහේ...

    ඒකත් ඒ වගේ වැඩක්නං තමා...

    @හීනියට...

    තැන්කූ..අනේ බොලේ ඕක මහ අමාරු වැඩක්ද..හිටිංකෝ...

    @නිශාචරයා...

    තැන්කූ මචං..ඔහොම හිටිංකෝ...

    ReplyDelete
  39. @රන්දික...

    ඔව් මල්ලියේ..මේ පිළීවෙලකට කොරගෙන යන්න තමයි හදන්නේ..බලමුකෝ නේද..?

    @චාමි...

    එහ්නං..හිටුකෝ බලන්ට පෙරලන්ට කුණු බක්කිය...

    @ශ්‍රීමා සෙනෙවිරත්න...

    අනේ බොහෝම ස්තූතියි..දැන්නං හරියට නම වැටෙනවා නේද..?
    හොඳ ගෑණූ ළමයි..හොඳට හිටී..සිහින සුන් වෙන වැඩක් තමා ඒ..ස්තූතියි පැතුමට..

    @කවිඋණ්ඩ...

    ඊට හොදා කවි හරි උණ්ඩයක් කනවා..:D

    @නලිනි...

    හ්ම්ම් ඔව්..දැන්නං හිතේ හැටියට තැන අහු උනා වගේ තමා..බලමු ඉතිරි ටික..බොහෝම තෑන්කූ ඈ..

    @ගිම්හානි...

    ඔන්න කිව්වා කතාවක්..ඒ බෙඩ් ෂීට් එක මංම එලා ගඤ්ඤං..:D

    ReplyDelete
  40. බොලේ මාරයා මල්ලි, මං හිතුවෙවත් නැහැ A/C යන්ත්‍රයක් කියල, හදල දෙනව කිව්ව නං හදාගන්න එක හොඳය්, ඕනෙ වෙලාවකට පරෙස්සමෙන්, ඒ කියන්නේ රස්නෙ වෙලාවට "ඔන්" කරලා කාමරේ සීත වුනාම "ඕෆ්" කරල (ජනෙල් දොරවල් වහල තිබ්බම කූල් එක සෑහෙන වෙලාවක් අල්ලලා හිටිනවා) දරුණු වියදමක් නැතුව ඕකෙන් සෑහෙන ප්‍රයෝජනයක් ගත්තැකි, හැබය් මල්ලිගෙ මිත්‍රයන්ට ඕක හදල නැහැ කියල තමා දිගටම කියන්න වෙන්නෙ. නැත්තං ඔය මාළු කාරයො එහෙම වැඩ ඇරිල යන ගමනුත් ඔහෙ ලගා ගහන්න එය්.

    ReplyDelete
  41. ජයෙන් ජය වෙන්න ඕන මාරයියේ... !!

    ReplyDelete
  42. සන්තෝසයි බං උඹ ටිකෙන් ටික ඉස්සරහට යනව දැක්කම.

    මොකුත් කොටල නොගියට හැමදාම වගේ මේ පැත්තෙ එනවා.... හරිය..? !

    ReplyDelete
  43. මාරයාට ජයෙන් ජය පතමි... ඈ.. මාරයො මහණ වෙලා හිටි නිසාද ගෑනු දරුවෙක් ගැන අදහසක් නැත්තෙ... :D Prasanga

    ReplyDelete
  44. @Observer...

    ඔබා මාමා අයියා මේ දවස්වල මාළු කාරයට ගේම දෙන්නමයි හදන්නේ නේද..?අවුලක් නැහැ ඕන වෙලාවක කියන්න මාත් ලෑස්තියි..ඕකා මහ හිපාටුවා..:D

    ඒසී එක ගැන හිතල බලමු එහෙනම් නේද..?

    @mahima...

    ස්තූතියි මල්‍ලියේ...

    @උන්නැහේ...

    ආයේ නැතිව..මං නොදන්නවද පිල් කණ්ඩිය වටේ බුලත් කෙල පාරවල් තියෙද්දි උන්නැහේ ඇවිත් ගිහින් වග...
    බොහෝම තෑන්කූ ඈ.. ඒක නෙවෙයි අර ලැයිසොමට වෙච්ච දේකුත් නැහැ..ප්‍රොජෙක්ටරේට වෙච්ච දේකුත් නැහැ..අනේ මං දන්නේ නැහැ..

    @ප්‍රසංග...

    තැන්කූ කිව්වා...
    මේකනේ ලොක්කා වැඩේ..අදහසක් නැතිව නෙවෙයි..ඒත් අදහස් දස අතේ...හිත පඹ ගාලක... එක හිත හත් අට පොලේ නැවතිලා වගේ...ඉතිං බලමුකෝ ඒකෙත් හැටි..නේද...?

    ReplyDelete
  45. එළ... අලුත් දෙයක් පටන් ගන්නකොට බාධක වැඩියි.. ඒව නිසා නොනැවතී යන එක තමා කෙලින් මිනිහෙක් කරන්නෙ. ජයවේවා.... සුභම වේවා...

    ReplyDelete