08 July 2011

මැද පමණයි.. මුලත් නැත..අගත් නැත...

ලියන්නේ කෙලෙසින්ද මා මෙය..
කියන්නට හැකි වේද මට එය..
දකින්නට නොම හැකිය සිහිනය..
ඉතින් අවසන් වේද සැමදෙය..

වදන් වැල් අවසන්ද මා සතු..
සිතුම් සිරවී යයිද මා සිතු
නිරන්තරයෙන් තෙමා මා නෙතු..
නොදන්නෙමි වෙන්නේ කිමද තතු..

දිනෙන් දින ගත වෙලා යනවා..
මුවෙන් මුව ගොළු වෙලා යනවා..
සිතෙන් සිත නොනැවතී යනවා..
අප වටා මුළු ලොවම යනවා...

39 comments:

  1. මේ කාලෙට ඔහොම හිතෙන එක සාධාරණයි. රස්සාවකුත් තියෙනවා. ඉන්න හිටින්න තැනකුත් තියෙනවා. ඉතින් තව මොනවටෙයි හිත හිත ඉන්නේ !!!

    කවි ටික නම් නියමයි මාරේ අයියේ !!!!

    ReplyDelete
  2. මොකා..ක්........ නමුත් ලොකූ.... නස්පෑත්තියක් වේගන එනවා කියලනම් තේරෙනවා

    ReplyDelete
  3. ''රයිටර්ස් බ්ලොක් '' කියල මොකක්ද තියනවා නේද . එකවත් හැදීගෙන එනවද .

    ReplyDelete
  4. මොකද මාරය මල්ලි අස්පෙට් එක?

    ReplyDelete
  5. *අප වටා මුළු ලොවම යනවා*??????

    මාරයියා බීලා නෙමෙයි නේද ඉන්නේ?

    ReplyDelete
  6. ඕක ඇවිල්ලා බැලන්ස් ඇපරේටස් එකේ අවුලක්...

    ReplyDelete
  7. @මධුරංග...

    අනේ මලේ ඔය දේවල්නං ඔය කවදත් තිබුනේ..
    තැන්කූ ඈ..

    ReplyDelete
  8. නරකද පොඩ්ඩක් ප්‍රෙෂර් එක බලාගත්තොත්.
    එහෙම උනාමත් කරකෙනවනේ....

    ReplyDelete
  9. @උපේන්ද්‍ර හර්ෂණ...

    ඒ වගේද..? මළා..!

    ReplyDelete
  10. @Bindi...

    අනේ එහෙමට කියන්න ඉහෙන් බහින ලෙඩක් නැතුවා..මේ ටිකේ ලොකු වැඩකට අත ගහලා නිවාඩු දාගෙන වැඩ...හෙට අනිද්දා වෙනකොට ඒක අහවර උනාම බලමු...

    ReplyDelete
  11. @Observer...

    අනේ මංදා බං අයියේ..මාවත් අර සඳරුව වගේ හිටි හැටියේ ඔකඳ වෙනවද මංදා...

    ReplyDelete
  12. @පූසා...

    බිව්වනං මෙහෙමද බං පද වැල් ගලන්නේ..?
    දැක්ක කාලයක් මතක නැහැ..අහ් නැහැ නැහැ මතකයි..පෙරේදත් මං ඉස්සරහම ඉඳගෙන අර කළුබෝවිල අලියයි උන්දැගෙ මස්සිනයි නෙලද්දිත් මං නිකා හිටියා නෙව..මොනවා කොරන්නද..සීලේ රකින්න එපෑ...

    ReplyDelete
  13. @නලිනි චන්දිමා...

    අනේ මංදා..මං මේ මඥ්ඥං වෙලා ඉන්නවා... මෙයා මොනව කියනවද මංදා...?

    මං දැන් වෙලාවක නිකංම අඤ්ඤකොරොස් වෙලා යනවා මේ නොදන්න වචන උගුරේ හිර වෙලා...

    ReplyDelete
  14. @Gimhani...

    අම්මප..නගාට විතරයි එහෙමවත් හිතුනේ...

    ReplyDelete
  15. කවදත් මැද විතරයි තිබුනේ, මුල මතකයක් පමණි, අග තව පැමිණ නැත, ඒ නිසා අවුලක්ද නැත....

    ReplyDelete
  16. මේ දවස්වල හැමෝටම එකවගේ වැලේ වැල් නෑ...මටත් ඔය ටිකමයි...කිසිම දෙයක් ලියාගන්න බැරි උනානෙ..මාරයියෙ..සෙට්වෙලා ගලක් ඇදබාමුද?සියලු වස්දොස් දූරින්බූත වෙන්න..

    ReplyDelete
  17. මුලත් නැති අගත් නැති මැද කොටස විතරක් තිබුනා නම්.....මරු නේද ?

    ReplyDelete
  18. ලිව යුතුයි කෙලෙසක හෝ ඔබ එය
    කියාගන්නට හැකිය ඔබට එය
    දැකිය යුතු වෙයි ඔබේ සිහිනය
    කෙසේවත් මෙය නොවෙයි අවසානය

    මාරයියෙ මොකද්ද සීන් එක. ඇත්ත කියන්න කෙල්ලෙක්ට හිත ගියා නේද? හරි හරි ඔහොම තමයි. ඔය නාඹර වයසට ඔහොම වෙනව. කේන්දර කොපිය ඉල්ලගෙනම වැඩේ පටන් ගන්න.

    ReplyDelete
  19. අප වටා මුළු ලොවම යනවා... හික්... හික්... මාරයා අර ලගදි රටින් හම්බවුනා කියපු තෑගි පාවිච්චි කොරල වගේ.... කොහොමද එව්වා සුපිරිද.... :P Prasanga

    ReplyDelete
  20. මටත් හිතෙන්නෙම රට බඩුවල පවර් එකම තමා ..

    ReplyDelete
  21. මම නම් හිතන්නේ ඕකට වග කියන්න ඕන පවතින ආන්ඩුව....ඒ වගේම ඕක ඔහොම වෙන්න බැසිල්ගෙයි, ගෝඨගෙත් මොකක් හරි සම්බන්ධයක් තියෙනව ෂුවර් එකටම....

    ReplyDelete
  22. කවුරුවත් නොදැකපු දෙයක් මම දැක්කා...

    //"අප" වටා මුළු ලොවම යනවා...//

    බහු වචනය....

    ReplyDelete
  23. "වදන් වැල් අවසන්ද මා සතු..
    සිතුම් සිරවී යයිද මා සිතු"
    බ්ලොග් ලිවිල්ල නවත්තනව එහෙම නෙවෙයි.

    ReplyDelete
  24. @Niroshan...

    හරියටම හරි කිව්වා...

    ReplyDelete
  25. @kaviunda...

    ඒක හරියන්නේ නැහැ ලොක්කා...
    ගල් වලින් පොල් වලින් තොර ලොවක් කරා යන ගමන්නේ මේ..

    ReplyDelete
  26. @දිල්...

    එහෙමත් බැහැ දිල්..
    මතක් කරලා සතුටු වෙන්නවත් මුල නැතිවමත් බැහැ..
    ඉන්න ගිනිගොඩ ඉස්සරහට හරි නිවෙයි කියලා හිතලා පොඩි හරි සැහැල්ලුවක් ලැබෙන්නේ අග ගැන හිතනකොට විතරයිනේ...

    එහෙම බැළුවම ඒ දෙක නැතිවත් බැහැ නේද.. පොඩ්ඩක් හිතලා බලන්ට..

    ReplyDelete
  27. @දිලීප...

    හ්ම්ම්..ඒක නෙවෙන්නං...

    ReplyDelete
  28. @කසුන්...

    නාඹර වයස..මේ මගේ..?
    කොළුවෝ ඔය වටේ ඉන්න උන් ටික බොලාටත් එක්ක බනීවි පරිස්සමට..හික් හික්...

    ReplyDelete
  29. @ප්‍රසංග...

    අනේ ඒවා පායිච්චි කොලේ දැන් බොහෝම කාලෙකට කලියෙන්..මේ පස්සේ මතක් වෙලා තමා බුකියේ පොටෝ දැම්මේ...
    මොකද මේ ඇනෝ එන්නේ අයි ඩී එකට මක්කැයි උනේ..?

    ReplyDelete
  30. @හිස් අහස...

    අනේ පලයං යන්න..තොපි අර පාල මාමලාව විතරක් ගමට ගෙන්නාගෙන උන්ව ඔකඳ කොරලා දැන් එනවා අපිව මබ්බෝධ කොරන්ට කතා කියන්ට..ෂික්...

    ReplyDelete
  31. @ඇනෝ...

    අනිවා..ඒ අය තමා...

    ReplyDelete
  32. @හපතේරූ උන්නැහේ...

    මෙකා ලොකේ වටේ ගෙහුන් මදිවට ඒක කාලා වතුරත් පානය කොරලාද මංදා..:D

    ReplyDelete
  33. @ඇනෝ-2...

    හත්ඉලව්වයි..මේක නවත්තනවද මං ඉහේ පණ තියේනං...

    ReplyDelete
  34. අප වටා මුළු ලොවම යනවා කිවුවට අපි එහෙම නෑ ඕවට.

    ReplyDelete
  35. "වදන් වැල් අවසන්ද මා සතු..
    සිතුම් සිරවී යයිද මා සිතු
    නිරන්තරයෙන් තෙමා මා නෙතු..
    නොදන්නෙමි වෙන්නේ කිමද තතු.."

    ඇයි මෙහෙම හිතෙන්නෙ ......

    ReplyDelete
  36. සහොදරය ඔය නම් හිතෙ පාලුවට ලියවෙන කවි.......... තාම නාබාර වයස නෙ...........

    ReplyDelete
  37. ලියන්නට සිතුවිල්ල ඇත්නම්
    කියන්නට හැකි වදන් ඇත්නම්
    නිදන විට සිහිනයක් ඇත්නම්
    කිමද ඒ ගැන සැකක් මෙතරම්

    වදන් වැල් යලි යලිත් පුබුදා
    සිතුම් පෙල යලි යලිත් පුබුදා
    නිරන්තරයෙන් කඳුල පිසදා
    හිනැහෙන්න හෙට ලොවම කලඹා

    ReplyDelete
  38. පේළි දොලසක් ලියා කියනට
    එක රැයක් නිදි වරා සිතනට
    හැකි දෙයක් නොව කිසිම කෙනෙකුට
    ආදරය දැනිලාද මරුවට???

    ReplyDelete